Sunday, 27 September 2026

කන්තලෙන් උපන් ශ්‍රී ලංකාවේ Dam Safety පාඩම

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers, Sri Lanka – IESL) විසින් 1986 කන්තලේ වැව් බැම්ම බිඳී යාම පිළිබඳ ඉතාම වටිනා සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා තිබුණා. ඒකට සහභාගී වෙන්න මටත් අවස්ථාව ලැබුණා.

ඇත්තටම මේ සම්මන්ත්‍රණය සංවිධානය වුණු විදිහත් හරිම වටිනවා. IESL එකේ තරුණ ඉංජිනේරුවෙක් තමයි මේ ගැන මුලින්ම අදහස ඉදිරිපත් කරලා තිබුණේ. 1986දී සිදුවුණු කන්තලේ ව්‍යසනය ගැන අද ඉන්න තරුණ ඉංජිනේරු පරපුරේ බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා, ඒ සිද්ධියත් ඒකෙන් ඉගෙනගන්න තියෙන ඉංජිනේරුමය පාඩම් ටිකත් නැවත කතා කරන්න ඕන කියන ඉල්ලීම ඔහු කරලා තිබුණා.

IESL එකත් ඒ තරුණ ඉංජිනේරුවාගේ අදහසට ඇහුම්කන් දීලා, එදා මේ සිද්ධියත් එක්ක සෘජුවම සම්බන්ධ වෙච්ච සහ ඒ ගැන දැනුම හා අත්දැකීම් තියෙන පිරිස එකතු කරලා මේ සම්මන්ත්‍රණය සංවිධානය කරලා තිබුණා.

මට නම් ඒකම ලොකු දෙයක්.

මොකද ඉංජිනේරු වෘත්තියේ පරම්පරාවෙන් පරම්පරාවට යන්න ඕනේ සාර්ථක ව්‍යාපෘතිවල කතා විතරක් නෙමෙයි. අපේ failures ගැනත් ඊළඟ පරම්පරාව දැනගන්න ඕන. ඒවා සිද්ධ වුණේ කොහොමද, කලින් තිබුණු warning signs මොනවද, ඒවා හඳුනාගන්න බැරි වුණේ ඇයි, අද ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපි වෙනස් විදිහකට කරන්නේ මොනවද කියන දේවල් තමයි ඇත්තටම වටින්නේ.




සම්මන්ත්‍රණයේ ප්‍රධාන ඉදිරිපත් කිරීම කළේ ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු භද්‍රා කමලදාස මහත්මිය. ඇය ඉතාම හොඳ presentation එකක් කළා. පැරණි ඡායාරූප, drawings, failure එකට කලින් තිබුණු තත්ත්වය, 1986 අප්‍රේල් 20 වෙනිදා සිදුවීම් පෙළ, failure එකෙන් පස්සේ කරපු forensic investigations සහ ඒවායේ conclusions එකිනෙකට සම්බන්ධ කරලා ඉතා පැහැදිලිව කතාව ගොඩනැගුවා.

භද්‍රා කමලදාස මහත්මිය ගැන මට තවත් පුංචි හඳුනාගැනීමක් තිබුණා. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කමලදාස මහත්මයාගේ දයාබර බිරිඳ 

කන්තලේ කතාවේ මට විශේෂයෙන්ම හිතට වැදුණු කාරණය තමයි මේක 1986 අප්‍රේල් 20 වෙනිදා උදේ එකපාරටම ඇතිවුණු failure එකක් විදිහට විතරක් බලන්න බැහැ කියන එක.

ඊට කලින් අවුරුදු ගණනාවක් තිස්සේ බැම්මෙන් seepage සහ piping වාර්තා වෙලා තිබුණා. විශාල ගස්වලින් බැම්ම වැහිලා තිබීම නිසා inspection සහ monitoring පවා අපහසු වෙලා තිබුණා. පැරණි left-bank sluice එකේ masonry construction එකත් අද අපි කරන modern concrete conduit එකක් වගේ එකක් නෙමෙයි. Dressed stone, brick සහ indigenous lime-based bonding materials යොදාගෙන හදපු ඉතා පැරණි ව්‍යුහයක්.



