Thursday 20 August 2015

කොටයක් හින්දා ගොඩ ගිය අලියෙක්....

මේ පාර  යාපනේ දිස්ත්‍රික්ක ප්‍රතිපලය සාමානුපාතික ඡ්න්ද ක්‍රමය ගැන අධ්‍යනය කිරීමට ගත හැකි හොදම උදාහරනයක්..

කලින් වතාවල් වලදී යාපනේ ජ්න්ද බෙදිලා ගියේ ටීඑන්ඒ එකයි, ඩග්ලස් දේවානන්දගේ ඊපිඩීපී එකයි අතරේ විතරයි. එතැනත් ඩග්ලස් ගන්නෙ එක ආසනයයි. මේ දෙගොල්ලම දමිල ජාතිකත්වය මත පදනම් වෙච්චි ජාතිකවාදී පක්ශ.ජාතික තලයේ දේශපාලන පක්ශයකට යාපනයේ ඉඩක් තිබ්බේ නෑ....ඒත් මේ පාර තත්වය වෙනස් වෙලා. ටීඑන්ඒ  හා ඩග්ලස් ගේ ජාතිකවාදී පක්ශ වලට අමතරව ජාතික තලයේ දේශපාලන ප්‍රවාහයක් උන අලියටත් යාපනයෙන් ආසනයක් තියෙනවා.

අලියා වගේම ඩග්ලස් ලොක්කාගේ ඊපීඩීපී එකත් යාපනයෙන් ආසන ගන්නේ දශම ගනන් වල කොට වලින්.

ඒ කථාව මෙහෙමයි....

දිස්ත්‍රික් මට්ටමේදී ආසන බෙදෙන්නේ බෝනස් ආසනය අත ඇරලා, දිස්ත්‍රික්කයට හිමි ඉතිරි ආසන ගණන, ඒ පක්ශ ලබා ගත් දිස්ත්‍රික් ඡ්න්ද ප්‍රතිශතයෙන් ව වැඩි කිරීමෙන් එන සංඛ්‍යාව අනුව.
යාපනේ මුලු ආසන ගණන 7 යි. බෝනස් ආසනේ අත ඇරියම් 6යි. මේ හය බෙදෙන්නේ  6 x පක්ශ චන්ද ප්‍රතිශතයට. ඒ අනුව

ටීඑනේ 4.14
ඊපිඩිපි  0.60
යූඑන්පී 0.40
බුලත් කොලේ 0.38
වෙනත් සියල්ල  0.77

එ අනුව බලද්දී ටී එන් ඒ එකට ආසන 4ත් බෝනස් ආසනයත් සමග ආසන පහක් හිමි උනා. දැන් ඉතිරි ආසන දෙක වැඩිම දශම කොට අතර බෙදිලා යනවා... ඒ අනුව වැඩිම කොටේ තියෙච්ච ඊපිඩීපි එකට එක ආසනයක් ලැබුනා..ඊලඟ වැඩිම කොටේ වෙච්චි  අලියට ඉතිරි ආසනය ගිහිල්ලා තියෙනවා.. ස්වාධීන පක්ශ වල එකතුව .77 ක් උනත්, වෙන් වෙන්ව එකම පක්ශකයටවත් අලියගේ දශම කොටේ වෙච්චි 0.40 ට වැඩියෙන් ඉන්න බැරි උන හින්දා ආසනයක් ලැබුනේ නෑ...

මේ දශම කොට වල පොඩ්ඩක් එහා මෙහා උනා නම් අලියා වෙනුවට ආසනේ ගන්නේ බුලත් කොලේ....ඒ දශම කොටේ එහා මෙහා වෙන්න අලියට වඩා තව චන්ද 3250 ක් විතර බුලත් කොලේ ගත යුතුව තිබුනා..බුලත් කොලේට යාපනයෙන් ආසනයක් ලැබුනා නම් ඒක සංඛේතාත්මකව කෝලේට ලොකු ජයග්‍රහණයක් වෙන්න ඉඩ තිබුනා. යාපනේ ඉන්න නාමල්ගේ යාළුවො හින්දා කොලේට මෙවර යාපනයෙන් ඡ්න්ද තිබ්බත් ඉස්සහරටත්  ඒවගේ තත්වයක් තියෙයි කියලා හිතන්නත් අමාරුයි.

මොනා උනත් යාල්පානම් වලදී ජාතික තලයේ දේශපාලන පක්ෂ ලබා ගත් ජයග්‍රහණ වල සම්පූර්ණ ගෞරවය ඒගොල්ලන්ට දෙන්න බෑ....අලියටත් , කොලේටත් යාපනයේ ආසන වලට තරඟයක් දෙන්න පුලුවන් වෙන්න මූලික හේතුව, යාපනයට තරඟ කල අන්තවාදී ස්වාධීන කණ්ඩායම් වෙන් වෙන්ව ටී එන් ඒ  එකේ ඡ්න්ද කඩා දාපු එකයි. අවසාන් විග්‍රහයෙදී,  ඒ පුංචි කණ්ඩායම් වලට කිසිම ආසනයක් නොලැබුනත්, ටී එන් ඒ කුට්ටිය අඩු කරපු එකේ වාසිය කෙලිනම ලැබුනේ අලියටයි.


