Wednesday, 7 July 2010

සිංහලයා ගේ ලේ පාරිශුද්ධ ද?-3 කොටස

මයියා මීට පෙර ලියන ලද "සිංහලයා ගේ ලේ පාරිශුද්ධ ද?-2 කොටස" ලිපිය, මයියා හොදින් දන්නා, මයියා ඉතාමත් අගය කරනා පුද්ගලයෙකු ගේ අවධානයට යොමු කලා. ඔහු පුද්ගලයකු ලෙස සාධාරණ, ඉගෙනීමක් ඇති යමක් විශ්ලේෂණය කර තීරණයකට එළඹෙන පුද්ගලයෙකි. නමුත් මෙම ලිපිය කියවා අවසානයේ ඔහු කියා සිටියේ මේය විය නොහැකි බවත් එම ලිපියේ අඩංගු මුලාශ්‍ර වැරදිය හැකි බවත්ය. (මෙය ඩිනයලිසම් තත්වයදැයි මයියාට වරෙක හැගී ගියා. http://en.wikipedia.org/wiki/Denialism)

ඔහුගේ මෙම ප්‍රතිචාරය මයියා බලාපොරොත්තු වුවකි.මයියාට හැගී යන පරිදි සිංහලයා තුල දෙමලා කෙරෙහිද, දෙමලා තුල සිංහලයා කෙරෙහිද කිසියම් අකමැත්තක් හෝ අවිශ්වාසයක් එකිනේකා තුල පවතිනවා. මෙම හැගීම බොහෝ විට තමන්ගේ සිතෙහි නොදැනුවත්ව අතිවෙන්නක්. බොහෝ අය මෙම හැගීම මැඩපවත්වාගේන අනෙක් ජාතිකයා කෙරෙහි කටයුතු කලත් මෙම හැගීම් යම් තරමකට හෝ ඔවුන් තුල ඇතැයි මයියා විශ්වාස කරනවා.

මයියා කියන මෙම එකිනෙකා කෙරෙහි ඇති අකමැත්ත හි ආරම්භය ගැන, එයට හේතු වූ කරුණු ගැන ,මෙයට වගකිවයුතු අය ගැන විවිද අය හට විවිද හේතු තියෙනවා. උදාහරණයක් ලෙස අතැමුන් මෙය සුද්දා පිට පටවන අතර, ඇතැමුන් මෙය 50 දශකයේ දෙමල දේශපාලකයන්ට ද තවත් ඇතැමුන් සිංහල දේශපාලකයන් පිටද, තවත් සමහරුන් ඉතිහාස ග්‍රන්ථ මතද පටවා කථා කරනු මයියා අසා තිබෙනවා. මයියාට මගහැරුනු හෝ මයියා අසානැති තවත් හේතු ද තිවිය හැකියි. හේතුව කවරක් වුවද වර්තමානයේ මෙම අවාසනාවන්ත හැගීම සිංහල, දෙමල බහුතරයක් තුල තිබෙන බව මයියා විශ්වාස කරන්නක්.

30 වසරක යුද්දය නිමා කර වර්තමානයේ සිංහලයාත්, දෙමලාත් කිසියම් සංදිස්ථානයකට පිවිස තිබේනවා. ඒ තවදුරටත් මයියා ඉහත කී අවසනාවන්ත හැගීම වර්ධනය වන අකාරයට ක්‍රියා කරනවාද , නැතහොත් එම හැගීම සමනය වන අකාරයට ක්‍රියාකරන්වාද යන්නයි.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බොහෝ දෙනා මෙයට දෙන පිලිතුර නම් මෙම අවසනාවන්ත හැගීම සමනය කල යුතුයි යන්න මයියා ගේ ව්ශ්වාසයයි. උදාහරණයක් ලෙස සිංහල ජාතික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන චම්පික මහත්තයගේ මැතකදී පල කරන ලද "ඉදිරි දැක්ම 2010" කෘතියට අනුව අශ්චර්වයේ දස පියවර ලෙස ඔහු "දේශපාලන ක්‍රෝධය, වෛරය, අගතිය වෙනුවට සම්මුතිය හා සහජීවනය ගෙන ආ යුතුය" යන කරුණ ඇතුලත් කර තිබෙනවා.

එසේ නම් ,දැන් ප්‍රශ්ණය වනුයේ මෙය කල හැක්කේ කෙසේද යන්නයි. මේ පිලිබදවද විවිද අදහස් මතුවනවා. මේ මතුවන පිලිතුරු අතරේද බේදුම්වාදයට හේතුවන අදහස්ද, සිංහල අධිපතිවාදය දෙමලා මතපටවෙන අදහස්ද, ප්‍රශ්ණය ආර්ථික ප්‍රශ්ණයකට ඌනනය කර විසදන අකාරයේ උත්තරද මතු වී තිබෙනවා.

මයියා කරන යෝජනාව නම් මේයට උත්තරය සැග වී ඇත්තේ බෞද්ධ චින්තනය මත බවයි. ඒ අතිවිශිෂ්ඨ දර්ශනය පදනම් කරගේන මේයට පිලිතුර දීමේ ඓතිහාසික වගකීම පැවරී ඇත්තේ කා මතද? මයියා විශ්වාස කරන අන්දමට මෙම වගකීම පැවරී ඇත්තේ විවිද අඩු ලුහුඩුකම් සහිතව වුවත් මෙතුවක් කල් බුදුදහමේ වටිනාකම වෙනුවෙන් ශ්‍රී ලාංකීය දේශපාලනය මත පෙනී සිටි ජාතික ව්‍යාපාරය මතය. මේ සදහා ජාතික ව්‍යාපාරය තුල ස්ව්‍යං කතිකාවක්,ස්ව්‍යං විවේචනයක් අවශ්‍යය.

බෞද්ධ චින්තනය මත පදනම්ව උක්ත කී ප්‍රශ්ණය විසදීමේහිලා සිංහල ජාතික ව්‍යාපාරය දූරදර්ශීයව ගත යුතු මේ ඓතිහාසික, ව්ප්ලවීය තීරණ තීන්දු මත හෙට දවසේ ලංකාවේ අනාගතය ලියවී ඇති බව මයියා ගේ විශ්වාසයයි.

