http://ts2.mm.bing.net/th?id=H.4963827654328661&pid=15.1&H=160&W=129
මේ හඩ නාතුරාම් ගෝඩ්සේය, ඉරණම තීරනය වී ඇතත්, විත්ති කුඩූවේ සිට නැගෙන්නේ ඔහු විස්වාස කල ,මදකදු නෙසෙල්වුනු ඔහුගේ කථාවයි
http://ts1.mm.bing.net/th?id=I.5001567518066476&pid=15.1&W=160&H=104
මා උපත ලැබුවේ උසස් බ්‍රහ්මණ පවුලකය. එය භක්තිමත් හින්දු පවුලක් විය. නමුත් තාරුණ්‍ය මා වෙලා ගනිද්දී, මම ක්‍රමිකව නිදහස් ලෙස සිතන්නට පුරුදු විමී. මිත්‍යාවිශ්වාස වලින් බැහැරව, කිසිදු දේශපාලන හෝ ආගමික බැදීමකින් තොරව සිතන්නට මට අවශ්‍ය විය. මේ නිසාම බ්‍රහ්මණ වංශිකයෙක් උන මම, හීන කුල ඇත්තන් සමග වැඩ කිරීමට පටන් ගත්තෙමි. උප්පත්තියෙන් තීරණය කරන උස් පහත් බව මා හට ප්‍රිය නොවීය. මම ප්‍රසිද්ධියේ කුල වාදයට විරුද්ධව පෙනී හිටියෙමි. කුල නීතී කඩා දමමින් හීන කුල ඇත්තන් සමග ආහාර ගැනීමට වාඩී උනෙමි.
මා සමාජවාදය, මාක්ස්වාදය පිලිබද ලියැවුනු පොත පත පරිශීලනය කලෙමි. නමුත් මා වඩාත් උත්තේජනය කෙරුවේ වීර් සවාකර් හා මහත්මා ගාන්ධි විසින් රචිත පොත පත හා ඔවුන්ගේ කියුම් කෙරුමය. ඉන්දියානුවන්ගේ හිස හා කවන්දය ඔවුන්ය. එහි සැකයක් නැත
මහත්මාට එරෙහිව නොසරුප් වචන භාවිතයට මට සිත ඉඩ නොදෙයි. ඔහුගේ මතවාදීමය පදනමේ ඇති අඩුලුහුඩූකම් මා හදවතේ සිර වී පවතීවී. නමුත් මා දවා අළු කරන්නේ මුස්ලිම්වරුන් වෙත ඔහු දක්වන අසීමීත ලිහිල්භාවය ය. ඒ ලිහිල්භාවය හීන්දූන් වෙත යොමු නොවෙන්නේ ඇයි.
පන්ජාබයේ ඇති වූ මුස්ලිම් අන්තවාදී නැගිටීමට විරුද්ධව රටේ අනෙකුත් පලාත් වල හින්දූන් නැගී සිටිද්දී, ආන්ඩුවේ තුවක්කු නිහඩ කලේ හින්දු අරගලය පමණය.මිලියන 110 ක් ජනයා අවතැන් වීමට තිබෙද්දී මුස්ලිම්වරුන් සිටියේ මිලියන 4 කි. නමුත් මහත්මාගේ අවිහිංසාව ක්‍රියාත්මක වූයේ මූස්ලිම්වරුන් උදෙසා පමණය.
විනිශ්චය හා විනිසුරුවරයා මහත්මා ම විය. ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුවට නිදහස් භාරතයේ ඉරණම තීන්දු කිරීමට බලයක් නොවීය.සත්‍යග්‍රහය, උපවාසය මගින් මහත්මා ආණ්ඩුව හැසිරවීය.
http://ts2.mm.bing.net/th?id=I.4563914652189873&pid=15.1&W=160&H=122
දශක තුනක් තිස්සේ මහත්මාගේ හින්දූන් ප්‍රකෝපකිරීමේ හා මුස්ලිම්වරු සැනසීමේ අවසාන අවස්ථාව එය විය යුතුව තිබිනි. පශ්චාත් නිදහස් භාරතය තුල ඔහුගේ ප්‍රධාන අවිය වූ 'සත්‍යග්‍රහය' භාවිතා වී තිබුනේ මුස්ලිම් වරුන් පිනවීමටය....ජනවාරි 13....එදින මහත්මාගේ ජීවීතය පිලිබද තීරනය කෙරිනි.
