ට්රම්ප්ගේ අලුත් බදු ගැසීම අපි තේරූම් ගන්න ඕනේ ඒකේ දේශපාලන සංධර්භයත් එක්ක. ට්රම්ප්ට ඕනේ ඇමෙරිකාව නැවත එහි ශ්රේෂ්ඨත්වය කරා ගෙන යන්න.
මේ බදු ගැහිල්ල එහි ආරම්භයයි. යන සිස්ටම් එක තමන්ට අවාසි නම් ඉස්සෙල්ලම කරන්නේ, ඒ සිස්ටම් එකට එකවර ශොක් එකක් දෙන එක.හෙන ගහනවා වගේ එලියට දාපු මේ වැඩේන් කලේ, ඒ ශොක් එක දෙන එක.මේක ඊට වඩා ලොකු ප්ලෑනක ආරම්භය විතරයි.
ඊලඟට එන්නේ මේ බදු අඩුකර ගන්න එක් එක් රටවල් එක්ක කෙරෙන ද්වි පාර්ශික සාකච්චා. ලංකාවේ නම් දැනටම ආන්ඩුවේ අයත්, විපක්ශයේ අයත් කියන්නේ කථා කරලා , ගොඩ දා ගන්න පුලුවන් වෙයි කියන උත්තරය තමයි. ඒ අතින් අධිරාජ්ය විරෝධී පක්ශයක් ලෙස හිටපු ජවිපේ, මාලිමාව හරහා ඇමෙරිකාව එක්ක සාකච්චා කරන්න ඕනේ කියන අස්ථානයට විතැන් වීම අපි අගය කරන්න්න ඕනෙ.
මේ සාකච්චා වලදි ඇමෙරිකාව එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බා ගන්න තමයි හදන්නේ.
පලවෙනි කාරණය හැටියට , ට්රම්ප් පාලනය මේක පාවිච්චි කරන්න හදන්නේ රටවල් අතර වෙන් වෙන් වශයෙන් සිදුවෙන සාකච්චා වලදි තමන්ගේ දේශපාලන කූට්ටිය ඉල්ලීමේ උපකරණයක් ලෙස.ලංකාව වගේ රටකට වැදගත් වෙන්නෙ මේ කාරණය තමයි. මොකද ලංකාව වගේ සොච්චම් ආර්ථිකයක් එක්ක ඇමෙරිකාවට විසදගන්න වෙන ගණුදෙනු නැති හින්දා. ලංකාවේ ඇතුලට පහුගිය දශකයේ වේගයෙන් බලවත් උන චීන දේශපාලනයත් , ලංකාවේ චීණ නැඹුරුවත් දිහා අලුත් විදිහකට බලන්න මාලිමා ආන්ඩුවට සිද්ධ වේවි.
පසුගිය දශක දෙක ඇතුලෙදි චීනය ඇමෙරිකාවට බඩු විකුනලා ඇමෙරිකාවේ තිබ්බ කර්මාන්තශාලා තමන්ගෙ රටට ගෙනාව. ඒ සල්ලි වලින් දැන් චීනය ආර්ථික අතින් විතරක් නෙමෙ යුද්ධමය අතිනුත් ඉස්සරාට ඇවිල්ලා. දැන් ඇමෙරිකාවට ඕනේ තමන්ගේ ගෙදරට ඇවිල්ල බඩු විකුණපු මනුස්සයා තමන්ට ගෙම්බර් පාට් දාන්න එන්න කලින් ඒක විසදගන්න.
එතකොට කාට හරි අහන්න පුලුවන් ඕක කරන්න මුලු ලෝකේටම බදු ගහන්න ඕනේද කියලා. ඉතා නිවැරදි ප්රශ්ණයක්.
ඇත්තටම ගත්තොත් ට්රම්ප්ගේ පලවෙනි ධූර කාලේදි කලේ චීනෙට විතරක් ටැරිෆ් ගහපු එක තමයි. හැබැයි චීනය කලේ ඇමෙරිකාවට බඩු යවනවා වෙනුවට ලතින් ඇමෙරිකාවට තමන්ගේ බඩු යවපු එක. ලතින් ඇමෙරිකාව හරහා නැවත චීන බඩු ඇමෙරිකාවට ආවා.
දැන් ට්රම්ප් ඒ වැරැද්ද හදලා අලුත් වටයකින් තමන් මුලින් පටන් ගත්ත වැඩේ කර ගෙන යනවා.