22 comments:

  1. මයියෝ,

    ඔබ පවසන ආකාරයේ 'මුල් බැසගත්' අවිශ්වාසයක් සිංහළුන් සහ දෙමළුන් අතරේ ඇතැයි පුක්කුසාතී නොසිතයි. අනෙක් රටවල සිටින ජාතීන් අතර මෙන්ම සිංහළුන් සහ දෙමළුන් අතරද යම් යම් හිත් අමනාපකම්, නොගැළපීම් ඇති බව සැබෑය. එහෙත් ඒ එකක්වත් ගහ මරා ගැනීමට හෝ බෙදී වෙන්වී යාමට තරම් දරුණු ඒවායැයි පුක්කුසාතී නොසිතයි. මෙතන ගැටළුව ඇත්තේ සිංහළුන්ගේ හෝ දෙමළුන්ගේ නොව දෙමළුන්ව තම ප‍ටු අරමුණු සඳහා කඩේ යවා ගන්නට මාන බලන බටහිරයන්ගේය. සිංහළයන්ට ඇති වගකීම දෙමළුන්ව එම බැළයන්ගෙන් ගලවා ගැනීමයි. පුක්කුසාතී හිතන හැටියට අපට එය කළ හැකි නම් සිංහළයන් සහ දෙමළුන් එක්වී ඔය කියන ලාංකික ජාතියද ඉබේම බිහිවනු ඇත. ඇත්තම කතාව නම් සුද්දන් ඒමට පෙරද එම ජාතිය බිහිව තිබූ බවත් එම ජාතියේ නම සිංහළ බවත්ය. කෙසේ නමුත් ඉදිරියේදී වනු ඇත්තේ දෙමළුන්ගේද දායකත්වයෙන් ගොඩ නැගුණු එම සිංහළ ජාතිය නැවත එම දෙමළුන්ගේම සහයෙන් වෙනම අනන්යතාවයක් අත් කර ගැනීමයි. පුක්කුසාතී සිතන ආකාරයට එය වනු ඇත්තේ සිංහළ අනන්යතාවය (තවදුරටත්) දෙමළකරණයකට ලක්කරමින් දෙමළුන් සිංහළ ජාතිය තුළ ගිලී යාමෙනි. කළ යුතුව ඇත්තේ සිංහළුන්ට සහ දෙමළුන්ට තමුන්ගේ පාඩුවේ සිටිය හැකි වටපිටාවක් තහවුරු කිරීමයි.

    - පුක්කුසාතී.

    ReplyDelete
  2. මයියා9 July 2010 at 19:09

    පුක්කුසාතිගේ අදහසට මයියා ගේ ස්තුතිය.

    හිතවත් පුක්කු,

    මයියා මෙම ලිපිය සිOහල, දෙමල අවිශ්වාසයක් ඇති බව පමනක් පෙන්වා තිබෙනවා. එයට හේතු වු කරුණු මයියා ඉදිරිපත් කර නැහැ. නමුත් පුක්කු පවසන අන්දමට එවැනි අවිශ්වාසයක් ඇත්තේ නැතිලු, එනමුත් ඔහු "මෙතන ගැටළුව ඇත්තේ සිංහළුන්ගේ හෝ දෙමළුන්ගේ නොව දෙමළුන්ව තම ප‍ටු අරමුණු සඳහා කඩේ යවා ගන්නට මාන බලන බටහිරයන්ගේය" යනුවෙන් පුක්කුම පවසන අන්දමට නැති ප්‍රශ්ණයකට හේතුවක් නම් සපයා තියෙනවා.

    මයියා ට හැගෙන පරිදි සිOහලයාත්, දෙමලාත් අතර ඇති ගැටලු පුක්කු පෙන්වා දෙන "අන් රටවල සිටින ජාතීන අතර තියෙන හිත් අමනාකම් වලට, නොගැලපීම් වලට" වඩා වෙනස් වූවකි. නමුත් සිOහලයාත්, මුස්ලිම් ජාතිකයත් අතර ඇති ප්‍රශ්ණ නම් පුක්කු පවසන අකාරයේ ගැටළු වලට උදාහරනයක් බව මයියා ගේ කල්පනාවයි.

    කෙසේ නමුත් පුක්කු පවසන අන්දමට සිOහල දෙමල අවිශ්වාසයක් නැතිනම් ඒවෙනුවෙන් ප්‍රීතිප්‍රමෝධයට පත්වන අය අතර මයියාත් ඉදිරියෙන්ම සිටිනවා.නමුත් අවාසනාවකට එවැනි තත්වයක් නැති බව මයියා ගේ විශ්වාසයයි.

    පුක්කු යනු සිOහලයෙක් බව මයියා ට හැගී යන බැවින් මයියා පුක්කුගෙන් මෙසේ අසා සිටිනවා

    1. දෙමලා යනු ඉතිහාසයේ සිට සිOහලයාගේ ආක්‍රමණිකයා යන අදහස ඔබ තුල පවතිනවාද?

    2. සිOහලයා ගේ ලගම ලේ නෑයා උතුරු ඉන්දියානුවත්, වැද්දාත් නොව , දකුණු ඉන්දීයානු දෙමලා බව ඔබට ඇති කරන්නේ සතුටක්ද?

    ඉහත ප්‍රශ්ණ වලට බහුතරයක් වූ සිOහලයාගේ උත්තර වනුයේ "ඔව්" සහ "නැහැ" යනු බව මයියා ගේ විශ්වාසයයි.

    බුදුදහමේන් ලැබු ආභාෂය නිසා දෝ බහුතර සිOහලයා , සාමාන්‍ය ජීවිතයේදී දෙමල සහෝදරයන් මිත්‍ර කමින් ආශ්‍රය කලද, තීරණාත්මක දේශපාලන අවස්ථාවලදී මේ අවිශ්වාස තත්වය ඉස්මතු වන බව මයියාට හැගී යනවා.

    ඉහත මා කථා කලේ සිOහලයාගේ පැත්තෙන් පමණයි. දේමලාගේ පැත්තෙන්ද සිOහලයා ගැන ඇති හැගීම මීට වැඩි මිස අඩුවක් නම් නැති බව මයියා ගේ විශ්වාසයයි.

    ඒ අනුව 30 වසරක යුද්ධය අවසානයේ ඇති වඩාත්ම වැදගත් ප්‍රශ්ණයක් වනුයේ මේ බිදී ඇති සිත් සතන් එක් කරනුයේ කෙසේද? යන්නයි.

