Tuesday, 26 April 2011

බැන් කී මූන් අක්කා පෙන්නා නංගී දීම


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වන බෑන් කී මූන් මහතා විසින් ශ්‍රි ලංකාව සම්භන්ධයෙන් පත් කර ඇති ත්‍රි පුද්ගල උපදේශක කමි‍ටුව හා ඔවුන්ගේ වාර්තාව පිලිබදව මේ වනවිට ලංකාව තුල ඉමහත් ආන්දෝලනයක් ඇති කරමින් පවතිනවා. පවතින අසීරු ආර්ථික තත්වය යටතේ, සාමාන්‍ය ජනතාව තම එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට මහත් වෙහෙසක් දරන අතර තුර ලාංකික දේශපාලනයේ මහා මොලකරුවන් මේ වන විට මෙකී ත්‍රි පුද්ගල කමි‍ටු වර්තාව සම්භන්ධයෙන් අනුගමනය කල යුතු ක්‍රම උපායන් පිලිබදව හදාරමින් සිටිනවා. මෙවන් වතාවරනයක් තුල මෙකී කමි‍ටු වාර්තාව හා එහි දේශපාලන ප්‍රතිවිපාක පිලිබදව කතා කීරීම කාලෝචිත මාතෘකාවක්.

2010 ජූනි 22 වෙනි දින එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා පත් කරන ලද මේ උපදේශක මණ්ඩලය තම අවසන් නිගමන ඇතුලත් කමි‍ටු වාර්තාව, 2011 අප්‍රියෙල් 12 වෙනි දින මහලේකම්වරයා වෙත භාරදුන්නා. එදිනම මහලේකම්වරයාගේ දෙවෙනියා උන විජය නම්බියාර් මහතා විසින් මෙහි පිටපතක් එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකා කාර්‍යාලයේ උප නියෝජිතයා වුන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතට නිල වශයෙන් ලබා දුන්නා. මේ වාර්ථාව සම්භන්දයෙන් වැදගත් කරුනක් වන්නේ මෙය තාක්ෂනික වශයෙන් එක්සත් ජාතින්ගේ ලියැවිල්ලක් ලෙස හුවා දැක්වීමට ඇති නොහැකියාවයි. නමුත් ඇතැමුන් මෙය එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්තාවක් ලෙස නාමිකව හදුන්වනවා.මෙය වැරදි යෙදීමක්. එසේ වන්නේ, මෙම වාර්ථාව ඒක්සත් ජාතින්ගේ සංවිධානය හෝ එහි අනුබද්ධිත සංවිධානයක් තම සමාජික රටක් අරඹයා කරන ලද වර්තාවක් නොවෙන්නක් වන නිසායි. මෙය හුදෙක් මහලේකම්වරයා විසින් තමන්ට වැඩිදුර කරුනු ලබා ගැනීම සදහා පත් කරන ලද පෞද්ගලික කමි‍ටුවක්. මෙම කමි‍ටුව පත් කිරීමද විවාදසම්පන්නයි. මෙවැනි කමි‍ටුවක් පත් කිරීමට මහලේකම්වරයාට ඇති නෛතිකම හිමිකම පිලිබදවද විවිද මතිමතාන්තර පවතිනවා. ඒ කුමන මතිමතාන්තරයක් පිහිටියත් මෙම ලියවිල්ල එක්සත් ජාතීන්ගේ ලියවිල්ලක් ලෙස නාමිකව හැදින්වීම තාක්ශනික වැ‍රැද්දක්.

