ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers, Sri Lanka – IESL) විසින් 1986 කන්තලේ වැව් බැම්ම බිඳී යාම පිළිබඳ ඉතාම වටිනා සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා තිබුණා. ඒකට සහභාගී වෙන්න මටත් අවස්ථාව ලැබුණා.
ඇත්තටම මේ සම්මන්ත්‍රණය සංවිධානය වුණු විදිහත් හරිම වටිනවා. IESL එකේ තරුණ ඉංජිනේරුවෙක් තමයි මේ ගැන මුලින්ම අදහස ඉදිරිපත් කරලා තිබුණේ. 1986දී සිදුවුණු කන්තලේ ව්‍යසනය ගැන අද ඉන්න තරුණ ඉංජිනේරු පරපුරේ බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා, ඒ සිද්ධියත් ඒකෙන් ඉගෙනගන්න තියෙන ඉංජිනේරුමය පාඩම් ටිකත් නැවත කතා කරන්න ඕන කියන ඉල්ලීම ඔහු කරලා තිබුණා.
IESL එකත් ඒ තරුණ ඉංජිනේරුවාගේ අදහසට ඇහුම්කන් දීලා, එදා මේ සිද්ධියත් එක්ක සෘජුවම සම්බන්ධ වෙච්ච සහ ඒ ගැන දැනුම හා අත්දැකීම් තියෙන පිරිස එකතු කරලා මේ සම්මන්ත්‍රණය සංවිධානය කරලා තිබුණා.
මට නම් ඒකම ලොකු දෙයක්.
මොකද ඉංජිනේරු වෘත්තියේ පරම්පරාවෙන් පරම්පරාවට යන්න ඕනේ සාර්ථක ව්‍යාපෘතිවල කතා විතරක් නෙමෙයි. අපේ failures ගැනත් ඊළඟ පරම්පරාව දැනගන්න ඕන. ඒවා සිද්ධ වුණේ කොහොමද, කලින් තිබුණු warning signs මොනවද, ඒවා හඳුනාගන්න බැරි වුණේ ඇයි, අද ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපි වෙනස් විදිහකට කරන්නේ මොනවද කියන දේවල් තමයි ඇත්තටම වටින්නේ.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන ඉදිරිපත් කිරීම කළේ ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු භද්‍රා කමලදාස මහත්මිය. ඇය ඉතාම හොඳ presentation එකක් කළා. පැරණි ඡායාරූප, drawings, failure එකට කලින් තිබුණු තත්ත්වය, 1986 අප්‍රේල් 20 වෙනිදා සිදුවීම් පෙළ, failure එකෙන් පස්සේ කරපු forensic investigations සහ ඒවායේ conclusions එකිනෙකට සම්බන්ධ කරලා ඉතා පැහැදිලිව කතාව ගොඩනැගුවා.
භද්‍රා කමලදාස මහත්මිය ගැන මට තවත් පුංචි හඳුනාගැනීමක් තිබුණා. අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන කමලදාස මහත්මයාගේ දයාබර බිරිඳ
කන්තලේ කතාවේ මට විශේෂයෙන්ම හිතට වැදුණු කාරණය තමයි මේක 1986 අප්‍රේල් 20 වෙනිදා උදේ එකපාරටම ඇතිවුණු failure එකක් විදිහට විතරක් බලන්න බැහැ කියන එක.
ඊට කලින් අවුරුදු ගණනාවක් තිස්සේ බැම්මෙන් seepage සහ piping වාර්තා වෙලා තිබුණා. විශාල ගස්වලින් බැම්ම වැහිලා තිබීම නිසා inspection සහ monitoring පවා අපහසු වෙලා තිබුණා. පැරණි left-bank sluice එකේ masonry construction එකත් අද අපි කරන modern concrete conduit එකක් වගේ එකක් නෙමෙයි. Dressed stone, brick සහ indigenous lime-based bonding materials යොදාගෙන හදපු ඉතා පැරණි ව්‍යුහයක්.
කන්තලේ වැව් බැම්මේ බිඳී යාමට පෙර හරස්කඩක්. පැරණි සොරවත්.,සොරව්වට උඩින් තිබුණු, 1980ට පෙර කපා ඉවත් කරන ලද බෝ ගහත්,1982 දී. සොරුවට මීටර් 40ක් දක්නට ඉදිකරණ ලද ජලය පොම්පාගාරයත්. රූපයෙන් දැක්වෙනවා.
ඊටත් වඩා වැදගත් warning sign එකක් 1982දී ලැබිලා තිබුණා. පැරණි සොරොව්වට ( sluice එකට ) අඩි විස්සක් විතර ආසන්නයෙන් අඩි තුනක පමණ විෂ්කම්භයක් සහ අඩි දෙකක් පමණ ගැඹුරක් ඇති ගිලාබැසීමක් (sinkhole එකක්) මතු වෙලා තිබුණා. ඒක කපලා විවෘත කරලා, ජල මට්ටම අඩු වෙලාවක නැවත පුරවලා තිබුණා.
ඒ කාලය ආසන්නයේම ජල පොම්පාගාරයක් ( pump house එකක්) ඉදිකරලා තිබුණා. ඒ වැඩ සඳහා පැරණි සොරොව්වට (sluice එකට) අඩි 135ක් පමණ දුරින් steel sheet piles drive කරලා තිබුණා.
![]() |
| බිඳී යෑමට පෙර පැවති ඉපැරණි සොසොරොව්ව |
![]() |
| කන්තලේ වැව් බැම්ම උඩින් බැලූ විට. (Plan Veiw) පැරණි සොරව්වත්ඊට මීටර් හතළිහක්, ඈතින් තියෙන ජල පොම්පාගාරයත්. 1982 දී සිදුවුණු ගිලාබැසීමත් කන්තලේ කොළඹ. මාර්ගයත් මෙහි දැක්වෙනවා. |
එදා සිදුවුණේ මොකක්ද?
1986 අප්‍රේල් 19 වෙනිදා කන්තලේ වැවෙන් යල කන්නයට ජලය නිකුත් කිරීම ආරම්භ කරලා තිබුණා. පසුදා, අප්‍රේල් 20 වැනිදා පාන්දර 4.00ට පමණ වම් ඉවුරේ සොරොව්වේ ගේට්ටු දෙක අඟල් හතරක් පමණ විවෘත කර තිබූ අතර, ඒ වෙලාවේ සොරොව්වේ ජලය ගලායාම සාමාන්‍ය තත්ත්වයේ තිබුණා. වැවත් ඒ වනවිට එහි උපරිම ධාරිතාවයේ ( Full Supply Level -FSL) එකේ තිබුණා.
නමුත් පැය භාගයක්වත් ගතවෙන්න කලින් තත්ත්වය වෙනස් වෙනවා.
පාන්දර 4.30ට පමණ තද සුළඟක් හමනවා වගේ අසාමාන්‍ය විශාල ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම සොරොව්වෙන් පිටවන ජල ප්‍රමාණය හදිසියේ වැඩිවෙලා, ජලය ඉහළට විසිවෙමින් දැඩි “hissing” ශබ්දයක්ද ඇතිවෙනවා. සිද්ධිය වාරිමාර්ග ඉංජිනේරුවරයාට දැනුම් දුන්නාම ඔහු එතැනට පැමිණෙන අතර, ඒ වනවිටත් අතිවිශාල වේගයකින් ජලය පිටවෙමින් තිබුණා.
තත්ත්වය පාලනය කළ නොහැකි බව තේරුම් ගත් පසු, පහළ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමට පොලීසිය සහ ආසන්න මුස්ලිම් පල්ලිය හරහා පණිවිඩ යැවීමට කටයුතු කරනවා.