    බේදුමවාදී මර උගුල් වලින් ගැලවී, සිOහල අදිපතිවාදය දෙමලා මත පටවන, බෞද්ධ දර්ශනයට නොගැලපෙන අන්තවාදයන්ට නොගොස් කාටත් පිලිගත හැකි දේශපාලන සහජීවනයක් ඇති කිරීම අද දවසේ අභියෝගයයි.

    මේ කටයුත්තේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මත හෙට දවසේ ලOකාවේ අනාගතය තීරණය වනු ඇති බව මයියා ගේ විශ්වාසයයි.

    ReplyDelete
  3. ලැබුණු පුංචි විවේකයේ දී නැවත මේ සටහන ලියන්නේ ඔබගත් උත්සාහය අගය කිරීමක් හා එය එක්තරා යහපත් ඉලක්කයක් වෙත යොමු කරන්න මගේ පැත්තෙන් කරන දායකත්වයක් ලෙස. මෙම සටහන තුළ කිසිම විසංවාදී දෙයක් මතුවීම වැළැක්වීමට උත්සාහ ගන්නේ සංවාදයක් සමග දිගටම ‍රැඳී සිටීමට නොහැකි බැවිණි.

    ඔබේ ලිපියෙන්
    1.සිංහල දෙමළ අප බොහෝ කලක සිට සහජීවනයෙන් ජීවත් වූ ලේ ඥාතීන් බව පෙන්වා දී තිබෙන අතර එම පෙන්වා දීම මනුෂ්‍යත්වය අගයන ඕනෑම අයෙකු අගයනවා ඇතැයි හිතනවා. ඒ එම පෙන්වා දීම අප අතර යහපත් සහොදර සම්බන්ධයකට මහත්සේ හේතු වන බැවිනි.

    2. සිංහලයන් දෙමළ අය ගැන සැකයෙන් සහ එක්තරා අකමැත්තකින් සිටින බව පෙන්වන ඔබ දෙමළ අයගේ තත්ත්වය ඊටත් වඩා බරපතල වියහැකි යැයි අනුමාණ කරනවා. මේ කරුණු දෙක සමගම ඔබ සමග මම එකගයි.

    //බේදුමවාදී මර උගුල් වලින් ගැලවී, සිංහල අදිපතිවාදය දෙමලා මත පටවන, බෞද්ධ දර්ශනයට නොගැලපෙන අන්තවාදයන්ට නොගොස් කාටත් පිලිගත හැකි දේශපාලන සහජීවනයක් ඇති කිරීම අද දවසේ අභියෝගයයි//

    මේ සමගත් මම සම්පූර්ණයෙන් එකඟයි.

    //උදාහරණයක් ලෙස සිංහල ජාතික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන චම්පික මහත්තයගේ මැතකදී පල කරන ලද //

    ඉහත කී අදහස් දරන අතරම අපව බෙදා වෙන්කිරීමට ක්‍රියා කළ ඉහත කී පුද්ගලයන් 'සිංහල' ජාතික ව්‍යාපාරයේ ප්‍රබලයන් ලෙස දකින ඔබ කිසියම්ම හෝ පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් 'දෙමළ' ජාතික ව්‍යාපාරයේ නායකයින් හෝ සංවිධාන ලෙස හඳුණාගන්නවා ද කියා දැන ගැනීමට කැමතියි. මම එය අහන්නේ එයට පිළිතුර නැත යන්න නම් ඔබම පවසන //සිංහල අදිපතිවාදය දෙමලා මත පටවන// යන කියමන සමග එය ගැටෙන බව පෙනෙන බැවිණි.

    ඔබ මුලින් සඳන් කළ අරමුණ සාධනය කර ගැනීම සඳහා අපට කළ හැක්කේ කුමක්ද? ඔබේ //සිංහලයා ගේ ලේ පාරිශුද්ධ ද?-2 කොටස// ලිපිය මේ ඉලක්කය දෙසට යන ලිපියක් ලෙස මා දකිනවා. හැකිතරම් අප අතර ඇති සමානකම් මතු කිරීම හා එම අදහස් පැතිර වීම. දෙවනුව මා යෝජනා කරන්නේ දෙමළ ජනයාගේ කිසියම් ප්‍රශ්නයක දී මුණිවත රකින්නේ නැතිව ඔවුන් වෙනුවෙන් අප සටන් වැදිය යුතු බව. මේ අදහස මම විස්තරවසයෙන් සාකච්ඡා කළා මතක ඇති "සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි ඉල්ලීමක්" නම් ලිපියට ලියූ කොමෙන්ට්ස් අතර.(http://pitastharayablog.blogspot.com/2010/04/blog-post.html)

    දෙවෙනි කරුණ ලෙස මා දකිනවා අප අතර ඇති අසමානතා මතුකරන අවස්ථා හා භේදකාරී අදහස් පතුරවන අවස්ථාවල දී ඒවාට එරෙහි වීම. උදාහරණ ලෙස දළදා මාලිගාවේත් අන් බොහෝ තැන්වලත් එල් ටී ටී ඊ කළ හානිය ප්‍රදර්ශනය කරන අතර යාපනයේ පුස්තකාලයට කරපු හානිය මකා දමනවා. සිදුවිය යුත්තේ මේ දෙකම මකා දැමීමයි.