ඊටත් වඩා වැදගත් warning sign එකක් 1982දී ලැබිලා තිබුණා. පැරණි sluice එකට අඩි විස්සක් විතර ආසන්නයෙන් අඩි තුනක පමණ විෂ්කම්භයක් සහ අඩි දෙකක් පමණ ගැඹුරක් ඇති sinkhole එකක් මතු වෙලා තිබුණා. ඒක කපලා විවෘත කරලා, ජල මට්ටම අඩු වෙලාවක නැවත පුරවලා තිබුණා.


ඉපැරණි සොරොව් කටේ සිට අඩි විස්සක් පමණ ඈතින් වැව් බැම්මේ ඇති වී තිබුණු ගිලාබැසීම. (ඡායාරූප අයිතිය භද්‍රා කමලදාස මහත්මිය සතුය.) 


ඒ කාලය ආසන්නයේම ජල සැපයුම් pump house එකක් ඉදිකරලා තිබුණා. ඒ වැඩ සඳහා පැරණි sluice එකට අඩි 135ක් පමණ දුරින් steel sheet piles drive කරලා තිබුණා.

බිඳී යෑමට පෙර පැවති ඉපැරණි සොසොරොව්ව 



එදා සිදුවුණේ මොකක්ද?

1986 අප්‍රේල් 19 වෙනිදා කන්තලේ වැවෙන් යල කන්නයට ජලය නිකුත් කිරීම ආරම්භ කරලා තිබුණා. පසුදා, අප්‍රේල් 20 වැනිදා පාන්දර 4.00ට පමණ වම් ඉවුරේ සොරොව්වේ ගේට්ටු දෙක අඟල් හතරක් පමණ විවෘත කර තිබූ අතර, ඒ වෙලාවේ සොරොව්වේ ජලය ගලායාම සාමාන්‍ය තත්ත්වයේ තිබුණා. වැවත් ඒ වනවිට එහි උපරිම ධාරිතාවයේ ( Full Supply Level -FSL) එකේ තිබුණා.

නමුත් පැය භාගයක්වත් ගතවෙන්න කලින් තත්ත්වය වෙනස් වෙනවා.

පාන්දර 4.30ට පමණ තද සුළඟක් හමනවා වගේ අසාමාන්‍ය විශාල ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම සොරොව්වෙන් පිටවන ජල ප්‍රමාණය හදිසියේ වැඩිවෙලා, ජලය ඉහළට විසිවෙමින් දැඩි “hissing” ශබ්දයක්ද ඇතිවෙනවා. සිද්ධිය වාරිමාර්ග ඉංජිනේරුවරයාට දැනුම් දුන්නාම ඔහු එතැනට පැමිණෙන අතර, ඒ වනවිටත් අතිවිශාල වේගයකින් ජලය පිටවෙමින් තිබුණා.

තත්ත්වය පාලනය කළ නොහැකි බව තේරුම් ගත් පසු, පහළ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමට පොලීසිය සහ ආසන්න මුස්ලිම් පල්ලිය හරහා පණිවිඩ යැවීමට කටයුතු කරනවා.

ඉන්පසුව සිදුවෙන්නේ ඉතා වේගවත් failure progression එකක්. සොරොව්ව ආශ්‍රිතව ආරම්භ වූ ජල ගලායාමත් සමඟ බැම්මේ පස් ඉවත් වෙමින්, ජල මාර්ගය තව තවත් විශාල වෙනවා. ජලය වැඩිවෙන තරමට පාංශූ ඛාදනය  (erosion) එක වැඩිවෙනවා; පාංශූ ඛාදනය ( erosion) එක වැඩිවෙන තරමට තවත් වැඩි ජල ප්‍රමාණයක් පිටවෙනවා. අවසානයේ එය විශාල breach එකක් බවට පත්වෙලා, වැවේ රඳවාගෙන තිබුණු අතිවිශාල ජල කඳ පහළ ප්‍රදේශයට මුදාහැරෙනවා.


වැව් බැම්ම කඩන් යන උදේ අවස්ථාවෙන් ගත් ඡායාරූපයක්. (ඡායාරූප අයිතිය භද්‍ර කමළදාස මහත්මියගේ ඉදිරිපත් කිරීම සතුය)


කන්තලේ වැව් බැම්ම කඩාගෙන යෑමෙන් පසු,  වතුර සියල්ල සිඳී ගිය වැව
(ඡායාරූප අයිතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ භද්‍රා කමලදාස මහත්මියගේ ඉදිරිපත් කිරීම සතුය)

Sunny day Faliure

කන්තලේ සිද්ධිය ගැන කතා කරනකොට මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත් වචනයක් තියෙනවා — “Sunny Day Failure”.

