Tuesday, 5 March 2013

බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....


මචං පොඩි කේස් එකක් තියෙනවා ....අපි පොඩ්ඩක් ඒක ගැන කථා කරමුද? මේක මේ ගෝලීය උණුසුම කියලා සීන් එකක්.....


'ගෝලීය උණුසුම'... මොකක්ද ඕයි මේ.....?

'ගෝලීය උණුසුම ඉහල යාම' ( Global Warming) ලෙස සාමාන්‍යයෙන් විස්තර කරන්නේ පෘතුවි මතුපිට  උෂ්ණත්වය අංශක කීපයකින් ඉහල යෑමටය. සාමාන්‍යයෙන් පෘතුවි මතුපිට උෂ්ණත්වය වසර බිලියන් 4.5 පමණ වූ එහි  ඉතිහාසය හා සසදන කල කවදාවත් නියතව තිබී නැත.

වසර බිලියන් 4.5 වූ පෘතුවියේ වයස හා සසදන කල, මානව ඉතිහාසය වසර ලක්ශ 2 ට වඩා ඉපැරණි නොවේ.මෙයිනුත් ශිෂ්ඨාරගත ඉතිහාසය අවුරුදු 8000ට වඩා ඉපැරණි නොවේ.මේ කාල සීමාව තුල ගෝලිය උෂ්ණත්වයේ සැලකිය යුතු විචලනයක් අපේක්ෂා නොකරයි. නමුත් කාර්මික යුගයේ සිට බහුලව සිදු කරනු ලැබු 'පොසීල ඉන්ධන' දහනයත් සමග වායුගෝලයට නිකුත් කෙරුනු කාබන්ඩයොක්සයිඩ් වායුව හේතු කර ගෙන ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1-4 අතර ප්‍රමාණයකින් ඉහල ගොස් ඇතැයි කියැවේ. ' ගෝලීය උණුසුම ඉහල යාම' ලෙස වර්ථමානයේ ඉතා පුලුල් ලෙස සාකාච්චාවට ගැනෙන්නේ මේ සංසිද්ධිය ය.

පොඩ්ඩක් රස්නේ දැනුනම් මොකද ඉතින්..ඒච්චර දගලන්න දෙයක් නෑනේ මචං....?

ගෝලීය උණුසුම හුදෙක් අප වටා ඇති පරිසරය උණුසූම් වීම නිසා දැනෙන අපහසුවක් ලෙස ලඝු කර නොසැලකිය යුතුය. එය ඊට වඩා ඉහල, වඩා සංකීර්ණ වූ තවත් ප්‍රශ්ණ ගණනාවක මූලාරම්භය ය. උදාහරණයක් ලෙස ගෝලීය උෂ්ණත්වයේ සිදුවන අංශක කීපයක වෙනසක් නිසා උවද, ලෝකය පුරා වර්ශාපතන රටාවන් වෙනස් වීමට,  සුළං රටා වෙනස් වීමට, මුහුදු රල රටා වෙනස් වීමට, අයිස් කදු දිය වී මුහුදු මට්ටම් ඉහල යාමට හේතූ වේ.

උදාහරණයක් ලෙස වසර කීපයකට පෙර ඉතා ජනප්‍රිය වූ 'The Day After Tomorrow' චිත්‍රපටියෙන් පෙන්නුම් කලේ ගෝලීය උණුසුම ඉහල යාම නිසා සාගර රල රටාවක් වෙනස් වී උතුරු අර්ධගෝලය ක්ශණිකව අයිස් යුගයකට පත් වී මානව ශිෂ්ඨාචාරය අනතුරකට ලක් වීමේ කථා පුවතකුයි. උතුරු ආත්ලාන්තික් දෝලනය ( North Atlantic Oscillation)  ලෙස හදුන්වන, වර්තමානයේ පවා විද්‍යාත්මකව අදුනා ගත් සාගර රල රටාවක්, ගෝලීය උණුසුම නිසා නතර වී, එමගින් උතුරු අර්ධගෝලය අයිස් යූගයකට යෑම චිත්‍රපටියේ ඉදිරිපත් කරයි.



