අනීර්ණය කියන්නේ ගණිතයේ එන වචනයක්. ඒත් සරලව කියනවා නම් 'නිර්ණය කල නොහැකි' තේරුම දෙන වචනයක්..
රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil) කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ 'අනීර්ණය ලගයි' වගේ අදහසක්. පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Near
පරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදී ලස්සන තර්කයක් ගොඩ නගනවා. ඔහුපෙන්නන විදිහට පහුගිය වසර 50 ගත්තම, පරිගණක වල හැකියාව සෑම අවූරුදු 18 ට පාරක්ම දෙගුණ වෙලා තියෙනවා. මේ වේගයෙන්ම ගියොත් පරිගනක 2020 වෙද්දී එය මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය හා සමාන වෙන්න පුලුවන්.
මේ කථා පිලිගන්න සමහර අය කියන විදිහට මිනිස් මොලය, පරිගණක වලට ඩවුන්ලෝඩ් කරලා, මිනිස් මොලයටයි, පරිගණකයටයි එකට වැඩ කරන්නත් පුළුවන් දවසකුත් ඒවීලු. (මේ වැඩේ හරි ගියොත් නම් මිනිස්සු අමරණීය වේවී. සරීරයක් නැති උනත් මොලේ තියෙන හින්දා මිනිස්සුන්ගේ මරණය කියන එක තේරුමක් නැතිව යාවී... අතාත්වික පරිගණක ලෝකයේදී මිනිස්සු තමන් කැමති දේවල් ඒ ආකාරයේන් ලබා ගනිවී..)
මේ කියන විදිහට මිනිස් මොලයයි, පරිගණකයයි එකට වැඩ කරන්න ගත්තොත්, කලින්අවුරුදු දහ අටක් ගිය වැඩේ, ඒ කියන්නේ අර පරිගනක ක්‍රියාකාරිත්වය දෙගුණ වෙන්න ගිය කාලේ තවත් අඩු වේවි..ඔහොම අඩු වෙලා... අඩු වෙලා... කවදා හරි දවසක, ඒ කාලේ බින්දුවට අවෝත් , අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි..ඒ කියන්නේ තත්පරයක් ගත්වෙන්නත් කලින් අපි (පරිගණක් -මිනිස් විඥාණය) හිටියට වඩා දෙගුණයක් ප්‍රබල වැඩි දියුණු පොරවල් වේවි..
පරිගනක , යන්ත්‍ර සූත්‍ර මිනිස්සුන්ව පහු කරලා මිනිස්සුන්ව යටත් කර ගන්න චිත්‍රපටි අපි ඕන තරම් බලලා තියෙනවා...මට බලෙන්ම බලන්න සිද්ධ වෙන, අපේ පොඩි එවුන් බලන කාටුන් වලත් මේ වගේ කථා ඕන තරම් තියෙනවා....
කොච්චර ප්‍රබන්ධ බලලා, කියවලා තිබ්බත්, ක්ර්ටස් මහත්තයගේ කථාව කියෙව්වම මට පොඩි තිගැස්සීමක් වගේ එකක් ආවා...මුළු කථාවම නැති උනත් ගොඩ දුරට වෙන්න පුළුවන් තත්වයක්....
පරිගණක කෘත්‍රිම බුද්ධිය (AI) ගැන සැක පහල කරන ගොඩක් අය කියන දෙයක් තමයි පරිගනක බුද්ධිය ට මිනිස් මොලයේ ඇති 'නිර්මාණශීලීත්වයට' ලඟා වෙන්න බෑ කියන කථාව. ඒත් ලෝක චෙස් ශූරයාව පරද්දන්න වගේම, අගනා සංගීත කණ්ඩ නිපදවන්නත් පරගණක බුද්ධියට පුළුවන් බව අළුත් කථාවක් නෙවෙයි.
ඒ මොනා උනත් මිනිස් මොලයක සෛලයක් කරන වැඩේ සිලිකන් කෑල්ලකට කරන්න පුලුවන් කියලා කියන්න මට තියෙන්නේ ලෝභ කමක්.... මිනිස් විඥාණය ඒච්චර ලේසියෙන් ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා මට හිතෙනවා...
