Saturday, 9 July 2011

කාණුවේ ගසා ගෙන යන චැනල් 4 මාධ්‍ය අපක්ෂපාතීත්වය : Chanel 4s’ media impartiality is questioned. Is it flowing in a sinuous Channel of rubbish?

බ්‍රිතාන්‍යයේ 'චැනල් 4' නාලිකාව මගින් නිෂ්පාදන කරන ලද ' ශ්‍රී ලංකා කිලින් ෆීල්ඩ්' ( Sri Lanka Killing fields ) වාර්තා චිත්‍රපටිය මේ වන විට ලංකාව තුලත්, ඉන් පිටත අන්තර්ජාතික මානව හිමිකම් ක්ශේත්‍රය තුලත් දැඩි කථාබහට ලක් වෙන ආන්දෝලාත්මක චිත්‍රපටියක් බවට පත් වී තිබෙනවා. මෙම චිත්‍රපටිය මුල් වරට එලිදක්වනු ලැබුවේ ජූනි මස 3 වෙනි දින ( 2011), ජිනීවා නුවර, එක්සත් ජාතින්ගේ ලෝක මානව හිමිකම් සමුළුවට සමගාමීව 'ඇමනස්ටි' සංවිධානය මගින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී ය. ඉන්පසුව මෙම චිත්‍රපටිය, චැනල් 4 නාලිකාව මගින් ජූනි 14 වෙනි දින බ්‍රිතාන්‍ය තුලත් , ABC මාධ්‍ය ජාලය මගින් ජූලි මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාව තුලත් සාමාන්‍ය මහජනතාව සදහා විකාශනය කරනු ලැබුවා. මීට අමතරව ග්ලොබල් ටැමිල් ෆොරම් සංවිධානයේ මැදිහත් වීම මත ඉන්දියාවේ රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේද මෙම චිත්‍රපටිය විකාශනය කර හා කිරීමට නියමිතව තිබෙනවා. කැලම් මැක්‍රේ නැමති අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂනය කරන ලද, ජෝන් ස්නො නැමැති 'චැනල් 4' මාධ්‍යවේදීයා ඉදිරිපත් කරනු ලබන මෙම වාර්තා චිත්‍රපටිය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා හා එල්ටිටීඊය අතර සිදුවු යුද්ධයේ සිදූ වූ සිදුවීම් පාදක කොට නිශ්පාදනය කර තිබෙනවා. කෙසේ නමුත් විනාඩි 50 ක් පමණ දිවෙන මෙම වාර්තා විත්‍රපටියෙන් ඉතා වැඩි කාලයක් වැය කරන්නේ, ශ්‍රී ලංකා රජය හා රජයේ හමුදා විසින් සිදු කරනු ලැබුවා යැයි පවසන යුද අපරාධ විස්තර කිරීමටයි.




මෙම චිත්‍රපටියේ පසුබිම් කථනය ඉතා පැහැදිලිවම දැඩි ලෙස ඒක පාර්ශවීය, ශ්‍රී ලංකා වීරෝධී ස්භාවයක් ගනු ලබනවා. ඇතැම් අවස්ථාවක මෙය කොතරම් අන්තවාදී ස්භාවයක් ගන්නේද කියතොත්, රජය මගින් යුධ මුක්ත කලාපයක් ඇති කීරීමේ අරමුණ, දෙමල ජනතාව කුඩා ඉඩ ප්‍රමාණයකට ගාල් කර, ඔවුන්ව සමූහ වශයෙන් ඝාතනය කීරීම යැයි ඔවුන් එක අවස්ථාවක පවසනවා. අහිංසක දෙමල ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගනිමින් ඔවුන්ව බලහත්කාරයෙන් යුධ කටයුතු වල යොදවා ගැනීම, සිවිල් ජනතාව අතර සිටිමින් බර ආයුධ භාවිතා කිරීම ආදී යුධමුක්ත කලාපය ආශ්‍රිත ප්‍රදේශ තුල එල්ටිටීඊ සංවිධානය විසින් සිදුකරන ලද බරපතල බිහිසුනු අපරාධ පසෙක තිබියදී, මෙසේ සත්‍ය විකෘති කොට, යුද මුක්ත කලාප පිලිබදව ඉතා වැරදී චිත්‍රයක් ප්‍රේක්ශක මනසේ ඇදීමට මෙම චිත්‍රපටිය උත්සහ කරනවා. මෙවන් අන්තගාමී පසුබිම් කථනයට අමතරව, මෙම නිර්මානය තුල ඇසින් දු‍ටු සිවිල් සාක්ෂී ලෙස පුද්ගල ප්‍රකාශ කීපයක්ද අඩංගු වෙනවා. මෙහිදී වනී කුමාර් ලෙස ඇසින් දුටු සාක්ශී සපයන, බ්‍රිතාන්‍ය පුරවැසි දෙමල තරුණියගේ ප්‍රකාශවලට වැඩි ඉඩකඩක් මෙම වැඩසටහන තුල වෙන්කෙරෙනවා. ඇයව වැඩසටහන තුල හදුන්වා දෙන්නේ සාමාන්‍ය සිවිල් පුද්ගල චරිතයක් ලෙසයි. නමුත් ඇය එල්ටිටිරී සන්නද්ධ පුහුණුව ලැබූ, එල්ටිටීඊ හිටපු විදෙස් සම්භන්ධතා නායක කැස්ත්‍රෝ යටතේ වැඩ කල එල්ටිටීඊ සාමාජිකාවක්. නමුත් වැඩසටහන තුල මේ පිලිබදව කිසිදු සදහනක් නොකරනවා පමනක් නොව, ඇයව සාමාන්‍ය සිවිල් චරිතයක් ලෙසද ඉදිරිපත් කරනවා.ඇයව සාමාන්‍ය සිවිල් පුද්ගලයකු සේ ඉදිරිපත් කිරීම තුල ඇයගේ ප්‍රකාශ වලට පිලිගැනීමක් ලබාදීමට චිත්‍රපටිය තුල උත්සහ ගැනෙනවා. මෙය චැනල් 4 නාලීකාවේ අපක්ෂපාතී මාධ්‍ය භාවිතය දැඩි ලෙස ප්‍රශ්ණ කරන්නක් මෙන්ම ප්‍රේක්ශකයාව නොමග යැවීමක්ද ඉන් සිද්ධ වෙනවා.


තමිල්වනී ඥානකුමාර් ( වනී කුමාර් ලෙස චිත්‍රපටියේ පෙන්වනු ලබන කාන්තාව)

මෙම චිත්‍රපටිය මගින් ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල වන තවත් චෝදනාවක් වන්නේ, යුධ මුක්ත කලාපය තුල සිරවී සිටි ජනතාවට අවශය්‍ය ප්‍රමානවත් ආහාර හා බෙහෙත් ද්‍රවය නොසැපයීමට ක්‍රියා කල බවයි. මෙම කාරනාවේදීද, චිත්‍රපටියේ ඒක පාර්ශවීය පසුබිම් කථනය, එල්ටීටීරී සංවිධානය විසින් යුධ මුක්ත කලාපය වෙත රජය මගින් සැපයූ ආහාර හා බෙහෙත් ද්‍රවය්‍ය පැහැර ගත් බවට සදහන් කිරීම අතපසු කරනවා. යුධමුක්ත කලාපයේ අවසාන අවස්ථාව දක්වා ‍රැදී සිටිය , එල්ටිටීඊ සංවිධානය සමගද වැඩ කර තිබූ, මෙම චිත්‍රපටියේද පෙන්වනු ලබන වෛද්‍ය ෂන්මුගරාජා, 2009 ජූලි 8 වෙනි දා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේ, ලෝක රතු කුරුස සංවිධානය හරහා රජය විසින් යුදමුක්ත කලාපයේ සාමාන්‍ය සිවිල් ජනතාව වෙනුවෙන් සපයන ලද බෙහෙත් හා ආහාර ද්‍රච්‍ය, එල්ටිටීඊ සංවිධානය තම සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සදහා පැහැර ගත් බවයි. යුදමුක්ත කලාපය තුල වූ ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය හිගය ගැන කථා කරන මෙම චිත්‍රපටිය, මෙම වැදගත් සාක්ශිය නොසලකා හැරීම, මෙම චිත්‍රපටියේ ඒක පාර්ශවීය බවට තවත් එක් කදිම උදාහරණයක් සපයනවා. ඉහත කාරණයම යුදමුක්ත කලාපයේ සිටි තවත් වෛද්‍යවරයෙක් උන වෛද්‍ය වර්ධරාජා විසින්ද සනාථ කරනවා. ඔහු පවසන අන්දමට යුධමුක්ත කලාපය තුල ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය හිගයක් තිබී ඇති අතර , එයට හේතුව වන්නේ, 8 වතාවකදී රජය විසින් යුධ මුක්ත කලාපය වෙත එවන ලද සම්පූර්ණ වෛද්‍ය ආධාර ප්‍රමාණයම එල්ටිටීඊ සංවිධානය විසින් පැහැර ගැනීමයි.


( යුධමුක්ත කලාපයේ අවසන් අවස්ථාව වනතෙක් තම සේවය අහිංසක ජනතාව වෙත ලබා දුන් වෛද්‍ය ෂන්මුගරාජා )



( වෛද්‍ය වර්ධරාජා )

ඉතා පැහැදිලිව ලේඛනගත වී ඇති ආකාරයට , යුද්ධයේ අවසාන කාලය වන විට, යුධ මුක්ත කලාපයේදී, එල්ටිටීඊ සමාජිකයන් තම නිල ඇදුම් ඉවත ලා, සාමාන්‍ය ජනතාව සමග මිශ්‍ර වී , සාමාන්‍ය ඇදුමින් සැරසී ලංකා යුද හමුදාවට එරෙහිව යුද වැදී තිබෙනවා. මෙසේ තම නිල ඇදුම් ඉවතලා සාමාන්‍ය ජනතාව හා සමානව පෙනී සිටිමින් යුද වැදීම, එල්ටිටීඊ විසින් සිදුකරන ලද බරපතල යුද නීතී උල්ලංගණය කිරීමක්. මෙසේ තමන් නියෝජනය කරනු ලබනවා යැයි පවසන ජනතාවම අනතුරේ වැටෙන ආකාරයට, ඔවුන් අතර සිටිමින් යුධ වැදීම එල්ටිටීඊ සැබැ අරමුන විමුක්තිවාදය නොව ත්‍රස්තවාදයම බව මොනවට කියා පාන්නක්. කෙසේ නමුත් මේ වැදගත් කාරණාව මෙම චිත්‍රපටියේ කිසිම තැනක සදහන් වන්නේ නැ. මේ වැදගත් කාරණාව චිත්‍රපටිය තුල සදහන් නොකිරීම තුල, එහි පෙන්වනු ලබන සියලු මලසිරුරු සාමාන්‍ය ජනතාවගේ මලසිරුරු යැයි වැරදි අදහසක් ප්‍රේක්ෂකයාගේ මනසට ඇතුලු කරනවා. එල්ටිටීඊ මිලේජ්‍යත්වය නොදන්නා බහුතරයක් වූ යුරෝපීය ප්‍රේක්ශකයන් තුල මෙවැනි මලසිරුරු දැකීම තුල ඇතිවන තිගැස්සීම, එක එල්ලේ ශ්‍රී ලංකා රජය වෙතත්, පොදුවේ ශ්‍රී ලංකාව හා එහි ජීවත්වන්නවුන් වෙතත් එල්ල වෙන අප්‍රසාදයකට පත්වීම නොවැලක්විය හැක්කක්.