    තුන්වැනිව මා හිතනවා ඉතා ඈත අතීතයක සිටම දෙමළ ජනයා අප අතර ජීවත් වී ඇත්නම් සහ පෘතිගීසීන් එනවිට ඔවුන්ටත් රාජ්‍යයක් උතුරේ තිබුණා නම් සහ ඒ තිබූ රාජ්‍යයත් දකුණේ තිබූ රාජ්‍යත් යන සියල්ල යටත් කොට තනි රාජ්‍යයක් තනා නැවත ආපසු යනවිට එය ගෙඩිය පිටින්ම සිංහලයන් අතට දී ගියේ ඔය කියන බටහිර ජාතීන්ම නම් දෙමළ ජනයාත් ඇතුලත් වන රාජ්‍ය ආකෘතියක් වෙත යාමට කටයුතු කිරීමයි. මෙය පැටලිලි සහිත කියමණක් සේ පෙනිය හැකියි. මම අදහස් කරන්නේ ගාන්ධි ඉදිරිපත් කළ චින්තනය ඔස්සේ ගිය ඉන්දියාව ලොවට දුන් ආදර්ශයයි. මේ ලින්ක් එක බලන්න.(http://en.wikipedia.org/wiki/Goa) පෘතිගීසින්ගෙන් පැවත එන ජනගහනයක් ද සංස්කෘතියක් ද ඇති ගෝව වෙනම බලයක් හොබවන පාලන ඒකකයක් කිරීමෙන් ඒ ජන කොටසට දෙන ලද පිලිගැනීම වෑනි වූ එකක් ගෑනයි මා අදහස් කරන්නේ. මේ දහසට බොහො දෙනෙක් මා හා විරුද්ධවෙයි. ඒකීය සිංහල රාජ්‍යයක්ම පතන නිසා. නමුත් එවෑනි තත්ත්වයකින් මෙපිට සිංහල අධිපතීත්ත්වයකින් දෙමළ ජනයා මුදාගන්නා හා අභිමානවත් ශ්‍රී ලාංකීය ජාතියක කොටස් කරුවන් කරගන්නා ආකාරය මට වටහා ගන්න අමාරුයි. ගෝවේ වසන ජනයා තවදුරටත් පෘතුගීසි ලෙස හිතන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි කිසියම් බලයක් ඒ කුඩා ප්‍රදේශයට දුන්නා කියා ඉන්දියානු රාජ්‍යට වූ හානියකුත් නෑ. වාසියක් මිසක.

    අවසාන වශයෙන් ඔබේ උත්සාහය අගය කරමින් සුබපතනවා.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. @pitatharaya 2

    thnx for the comment. hope to give a more detail comment on this. right now i m away from the sinhala typing.

    once again thanx for your interest to comment even on your busy schedule.

    ReplyDelete
  6. මයියා11 July 2010 at 09:25

    පිටස්තරයා ගේ අදහසට ස්තුතිය.

    වර්තමාන යුධ බියෙන් තොර වාතාවරණයක් තුල ලාOකික සමාජය වඩා යහපත් තත්වයක් ඇති කිරීමට බෞද්ධ දර්ශනය තූලින් ලැබිය හැකි ආදර්ශය ගැන මයියා හා පිටස්තාරයා අතර ගැටලුවක් නැති බව පේනවා.

    නමුත් ප්‍රයොගිකව මෙය ආරම්භ කිරීමේ අකාරය පිලිබද ව මයියා හා පිටස්තාරයා අතර ගැටලු ඇති බව පේනවා.මයියා ගේ අදහස, මීට පෙරද ඔහු විස්තර කර පරිදි, බෞද්ධ දර්ශනය හි සOකල්ප රටක් පාලනයට යොදා ගත හැකි බව සෛදාන්තිකව පිලිගන්නේ සිOහල ජාතික ව්‍යාපරය බවය. මයියා මේයින්, අනාගත ජාතික ව්‍යාපාරයේ දෙමලා හෝ හින්දුත්වයට තැනක් නැති බව අදහස් නොකරයි. නමුත් ආරම්බයේදීම දේමලා මත බෞද්ධ සOකල්ප පේවීමට යැම තවත් නැති ප්‍රශ්ණ ඇති කරන අතර මේය සිOහල බෞද්ධ අද්පතිවාදය දෙමලා මත පැටවීමක් ලේස ද නොඅනුමානව අර්ථකතනය කරනවා ඇත.

    කෙසේ නමුත් මෙම කාර්යය සිOහල ජාතික ව්‍යාපාරය තුලින් අරම්භ කිරීමේ ගැටලුවක් පවතිනවා. එනම් මොවුන් බොහොදේනා සෛදාන්තිකව බුදුදහමේ වටිනාකම පිලිගත්තද ඔවුන් ගේ ක්‍රියාවේ හෝ වචනයේ එම අභාශය බොහෝ දුරස් වීමයි. මයියා ගේ හැගීම මෙම තත්වය වෙනස් විය යුතු බවයි. මයියා සිOහල ජාතීක ව්‍යපාරය තුල අපේක්ශා කරන විප්ලවය එයයි.
    මයියා අදහස් කරන මෙම විප්ලවීය වෙනස සිදු වුව හොත්, ඉන්දියාවේදී මහත්මා ගාන්දි කලාක් මෙන් මෙම ව්‍යාපාරය වටා දෙමල ජාතික නායකයින්ද එක් කර වඩා ශක්තිමත් ගමනක් ආරම්භ කල හැකි බව මයියා ගේ හැගීමයි.

    මයියා අදහස් කරන මෙම විප්ලවීය වෙනස සිදු වුව හොත්, ඉන්දියාවේදී මහත්මා ගාන්දි කලාක් මෙන් මෙම ව්‍යාපාරය වටා දෙමල ජාතික නායකයින්ද එක් කර වඩා ශක්තිමත් ගමනක් ආරම්භ කල හැකි බව මයියා ගේ හැගීමයි.

    දලදා මාලිගාවටත් , යාපනය පුස්තකාලය ගිනි තැබීමත් යනා දී ක්‍රියා දෙකාම වැරදි අතර මේවා හැOගීම නොව මෙම ක්‍රියා තුල තිබ්බ වැරදි දේශපාලන අදහස් මතු පරපුරට කියා දිය යුතු අතර එම අසහනකාරී අදහස් දුරු කලයුත්තේ ඇයි කියා මතු පරපුර මේවා තුලින් ඉගෙන ගන්නවා යන්න මයියා ගේ හැගීමයි.
    ජාතියට අනුව, ආගමට අනුව කලාප වෙන් කිරීමට තරම් ලOකාව කුඩා වැඩි බව මයියා විශ්වාස කරන අතර එවනි ජාතිය අනුව හෝ ආගම අනුව වෙන් කිරීම තවත් නැති ප්‍රශ්ණ වලට මුලාම්භ්‍රයක් වන බව මයියා ගේ හැගීමයි.

    ලOකාව තුල ඕනැම පුද්ගලයෙකුට තම තමන් ගේ සOස්කෘතිය ආගම අනුව නිදහසේ ජීවත් වීමට් ඉඩ තිබිය යුතුය යන්න මයියා ගේ හැගීමයි

    අධික කාර්‍‍යබහුලව තිබිය දී පවා පිටස්තරයා දැමු සතනට මයියා ගේ ස්තූතිය

    ReplyDelete
  7. පුංවි ප්‍රශ්න කීපයක්.
    අහන්නේ පැහැදිලි කර ගැනීමට.