හරි හෝ වැරදි වේවා තමා විශ්වාස කරන මතවාදය, විශ්වාසය වෙනුවෙන් පෙනි සිටීම අගේ කල යුතුය. එහෙත් තමන්ගේ විශ්වාසය හෝ මතවාදය රටේ පවතින නීතිය අධික්‍රමණය කරන්නේ යැයි විශ්වාස කිරීම, සමාජ ශෝධනයක් නොව, බහුතර සාමකාමී සමාජයට අභියෝගයකි. නාතුරාම් ගෝඩ්සේ ආයතනගත නීතීයට අභියෝග කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු නීතීයේ ඔහුට නියමිත දඩුවම පිලිගනී. ඔහු ඉටු කලේ ඉතිහාසය විසින් ඔහුට නියමිත කාර්‍යභාරයයි. නීතීය ඉදිරියේ ඔහු ඝාතකයකි. හදවත ඉදිරියේ ඔහු කෑ ගසා ප්‍රකාශ කරන්නේ ඔහුගේ අවංකත්වයයි. ඉතිහාසය ඔහුට හිමි ස්ථානය නිර්නය කර ඇති බව නොඅනුමානය. මේ අවදි වන්නේ ඔහුගේ හඩය...
''මම සිතුවෙමි. මම මා ගැනම සිතුවෙමි. මහත්මා ඝාතනය මගේ ජීවිතය අඳුරු කරනු ඇත. මා පණටත් වඩා අගය කරන මාගේ ආත්ම අභිමානය සුණු විසුණු වී යනු ඇත්තේය.ජනතා අපවාදය මිස හොදක් නම් නොලැබෙන්නේය'''.
''මා අභිමුව ඇත්තේ තේරීමකි.. ආත්ම අභිමානය,ජීවීතය හෝ රටය. මහත්මාගෙන් තොර ඉන්දීය දේශපාලනය වඩා ප්‍රායෝගික වනු ඇත්තේය. පාකිස්ථාන ආක්‍රමණය හමුවේ එය වඩා ශක්තිමත්ව නැගී සිටිනු ඇත. මාගේ අනාගතය ඝාතනයත් සමග අඳුරු වී යනු නියතය.එහෙත් භාරතය වඩා නිවහල්ව නැගී සිටිනු ඇත. එය සිවිල් සමාජයෙන් මා ලබන අපවාදය හා දඩුවම සලකන කල නොසැලකිය යුත්තකි''
''ජනවාරි 30 වෙනි දින මා මහත්මා වාසය කල බිර්ලා බවන් වෙත පිය නැගුවෙමි. වේලාව දහවල් 1200 ය. මහත්මා එලියේ හිරුරස්නය විදමින් විවේකයෙන් සිටියේ ය. කුඩා කෙල්ලක් ඔහු පාමුල වාඩී චී සිටියා ය. මට ඔහුව පහසුවෙන්ම ඝාතනය කිරීමට තිබුනි. නමුත් නිසි සාක්ශිකාරයෙක් නොවීය. ඝාතනය සිදු කල යුත්තේ ඇයි දැයි අංශු මාත්‍රයකදු සැකයක් මා හද තුල නොතිබිනි. ඒ නිසාම මා හට නිතියේ දෑත් වලින් ගැලවී යාමට අවශ්‍යතාවයක් නොතිබුනි. මම ඝාතනය සවස් වරුව වන තෙක් කල් දැමුවෙමි. සවස පුජාවට වඩා වැඩි සෙනගක් බවනට එකතු වනු ඇත''.