මීට සියවස් ගානකට කලින් තිබ්බ විද්‍යාවේදි ,විඥාණය කියන එක ලොකු දෙයක් හැටියට ගනන් ගත්තේ නෑ....ඒත් පහුගිය දශක කීපයේදී විඥාණය කියන දේනොසලකා ඉන්න බැරි තරමට විඥාණය කියන දේ අපේ නිරීක්ශණ වලට කොච්චර බලපානවද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගිහිල්ලා තියෙනවා.....
කර්කස් මහත්තයගේ තර්කයේ මට පේන ලොකුම අඩුව මේ මිනිස් විඥාණය , ඇන්ඩ් නෝ ගේට්‍ටු වලින් ප්‍රතිනිර්මානය කරන්න පුලුවන් කියලා හිතන උපකල්පනය තමයි... ඒත් ඒ උපකල්පනය හරි නම්, ඒ මහත්තයා කථා කරන ඊලඟ සිදුවීම් ටික නම් සිදු නොවෙන්න තියෙන්නේ අඩුම අඩු ඉඩක්........
පින්තූර:
1.http://content.time.com/time/interactive/0,31813,2048601,00.html
2.http://htmlgiant.com/author-spotlight/seattle-author-spotlight-4-matthew-simmons/
මගෙ අප්පේ.. මේව ගැන හිතනකොට බයත් හිතෙනව බොල..
ReplyDeleteගෝනී බිල්ලෙක්.....
DeleteAI means everything.
ReplyDeleteAI මීන්ස් ආර්ටිෆිශල් ඉන්ටෙලිජන්ස් :)
Deleteමට හිතෙන්නේ මෙහෙමයි. තර්කානුකූල සියලු දේම පරිගණකයකින් කරන්න පුළුවන්. ඒත් මිනිස් විඥාණය හැමවිටම තාර්කික නැහැ. අපි හැම වෙලාවෙම කරන්නේ තාර්කික තෝරාගැනීමම නෙමෙයි. මට හිතෙන්නේ අන්න එතැනදි පරිගණකය ෆේල් වෙනවා.
ReplyDeleteඅර මයිනෝරිටි රිපෝර්ට් චිත්‍රපටියේ තියෙන්නේ... මිනීමැරුමක් සිද්ධකරන්න යන බවට කොච්චර තාර්කික හේතු සහ සාක්ෂි තිබ්බත්, එය අවසාන නිමේෂයේදී අතාර්කිකව වෙනස් කිරීමේ හැකියාව මිනිසාට තියනවා. ඒ හැකියාව පරිගණකයකට දෙන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි.
හැබැයි මෙහෙම දේකුත් තියනවා. මිනිසාගේ මොළයේ ක්‍රියාකාරිත්වය සම්පූර්නයෙන් අවබෝධකරගත්ත දවසක ඕක බැරිවෙන එකකුත් නැහැ. මොළයේ ක්‍රියාකාරිත්වය සිද්ධවෙන්නේ යාන්ත්‍රික/තාර්කික පදනමක් උඩනේ. එහෙම බැලුවහම මිනිසාගේ අතාර්කික බවටත් තර්කනයක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.
//ඇන්ඩ් නෝ ගේට්ටු// .... ඇන්ඩ් ඕ(ර්) ගේට්ටු?
මං කථාව ලිව්ව හේතුව තිසර ටච් කරනවා....
Deleteමිනිස්සුන්ගේ විඥාණය කියන්නේ හුදෙක් බාහිර ලෝකය සමග කරන තර්කානුකූල හෝ තර්කානුකූල නොවන දෙයක්ද...තර්කයට හෝ තර්කයට විරුද්ධව වැඩ කරන හැටි ගැන තියරියක් රටාවක් පෙන්වන්න පුළුවන්ද?
ආදරය වැනි හැගීම් හුදෙක් තර්කය,තමන්ගේ අත්දෑකිම් මත ඇතිවෙන්නක්ද?