එතකොට යුරෝපයට වගේ ඇමෙරිකානූ කදවුරේ හිට ගත්ත අයට බදු ගැහුවේ ඇයි කියලා කාට හරි තව ප්‍රශ්ණයක් ඇති වෙන්න පුලුවන්. ඒතමයි ඇමෙරිකාව නේටෝ එකේ යුරෝපයේ අරක්ශකයා හැටියට හිටියට ආර්ථික වශයෙන් ලාභයක් නැති වෙන එක. ඒ වෙනුවට ට්රම්ප් කියන්නේ හරි මම උඹලට ආරක්ශාව දෙන්නම්ම් හැබැයි ඒකට යන වියදම මට දෙන්න.ඇමෙරිකාවෙන් බඩු අරං ආරක්ශාවට යන මුදල හවුලේ බෙදා ගමු කියන එක තමයි ඇමෙරිකානු හිතවාදී කදවුර සදහා ට්‍රම්ප් මේ කියලා තියෙන්නෙ.
ඇමරිකන් අප්පච්චි.
ReplyDeleteබෝ බැක් කන්ද මුදුනේ සමලිංගික ගොපළු තරුණයන් දෙදෙනාගේ ආදර අන්දරය. බෝ බැක් මවුන්ටන්
Trade Wars To Armed Conflicts
ReplyDeleteWhat life is like after years of high tariffs
Deleteසින්ගප්පුරුව් අවගේ රටකට කෙලවෙන්නේ ඉතින් මුකුත් නිෂ්පාදනය කරන්නේ නැහැනේ . බ්‍රෝකර් ගේ වැඩේ කරලා ගාන හොයාගත්ත රටක් නේ . ඇමෙරිකානු අධිරාජ්‍ය කඩන් වැටිලා බ්‍රික්රටවල් උඩට එයි
Deleteට්‍රම්ප් ඕක කියල තියෙන්නේ 1988.https://www.facebook.com/share/v/1C6TzDAfqp/
Deleteඅහා, එතකොට දැන් ට්‍රම්ප් තමයි වීරයා?😮
Deleteමට තේරෙනවා " මගේ සතුරාගේ සතුරා මගේ මිතුරාය" න්‍යාය නේද?
ඇමරිකාව කියන්නෙ ට්‍රම්ප් නෙමෙයි. එහෙත් හොඳ මිනිස්සු, ලෝකෙට යමක් කරපු අය ඉන්නවා. කණගාටුව, අද ඒ මිනිස්සුත් නිහඞ වීමයි. ට්‍රම්ප් යටතේ අද ඇමරිකාවත්, තවත් රුසියාවක් බවට පත් වෙමින් ඉන්නවා. තුන්වන ටර්ම් එක ගැන කතා, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය දැනටමත් සිදු වෙමින් පවතිනවා. ඔහොම යනකොට දේශපාලන විරුද්ධවාදීන් උස ගොඩනැගිලි වල ජනේල වලිනුත් එලියට යාවි.
"නිදහස පුදුම දෙයක්. එහි වටිනාකම දැනෙන්නේ එය නැති වූ විටයි"
පිස්සුද අප්පා , ට්‍රම්ප් නිකන් අර වලන් කඩේට පැනපු හරක වගේ . හැබැයි ඔය සීන් එක තරම් කියන කතාවට මුමන්ටම් එකක් ආවනේ . ලෙෆ්ටිස්ට් ල හෙම ලිබරල වැඩි ක්‍රමයට හුරු වෙලා හිටියේ . චීනෙට රස්සා නැති වුනා . දැන් අපේ ජෝන් ශ්‍රී ලංකාවට , මැලේසියාවට , රුමෙනියාවට නැති වෙනවා වගේ , හැබැයි ඒකට ඔල්ටර්නෙටිව් එකක් නුදුන්නොත් මේ පැත්තේ රටවල මිනිස්සු වමට හැරෙන්නේ නැහැ . උන් හැරෙන්නේ දකුණට . ඒකයි ප්‍රශ්නේ . අනික ඕව මට නම් ටිකක් හොඳ වැඩේ කියන නරුම හැඟීම තියනවා . උන් කරපු වැරදි ගොඩක් තියෙන නිසා
Deleteඊයේ පෙරේද හමුදාවේ ලොකු තැනක හිටි සුද්දෙක් එක්ක කතා කළා , ඩිනර් පාටි එකකදී . ඌ බනිනවා රුස්සට . මම ඇහුවා ඇයි නේටෝ එකේ එක්ස්පෑන්ඩ් කලේ කියල . එස්ටෝනියාව ලැට්වියාව තියෙන්නේ කොහෙද කියල ඇහුව . ඌ දන්නේ නැහැ . මැප් එකේ පෙන්නුවා . බ්‍රිතාන්‍ය හමුදාව නේටෝ හැටියට එතන ඉනේ ඇයි කියල ඇහුව . රුස්සෝ අක්රමනය් කලොත් කියල . මම කීව රුස්සෝ 1942 ගියේ නාසි ආක්‍රමණය පරද්දන්න . ඊට පස්සේ සෝවියට් ආණ්ඩු ක්‍රමය පිහිටෙව්වා ඒ රටේ වම්මු එක්ක . දැන් උඹලට එහෙ යන්න ඕනේ නැහැ . මූ එකඟ නැහැ . මම ඇහුව රුසියානු හමුද දකුණු අයර්ලන්තේ ආරක්ෂාවට එතැන් බෝඩර් එකට අවොත් මොකද කරන්නේ කියල . එතකොට ඌ කිව්වා එහෙම එන්න දෙන්නේ නැහැ කියල . මම කිව්වා රූස්ස කරන්නෙත් ඒක කියල . මම මේ රුස්සගේ පැත්ත ගන්නවා නෙමේ . උන්ගේ ලොජික් එක ගැන කියන්නේ .