තවද මෙම චිත්‍රපටිය තුල , පසුබිම් කථනයෙන් රජයේ හමුදා රෝහල් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පවසන අතරතුර, මියගිය, තුවාල ලැබූ අසරණ දරුවන්ගේ, කාන්තාවන් හා පුරුශයින්ගේ මල සිරුරු පෙන්වනු ලබනවා. එම නිසා ප්‍රේක්ශකයකුට හැගී යන්නේ මෙම මල සිරුරු ස්ථිර ලෙසම රජයේ හමූදාවල ෂෙල් වෙඩි ප්‍රහාර වලින් මියගිය සාමාන්‍ය ජනතාවගේ මලසිරුරු ලෙසයි. රජයේ හමූදා එල්ල කරනු ලබන කාලතුව්ක්කු හා ෂෙල් වෙඩි ප්‍රහාර දර්ශනත්, මියගිය මල සිරුරු වල දර්ශනත්, වෙනවෙනම, නමුත් මාරුවෙන් මාරුවට පෙන්වීම තුල මෙම අදහස ප්‍රේක්ෂකයාගේ මනස තුල විශ්වාසනීය ලෙස තහවුරු කරනවා. නමුත් සත්‍ය කාරණාව නම් මෙම මලසිරුරු වලට සැබෑ හේතුව රජයේ හමුදාවල ෂෙල් වෙඩි ප්‍රහාර බවට තහවුරු කල නොහැකි වීමයි. උදාහරණයක් ලෙස එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ සිට රජයේ හමුදා පාලන ප්‍රදේශ වලට පැන යාමට උත්සහ කල සාමාන්‍ය සිවිල් වැසියන්ට එල්ටිටීඊය මගින් වෙඩි තැබු අතර ඇතැම්විට එසේ පැන යාමට උත්සහ කල අහිංසකයන් බිම්බෝම්බ හා මර උගුල් වලට අසු වී තුවාල හෝ මරණයට පත් උනා. කරුණු එසේ තිබියදී, චිත්‍රපටිය මගින් පෙන්වන මල සිරුරුවල එකම වගඋත්තරකරුවා හා හේතුව රජයේ හමුදාවල ෂෙල් වෙඩි ප්‍රහාර බව තහවුරු කිරීමට උත්සහයක යෙදෙනවා. වැඩිමනත් වශයෙන්, එල්ටිටීඊ සාමාජිකයන්ද සිවිල් ජනයා සමග මිශ්‍ර වී සාමාන්‍ය ඇදුමින් සැරසී යුධ කටයුතු වල යෙදුනු නිසා, මෙම විත්‍රපටියේ පෙන්වන මල සිරුරු සාමාන්‍ය මහජනතාවගෙන් වෙන් කර අදුනා ගැනීමේ අපහසුතාවයක් ද පවතිනවා. තවද එල්ටිටීඊ සංවිධානය සිවිල් ජනතාව බලහත්කාරයෙන් අගල් කැපීම, බන්කර් ඉදි කිරීම වැනි යුධ කටයුතු වල යොදා ගත්තා. මෙවන් යුධ කටයුතු වල යෙදෙන විටදී, යුධ හමුදාව එල්ල කරන ප්‍රහාර වලින් සාමාන්‍ය ජනතාව අසරණ ලෙස මිය යෑමේ හැකියාවක්ද තිබී පවතිනවා.

මීට අමතරව මෙම චිත්‍රපටිය මගින් ශ්‍රී ලංකා යුධ හමුදාවන් උතුරේදී යුද්ධය අතරතුරදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්ට ද කටයුතු කල බව කියා සිටිනවා. මේ සදහා 'ඉසේප්‍රියා' නැමැති 'කොටි හඩ' ගුවන් විදුලි හා රූපවාහීනි සේවයේ කටයුතු කල ජනමාධ්‍යවේදීනියකගේ මල සිරුරක් යොදා ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම් ඉසේප්‍රියා යනු එල්ටිටීඊ සංවිධානය වෙනුවෙන් වැඩ කල එල්ටිටීඊ සාමාජිකාවක්. නමුත් චැනල් 4 නාලීකාව මේ බව සගවා ඇය සාමාන්‍ය සිවිල් පුද්ගලයෙකු සේ චිත්‍රපටිය තුල මවා පෙන්වමින් ප්‍රේක්ෂකයන් නොමග යවනවා. ඉසේප්‍රියා එල්ටිටීඊ සමාජිකාවක් බව සනාථ කිරීමට, එල්ටිටිරී සංවිධානය මගින් නිකුත් කරන ලද ඇයගේ පහත හැදුනුම්පත් ඡායාරූපයම උවත් ප්‍රමාණවත්.


( එල්ටිටිරී සංවිධානය මගින් නිකුත් කරන ලද ඉසේප්‍රියාගේ හැදුනුම්පත් ඡායාරූපය )


මෙම වීඩීයෝ පටියේ එන ඇතැම් දර්ශන වල සත්‍යතාව පිලිබදව ඇතැම් අය සැක පහල කරනවා. උදාහරනයක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිටින දෘශ්‍ය මාධ්‍යය පිලිබද විශාරදයකු වන සීරී හේවාවිතාරණ මහතා මෙම වීඩීයෝ පටයේ එන ඇතැම් දර්ශන ඩිජිටල් තාක්ශණය යොදා වෙනස් කර ඇති බව එක එල්ලේ චෝදනා කරනවා.Cisco’s Global Broadcast හා Digital Video Practice division හිටපු ප්‍රධානියෙකු හා වර්තමානයේ සිඩ්නි නුවර IPTV සිස්ටම් හී ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන හේවාවිතාරණ මහතා වැනි අදාල විශය සම්භන්ද පාමාණිකයකුගේ අදහස් නොසලකා හැරිය නොහැක්කක්. කෙසේ නමුත් චැනල් 4 නාලිකාව, මෙම වීඩීයෝ පටයේ එන ඇතැම් දර්ශන ( නිරායුධ, අත් පිටුපස බැද ඇති මිනිසුන් ගේ පිටුපස සිට වෙඩි තැබීම ) මීට ඉහතදී 2010 දී නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් උන ක්‍රිස්ටොෆ් හෙයින්ස් මහතා වෙත ලබා දී තිබුනා. ඒ අනුව ඒ මහතා පත්කරන ලද සිව් පුද්ගල කමිටු වාර්තාවක් මගින් එම දර්ශන සත්‍ය ලෙස සිදු වූවා යැයි නිගමනය කර තිබෙනවා. නමුත් සීරී හේවාවිතාරණ මහතා පවසන ආකාරයට මෙම අදාල වීඩීයෝ දර්ශනය ලබා ගෙන ඇත්තේ ජංගම දුරකථනයකින් නොව කුඩා ප්‍රමාණයේ වීඩීයෝ කැමරාවක් යොදා ගෙනයි. නමුත් මෙම දර්ශනය මුලින්ම විකාශනය කරන් වේලාවේදී 'චැනල් 4' නාලිකාව ප්‍රකාශ කර සිටියේ මෙම දර්ශන හමුදා සොල්දාදුවන්ගේ ජංගම දුරකතන වලින් ලබාගත් ඒවා බවයි. හේවාවිතාරන මහතා එල්ල කරන ප්‍රබලම චෝදනාව වන්නේ මෙම දර්ශනය පරිගනකයක් යොදා ඩිජිටල වශයෙන් වෙනස් කර ඇත යන්නයි. ඊට අමතර ඔහු පෙන්වා දෙන අනෙක් වැදගත් කාරණය වන්නේ මෙම දර්ශනයේ, හඩ පටය හා විඩීයෝ දර්ශන සමගාමී (synchoronise) නොවෙන කාරනයයි. හෙයින්ස් මහතාගේ විද්වත් කමි‍ටුවද පිලිගන්නා පරිදි මෙහි තත්පර 0.068 ත් 0.122 ක පරතරයක් මෙම විඩීයෝ හා හඩ පටය අතර පවතිනවා.


එක්සත් ජාතින්ගේ සංවිධානයේ හෙයින්ස් මහතාගේ විද්වත් කමි‍ටුවද පිලිගන්නා ආකාරයට, මෙම වීඩීයෝ දර්ශනයේ අවසාන භාගයේ අවසන් රූප රාමු 17 තුල රතු පසුබිමේ දිස්වන ඉංග්‍රීසී A අකුර හා මරනු ලැබූවා යැයි පවසන පුද්ගලයින්ගේ ශරීර චලනයන් පැහැදිලි කිරීමට අපහසු බවක් පෙනී යනවා. ඊට අමතරව මෙම වීඩීයෝ පටය ග්‍රහණය කර ඇති දිනය ලෙස වීඩීයෝපටයේ අභ්‍යන්තර දත්ත වල සදහන් වෙන්නේ 2009 ජූලී 17 වෙනි දිනයි. නමුත් කවුරුත් දන්නා ආකාරයට යුද්ධය 2009 මැයි මාසය තුල සම්පූර්නයෙන් නිම කරනු ලැබුවා. වර්තමාන ශ්‍රී ලංකා සම්මත දින දර්ශනය අනුව ජූලි මස උදා වෙන්නේ මැයි මාසය නිමා වීමෙන් පසුව උනත් , කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය ට අනුව, මෙම දින ප්‍රශ්ණයද චැනල් 4 නාලිකාව වෙනස් අකාරයකට අර්ථකතනය කලොත් ඊට කිසිසේත් පුදුම විය යුතු නැහැ. කෙසේ නමුත් නවතම චැනල් 4 වීඩීයෝ පටයේ සත්‍යතාව පිලිබදව ශ්‍රි ලංකා රජය විසින් ද පරීක්ශන කටයුතු සිදු කරනවා. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ ආචාර්ය චතුර ද සිල්වා මහතා විසින් මෙම පරීක්ශන කටයුතු සිදු කරන අතර ඔහුගේ වාර්තාව තවමත් මහජනයා වෙත හෝ මාධ්‍ය වෙත හෝ එලි දක්වා නැහැ.

