Saturday, 12 April 2025

ට්‍රම්ප්ගෙ බදු ගැහිල්ල සහ හදුන්නෙත්තිගෙ දැනුම


ඇමෙරිකානු ට්‍රම්ප් පාලනය යටතේ ලංකාවට පනවලා තියෙන 44% ක බද්දත් එක්ක ඉදිරියේදී ලංකාවට ඇමෙරිකානු වෙළදපොල වැසී යෑමේ අනතුරක් තියෙනවා. මේකෙන් කොච්චර ලොකු  බලපෑමක් ලංකාවට වෙනවද කියලා තේරුම් ගන්න මේ ප්‍රස්තාරය  උදව් වෙනවා. ප්‍රස්තාරයේ තියෙන්නෙ ලංකාව විවිධ රටවල් එක්ක, භාණ්ඩ හා සේවා ගණුදෙනු කිරීම නිසා ඇති උන වෙළද ශේෂය. 

මේ අතරින් ධන වෙළද ශේෂයක්, ඒ කියන්නේ ආනයනයට වඩා අපනයනය, කරලා, අන්තිමේදි ඩොලර් උපයලා තියෙන්නේ රටවල් කීපයක් එක්ක විතරයි.
ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය,ඉතාලිය තමයි අපි ප්‍රධාන වශයෙන් ඩොලර් හම්බු කරපු රටවල්. මේවගෙන් ලංකාව වැඩිම ඩොලර් හම්බු කරලා තියෙන්නේ ඇමෙරිකාවෙන්. ඒක ඩොලර් බිලියන 3ක්. ඊලඟට ඉන්න එංගලන්තයෙන් අපේ රටට එන්නෙ ඩොලර් බිලියන 1ක් විතර.ඉතින් අපිට මේ ඩොලර් බිලියන 3 ක් අහිමි වෙනවා කියන්නේ කොච්චර ලොකු කම්පනයක්ද කියන එක හිතා ගන්න පුලුවන්නෙ.

මේ වගේ අලකලංචියක් අස්සේ තමයි මාලිමාවේ හදුන්නෙත්ති පුරසාරම් කියෙව්වෙ ට්‍රම්ප්ගෙ බදු ගැහිල්ල අපිට එච්චර ලොකු නෑ කියලා. පස්සෙ කවුරු හරි දැනුවත් කරලා එයා ඒක නිවැරදි කරලා නම් තිබ්බා. ඒත් ඉතින් එයාගේ දන්න තරම හිතා ගන්න පුලුවන්නේ.. 

4 comments:

  1. නිමල් පොන්නපෙරුම13 April 2025 at 07:56

    ඔය වගේ කයිවාරු නුගත් රැලකට චන්දෙ දුන්නු මෝඩයෝ ගැන මොන කතාද මයියා.

    දැන් කයියනායක පච කොටා බලයට ඇවිත් මාස හයකටත් වැඩි.
    තාම එක එකාට බැන බැන ස්ටේජ් ගානේ යනවා ඇරෙන්න කරපු එක වැඩක් නෑ.

    ReplyDelete
  2. කොයි ආණ්ඩුවේත් ඇමතිලා පුරසාරම් දෙඩුවා. මේ ආණ්ඩුවෙත් ඒ වගේ කතා කීපයක්ම ළඟදී ඇහුව. ඒ හන්ද මමනම් ඕව එච්චර මායින් කරන්නෙ නෑ. යන වැඩේ ගැන තමයි බලන්නෙ. ට්‍රම්පච්චිත් හිතුන හිතුන වෙලාවට එක එක ඒවා කියෝනවා. කරනවා. මේ වෙලාවේ වෙන ආණ්ඩුවක් තිබ්බත්... ඇමරිකාව එක්ක සබුද්ධිකව, දුරදර්ශීව කටයුතු කරයි කියල මට හිතෙන්නෙ නෑ. කලින් එහෙම වෙලත් නෑ නෙ!

    ReplyDelete
  3. හඳුන්නෙත්ති ල ගැලරියට කියන කතා

    ReplyDelete
  4. ලෙහෙසිය කාට වුව දිව නං ලෙල වීම
    ගැලරිය චූන් වෙයි ඔව්වා ඇහුවාම

    ReplyDelete

2222