Wednesday 17 December 2014

බෙලමි බ්‍රදර්ස්ලාගේන් මෛත්‍රීපාලට ප්‍රශ්ණයක්... We have a question MY3

බෙලමි බ්‍රදර්ස් යනු 80 දශකයේ සිටම ඉතා ජනප්‍රිය  ද්විපුද්ගල ඇමෙරිකානු සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ බෙහෙවින් ජනප්‍රිය වූ  ගීතයක් ඇත.

----Do You Love As Good As You Look?-----

Long blonde hair, sky blue eyes
Yeah, that well-bred look is easy to recognize
A tailored dress, a fit so fine
And it adds up to the question on my mind

Honey, do you love as good as you look?
Can you satisfy your man, like your body says you can?
Judging from the cover, I'd love to read the book
Honey, do you love as good as you look?






බයිකි උප සංස්කෘතියේ ආශ්වාදනයේ ප්‍රකාශනයක් බදු ඉහත ගීතයට සාර්ථක සිංහල පරිවර්තනයක් ලබා දීමට තරම් ලියුම්කරු නිර්මාණශීලියෙකු නොවේ.එහෙත් කතාව සැකෙවින් ගතහොත් සරලය..

සරාගී කන්තාවකි..දිගු කඩා  හැලෙන කෙස්...නිල්වන් අහස වැනි දෙනෙත්..ඇ‍ඟෙන් කියැවෙන සරාගීත්වය සැබෑ යථාර්තය වූ ඇඳ මත උඩ සෙල්ලමේදී ලබා දීමට ඇයට පුලුවන්ද? පොතේ කවරය ලස්සන උනාට අන්තර්ගතය  ඒ අයුරින්ම ලස්සනද? බෙලමි බ්‍රදර්ස්ලා ගීතයෙන් අසන්නේ එයයි

මෛත්‍රිපාල සිරිසේන...ඔහුද ගීතයෙන් කියැවෙන සරාගී කාන්තාව වැනිය. ඇත්ත වශයෙන්ම ගත්හොත් සිරිසේන නොව ඔහුගේ  නායකත්වයෙන් යුතු මෛත්‍රී පාලනය ගැන කියැවෙන කථා, මවන චිත්‍රය ඉහත සරාගී ලඳගේ පෙනුම වැනිය..



සාපේක්ශ නිකැලැල් දේශපාලන ඉතිහාසය, සිංහල බෞද්ධ ගැමි මූලය..අන්තගාමි නොවුනු දේශපාලන දර්ශනය..බැලු බැල්මට මහින්දට එරෙහි හොද විකල්පයකි.අනිත් අතිත් යහපාලනය, සාධාරණත්වය, නීතීයේ සමානාත්වතාවය වැනි ඉදිරි මෛත්‍රී පාලනයක අංග උපාංගද පොදු මහජනතාව නැමැති ගණුදෙනුකරුවාගේ  අවධානය දිනා ගැනීමට සමත්ය.බෙලමි බ්‍රදර්ස්ලාට සාරාගී කාන්තාව හමු උනා සේ මහින්දගේ පාලනයෙන් හෙම්බත් වී සිටින ලාංකිකයාට මෛත්‍රී පහලවීම එයාකාරය.

එහෙත් සිරිසේන මහතා සහ ඔහුගේ  මැතිවරණ මෙහෙයුමේ  නායකයන් ජනතාවට ලබා දිය යුතු පිලිතුරු රාශීයක් උකටලීව තවමත් ආමන්ත්‍රණය කර නැත.මෛත්‍රී පාලනයක් යටතේ රටේ ඉදිරි ස්ථාවරත්වය, පාර්ලිමේන්තුව හා විධායකය අතර සම්භන්ධතාවය වැනි කරුණු පිලිබද සැලකිය යුතු අවධානයක් මෛත්‍රී මැතිවරණ යාන්ත්‍රනයෙන් යොමු වී ඇති බවක් නොපෙනේ.රටේ ඉදිරි දේශ්පාලන ආර්ථික ස්ථාවරත්වය ගැන ඔවුන්ගේ ප්‍රශ්ණය සීරීයස් එකකි. මධයම පාන්තික උගත් පාවෙන චන්දදායකයන්ගේ තීරනයෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන ඉහත කාරනා ගැන යම්තාක් දුරකට හෝ ආමන්ත්‍රනය කෙරෙන්නේ මෛත්‍රී මැතිවරණ වේදිකාවේ කෝකටත් තෛලය බදු මුකරි කට ඇති පාඨලී චම්පිකයන්ගෙන් පමනි. ඒ වෙනුවට මෛත්‍රී  මැතිවරණ  උපක්‍රම ස්ථානගත වී ඇත්තේ හුදෙක් මහින්ද විරෝධය වටා පමනි. එහෙත් ජනතාවට වැදගත් වන්නේ මහින්දගෙන් ඒ ඒ දේශපාලන චරිත වලට සිදු වූ කෙනෙහිලිකම් නොව මහින්දගේ ඇස් බැන්දුම් වලින් සිදුවන සැබෑ හානිය ගැන දැන්වත් වීම හා එයට විකල්පය වූ මෛත්‍රි පාලනයේ ස්ථාවරත්වය හා ඉදිරි වැඩ පිලිවෙලය.

