Tuesday, 22 September 2026

නවනවා නැවිල්ලක්... කනේ වැලි ගෑවෙන්නම.

අද The Island පුවත්පතේ පළවී තිබුණු මේ කාටූනය දැක්කාම එක පාරටම මතක් වෙන්නේ අපේ රටේ නීතිය, අධිකරණය සහ දේශපාලන බලය අතර තියෙන සදාකාලික අරගලය.



කමක් නෑ ශිරන්ති  හිරේ දානවනේ. 
. ...😁
( සියලුම හිමිකම්  දී අයිලන්ඩ් පුවත්පත සතුයි. )


අද “හොරු අල්ලන්න” කියලා නීතිය ටිකක් නැමුවට , හෙට ඒ නීතිය කාට විරුද්ධව නමයිද කියලා අපි දන්නේ නැහැ. අද බලයේ ඉන්න කෙනාට හොඳයි කියලා හිතෙන නීතිමය shortcut එකක්, හෙට බලයට එන කෙනාටත් ඒ විදිහටම භාවිත කරන්න පුළුවන්.
අධිකරණයක වටිනාකම තියෙන්නේ අපි කැමති තීන්දුවක් දෙන තුරු නෙමෙයි. අපි අකමැති තීන්දුවක් දුන්නත් ඒ තීන්දුව නීතිය අනුව දුන්නා කියලා විශ්වාස කරන්න පුළුවන් වීමයි.

ඒ නිසා මේක “ආණ්ඩුව හොරු අල්ලනවාද නැද්ද?” කියන සරල ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය තමයි හොරු අල්ලන ක්‍රමයත්, හොරුන්ට විරුද්ධව නඩු අහන අධිකරණයත්, හෙට අපිටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණත් අපට විශ්වාස කළ හැකි තරම් ස්වාධීනද කියන එක.

The Island කාටූනයේ තියෙන පණිවිඩය ඒකයි.
නීතිය පාලකයාගේ අතේ තියෙන යෂ්ටියක් නොවෙයි. පාලකයාත් ඇතුළුව හැමෝම යටත් වන සීමාවක්.
අපට රටක් විදිහට ඕනේ හොරු හිරේ යන රටක් විතරක් නෙමෙයි — කවුරු ආණ්ඩු කළත් නීතිය එකම විදිහට ක්‍රියාත්මක වෙන රටක්.

22 comments:

  1. දශක 1-2ක විතර සිට ලංකාවෙ සමහර අධිකරණවල ප්‍රවණතාවයක් තියනවා නීති මූලධර්මවලට වඩා තමන් යුක්තියයයි සලකන දේට ප්‍රමුඛතාවය දෙන්න. ඒක (justice & equity) කම්කරු උසාවිවල (LT) සාමාන්‍යයෙන් වියයුතුයි කියල සැලකුනාට ඉහල උසාවිවල ඕක කරන්න ගත්තාම ලොකු ප්‍රශ්නයක් සහ හානියක් වෙනවා. ඔය වැඩේ හුඟක් කලා හිටපු අගවිනිසුරු සරත් සිල්වා. නීතියෙන් යුක්තිය විය යුතු තමයි. ඒත් යුක්තිය කියන එක විනිසුරුගේ මතය අනුව වෙනස් විය හැකියි. එනිසා නීති මූලධර්ම අනුව ක්‍රියා කිරීමයිවෙන්න ඕනෙ. එතකොට කලාතුරකින් යුක්තිය නොවෙන්න පුලුවන්. අසාධාරණයක් වෙන්න පුලුවන්. ඒත් හැම විනිසුරාම තමන්ට හිතෙන වර්ගයේ යුක්තිය ක්‍රියාකරවන්න ගියොත් නීතියක් සමාජයක් රටක් නැතිවෙලායයි දිගුකාලීනව.