ඉන්පසුව සිදුවෙන්නේ ඉතා වේගවත් failure progression එකක්. සොරොව්ව ආශ්‍රිතව ආරම්භ වූ ජල ගලායාමත් සමඟ බැම්මේ පස් ඉවත් වෙමින්, ජල මාර්ගය තව තවත් විශාල වෙනවා. ජලය වැඩිවෙන තරමට පාංශූ ඛාදනය (erosion) එක වැඩිවෙනවා; පාංශූ ඛාදනය ( erosion) එක වැඩිවෙන තරමට තවත් වැඩි ජල ප්‍රමාණයක් පිටවෙනවා. අවසානයේ එය විශාල breach එකක් බවට පත්වෙලා, වැවේ රඳවාගෙන තිබුණු අතිවිශාල ජල කඳ පහළ ප්‍රදේශයට මුදාහැරෙනවා.
![]() |
| අඩි 300 ක් පමණ පළල වනසේ කැඩී ගිය වම් ඉවුරේ හරස් කඩක්. ,දුඹුරු පාට ඉරෙන් කැඩී. ගිය ප්‍රමාණයේ මායිම දැක්වෙනවා. |
.jpg)
![]() |
| කන්තලේ වැව් බැම්ම කඩාගෙන යෑමෙන් පසු, වතුර සියල්ල සිඳී ගිය වැව (ඡායාරූප අයිතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ භද්‍රා කමලදාස මහත්මියගේ ඉදිරිපත් කිරීම සතුය) |
Sunny day Faliure
කන්තලේ සිද්ධිය ගැන කතා කරනකොට මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත් වචනයක් තියෙනවා — “Sunny Day Failure”.
Dam engineering වලදී Sunny Day Failure කියන්නේ, අධික වර්ෂාවක්, විශාල ගංවතුරක් හෝ spillway capacity එක ඉක්මවා ගිය extreme flood event එකක් නිසා නොව, සාමාන්‍ය මෙහෙයුම් තත්ත්වයක් යටතේ වේල්ලක් බිඳී යාමටයි. ඒ නිසා මෙවැනි failure එකකදී ප්‍රධාන අවධානය යොමුවෙන්නේ overtopping වගේ flood-related හේතුවකට වඩා, වේල්ල ඇතුළේ හෝ foundation එකේ ඇතිවුණු seepage, piping/internal erosion, structural deterioration, පැරණි conduits හෝ sluices ආශ්රිත දුර්වලතා වගේ කරුණු වෙතයි.
කන්තලේ සිද්ධියත් ඒ අර්ථයෙන් වැදගත් Sunny Day Failure එකක්. 1986 අප්‍රේල් 20 වැනිදා වැව, එහි උපරිම ධාරිතාවයේ. ( Full Supply Level - FSL) එකේ තිබුණත්, එදා මේ failure එක ඇතිවුණේ අසාමාන්‍ය ගංවතුරක් ඇවිත් බැම්ම උඩින් වතුර ගලා ගිය නිසා නොවෙයි. එදා පාන්දර යල කන්නයට සාමාන්‍ය පරිදි ජලය නිකුත් කරමින් තිබියදී තමයි වම් ඉවුරේ පැරණි සොරොව්ව ආශ්‍රිතව අසාමාන්‍ය ජල ගලායාමක් පටන්ගෙන, ඉතා කෙටි කාලයක් ඇතුළත එය විශාල breach එකක් දක්වා වර්ධනය වෙන්නේ.
![]() |
| කඩන් ගිය වැව් බැම්මේ දකුණු අත මුහුණතේ පින්තූරයක්. ජලාප්‍රවාහන මණ්ඩලයේ වතුර පොම්පාගාරය සඳහා ඉදිකරන ලද කුඩා ගොඩනැගිල්ල සහ එයට ගැසූ ශීට් පයිල් ද මෙහි දක්නට ලැබෙනවා. |
විනාශයේ තරම කොච්චරද.
මේ failure එකේ බරපතළකම තේරුම් ගන්න නම්, එයින් සිදුවුණු ජීවිත හා දේපළ හානියත් මතක් කරන්නම ඕන.
1986 අප්‍රේල් 20 පාන්දර බැම්ම බිඳී ගියාට පස්සේ වැවේ රඳවාගෙන තිබුණු අතිවිශාල ජල කඳ ඉතා වේගයෙන් පහළ ප්‍රදේශවලට ගලා ගියා. බොහෝ දෙනෙක් නිදාගෙන සිටි වෙලාවක් නිසා බේරී යන්න තිබුණු කාලයත් ඉතා සීමිතයි.
පසුව පැවැත්වූ නිල පරීක්ෂණයේ සංඛ්‍යා අනුව මේ ව්‍යසනයෙන් පුද්ගලයන් 127 දෙනෙකුට ජීවිත අහිමි වුණා. 10,864 දෙනෙක් පමණ සෘජුව බලපෑමට ලක්වුණු අතර නිවාස 1,200ක් පමණ විනාශ වුණා. වගාබිම් විශාල ප්‍රමාණයක් ජලයට සහ රොන්මඩට යටවුණා. මාර්ග, දුම්රිය මාර්ග, පාසල්, රෝහල්, රාජ්‍ය ගොඩනැගිලි, විදුලි හා ජල සැපයුම් වගේ පොදු යටිතල පහසුකම්වලටත් බරපතළ හානි සිදුවුණා.
![]() |
| පැරණි සොරෝවේ බිත්ති කැඩීයාමනිසා. වැව් බැම්ම කැඩී යාම ආරම්භ වූ ආකාරය. . |
මේ ඛේදවාචකින් ඉගෙන ගත් පාඩම් මොනවද.
Failure එකෙන් පස්සේ සිදුකළ GIBBS inquiry එකේ ඉදිරිපත් කර තිබුණු most probable explanation එක තවත් වැදගත්. ඔවුන්ගේ නිගමනය අනුව පැරණි sluice barrel එකේ upstream පැත්තේ masonry deterioration වීමත්, කාලයත් සමඟ lime mortar එක permeable වෙලා finer material sluice එක තුළට ගලායාමත් නිසා දිගුකාලීන deterioration process එකක් ඇතිවෙලා තිබෙන්න පුළුවන්. 1982දී මතු වුණු sinkhole එක ඒ ක්‍රියාවලියේ evidence එකක් ලෙසත් ඔවුන් සලකා තිබුණා.
Pile driving එක මූලික හේතුව ලෙස නොව, මේ වනවිටත් සිදුවෙමින් තිබුණු deterioration process එක accelerate කරන්න ඇති කියන අදහසත් inquiry එකෙන් ඉදිරිපත් කරලා තිබුණා.
මේ සියල්ල අහගෙන ඉන්නකොට මට හිතුණේ කන්තලේ failure එකෙන් අපට ලැබෙන ලොකුම පාඩම failure එක සිදුවුණු මොහොතේ තියෙන්නේ නෙමෙයි කියලා.
Failure එකට කලින් අවුරුදු ගණනාවක් තිස්සේ dam එක අපට මොනවාද කියමින් හිටියේ?
Seepage තිබුණා. Piping ගැන වාර්තා තිබුණා. Inspection කරන්න අපහසු තත්ත්වයක් තිබුණා. Sluice එක ආසන්නයෙන් sinkhole එකක් මතුවුණා. පැරණි structure එකක් ආසන්නයේ heavy construction work සිද්ධ වුණා.
මේවා එක එක isolated incident විදිහට බැලුවොත් එක කතාවක්. හැබැයි ඒවා එකට තියලා බැලුවොත් තවත් කතාවක්.
ඉංජිනේරු විද්‍යාවේ dam safety කියන්නේ crack එකක් හදන එකවත්, sinkhole එකක් පුරවන එකවත්, seepage එකක් නවත්වන එකවත් විතරක් නෙමෙයි. ඒවා symptoms නම්, ඒ symptoms ටික එකිනෙකට සම්බන්ධ කරන underlying failure mechanism එක හඳුනාගන්න එකයි වැදගත්.