මෙම වීඩීයෝ දර්ශනය ට අදාල මුල් සංස්කරණය නොකල වීඩියෝ දර්ශන පටයක්ද මේ දින වල කථාබහට ලක් වෙනවා. චැනල් 4 නාලිකාව මීට ඉහතදී විකාශනය කරන ලද මෙම දර්ශන පටයේ සෙබලුන් ගේ කථනය සිංහල භාෂාවෙන් සිද්ධ වන නමුත් , මුල් පිටපත යැයි කියනු ලබන මෙම වීඩියෝ පටයේ පසුබිම් කථනය දෙමල භාෂාවෙන් සිද්ධ වෙනවා. යටත් වූ හමුදා සෙබලු මරා දැමීම එල්ටිටීඊ සංවිධානය විසින් අනුගමනය කරන ලද බරපතල යුධ අපරාධයක්. උදාහරණයක් ලෙස , 'ඒම් වී සන් සී ' නෞකාවෙන් කැනඩාවට පැන ගිය එල්ටිටීඊ සාමාජිකයෙකුට එරෙහිව, යටත් වූ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් මරා දැමීම සම්භන්දව, කැනඩා රජය පරීක්ෂන පවත්වනවා. එම නිසා, ශ්‍රී ලංකා රජයට එරෙහිව යොදා ගැනීමේ අරමුණ සහිතව, එල්ටිටීඊ සංවිධානය හෝ එහි අනුබද්ධිත සංවිධානයක් මෙවන් වීඩීයෝ දර්ශනයක් නිපදවීමේ හැකියාවද නොසලකා නොහැරිය හැක්කක්. එල්ටිටීඊ සංවිධානය තම ප්‍රචාරක කටයුතු සදහා යොදා ගන්නා ක්‍රම හා විදි සලකා බැලීමේදී මෙම කරුණ වඩාත් තහවුරු වෙනවා. එසේ සලකනු ලැබුව හොත්, එක්සත් ජාතීන්ගේ හෙයින්ස් මහතා ගේ කමි‍ටුවට පැහැදිලි කිරීමට අපහසු වූ නිරීකශනයන්ද මෙම තර්කය මගින් පැහැදිලි වෙනවා.කෙසේ නමුත් මෙම වීඩීයෝ පටය, චැනල් 4 නාලිකාව වෙත සපයන ලද, සිංහල ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකින් සමන්විත 'ජේඩීඑස්' සංවිධානය මෙම දෙවන වීඩීයෝ පටය බොරුවක් බව පවසනවා. ඒ අනුව මෙම වීඩීයෝ පට දෙකේම සත්‍යතාව සම්භන්ධයෙන් පවතින්නේ අපැහැදිලි තත්වයක්.


(JDS සංවිධානයේ සනත් බාලසූරිය මහතා)


(JDS සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රෝහිත භාෂන අබේගුනවර්ධන මහතා )

මෙම චිත්‍රපටියේ කියැවෙන තවත් කරුණක් වන්නේ , නඩේසන් හා පුලිදේවන් නැමැති එල්ටිටීඊ නායකයින් යටත් වීමට කැමැත්ත පලකර සිටියදී රජයේ හමුදා විසින් ඔවුන්ව ඝාතනය කර ඇති බවයි. නමුත් වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනා ජාත්‍යන්තරය සමග සාකච්චා කර ඇත්තේ සමූහ වශයෙන්, තුන්වන පාර්ශවයක් වෙත සිදුවන එල්ටිටීඊ යටත් වීමක් ගැනයි. නමුත් පූර්ණ මිල්ටරි අධිකාරී බලයක් කිසි දා නොතිබුනු පුද්ගලයන් දෙදෙනෙක් වෙතින් කෙරෙන කොන්දේසී සහිත යටත් වීමක්, ඉතා දරුණු යුද්ධයකදී කොතෙක් දුරට විශ්වාසනීයත්වයෙන් යුක්තදැයි කාටත් නැගෙන ගැටළුවක්. මෙම කාරණය ඉතා මෑතකදී යුධ හමුදාව විසින් පවත්වන ලද ජාත්‍යන්තර යුධ සමුළුවේදී, මෙරට ඇමෙරිකානු තනාපති කාර්ය්‍යාලයේ යුද කටයුතු පිලිබද විශේශඥ නිලධාරිවරයාද ( ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත්) තම පෞද්ගලික අදහසක් වශයෙන් ප්‍රකාශ කර තිබුනා.


(ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත්)

කෙසේ නමුත් චිත්‍රපටිය මගින් ප්‍රේක්ෂකයා වෙත සංනීවේදනය කිරීමට උත්සහ කරන්නේ යටත් වූවන් ශ්‍රී ලංකා හමුදා මගින් මරා දැමූ බවකුයි. නමුත් ඉහල පෙලේ එල්ටිටීඊ නායකයින්ගේ දරු පන්සල් පවා ආරක්ෂක හමුදා භාරයේ සුරක්ශිතව සිටින බවට කිසිදු සදහනක් කිරීමට මෙම ඒක පාර්ශවීය වාර්තා චිත්‍රපටිය අපෝහසත් වෙනවා. එල්ටිටීඊ නාවික හමුදා නායක සුසෙයි (තිල්ලෛම්බලම් සිවනේසන්) ගේ බිරිද හා දරුවන්, එල්ටිටීඊ දේශපාලන නායක තමිල් සෙල්වම්ගේ බිරිද හා දරුවන්, එල්ටිටීඊ නායක ප්‍රබාහරන් ගේ මව හා පියා මෙසේ ආරක්ෂක හමුදා යටතේ සුරක්ශිතව සිටින විශේෂ පුද්ගලයන් හැටියට සැලකෙනවා.

මෙම චිත්‍රපටියෙන් ඒත්තු ගැන්වීමට උත්සහ කරන තවත් කාරණාවක් වන්නේ හමුදා සමාජිකයන් යටත් වූ සෙබලියන් දූෂණය කර මරා දමා ඇති බවයි. මෙවන් කරුණක් සිදු වී ඇත්නම් එය සොයාබලා අදාල අය හට දඩුවම් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් කිසිදු සැකයකින් තොරව ඉදිරිපත් කල හැකි සාක්කියකින් තොරව, මෙම චිත්‍රපටිය, ශ්‍රී ලංකා හමුදා ස්ත්‍රී දූෂණයේ යෙදුනු බව සාමාන්‍යකරණය කරනවා. මේ සදහා ඔවුන් ඉදිරිපත් කරන්නේ නිරුවත් කාන්තා මලසිරුරු හා සෙබළුන් අතර සිදුවන කථා බහයි. දූෂණයට අදාල කිසිම රූප රාමුවක් හෝ ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කිරීමකින් තොරව ආරක්ශක හමුදාවන්ට එරෙහිව මෙවන් චෝදනාවක් සාමාන්‍යකරණය කිරීම මාධ්‍ය සදාචාරයට කොතරම් ගැලපේදැයි නැගෙන් ප්‍රශ්ණයක්. නිරුවත් මල සිරුරක් යනු දූශණය සදහා සාක්ශියක් නම්, නිරුවත් පිරිමි මල සිරුරු සම්භ්න්දයෙන් මෙවන් චෝදනාවක් ඉදිරිපත් කිරීමට චැනල් 4 නාලිකාවට අමතක වෙනවා. කෙසේ නමුත් පුපුරණ ද්‍රව්‍ය පරීක්ශා කිරීම සදහා මල සිරුරු වල ඇදුම ඉවත් කර පරීක්ශා කිරීම ප්‍රශ්ණ කල නොහැකි උපාය මාර්ගයක්.

කෙසේ නමුත් පැවති ත්‍රස්ත්‍රවාදී අරගලය හා ඒ හා බැදුනු ප්‍රශ්ණ ගැන සෙවීමට ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද ' උගත් පාඩම් හා සංහිදියා කමි‍ටුව' , මෙම චැනල් 4 වීඩීයෝ විකාශනය තම සැලකිල්ලට ගන්නා බවක් මෑත දී ප්‍රකාශ කර තිබුනා. මෙය ඇත්ත වශයෙන්ම පැසසිය යුත්තක්. ශ්‍රී ලංකා රජය මෙම විඩීයෝ පටය තරයේ ප්‍රතික්ශේප කරද්දී, මෙම කොමිසම මෙම වීඩියෝව ගැන තම සැලකිල්ල යෙදවීම, එම කමි‍ටුවේ ස්වාදීනත්වය ගැන ප්‍රශ්න කරන බොහෝ අයෙකුගේ ඇස් අරවන සිද්ධියක් බවට කිසිම අනුමානයක් නැහැ.

යුද්ධය බිහිසුණුය. ජීවීතයත්, මරණයත් අතර සැබැ ජීවීතයේදී කෙරෙන යුද්ධයකදී, බටහිර හොලිවුඩ් චිත්‍රපටි වල දක්නට ලැබෙන සාමාන්‍ය වෙඩිතබා ගැනීම් අභිබවා ගිය සිදූවීම් බලාපොරොත්තු විය යුතුය, ඒ කෙසේ නමුත්, මනුෂ්‍යත්වයට නිගා දෙන යම් ක්‍රියාවක් සිදුකිරීම එමගින් සධාරනීයකරණය කල නොහැකිය. කිසියම් අයෙක් වරදක් කල ඇත්නම් එය සොයා බලා දඩුවම් කිරීම සාධාරන සමාජයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැංවීමෙහි ලා අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් මෙම චැනල් 4 නාලිකාවේ වාර්තා චිත්‍රපටිය මගින් එවැන්නක් ඉ‍ටු කරනු වෙනුවට, බිදී ඉරි තලා ගිය ජාතින් දෙකක් අතර සුහදතාවය තව තවත් ඈත් කිරීමේ කටයුත්තට අත ගසා ඇතිබව පැහැදිලිය. අපක්ෂපාතී මාධ්‍යකරනය මගින් අදාල සිදුවීම හා අදාල පුද්ගලයින් නිරාවරනය කරනු වෙනුවට, කරුනු සැගවීම්, කරුනු වෙනස් කිරීම් මගින්, දෙමල ජනයා අතර ශ්‍රී ලංකා ආරක්ශක හමුදා වෛරයට භාජනය කිරීම මෙමගින් සිදු කරනවා.රුදුරු ත්‍රස්තවාදයකින් අහිංසක සිංහල, දෙමල,මුස්ලිම් හා අනෙකුත් ශ්‍රී ලංකා වැසියන් මුදා ගැනීම වෙනුවෙන් ආරක්ශක හමුදා වෙත තුති පුදනු වෙනුවට සහ උතුරේ අහිංසක ජනතාවගේ අසරණ තත්වය සලකා ඔවුන් හට උපකාර කරනු වෙනුවට, 30 වසරක් තිස්සේ ලංවීමට නොහැකිව සිටි ජාතින් දෙකක් තව තවත් විරසක කිරීමේ ප‍ටු අරමුණක් මෙම චිත්‍රපටිය මගින් ඉ‍ටු කරනවා.