ගෝලීය උණුසුම හා බැදුනු තවත් ඉතා ජනප්‍රිය කතිකාවක් වන්නේ මුහුදු මට්ටමේ සිදුවන ඉහල යාමයි. ආක්ටික්, ඇන්ටාර්ටික්, හිමාල ආදී ග්ලැසියර, හිම කදු දියවීම නිසා මුහුදට එක් වෙන අතිවිශාල ජල පරිමාවත් සමග මුහුදු මට්ටමේ ඉහල යෑමක් අපේක්ශා කරන අතර මාලදිවයින , ලංකාව බදු දූපත් රටවල් මෙමගින් විශාල අනතුරකට ලක් වීමට ඉඩ ඇතයි පැවසේ.





හරි බං ඔය ඕක පොඩ්ඩක් රත්වෙන්න පටන් අරං ඊට පස්සේ ඕක හරි යයි...ඒච්චර කලබල වෙන්න එපා.....

ගෝලීය උණුසුම් වීමට පටන් ගැනීමේ මූලීකම අවදානම එය පටන් ගත්හොත් එය ක්‍රමක්‍රමයෙන් වැඩි වීමයි. මේවා ෆීඩ් බැක් (Feedback)  ලෙස හදුන්වයි.

උදාහරණයක් ලෙස හිම කදු ග්ලැසියර් මගින්, පොලොවට පතිත වන හිරු කිරණ වලින් සැලකිය යුතු ප්‍රමානයක් නැවත පරාවර්තනය කරනු ලබයි. එම නිසා පොලොවේ රත් වීම ලෝකයේ ඇති ග්ලැසියර මගින් අඩු අගයක පවත්වා ගනියි. නමුත් වර්තමානයේ අත් විදින හිම කදු දිය වී යෑම නිසා මෙම ක්‍රියාවලිය අඩාල වී වැඩි තාප ප්‍රමාණයක් පොලොවේ තබා ගැනීමට හේතූ වේ.එමගින් පෘතුවිය තව තවත් රත් කරනු ලබයි.




තවත් මෙවන් උදාහරණයක් වන්නේ වායුගෝලයේ ඇති ජලවාෂ්ප ප්‍රමානයයි. ගෝලීය උණුසුම වැඩි වීම නිසා සාගර හා අනිකුත් ජලතඨාක මගින් වැඩි ජල පරිමාවක් ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක් කරයි. වායුගෝලයේ ඇති ජල වාශ්ප ද, කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්ම පොලොව රත් කිරීමට උදව් දෙයි. එම නිසා උණුසුම තව තවත් වැඩි වේ.


හරි හරි දැන් ඔය කේස් එක හින්දා ලංකාවේ අපට මොකක්ද වෙන්නේ...?

ගෝලීය උණුසුම ඉහල යෑම නිසා වර්තමානයේ අපට දැනෙන විශාලතම වෙනස නම් වර්ෂාපතන හා සෘතු රටා වෙනස් වීමයි. ලංකාවේදී අපට වර්තමානයේ නිතර නිතර අත්වීදීමට ලැබෙන අධික වර්ෂාපතනයන් හා ගංවතුර, අධික නියඟ කාලයන්  ගෝලීය උණුසුම ඉහල යෑම නිසා අපට අත්විදීමට ලැබෙන ආසන්නතම උදාහරණය. පිටරටවලදී නම් දිර්ඝ ශීත කාල, අධික උණුසුම් කාල සිමා ගෝලීය උණුසුමේ අතුරු ඵලයන් ලෙස වර්තමානයේ අත් විදී.

සුලි සුලං ඇතිවන වාර ගණන වැඩි වීම, එම සුලිසුලං වල සැඩපරුශ බාවය වැඩි වීමද ගෝලීය උණුසුම වැඩි වීමත් සමග ඉහල යනු ඇතැයි අපේක්ශා කෙරේ.



කොටින්ම කිවහොත් ගෝලීය උණුසුම ඉහල යෑම නිසා සිදු වී ඇති වඩාත්ම ඇඟට දැනෙන දේ නම් ස්භාවික විපත් ඉහල යාමයි.

ස්භාවික විපත් ඉහල යෑම නිසා සිදුවන ඊලග වැදගත්ම කාරණය නම් ආර්ථික  හා සමාජ හානියයි. උදාහරනයක් ලෙස අධික  ජල ගැලීම් නිසා කෘෂිකාර්මාන්තයට වෙන හානිය හා ජනතාව අවතැන් වීම අද ඉතා සුලභ හා සාමාන්‍ය සිදූවීමක් බාවට පත් වී ඇත.