    හැබැයි ඉතිං මං ඔය නීතියේ ආධිපත්‍ය පණ්ඩිත කතා කිව්වට, අන්තිම මැතිවරණ කිහිපයේ මම කාටවත් ජන්දෙ දෙන්න නොගියට, රාජපක්ෂ පාලනයේ හිටපු එවුන් කොහොම හරි හිරේ යන එකට මට සතුටක් එන එක නම් නවත්තන්න බෑ.
    heh heh

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් මේ කමෙන්ට් එකයි "කනේ වැලි ගෑවෙන" එකයි දෙකටම මගේ කට කනේ.🤣

      Delete
    2. ප්‍රාjජේ මහත්තයාබොහොම ස්තූතියි ඔබගේ පැමිණීමට හා වටිනා අදහස් දැක්වීමට.
      ,
      ඔබතුමා මතු කරලා තියෙන්නේ ඇත්තටම ඉතා වැදගත් කාරණයක්. නීතියේ ආධිපත්‍යය කියන්නේ අපි කැමති ප්‍රතිඵලය ලැබෙන එක නෙවෙයි; නීතියේ පිළිගත් මූලධර්ම අනුව තීරණයට එළඹීමයි. විනිසුරුවරයෙක් තමන්ගේ පෞද්ගලිකව හිතන “යුක්තිය” නීතියට ඉහළින් තබන්න ගියොත් ඒකත් අවසානයේ ගැටලුවක් වෙනවා.

      හැබැයි මෙතැන තවත් පැත්තක් තියෙනවා. ඒ මූලධර්මය විනිසුරුවරුන්ට විතරක් නෙවෙයි, නීතිය ක්‍රියාත්මක කරන හැමෝටම එකසේ අදාළ වෙන්න ඕනේ.
      විශේෂයෙන් රජය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥයෙකු චෝදනා ලැබූ පුද්ගලයෙකු ගැන කතා කරනකොට, “චෝදනා ලැබූ කෙනෙක්” සහ “වැරදිකාරයෙක්” කියන දෙක එකක් නෙවෙයි. නඩුවක් තීරණය වෙන්න කලින්ම කෙනෙක්ව සමාජය ඉදිරියේ වැරදිකාරයෙක් වගේ හංවඩු ගහන එක නීතියේ මූලික සාධාරණත්වයට ගැලපෙන්නේ නැහැ කියන එක මගේ අදහස.
      අපරාධයක් කරලා තියෙනවා කියලා අධිකරණයෙන් ඔප්පු වුණාම නීතිය අනුව දඬුවම් දෙන්න ඕනේ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි චෝදනාවක් ඉදිරිපත් කිරීමත්, වරද ඔප්පු කිරීමත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස රකින්න බැරි නම්, අපි කතා කරන “නීතියේ ආධිපත්‍යය” කියන වචනවලටම තේරුම නැති වෙනවා.
      ඒ වගේම නීතියේ ආධිපත්‍යය ගැන කතා කරන අපිටත් එකම පරීක්ෂණය තියෙන්න ඕනේ.
      අපි අකමැති මිනිහෙක්ට නීතිය තදින් ක්‍රියාත්මක වුණාම සතුටු වෙලා, අපි කැමති මිනිහෙක්ට එහෙම වුණාම නීතිය ගැන ප්‍රශ්න කරනවා නම්, අපිත් ඇත්තටම නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී ඉන්නවාද කියලා අපිම අපෙන් අහන්න ඕනේ.
      හොරු කවුරු වුණත් නීතිය ඉදිරියට ගෙන එන්න ඕනේ. බලවතුන් කවුරු වුණත් නීතියට යටත් වෙන්න ඕනේ. ඒත් ඒක නීතිය නමලා නෙවෙයි — නීතිය කෙළින් තියාගෙන කරන්න ඕනේ.

      Delete
    3. බස්සා ඔබේ අදහසටත් ස්තුතියි.

      හිනාවෙත් එක එක ප්‍රභේද තියෙනවනේ. .කට කොනින් හිනාවෙනයිි කිව්වත්. . දකින්නැතුව මොන අදහසකින් හිනා වෙනවද කියලා කියන්න අමාරුයි.

