Tuesday, 22 September 2026

නවනවා නැවිල්ලක්... කනේ වැලි ගෑවෙන්නම.

අද The Island පුවත්පතේ පළවී තිබුණු මේ කාටූනය දැක්කාම එක පාරටම මතක් වෙන්නේ අපේ රටේ නීතිය, අධිකරණය සහ දේශපාලන බලය අතර තියෙන සදාකාලික අරගලය.



කමක් නෑ ශිරන්ති  හිරේ දානවනේ. 
. ...😁
( සියලුම හිමිකම්  දී අයිලන්ඩ් පුවත්පත සතුයි. )


අද “හොරු අල්ලන්න” කියලා නීතිය ටිකක් නැමුවට , හෙට ඒ නීතිය කාට විරුද්ධව නමයිද කියලා අපි දන්නේ නැහැ. අද බලයේ ඉන්න කෙනාට හොඳයි කියලා හිතෙන නීතිමය shortcut එකක්, හෙට බලයට එන කෙනාටත් ඒ විදිහටම භාවිත කරන්න පුළුවන්.
අධිකරණයක වටිනාකම තියෙන්නේ අපි කැමති තීන්දුවක් දෙන තුරු නෙමෙයි. අපි අකමැති තීන්දුවක් දුන්නත් ඒ තීන්දුව නීතිය අනුව දුන්නා කියලා විශ්වාස කරන්න පුළුවන් වීමයි.

නීතියේ ආධිපත්‍යය කියන්නේ අපේ පැත්තේ කෙනාට නීතිය ක්‍රියාත්මක වෙන එක නෙවෙයි. අපි අකමැති කෙනාටත්, අපි විරුද්ධ දේශපාලන කණ්ඩායමකටත්, ආණ්ඩුවකටත්, සාමාන්‍ය පුරවැසියෙකුටත් එකම නීතිය ක්‍රියාත්මක වීමයි.

ඒ නිසා මේක “ආණ්ඩුව හොරු අල්ලනවාද නැද්ද?” කියන සරල ප්‍රශ්නයක් නෙමෙයි.
ප්‍රශ්නය තමයි හොරු අල්ලන ක්‍රමයත්, හොරුන්ට විරුද්ධව නඩු අහන අධිකරණයත්, හෙට අපිටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණත් අපට විශ්වාස කළ හැකි තරම් ස්වාධීනද කියන එක.

The Island කාටූනයේ තියෙන පණිවිඩය ඒකයි.
නීතිය පාලකයාගේ අතේ තියෙන යෂ්ටියක් නොවෙයි. පාලකයාත් ඇතුළුව හැමෝම යටත් වන සීමාවක්.
අපට රටක් විදිහට ඕනේ හොරු හිරේ යන රටක් විතරක් නෙමෙයි — කවුරු ආණ්ඩු කළත් නීතිය එකම විදිහට ක්‍රියාත්මක වෙන රටක්.











No comments:

Post a Comment

2222