''සවස් වරුව උදා විය.සැලකිය යුතු තරම් සෙනගක් සවස් පුජාවට එකතු වී සිටියෝ ය.මහත්මා කුඩා කෙල්ලන් දෙදෙනෙකුගේ උදව්වෙන් පඩි පෙල බසිමින් සිටියේ ය.මට අවශ්‍ය වූයේ තත්පර කිපයක් පමණි.මම මහත්මා ඉදිරියේ සිටගෙන සිටියෙමි.මට ඔහුට වැදීමට අවශ්‍ය විය. ඔහු ජාතිය වෙනුවෙන් යම් කැපවීමක්, සේවයක් කර තිබුනි නම් ඒ වෙනුවෙන් ඔහුට අචාර කිරීමට මට අවශ්‍ය විය. එහෙත් කෙල්ලක් භායනක ලෙස මහත්මාට සමීපව සිටියා ය. මට ඇයට අනතුරක් කිරීමට අවශ්‍ය නොවීය. මා අඩියක් ඉදිරියට තබා මහත්මා හට වැන්දෙමි. ඊලග තත්පරයේදී එක අතකින් මම කුඩා කෙල්ලව අහකට තල්ලු කෙරුවෙමි. ඊලට නිමේශයේදී මාගේ රිවෝල්වරය ක්‍රියාත්මක විය. මහත්මා ගේ ශරීරය ඉතා දුර්වලය. ඔහුගේ නිසල දේහය බිම පතිත විය''
''මාගේ කාර්‍ය නිමා විය. රිවෝල්වරයත් සමග ඉහලට එසවුනු මගේ දැත් සමග 'පොලිස්, පොලිස්' කියා මා හඩ තැලුවෙමි. කිසිවකු මට ලංවීමට එඩිතර නොවීය. මාගේ දැස් සෙනග සිසාරා ගොස් පොලිස් භටයෙක් ඉදියේ නැවතුනේය. මා ඔහුට ඉදිරියට විත් මා අත් අඩංගුවට ගන්නා ලෙස සන් කලෙමි. ඔහු ඉදිරියට පැමිණ මගේ අතෙන් අල්ලා ගත්තේය. ඊලාග මොහොතේ දෙවැන්නකු පැමිණ මගෙන් රිවෝල්වරය මුදවා ගත්තේය...''
ඔහුගේ දීර්ඝ පාපොච්චාරණ නිම වන විට උසාවිය ගල් ගැසුනාක් මෙන් විය.ගැඹුරු නිශ්ශබ්දතාවය ප්‍රශ්න කලේ රැස්ව සිටියවුන්ගේ හදවතයි. ගැහැනුන්ගේ දෑස් කඳුලින් තෙත්ව යද්දී, මිනිසුන් තමන්ගේ දැසට පෙගෙන කඳුලු සගවා ගත්තේ බිමට බර වූ මුහුණු තමන්ගේ ලෙහෙන්සුවට ලං ව යද්දීය. ගැඹුරු නිසලතාවය බිදුනේ වරින් වර යාන්තමින් නැගුනු හුස්ම ඇදීමකින් හෝ හැගීම සගවා ගැනීමට කල ව්‍යාජ් කැස්සකින්ය. මෙය හොලිවුඩයේ හෝ බොලිවුඩයේ චිත්‍රපටියක දසුනක් නෝවීය. මහපොලෙවේ සැබවින් ම එය එසේ සිදුවිය. මහත්මා ඝාතකයා තම හදවත, වචන වලින් එසේ ප්‍රතිනිර්මාණය කලේය.
http://ts3.mm.bing.net/th?id=H.4574939847263422&pid=15.1&H=160&W=160
කොන්ග්‍රස් ආන්ඩුව නිරුත්තරය..ගෝඩ්සේගේ මරණ තීන්දුවත් සමග ඔහු හා බැදුනු සියලු ලිපි ලේඛන ඉන්දෛයාව තුල තහනම් වන්නේය...ඒ නොවිසිදනු ලැබු ප්‍රශ්ණයක් වෙනුවෙනි...එහෙත් ගොඩ්සේගේ අවසාන ඉල්ලීම තවත් පරපුරකට භාර වීම නියමිතය...නොබෙදුනු භාරතයක ගලා යන් ඉන්දු ගංගාවේ තම අළු පා කල යැවීම ඔහුගේ අවසාන ඉල්ලීමයි.
මයියට හුඟාක් ස්තුතියි.. මේ ඝාතකයා ගැන අහලා තිබුනට මේ තරම් විස්තරයක් දැන ගන්න ලැබුනේ නෑ..
ReplyDelete//''මහත්මා ගාන්ධි යනු 'ජාතියේ පියා' යැයි සමහරු කියති. එය එසේ නම් මා ඔහු තුලින් දකින්නේ තම වගකීම ඉටු නොකල පීතෲත්වයයි. මුස්ලිම්වරුන් පිනවීම පිණිස භාරතය දෙකඩ කිරීම එහි කූට ප්‍රාප්තියයි. මහත්මා ඔහුගේ ඓතිහාසික කාර්‍යභාරය හමුවේ පාරජිතයෙක් . ඔහු භාරතයේ නොව පාකිස්ථානයේ පියා ය. ඔහුගේ ආධ්‍යාත්මික හඩ , පෞරුශය, අවිහිංසාවේ ක්‍රියාමාර්ග, පාකිස්ථානයේ අලිජින්නා ගේ අයෝමය අධිශ්ඨානය ඉදිරියේ සුණුවිසුණු වී හමාර ය''.//
ගෝඩ්සේගේ ගේ මේ කතාව ඇතුලේ හුඟාක් දේවල් ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා...
