මා
ඉතා මෑතකදීම කියවූ පොත Prisoners of Geography....... වසර 2015 තරම් මෑතකදී මෙම පොත පලවී ඇති නිසා මෙහි සිංහල පරිවර්තනයක් ඇතැයි මා සිතන්නේ නෑ.... එනමුත් පොතේ ඉංග්රීසි නම, ‘භූගෝලයේ සිරකරුවන්’ නැතිනම් ‘භූගෝලීය සිරකරුවන්’ ලෙස සිංහලට පරිවර්තනය කල හැකි යි.
 |
පොතේ පිටකවරය |
ඉංග්‍රීසී ජාතිකයකු විසින් ලියා ඇති නමුත්, මෙම පොතේ භාවිතා කර ඇති ඉංග්‍රීසී භාෂාව ඉතා සරල හා සුගමයි. බැරෑරුම්
දේශපාලනයක් ගැන කථා කරන නමුත්, කතුවරයා පාවිච්චි කර ඇති භාෂාව
, ඉංග්‍රීසී පිලිබද ඉහල
පරිචිතයක් නොමැති අයෙකුට උවත්, කියවිය හැකි ආකාරයට ලියා තිබෙනවා.
මේ
පොතේ කතුවරයා වන්නේ ටිම්
මාෂල් ( Tim Marshall) .
ඔහු වෘතීය මාධ්‍යවේදීයෙක්. ඔහුගේ තිස්වසරකට
අධික මාධ්‍ය දිවිය තුල
බීබීසී, ස්කයි නිව්ස් වැනි ප්‍රකට මාධ්‍ය ආයතනයන්හී විදේශ
පුවත් පිලිබද විශේෂඥ මාධ්‍යවේදීයෙකු වශයෙන් කටයුතු
කර තිබෙනවා. ඒ වගේම ඇමේරිකාව, යුරෝපය හා ආසියානු රටවල
ස්ථානගත වෙමින් ඔහු මාධ්‍යවේදීයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ
කාලය තුල ඔහු ජාත්‍යන්තර මට්ට්මේ යුධ 12 ක් පමණ, මාධ්‍යවේදීයෙකු වශයෙන් ආවරණය කර තිබෙනවා. මෙම
පොතේ අන්තර්ගතයට, ටිම් මාෂල්ගේ වෘතීය අත්දැකිම් හා ඒ ආශ්‍රිතව ඈදූනු දේශපාලන කාරණා ඉවහල් වී ඇති බව හොදින්ම පේනවා..
ඝාතනයට ලක් උන පාකිස්ථාන ජනාධිපතිනි
, බෙනාසිර් බූතෝ මැතිණිය
සමග අවසන් මාධ්‍ය සාකච්චාව ,
පලමු ගල්ෆ් යුද්ධයේදී ස්කයි නිවස් සේවය වෙනුවෙන්, පැය 6ක් අඛණ්ඩව කෙරුණු මාධ්‍ය ආවරණය, ඔහුගේ මාධ්‍ය ජීවීතයේ අමතක
නොවන දේවල්.
 |
ටිම් මාෂල් - පොතේ කතුවරයා |
පොතේ
අන්තර්ගතය ගැන කථා කරන විට, මෙහි අඩංගු වන්නේ ලෝකයේ ප්‍රධාන රටවල්
හි භූගෝලීය පිහිටීම, තමන්ගේ අන්තර්ජාතීක දේශපාලන තීරණ ගැනීමට , අන් රටවල් සමග යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමට, බලපා ඇතී ආකාරය පිලිබද ඉතා විස්තරාත්මකව විශ්ලේෂණය කිරීමක්.