කවුරු කෙසේ කීවත්, ශ්‍රී ලාංකික දෙමල ජනතාවගේත්, සිංහල ජනතාවගේත් අනාගතය වැටී ඇත්තේ බෙදී වෙන් වී යෑම තුල නොව, සහජීවනයෙන් අන්‍යා කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වීම තුලයි. ශ්‍රී ලංකාව සම්භන්ධ ඉන්දියානු ප්‍රතිපත්තිය තුල කැබලි වී ගිය ලංකාවකට ඉඩක් නොමැති අතර, ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාව සම්භන්ධ ඉන්දියානු අවශ්‍යතාවයට එරෙහිව යාමක් අපේකෂා කල නොහැකිය. මෙවන් පසුබිමක් යටතේ, විවිධ අරමුනු සහිත ලංකාවෙන් පිටත සිටින අන්තවාදී අදහස් ඇති කීප දෙනෙක් සිදු කරන මෙවන් ප්‍රකෝප කිරීම්, භෙද කිරීම්, 30 වසරක යුද්දය අවසානයේ දෙමල ජනතාවට වැඩි වශයෙනුත්, අනෙකුත් ජනතාවට අඩු වැඩි වශයෙනුත් ලබා දුන් අසරණ තත්වයට වඩා වැඩි යමක් ලබා දේ යැයි අපේක්ශා කිරීම ඉතා අපහසුය.


ආශ්‍රිත ලිපි:

Aranze, J. (2011). Forensic Video Experts Confirm Authenticity Of Channel 4 Video. Sunday Leader, from http://www.thesundayleader.lk/2011/06/12/forensic-video-experts-confirm-authenticity-of-channel-4-video/

BBC (2011). JDS challenges Sri Lanka 'new video' Retrieved 01/07/2011, from http://www.bbc.co.uk/sinhala/news/story/2011/07/110704_video_jds.shtml

Hewawitharana, S. (2011). Channel 4 Video is Fake, Edited and Video taken by Video Camera Retrieved 01/07/2011, from http://www.asiantribune.com/news/2011/06/05/channel-4-video-fake-edited-and-video-taken-video-camera

Hewawitharana, S. (2011). Is British Broadcasting getting funds from Terror groups? Retrieved 30/03/2011, from http://www.asiantribune.com/news/2011/06/25/british-broadcasting-getting-funds-terror-groups

Jayasuriya, R. (2011). Channel 4 war crimes video: believable or bunk? Colombo: Sumathi Publications.

JDS (2010). UN experts concludes that Sri Lankan vedio is authentic Retrieved 01/07/2011, from http://www.jdslanka.org/2010/01/un-expert-concludes-that-sri-lankan.html

Macrae., C. (2011). Sri Lanka's Killing fieilds. Retrieved from http://www.channel4.com/programmes/sri-lankas-killing-fields/4od

MCNS (2009). Channel 4 video a fake Retrieved 01/07/2011, from http://www.lankapuvath.lk/index.php/latest-news/security/3416-channel-4-video-a-fake-mcns-

MOD (2011). 'CHANNEL-4, FACEOFF' - Exposing the appalling truth Retrieved 01/07/2011, from http://www.defence.lk/new.asp?fname=20110619_01Up28

Quan, D. (2011). Tamil migrant may have taken part in shooting of soldiers, hearing told Retrieved 01/07/2011, from http://www.globalnews.ca/world/Tamil+migrant+have+taken+part+shooting+soldiers+hearing+told/4643627/story.html

Wijayapala, R. (2009). The Ultimate Truth as told by Tamil Doctors. Retrieved from http://www.lankamission.org/content/view/2420/9/

Wijewardana, D. (2011). US suspicions of credibility of LTTE surrender offer make sense Retrieved 01/07/2011, from http://donwije.wordpress.com/articles-2/

21 comments:

  1. බාෂි සහෝදරයයි සනත් බාලසූරිය ගොයියයිත් මේකෙ ඉන්නවද? අලුත් නමකින් ආවට දන්න කියන අය නෙව.

    ReplyDelete
  2. මේ චිත්‍රපටිය ඒක පාර්ශ්වීයයි.. මයියාගේ අදහසත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි.. ඒකේ කිසිම තර්කයක් නෑ.. ඔය වීඩියෝවල තියෙන දේවල් 100%ක්ම ඇත්තත් නෙවෙයි.. ඒකත් මයියා දීල තියෙන උදාහරණත් එක්කම ඔප්පු වෙනවා..
    මේක තනිකරම බොරුවක් වුනත් ඔය හා සමාන සිද්ධි ඇති නොවුනා කියන එක සාධාරණ නැහැ කියල පුතාගේ හෘද සාක්ෂිය පුතාට කියනවා.. මොකද පුතාගේ අතිජාත මිත්‍රයෝ කිහිප දෙනෙක්ම ඔය යුද්ධ පෙරමුණේ හිටියා.. ඔවුන්ගේ අත්දැකීම් හා පුතාට දකින්ට ලැබුන දේවල් එක්ක මනුස්සයෙක් විදිහට පුතාට කොහොමත්ම ඔවැනි දේවල් සිදු නොවුනා කියන්ට බැහැ.. යුද්ධයකදි ඒ දේවල් සිද්ධ වෙන එක වලක්වන්ට බැරුව ඇති..
    පුතාට යන්තම් වගේ මතකයි පුතා දෙකේ තුනේ පන්තිවල ඉන්දැද්දි පුතාගේ තාත්තා, බාප්පලා, හමුදාවට බයෙන් රෑට ගෙදර නොඉඳ ගස් උඩ රෑට හැංඟිලා හිටපු හැටි.. ඒ දවස්වල පුතාට ඒක විනෝදයක් වුනාට දැන්නම් දැනෙනවා ඒ මරණ බයෙන් නේද හැංඟුනේ කියන එක... ඔය යුද්ධෙට මැදිවෙලා මායිම් ගම්මානවල, යුධ මුක්ත කලාපවල හිටපු මිනිස්සුන්ටත් ඒ බය ඊටත් වඩා දැනෙන්ට ඇති.. ඒ අතරේ ඔය චිත්‍රපටියේ තියෙනවා වගේ දේවලුත් සිද්ධ වෙනකොට.. එතැන මගේ නංගිලා, අම්මලා හිටියනම් මට කොහොමට දැනෙයිද..
    අන්තිමට යුද්ධේ ඉවර වුනා.. දැන් අවුරුදු දෙකකුත් ඉවරයි.. එච්චර කාලයක් ගතවෙලත් ඔය යුද්ධෙන් දුක් විඳපු මිනිස්සුන්ට සාධාරණයක් වෙලා තියෙනවද?
    මයියා දකින්ට ඇති යුද්ධය දවස්වල එල්ටීටීඊ එකට විරුද්ධව රජයට සහය දුන්න ආනන්ද සංගරි මහත්තයා කරල තිබ්බ කතාව.. ඒ ඇත්තටම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරානම් අපේ රණවිරුවෝ සුළුතරයක් අතින් සිද්ධ වෙච්ච වැරදි වලට චිත්‍රපටි එකක් නෙවේ සියයක් ගැහුවත් මේ වගේ කලබල වෙන්ට වෙයිද...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. " ඒ කෙසේ නමුත්, මනුෂ්‍යත්වයට නිගා දෙන යම් ක්‍රියාවක් සිදුකිරීම එමගින් සධාරනීයකරණය කල නොහැකිය. කිසියම් අයෙක් වරදක් කල ඇත්නම් එය සොයා බලා දඩුවම් කිරීම සාධාරන සමාජයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැංවීමෙහි ලා අත්‍යවශ්‍ය කාරණයකි "

    මම මේ ලිපියේ දැක්ක ලස්සනම වැකි ටික තමයි උපුටල තියෙන්නෙ , ආසාවෙන් කියවපු විග්‍රහයක් .චැනල් 4 වට නැතත් එක්සත් ජාතීන් නිසා හෝ යම් ක්‍රියාමාර්ගයකට යාමේ තදබල අවශ්‍යතාවයක් ඇතිවෙයි කියල හිතෙන්ව ඉදිරියට . මම යුද්ධය කියන දේ එකම හෝ හොඳම විසඳුම විදිහට දකින කෙනෙක් නොවුනත් . අති මානුශීයව, සාධාරණව යුද්ධ කල යුතුයි හෝ කල හැකියි හීන ලෝකයෙ නැ ඒ නිසා මම නම් හිතන්නේ ඇත්තටම සිදුවුන වරදක් වුනත් ඒවා නිසා ඇතිවන ගැටලු අපි නිවැරදී තැනක හිටියා නම් වලක්වා ගන්න තිබුන කියලයි . දැන් උනත් විකල්ප ක්‍රියාමාර්ග තියනව .

    ඔබම මතු කරන "ශ්‍රී ලංකාව සම්භන්ධ ඉන්දියානු ප්‍රතිපත්තිය තුල කැබලි වී ගිය ලංකාවකට ඉඩක් නොමැති අතර, ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාව සම්භන්ධ ඉන්දියානු අවශ්‍යතාවයට එරෙහිව යාමක් අපේකෂා කල නොහැකිය."