ඔව්..මයියටත් හිතෙනව මේක මේ..'ගහන්න ගහන්න වදින එකෙයි...වදින්න වදින්න ගහන එකෙයි වෙනසද ' කියලා......ලංකාවෙත් 2004 සාමගිවිසුම කාලේ මේ වගේම තත්වයක් තමයි තිබුනේ......
Deleteබොහොම වටිනා ලිපියක්... මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ... ඇත්තටම මහත්මා ගාන්ධි ගැන මට තිබූ ආකල්ප ප්‍රශ්න කිරීමකට ලක් වුනා කිව්වොත් නිවැරදියි.
ReplyDeleteබ්‍රිතාන්‍ය කිරුලට එරෙහි යටත් විජිත සටනේදී මාහත්මාගේ කාර්‍යභරය හා සේවය , පක්ශ, විපක්ශ කාගේත් ගෞරවයට හා පැසසුමට ලක් වෙනවා. ඒය ලෝක සටන් ඉතිහාසයේ නවමු ක්‍රමවේදයක්.උපවාසය හා සත්‍යග්‍රහය එහි ප්‍රධාන ආයුධයයි.
Deleteඑහෙත් නිදහසින් පසු මහත්මාගේ කාර්‍යභාර්‍ය ප්‍රශ්නකාරීයි. හින්දු මුස්ලිම් අරගලවල්දී එතුමාගේ ක්‍රියාමාර්ග සැම විටම සාර්ථක නෑ. එය ඇතැම් අවස්ථාවල මහත්මා තම වචන්යෙන්ම ප්‍රකාශ කර තිබෙනවා.
එහෙන් මෙහෙන් කියවලා තිබ්බට මෙච්චර සම්පූර්ණ විස්තරයක් කියෙව්වම තමයි..ඝාතකයා නැගුව ප්‍රශ්ණයට අපිටත් උත්තරයක් නැති කරලයි තියෙන්නෙ...
ReplyDeleteඒකනේ.....ආණ්ඩුව මරණයෙන් පස්සේ ගෝඩ්සේ සම්භන්ද ලියකියවිලි තහනම් කරලා දැම්මේ...ලගදි තමයි මේ ලියකියවිලි නැවත කරලියට ආවේ...
Deleteමහත්මා ගාන්ධිගෙ චරිත කතාව කියවපු දවසෙ ඉඳල මටත් තියෙන ප්‍රශ්නයක් ඕක....තමන් නිවැරදියි කියල හිතන දේ වෙනුවෙන් පෙනී සිටින එක හරි. ඒත් තමන්ට තියෙන ගෞරවය, පිළිගැනීම සමාජ සහ සිවිල් බලය තමන්ගෙ අදහස් ක්‍රියාත්මක කරවන්නට ආයුධයක් ලෙස යොදා ගැනීම කොතරම් දුරට නිවැරදිද කියන එක.
ReplyDeleteමහත්මා කරපු වැඩෙයි කාගෙ හරි ඔලුවට පිස්තෝලයක් තියල ඒ මනුස්සය කිසිම කැමැත්තක් නැති දෙයක් කරවනවයි අතරෙ මොකක්ද තියන වෙනස?
සුප්‍රසිද්ධ පුද්ගලයින් ඝාතනය කිරීම් ගැන කියනකොට මට හැමදාම මතක් වෙන කතාවක් මේක..
අමරිකාවෙ පාසලක අවුරුදු 10 -11 වගෙ දරුවන්ට එක පාරක් ජෝන් කෙනඩි ගැන පාඩමක් කලාලු. ඉතින් ගුරුතුමිය ජෝන් කෙනඩි ගැන බොහොම ආවේග ශීලීව කතාකලාලු සෑහෙන වෙලාවක්...කෙනඩිගෙ සාධාරණත්වය, පෞරුෂය, දුර දක්නා නුවන...ඔය හැම එකක්ම.