    1. ගාන්ධිතුමාගේ ජාතික ව්‍යාපාරය තුළ දක්නා ලැබෙන සංකල්ප බෞද්ධ කියන ලේබලය නැතත් බෞද්ධ අදහස් සමග එකඟ වන බව ඔබ පිළිගන්නවා ද?

    1.1 උත්තරය නැත යන්න නම් එසේ වෙනස් වන්නේ කවර ආකාරයකට ද යන්න විස්තර කරනවා නම් සතු‍ටුයි.

    1.2 උත්තරය ඔව් නම් එබඳු අදහස් මත ගෙනයන ව්‍යාපාරය දෙමළ ජනයා මත බලෙන් පටවන ලද ව්‍යාපාරයක් වන්නේ කොයි ආකාරයකට ද? මම අදහස් කරන්නේ බෞද්ධ කියන ලේබලය ඉවත් කරොත් ඒවා ඕනෑම ශිෂ්ඨ මිනිසෙකුට එකඟවිය හැකි අදහස් නේද කියන එකයි.

    2. සිංහල ජාතික වාදී නායකයින් පිරිසක් ගැන විශ්වාස කරන ඔබ ලංකාවේ දෙමළ ජාතිකවාදී නායකයින් කියා පිරිසක් ඉන්නවා කියා පිළිගන්නවා ද කියාත් දැනගන්න කැමතියි.

    //දලදා මාලිගාවටත් , යාපනය පුස්තකාලය ගිනි තැබීමත් යනා දී ක්‍රියා දෙකාම වැරදි අතර මේවා හැOගීම නොව මෙම ක්‍රියා තුල තිබ්බ වැරදි දේශපාලන අදහස් මතු පරපුරට කියා දිය යුතු අතර එම අසහනකාරී අදහස් දුරු කලයුත්තේ ඇයි කියා මතු පරපුර මේවා තුලින් ඉගෙන ගන්නවා යන්න මයියා ගේ හැගීමයි.//

    මේ සමග මම එකගයි. මා පෙන්වා දුන්නේ සිංහල දරුවන්ට මෙකී ඉතිහාසයේ සංඛේත ප්‍රදර්ශනය කරන අතර දෙමළ දරුවන්ට ඒවා දැකීම වැළැක්වීම තුළ ඇතිවන්නේ අසමාන අවබොධයක් යන අදහසයි. එල් ටී ටී ඊ විසින් සිංහල සමාජයට කළ හානි පිළිබඳව දෙමළ සමාජය දැනගතයුතු අතර සිංහල බලවේග විසින් වරින්වර දෙමළ සමාජයට කරන ලද හානි සිංහල සමාජය ද දැනගතයුතු බව පිළිගන්නවා.

    මා අදහස් කළේ කලාප බෙදීමක් ගැන නොවන බව පමණක් මෙහි සඳහන් කරන්නේ මා අදහස් කරන දෙය සාක්ච්ඡා කළ නොහැකි තරමට ලංකාව තුළ විකෘති කොට ඇති බැවිණි.

    ReplyDelete
  8. බෞද්ධ චින්තනය තුල ගැටළු රාශියකට පිලියම් ඇති බව සැබෑවක්. එය ක්‍රියාත්මක කරන විදිහ ඒ අනුව ශක්තිමත් විය යුතුයි

    ReplyDelete
  9. @ මයියා

    //කෙසේ නමුත් මෙම කාර්යය සිOහල ජාතික ව්‍යාපාරය තුලින් අරම්භ කිරීමේ ගැටලුවක් පවතිනවා. එනම් මොවුන් බොහොදේනා සෛදාන්තිකව බුදුදහමේ වටිනාකම පිලිගත්තද ඔවුන් ගේ ක්‍රියාවේ හෝ වචනයේ එම අභාශය බොහෝ දුරස් වීමයි//

    මගේ අදහස නම් මයියා මොවුන් කවුරුවත් ඔයකියන විදියට බුදුදහමේ වටිනාකම පිලිගන්නේ නෑ. බුදුදහම බලයට එන්න පිරුවටයක් හෑටියට පාවිච්චි කරනවා. එච්චරයි. බුදුදහමේ වටිනාකම පිළිගන්නවා නම් ඒක ප්‍රායොගිකත්ත්වයට ගේන්න කවුරුවත් මතක් කරල දෙන්න ඔන නෑ නේද? ඒක බොරුවක් නිසා නේද තව කෙනෙක් ට මතක්කරල දෙන්න වෙන්නේ?

    ReplyDelete
  10. "නමුත් පුක්කු පවසන අන්දමට එවැනි අවිශ්වාසයක් ඇත්තේ නැතිලු, එනමුත් ඔහු "මෙතන ගැටළුව ඇත්තේ සිංහළුන්ගේ හෝ දෙමළුන්ගේ නොව දෙමළුන්ව තම ප‍ටු අරමුණු සඳහා කඩේ යවා ගන්නට මාන බලන බටහිරයන්ගේය" යනුවෙන් පුක්කුම පවසන අන්දමට නැති ප්‍රශ්ණයකට හේතුවක් නම් සපයා තියෙනවා."

    මයියො,

    පුක්කුසාති කීවේ සිහළුන් සහ දෙමළුන් අතර මුල් බැසගත් අවිශ්වාෂයක් නැත කියා මිසක මෙරට ප්‍රශ්ණයක් නොතිබුණු බව නොවේ (ප්‍රශ්ණයක් නැත්තම් අවුරුදු තිහක් යුද්ධ කලේ අහවල් තැන අමාරුවකට විය නොහැක). එබැවින් ඔහු හේතු සපයා ඇත්තේ නැති ප්‍රශ්ණයකට නොවේ. ප්‍රශ්ණයක් ඇත, නමුත් ඔහු පැවසූවේ එහි පදනමේ ඇත්තේ ඔබ කියූ කරුණ නොව වෙනත් කරුණක් බවයි.

    "මයියා ට හැගෙන පරිදි සිOහලයාත්, දෙමලාත් අතර ඇති ගැටලු පුක්කු පෙන්වා දෙන "අන් රටවල සිටින ජාතීන අතර තියෙන හිත් අමනාකම් වලට, නොගැලපීම් වලට" වඩා වෙනස් වූවකි. නමුත් සිOහලයාත්, මුස්ලිම් ජාතිකයත් අතර ඇති ප්‍රශ්ණ නම් පුක්කු පවසන අකාරයේ ගැටළු වලට උදාහරනයක් බව මයියා ගේ කල්පනාවයි."