    කාරණය නිසා දේශපාලන විසඳුමකට කඩිනමින් යාමත් ඒ විකල්පයක් විය හැකියි

    ReplyDelete
  6. @ පොඩිගමයා

    ජේඩීඑස් සංවිධානය මෑතකදී ආරම්භ කරන ලද්දක්
    ඔවුන්ගේ බ්ලොග් සයිටය http://jdsrilanka.blogspot.com/

    මගින් දැක්වෙන අතර මෙම සංවිධානය ජර්මනිය තුල C/O INSD, Kremmener Strasse 2, 10435 Berlin, Germany ලියාපදිංචි කරන ලද්දක් බව පැවසෙනවා

    ReplyDelete
  7. @ පුතා

    මේ ලිපිය මගින් ඇත්තටම සාකාච්චා කරලා තියෙන්නේ චැනල් 4 නාලිකාව විකාශනය කරලා තියෙන චිත්‍රපටිය ගැනයි. ලිපියෙන් පෙන්නලා දීලා තියෙන්නේ ඔවුන් ගේ ඒක පාර්ශවීයබාවයයි. කිසිදු සැකයකින් තොරව ඔප්පු කරන ලද සාක්කි කිසිවක් නොමැතිව, ප්‍රතිපත්තියක් ( as a policy) ලෙස ශ්‍රී ලංකා ආරක්ශක හමුදා යුද අපරාද කර ඇති බව මෙම චිත්‍රපටිය් සාමාන්‍යකරණය ( generalize )කරනව. මෙය බිහිසුණු ත්‍රස්ත්‍රවාදයකින් රට ගලවා ගත් හමුදාවකට කරන නිග්‍රහයක්
    නමුත් හමුදාව සැදී තියෙන්නේත් අප සමාජයේම පුද්ගලයන්ගෙන්. සමාජයේ පුද්ගලයන් තුල තියෙන අඩුපාඩු ඇතැම හමුදා සම්මජිකයන් තුලත් (විනය හා පුහුනුව ලබා දුනද) ඉතිරි වී තිවීමට පුලුවන්. මේවා ඒ ඒ පුද්ගල සිද්ධීන්. කවුරු හරි මේ පුද්ගල සිද්ධීන් (මේවාද තවම තහවුරු කර නැත) මුලු හමුදාවේම සමානය්‍ය ප්‍රතිපත්තිය ලේස අර්ථකතනය කරනවා නම්, ඒ පුද්ගලයා තුල, සදාරණය ලබා ගැනීමේ අවශ්‍යතවාය ඉක්මවා ගිය වෙනත් අරමුනු තියෙනවා යන්න මයියා ට හිතෙන විදිහයි.

    තවද ඕනැම යුද අපරාධයක් සෙවීමට අදාල ක්‍රම වේදයක් පවතිනවා. මේය ලංකාව තුලද ක්‍රියාත්මකයි. එම වැඩ පිලිවෙල පසෙක තිබියදී, එහි ප්‍රතිපලය නිකුත් වීමටත් කලින්, අතෙම් පුද්ගලයන් ශ්‍රී ලංකා ආරක්ශක හමුදා වරදකරු කර, තීන්දුව දී , අවසන්.

    අවසාන වශයෙන් මේ රට තුල සිංහලයාත්, දෙමලාත් ජීවත් විය යුතුයි. මනුශ්‍යත්වය ඉකමවා ගිය සිදුවීම් වලට දඩුවම් ලබා දීම මෙන්ම, ඩයස්පෝරා වල වෛරය පිරිමසා ගැනීමේ උපක්‍රම වලින්ඈත්වීමද මේ සදහා අත්‍යවශ්‍ය කාරනයක්.

    ReplyDelete
  8. @ පුතා

    පුතාගේ ඔය කියන අත්දැකීම් මයියාට ඩුබායි වට්ටක්කා වල ඇහැ ගැටි ලා නැ, නරකද කාටත් යමක් ගන්න පුලුවන් විදිහට ඔය අත්දැකීම් දිහා නැවත හැරිලා බැලුවොත්.

    ReplyDelete
  9. @ බුවා

    ස්තූතියි.

    'දේශපාලන විසඳුමකට කඩිනමින් යාමත් ඒ විකල්පයක් විය හැකියි '

    බුවා මතු කර ඇති දේවල් වලට උත්තර දීමට කොමෙන්‍ටුකින් අමාරුයි. ඒකට උත්තර දෙන්න ගියොත් මේ කමෙන්‍ටුව ලිපියේ මාතෘකාවෙන් පිටට යනවා.

    හැමෝම දේශපාලනවිසදුම ගැන කතා කරනවා. ඒත් ඒ දේශපාලන විසදුම මොකක්ද කියලා මයියා ඇතුලු බොහෝ දෙනෙකුට හරි අවබෝධයක් නැ, සමහරු යෝජනා කරන දේශපාලන විසදුම් කියන්නේ මහාජාතිය නොසලකා හැර සුලු ජාතිය පිනවීමක්, මේවගේ විසදුම් දීර්ඝ කාලින ලස සාර්තක (sustainable) නෑ .

    අවශ්‍ය වන්නේ හැමෝටම පිලිගත් හැකි දෙයක්. හැමෝම දිනන උත්තරයක් (win-win situation) . බලහත්කාරකමක් නැති දෙයක්, මේක තමයි අභියෝගය.
    මේ සම්භන්ෂව මයියා මේ පෝස්ට් එක තුල මීට වඩා කථා කරන්න යන්නේ නැ, ඒ මේ පෝස්ට් එකේ මාතෘකාවෙන් එලියට පනින නිසා. බුවාට පුලුවන් නම් මේවගේ විසදුමක් ගැන පෝස්ට් එකක් දාන්න. මයියා එය ආසාවෙන් කියවාවී..

    ReplyDelete
  10. මයියා.. තර්කයක් නැත.. චැනල් ෆෝ වීඩියෝවෙන් උත්සාහ කරන දේ හෙට හිරු පායන්නාසේම පැහැදිලිය.. ඔව්. ඔබ නිදසුන් සහිතවම පෙන්වා දී ඇති පරිදිම එම වීඩියෝවේ බොහෝ සිද්ධීන් ව්‍යාජයන් බව සැබෑය.. ඔවුන්ගේ එකම අරමුණ ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් බවට ලෝකය හමුවේ ඒත්තු ගැන්වීම විනා යුද්ධයෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමද නොවේ.. මයියාගේ ලිපිය නැවත නැවතත් කියවීමෙන් මයියාගේ ලිපියේ අරමුණ පුතාට නිවරදිවම අවබෝධ වූයේ මුල් කමෙන්ටුව දැමීමෙන් අනතුරුවය.. [නමුත්, වාතයක් පිටවූ පසු නැවත ගත නොහැක.. :)]

    පුතා මුල් කමෙන්ටුවෙන් මූලිකවම කියන්නට උත්සාහ කලේ යුද්ධයෙන් පසුව වග කිවයුත්තන් අවංකව කටයුතු කලානම් රටක් වශයෙන් අපට මෙවන් බාහිර බලපෑම් හමුවේ නොසැලී සිටිය හැකි බවයි.මෑත කාලයේ දරුස්මාන් වාර්තා, චැනල් ෆෝ සිද්ධීන්වලදී පුතාගේ මනසේ ධාවනය වුයේම එම සිතුවිල්ලය. එය ඇත්තටම මයියාගේ ලිපියේ අරමුණෙන් පරිබාහිර කතන්දරයකි. ඉතින්, මාතෘකාවෙන් පිට පැන්නාට සමාවන ලෙස මයියාගෙන් ඉල්ලා සිටිමි. :)

    කිවු දේ අල්පය. නොකිවූ දේ බොහෝය. මයියාගේ අවසන් යෝජනාව පුතාට අලුත් අදහසක් ඇති කලේය. :) ස්තූතියි මයියා..

    ReplyDelete
  11. වීඩියොව් පාක්ෂික බවට විවාදයක් නැහැ.නමුත් මේ වීඩියෝව මගින් ගේන කරුනු බැහැර කල හැකිද?මම එහෙම හිතන්නෙ නැහැ.යුද්ධය ගැන පූර්න අවබෝධයක් ගන්න නං ස්වර්නවාහිනියෙ රන බිමෙන් 8 ට එක්ක මේ වීඩියෝවත් එකට තියල බලන්න ඕනෙ.නමුත් අපිට පෙන්නුවේ රන බිමෙන් 8 ට විතරයි.යුද්ධය ගැන හරි පින්තූරය ගන්න නං රනබිමෙන් 8 ට එකේ දෙමල සරනාගතයන්ට සොල්දාදුවො වතුර පොවන දර්ශන එක්ක අර හෙලු ගෑනු සිරුරු වල රහස් තැන් වලට කැමරා අල්ලමින් ආතල් ගන්න මොබයිල් ෆොන් දර්ශනත් පෙන්විය යුතුයි.

    සිරි හේවාවිතාරන කියන දේ ගැන මම දන්නෙ නැහැ. නමුත් මුලු වැඩසහටනේ තියන දර්ශන ගනනාවක් - අත් පිටුපසට බැදල නිරුවත් සිරකරුවන් වෙඩි තබා මරන දර්ශනය සහ යටත් වුන තිදෙනෙක් මරා දමන දර්ශනය - මේව හුදෙක් ව්‍යාජ නිර්මාන කියල බැහැර කරන එක අපිවට රවටා ගැනීමක්.වෙනත් ජාත්‍යන්තර නිරීක්ෂකයන් තාක්ෂන විශේෂඥයන් කිහිප දෙනෙක් මේ වීඩියෝවල නිරවද්‍යතාව තහවුරු කරල තියෙනව.පස්සෙ ආව සිංහල ඩබ් කරපු විඩියෝව ඇත්තක් කියල මයිය හිතනව නම් මට කියන්න තියෙන්නෙ චැනල් ෆෝ එකට ඒකපාක්ෂිකයි කියන මයියා ඊටත් වඩා ඒකපාක්ෂිකයි කියල.පස්සෙ ආව වීඩියෝව හරි කියල ඔප්පු කලා නම් චැනල් 4 එකට එරෙහිව නියම නඩු නිමිත්තක් ආන්ඩුවට උද්ගත වෙනව.ඇයි ඒ වගේ පියවරකට නොයන්නෙ?
    88 දී යටත් වුන සිංහල හිරකාරයොන්ට හමුදාව සලකපු හැටි අපි දන්නවතඑහෙම නේද? උතුරෙදි ඒක වෙනස් වුනා කියල හිතනවද?මයියා මේ ප්‍රශ්නය දිහා බලල තියෙන්න සිංහලයෙක් විදිහට. ඒකයි අවුල.ඒකයි හමුදාව අතින් වැරදි උනා කියල පිලිගන්න හිත දෙන්නෙ නැත්තෙ.අපක්ෂපාතීව බලනවා නං කිසිම සිවිල් වැසියෙක්ට හානි නොවී යුද්ධ්‍යක් කලා කියන එක මොන පොල් බූරුවෙක්ටවත් පිලිගන්න පුලුවන් දෙයක් නෙමෙයි.මේ වීඩියෝව එන කම් කිසිම වරදක් අපි කලේ නැහැ කියලයි හිටියෙ.වැරදි උනා කියල අවංකව පිලිගෙන එහෙම වැරදි කල අයට දඩුවම් දෙන විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් අපි තියාගත්ත නං මේක මෙච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.ඔය උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසම කියල අටවල තියෙන එක බොරුවක් කියන එක මයියත් දන්නව අපිත් දන්නව හොදටම.ඒක අර ඒපීආර්සී වගේ ලෝකෙට බොරුව දාන් අටවපු බොරුවක්.අර රොසෙන චානුකව මරපු එකට දාපු කොමිසමේ රිපෝට් එකට වඩා වැඩි දෙයක් ඕකෙන් වෙන්නෙ නැහැ.බටහිර විතරක් නෙමෙයි මානව හිමිකම් ගැන කිලුටු නැති කීර්තිමත් වාර්තාවක් තියන අරුන්දති රෝය් ඩෙස්මන්ඩ් ටුටු වගේ මිනිස්සු මේ ගැන මොනවද කියන්නෙ කියල ටිකක් හිතල බලන්න.අද අපි දෙමල අයට සලකන හැටි හරිද කියල හිතල බලන්න.උතුරෙ හැම මිනිස්සු 50 ටම එක හමුදා භටය ගානෙ දාගෙන ඒ මිනිස්සුන්ගෙ දෛනික හැමදේම හමුදාවෙන් පාලනය කරන්නෙ.මේව හරිද කියල හිතල බලන්න.ඩයස්පෝරාව ජාතිවාදී තමයි.ඇයි ඒ?ඩයස්පෝරාව කොටින්ගෙ වැරදි දකින්නෙ නැහැ.ඒ වගේම මයියලත් ජාතිවාදීයි.මයියලා තමුන්ගෙ පැත්තේ වැරදි දකින්නෙ නැහැ.මේ විදිහට ඉන්න කං කවදාවත් අපි දෙගොල්ල අතර සංහිදියාවක් ඇති වෙන්නෙ නැහැ.