ඉතිං කතාව ඉවර උනාම හැම ලමයෙක්ම මොනව හරි අදහසක් දැක්වුවලු කෙනඩි ගැන වර්නනා කරල. පස්සෙම පේලියෙ එක ගෑණු ලමයෙක් විතරක් ඉන්නවලු කිසිම සද්දයක් නැතුව...මට නම මතක නෑ...අපි කියමු ඇලිස්ය කියල...
අන්තිමට ගුරුවරිය ඒ ලමය ලඟට ගිහිල්ල මෙහෙම ඇහුවලු...
" Alice, why are you silent?....don't you have anything to say about president kennedy? "
ඒ ගෑණු ළමය නැඟිටල ගුරුවරියගෙ මූණ එක පාරක් බලල ආයෙම බිම බලාගත්තලු. ඒ කරල මෙහෙම කිව්වලු.
" Yes madam, my father killed him "
ත්‍රස්ත්‍රවාදය කිව්වම ඒකට ආයුධ ම ඕනේ නෑ....බොහොම සාමකාමි විදිහටත් ත්‍රස්ත්‍රවාදය කරන්න පුලුවන්....
Deleteමොනව උනත් මහත්මා යටත් විජිත නිදහස් අරගලයේදී කල දායකත්වය කාටවත් ප්‍රශ්ණ කල නොහැකියි.
නමුත් හින්දු මුස්ලිම් ප්‍රශ්ණයේදි එතුමා ෆේල්...ඒකට එතුමාට හරි උත්තරයක් මතවාදීමවය, හෝ ක්‍රියාවෙන් දෙන්න බැරි උනා..ඒක එතුමාම ඇතැම් අවස්ථාවල පිලි අරගෙන තියෙනවා...
කථාවට කියනවා..' ගොඩ්සේ තමා ද්‍රොහියකු වෙමින් මහත්මාට වීරවරයෙකු ලෙස මිය යන්න ඉඩ ලබා දුන්නා කියලා...'
මහත්මා ගාන්ධි ගැන මම හිතන් හිතපු විධියත් වෙනස් වුනා ඕන්
ReplyDeleteහැම මිනිහෙක්ම සම්පූර්ණයෙන් කළු හෝ සුදු නෑ.....ශ්‍රේෂ්ඨ ගාන්ධි පවා...
Deleteසෑහෙන්න විස්තරයක් තියෙනවනේ. ස්තුතියි
ReplyDeleteමේ ලිපියත් දෙකට කඩන්න හැදුවේ....කඩන්න තැනක් හොයා ගන්න බැරි උනා :) මාගල වගේ ඔක්කොම දැම්මා
Deleteමමත් කුඩා කාලයේ ඉදන් ගාන්ධි චරිතය ගැන ඇසු දුටු දේ අනුව මගේ හිතේ මැවිලා තිබුනෙ ගාන්ධි යනු අති උත්තම සුපිරි චරිතයක් විදියට..ඒත් දිනක් කාර්යාලයේ ඉතා හිතවත් ඉන්දියානුවෙක් එක්ක කතා කරමින් සිටින විට ඔහු ගාන්ධි චරිතය දකින ආකාරය ගැන මට පුදුමයක් ඇති වුනා.අපි සුපිරියෙන් අදහන ඇසුදුටු චරිතය සාර්තකත්වයට වඩා අසාර්තකත්වය වැඩි චරිතයක්. ඒ වගේම පිළිකුල් කරනු ඇතැයි සිතූ ගාන්ධි ඝාතකයා ගැන ඔහුගේ හිතේ කිසිම පිළිකුළක් තිබුනෙ නැහැ..ඒ වෙනුවට ඔහු කතා කලේ මුස්ලිම් වරුන් බහුතරය සිටි ප්‍රදේශ වලදී හින්දු ආගමිකයින්ට වුන ගැහැට ගැන...සමහර විට ආගමික ඇසින් බැලීම නිසා වෙන්නත් පුලුවන්..
ReplyDeleteගාන්ධිට වඩා ඉන්දියානු නිදහස් සටනෙ කාර්යභාරයක් ඉටු කල තැනැත්තෙක් විදියට ඔහුගෙ වීරයා වුනේ සුභාෂ් චන්ද්‍රබෝශ්..