මේ නිසා ලංකාවේ ආර්ථිකයට වන බලපෑම ඉතා ඉහලය.  ගෝලීය උණුසුම ඉහල යෑම නිසා ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ආර්ථිකයට වන බලපෑම 25% වඩා අධික  බව සාමාන්‍ය මතයයි...




හරි මචං කේස් එක ජෙනුයින්...දැන් කාවද ඕකට අල්ලගන්නේ.....ගේම ඉල්ලන්න ඕනේ කාගෙන්ද?

ගෝලීය උණුසුම වැඩි වීමට ප්‍රධාන ලෙසම හේතූ වන්නේ  පෝසීල ඉන්ධන එනම්  ඩීසල්, පැට්‍රල්, ගල් අගුරු ආදී කාබන් අඩංගු ඉන්ධන දහනයයි. ඒ අරුතින් ගත් කල  වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීමට අප සියල්ලම දායක වෙයි.

කෙසේ නමුත් කාර්මික විප්ලවය අවධියේ යුරෝපයේ කාර්මික රටවල් වායුගෝලයට නිදහස් කරන ලද අති වීශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්තමාන ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියේ ආරම්භයයි. එසේම වර්තමානයේ ශ්‍රීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබමින් සිටින ඉන්දියාව හා චීනය අති විශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලය වෙත නිදහස් කරමින් පවතී.

කෙසේ නමුත් වර්තමාන ලෝකයේ  වැඩියෙන්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන්නේ ලෝකයයේ ආර්ථික බලවතා වන ඇමෙරිකාවය.

ලෝකය දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් ලෙස බෙදා දක්වතොත් , වර්තමාන්යේ ලෝකයේ ස්භාවික සම්පත් වලින් 80% ක් පරිහරණය කරන්නේ ලෝක ජනගහනයෙන් 20% ක් වූ දියුණු රටවල ජනතාවය. ඉතිරි 80% වූ දියුණු වෙමින් පවතින රටවල දුප්පත් ජනතාව පරිහරණය කරන්නේ ලෝකයේ ඇති 20% පමණ වූ ස්භාවික සම්පත්ය.

ඒ නයින් බලන කල 20% ක් වූ පොහොසත් රටවල් ලෝක කාබන් දහනයට 80% දායක වන අතර ඔවුන්ගේ ඒක පුද්ගල කාබන් දහනය ඉතා ඉහලය. වැඩිම එක පුද්ගල කාබන් දහනයක් ඇත්තේ ඕස්ට්‍රේලීයානුවගෙන්ය.

මෙම විශමතාවය දියුණු වෙමින් පවතින රටවල අභ්‍යන්තයේදීද  වෙන්ව දක්නට ලැබේ. මේ රටවල දුප්පතුන් යනු දුප්පතුන්ගෙත් දුප්පතුන්ය.

Source: (WB, 2010)

ඉතිං  මචං.......


මානව ඉතිහාසය පුරාම ගැ‍ටුම්, යුද්ධ බොහොමයක් ඇති වී ඇත්තේ ස්භාවික සම්පත් බෙදා ගැනීම උදෙසාය. වර්ථමානය වන විට ස්භාවික සම්පත් දිනා ගැනීමට අමතරව ගෝලීය උණුසුම් වීම පාලනය කිරීමද මෙම ස්භාවික සම්පත් දිනා ගැනීමේ සටනේ එක අංගයක්ය.

උදාහරනයක් ලෙස චීනයේ හා ඉන්දීයාවේ පාපැදියෙන් අද වැඩට යන ශ්‍රමිකයා හෙට දිනයේ මොටො බයිසිකලයෙන් වැඩට යෑම ලෝකයේ ජීවත් වෙන අප සැවෝටම ප්‍රශ්ණයකි. ඔවුන් නිකුත් කරන කාබන් නිසා ගෝලීය උෂ්නත්වය ඉහල යයි. එය දියුණු රටවල ජනයාට කාබන් නිකුත් කිරීමට තියෙන හැකියාව තව තවත් සීමා කිරීමට හේතු වෙයි.

අද දවසේ බොහෝ දේශපාලන තීන්දු තීරන ගැනෙන්නේ ස්භාවික සම්පත් කොල්ල කා ගැනීම උදෙසා පමනක් නොවේය. ස්භාවික සම්පත් පාවිච්චි කරන ඔලු ගෙඩි ගණන සීමා කිරීමද ( උපත් පාලනය,යුද්ධය ), ස්භාවික සම්පත් භාවිතා කිරීමට ඇති හැකියාව ( පෝසත් වීම)  අවම  කිරීමද නූතන යටත් විජිත දේශපාලනයේ නව මානයන්ය.