    පලි - රෝහිත භාෂන අද ඉන්නෙ රටින් පිට. රොහිතලා 88 මරණයෙන් බේරුනු මිනිස්සු.එදා සිංහල තරුණයන්ව හමුදාවෙන් මරද්දි ඒව ගැන කතාකල මිනිස්සු රොහිතල. අද එයාල රටින් පිට ඉන්න තරම් කරල තියෙන වරද්ද මොකක්ද?එයාල තුවක්කු අරගෙන යුද්ධ කලේ නැහැනෙ.එයාල මාධ්‍යවේදීන් විදිහට හමුදාව අතින් වුන වැරදි දේවල් විවේචනය කලා.ඒකට දඩුවම පිටුවහල. මයිය එක දෙයක් ඇත්තටම මම කියන්නම.භෂනලා ගේ මතවාදය ගැන මම 100% එකග නැහැ.ඒත් දේශපාලකයන්ගේ ඉදුල් කාල කුලියට කහින කීර්ති වර්ණකුලසූරිය වගේ මීයො එක්ක බලද්දි භාෂණලා සිරා මිනිස්සු.හෘද සාක්ෂියක් තියනෙ මිනිස්සු

    ReplyDelete
  12. මයියා15 July 2011 at 09:57

    @ ඇනොනිමස්

    ඔබගේ දීර්ඝ පිලිතුරට ස්තුතිය.

    ආන්ඩුවේ වරදක් පෙන්නන අයට ඇතැමෙක් 'දේශද්‍රොහී' කියා ලෙබල් කරලා පැත්තකට දානව වගේම එල්ටිටිරී අන්තවාදය ප්‍රශ්න කරන ඇතැමෙක් 'ජාතීවාදී' කියා හංවඩුවක් ගසා පැත්තකට කිරීමත් සාමානය්‍ය දෙයක් වෙලා. ලේබලයක් අලවා පුද්ගලයෙකු පැත්තකට කර දමනවා වෙනුවට, ඒ පුද්ගලයා මතු කරන කාරනා (facts) වලට අවධානය යොමු කරන ලේස මයියා ඇනොනිමස්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.
    'කවුරු කෙසේ කීවත්, ශ්‍රී ලාංකික දෙමල ජනතාවගේත්, සිංහල ජනතාවගේත් අනාගතය වැටී ඇත්තේ බෙදී වෙන් වී යෑම තුල නොව, සහජීවනයෙන් අන්‍යා කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වීම තුලයි' මෙසේ ලියා ඇති මයියා මේ ලිපිය මගින් පෙන්වන ජාතිවාදය කුමක්දැයි කියා පෙන්වන ලෙස අනොනිමස් ට ආරාධනා කරන ගමන් මයියා මේ ලිපිය මගින් මතු කරන කරුණු වලට නැවත වරක් අවධානය යොමු කරන ලෙස කාරුණික ආරාධනයක් ද කරනවා.

    ඔබ සදහන් කර ඇති වීඩියෝ පට දෙකම ගැන පවතින්නේ අපැහැදිලි තත්වයක්. මයියා ගේ මේ නිගමනයට හේතු සාදක මෙම ලිපිය මගින් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඔබ එම වීඩීයෝ පටයක් සිංහල ඩබ් කර ඇතැයි පැවසීම තුල ඔබ එම වීඩියෝ පට සම්භන්ධයේන් සිටිනා ස්ථාවරය පැහැදිලි වෙනවා. ඔබට එසේ නිගමනයකට එලබීමට හේතු වන කාරනා මයියා ට පැහැදිලි නොවන නමුත්, මේ සම්භන්ද සියලු කරුනු කාරනා සැලකිල්ලට ගැනීමේදී මෙම වීඩීයෝ පටයන් දෙකේම සත්‍යතාවය ගැන ප්‍රශ්න තියෙනවා. නමුත් ඔබ කරුනු කාරණා ඉවතලා ඔබට විශ්වාස කිරීමට අවශ්‍ය දේ පමනක් 'හරි' යී කියා පිලිගන්නවා නම් ඒය ඔබ සම්භන්ධ ප්‍රශ්ණයක් මිස මයියා ගේ මේ ලිපිය සම්භන්ද ප්‍රශ්ණයක් නොවන බව ඔබට වැටෙහේ යැයි මයියා සිතනවා.

    මයියා යුද්ධයේ යතාර්තය පිලිගන්න කිසිම මැලි කමක් නැහැ. හමුදාව සැදී තියෙනේද අප එදිනේදා ජීවත් වෙන සමාජයේ පුද්ගලයන්ගෙන්ම තමා. එසේ නම් සමාජයේ ඒ ඒ පුද්ගලයන්ගේ තිබෙන අඩුලුඩුකම දැඩි පුහුනුවකින් පසුව උවද හමුදා සමාජිකයන් තුල ඉතිරී වී තිබීමට පුලුවන්. ඒ නිසා තමයි මයියා මේ ලිපිය තිල කිසියම් අයෙක් අතින් මනුශය්‍යත්ව්යට නොගලපෙන යම්ක් සිදු වී ඇත්නම් එය සොයා බලා දඩුවම් දිය යුතු යැයි ලිය වී ඇත්තේ.

    එහෙත් එල්ල්ටිටීඉ මතවාදය දිගටම පවත්වා ගෙන යාමට උත්සහ දරන ඇතැමෙකුට අවශය, හමුදාව හා රජය ප්‍රතිපත්තියක් වශයේන් දේමල ජනතාව සමූල් ඝාතනය කල බව කියා පෑමටයි. මේය වැරදි කතාවක්. ඒ මතවාද ය පතුරුන අයට අවශය ලංකාවේ වෙසෙන සිංහල හා දෙමල ජන කොට්ඨාශ අතර සහයෝගීතවය නොවෙයි, ඔවුන්ට අවශ්‍ය ප්‍රභාහරන් මැරුව එකේ පලිය ගන්නයි. ඊට අමතරව ඩයස්පෝරාව කික් එකේ තියාගේන සල්ලි ටික එක්තු කර ගන්නයි විතරයි.

    LLRC එක ගැනත් ඔබ ඉන්නේ ඔබ සිතින් මවාගත් තීරනයක් මත. ඒහි අවසාන රිපොර්ට් එක පිටවීමත් කලියෙන් මෙසේ නිගමනයකට බැස ඒය අවතක්සේරු කිරීම ඒච්චර සදාචාරත්මක නොවෙන බව මයියා ගේ හැගීමයි. එම කමි‍ටුව චැනල් 4 විඩීයෝව තමන්ගේ අවධානයට යොමු කරන බව හොද දේයක් ලෙස මයියා ලියා ඇත්තේ, මේ කමි‍ටුව තමන් වෙත පැවරී ඇති වගකීම තේරුම් අරං අතයි යන සිතුවිල්ලේන්

    ඔබගේ කමෙන්‍ටුව තුල ලිපියට අදාල නොවන බොහෝ දේ ලියැවී ඇතත් ලිපිය සම්භ්න්ද කාරනා වලට මයියා පිලිතුරු සපයා ඇතැයි සිතනවා. ඊට අමතරව රොහිත භාශන මහතාව රටින් ' පි‍ටුවහල්' කර ඇති බවක් ඕබගේන් තමයි මයියා පලමු වරට ඇසුවේ. එහෙත් ඔහු ජර්මනියේ ශිෂ්‍යත්වයක් ලැබ අධයාපනය ලබන බව නම් ( fact) ෆැක්ට් එකකි.

    ReplyDelete
  13. Excellent critique..!
    I salute you for reciting a balanced view and for taking a hell of an effort to refer and write...
    It's easy to put a comment, but many dare to write an account..
    Just Great..!