කන්තලේ ව්‍යසනයෙන් පස්සේ ලංකාවේ dam safety ක්ෂේත්රයේත් සැලකිය යුතු වෙනස්කම් ඇතිවෙලා තිබුණා. UK technical assistance යටතේ පැරණි විශාල වේලි දහයක risk level අධ්‍යයනය කිරීම, Irrigation Department නිලධාරීන්ට training ලබාදීම, dams hazard classification කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම, Irrigation Department එක තුළ Dam Safety Unit එකක් පිහිටුවීම සහ පසුව 1997දී Dam Safety Branch එක independent division එකක් ලෙස ස්ථාපිත කිරීම ඒ අතරින් කිහිපයක්.
ඒ නිසා 1986 කන්තලේ ව්‍යසනය කියන්නේ අතීතයේ සිදුවුණු ඛේදවාචකයක් විතරක් නෙමෙයි. ලංකාවේ dam safety ගැන හිතන විදිහ වෙනස් කරන්නත් ඒ සිද්ධිය විශාල බලපෑමක් කරලා තියෙනවා.
වසර හතළිහකට ආසන්න කාලයකට පස්සේ මේ කතාව ආයෙත් අලුත් පරම්පරාවට කියන්න ඕන කියලා හිතපු ඒ තරුණ ඉංජිනේරුවාටත්, ඒ අදහසට ඇහුම්කන් දීලා මේ වගේ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ IESL එකටත් ඒ නිසා විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕන.
මොකද ඉංජිනේරු වෘත්තියේදී අපි failures ගැන ආපහු කතා කරන්නේ කාට හරි වරද පටවන්න නෙමෙයි.
අතීතයේ failure එකක් හරියට තේරුම් ගත්තොත්, අනාගතයේ failure එකක් වළක්වාගන්න පුළුවන් නිසා.
| කන්තලේ දකුණු ඉවුරේ ඇති Radial Spillgates.වම් ඉවුර කඩාගෙන යන දවසේ, උදේ 8 වන විට මේවත් විවෘත කලා |

.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)


.jpg)
.jpg)


විෂය ගැන දැනීමක් නැති නිසා සමහර කාරණා වැඩි තේරීමක් නැතුවා. ඒත් දළ අදහස ඉහටත් උඩින් පැහැදිලියි!
ReplyDelete//අවුරුදු ගණනාවක් තිස්සේ dam එක අපට මොනවාද කියමින් හිටියේ?// වෙදමහත්තයෙක් දවසක් කීව, ලොකු ලෙඩ එකපාර පත්තුවෙලා එන්නෙ නෑ. කලින් පෙරනිමිති පෙන්නනවාත. ඒ බලල ලෙඩේ යන්නෙ කොහිටද කියල අඳුරගත්තොත් වැඩේ නියපොත්තෙන් හමාර කරගන්න පුලුවන් කියල. හුම්...
ස්තුතියි නමි, මේ ලිපිය කියවලා අදහස් දැක්වුවාට. මේක ටිකක් තාක්ෂණික ලිපියක් තමයි. ඇත්තටම මම මේ ජාතියේ ලිපියක් ලියපු පළවෙනි වතාව. ඒ වෙනුවෙන්ම බ්ලොග් එකේ අලුත් ලේබල් එකකුත් පටන් ගත්තා.
Deleteමේ බ්ලොග් එකට නිතර එන පාඨකයෙක් විදිහට නමිගෙන් මේ ගැන අදහසක් දැනගන්නත් කැමතියි. ඉස්සරහටත් මේ වගේ ලිපි ලිව්වොත් කොහොමද? තාක්ෂණික පැත්ත වැඩි නිසා සාමාන්‍ය පාඨකයාට ටිකක් බර වැඩි වෙයිද, නැත්නම් මේ විදිහට ලියන එක හොඳද?
මේ ලිපියෙත් පුළුවන් තරම් තාක්ෂණික පැත්ත අඩු කරලා සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට ලියන්න තමයි උත්සාහ කළේ. හැබැයි සමහර ඉංග්‍රීසි තාක්ෂණික වචන නම් එහෙමම තියන්න වුණා. ඒවා සිංහලට හරවන්න ගියාම සමහර වෙලාවට පැහැදිලි වෙනවාට වඩා තවත් අවුල් වෙනවා.
ඔව්, මිනිස් ඇඟේ ලෙඩක් වගේම තමයි මහා පරිමාණ ඉදිකිරීම්වලත්. එකපාරටම කඩා වැටෙනවා වගේ පෙනුණත්, බොහෝ වෙලාවට ඊට කලින් යම් යම් පෙරනිමිති පහළ වෙනවා. ඒවා වෙලාවට හඳුනාගන්න එක තමයි වැදගත්. ඒකට පොතේ දැනුම විතරක් මදි. අත්දැකීම, නිරීක්ෂණය, හැදෑරීම වගේම යමක් වැරදි පැත්තකට යනවා කියලා දැනෙන ඉංජිනේරුමය විචක්ෂණභාවයත් අවශ්‍යයි.
'මයියා28 September 2026 at 02:11
Deleteස්තුතියි නමි, මේ ලිපිය කියවලා අදහස් දැක්වුවාට. මේක ටිකක් තාක්ෂණික ලිපියක් තමයි. ඇත්තටම මම මේ ජාතියේ ලිපියක් ලියපු පළවෙනි වතාව. ඒ වෙනුවෙන්ම බ්ලොග් එකේ අලුත් ලේබල් එකකුත් පටන් ගත්තා.
මේ බ්ලොග් එකට නිතර එන පාඨකයෙක් විදිහට නමිගෙන් මේ ගැන අදහසක් දැනගන්නත් කැමතියි. ඉස්සරහටත් මේ වගේ ලිපි ලිව්වොත් කොහොමද? තාක්ෂණික පැත්ත වැඩි නිසා සාමාන්‍ය පාඨකයාට ටිකක් බර වැඩි වෙයිද, නැත්නම් මේ විදිහට ලියන එක හොඳද?'
වැඩක් නැත්තං දිලිත් ජයවීර ගේ පුකේ ඇගිල්ල ගහලා සුවඳ බලපන් #යියා
මේක කියවනකොට කාලෙක ඉඳල ගොයියන්ගෙ මැසිවිල්ලක් මතක් වුනා. 'අපිට කුඹුරැ කරන්න වතුර දෙන්නෙ නෑ' කියන එක. වතුර තිබිල සොරොව් අරින්නැතිව ඉන්නවද, බලධාරීන්ගෙ ලොකුකම, නීති, හෝ වෙන මොනා හරි හන්දද?
ReplyDeleteඔය ප්රශ්නය හොඳ එකක්. හැබැයි වැවේ වතුර තියෙනවා කියන එකයි, ඒ වතුර ඔක්කොම කුඹුරට නිකුත් කරන්න පුළුවන් කියන එකයි දෙකක්.
DeleteReservoir එකක් operate කරනකොට අද තියෙන වතුර විතරක් බලලා සොරොව් අරින්නේ නැහැ. ඉදිරි මාසවලට එන inflow එක, කන්නයේ මුළු irrigation requirement එක, බීමට අවශ්‍ය ජලය, evaporation losses, වැවේ තියාගන්න ඕන minimum storage එක වගේ දේවල් එක්ක water balance එක බලලා තමයි release schedule එක හදන්නේ. ඒ නිසා සමහර වෙලාවට වැව පිරීලා වගේ පෙනුණත් ඉල්ලන ප්‍රමාණයට වතුර දෙන්න බැරි වෙන්න පුළුවන්.
ඒ නිසා “ගොවියන්ට වතුර දෙන්නේ නැත්තේ බලධාරීන්ගේ ලොකුකමටද?” කියලා හැම අවස්ථාවක්ම එකම විදිහට කියන්න අමාරුයි. සමහර තැන්වල management ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් reservoir operation එකේදී ගොවියාගේ අද අවශ්‍යතාවයත්, ඉදිරි කන්නයේ ජල අවශ්‍යතාවයත්, වැවේ ආරක්ෂාවත් එකට balance කරන්න වෙනවා.