ඇත්තටම සත්ව විඥාණය කියන්නේ හුදෙක් තාර්කික හෝ යාන්ත්‍රික ක්‍රියාවක්ද..නැතහොත් ක්‍රියාවක ප්‍රතිපලයක්ද?
//ඇන්ඩ් නෝ ගේට්ටු// .... ඇන්ඩ් ඕ(ර්) ගේට්ටු?
AND, OR , NOR, NAND etc...
තිසර @ මාත් ඔබේ අදහස හා එකගයි.
Deleteමේක අද්භූත දෙයක් වගේ පේන්නේ අපි අපේ මොළේ ක්‍රියාකාරීත්වය ගැන අතිශයෝක්තියක ඉන්න නිසා කියලා මට හිතෙන්නේ.අපි ගන්න තීරණ පරිගණකයක තීරණවලින් වෙනස් වෙන්නේ අපිට අපේ මොළයේ ගබඩා වෙලා තියෙන යම් අවස්ථාවකට අදාල හැම දත්තයක්ම විශ්ලේෂණය කර ගන්ඩ බැරි වෙන නිසා හෝ අමතක වෙන නිසා.
ReplyDeleteහැඟීම්වලට මුල්තැන දෙනවද එහෙම නැත්තං තර්කයට මුල්තැන දෙනවද කියන එක ගැන එක එක මිනිස්සු එක එක වෙලාවට එක එක දේවල් කියනවා.ඒ උනත් ගොඩක් වෙලාවට නිවැරදි තීරණය වෙන්නේ තර්කය මූලික කරගෙන ගන්න තීරණ නේද?
පරිගණකයට මේ කියන තර්ක මුල්ලික තීරණ ගැනීමේ හැකියාව තියෙනවා.නමුත් හැඟීම් ගැන අවබෝධයක් නැත්තේ මිනිස්සු ඒක පරිගණකයට කියලා දෙන්ඩ දන්නැති හින්දා මිසක් පරිගණකයේ අවුලක් නෙමෙයි නේ.
විචල්‍යන් ගොඩක් නැති සරල සිද්ධියකදී, තර්කය මත පිහිටලා ගන්න ගොඩක් තීරන හෛ යන්වයිකියලා මටත් හිතෙනවා...ඒත් සමහර සිද්ධි වල විචල්‍යන් වගොඩක් තියෙන්වා වගේම එම විචල්‍යන්වල හැසීරීමද අතිශය සංකීර්ණයි.....ඒ වගේ වෙලාවට අපි හැඟීමෙන් ගන්න තීරන හරි යන වෙලාවල් තියෙන්වා...
Deleteමේ හැඑගිම කියන්නෙයි, මං පිලියේ විඥාණය කියලා ලියලා තියෙන්නේ එකක්ද නැතිනම් දෙකක්ද කියන මට ටිකක් ගැටළුවක්....
පරිගනක වලට විඥාණා කියන දේ කියලා දෙන්න කලින් මිනිස්සුන්ට එක තේරුම කර ගෙන ඉන්න වේවී...එහෙම තේරුම ගත්තොත් ඒක ආගම් වල කියනවා වගේ නිවන, ස්වර්ගය හමු වීමක් වේවි කියලත් මට 'හැඟීමක්' තියෙනවා...........
මගේ නම් අදහස ඊටත් වඩා වේගයෙන් දියුණු වෙනවා.. නමුත් චිප් එකට මිනිස් බුද්ධිය අභිබවා යන්න බැරි වෙයි.. මිනිස් මොළයෙනුත් හිටපු ගමන් අළුත් අදහස් අළුත් සිතුම් පැතුම් බිහිවෙනවා. ඒ වගේම චිප් ඒකත් පිස්සු කෙලලා ඒ වගේම දේවල් වෙන්නත් පුළුවන්. හැබයි මම හිතනවා අපේ ජීවීත කාළය තුලදි හිතන්නවත් බැරි දියුණුවක් විද්‍යාවේ ඇති වෙයි කියලා..
ReplyDeleteමාතලන් බුද්ධිය කියලා කියන්නේ මං හිතාගෙන ඉන්න එකටම නම් , පරිගණකය ලෝක චෙස් ශූරයව පරද්දන කතාව මට මතක් කරන්න වෙනවා...තර්කානූකූලව වැඩ කිරීම අතින් නම් පරිගනකය දැනටම මිනිසා ට ලං වෙලා ඉවරයි නේද?