    ReplyDelete
  14. මයියා15 July 2011 at 18:32

    ස්තුතියි තිස්ස. ඔබගේ අගය කිරීම මෙම ලිපියට ශක්තියක්

    ReplyDelete
  15. ජාතිවාදය ගැන -

    //ආන්ඩුවේ වරදක් පෙන්නන අයට ඇතැමෙක් 'දේශද්‍රොහී' කියා ලෙබල් කරලා පැත්තකට දානව වගේම එල්ටිටිරී අන්තවාදය ප්‍රශ්න කරන ඇතැමෙක් 'ජාතීවාදී' කියා හංවඩුවක් ගසා පැත්තකට කිරීමත් සාමානය්‍ය දෙයක් වෙලා//

    එල්ටීටීඊ අන්තවාදය විවේචනය කල පමණින් මිනිහෙක් ජාතිවාදී වෙන්නෙ නැහැ.ආනන්දසංගරීටවත් වාසුදේව නානායක්කාරටවත් දයාන් ජයතිලකටවත් ජාතිවාදී කියල කියන්නෙ නැහැනෙ.නමුත් මේ ලිපිය මගින් උත්සාහ කෙරන්නෙ යුද කාලයේ හමුදාව අතින් උන නරක දේවල් එහෙම නෙමෙයි කියල සාධාරණීකරනය කරන්න.නිදසුනක් විදිහට නිරායුද සිරකරුවන් මරා දමන දර්ශනය පිලිබද ඔබේ ප්‍රවේශය ගනිමු.ඒ දර්ශනයට අමතරව තවත් දෙමලින් කතාකරන එකකුත් තියනව ඒ නිසා දෙකෙන් මොකක්ද හරි එක කියල හිතාගන්න අමාරුයි කියල ඔබ ඒ කරුණ ලිස්සලා යවනව.නමුත් හිත හදාගන්න කරුණු විශ්ලේෂනය නොකර ඇත්ත දැනගන්න කරුණු විශලේෂනය කරනවා නම් ඕනෑම තාර්කික මිනිහෙක්ට මතුවෙන සාධාරණ ප්‍රශ්න ටිකක් තියනව.

    1.ඔය කියන "දෙමල" විඩියෝව චැනල් 4 එකෙන් සිංහල වීඩියෝව පෙන්නුවාට පස්සෙ එකපාරට මතු උනේ ඇයි?මෙච්චර කල් ඒක කොහෙද තිබුණෙ?
    2.දෙමල එක ව්‍යාජ නම් ආණ්ඩුවට බොහොම ලේසියෙන් පුලුවන් සිංහල වීඩියෝව ජාත්‍යන්තර පරීක්ෂණයකට නොබියව ඉදිරිපත් කරල චැනල් 4 එක අපකීර්තියට පත්කරන්න.අපහාස කලාට නඩු ගන්න පුලුවන්.එහෙම නොකරන්නෙ ඇයි?
    3.ඩොකියුමෙන්ට්‍රියේ ඒ මොබයිල් වීඩියෝව හා සමාන තව වීඩියෝ කීපයක් තිබුණ.ආයාසයෙන් වෙනත් පූර්ව නිගමනයකට යන මිනිහෙක්ට හැරෙන්න සාධාරන බුද්ධියක් තියෙන ඕනෙම කෙනෙක්ට තේරෙන දේ තමයි මේවායේ තියෙන සමරුපිභාවය.මම නැවතත් කියන්නෙ අලුත් එක නං ඇත්ත ඒක නිර්භීතව පරික්ෂණයකට ඉදිරිපත් කරල චැනල් 4 එක පච කරල දාන්න පුලුවන්.එහෙම ආණ්ඩුව නොකරන්නෙ ඇයි?ඉතින් තාර්කිකව හිතනව නං ඒකට හේතුව හිතාගන්න අමාරු නැහැ.ඔය වීඩියෝව පෙන්නලා දකුණෙ මිනිස්සු රැවැට්ටුවාට ලෝකය එහෙම රවට්ටන්න බැහැ.

    ReplyDelete
  16. තව නිදසුනක් විදිහට සුදු කොඩි අරන් යටත් වෙන්න ආව අයව මරල දාපු සීන් එක ගනිමු.මේක ගැන නියම විස්තරයක් ගෝඩ්න් වයිස් ලගදි ලියල එලියට දාපු පොතක ( ද කේජ් ) තියෙනව.කරුණු.දින හා වේලාවන් එක්ක ඉදිරිපත් වුන නිශ්චිත කරුණු.නඩේසන්ට වෙඩි තියද්දි එයාගෙ සිංහල බිරිද ඇයි මේ වෙඩි තියනේනෙ පේන්නේ නැද්ද අපි ආවෙ යටත් වෙන්න කියල කෑ ගහල කීව බවටත් සාක්ෂි තිබෙනව.ඊට පස්සෙ ඒ බිරිදටත් වෙඩි තියල මරලා තියෙනව.දැන් කරුණු ගැන කථා කරන්න කියන මයියා මේ ගැන මොකද කියන්නෙ?මයියා හිතන්නෙ දරුස්මාන් රිපෝට එකේ තියෙන සේරම අලි ප්‍රබන්ධ කියලද?මයියා හිතනවද එහෙම යූඑන් එක වගේ වගකීම් සහගත සංවිධානයකට කිසිම අගක් මුලක් හේතුවක් නැති පච වාර්තා විදිහට ලියල දාන්න පුලුවන් කියල?යටත් වුන සිරකරුවන් මරලා දැම්ම කියන එකට කරුණුමය සාක්ෂි තියෙනව.ඒ සාක්ෂි එක්ක මේ වීඩියෝ ගැලපෙනවා.ඒ නැතත් අපේ හමුදා යටත් වුන අයව මරලා දැමීම පිලිබද 71 88 ඉදලම අපිට ජීවමාන සාක්ෂි තියෙනව.මේ කිසිවක් නොසලකා හුදෙක් සිංහලයෙක් විදිහට හමුදාවට තියෙන භාවමය පක්ෂපාතිත්වය උඩ නෙමෙයිද මේව බොරු කියල මයියා කියන්නෙ?හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න.

    ඊලගට එල්එල් ආර් සී කථාව - දැන් ඒකෙන් හොදක් වෙනව කියල හිතාගන්න කියල මයියා අපිට යෝජනා කරනවා.ඇයි අපි එහෙම සිතිය යුත්තෙ?ඒක මයියා පහදන්න ඕනෙ.තාර්කිකව හිතනවා නම් අපි යමක් ගැන තීන්දුවකට එන්න ඕනෙ පවතින කරුණු මත.රජය විසින් රජයට චෝදනා එල්ල වෙන යම් යම් කරුණු පිලිබද ඔය වගේ කොමිසන් සභා පත් කරපු දීර්ඝ ඉතිහාසයක් හා අත්දැකීම් ලංකාවේ තියෙනව.එහෙම නේද?ලගම නිදසුන රොෂේන චානුක ඝාතනය.කෝ රිපෝට් එක?මොකද උනේ?හමුදාවෙ උන අවි ආයුද වංචා ගැන ඔය විදිහෙම කොමිසමක් පත් කලා.දැන් අඩුම තරමින් ඒකෙ රිපෝට් එක පාර්ලිමේන්තුවට දෙන්න බැහැ කියනව.කොමිසන් පිලිබද මෙහෙම අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන රාජ්‍යකක් මෙකෙදි විතරක් මාර සත්‍යවාදී වෙයි කියල මයිය කියන්නෙ ඇයි කියල අපිට පහදන්න ඕනෙ?අනික ඔය කොමිසමේ ඉන්නෙ කවුද?ඒකෙ මිෂන් එක තමයි 2002 ඉදල 2009 ට උන දේවල් ගැන හොයන එක.මේ කාල සීමාව කොහොමද නිර්ණය උනේ?ඇයි 2002?එතකොට 1983?සුදු කොඩි අරන් ආව අයට වෙඩි තියන එක යුද අපරාධයක් කියල මයියා දන්නව ඇති කියල මම හිතනව.දැන් ඒකට අණ දුන්නෙ කවුද කියල මේ කොමිසමෙන් ඇත්ත කියයිද?

    ReplyDelete
  17. //හමුදාව හා රජය ප්‍රතිපත්තියක් වශයේන් දේමල ජනතාව සමූල් ඝාතනය කල බව කියා පෑමටයි. මේය වැරදි කතාවක්. ඒ මතවාද ය පතුරුන අයට අවශය ලංකාවේ වෙසෙන සිංහල හා දෙමල ජන කොට්ඨාශ අතර සහයෝගීතවය නොවෙයි,//

    සිංහල හා දෙමල ජන කොට්ටාශ අතර දැන් සමගියක් තියෙනවද මයිය?දැන් වෙලා තියෙන දේ තමයි දෙමල අයව පාගගෙන ඉන්නෙ.උතුරෙ හමුදා පාලනයක් තියෙන්නෙ ඒ නිසා.වැටෙන කම් ගහල අනෙකාව පාගලා "අපි දැන් සාමයෙන් ඉන්නෙ" කිවව්ට ඒක සාමයක් නෙමෙයි.ඇත්ත සාමය හැදෙන්න නං අපි කවුරු කවුරුත් අපි අතින් උන වැරදි පිලිගන්න ඕනෙ.දෙමල ජනතාවගේ විශ්වාසය දිනාගන්න නම් අප් අතීතය ගැන ස්වයං විවේචනාත්මකව බලන්න ඕනෙ.තමුන්ගේ ඇස් ඉදිරිපට ෂෙල් වැදිල අම්ම තාත්තා මැරෙනව දැකපු වන්නියෙ ලමයෙක්ට "මේ යුද්ධ්‍ය කිසි වරදක් නැතිව කල සීරෝ සිවිලියන් කැෂුවලිටිස්" එකක් කියල කිව්වම ඒ ලමයි ඇත්ත තමයි කියල සමගි වෙයිද?දකුනු අප්‍රිකාවෙ මෙහෙම අදුරු අතීතයක් තිබුණ.ඒ අය ඒව ඕවර්කම් කලේ කොහොමද?වෙච්ච වැරදි අවංකව පිලිගත්ත.ඒව වෙනස් වෙන්න ඕනෙ කියල දෙගොල්ලම අව්‍යාජ සම්මුතියකට ආව.අපි ඇත්ත පිලිගන්නෙ නැතිව වෙන වෙන බොරු හදමින් ඒව ඩිෆෙන්ඩ් කරනව.මේ වීඩියෝ හැදුවෙ කේරලයේ කියනව.ඉතින් සංහිදියාවට ඩයස්පෝරාව තරම්ම අපේ මේ ප්‍රවේශයත් බාධාවක් නෙමෙයිද?

    ReplyDelete
  18. අවසන් වශයෙන් රොහිත භාෂන රට ගියෙ ශිෂ්‍යත්වයකට කියල මයියා කියද්දි ඒකට හිනාවෙන්නද අඩන්නද කියල මට තේරෙන්නෙ නැහැ.

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/06/printable/110620_rsf_exiled_media.shtml

    මයියම අවංකව හිතල බලන්න ඔයා ඔය කියන්නෙ බොරුවක් බව දැනගෙන බොරුවක් නෙමෙයිද කියල.පෝද්දල ජයන්තට සනත් බාලසූරියට රොහිතට ඉක්බාල් අතාස්ට රට දාල යන්න උනේ ඒ අයගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා. ලසන්ත වික්‍රමතුංගට අත් උන ඉරණම අත්කරගන්න බැරි නිසා.ජීවිත තර්ජනයකට රට ගිය මිනිහෙක් ශිෂයත්වයක් හම්බෙලා ජොලියෙ ඉගෙන ගන්න ගියා කියල විකෘති ලෙස කරුණු දැක්වීම එච්චර සදාචාරාත්මක නැහැ නේද මයියා?