අන්තිමට සොරොව්ව අරින තීරණයත්, නොඅරින තීරණයත් දෙකම engineering decision එකක කොටසක්.
කියෙව්වා.
ReplyDelete+++++++++++++++++👌
විෂය ගැන දැනීමක් නැති නිසා සමහර කාරණා වැඩි තේරීමක් නැතුවා. ඒත් දළ අදහස ඉහටත් උඩින් පැහැදිලියි x2
බොහොම ස්තුතියි බස්සා මහත්මයා. මම කැමතියි නමිතුමාට යොමු කරපු ප්‍රශ්නයම ඔබතුමාටත් යොමු කරන්න.
Deleteමේ වගේ තාක්ෂණික ලිපියක් මම බ්ලොග් එකේ ලියපු පළවෙනි වතාව. ඉස්සරහටත් මේ වගේ ලිපි කීපයක් ලියන්න අදහසක් තියෙනවා. හැබැයි මට තියෙන ප්රශ්නය තමයි තාක්ෂණික පැත්ත වැඩි වුණාම සාමාන්‍ය පාඨකයාට ඒවා තේරුම් ගන්න අමාරු වෙයිද කියන එක.
මේ ලිපියෙත් පුළුවන් තරම් තාක්ෂණික කරුණු සරල කරලා, ඒ විෂය ගැන විශේෂ දැනුමක් නැති කෙනෙකුටත් තේරෙන විදිහට ලියන්න තමයි උත්සාහ කළේ. ඒ උත්සාහය කොයිතරම් සාර්ථකද කියලා පාඨකයෙක් විදිහට ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි. ඉස්සරහට මේ වගේ ලිපි ලියනකොට ඒ අදහස් මට ගොඩක් වටිනවා.
//ඊට කලින් අවුරුදු ගණනාවක් තිස්සේ බැම්මෙන් seepage සහ piping වාර්තා වෙලා තිබුණා//
Delete// පැරණි සොරොව්වට ( sluice එකට ) අඩි විස්සක් විතර ආසන්නයෙන් අඩි තුනක පමණ විෂ්කම්භයක් සහ අඩි දෙකක් පමණ ගැඹුරක් ඇති ගිලාබැසීමක් (sinkhole එකක්) මතු වෙලා තිබුණා. ඒක කපලා විවෘත කරලා, ජල මට්ටම අඩු වෙලාවක නැවත පුරවලා //
//ඒ කාලය ආසන්නයේම ජල පොම්පාගාරයක් ( pump house එකක්) ඉදිකරලා තිබුණා. ඒ වැඩ සඳහා පැරණි සොරොව්වට (sluice එකට) අඩි 135ක් පමණ දුරින් steel sheet piles drive කරලා තිබුණා//
පුදුමෙකුත් නෑ, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් නෙව?
//අතීතයේ failure එකක් හරියට තේරුම් ගත්තොත්, අනාගතයේ failure එකක් වළක්වාගන්න පුළුවන්//
එහෙම කරපු දෙයක් ගැන තාක්ෂණික ලිපියක් ලිව්වොත් කස්ටිය බලන්න එයි. මේ AI යුගේ, හුදී ජනයාට තාක්ෂණික දේවල් තේරුම් ගන්න එක එතරම්ම අපහසු නෑ(ඕන කමක් තියනව නං). ඒ ගැන ඒ හැටි වද වෙන්න එපා. සාමාන්‍යයෙන් වෙන්නෙ, ලිපිය නීරස වුනොත් උනන්දුව නැති වෙන එකයි/
බොහෝ අය ලිපි කියවන්න එන්නේ:
1. පොඩි ෆන් එකක් ගන්න
2. මම වගේ අය එන්නෙ, වැඩියක්ම "පිට කසව ගන්න"
3. අනිත් යාලු-ෆිට් කමෙන්ට් කාරයො එක්ක පොඩි කයියක් ගහන්න.
4. සමහරු එන්නෙ, "මැක්කා වනාහී..." තියරියෙන් පොලිටිකල් ඇරියස් ගන්න.
ඒ නිසා පට්ට සීරියස්ම නොවී, පාඨකයන්ගේ උනන්දුව රැකෙන විදිහට පෝස්ට් එක ලිවීම ඔබේ වගකීම. මේ මගේ පෞද්ගලික අදහස - වැරදි වෙන්නෙත් ඇහැකි.
මමනං ඉතින් දැන් බ්ලොග් කියවන්නෙම නැති ගානයි. බස්සාගෙ බ්ලොග් එක පැත්තෙ නිකමට ගොඩවුනාම මේක තියෙනවා දැක්කා. ඒ ගමන ගොඩවෙලාම බැලුවා. මේ වගේ අගනා ලිපියකට කමෙන්ට් එකක් නොදා යන්න හිත දුන්නෙ නෑ.
Deleteඅපි පුංචි කාලෙ සමාජයේ ලොකු හාහෝවක් ඇති කරපු කන්තලේ වැව් බැම්ම බිඳීයාම මට සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහිල්ලයි තිබුනෙ ආයෙමත් මේ ලිපිය දකිනකං. ඒක ගැන ආයෙමත් කතිකාවතක් ඇතිකරන්නැයි ඉල්ලා හිටිය ඒ ඉංජිනේරුවාටත්, ඒ ඉල්ලීම නොසලකා නොහැර සම්මන්ත්‍රණයක් පවත්වන්න තීරණය කරපු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයටත්, ඒ සම්මන්ත්‍රණයට සහභාගි වෙලා නිකං නොහිට ඒ ගැන තවත් අයට දැනුමක් ලබාදෙන්න මේ ලිපිය ලියාපු ඔබටත් බොහොම ස්තූතිවන්ත වෙනවා.
මේ ලිපිය සහ අදාල ඡායාරූප ටික බොහොම වටිනා නිසා මම ඒ ටික බාගත කරගන්න තීරණය කලා. ඒ ගැන ඔබේ අහිතක් නැතැයි සිතනවා.
// මේ වගේ තාක්ෂණික ලිපියක් මම බ්ලොග් එකේ ලියපු පළවෙනි වතාව. ඉස්සරහටත් මේ වගේ ලිපි කීපයක් ලියන්න අදහසක් තියෙනවා. හැබැයි මට තියෙන ප්රශ්නය තමයි තාක්ෂණික පැත්ත වැඩි වුණාම සාමාන්‍ය පාඨකයාට ඒවා තේරුම් ගන්න අමාරු වෙයිද කියන එක. //
ටිකක් විතර තාක්ෂණික නොවී මේ වගේ ලිපියක් ලියන්නෙ කොහොම ද? අනිවාර්යයෙන්ම තාක්ෂණික වචන පාවිච්චි කරන්න වෙනවා නේ ද? සාමාන්‍ය පාඨකයාට ඒ වචන තේරෙන්නැති වෙයි කියා හිතනවා නම් ඔබට පුලුවන් ලිපියේ අගට පොඩි අටුවාවක් එකතු කරන්න (ෆුට් නෝට් එකක් විදියට), ඒ වචන වල තේරුම් විස්තර කරමින්.
සමහර විට ඔබේ පාඨකයො හැමෝම එවැනි ලිපිවලට කැමැති නැති වෙන්න පුලුවන්. ඒත් එවැනි දේට කැමැති 10-15ක් දෙනෙක් හරි ඒ ලිපිය කියවාවි. ඒ ගැන අදහස් දක්වාවි. වැදගත්ම දේ තමා ඔබ ලියන ඒ වැදගත් ලිපි අන්තර්ජාලයේ කොහේ හෝ රැඳිලා තියේවි. මතු යම් දවසක ඒ මාතෘකාව ගැන සොයා බලන කෙනෙකුට ඒ ලිපිය දකින්නට ලැබේවි. ඒ පුද්ගලයා ලිපිය සහ කමෙන්ට්ස් කියවලා ඔබට සිතින් ස්තූතිවන්ත වේවි ඒ ලබාදුන් දැනුම ගැන.
This comment has been removed by a blog administrator.