Deleteමනුස්සයගෙ සිතිවිලි දෙ ආකාරයි.. එකක් හැඟීම්.. අනිත් එක බුද්ධිය මෙහෙයවන සිතීම්.. හැඟීම් වලට අපි හුඟක්වෙලාවට කියන්නෙ හදවත කියලයි.. ඒ නිසානෙ හදවතට ඉඩ නොදී බුද්ධියට ඉඩ දෙන්න කියල කියමනක් තියෙන්නෙ. කොහොම උනත් මනුස්ස වර්ගයාගෙ තීරණ ක්‍රියා නිශ්චිත වෙන්නෙ මේ දෙකම සටනක යෙදිල එකක් පරාද උනාමයි.. උදාහරණයක් ගත්තොත් බුද්ධිය යොදල තාක්ෂණය දියුණු කරල ආයුධ හදල වෛරය නිසා එකිනෙකා මරාගන්නවා. කෝ බුද්ධිය එතන ? පරිගණකයකට කෝ හදවතක (හැඟීම් ?) ඔන්න වෙනස් වෙන තැන..
ReplyDeleteහදවත හා බුද්ධිය අතර ගැටුම්.....එක නිකං පවුලක් ගැණියි මිනිහයි ගැටෙනවා වගේ තමයි.....කථාවටත් කියන්නේ ගෑනූ හදවතිනුත් , මිනිස්සු බුද්ධියෙනුත් වැඩ කරන්වයි කියලනේ...
Deleteඅපේ කම්පියුටර්වලටම බ්ලොග් ලියාගෙන, කමෙන්ට් දාගෙන, FB ස්ටේටස් දාගෙන, Like කරගෙන ඉන්න කියලා අපිට වෙන පොතක් කියවනවා වගෙ වැදගත් වැඩක් කරගෙන ඉන්න ඇත්නම්...!
ReplyDeleteඔය වැඩ ටික කරන්න නම් පොඩි ඇල්ගොරිදම් එකක් ලියලා දෙන්න බැරි වෙන එකක් නෑ :)
Deleteකොයි තරම් වෙනස් වුනත් මිනිස් මොළයට සමාන කරන්න කිසිම දෙයක් නම් බිහි නොවේවි කියන එකයි මට නම් හිතෙන්නේ..
ReplyDeleteඅන්න..හැඟීමක් තීයෙන මිනිස්සු
Deleteමම කැමතියි හැම දෙයක්ම කම්පියුටරයට බාරදීලා...ආතල් කියන බට්න් එකේ කන්ට්‍රෝල් එක විතරක් මගේ ගාව තියාගන්න :D
ReplyDeleteතීරණ, අදහස්, තර්ක විතර්ක සහිත වෙහෙසකර දිගු ගමනකට පස්සේ එහෙම හිතන එක සාධාරනයි මට හිතෙන්නේ.
හෙ හෙ......ආතල් බට්න් එක වෙනුවට මං කැමතියි එතැනට ජෝයි ස්ටික් එකක් තිබ්බා නම් :)
Deleteපාර්ලිමේන්තුවට ඔහොම පරිගණක ටිකක් යවන්ඩ පුළුවන් නම් මම කැමතියි. එතකොට දුෂණ වංචා වෙන එකක් නැහැ.