    පුක්කුසාති මයියාගේ ඉහත ප්‍රකාෂය සමගද එකඟ නොවේ. මයියා උක්ත ප්‍රකාෂයේදී සළකා ඇත්තේ දෙමළුන් සහ සිහළුන් අතර ඇති නොගැළපීම් පමණි. මයියා එහිදී අමතක කරන මූලික කරුණ නම් ඔවුන් අතර ඇති ගැළපීම් ප්‍රමාණයයි. මයියාම ඔහුගේ පෙර බ්ලොගයක පෙන්වූ ආකාරයට සිහළුන් ජානමය වශයෙන් වඩාත් සමීප දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ටය. අනෙක් අතට මෙරට දෙමළුන් මූලිකවම පැවතෙන්නේ සිහළුන්ගෙන් බවටද එම පරීක්ෂණය දෙස් දෙයි. මෙයින් සරළවම කියවෙන්නේ දකුණු ඉන්දියානුන්ට ලංකාවේදී සිහළුන් වීමටත් සිහළුන්ට යාපනේදී දෙමළුන් වීමටත් අමුතු ආයාසයක් දැරීමට සිදි නොවූ බවයි. මුල් බැසගත් අවිශ්වාෂයක් ඇති ජාතීන් දෙකක් අතර මෙය මෙසේ සරළවම සිදු වෙතැයි සිතීම උගහටය. අනෙක් අතට දෙමළුන්ගේ (හින්දුන්ගේ) විශ්ණු මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් වී සිංහළයන්ගේ වන්දනාවට පාත්‍ර වෙද්දි සිංහළුන්ගේ (බෞද්ධයන්ගේ) බුදු හාමුදුරුවන්් විශ්ණුගේ අවතාරයක් වූයේද ඔය ජාතීන් දෙක අතරමය. ඇත්තම කතාව නම් මෙවැනි සංහිඳියාවක් ලොව වෙනත් ජාතීන් අතර තිබුණේ නම් ඒ ඉතාම කලා තුරකින් බවය.

    සිද්ධ වූ දේවල් දිහා බලන විට මයියා නිස්කාරණේ බය වීම තේරුම් ගත හැක. එහෙත් පුක්කුසාතී නම් හිතන්නේ යකා හිතන තරම් කළු නැති බවයි.

    - පුක්කුසාතී.

    ReplyDelete
  11. බෞද්ධ චින්තනය මත පදනම්ව පිළිතුරක් ලබා ගත හැකි වුනත් එම චින්තනය අද යොදවා ඇත්තේ වැරදි පාරේය. බෞද්ධ චින්තනය නිවැරදිව තේරුම් ගත්තා නම් මේ සියල්ලෙහි නිරර්ථක බව යලි යලිත් තර්ක කරමින් විමසිය යුතු නැත. ඔබේ උත්සාහයට මගේ ප්‍රණාමය.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  12. අධික ලෙස කාර්යබහුල දින කීපයක් ගත කල මයියා ට, ඔහුගේ පෝස්ට් එකට ලැබුනු ප්‍රතිචාර වලට ස්තුතියක් වත් ලිවීමට කාලය හරස් උනා, ඒ සම්භන්දව මයියා ප්‍රතිචාර දැමු සියල්ලන්ගේම සමාව ඉල්ලා සිටිනවා

    ReplyDelete
  13. මයියා15 July 2010 at 02:59

    @ පිටස්තරයා 2

    මයියා මහත්මා ගාන්ධි තුමන් ගැන ගොඩක් හදාරා නෑ. නමුත් මයියා කියවා ඇති පරිදි එතුමන් සමකාලීන ඉන්දියාවේ තිබු සියලු ආගම් වල සාරයන් ඇසුරෙන් තමන්ටම ආවෙණික වු ජාතික ව්‍යාපාරයක් ඇති කර ඇති බව මයියා තේරුම් අරO තියෙන විදිහයි.
    මයියා දන්නා ආකාරයට ගාන්ධි තුමන් දෙවියන් විශ්වාස කල අයෙක්,ඇත්ත වශයන්ම එතුමා සදහන් කර ඇති අකාරයට 'සත්‍යය' යනු දේවියන් ලෙස ගෙන තිබේනවා.

    එතුමා දිනපතා කල යාතිකා යනු හින්දු ස්ත්‍රොත්‍ර, කුරානය, බයිබලය, බුද්ධාගම, යන සියලු ආගම් වල තිබු විවිද යාතිකා වල එකතුවක්. එම අර්ථයෙන් ගත්තාම ගාන්ධිතුමන් යනු බුද්ධාගමෙන් පමණක් අභාශය ලැබු අයෙක් ලෙස සැලකීමට අපහසුයි. නමුත් වැදගත්ම කාරණය නම් එතුමා ගේ ජාතික ව්‍යාපාරය කිසිවිටෙක බුදුදහමේ මුලික සOකල්ප සමග ඝට්ටනයක් සිදු වී නොමැති වීමයි.

    ඔහු විශ්වාස කර ඇති අන්දමට 'ආශාව' නැතිකීරීමට ලෝකයාගේන් වෙන්වනවාට වඩා ලෝකයාට සේවය කිරීම ඔහු අනුගමනය කර ඇති ප්‍රතිපත්ති ආකාරයකුයි මයියා ට හිතෙන්නේ,මෙය ක්‍රිස්තියානි නව තෙස්තමේන්තුවේ කන්ද උඩ දේශනාවේද දැක්වෙන්නක් බව මයියා කියවා තිබෙනවා.