      Delete
    4. ගූගල් ජෙමනායි:

      "කට කනේ" (කට කනේ ගෑවෙනවා) යනු සිංහල භාෂාවේ බහුලව භාවිත වන ප්‍රසිද්ධ ප්‍රස්ථාව පිරුළක් හෝ රූඪි ප්‍රකාශනයකි.
      මෙහි මූලික අර්ථය වන්නේ අධික සතුටක්, ප්‍රීතියක් හෝ මහත් ආඩම්බරයක් නිසා කෙනෙකුගේ මුහුණේ ඇති වන ඉතා විශාල, පළල් සිනහවයි. කෙනෙකු ඉතාමත් සන්තෝෂයෙන් කට දෙකොණ කන් දක්වා ඇදී යන තරමට මහ හයියෙන් හෝ පළල්ව සිනාසෙන අවස්ථාවන් විස්තර කිරීමට මෙම යෙදුම උපකල්පනය කරනු ලැබේ.

      Delete
    5. ඒකනේ මමනේ පිට පොට පටලවගෙන තියෙන්නේ.😁

      බලන් ගියාම ජෙමිනයි හොඳට සිංහල දන්නවානේ

      Delete
  2. පොන්නාදිකරනේට ගල් ගහමු

    ReplyDelete
  3. හැම ආන්ඩුවම වගෙ කෝමත් ඔය ක්‍රියාවලි නැවුව කනේ වැලි ගෑවෙන්න... උන්දලාගේ පහසුව/සුඛවිහරණය තකා. මේ අයත් ඒකමනං කරන්නෙ රටට අබ සරණයි 😣

    හ්ම්. යුක්තිය - නීතිය. මාර හිරවිල්ලක හිරවෙන තැනක්!

    ReplyDelete
    Replies
    1. ඔව් නමි, කලින් ආණ්ඩුත් වගේ තමන්ට පුළුවන් තරමින් ඔය වැඩේට අත ගහන්න ට්‍රයි කරලා තියෙනවා.

      කලින් කරපු එක වැරදි නම් අද කරන එකත් වැරදිම තමයි.

      මෙතන ගොඩක් අය පටලවාගන්න දෙයක් තමයි ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි කියන්නේ දෙකක් කියන එක. ඡන්දෙන් ආණ්ඩුවක් පත්කරන්නේ රට පාලනය කරන්න. ඒත් ඒකෙන් අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, නීතිපති දෙපාර්තමේන්තුව, හමුදාව ඔක්කොම ඒ පක්ෂයේ අතේ තියෙන දේශපාලන උපකරණ වෙන්නේ නෑ.
      ඒ ආයතන තියෙන්නේ බලයේ ඉන්න පක්ෂයට කඩේ යන්න නෙවෙයි, රටටයි ජනතාවටයි සේවය කරන්න.

      මොන පක්ෂය බලයට ආවත් “අපිට ජනවරම තියෙනවා, ඒ නිසා රාජ්‍ය යාන්ත්‍රණයත් අපේ” කියන තැනට ගියොත් තමයි වැඩේ භයානක වෙන්නේ.

      ආණ්ඩු එනවා, යනවා. රාජ්‍යය ඉතුරු වෙනවා. ඒ නිසා අධිකරණය වගේ ස්වාධීනව තියෙන්න ඕන ආයතන කාගේවත් සාක්කුවට වැටෙන්න නොදී තියාගන්න එක තමයි අපි හැමෝටම හොඳ.

      Delete
  4. නීතිය නම් කොහොමත් රබර් වගේ තමයි. සැකකාරයෙක් සැකපිට අත්අඩංගුවට ගන්න යොදාගන්න පනත අනුව එකම වරදකට දෙදෙනකුට දෙයාකාරයකට සලකන්න පුළුවන්. එක්කෙනෙක් ඇපපිට අනිත් කෙනා නඩුව අහල ඉවර වෙනකන් රිමාන්ඩ්.