ReplyDeleteමිනිස්සු ක්‍රම ලේඛන ලියන එක වෙනුවට පරිගණක විසින්ම තමන්ට වඩා සුපිරි පරිගණක හදන කාලයකුත් එන්ඩ පුළුවන්. හැබැයි ඒකට නම් මම අකමැතියි. මට මගේ ජොබ් එක නැතිවෙන නිසා :D
//මිනිස්සු ක්‍රම ලේඛන ලියන එක වෙනුවට පරිගණක විසින්ම තමන්ට වඩා සුපිරි පරිගණක හදන කාලයකුත් එන්ඩ පුළුවන්.//
Deleteබය වෙන්න එපා ඒ කාලේ වෙන කොට ජොබ් කරන්න ඕනේ වෙන එකක් නෑ.....දිරාපත් වෙන අපේ ඇග අත ඇරලා මොලේට වයර් එකක් ගහගෙන් වර්චුවල් ලෝකේක් වර්චුවල් පවුලක් එක්ක අමරණීයව ජිවත් වෙන්න පුලුවන් වේවී....:)
ඒ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවද අයියේ.? එයාගේ පොත් ගොඩක් භාෂා වලට පරිවර්තනය වෙලා තියෙනවා . මට කියවන්න ලැබුණ එක පොතක් කීප සැරයක් කියෙවුවා එක දිගට ඒවා ඒ තරම් තිගැස්සෙන සුළුයි.
ReplyDeleteමං විශ්වාස කරනවා දවසක මනුස්සයට පිස්සු හැදේවි.. මහා හිස් කමක් දැනේවි. තර්කන හැකියාව අතින් පරිගණකය මිනිසා සමානව ම ඉන්නවා. හැගීම් කියනදේ සහ හදවතට ඉඩදෙන එක කොහොමටත් දැන් මිනිහා ගාවත් නැහැනේ ඒ නිසා අපි බලපු කාර්ටුන් වල සහ චිත්‍රපටි වල වගේ මිනිස්සුන්ට දවසක වහල්ලු වෙන්න වෙයි. ඊට පස්සේ ආයෙමත් කැරකිලා මුලට එන්න වෙනවා.. සෑම අවසානයක්ම කෙලවර පටන් ගැන්මක්.තියෙනවා
මං දන්න විදිහට නම් පොතේ සිංහල පරිවර්තනයක් නෑ......ඒත් පොත ලියලා ගොඩක් කල් හින්දා මේකේ අදහස් නම් වෙන වෙන අය අරගේන තියෙන්න බැරි කමකුත් නැති වේවී....
Delete//සෑම අවසානයක්ම කෙලවර පටන් ගැන්මක්.තියෙනවා//
සෑම දේකටම හේතුවක් තියෙනවා වගේ සෑම් සිදූවීමක්ම තාත් සිදුවීමටකට හේතුවක් වෙනවයි කියන දර්ශනය ගැනද මේ කතා කරන්නේ....
මම හිතන විදියට පරිගණක බුද්ධිය දැනටමත් මිනිස් බුද්ධියට වැඩ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. මොකද කිව්වොත් සංකීර්ණ ගානක් මිනිහෙකුට සහ පරිගනකයෙකට දුන්නොත් මිහිසාට යන වෙලාවට වඩා දාහෙන් පංගුවක වේගෙන් පරිගණකය ඒ ගැටලුව විසදනවා. නමුත් මට මම යැයි කෙනෙක් පවතින බවට දැනීමක් තියෙනවා. සියලුම මනුෂයන්ට වගේම සියලුම සත්වයන්ටත් එය එසේම තියෙනවා. මම පිළිබද දැනීමට කියන්නේ විඥාණය කියල. එය එසේ උනාට පරිගණකයකට කවදාවත් පරිගනකක් ඇති බව පිළිබද දැනීමක් ඇතිවෙන්නේ නෑ. මෙහි ඇති හාස්‍ය ජනකම කරනවා නම්, පරිගණකයට විඥාණයක් ඇතිවෙනවා නම් බුදුදහමට අනුව පරිගනකයකටත් නිවන් දකින්න පුළුවන් වීමයි.
ReplyDeleteවිඥාණය කියන දේ විද්‍යාවේ මුල් කාලේදි අත ඇරුණ දෙයක්....ඒත් දැන් එහෙම නෑ....විඥාණය ප්‍රතිනිර්මානය කරන්න පුළුවන්ද කියන ඒක ගැටලුවක් තමා....ඒත් අවසාන නිගමනය දෙන්න තරම් කරුණු කාරණා සරල නෑ කියලා මට හිතෙනවා......
Deleteමේ ටෙඩ් දේශනය අහම්බෙන් දැක්කම මට මේ පෝස්ට් එක මතක් උණා. Robots with soul
ReplyDelete