ඒ කතා බහෙන් පසුව මේ ගාන්ධි ඝාතකයා ගැන විස්තර ටිකක් කියවන්න ඕන කියල හිතාගන හිටියත් ඒ තරම් විස්තරයක් දැනගන්න බැරිවුනා..මයියාගේ සටහනින් ඒ අඩුව පුරවාගන්නට බලාපොරොත්තු වෙනවා..
ස්තූතියි..
ස්තූතියි ලකී දිග කමෙන්ට් එකට.....ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ ආසියාතිකයන් ප්‍රතීරූප වන්දනාවට හරි කැමතියි....මේ ප්‍රතිරූප වන්දනාවේ තියෙන එක අඩුපාඩුවක් තමයි මේගොල්ලෝ දකින්නේ සුදු පාට විතරක් වීම..ඒත් පෘතග්ජනයන් වෙච්ච හැමො ගාවම කලු සුදු දෙකම තියෙනවනේ...දෙකම තේරුම් ගත්තම තමයි අදාල ප්‍රතිරූප චරිත වලින් අපි වගේ එවුන්ට මොනව හරි ඉගෙන ගන්න ලැබෙන්නේ............
ReplyDeleteමයියා ලියතොත් යමක් ලියන්නේ කියවන්නාට ගෞරවයෙනි
ReplyDeleteඒ පිලිබද නොවක් ස්තුතිය හැමදාටම...
භගත් සිංලාගේ භූමිකාවලුත් මේවාට අනුපාන, ඌන පූරණ, සපයනු ඇතැයි සිතමි
හැකිනම් ඒ ගැනැත් මෙලෙස ලියන්න
කල් යල් බලා ලියූවක්දෝහෝයිත් සිතේ ;-)
ස්තූතියි තිස්ස...තිස්සගේ වචන මේ බ්ලොග් එක ලියන්න ලොකු ධෛර්‍යක්.........භගත් සිං ගැන හොද හින්දි චිත්‍රපටියක් කාලේකට ඉස්සෙල්ලා ටීවී එකේ බැලුවා..
ReplyDeleteගොඩ්සේ ගැනත් හින්දි චිත්‍රපටියක් ලගදි හැදෙනවලු...කලින් හදපු චිත්‍රපටි ඉනදියාවෙන් තහනම් කරලා තිබ්බා...මේ පාර එහෙම වෙන එකක් නෑ
නොදැන සිටි තොරතුරු සමූහයක්.
ReplyDeleteහින්දූන්ට එරෙහිව "අවිහිංසාවේ" අවිය යොදා ගැනීම.
නිකං බෞද්ධයින්ට එරෙහිව බුද්ධ වචනය යොදා ගැනීම වගෙ...
ලියකියවිලි තහනම් කළාය කියනකොටම තේරෙනවා, තීන්දුව දුන්නු අයටත් තමන්ගෙ තීරණේ ගැන යම් සැකයක් තිබුණාය කියන එක. තමන්ට විරුද්ධව චෝදනා අපවාද නැගෙන එකෙන් බේරෙන්න තදටම වුවමනාව තිබිලා වගෙයි.
බොහොම ස්තුතියි.
ස්තූතියි නලිනි.....අවිහිංසාව අවියක් කල/ උනු හැටි පුදුමයි.....මොනා උනත් මහත්මාගේ අරමුණු ශ්‍රේෂඨයි. ඒතුමා ගේ අපේක්ශාව උනේ හින්දු මුස්ලිම් සහයෝගීතාවයි. ඒහෙත් ඒ කාරණාවේදී මහත්මා බහුතරය උන් හින්දූන්ට වඩා සුලුතරය උන මුස්ලිම්වරුන්ට වඩා අනුකම්පා සහගත උනා කියලා හිතෙනවා.ඒය බහුතරය උන හින්දූන්ට උන අසාධාරණයක් එම අසාධාරණය ගෝඩ්සේ මනාව පෙන්වා දී තිබෙනවා....ඉන්දීය ආන්ඩුව තහනම තුලින් මෙම අසාධාරණය ඇත්තක් බව මොන්වට පිලි අරං තියෙනවා...
Deleteලංකාවේ බෞද්ධයන් සම්භන්ද නලිනිගේ කථාව වැඩි දුර සිතිය යුත්තක්...