Deleteබොහොම ස්තූතියි. බසු මහත්තයා ඔබගේ අගනා පිළිතුරට.
Deleteහහ් හහ්... “ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් නෙව?” කියන එකට නම් මම මුකුත් කියන්නේ නෑ. 😄
හැබැයි ඔයා අන්තිමට කියපු කාරණයට නම් සම්පූර්ණයෙන්ම එකඟයි. Technical ලිපියක් කියලා ඒක textbook එකක chapter එකක් වගේ ලියන්න ගියොත්, කොච්චර වටින කරුණු තිබුණත් මැද හරියෙදි කට්ටිය හැලෙනවා.
මම මේ ලිපිය ලියද්දිත් මට තිබුණු ලොකුම ප්රශ්නය ඒක තමයි. Seepage, piping, hydraulic gradient, internal erosion කිය කියා ගියොත් මේ field එකේ නැති කෙනෙකුට නීරස වෙයිද කියන සැකය තිබුණා. හැබැයි ඔයා කියනවා වගේ දැන් AI එකත් එක්ක නොතේරෙන technical කෑල්ලක් වුණත් අහලා තේරුම් ගන්න එක ඉස්සරට වඩා සෑහෙන්න ලේසියි.
ඒ නිසා ඉස්සරහට තව මේ වගේ ලිපි ලියනවා නම් technical ගැඹුර අඩු කරනවාට වඩා, ඒක කියවන කෙනා ඇදගෙන යන කතාවක් ඇතුළේ technical ටික දාන එක තමයි කරන්න ඕන කියලා මටත් හිතෙනවා.
අර පාඨකයෝ වර්ග කරපු එකට නම් හිනා ගියා. 😄 “පිට කසවා ගන්න” එන කට්ටියයි, කයියක් ගහන්න එන කට්ටියයි, අන්තිමට කොහෙන් පටන් ගත්තත් “මැක්කා වනාහී...” කියලා politics වලින් ඉවර කරන කට්ටියයි නැත්නම් බ්ලොග් එකක රහකුත් නෑනේ.
ඒ නිසා මේ feedback එක වටිනවා. Technical දේ technical විදිහටම තියාගෙන, ඒක නීරස නොවෙන්න කියන කතාව මතක තියාගන්නම්. 😄
@Burantino
Deleteබොහොම ස්තූතියි මේ තරම් හෘදයාංගම කමෙන්ට් එකකට.
බ්ලොග් කියවන්නෙත් දැන් නැති ගානයි කියන කෙනෙක්, අහම්බෙන් මේ පැත්තට ඇවිත් ලිපිය සම්පූර්ණයෙන් කියවලා මෙච්චර දිග කමෙන්ට් එකකුත් දාලා යන එකම මට ලොකු සතුටක්. 😊
ඡායාරූපත් එක්ක ලිපිය බාගත කරගත්තට කිසිම අහිතක් නෑ. ඇත්තටම සතුටුයි. මේ දැනුම පුළුවන් තරම් දෙනෙක් අතරට යන එක තමයි වැදගත්.
Technical වචන ගැන කියපු කතාවත් හරි. මේ ලිපිය ලියද්දි මට තිබුණු ලොකුම දෙගිඩියාව තමයි ඒක. Technical පැත්ත අයින් කළොත් කතාවේ වැදගත්ම කොටස නැතිවෙනවා. වැඩියෙන් දැම්මොත් සාමාන්‍ය පාඨකයාට නීරස වෙයිද කියලා හිතෙනවා. ඔබ කියන විදිහට අවශ්‍ය technical terms තියාගෙන, ඒවාට සරල පැහැදිලි කිරීමක් හෝ අගට පොඩි අටුවාවක් දාන එක හොඳ විසඳුමක්. ඉස්සරහට ඒ ක්‍රමයත් අත්හදා බලන්නම්.
හැබැයි ඔබ අන්තිමට කියපු කාරණය තමයි මගේ හිතට වැඩියෙන්ම වැදුණේ. අද මේක කියවන්නේ දහ දෙනෙක්ද, පහළොස් දෙනෙක්ද කියන එකට වඩා, ලිපිය අන්තර්ජාලයේ කොහේ හරි ඉතුරු වෙලා තිබිලා තව අවුරුදු පහකින් දහයකින් හරි “කන්තලේ වැව් බැම්මට මොකද වුණේ?” කියලා හොයන කෙනෙකුට හම්බවෙනවා නම් ඒකත් ලොකු වටිනාකමක්.
ඇත්තටම මට මේ ලිපිය ලියන්න හිතුණෙත් ඒ වගේ අදහසකින්. සම්මන්ත්‍රණයට සහභාගී වෙලා මම දැනගත්ත දේවල් මගේ ළඟම තියාගෙන ඉන්නවාට වඩා, පුළුවන් තරම් සරලව තවත් කෙනෙකුට කියවන්න ඉතුරු කරලා තියන එක වටිනවා කියලා හිතුණා.
ඒ නිසා මේ කමෙන්ට් එක මට තවත් මේ වගේ ලිපි ලියන්න හොඳ උත්තේජනයක්. ආයෙමත් බොහොම ස්තූතියි. බ්ලොග් කියවන්නේ නැති ගානයි කිව්වට, ඉඳලා හිටලා හරි මේ පැත්තෙත් ගොඩවෙලා යන්න. 😊
මයියෝ,
ReplyDeleteහිත ගත් එකකි මගෙ ඔබ ලියු පෝස්ටුව
පස්ස නොගහ ලියමුකො 'ලේබලෙන්' තව
තාක්ෂණික දේ වුව වටිනවා නෙව
post එක අගෙයි මතු පරපුරට වුව!
//ඒ නිසා පට්ට සීරියස්ම නොවී, පාඨකයන්ගේ උනන්දුව රැකෙන විදිහට පෝස්ට් එක ලිවීම ඔබේ වගකීම. මේ මගේ පෞද්ගලික අදහස.//
Deleteමගෙත් අදහස ඒකමයි!
ස්තුතියි නිදි ඔබගේ අගනා කවියට
Deleteහිත ගත් බව කියූ එක හිතට සතුටකි
ලියන ගමන යන්නට එය හොඳම සවියකි
තාක්ෂණික දේ වුව රස කර ලිය හැකියි
මතු පරපුරට ඉතිරි වුණොත් එය වටිනවයි
ලේබලය ඇරඹුවේ එක ලිපියකින් තමයි
පස්ස නොගහ තව ලියන්න හිතත් දැන් කියයි
අද අප ලියන දේ හෙට කාට හෝ වැඩක් වෙයි
එහෙම වුණොත් මේ ලියවිල්ලෙ අරුත එයයි!
මේ වගෙ කරුණු ලියනා අය බොහොම හිඟයි
Deleteසටහන් මේ වගේ තව තව ලිවිය යුතුයි
සත්තයි සහතිකයි මයියෝ මෙය ඇත්තයි
අදටත් වැඩිය ඒවා හෙට අගය කෙරෙයි
🙏🙏🙏
Deleteඒ කාලේ කතාවක් ගියා කොටි ගහලා ඕක කැඩුනේ කියලා. ඇත්ත නැත්ත මම දන්නේ නැහැ
ReplyDeleteස්තුතියි ඔබේ අදහසට. මේ මකවානුව තුළින් කන්තලේ සහ තිකුණාමලය ආශ්‍රිතව එල්ටීටීඊ. කොටි තර්ජන බහුලව පැවතියත්, කන්තලේම කැඩීමකැඩීම එවන් ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි. තහවුරුයි.
Delete@බස්සා මහත්තයා
ReplyDeleteහැබැයි බස්සා, මෙතැන ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන්න ඕන credit එකත් දෙන්න ඕන.
ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන්නේ ඉතාම ප්‍රෞඪ ඉංජිනේරු ඉතිහාසයක් තියෙන ආයතනයක්. සුද්දගේ කාලේ ඉඳලා මේ රටේ ජල සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රය තුළ එකතු කරගත්ත අතිවිශාල දැනුම් සම්භාරයක්, වටිනා technical records සහ පුස්තකාලයක් වගේම පරම්පරා ගණනාවක් තිස්සේ බිහිවුණු ඉතා දක්ෂ හා පළපුරුදු ඉංජිනේරුවන් පිරිසක් හිටපු ආයතනයක්.
එහි හිටපු Ponraj මහත්තයා වගේ ඉංජිනේරුවන් ලියපු කෘති පවා අදටත් අපි reference books විදිහට පාවිච්චි කරනවා. ඒකෙන්ම ඒ කාලේ එතැන තිබුණු engineering knowledge base එකේ තරම හිතාගන්න පුළුවන්.
කාලයත් එක්ක ඒ අතීත ශ්‍රී විභූතියෙන් යම් ප්‍රමාණයක් අද අඩුවෙලා ඇති. අනෙක් රාජ්‍ය ආයතනවලට වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවටත් ප්‍රශ්න ඇති. කන්තලේ වගේ failure එකක් ගැන කතා කරනකොට ඒ අඩුපාඩු ගැනත් විවෘතව කතා කරන්නම ඕන.
හැබැයි ඒ එක සිද්ධියක් හෝ අද තියෙන අඩුපාඩු ටිකක් නිසා ආයතනයේ සමස්ත ඉතිහාසයම “ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්නේ” කියලා අහක දාන්නත් බෑ. ලංකාවේ වාරි ශිෂ්ටාචාරය නවීන යුගයට ගෙන එන්නත්, විශාල ජලාශ හා වාරිමාර්ග පද්ධති ගොඩනගන්නත්, පවත්වාගෙන යන්නත් මේ ආයතනය කරපු සේවය අතිවිශාලයි.
ඒ නිසාම කන්තලේ වගේ failure එකක් ගැනත් විවෘතව කතා කරලා, වැරදුණු තැන් හොයලා, ඒවායින් ඉගෙනගෙන ඊළඟ පරම්පරාවට ඒ දැනුම දෙන්න ඕන. ඒකත් ඒ ප්‍රෞඪ engineering tradition එකේම කොටසක් කියලයි මට හිතෙන්නේ.
ඩෑම් පූල් පුකේ නූල්
ReplyDelete😁😁
Deleteබොහොම ස්තූතියි !
ReplyDeleteස්තුතියි ප්‍රා ජේ මහත්මයා ඔබගේ පැමිණීමට.
Deleteඅමතක වෙලා තිබුන ඛේදවාචකයක්. Blame Game එකකට නොයා නියම වෘත්තීය ස්වභාවයෙන් විශ්ලේෂණය කරලා ඉගෙන ගන්න විදිහ හැමෝටම පාඩමක්. ඉංජිනේරු මහත්වරු කරපු හොඳ වැඩක්. ලංකාවේ දැනට තිබෙන මහා ජලාශ ගැන වාරිමාර්ග ඉංජිනේරුවෝ අවධානයෙන් ඉන්න වැඩපිළිවෙලක් දිගටම ඇති නේද ?
ReplyDeleteස්තුතියි නිහඬ පාල මහත්මයා ඔබගේ අදහසට.
Deleteබොහොම ස්තූතියි. මටත් මේ සම්මන්ත්‍රණයේ වඩාත්ම වටිනාකමක් දැනුණේ ඔය කාරණයම තමයි. අවුරුදු හතළිහකට කලින් වෙච්ච දෙයකට අද කාව හරි වැරදිකාරයෙක් කරන්න උත්සාහ කරනවාට වඩා, එදා තිබුණු දැනුම, තාක්ෂණය සහ තත්ත්වයන් එක්ක මොකක්ද වැරදුණේ, warning signs මොනවද, අද එවැනි දෙයක් වළක්වාගන්නේ කොහොමද කියලා වෘත්තීයමය විදිහට බලන එක.
ඔව්, කන්තලේ සිද්ධියෙන් පස්සේ ලංකාවේ dam safety ගැන අවධානය සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඒ සිද්ධියෙන් පසුව විශාල වේලි ගණනාවක් විශේෂයෙන් පරීක්ෂා කිරීම, hazard classification කිරීම, නිලධාරීන් පුහුණු කිරීම වගේ වැඩ ආරම්භ වෙලා, පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව තුළ Dam Safety Unit එකක් සහ 1997දී වෙනම Dam Safety Branch එකක් දක්වා ඒ වැඩපිළිවෙළ වර්ධනය වෙලා තියෙනවා.
ඒ වගේම dam safety කියන්නේ එක වතාවක් inspection එකක් කරලා “හොඳයි” කියලා ඉවර කරන වැඩක් නෙමෙයි. Seepage, settlement, cracks, instrumentation readings, spillways, gates, reservoir levels වගේ දේවල් දිගටම monitor කරමින්, periodic inspections කරමින් යන්න ඕන ක්‍රියාවලියක්. මම කලින් share කරපු භද්‍රා කමලදාස මහත්මියගේ ලිපියෙත් ඒ continuous monitoring සහ inspection එකේ වැදගත්කම හොඳට අවධාරණය කරනවා.
කන්තලේ අපට දීපු ලොකුම පාඩමත් ඒක වෙන්න ඇති. වේල්ලක් ආරක්ෂිතද කියන ප්‍රශ්නයට අවුරුදු දහයකට කලින් දුන්න උත්තරය අදටත් එහෙමම වලංගුයි කියලා හිතන්න බෑ. ඒක දිගටම බලමින්, අලුත් දත්ත එක්ක නැවත නැවත තහවුරු කරගන්න ඕන දෙයක්.
This comment has been removed by the author.
Deleteස්තූතියි විස්තරේට. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සක්‍රීයව dam safety ගැන වැඩ කරගෙන යනවා කියන එක අහන්න ලැබීමත් සතුටක්.👌💐
DeleteSoil Erosion under a Dam: Piping
ස්තුතියි බස්සා මහත්තයෝ, ලින්ක් එක share කළාට. Piping කියන්නේ මොකක්ද කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට බොහොම සරලව පැහැදිලි කරපු හොඳ වීඩියෝ එකක්.
Deleteමගේ මතකයේ හැටියට කන්ටලේ වැව් බැම්ම කඩා පාත් වුනේ එකදාස් නමසීය අසූ හය හෝ 85.
ReplyDeleteඒ කාලේ ජේ ආර් මහත්තයා තමයි ජනාධිපති ්‍රේමදාස මහත්තයෝ තමයි අගමැති.
ඔයා වර්බම්මා කඩන් වැටුනේ උත්තරයි ඉඳලා තියෙනවා කොටියොත් එල්ටීටී කාරයෝ. ඔවුන් ගොවියෝ වගේ ඇවිල්ලා රෑට රෑට ඔය වැව් බැම්ම යටින් හාරලා තියෙනවා
කියනවා.
එතුමා දවසක් දා පෝය දවසේ ගිහිල්ලා වැවේ. එතකොට කොඩියෝ වැව හාර්ව දැකලා තියෙනවා
ස්තුතියි ඔබේ අදහසට. කන්තලේ වැව් බැම්ම කඩා වැටුණේ හරියටම 1986 අප්‍රේල් 20 වැනිදා. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතායි. මහවැලි හා වාරිමාර්ග ඇමතිවරයා ලෙස කටයුතු කළේ ගාමිණී දිසානායක මහතා.
Deleteමේ විපතෙන් පස්සේ සිද්ධියට හේතු සොයා බැලීම සඳහා නිල පරීක්ෂණයක් පැවැත්වුණා. ජාතික ලේඛනාගාරයේ නාමාවලියේත් “Commission on breach of the Kantale Tank – 1986–1987” ලෙස එම පරීක්ෂණය පිළිබඳ වාර්තා තිබෙන බව සඳහන් වෙනවා.