    ඉOග්‍රීසීන් ට විරුද්දව මහත්මා ගේ ප්‍රධාන ආයුදය වූයේ 'සත්‍යග්‍රහයයි'. මේය නම් බුදුදමෙන් ගත්ත සOකල්පයක් බව මයියා හිතෙනවා, ඒත් ඒක ගැන මයියා ගැඹුරු හැදෑරීමක් කරලා නම් නැ. සමහර විට හින්දු ආගමෙත් මෙම සOකල්පය තියෙන්න ඇති.
    මේ අයුරින් ගත්තාම මයියා ට පිටස්තරය්යගේ ප්‍රශ්ණ වලට එක එල්ලේ 'ඔව්' හෝ 'නැ' ලේස කීමට අපහසුයි.මන්ද ගාණ්දි තුමන් එක දර්ශනයකට සීමා උන අයෙක් නොවීමයි. ඒ නිසා එතුමා ගේ ජාතික ව්‍යාපාරයට බෞද්ධ ලේබලයක් ඇලවීමට නොහැකි මෙන්ම එවැන්නක් එතුමා අපේක්ශා කරත් නැ.
    අනිත් අතින් එතුමා ගේ ජාතික ව්‍යාපාරය කිසිවිටෙක ක්‍රොධය මුල් කර ගේන ක්‍රියාත්මක නොවුනු නිසා එය කිසිවිටෙක බෞද්ධ ප්‍රතිපත්ති සමග ගැටීමක් ද සිදු වී නැ.

    කෙසේ නමුත් මයියා අපේක්ෂා කරන ජාතික ව්‍යාපාරය සදහා බෞද්ධ ලේබලයක් අවශ්‍ය බව මයියා කියා සිටින්නේ නැ. නමුත් බෞද්ධ සOකල්ප අනුව යමින්, සියලු දේනාට පිලිගත හැකි නුතන ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීම අනාගත දේශපාලන අභියෝගය බව මයියා විශ්වාස කරනවා.

    දෙමල ජාතිකවාදී නායකයන් ඉන්නා බව මයියා පිලිගන්නා අතර ඔවුන් අතර බේදුම්වාදී පිරිසක් ද සිටින බව මයියා තේරුම් ඇති අකාරයයි.

    මධ්‍යස්ත මතදාරි දේමල ජාතික නායකයින් සමග අත්වැල් බැදගත්, බෙදුමවාදී අදහස් හිOසනයෙන් නොව කරුණු කාරනා වලින් තේරුම් කල හැකි ජාතික ව්‍යාපාරයක් මයියා ගේ අවසාන බලාපොරොත්තුවයි.

    පිටස්තරයා අදහස් කරන විවිද ජනකොටස් උදෙසා පාලන ප්‍රදේශ පිහිටවීම ( ඉන්දියාවේ ගෝඅව මෙන්) මයියාට තේරුම් යන්නේ නැත්, මයියා බේදුම්වාදය ලOකාවට ඝ්ගැලපන්නේ නැති බව විශ්වාස කරනවා.

    ReplyDelete
  14. මයියා15 July 2010 at 03:06

    @ පුක්කු

    මේ කාරණාව සදහා වාද කිරීම නිශ්පලයි. මයියා කරන යේජනාව නම් සිOහලයා හට ලගම නැයා දකුණු ඉන්දියානු දෙමලා බව 'වර්තමාන' සිOහලයා හට දනවන්නේ කුමන හැගීමක් ද යන්න යි, මයියා ගේ අත්දැකීම අනුව නම් බොහෝ දෙනෙක් එවැන්නක් පිලිගැනීමට අකැමති බවයි.

    ReplyDelete
  15. මයියා15 July 2010 at 03:09

    @ හෙලයා

    බුදුදහම දියමන්තියකි. එයින් ප්‍රශ්ණ වලට විසදුම් සේවීම , එය විශ්වාස කරන අය හට වර්‍තමානයේ ඇති අභියෝගයයි

    ReplyDelete
  16. මයියා15 July 2010 at 03:13

    @ මැණික්,

    මැණික් කියන දේ මයියා හරියට තේරුම් ගත්තා කියා හිතෙනවා. මැණික් කියන දේ හරි, වර්තමාන බෞද්ධ්යා බුදුදහමෙන් නිවැරදි ලෙස ප්‍රයෝජන ගන්නේ නැත.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඉස්තූතියි මයියා පිළිතුරට. ඔයා කී ලෙසම අප දෙදෙනා ම බොහෝ අතින් සමාන අදහස් දරන අතර සමහර අදහස් අතින් වෙනස් බවත් පෙනෙනවා. ප්‍රධාන ම හා වැදගත් ම සමානකම මේ රටේ ඉන්නා සිංහල දෙමළ අපි හැම නෑදෑයින් ය යන්න කීමට තරම් ඔබ නිර්භය වීම හා එහෙයිනම අපි අතර ඇති සමානතා වැඩිබව හා අසමානතා අඩු බව පිළිගැනීම. මේ පදනමේ සිට අපට බොහෝ දුර යා හැකි යැයි මා විශ්වාස කරනවා.

    අප අතර ඇති අදහ්ස්මය වෙනස්කම් ගැන මා තවදුරටත් කතා කරන්න කැමතියි. ඒ සාකච්ඡාව මගේ අදහස් පෝෂණයට බෙහෙවින් උපකාර වන නිසා. ඒ වගේම අපි කිහොමද ඉදිරියට යන්නේ කියනදේ ගැන කරන සාකච්ඡාව මට ලොකු සතුටක් ඇතිකරනවා. ඒ නිසා විවේකයක් ලද විගස මම ඉතාම ආශාවෙන් නැවත ලියන්න බලාපොරොත්තුව ඉන්නවා.

    ReplyDelete
  19. මයියෝ,

    මෙවන් කරුණු ගැන වාද කිරිම නිශ්ඵල යයි පුක්කුසාතී නම් නොසිතයි. නමුත් මෙවන් ප්‍රශ්ණවල ඉතිහාසය සහ එහි දේශපාලනය අමත කොට සරල ප්‍රශ්ණෝත්තර ඔස්සේ ඒවා විග්‍රහ කර ගැනීමට යාම නම් නිශ්ඵලයයි පුක්කුසාතීට සිතෙයි.

    - පුක්කුසාතී.

    ReplyDelete
  20. මයියා15 July 2010 at 17:54

    @පුක්කුසාති.
    හිතවත් පුක්කු...මයියා තර්ක කිරීම නිශ්පලයි කියලා අදහස් කලේ 'වර්තමාන' සිOහල ජන මනස ගැනයි...මයියා වර්‍තමාන සිOහලයා දෙමලා තමන්ගේ ලගම නැයා බව පිලිගන්න කැමති නැති බව කියන විට පුක්කුසාති එය එසේ නොවේ යැයි කියනවා..මේ දෙදෙනා කොතරම් කෙස් පැලේන තර්ක ගේනාවත් අවසානයේ ප්‍රතිපල ය ඔප්පු කරන්න එය ප්‍රමානවත් නැත යන්න මයියා ගේ හැගීමයි..ඒක හරියට කියනවනම් ලමයගේ තාත්තා කියන්න මිනිස්සු දෙන්නෙක් කොතරම් ත‍ර්ක කලත් ලමයගේ ඇත්ත තාත්තා දන්නේ ලමයා ගේ අම්මා විතරක් වගේ කතාවක්..