Dam engineering වලදී Sunny Day Failure කියන්නේ, අධික වර්ෂාවක්, විශාල ගංවතුරක් හෝ spillway capacity එක ඉක්මවා ගිය extreme flood event එකක් නිසා නොව, සාමාන්‍ය මෙහෙයුම් තත්ත්වයක් යටතේ වේල්ලක් බිඳී යාමටයි. ඒ නිසා මෙවැනි failure එකකදී ප්‍රධාන අවධානය යොමුවෙන්නේ overtopping වගේ flood-related හේතුවකට වඩා, වේල්ල ඇතුළේ හෝ foundation එකේ ඇතිවුණු seepage, piping/internal erosion, structural deterioration, පැරණි conduits හෝ sluices ආශ්‍රිත දුර්වලතා වගේ කරුණු වෙතයි.

කන්තලේ සිද්ධියත් ඒ අර්ථයෙන් වැදගත් Sunny Day Failure එකක්. 1986 අප්‍රේල් 20 වැනිදා වැව, එහි උපරිම ධාරිතාවයේ. ( Full Supply Level - FSL) එකේ තිබුණත්, එදා මේ failure එක ඇතිවුණේ අසාමාන්‍ය ගංවතුරක් ඇවිත් බැම්ම උඩින් වතුර ගලා ගිය නිසා නොවෙයි. එදා පාන්දර යල කන්නයට සාමාන්‍ය පරිදි ජලය නිකුත් කරමින් තිබියදී තමයි වම් ඉවුරේ පැරණි සොරොව්ව ආශ්‍රිතව අසාමාන්‍ය ජල ගලායාමක් පටන්ගෙන, ඉතා කෙටි කාලයක් ඇතුළත එය විශාල breach එකක් දක්වා වර්ධනය වෙන්නේ.

කඩන් ගිය වැව් බැම්මේ දකුණු අත මුහුණතේ පින්තූරයක්. ජලාප්‍රවාහන මණ්ඩලයේ වතුර පොම්පාගාරය සඳහා ඉදිකරන  ලද කුඩා ගොඩනැගිල්ල සහ එයට ගැසූ ශීට් පයිල් ද මෙහි දක්නට ලැබෙනවා. 

මේ failure එකේ බරපතළකම තේරුම් ගන්න නම්, එයින් සිදුවුණු ජීවිත හා දේපළ හානියත් මතක් කරන්නම ඕන.

1986 අප්‍රේල් 20 පාන්දර බැම්ම බිඳී ගියාට පස්සේ වැවේ රඳවාගෙන තිබුණු අතිවිශාල ජල කඳ ඉතා වේගයෙන් පහළ ප්‍රදේශවලට ගලා ගියා. බොහෝ දෙනෙක් නිදාගෙන සිටි වෙලාවක් නිසා බේරී යන්න තිබුණු කාලයත් ඉතා සීමිතයි.

පසුව පැවැත්වූ නිල පරීක්ෂණයේ සංඛ්‍යා අනුව මේ ව්‍යසනයෙන් පුද්ගලයන් 127 දෙනෙකුට ජීවිත අහිමි වුණා. 10,864 දෙනෙක් පමණ සෘජුව බලපෑමට ලක්වුණු අතර නිවාස 1,200ක් පමණ විනාශ වුණා. වගාබිම් විශාල ප්‍රමාණයක් ජලයට සහ රොන්මඩට යටවුණා. මාර්ග, දුම්රිය මාර්ග, පාසල්, රෝහල්, රාජ්‍ය ගොඩනැගිලි, විදුලි හා ජල සැපයුම් වගේ පොදු යටිතල පහසුකම්වලටත් බරපතළ හානි සිදුවුණා.

පැරණි සොරෝවේ බිත්ති කැඩීයාමනිසා.  වැව් බැම්ම කැඩී යාම ආරම්භ වූ ආකාරය. . 