තමන් පෙනී සිටින අදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අය හරි අඩුයි නොවැ. ගොඩ්සේගේ චරිතය ගැන හිතේ තිබුණු කළු චිත්‍රය යම්තාක් දුරකට සුදු වුණා මේ කතාව කියෙව්වාට පස්සේ
ReplyDeleteඔව් ගොඩ දෙනෙකුට උනා වගේ ඒක හැසිතටත් වෙලා ;).......
ReplyDeleteහ්ම්ම්ම් මම හිතන්නේ ගොඩ්සේ සාධාරණයි කියලා.
ReplyDeleteකෝරලේ වලව්ව
හැබැයි දැන් ලංකාවේ වෙන්නෙත් ඔයදේම තමයි
Deleteකෝරලේ වලව්ව
අවිහිංසාවට හිංසාව උත්තරයක්ද? ගෝඩ්සේ ගේ ප්‍රකාශය මා තුල ඇති කරන්නේ ඒ ප්‍රශ්ණයයි
Deleteප්‍රමාද වෙලා හරි කියවන්න ලැබුනු වටින ලිපි දෙකක්...
ReplyDeleteසුභාෂ් චන්ද්‍රබෝෂ්..භගත් සිං ගැන කියවලා තිබුනට මට මේ මනුස්සය ගැන හරියටම විස්තරයක් කියවන්න වෙලා තිබුනේ නැහැ. හැකියාවක් ඇත්නම් ඉන්දිරා ගාන්ධි ඝාතන සිද්ධිය ගැනත් මේ වගේම ලියන්න.
ඕනෑම වීරයෙක් දුෂ්ඨයකු විමටත්..දුෂ්ඨයකු වීරයකු වීමටත් ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේමයි කාලයත් එක්ක හුගාක් දේවල් ගැන මුලින් තිබුන මත වෙනස් වෙනවා. උදාහරණයකට හිටපු ජනපති ප්‍රේමදාස.. මැරෙන වෙලාවේ නොතිබුන ගෞරවයක් ඔහුට ලැබුනේ මෑත කාලිනව.. ඒ ඔහුගේ අඩුව දැනෙන කාලයක් ආවමයි. මේ දේවලු් ඒ වගේ... නිදහස් සටනෙදී මහත්මාගේ කාර්යය සාර්ථක උනත් එයින් පස්සේ ඔහු අසාර්ථක නම් ඔහු එයින් ඉවත් කර තැබීමත්..එතෙක් ඔහු කල කාර්ය භාර්යට නිසි සැලකීම ලබා දීමත් කල යුතුයි. මං හිතන්නේ ඔහුගේ ඒ මොහොතේ මරණය ඔහුට සිදු වූ සාධාරණම දේ කියලයි. ඒ වගේම ඉන්දියාව පැත්තෙනුත් ඒක එහෙමම තමයි. කණගාටු දායක කාරණාව හිතට එකඟව කටයුතු කල..සිය ජීවි පරිත්‍යාගයෙන් යුග මෙහෙවරක් කල දෙදෙනෙකුම ඒ වෙනුවෙන් මිය යාමයි... මහත්මා වගේම නේතුරාමුත්... දෙන්නම කලේ තමන්ට පැවරුන වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරීමයි... එතනදී මහත්මාට වඩා නේතුරාම් අගලක් හෝ ඉදිරියෙන් වගේ කියලත් නොකියා බැහැ... මහත්මා ඉන්දියානු නිදහස වෙනුවෙන් මරණය අසලටම ගියත් මරණයට පත් උනේ නැතත්... නේතුරාම් ඒ වෙනුවෙන්ම මරණය දැක දැක මහත්මාට වඩා දිරිමත්ව එතැනට ගිය නිසා...
This comment has been removed by the author.
ReplyDeleteමහත්මා ගාන්ධි ගේ ජීවිතය අප සිතන තරම් පාරිශුද්ධ වූවක් නොවේ යයි සිතන්නට තරම් කරුණු මේ වන විට හෙළි වෙමින් පවතී (Sex life of Gandhi කියා සර්ච් කරන්න.) එබැවින් ගෝද්සේ මේ දේ නොකරන්නට ගාන්ධි වීරයකු නොවන්නට ද ඉඩ තිබුණි.
ReplyDeleteඅනර්ඝ, සාරවත් ලිපියක්: ස්තුතියි!
ස්තුතියි
ReplyDeleteහරිම වටිනා ලිපියක්... නොදැන හිටිය ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා...
ReplyDelete++++++++++
ReplyDelete++++++++++
ReplyDelete