    ReplyDelete
  19. මයියා18 July 2011 at 04:47

    @ ඇනොනිමස්
    සංවාදයක් පවත්වා ගැනීම හා ඔබගේ දිර්ඝ පිලිතුරට ස්තූතියි.

    ඔබ ලියා ඇති පරිදි "මේ ලිපිය මගින් උත්සාහ කෙරන්නෙ යුද කාලයේ හමුදාව අතින් උන නරක දේවල් එහෙම නෙමෙයි කියල සාධාරණීකරනය කරන්න" යන්න ඔබේ වැරදී වැටහීමක් . ලිපියේ මාතෘකාවෙන් අදහස් වන පරිදිම, මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ චැනල් 4 නාලිකාව මගින් විකාශනය කරන ලද චිත්‍රපටියේ ඒක පාර්ශවීය බවයි. ලිපියේ කරුනු කාරනා දෙස පූර්ව නිගමනයකින් තොරව නැවත අවධානය යොමු කරන ලෙස මයියා ඔබට නැවතත් ආරාධනා කරනවා

    වැඩිමනත් වශයෙන් මයියා ගේ ලිපියේ සදහන් වන පහත යෝජනා ඔබගේ නෙත නොගැටී ගියා දෝ යි මයියා ට හිතෙනවා.

    උපුටා ගැනීම්

    1. ) .........මෙම චිත්‍රපටියෙන් ඒත්තු ගැන්වීමට උත්සහ කරන තවත් කාරණාවක් වන්නේ හමුදා සමාජිකයන් යටත් වූ සෙබලියන් දූෂණය කර මරා දමා ඇති බවයි. මෙවන් කරුණක් සිදු වී ඇත්නම් එය සොයාබලා අදාල අය හට දඩුවම් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක්........

    2.) .....මනුෂ්‍යත්වයට නිගා දෙන යම් ක්‍රියාවක් සිදුකිරීම එමගින් සධාරනීයකරණය කල නොහැකිය. කිසියම් අයෙක් වරදක් කල ඇත්නම් එය සොයා බලා දඩුවම් කිරීම සාධාරන සමාජයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැංවීමෙහි ලා අත්‍යවශ්‍ය කාරණයකි. ......

    තවද ඔබ සදහන් කරන පරිදි දෙමල හඩ පටයක් සහිත විඩීයෝ පටයක් තිබුනා කියා, සිංහල හඩ පටය සහිත වීඩීයෝව බොරුවක් යන තර්කය මයියා මෙම ලිපියේදී කිසිම තැනක සදහන් කර නැත.
    ඒ වෙනුවට මයියා පෙන්වා දෙන්නේ, මෙම වීඩියෝ පට දෙකම ගැන ඇත්තේ අපැහැදිලි තත්වයක් බවයි.

    සිංහල විඩීයෝ පටයේ පැහැදිලි කිරීමට අපහසු ලක්ශන ලෙස මයියා පේන්වා ඇත්තේ පහත කරුනුය.
    1. )අදාල වීඩීයෝ දර්ශනය ලබා ගෙන ඇත්තේ ජංගම දුරකථනයකින් නොව කුඩා ප්‍රමාණයේ වීඩීයෝ කැමරාවක් යොදා ගෙන වීම
    2.) හඩ පටය හා විඩීයෝ දර්ශන සමගාමී (synchoronise) නොවීම. හෙයින්ස් මහතාගේ විද්වත් කමි‍ටුවද පිලිගන්නා පරිදි මෙහි තත්පර 0.068 ත් 0.122 ක පරතරයක් මෙම විඩීයෝ හා හඩ පටය අතර පවතිනවා.
    3.) මෙම වීඩීයෝ දර්ශනයේ අවසාන භාගයේ අවසන් රූප රාමු 17 තුල රතු පසුබිමේ දිස්වන ඉංග්‍රීසී A (UN කමි‍ටුවද පිලිගන්න නීරීකශනයකි)
    4.) මරනු ලැබූවා යැයි පවසන පුද්ගලයින්ගේ ශරීර චලනයන් පැහැදිලි කිරීමට අපහසු බවක් පෙනී යනවා.
    5.) වීඩීයෝ පටය ග්‍රහණය කර ඇති දිනය ලෙස වීඩීයෝපටයේ අභ්‍යන්තර දත්ත වල සදහන් වෙන්නේ 2009 ජූලී 17 වෙනි දිනයි. නමුත් කවුරුත් දන්නා ආකාරයට යුද්ධය 2009 මැයි මාසය තුල සම්පූර්නයෙන් නිම කරනු ලැබුවා ( (UN කමි‍ටුවද පිලිගන්න නීරීකශනයකි).

    දෙමල හඩපටය සහිත චිත්‍රපටිය ද සැකසහිත බව කීමට මයියා ඒ වෙනුවෙන් ජේඩීඑස් (JDS) සංවිදානයේ ප්‍රකාශය යොද ගන්නවා.

    ReplyDelete
  20. මයියා18 July 2011 at 04:49

    continue....

    ඒ අනුව මයියා මෙම ලිපියෙන් කිසිවිටෙක ඉදිරිපත් කර නැති ' කරුනු', මයියා ඉදිරිපත් කර අති බව සදහන් කර, ඒ මත තර්ක ගොඩ නොනගන ලෙස මයියා ඔබට යෝජනා කර සිටිනවා. ලිපියේ සදහන් කර ඇති කරුනු කාරනා මේසේ නැවත නැවතත් කොමෙන්‍ටු තුල සදහන් කිරීමට සිදුවීම කාලය අපතේ යැවීමක් ලෙස මයියා ට හැගෙනවා

    නඩේසන් හා පුලිඩ්දේවන් යන දෙදෙනාගේ යටත් වීමක් ගැන සදහන් කරන සිදුවීමේදී ගෝඩන් වයිස් ගේ පොතෙන් ( එමේන්ම දරුස්මාන් වාර්තාවෙන ද) ඉදිරිපත් කරන්නේ ඩීබීඑස් ජෙයරාජ් මහතාගේ බ්ලොග් ලිපියක් පාදක කරගෙනයි . ගෝඩන් වෙයිස් යනු මෙම සිද්දිය සදහා කිසිම ආකාරයක සක්ශිකරුවකු නොවන බව වැඩිමනත් පැහැදිලි කිරීමක්. කෙසෙ නමුත් මෙම ලිපිය දැන් ජෙයරාජ් මහතාගේ බ්ලොගයෙන් ඉවත් කරගෙන තිබෙනවා. prima facie facts නොවන, සාක්ෂි වල දුර්වලතාවය එම ලිපියේ මුල් ලේඛකයාද පිලිගන්නා එම ලිපිය හැරුනු විට මෙම අදාල සිද්ධියට සම්භන්ධ ඇසින් දු‍ටු සාකශි කිසිවක් තවම ඉදිරිපත් වී නැ. එහෙත් නඩෙසන් හා පුලිදවන් කොන්දේසී සහිත යටත් වීමකට උත්සහ දැරූ බව සත්‍යක්. මයියා මෙම ලීපිය මගින් එවන් කොන්දේසී සහිත යටත් වීමක් ගැන යුධ කටයුතු සදහා ප්‍රවීණයෙකුගේ මථය ගෙන හැර දක්වනවා. මීට අමතරව මෙම අදාල සිදූවීම සම්භන්ද නඩු විභාගයක් ශ්‍රී ලංකා අදිකරනයේ විභාග වෙනවා. එම නිසා මෙම සිදූවීම සම්භ්න්ධ තීරනයක් ගැනීමට තව කරුනු කාරනා අවශ්‍ය වෙනවා. එසේ තිබියදී, මෙම සිදුවිම සමිභන්ධ තීරනයකට එලභීමට,ඔබ කරන යෝජනාව පිලිගන්නේ කෙසේදයි මයියාට නම් ගැටලුවක්. ඒ මේවන් තීරන ගත යුත්තේ ෆැක්ට්ස් මත පදනම් වී බව මයියා විශ්වාස කරන බැවිනි.

    සිංහල හා දෙමල ජනතාව අතර ඔවුනොවුන් අතර අවිශ්වාසය, සැකය තවමත් පවතින බව මයියා ගේ හැගීමයි. ඔවුනොවුන් අතර සම්ගිය හා සහජීවන වර්ධනය වීම සදහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය දේයක්. මේ සදහා මයියා ගේ ප්‍රායොගික මැදිහත් වීමක් ඔබට පහත් බ්ලොග් පි‍ටුවෙන් දැක ගත හැකි වේවී.
    http://maiyyagelokaya.blogspot.com/2010/07/o-2.html

    කෙසේ නමුත් වෛරයේ ගිනිදැල් වලින් පෙලෙන ඩයස්පෝරාවේ අවශ්‍යතා පිරිමැසීම මේ සදාහා මාර්ගය නොවන බවත් මයියා මතක් කරන්න කැමතියි.

    අවසාන වශයෙන්, ඔබ මයියා ට ජාතිවාදියෙකුයි චෝදනා කර තිබුනා. මේ ලිපිය මගින් ජාතිවාදයට හේතුවන කිසියම් වැකියක් හෝ අදහසක් තිබේ නම් ඒය මයියා හට පෙන්වා දේන ලෙස කරන ලද කාරුනිකා අරාධනය ඔබට මග හැරී ගියා යැයි මයියා ට හිතෙනවා. ඔබ එල්ටිටීඊ සංවිධානය බදු දරුණු ත්‍රස්ත්‍රවාදී සංවිධානයක ට පවා දක්වන මානුශිකත්වය,කරුණාව මයියා ඉතා අගය කරනවා, ඔබ්ට වෙනස් මථයක් දැරු පමණින් මයියා ට ජාතිවාදියෙක් කියා පහත් කර ඇමතීමේදිත් ඔබගේ එම මානුශික ගුණාංග ඒ අකාරයෙන්ම ඉස්මතු උනා නම් , කොච්චර නම් අගේ දැයි මයියා ට සිතෙනවා.

    ReplyDelete
  21. well said mayya. hats off...

    http://www.asiantribune.com/news/2011/07/27/unicef-blows-out-hype-exaggerated-civilian-deaths-sri-lanka

    ReplyDelete

2222