මෙම ත්‍රි-පුද්ගල කමි‍ටුව සමන්විත වන්නේ හිටපු ඉන්දුනීසියානු නීතිපතිවරයෙක් උන මාර්සුකි දරුස්මාන් (සභාපති), දකුනු අප්‍රිකානු මානව හිමිකම් උල්ලංගනය පිලිබද කමි‍ටු සමාජිකාවක් උන යැස්මින් සූකා සහ ජාතීන් අතර ගැ‍ටුම් වලදී සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබදව පොතක් ලියා පල කර ඇති ඇමරිකානු ජාතික ස්ටීවන් ‍රැට්නර් යන අයවලුන්ගෙනුයි. මොවුන් අතරින් කමි‍ටු සභාපති මාර්සුකි දරුස්මාන් මහතා ගේ පත් කිරීම අතිශය විවාද සම්පන්නයි. මේකට ප්‍රධානතම හේතුව වන්නේ 2006 වසරේදී ඒවකටත් ලංකා ජනපති වූ මහින්ද රාජපක්ෂ මහතා පත් කල කමි‍ටුවකුයි. මෙකල සිදු වී ඇතයි චෝදනා කරන ලද මානව හිමිකම් කඩවීම් සිදුවීම් 15 ක් පිලිබදව විමර්ශනය කිරීමට ජනපති විසින් 2006 වසරේදී කමි‍ටුවක් පත් කෙරුවා. මේකේ විශේෂත්වය උනේ මේ කමි‍ටුවේ කටයුතු නිරීක්ශනය කිරීමට ජාත්‍යන්තර නිරීක්ෂන කණ්ඩායමක්ද සහභාගී කර ගැනීමයි. මර්සුකී දරුස්මාන් යනු මේ කමි‍ටුවේ ප්‍රබල සමාජිකයෙක්. ඒවකට ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා උනේ සී.ආර්.ඩි සිල්වා මහතායි. ( හිටපු රාජකීය රගර් කණ්ඩායම් නායකයෙකි. හිතවතුන් ආමන්ත්‍රනය කරන්නේ 'බුල්ලා' ලෙසය). නමුත් මේ ජනපති කමි‍ටු ‍රැස්වීම් වලදී හිටපු නීතිපතීවරයා ගේ ක්‍රියාකාලපයන් කීපයක් සමග ඇති කරගත් ප්‍රශ්න කීපයක් මුල් කරගෙන, ඉහත විස්තර කරන ලද ජාත්‍යන්තර නිරීක්ශන කන්ඩායම එම කමි‍ටු නීරික්ශනයෙන් ඉවත් උනා. මේ ඉවත් වීම සදහා දරුස්මාන් මහතා විශාල බලපැමක් කර තියෙනවා. මෙය එක්තරා අකාරයක ප්‍රසිද්ධ රහසක්. මේම ජාත්‍යනතර නිරීකශකයන්ගේ ඉවත් වීම ජනපති කමි‍ටුවේ පිලිගැනීමට විශාල ලෙස බලපැවා. කෙසේ නමුත් වඩා වැදගත්ම ඝට්ටනය මීට වඩා පුද්ගලික කරුනක්. ඒ බැන් කී මූන් මහතාගේ කමි‍ටුවට ලංකාවේ රජයේ පිලිතුර වන 'පාඩම් ඉගැනුම් හා සංහිදියා' කමි‍ටුවේ සභාපති වන්නේ සී.ආර්.ඩී සිල්වා (බුල්ලා) වීමයි. කෙසේ නමුත් 2006 කමි‍ටුව සම්භන්දයේන් දරුස්මාන් මහාතා ගේ ඒක පාර්ශවීයභාවය හා ඔහු නැවත ලංකාව සම්භන්ද කමි‍ටුවකට පත් කිරීම, බන් කී මූන් මහතාගේ කමි‍ටුවේ ස්වාදීනත්වය පිලිබද දැඩි සැකයක් මතු කරනවා. කමි‍ටුවේ අනිකුත් සමාජිකයන්ගේ ස්වාදීනත්වය පිලිබදවද ප්‍රශ්න ඇතත් එවා ඔප්පු කර පෙන්වීමට තරම් ප්‍රභල නෑ.මේ කරුන පෙන්වා දීමේදී ඇතැම් අයෙක් පෙන්වා දෙන්නේ ' පනිවිඩය මිස පනිවිඩකරුවා වැදගත් නොවන බවයි' . එහෙත් මෙහිදී මතක් කල යුතු කාරනය වන්නේ, මෙම කාරනාවේදී පනිවුඩකරුවා මෙන්ම් පනිවුඩ නිර්මානකරුවාද වන්නේ එක් අයෙකු බවයි.

බැන් කී මහතාගේ මෙම කමි‍ටුව පත් කිරීමේ නිල අරමුන ගැන කතා කිරීමේදී, එය 2009 වසරේ මැයි මාසය තුල සිදු වු මහලේකම්වරයාගේ ශ්‍රී ලාංකික සංචාරය හා ඇදෙනවා. මෙම සංචාරය අවසානයේ මහලේකම්වරයා හා ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හවුල් ප්‍රකාශනයක් නිකුත් කලා. මේ හවුල් ප්‍රකාශනය මෙම ත්‍රි පුද්ගල කමිටුව පත් කිරීමේ මූලික හේතුව ලෙස මහලේකම්වරයාගේ පාර්ශවයෙන් සදහන් කර තිබෙනවා.මෙම ත්‍රී පුද්ගල කමි‍ටුව පත් කිරීමේදී මහලේකම් ප්‍රකාශකවරයා ඉදිරිපත් කර ඇති හේතු පාඨය වන්නේ මෙයයි.