මහින්ද මැතිවරණ යාන්ත්‍රනයේ ලක්ශනයක් වන්නේ බහුතරයක් වූ ගැලරිය ට සරිලන මැතිවරන උපක්‍රම රාජ්‍ය බලය යටතේ උපරිමව යෙදෙන අතරේ පාවෙන චන්ද තිරනය කිරීමේහි සමත්, යම්තරමකට  බුද්ධිමත්, ඉහත කී ප්‍රශ්ණ ද තිවෘරව මතු කිරිමේහි එය දක්වන  සමර්ථකමයි.






නොදන්න දෙයියට වඩා දන්න යකා හොද යැයි කියති..දෙයියා ගැන නොදන්නේ ජනතාවගේ වරදින් නොව දෙයියගේ මැතිවරන යාන්ත්‍රණයේ ඇති අඩු ලුහුඩුකම් නිසාය . එම නිසාම,  බෙලොමි බ්‍රදර්ස්ලා සරාඟි බයිකි ලඳගෙන් නැගූ ප්‍රශ්ණයම සිරීසේන මහතාගේන් අපට විමසීමට තිබේ.  පොතේ අන්තර්ගතය එහි පිටකවරය තරම් ලස්සනද? ඇගේ ලස්සන ඇදේදී පෙන්වන්න පුලුවන්ද?


එය මෙරට පාලනය වෙනස් කිරීමේ ගාමක බලවේගය වූ  මැද පාංතික චන්ද දායකයා නගන සීරියස් ප්‍රශ්ණයයි.කල යුත්තේ පශ්චාත් මැතිවරනයෙන් පසු පශ්චාත් වීම නොව වඩ වඩා කාර්‍යක්ශමව මැතිවරණ මෙහෙයුම හරි පීල්ලට ගැනීමය.




6 comments:

  1. It seems that all the hype about the common candidate has died down gradually. All stake-holders are fighting in different fronts. Worse than 2010 effort.

    ReplyDelete
  2. මෛත්‍රී පාලනය දින සියයකි. එම දින සියයෙන් පසුව විධායක බලතල සහිත නව පාර්ලිමේන්තුවකින් රට පාලනය වනු ඇත. ඒ විධායක පාර්ලිමේන්තුව පත් කිරීමේදී වෙහෙස මහන්සි වී හොඳ මන්ත්‍රීවරුන් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ යුතුය. මෛත්‍රී ගේ හොඳ නරක බැලීමෙන් වැඩක් නැත.

    අනවශ්‍ය ප්‍රශ්න මතුකර ප්‍රමුඛ කාර්යයෙන් අවධානය වෙනස් නොකළ යුතුය. දින සියයේ ජනාධිපති ලෙස යම රජ්ජුරුවෝ පත් වුනත් මහින්ද නම් පැරදවිය යුතුය.

    මේ එකම සහ අවසාන අවස්ථාවයි. එය අපතේ හරින්න එපා!!!

    ReplyDelete
    Replies
    1. The Floating voters won't come to MY3. But My3 need to walk towards the floating voters. He has to earn this by his vision. That's the point Mayya has pointed out.

      Delete
    2. මායියො මේව දැක්කම දැන් හිනා යනව. මෙච්චර මහන්සි වෙලා මහින්ද මහත්තයා යුද්ධය ඉවර කරල නිදහස් රටක් හැදුවා. රටේ මිනිස්සු රට වෙනුවෙන් මීට පෙර වැඩක් කරල නොපෙන්නපු මෙතී්‍ර සෝඩ බෝතලේ විස්වාස කරල මහින්දට එරෙහි උනා. අපි ලොකුවල සිංහල බෞද්ධ කීයල පම්පෝරි ගැහුවට මායියො අපිට පිළිගන්න වෙනවා අපි කළගුණ නොදන්න බහුතරයක් ඉන්න ජාතියක් කියලා.

      Delete
  3. මහින්ද මැතිවරණ යාන්ත්‍රණයේ ලක්ෂණයක් වන්නේ , හැකි පමණ ගමනාගමන පහසුකම් දී , අනුරාපුරේ රැස්වීමට ගාල්ලෙන්ද , හලාවත රැස්වීමට මද්යම පළාතෙන්ද ඒ වාගේම මුලතෙව් රැස්වීමට දඹුල්ල , අනුරධපුරෙන්ද සෙනග රැස්කර විසාල ජනතාවක් ඔව්හු වටේ බව පෙන්නා ජනතාව රැවටීමට ගන්නා උත්සහයයි , මුලතිඑව් රැස්වීමේ ඔසරි ඇඳගත් කාන්තාවන්ද සිටි අතර ඉතා පැහැදිලි ලෙස ජයවේවා කියා ගෝසා කරනු ඇසුනි එය කිසිසේත් දෙමල අයගේ උච්චාරණ විලාසය නොවේ , මෙයින් රැවටෙන්නේ මහින්දමය , මොකද ගල්ලෙන් අනුරාධපුරේට ගිය මිනිසුන් දන්නවා අනුරාධපුරේ හිටියේ කව්ද කියා ඒ ලෙස අනිකුත් අයද දන්නවාය ,

    ReplyDelete

2222