    1924 එංගලන්තයේදී, McCarthyට එරෙහි නඩුවේ මහේස්ත්‍රාත්වරුන්ගේ ලිපිකරුගේ (the clerk to the magistrates) නීති සමාගම, එම සිද්ධියෙන් හානි වූ පුද්ගලයා වෙනුවෙන් වෙනම නඩුවක පෙනී සිටියා. ඔහු තීන්දුව සාකච්ඡා කරන අවස්ථාවේත් මහේස්ත්‍රාත්වරුන් සමඟ සිටියා. ඔහු ඇත්තටම තීන්දුවට බලපෑ බවට සාක්ෂියක් තිබුණේ නැහැ. නමුත් එවැනි සම්බන්ධතාවයක් තිබෙන විට, තීන්දුව ඇත්තටම අපක්ෂපාතීව දුන්නත්, යුක්තිය පැහැදිලිවම අපක්ෂපාතීව ඉටු වූ බව පෙන්වීම අපහසු වෙනවා.ඉහල උසාවියකින් පහල අධිකරණය දුන් තීන්දුව මේ නිසා අවලංගු කරා. (උගත් නීති මහත්වරු මේක ගැන කතාකරනවා අහල තියනවා. )

    ඒ නිසා මේ නඩුවෙන් ප්‍රසිද්ධ වූ මූලධර්මය තමයි:

    “Justice should not only be done, but should manifestly and undoubtedly be seen to be done.”
    ''යුක්තිය ඉටු වීම පමණක් නොව, යුක්තිය ඉටු වූ බව පැහැදිලිව සහ සැකයකින් තොරව පෙනෙන්නටත් තිබිය යුතුය.”

    එහෙම නැති වුනොත් හොරු වීරයෝ වෙන දවස ලඟයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහඬපාල මහත්මයා.

      හරියටම. මෙතන තියෙන වැදගත්ම කාරණයත් ඒක තමයි. නීතිය ක්‍රියාත්මක වෙනවා විතරක් මදි, ඒක සාධාරණව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙන බව සාමාන්‍ය මනුස්සයාටත් පේන්න ඕනේ.

      ස්තුතියි මැකාති නඩුවේ reference එකට. .McCarthy නඩුවෙන් ආපු “Justice must also be seen to be done” කියන මූලධර්මය අද අපට හරිම වැදගත්. Conflict එකක් ඇත්තටම තිබුණාද, කවුරුහරි තීන්දුවකට ඇත්තටම බලපෑවාද කියන එක විතරක් නෙවෙයි; එහෙම වෙන්න පුළුවන් කියලා සාධාරණ සැකයක් ඇතිවන පෙනුමක්වත් ඇති නොවෙන්න ඕනේ

      Delete
  5. //''යුක්තිය ඉටු වීම පමණක් නොව, යුක්තිය ඉටු වූ බව පැහැදිලිව සහ සැකයකින් තොරව පෙනෙන්නටත් තිබිය යුතුය.”//

    අගතියකට පත් වුණාම
    ලජ්ජා භය නැති වුණාම
    කවුරු කළත් කොහොම කොහොම
    භයානකයි නීති නැමුම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිදි මහත්මයා ඔබගේ කවි පබැඳුමට.

      බලය හිසට නැගුණාම
      යුක්තිය අමතක වුණාම
      තමන් කැමති ලෙසින් කොහොම
      නමනු බැරිය නීති තරාදියම

      හොරා වුණත් හතුරා වුණත්
      මිතුරා වුණත් බලවතා වුණත්
      එකම මිම්ම නොමැති තැනම
      බිඳී වැටෙයි නීතියේ බලයම

      අද අනෙකා වෙතට නැමුම
      හොඳයි කියා දුන්නොත් අනුමැතියම
      හෙට ඔබ වෙත හැරුණු දිනම
      තේරෙයි එහි භයානකකම

      Delete
    2. //හෙට ඔබ වෙත හැරුණු දිනම
      තේරෙයි එහි භයානකකම//
      අම්මපා ඇත්ත මයියෝ!

      Delete
    3. මට හිතෙනවා මර්ධනය පළවෙනි පියවර පටන් ගත්තා කියලා

      Delete
  6. මයියා පයියා ගොඩක් ගදයි
    පැලවත්තේ ටිල්වින් එය මිරිකයි

    ReplyDelete

  7. මමත් ආව සටහන් කියුව්වා. මොනාද ලියන්න ඕනේ කියලා හිතාගන්න බැහැ. මගේ ඔය දේශපාලනය ගැන තිබෙන දැනුම නම් අන්තිමයි. කවියක් එහෙම ලියාගන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමා ඉතින් හැමදාමත් වගේ මම කලේ සහ දැනුත් කරන්නේ. හි...හී.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලියෝනි. සෝ . ඔබගේ පැමිණීමට.