Deleteකොමියුනිස්ට්වාදයේ අන්තවාදී අගතිය අපි පොල්පොට්ගෙන්, උතුරු කොරියාවෙන දැක්කා. ඒත් ධනවාදයේ අන්තවාදී අගතිය පෙන්නුවෙ "වලන් කඩේ හරක" තමයි.
Deletekissing my a**” to negotiate
ලෝකෙම එකතුවෙලා මේකට විකල්ප විසඳුමක් ගේන්න ඕනෙ.
අර කිව්ව වගේ මේකෙන් යම් හොඳකුත් වෙනවා. අපේ සාවියෙත් ලිබරල් පක්ෂය සෑහෙන අපකීර්තියට පත්වෙලා උන්නෙ. අපිත් ඇමරිකාව වගේ "ඉඟුරු දීලා මිරිස් ගන්න" තමයි ලෑස්ති වෙලා උන්නෙ. දැන් හිතෙනවා ටෲඩෝත් අස් වෙච්ච එකේ, දන්න ලිබරල් යකා හොඳයි කියලත්.
Deleteපුදුමෙ තියෙන්නෙ, එක රැයෙන් මිනිස්සුන්ගෙ "ලයිෆ් සේවින්ග්ස්" වලට, බිස්නස්, රැකියාවලට කෙලවෙච්ච හැටි. ලෝක දේශපාලනයේ, ගෝලීය ආර්ථිකයේ අස්ථාවරභාවය. බලය ඒකරාශී වීමේ භයානකකම.
කොමියුනිස්ට් වාදයේ පොල්පොට් ගැන හෙම මම ලිපි ඕන තරම් ලියල තියනවා . එක කොමියුනිස්ට් වාදයේ වැරැද්ද නෙමේ . තේරුම් ගන්න එකාගේ වැරැද්ද . ස්ටාලින් , මාවෝ , පොල්පොට් , විජේවීර මේ අය තේරුම් ගත්ත විධිහ වෙනස් . ඕක අර බුද්ධාගම වගේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ . හා හා //ලෙෆ්ටිස්ට් ල හෙම ලිබරල වැඩි ක්‍රමයට හුරු වෙලා හිටියේ . චීනෙට රස්සා නැති වුනා . දැන් අපේ ජෝන් ශ්‍රී ලංකාවට , මැලේසියාවට , රුමෙනියාවට නැති වෙනවා වගේ // ලේෆ්ටිස්ට් ලා ලිබරල්වාදී වෙලා . ලාභ චිනේ නිසා රස්සා නැතිවුනා , දැන් අපේ ජොබ් (එංගලන්තේ ) ලංකාවට මැලේසියාවට රුමේනිය වලට නැති වෙනවා වගේ . මට නම් අවුලක් නැහැ . නමුත් ඒවාට අකමැති සුද්දෝ ඉන්නව ගමකට .
Deleteමෙහෙ කෙලවිම පට ගත්තේ යුක්රේන් යුද්ධේ එක්ක . ජර්මනියේ ආර්ථිකය වැටුනේ යුකෙන් යුද්ධේ එක්ක . පත්තර මොන බ්බෝරු ලීවොත් බහුතරයක් ජර්මන් එවුන්ට යුක්‍රේනය පෙන්නන්න බැරි සයිස් එකට ඇවිත් තියෙන්නේ . එන්ගල්නාතේ තම සෑහෙන්න ඒ පැත්තට අල්ලන් ඉන්නේ . බෙල්ජියම , ප්‍රස්න්හය එහෙමත් තවම යුක්රේනය පැත්තේ . ඉතාලිය රුස්සන් ගේ පැත්තේ
Deleteහොද සංවාදයක්නෙ වෙලා තියෙන්නෙ...මේ වගේ සංවාද දැක්කම ඉස්සර බ්ලොග් මතක් වෙනවා.
Deleteප්‍රශ්න ගැටළු අර්බුද හැම පැත්තෙන්ම
ReplyDeleteඒවට මුහුණ දී කළ යුතු ජයගැනුම!
ස්තූතියි නිදි අභියෝග ජයගන්න කටින් විතරක් බැරි විත්තිය අපි හැමෝටම පේන අවුරුද්දක් වේවි
Deleteවෙල්කම් බැක් 😀
ReplyDeleteට්‍රම්ප්ට බදු ගහන්න උනා ආයෙ ලියන්න
Delete