මේ පාර ටීඑන් ඒ  එක යාපනේ ආසන 7 ම එක මිටට ගන්න බලන් හිටියත්, කුඩා කුඩා ස්වාධීන පක්ෂ එකතු වෙලා කරපු හරිය හින්දා ඒ හීනය බොදවෙලා ගියා. ආරංචියේ හැටියට ටීඑන් ඒ   විග්නේස්වරන් ලොක්කත්  සපෝර්ට් කරපු ඩයස්පෝරා දේශපාලන පක්ශය වෙච්චි අකිලයි ඊලන්කෛයි තමිල් කොන්ග්‍රස් එක තමයි වැඩියෙන්ම මේ කැඩිල්ලට හේතූවෙලා තියෙන්නේ... ඌරන් කැකුණ තලන කොට හබන් කුකුලන්ට රජ මඟුල් කිව්වා වගේ, චුටි චුටි ඇර ගැනිලි හින්දා යාපනයේන් මේ පාර අලියට ආසනයක් හම්බ උනා.....කොටයක් හින්දා අලියෙක් ගොඩ ගියා.....

12 comments:

  1. මඩකලපුව බලන්න. ඔය වැඩේම වුණේ යන්තම් ඡන්ද 27න්. ඕකෙන් 14ක් එහා මෙහා වුණානම් අලියෙක් හැලිලා බුලත් කොළයක් උඩ එනවා. තව ඔහොම තැන් කීපයක්ම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....ඉකොනොමැට්ස්ගේ කතාව හරි..මඩකලපුවෙදී අලියගේ චන්ද ගාන 32,359 ( 13.55%) යි. කොලේට 32,232 (13.49%). චන්ද ගාන වෙනස 127. නමුත් මඩකලපුවෙන් අලියට ආසනයක් ගනිද්දි කොලේට එකක්වත් නෑ.....

      මෙතැනදී ප්‍රතිශතය ආසන ගානෙන් වැඩි කලාම එන්නේ

      ටීඑනේ 2.12
      මුස්ලිම් කොන්ග්‍රස් 0.64
      අලියා 0.541
      කොලේ 0.539

      මේකෙන් පේන අනිත් කාරණාව තමයි ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණයේදිත් එක චන්දයක් උනත් තියෙන වටිනාකම....

      කොහොම උනත් මඩකලපුව යාපනයෙන් වෙනස් වෙන්නේ යාපනේදී අවශේශ ස්වාධීන කන්ඩායම් එකමුතුව ආසනයක් ගැනීමට තරම් චන්ද සංඛ්‍යාවක් අරං තියෙන හින්දා.මඩකලපුවෙදී එහෙම තත්වයක් නෑ....

      Delete
    2. ඔබ සදහන් කර ඇති ක්‍රමය නිවරදිම ක්‍රමය නොවේ.
      මන්ත්‍රී ආසන වෙන් කරනුයේ පහත සදහන් ක්‍රම වේදය අනුවය
      පියවර 1: වලංගු චන්ද ප්‍රමාණය 20න් බෙදා එන සංඛ්‍යාව ආසන්න පුර්ණ සංඛ්‍යාවට වටයනු ලැබේ ( උදා යාපනය : වලංගු චන්ද ප්‍රමාණය 300309 නම් 1/20 : 15010.95 = 15011) එනම් 5%කට වැඩිය (15011 හෝ ඊට වැඩි) චන්ද ලබාගෙන ඇති කණ්ඩායම් වෙන්කරගනු ලැබේ.

      පියවර 2: 5% ට වැඩි කණ්ඩායම්වල චන්ද ප්‍රමාණය එකතුකරනු ලැබේ.
      ද්‍රජාස - 207577
      EPDP 30232
      UNP 20025
      UPFA 17309
      AITK 15022
      එකතුව 290165 ( අනෙක් කණ්ඩායම් ලබාගත් චන්ද 10144 ඉවත්කරයි)

      පියවර 3: එම චන්ද ප්‍රමාණය දිස්ත්‍රීක්කය සදහා වෙන්කර ඇති මන්ත්‍රීධුර සංඛ්‍යාවට 1ක් අඩු සංඛ්‍යාවෙන් බෙදනු ලැබේ.