ඒ කාලයේ තිබුණු ත්‍රස්තවාදී තත්ත්වයත් එක්ක “කොටි ගහලා වැව කැඩුවා” කියන කතාවත් පැතිරුණා. හැබැයි ඒක තහවුරු කරන සාක්ෂි හමු වෙලා නැහැ. පසුව පළවූ ඉංජිනේරුමය අධ්‍යයනවලින් sluice එක ආශ්රිත ගැටලු, pump house එකක් ඉදිකිරීමේදී sheet piles ගැසීමෙන් ඇතිවිය හැකි vibration, seepage හා foundation තත්ත්වය වගේ ඉංජිනේරුමය හේතු ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. රජයේ පරීක්ෂණයත් පිපිරීමක් නිසා බැම්ම කැඩුණා කියන මතය පිළිගෙන නැති බව පසුව පළවූ ලේඛනවල සඳහන්.
ඒ නිසා මේ සිද්ධිය ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියලා සරලව නිගමනය කරනවාට වඩා, ඒ කාලයේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අදාළ විශේෂඥයන් විසින් සිදු කළ පරීක්ෂණ හා තාක්ෂණික කරුණු මත කතා කරන එක තමයි වඩා සාධාරණ.
අවාසනාවකට ඒ මුල් පරීක්ෂණ වාර්තාව සම්පූර්ණයෙන්ම මහජනයාට පහසුවෙන් ලබාගන්න පුළුවන් තත්ත්වයක මටත් තවම හමු වෙලා නැහැ. ඒ වාර්තාව හොයාගන්න පුළුවන් වුණොත් කන්තලේ සිද්ධිය ගැන තවත් පැහැදිලි චිත්‍රයක් ගන්න පුළුවන්.
මේකයි ඉතින් මේ ගැන වැඩි විස්තර නම් කියන්න පුළුවන්.
ReplyDeleteඔයා වැව් බැම්මේ විදේශීය සමාගමක් තමයි ජල පොම්පාගාරයක් හැදුවේ තිරිකුණාමලයට වතුර දෙන්ට.
ඇත්තටම ඕක විදේශීය කොම්පියනයක් කිව්වට ඕක අයිති වෙලා තිබ්බේ ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානයට.
ඒ අය තමයි ඔය බැම්ම කඩා වෙත දැම්මේ. ඔයා ගැන කතා කරන්න ගියාම අපිට වෙන්නේ අන්තිමට හිරේ විලංගුවේ ළඟින්ද
ඔබ කියන කතාව නම් මම මෙතෙක් අහලා තිබුණේ නැහැ. එවැනි සාක්ෂියක් තියෙනවා නම් දැනගන්න කැමතියි.
Deleteහැබැයි මෙතැන තවත් කාරණයක් තියෙනවා. කන්තලේ වැව අයිති වාරිමාර්ග දෙපාර්තමේන්තුවට. ඒ නිසා වෙනත් ආයතනයකට වුණත් වැව් බැම්ම ආශ්‍රිතව හිතුමතේ ඉදිකිරීම් කරන්න බැහැ. සාමාන්‍යයෙන් ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒ වගේම එවැනි වැඩවලට තාක්ෂණික අධීක්ෂණයක් සහ සම්බන්ධීකරණයක් තිබිය යුතුයි.
ඒ නිසා විදේශීය කොන්ත්‍රාත් සමාගමක් ඇවිත් කාටත් හොර රහසේ වැව් බැම්මට හානියක් කරලා ගියා කියන එකත් තවත් පැහැදිලි කළ යුතු කාරණයක්.
අනෙක් අතට 1986 failure එකෙන් පස්සේ කළ GIBBS investigation එකේදී ඉදිරිපත් කර තිබුණු most probable explanation එක වුණේ පැරණි සොරොව්වේ masonry deterioration සහ ඒ ආශ්රිත internal erosion ක්‍රියාවලියයි. Pump house එක ඉදිකිරීමේදී කළ pile driving එක එම ක්‍රියාවලිය වේගවත් කරන්න ඇති බවත් ඔවුන් සඳහන් කර තිබුණා.
ඒ නිසා ඔබ කියන විදිහට මෙය සැලසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, ඒ බව තහවුරු කරන වෙනත් පරීක්ෂණ වාර්තාවක් හෝ සාක්ෂියක් තියෙන්න ඕන.
එහෙම තොරතුරක් තියෙනවා නම් බෙදාගන්න. අපිත් කැමතියි දැනගන්න. මොකද මෙතැන වැදගත් වෙන්නේ අපි කලින් අහලා තියෙන කතාවක් හරි කියලා ඔප්පු කරන එක නෙමෙයි; ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා සාක්ෂි මත තේරුම් ගන්න එකයි. 😊
හුම්. තාක්සනික ලිපි ලියවුනාට කම් නෑ. අනාගතයේ ඒ ගැන හොයන කෙනෙක්ට එහෙම ඒව වැදගත් වෙනව නෙව. අනික තමන්ගෙ දැනුම/ මතක ශක්තිය තව වැඩිවෙනවනෙ. 🤗
ReplyDeleteඔව් නමි, ඒකත් ඇත්ත. තාක්ෂණික ලිපිවල තියෙන විශේෂත්වයක් තමයි ඒවා පළකරපු දවසේ ලැබෙන views හෝ comments වලින් විතරක් ඒවායේ වටිනාකම මනින්න බැරි එක. කාලය ගියාට පස්සේ Google search එකකින් හරි, වෙනත් ලිපියක reference එකකින් හරි, ඒ විෂය ගැන හොයන අය නැවත නැවත ඒ ලිපිවලට එනවා.
Deleteඋදාහරණයක් විදිහට මම දේශගුණික විපර්යාස ගැන කාලෙකට කලින් ලියපු ලිපියක් අදටත් මගේ all-time favourites / වැඩිපුරම බලපු ලිපි ගොඩේ උඩින්ම තියෙනවා. ඒක ලියපු වෙලාවේ එච්චර දුර යයි කියලා මමත් හිතන්න නැතුව ඇති.
චීස් වුණත් පරණ වෙන තරමටලුනේ රස වැඩි වෙන්නේ...
Deleteහා හා 😄 නිදී,
Deleteඒකට අපි කියන්නේ “පරණ වයින් තමයි හොඳ” කියලා.
ඇත්තටම Civil Engineer කෙනෙකුත් ටිකක් පරණ වයින් වගේ තමයි. අවුරුදු ගාණක් field එකේ වැඩ කරද්දී පොත්වලින් හෝ codes වලින් විතරක් ගන්න බැරි judgement එකක් හැදෙනවා. Structure එකක් දැක්කම, crack එකක් දැක්කම, site condition එකක් දැක්කම “මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා” කියන engineering instinct එක එන්නේ අත්දැකීමත් එක්ක.
Software engineering වගේ ඉතා වේගයෙන් technology වෙනස් වෙන ක්ෂේත්රවල නම් තරුණ අයට අලුත් tools, languages, technologies එක්ක ඉක්මනින් යන්න පුළුවන් නිසා වෙනම advantage එකක් තියෙනවා. හැබැයි Civil, Mechanical වගේ traditional engineering fields වල experience එකේ වටිනාකම හරිම වැඩියි.
හැබැයි පොඩි කොන්දේසියකුත් තියෙනවා — පරණ වයින් හොඳයි කියන්නේ හරියට තියාගත්තොත් විතරයි! 😄 Engineer කෙනාත් experience එකත් එක්ක අලුත් codes, technology සහ knowledge update කරගෙන ගියොත් තමයි වයසත් එක්ක තවත් වටිනා වෙන්නේ.
ස්තුතියි මයියෝ!
Deleteබොහොම අපුරු රසවත් අධ්‍යපනික කාරනාවක්.
ReplyDeleteඅපුරුවට විස්තර කර තිබීම ඊටත් වඩා වටිනවා.
අපි ලස්සනට දකින දේ පිටුපස කොයි තරම් නම් භයානක කමක් තියෙනවාද කියලාත් නිකමට වගේ මට හිතුනා.