22 comments:

  1. අපි මොන දේ කථා කරගෙන ගියත් අවසානය දේශපාලය වෙයි.රටක් පාලනය කරන්න දේශපාලනය විතරමද තියෙන්නේ?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අනේ මේ! නොදන්න
      දේවල් දොඩවන්නෙ නැතුව යනවකෝ.

      Delete
    2. ස්තූතියි ගයනි අදහසට....අවාසනාවකට උනත් පරිසරයටත් දේශපාලනය සම්භන්දයි....අද ගොඩක් ජාත්‍යන්තර ආයතන වල පොලිසි ඩිශිෂන්ස් පදනම් වෙන්නේ දේශපාලනය මතයි...පරිසරය එහි කොටසක් වගේම සමහර විට පරිසර ප්‍රශ්ණ මත පදනම් වෙලත් දේශපාලන තින්දු ගැනෙනවා...

      @ ඇනෝ

      පොඩ්ඩක් හිත නොරිදෙන විදිහට කරුනු පැහැදිලි ක්ලොත් තමා හොද නේද?

      Delete
  2. තේරෙන්නෑ.............

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පුලුවන් තරම් සරලව තමයි උත්සහ කලේ..මොනා උනත් මේවා රොකට් සයන්ස් නෙමේ :)

      Delete
  3. ඔබතුමාගේ ලිපිවල හරිම විවිධත්වයක් තියෙනවා...ඒ වගේම ආවාට ගියාට ලියන්නේ නැති බවත් ඒ ලිපි වල අන්තර්ගතය ගත්තම තේරුම් යනවා...ඔබතුමා වැනි බ්ලොග්කරුවන් මුලු සිංහල බ්ලොග් අවකාශයටම සම්පතක්...

    ReplyDelete
    Replies
    1. අනේ බං මෙච්චර කරදර වෙලා පෝස්ට් දාන්න එපා බං..........ඔය කක්කා, පඩ , චූ කථාවක් ලියාගෙන හිට්ස් ටිකක් දා ගෙන කොමෙන්ට් ටිකක් හිගා කාගෙන හිටපං.....අර මාලන් කියනවා වගේ මුන්ට මේවා ලියලා වැඩක් නෑ....

      Delete
    2. @ බොත් ඇනෝ;

      ස්තූතියි ලිපියේ වැදගත් කමක් දැක්කට........හිට්ස් කොමෙන්ට් ගැන මම සැලකිලිමත් තමයි..ඒත් ඒ දෙක මතම මං ලියන දේ තීරණය වෙන්නේ නෑ...කොහොමත් වැඩි කියවන්නන් පිරිසකට යෑමට මම සෑම විටම උත්සහ කරනවා...

      Delete
  4. වැදගත් ලිපියක් මයියා... හැමෝටම වැදගත්...

    ReplyDelete
  5. ගෝලීය උණුසුම ගැන කතාබහ අඩු මොකද කියල දන්නවද?
    අංක එක කවුරුත් හිතන්නෙ "ඕක අපිට විතරක්යැ" කියල.
    අංක දෙක ප්‍රශ්නයට වැරදිකාරය කියල ඇඟිල්ල දික්කරන්න කෙනෙක් අපිට නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් කියන එකේ ඇත්තක් තියෙනවා

      ඉස්සර යුරෝපීයන් අපේ රට ආක්‍රමණය කලේ අපේ සම්පත් කොල්ල කා ගෙන ඉන්දිය්යනු වෙරලේ බලය තියා ගන්න...ඒත් අපට එගොල්ලන්ගේ අරමුනු හරියට පෙනිලා නෑ..ඒක හිනදා අපේ අභ්‍යන්තර ආරවුල් වලට වැඩි අවධානයක් යොමු කලා...මයික්‍රො සි‍ටුවේශන එක ගැන මිසක් මැක්‍රො සි‍ටුවෙශන් එක ගැන අපේ අවධානය අඩුයි...කොටින්ම කිව්වොත් අපි දකින්නේ අපේ රටේ පොඩි චිත්‍රය විතරයි...ඒත් ලොකු චිත්‍රයේදි බල අරගලය යන්නේ වෙනත් අරමුනු උදේසායි....