      ඔබගේ කවි මමත් රසවිඳිනවා.ඔබ තරම් සියුම්ව කවි ලිවීමට නොහැකි නිසා.,,මේ විදියේ රචනා තමා ඉතින් 🙏.

      Delete
    2. එහෙම තමා ඉතින් අපි එකිනෙකා දස්කම් පාන්නේ එක එක පැති වලින් නේ. ඔය අතරතුර හැම දේටම දස්කම් පාන අයත් ඉන්නවා. එත් ඔබේ මේ ලිවීමේ දස්සකම නම් ඉතාම ඉහලයි. මට බැරි හැම දේම මම දකින්නේ විශේෂ දස්කමක් විදිහටයි. ඕන්

      Delete
    3. ස්තුතියි ලියෝනි. ඒ වචන මට ශක්තියක්

      Delete
  8. තරාදිය

    පාරාමිතීන්, ග්‍රවුන්ඩ් රියලිටි හා විනිවිදබාවයෙන් කරන ක්‍රීඩාවේ බෝලයක් එක එක ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා මතුකරන්න, රෙකෝඩ් තියන්න යනාදී පරමාර්ථයෙන් හූරලා, කඩතොළු කරලා, පසුව ඒවා වහන්න, ග්‍රිප් එක ගන්න ප්ලාස්ටර් අලවා, අලවා දැන් බෝලයක් ද ප්ලාස්ටර් ගොඩක් ද කියන්න බැරි තරමට වෙනස් කරලා. ඒ නිසාම හැඩය ද වෙනස්. ප්‍රශ්ණෙ ප්ලාස්ටර් ගලවලා නියම හැඩය ගන්නවා නම් දවසක, ඒකත් කරන්න පුලුවන් ද කියන තරමට ගම්/මැලියම් ඇති.

    තියෙන සිස්ටම් එකේ හැටියට බලය එක පැත්තකට වැඩියෙන් බරව තිබීමේ ප්‍රතිවිපාක බොහෝමයි. බලය සීසෝවක් නම් අනික් පැත්තේ අය කොච්චර රුකුල් දැම්මත්, ඒ පැත්ත උඩට ගන්න බැහැ.

    Witch hunting කියන්නේ කොලෝරක් නැති ගේමක්.

    මෙය 2013 ගල්මලක්:
    තරාදිය:
    තට්ටු දමින්
    දණ්ඩ දෙකෙළවර
    එල්ලෙන
    කොක්ක උඩින්
    මුදලාලි ඔසවා
    රඳන
    කටුව මැදින්
    අතින් මුවාකර
    වැහෙන
    පඩි බර
    පැත්තට නිති
    ඇදෙන

    2017 ගල්මලක කොටසක්:
    විඩාබර නම්
    කුමරියේ...
    පසෙකලා මොහොතක්
    ඇස්බැඳි රෙදිකඩ
    තට්ටු තරාදිය
    දෙමුවහත් කඩුව
    දැතේ ඇඟිලි තුඩුවලින්
    මෑත්කර විහිදුවා
    රැළි සාය රවුමට
    නටමු
    අහිකුණ්ඨික නැටුමක්
    සංගීතෙ තාලෙට...
    (කුමරියේ බැලුම් හෙළන)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගල්මල්. ඔබගේ පැමිණීමට සහ වටිනා අදහස් දැක්වීමට. .අතීතයේ සිටම පැවති ආණ්ඩුවලින් නීතියට වීමට බැලුවා. ඔබගේ අතීත කාව්‍ය පබඳු එයටඑයට සාක්ෂියක් .

      මේ ආණ්ඩුව බලයට ආවේ තියෙන ව්‍යවස්ථාවට පැලැස්තර දානවා වෙනුවට නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා පොරොන්දුව පිට නමුත් ඒක එහෙම කරනු වෙනවට ්‍යවස්ථාවට පැලැස්තර දමමින්. තමුන්ගේ පාක්ෂික බලය ජනතාව මත බලෙන් පටවන්න හදනවායි කියලා මට හිතෙනවා.

      Delete

2222