Failure එකෙන් පස්සේ සිදුකළ GIBBS inquiry එකේ ඉදිරිපත් කර තිබුණු most probable explanation එක තවත් වැදගත්. ඔවුන්ගේ නිගමනය අනුව පැරණි sluice barrel එකේ upstream පැත්තේ masonry deterioration වීමත්, කාලයත් සමඟ lime mortar එක permeable වෙලා finer material sluice එක තුළට ගලායාමත් නිසා දිගුකාලීන deterioration process එකක් ඇතිවෙලා තිබෙන්න පුළුවන්. 1982දී මතු වුණු sinkhole එක ඒ ක්‍රියාවලියේ evidence එකක් ලෙසත් ඔවුන් සලකා තිබුණා.

Pile driving එක මූලික හේතුව ලෙස නොව, මේ වනවිටත් සිදුවෙමින් තිබුණු deterioration process එක accelerate කරන්න ඇති කියන අදහසත් inquiry එකෙන් ඉදිරිපත් කරලා තිබුණා.

මේ සියල්ල අහගෙන ඉන්නකොට මට හිතුණේ කන්තලේ failure එකෙන් අපට ලැබෙන ලොකුම පාඩම failure එක සිදුවුණු මොහොතේ තියෙන්නේ නෙමෙයි කියලා.

Failure එකට කලින් අවුරුදු ගණනාවක් තිස්සේ dam එක අපට මොනවාද කියමින් හිටියේ?

Seepage තිබුණා. Piping ගැන වාර්තා තිබුණා. Inspection කරන්න අපහසු තත්ත්වයක් තිබුණා. Sluice එක ආසන්නයෙන් sinkhole එකක් මතුවුණා. පැරණි structure එකක් ආසන්නයේ heavy construction work සිද්ධ වුණා.

මේවා එක එක isolated incident විදිහට බැලුවොත් එක කතාවක්. හැබැයි ඒවා එකට තියලා බැලුවොත් තවත් කතාවක්.

ඉංජිනේරු විද්‍යාවේ dam safety කියන්නේ crack එකක් හදන එකවත්, sinkhole එකක් පුරවන එකවත්, seepage එකක් නවත්වන එකවත් විතරක් නෙමෙයි. ඒවා symptoms නම්, ඒ symptoms ටික එකිනෙකට සම්බන්ධ කරන underlying failure mechanism එක හඳුනාගන්න එකයි වැදගත්.

කන්තලේ ව්‍යසනයෙන් පස්සේ ලංකාවේ dam safety ක්ෂේත්‍රයේත් සැලකිය යුතු වෙනස්කම් ඇතිවෙලා තිබුණා. UK technical assistance යටතේ පැරණි විශාල වේලි දහයක risk level අධ්‍යයනය කිරීම, Irrigation Department නිලධාරීන්ට training ලබාදීම, dams hazard classification කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම, Irrigation Department එක තුළ Dam Safety Unit එකක් පිහිටුවීම සහ පසුව 1997දී Dam Safety Branch එක independent division එකක් ලෙස ස්ථාපිත කිරීම ඒ අතරින් කිහිපයක්.

ඒ නිසා 1986 කන්තලේ ව්‍යසනය කියන්නේ අතීතයේ සිදුවුණු ඛේදවාචකයක් විතරක් නෙමෙයි. ලංකාවේ dam safety ගැන හිතන විදිහ වෙනස් කරන්නත් ඒ සිද්ධිය විශාල බලපෑමක් කරලා තියෙනවා.

වසර හතළිහකට ආසන්න කාලයකට පස්සේ මේ කතාව ආයෙත් අලුත් පරම්පරාවට කියන්න ඕන කියලා හිතපු ඒ තරුණ ඉංජිනේරුවාටත්, ඒ අදහසට ඇහුම්කන් දීලා මේ වගේ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ IESL එකටත් ඒ නිසා විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕන.

මොකද ඉංජිනේරු වෘත්තියේදී අපි failures ගැන ආපහු කතා කරන්නේ කාට හරි වරද පටවන්න නෙමෙයි.

අතීතයේ failure එකක් හරියට තේරුම් ගත්තොත්, අනාගතයේ failure එකක් වළක්වාගන්න පුළුවන් නිසා.


කන්තලේ නව වැව් බැම්ම සොරොව්ව  සහ ජල පොම්පාගාරය. 


No comments:

Post a Comment

2222