    ReplyDelete
  21. මයියෝ,

    ඔබ පුක්කුසාතී කී දෙය වරදවා වටහ ගත් සෙයකි. අදාළ කරුණ සම්බන්ධයෙන් ඇති වත්මන් සිංහළ ජන මතය ගැන ඔබ කියූ අදහස පුක්කු නොපිළිගත්තා නොවේ (ඔබට මෙවැනිම කියවීමක් දෙමළ ජන මතය සම්බන්ධයෙන්ද ඇතැයි පුක්කු අනුමාන කරයි). පුක්කු කීවේ සිහළුන් සහ දෙමළුන් අතර 'මුල් බැසගත් අවුලක්' නැති බවය.

    වත්මන් සිංහළ ජන මතය යනු සිංහළ ජන විඥානය යන චිත්‍රපටයේ එක් රූප රාමුවක් පමණි. ඒ දෙස බලා චිත්‍රපටයේ අවසානය ගැන අනාවැකි කීමට අප ඉක්මන් විය යුතු නැත. ඔබ කතා කරන්නේ වත්මන් සිංහළ ජන මනස ගැන නම් පුක්කුසාතීට ඒ ගැන වෙනම කියවීමක් ඇත. අද සිංහළයන් එසේ සිතනුයේ අහම්බයක් නිසා නොව බොහෝ දුරට සාධාරණ හේතු ඇතිවය. කළ යුතුව ඇත්තේ සිංහළයන්ට එසේ කිරීමට හේතුවූ කාරණා සොයා බලා ඒවා විග්‍රහ කර ගැනීමයි.

    ඒ පුක්කුසාතීට ඔබ කියූ දෙය සම්බන්ධව කීමට තිබූ පළමුවෙනි කරුණයි. කෙටියෙන් වුවද ඒ හා බැඳුණු දෙවන කරුණද නොකියාම බැරිය.

    පුක්කුසාතී පෙර වතාවකද කී ලෙස සිංහළ යනු ජාතියක මිසක දෙමල වැනි ජවර්ගයක් නොවේ. ජාතියක් පදනම් වන්නේ සංස්කෘතියක් මත මිසක ලේ සම්බන්ධතා මත නොවේ. එහෙයින් සිංහළුන් ජාතියක් ලෙස පැවතෙන්නෙ දකුණු ඉන්දියානුන්ගෙන්ය යන කීමට නම් පුක්කුසාතීද එකඟ නැත (ඒ දකුණු ඉන්දියානුවන් සමග ඇති පරහක් නිසා නොව අදාළ කියමන වැරදි බැවිණි). සිංහළ සංස්කෘතිය සහ එය මත ගොඩ නැගුණු සිංහළ ජාතිය දෙමළ සංස්කෘතියෙන් සහ දෙමළ ජනවර්ගයෙන් පෝශණය වී ඇති බව සම්බන්ධයෙන් ගැටළුවක් නැත. නමුත් එය මලයාලි හෝ කර්ණාටක (කන්නඩ) වැනි මහා ද්‍රවිඩ සංස්කෘතියක තවත් එක් දිගුවක් නොවේ.

    -පුක්කුසාතී.

    ReplyDelete
  22. මයියා16 July 2010 at 14:29

    හිතවත් පුක්කු,

    පුක්කු මතු කර ඇති පලමු කාරණාව සම්භන්ධව මයියා පැහැදිලිව තමාගේ අදහස පොස්ට් එකදී දක්වා තිබේනවා

    " මයියාට හැගී යන පරිදි සිංහලයා තුල දෙමලා කෙරෙහිද, දෙමලා තුල සිංහලයා කෙරෙහිද කිසියම් අකමැත්තක් හෝ අවිශ්වාසයක් එකිනේකා තුල පවතිනවා"

    ඒ සම්භන්දව පුක්කු හා මයියා එකම මතයක ඇති බව මයියාට හැගී යනවා.

    පුක්කු ගෙන එන ජාතිය හා ජනවර්ග කථාවටත් මයියා ' සිOහලයාගේ ලේ පාරිශුද්ධ- 2 කොටස' පොස්ට් එකදී එකග වූ බව පුක්කුට මතක ඇතැයි සිතනවා.

    මයියා ට හැගී යන පරිදි පුක්කු කියන්නේ වර්තමාන්යේ දේමලා ගැන සිOහලයාට ඇති අවිශ්වාසයට හේතු තියෙනවා කියලායි. මයියා මේහීදී මදක් වෙනස් ස්ථාවරයක සිටිනවා. එනම් මේම ජාතීන් දෙක අත‍ර් වර්තමානයේ ඇති අවිශ්වාසයට එම ජාතීන් දේකටම සාධාරණ් හෙතූන් තියෙන බවයි.දැන් කල යුතුව ඇත්තේ කවුද වඩාත් වැරදි හෝ හ‍රි කියා සොයන්නට යැම නොව වර්ථමාන්යේ මෙම අසහනකාරී ත්ත්වයෙන් ගොඩ ඒමට පිලියමක් සෙවීමයි..මයියා ට මේහීදී බෞධ්ධ දර්ශනය මෙයට පිලියම් ගෙන එන බවක් හැගී යනවා..මයියා මතු කර ඇත්තේ එම කාරණවයි...

    මේ අවිශ්වාසය දුරු කිර්‍රීමට ඉතුහාසය යේ කුල මල කථා කර කර තර්ක කිරීමේන් , ප්‍රෂ්ණයට විසදුමක් හෝ ප්‍රශ්ණය සමනය කරන දිශාවකට යන්නේ නැති බව මයියා ගේ විශ්වාසයයි..මෙයින් ඉතහාසයෙන් පාඩම් ඉගෙන ගත නොහැකි බව මයියා අදහස් කර නැ..මයියා කියන්නේ ඉතිහාසයේ විවිද සීදුවීම් වලට එකිනෙකාට චොදනා කර කර අනෙකා වැරදිකරුවා කිරීම ට ත‍ර්ක ගෙන ඒම වඩදායී නොවෙන බවයි..

    ReplyDelete

2222