      Delete
  6. අන්තිම ඡේද තුන තමා වටින සමරිය!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම කථා කරන්න ඔනේ උනේ අන්තිම ඡේදයේ තියෙන ඒවා ගැන තමයි..ඒත් මගේ අත්දැකීම අනුව ග්ලොබල් වොර්මින් ගැන අපේ අය දන්නවා අඩුයි...අන්තිමේදි ලියැවුනේ ඒ ගැන ලිපියක්..කියන්න ගිය දේ අන්තිම ටිකේ අමුවෙන්ම කියලා දැම්මා ;)

      Delete
  7. ගෝලීය උණුසුම් වෙන කථාව බොරුවක් කියලත් කියනවා නේද? දැනට අත්විදින උණුසුම ස්භාවික ක්‍රියාවලියක් කියලත් අදහසක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.....

      මීට අවුරුදු 7 -8 ට උඩදිත් ගෝලීය උණුසුම ගැන ස්කෙප්ටික් අදහස් තිබ්බා...නමුත් 2009 එක්සත් ජාතීන්ගේ අයි පී සී සී එක නිල වශයෙන් පිලිගත්තා මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලිය්ය උශනත්වය අවම වශයෙන සෙල්සියස් අංශක 2 -3 අතර ගණනකින් ඉහල ගිහින් කියලා..

      ඊට අමතරව ගොලීය උණුසුම් වීම ගැන ඕනේවටත් වඩා සාදාක තියෙනවා...සතුන්ගේ සංක්‍රමන රටා වෙන්ස් වීම...මුහුදේ කාබන්ඩෞඔක්සයිඩ් ප්‍රමානානය වෙන්ස් වීම , ඝර්ම කාලාපයේ පැතිරීම මේ වා ගැන ඕනතරම් අධ්‍යනය කරලා තියෙනව...එක හිනදා වර්තමානය් වන විට ගෝලීය උණුසුම වැඩී වීම කියන එක බහුතර හා සාධණීය මතය වෙලා තියෙනවා..


      Delete
  8. Short-කතා: Global Confusion

    ඉහත කතාව ලියන සමයේ [පල කරන ලද්දේ පසුවයි] ලෝක වෙළඳ පොලේ තෙල් බැරලය ඩොලර් සීය පසු කොට නොතිබූ අතර, එවැන්නක් කවදා හෝ සිදු වී මහත් ආර්ථික අර්බුදයක් ඇති වේ යයි බොහෝ දෙනා වාද කරමින් උන්හ.

    ReplyDelete
    Replies
    1. අයිස් කදු දියවීම පොසිටිව් ෆීඩ්බැක් එකක්...ඒත් ග්ලෝවල් වොර්මින් සම්භන්ද මිස්කන්සෙප්ට් බොහොමයි..සූජීව ලස්සන්ට ගලපලා තියෙන්නෙත් ඒ වගේ මිස්කන්සෙප්ට් එකක්......

      Delete
  9. පරිසර ප්‍රශ්ණයයි, පරිසර සංවිධානයි කියන්නේ එකක් නෙවේ දෙකක්...සමහර පරිසර සුරකීමේ සංවිධාන වලට ඔනේ හිගන්නගේ තුවාලේ වගේ පරිසර ප්‍රශ්ණ විකුණ ගෙන කන්න. සමහර විට පරිසර සු‍රැකීමේ සංවිධාන හදන්නේත් පරිසරය විනාශ කරන්න හදන අයම තමයි. තීරණාත්මක අවස්ථාවේදී පරිසර සු‍රැකීමේ සංවිධානය පරිසරය විනාශ කරන අයගේ පැත්ත ගන්නවා...

    ගෝලීය උණුසුම ගැන ලෝකේ හැමතැනම කථා වෙන දෙයක්....ඒ ගැන කථා කිරීම ගැන මයිය ට ස්තූතියි.... වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පරිසර ප්‍රශ්ණයි පරිසර සංවිදානයි කියන්නේ දෙකක්..සමහර පරිසට සංවිධාන වලට උවමනා මේ ප්‍රශ්නය හැකි තරම් ව්‍යාකූල කරන්න හා ගෝනී බිල්ලන් මවන්නයි........ඒකෙන් වාසිය ගන්නේ සභාවික සම්පත් අත්පත් කර ගන්න මාන බලන කට්ටියම තමයි...උඩ තියෙන සුජීව ලියලා තියෙන්නෙත් ප්‍රශ්ණය ව්‍යාකූල කර ගත්හ්ට පොරකගේ කතන්දරය තමයි....

      Delete