      290165/6 = 48360.83

      පියවර 4: මෙම චන්ද ප්‍රමාණයෙන් ලබාගෙන ඇති චන්ද ප්‍රමාණය බෙදා ආසන වෙන් කිරීම
      ඒ අනුව දෙජාස- 4 ( 4* 48360.83= 193443)

      පියවර 5: ආසන බෙදිමෙන්පසු ඉතිරි චන්ද ප්‍රමාණය අනුව වැඩිම කණ්ඩායම් පිලිවලට සකස්කර ඉතිරි මන්ත්‍රී ආසන ලබාදීම

      EPDP 30232 - 01
      UNP 20025 - 01
      UPFA 17309 - 00
      AITK 15022- 00
      දෙජාස - 14134- 00

      පියවර 6: බොනස් මන්ත්‍රී ආසනය වැඩිම චන්ද ලබාගත් පක්ෂයට ලබාදීම
      දෙජාස 01

      අවසාන ප්‍රතිපලය
      දෙජාස 05 (4+0+1)
      EPDP 01 (0+1+0)
      UNP 01 (0+1+0)

      කුරුණෑගල
      පියවරර 1 : 1/20 - 43122 (ජවිපෙ 41077 එබැවින් UNP හා UPFA පමණක් ඉතිරිවේ)
      පියවර 2 : 915399/14 = 65385.64
      පියවර 3:
      UPFA 7 (7*65385.64) = 457699.5
      UNP 6 (6*65385.64)=392313.86
      පියවර 4
      UNP - 48961 - 01
      UPFA - 16425 - 00



      Delete
  2. අනිත් එක ඊපීඩීපී එක බුලත් කොළෙන්ම ඉල්ලුවනම් (බුලත් කොළේට ලංකාවෙන්ම තව 19,047ක් එකතු වුණානම්) ඔය කලින් දේ නොවුණත් ටීඑන්ඒ එකට ලැබුණු ජාතික ලැයිස්තු කොටේ හම්බ වෙන්නෙ බුලත් කොළේට.

    ReplyDelete
    Replies
    1. පොඩි කොස්සකුත් තියෙනවා.....ඊපිඩිපි ජැක් ගහන්නේ නැතුව ඉල්ලපු එකෙන් ඒගොල්ලන්ට වැඩි චන්ද ප්‍රමානයක් ලැබුනා නම් සංධානගත් උනා නම් ඒ චන්ද ප්‍රමානම සංධානේට අද්දන්න පුලුවන්ද කියන සැකය තියෙනවා..

      Delete
  3. කාලෙකට පස්සේ මයියාගේ ලිපියක් දැක්කේ. ඉතාමත් හොද නිරික්ෂණයක් සහිතව උතුරේ ඡන්දය දෙස බලා තිබෙනවා. ඒ වගේම ඉකොනමැට්ටාගේ එකතු කිරිම මගින් එහි අගය තවත් ඉහළ ගොස් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්.....මේවා මේ පක්ශ වල ජාතික සංවිධයකයන්ට බලා ගන්න දාන දේවල් :)

      Delete
  4. මයියා, දශම වලින් පැහැදිලි කරනවාට වැඩිය හොඳයි ඡන්ද ගනන බෙදල ඉතිරි ගනන් එක්ක පැහැදිලි කලා නම්.....

    මේ වගේ සීන් සෑහෙන්න තියනව. ජවිපෙට ගාල්ලෙන් ආසනයක් නැතිවුනේ එක්දහස් ගනනකින්. ඒ වගේම ගා‍ල්ලෙන් පෙරට්ටන්‍ට ඒ කිට්ටු ගණනක් ලැබුන.

    ඒ වගේම ජවිපෙ ඡන්ද නිසා එජාපයට අවාසි වුන තැනුත් සෑහෙන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. චන්දෙ යන වෙලාවෙදි මං හිතුවේ ගාල්ලෙන් සීනුවට ආසනයක් එයි කියලා මේ වගේ කොටේකින්....අනිතිමට ආව ආසන ප්‍රතිපලයෙන් ඒක වෙනස් උනා...

      Delete
  5. බෝනස් සීට් එක ඇරුනම ඉතිරි හය බෙදන්නේ සළු ව්ච්චි කණ්ඩායම් වල චන්ද ප්‍රතිශතය අනුව නේද? මං හිතන්නේ මේ දශම වලින් කියල තියෙන්නෙත් එකම වෙන්නොනේ..

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසක් තියෙනවා....ජන්ද ප්‍රතිශතය අනුවම නෙවෙයි.....චන්ද ප්‍රතිශතය ද්‍රිස්තික්කේ ආසනවලින් වැඩි කිරීමේන් එන ගාන අනුව....මං ඔය දාල තියෙන්නේ ඒ අගයන්....

      Delete
  6. කාලකින් නේද මේ පැත්තට අාවේ.... අපිත් අදද මන්දා අාවේ... දිගට ම ඒන්නම්... සින්ඩි ගත කර ගත්තා

    ReplyDelete

2222