උදාහරණයක්
ලෙස ඇමේරිකාව අංක එකේ ලෝක බලවතා ලෙස සිටීමේදී, ප්‍රධාන මුහුදු
කලාපයන් දෙකක තම නාවික අණසක
පැතිරවීමට හැකි
වන පරිදි ඇමෙරිකාවේ ස්භාවික භූගෝලීය
පිහිටිමත්, ඒ අතින් රැසියාව
ඉතා දරුණු අධිශීත මුහුදු කලාපයක සිරවීමත්, , ඒ නිසාම ලෝක
බලවතුකු ලෙස පෙනී හිටීමේදී රුසියාවට
ඇතිවන ගැටළුත්ඔහු
මනාව විස්තර කරනවා.
ඒ
වගේම පරිසර උෂ්ණත්වය ඉහල යෑම නිසා ආක්ටික් මුහුදු කලාපය, විසි එක් වෙනි ශතවර්ෂයේදී ප්‍රධාන මුහුදු
කලාපයක් විය හැකි ආකාරය සහ එහිදී රැසියාව
අධිශීත මුහුදු කලාපයන්ගේ, නාවික හමුදා ශක්‍යතාවයෙන්,
අනෙක් රටවල් අභිබවා යන විස්තරය, මෙම පොතේ මා සිත්ගත් තවත්
කාරණයක්.
ඇමෙරිකාවේ
ඇලෙස්කා ප්‍රාන්තයේ ගෙමිදුලක
සිට බැලූ කල රැසියාවේ නැගෙනහිර බෝඩරය පෙනෙන නමුත්, රුසියාව
ඉතිහාසයේ කෙදිනකවත් තම නැගෙනහිර අර්ධයෙන්
එන සතුරු ආක්රමණයක් ගැන බැරෑරුම්ව නොසලකන්නේ ඇයිද යන්නත්, මේ
පොතේ එන තවත් රසවත් විස්තරයක්.
චීන
පාකිස්තානු දේශ සීමාවත්, එය හරහා පාකිස්ථාන
ග්වාඩර් නාවික වරායට ( Gwadar Port) චීන ආයෝජන ලබා දීමත්, එමගින් භූමි මාර්ග හරහාම චීනයට ඉන්දියානු සාගරයට දොර විවෘත වීමත් මෙහි හොදින් විස්තර කරනවා. මේ කටයුතු කිරීමේදී
චීනයේ මුස්ලිම් ප්‍රාන්තය උන
ෂින්ජියෑන් (Xinjiang)
සම්භන්ධයෙන් චීනයේ මධ්‍යම ආන්ඩුවේ සැලසුම්
හොදින් විස්තර කෙරෙනවා.
මෙවන්
අති රසවත් අන්තර්ජාතීක දේශපාලන කරුණු , මුළු ලෝකයම අන්තර්ගතවන පරිදි, මෙම පොතෙන් ඉතා මැනවින් විස්තර කර දෙනවා.
මේ
සියළු පැහැදිලි කිරීම් සදහා, කතුවරයා, ඒ වෙනුවෙන් පිලියෙල
කරගත් සිතියම්
භාවිතා කරනවා. සිතියම් සමග කතුවරයා ඉදිරිපත් කරන විවිධ කාරණා ඔහුගේ අදහස් පාඨකයාට ඒත්තු ගැන්වීමට මනා පිටිවහලක් වී තිබෙනවා.
 |
කතුවරයා යොදා ගෙන ඇති සිතියම් |
මා
මේ පොත කියවනු ලැබුවේ බ්‍රිටිෂ් කවුන්සිලයේ
කොලඹ පුස්ථකාලය මගින්. දේශීය වෙළද පොලෙහි මේ පොත මිලදී
ගැනීමට ඇතිදැයි මා දන්නේ නෑ.
කෙසේ
නමුත් සමාන්‍ය ඉංග්‍රීසී දැනුමක් ඇති අයෙකුට උවත් පහසුවෙන් තේරූම් ගත හැකි ආකාරයට
ලියා ඇති මේ පොත, මෑතකාලයේ
මා ඉතා ආශාවෙන්ම කියවා නිම කල පොතක්.
ටිම්
මාශල් ඔබට ස්තූතියි.
Many Thanks Tim Marshall.....