ඔව් ලියෝනි, ඔයා කියන කතාව හරි. අපිට බැලූ බැල්මට හරි ලස්සනයි කියලා පේන සමහර දේවල් පිටිපස්සේ අපි නොදකින ලොකු අනතුරක් තියෙන්නත් පුළුවන්.
Deleteඋදාහරණයක් තමයි වැව් බැම්මක් උඩ තියෙන ලොකු ගස්. ගස්වලින් වැව් බැම්ම හරි ලස්සනට පේනවා. මිනිස්සුත් ඒකට කැමතියි. හැබැයි engineering පැත්තෙන් බලනකොට ඒ ලස්සන පිටිපස්සේ අවදානමකුත් තියෙනවා.
විශේෂයෙන් ගහක් මැරිලා එහි මුල් කාලයත් එක්ක දිරාපත් වෙද්දී, පස් ඇතුළේ කුඩා හිස් අවකාශ සහ ජලය ගමන් කරන්න පුළුවන් මාර්ග ඇතිවෙන්න පුළුවන්. ඒ හරහා වතුර කාන්දු වෙලා, ඒ වතුරත් එක්ක පසේ සියුම් අංශුත් හේදිලා යන්න පටන් ගත්තොත් ඒක internal erosion හෝ piping දක්වා වර්ධනය වෙලා අවසානයේ ලොකු විනාශයක් කරන්නත් පුළුවන්.
ඒ නිසා වැව් බැම්මක ලොකු ගස් හැදෙන්න දෙන එක හොඳ නැහැ. හැබැයි දැනටමත් අවුරුදු ගණනක් හැදිලා තියෙන ලොකු ගහක් දැක්ක ගමන් කපලා දාන එකත් විසඳුම නෙමෙයි. ගහ මැරුණාට පස්සේ මුල් දිරාපත් වීමෙන්ම අලුත් seepage paths ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා එවැනි ගසක් ඉවත් කිරීමත් engineering assessment එකක් එක්ක සැලසුම් කරලා කරන්න ඕන වැඩක්.
ඔය වගේ තමයි ලියෝ—සමහර වෙලාවට අපිට පේන ලස්සනට වඩා, නොපෙනෙන දේ තමයි ඉංජිනේරුවාට වැදගත්.
ඔබේ කතාව හරි. එතකොට ඔය වගේ ලොකු project එකක්දි ඇයි මුලින්ම ඒ ගස් ඉවත් කරලා පසුබිම සකසා ගන්නේ නැත්තේ කියලා මට හිතුනා. සමහර වෙලාවට එහෙම ගසක් තියන එක හරීම ලස්සනයි. ඒත් ඒක අවදානම් සහිත නම් .........?
Deleteආයෙමත් කියන්න තියෙන්නේ පිටතින් ලස්සන දැක්කාට ඇතුලතින් තියෙන භයානක කම දකින්නේ කාලයත් එක්කම තමා නේද? අර කතාවකුත් තියෙන්නේ ලස්සන සැම දේ මොහොතක සුව දේ කියලා.
ස්තුතියි ලියෝනි, අගේ ඇති ප්‍රශ්නයක්. ඇත්තටම මේ ගස් වේල්ල හදන කාලේ සැලසුම් කරලා වවපු ගස් නෙමෙයි. අපේ බොහෝ පැරණි වැව් හා වැව් බැමි රජ කාලේ හදපුවා. කාලයක් අතහැරී තිබිලා, පසුව නැවත ප්‍රතිසංස්කරණය කරමින් තමයි අද දක්වා පවත්වාගෙන එන්නේ. ඒ දීර්ඝ කාලය තුළ තමයි මේ ගස් බොහොමයක් හැදිලා තියෙන්නේ.
Deleteකන්තලේ සිද්ධියේ කතා කරන ගහත් සාමාන්‍ය ගහක් නෙමෙයි, බෝ ගහක්. ඉතින් අපේ රටේ බෝ ගහක් ලොකු වෙලා අවුරුදු ගණනක් තිබුණට පස්සේ ඒක කපන්න තියෙන ආගමික හා සමාජීය සංවේදීතාව ඔයා දන්නවනේ. ඒ නිසා engineering පැත්තෙන් “මේ ගහ මෙතැන තියෙන්න හොඳ නෑ” කියන එක ලේසි වුණාට, practically ඒක ඉවත් කරන එක හැමවිටම එච්චර ලේසි නෑ.
අලුතින් හදන earth dams වල නම් මේ වගේ විශාල ගස් බැම්ම මත හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ. ප්රශ්නය වැඩිපුරම තියෙන්නේ මේ වගේ අවුරුදු සිය ගණනක් පැරණි වැව්වල කාලයත් එක්ක ඇතිවුණු තත්ත්වයන් එක්ක. ඒ නිසා මේවා අද ඇතිවුණු ප්‍රශ්න නෙමෙයි; පරම්පරා ගණනක් තිස්සේ manage කරගෙන ආපු legacy issues කියලා කියන්න පුළුවන්.
කන්තලේ වැව් බැම්ම කඩාගෙන වැටිලා මිනිසුන් එකසිය පනස් දෙන්නෙක් විතර පරලොව ගියා.
ReplyDeleteමේකට සම්පූර්ණයෙන්ම වගකියන්ඩ ඕන වාරිමාර්ග දෙපාර්තමේන්තුව.
එම නිසා අප අනුර කුමාර ජනාධිපතිතුමාගෙනුත් ටිල්වින් සිල්වා මහතාගෙනුත් ඉල්ලා සිටින්නේ වාරය මාර්ග දෙපාර්තමේන්තුව විසුරවා හැර එහි දේපළ සියල්ලම පැලවත්ත කාර්යාලයට පවරා ගන්නා ලෙසයි
😄 ඒ විසඳුම නම් ටිකක් සැර වැඩියි වගේ!
ReplyDeleteහැබැයි මේ වගේ සිද්ධියක් දිහා වෘත්තීයමය පැත්තෙන් බලනකොට මම හිතන්නේ මුලින්ම බලන්න ඕනේ වැරැද්දක් සිදුවුණාද, නොසැලකිල්ලක් තිබුණාද, එහෙම නැත්නම් දැන දැනම හෝ හිතාමතා කළ දෙයක්ද කියන එකයි. ඒවා එකම තරාදියක දාලා දඬුවම් කරන්න බෑ.
Engineering වගේ ක්ෂේත්රයක තීරණ ගන්නෙත් ඒ වෙලාවේ තිබෙන දත්ත, දැනුම සහ තත්ත්වයන් මත. සමහර වෙලාවට අත්වැරදීම් වෙනවා, warning signs මඟහැරෙනවා, judgement එක වැරදෙන්න පුළුවන්. ඇත්තටම negligence එකක් හෝ වගකීම පැහැර හැරීමක් තිබුණා නම් ඒකට අදාළ accountability එක තියෙන්න ඕන. ඒ ගැන තර්කයක් නෑ.
හැබැයි හැම failure එකක්ම වුණාට පස්සේ කෙනෙක් හොයාගෙන දඬුවම් කිරීමම ප්‍රධාන අරමුණ කරගත්තොත් තවත් ප්‍රශ්නයක් එනවා. මිනිස්සු තීරණ ගන්න බය වෙනවා, වැරදුණු දේවල් විවෘතව කියන්න බය වෙනවා, අන්තිමට failure එකෙන් ඉගෙන ගන්න තිබුණු පාඩමත් නැතිවෙන්න පුළුවන්.
ඒ නිසා මට නම් වැදගත්ම දේ “කාටද දඬුවම් කරන්නේ?” කියන එකට කලින් “මොකක්ද වැරදුණේ, ඇයි වැරදුණේ, ආයෙත් ඒක නොවෙන්න මොනවද වෙනස් කරන්න ඕනේ?” කියලා හොයන එක. කන්තලේ වගේ ඛේදවාචකයකින් අවුරුදු හතළිහකට පස්සෙත් අපි ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම ඒකයි.