The panel will advise the Secretary-General on the implementation of the commitment on human rights accountability made in the Joint Statement issued by President [Mahinda] Rajapaksa of Sri Lanka and the Secretary-General during the latter’s visit to Sri Lanka in May 2009. It will look into the modalities, applicable international standards and comparative experience with regard to accountability processes, taking into account the nature and scope of any alleged violations in Sri Lanka. It will be available as a resource to Sri Lankan authorities should they wish to avail themselves of its expertise in implementing the comittment”

මෙයට අනුව මෙම කමි‍ටුව මහලේකම්-ජනපති හවුල් ප්‍රකාශනයේ සදහන් වන මානව හිමිකම් පිලිවද ව ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියා මාර්ගයන් පිලිබදව සෙවීමට පත් කරන ලද්දක්.

දැන් අපි මේ මහලේකම්- ජනපති හවුල් ප්‍රකාශනය දෙසට හැරෙමු. මේ ප්‍රකාශනයේ 'මානව හිමිකම්' යනු තවත් විවිද කාරනා 6 ක් අතුරෙන් එකකි. දැන් අපි ඒ ප්‍රකාශයේ 'මානව හිමිකම්' පිලිබද සදහන් කාරනාව විශ්ලේශනය කර බලමු. මෙය කොටස් තුනකින් යුක්තය.


1.) 'Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights in keeping with international human rights standards and Sri Lanka’s international obligations’. ( ලංකා රජය මානව හිමිකම් පිලිබද ජාත්‍යන්තර නීති රීතී ‍රැකීමට කැප වී සිටී.)

2.) the 'Secretary General underlined the importance of an accountability process for addressing violation of international humanitarian and human rights law’.(මානව හිමිකම් උල්ලංගනය සම්භන්ද කරුනු කාරනා විමසීමේදී එහි පාරදෘශ්‍යභාවය පිලිවදව මහලේකම් වරයා අවදාරනය කරයි.)

3.)the Govrernment undertook ‘to address those grievances’. (ශ්‍රී ලංකා රජය මෙම කාරනාව ඉ‍ටු කිරීම භාරගනී.)


මේ කාරනා සැලකීමේදී පෙනී යන පැහැදිලි කාරනාව වන්නේ මහලේකම්වරයා - ජනපති හවුල් ප්‍රකාශනය තුල, මහලේකම්වරයාගේ ත්‍රීපුද්ගල කමි‍ටු පත් කිරීමට අනුබල දෙන කිසිම කාරනාවක් ඇතුලු නොවන බවයි. මෙම ප්‍රකාශය තුල ක්‍රියාමාර්ග ගැනීමට එකග වී ඇත්තේ ලංකා රජයේ පාර්ශවයෙන් පමනකි.

කෙසේ නමුත් මහලේකම් වරයා මෙම ගන්නා ක්‍රියාමාර්ග පිලිවද ව සෙවීම වෙනුවට, ඒයට කිසීසේත්ම අදාල නොවන ලෙස 'යුද්ධයේ අවසන් අදියරදී සිදුවූවා යැයි කියන ' මානව හිමිකම් උල්ලංගන හා ඒ පිලිබද සෙවීමට කමි‍ටුවක් පත් කර ගන්නවා. එය මහලේකම්වරයා දක්වන්නේ පහත ආකාරයටයි.

‘The Secretary General had decided to establish a panel of experts to advise him on the implementation of the said commitment with respect to the final stages of war’.

මෙය එක්තරා අකාරයකට නංගී පෙන්වා අක්කා දීමකට සමානයි.

කොටින්ම මහලේකම්-ජනපති එකගතා ප්‍රකාශයේ 'යුද්ධය අවසාන කාලය' යනුවෙන් වෙන් කර මානව හිමිකම් ගැන කතා කර නැහැ. නමුත් කමි‍ටුව පත් කිරීමේදී ඔහු එය ඉතා ඕනෑ කමින් වෙන් කර දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩවීම් විමර්ශනය විනිවිද අකාරයකින් සිදුකරනවාද යන්න සොයා බලනු වෙනුවට, ඔහු මානව හිමිකම් කඩවීම විමර්ශනය කිරීම තමන්ම භාර ගන්නවා.මෙහිදී ඔහු තමන්ට අදාල නැති රජකාරියකට අත ගසන ගමන්, එකගතා ප්‍රකාශනයේ කිසි සේත් සදහන් නොවන 'යුද්ධයේ අවසාන කාලය' වෙන කර අවධාරණය කර දක්වනවා.

කියන්නේ එකක් - කරන්නේ වෙන එකක් ජාතියේ වැඩ ලංකාවේ ජීවත්ව්වෙන අපට නම් එක්තරා අරුම වැඩකුත් නෙවේ.එසේ නමුත් නාමික වශයෙන් හරි ලෝකයේ නායකයා වන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් එවැනි ගනයේ අයෙකු වීම පුදුමයට කාරනාවක් නොව, එසේ වීමට හේතුව කුමක්දැයි සෙවීමට තරම් කරුනකි

7 comments:

  1. ස්තුතියි මයියා ...නොදන්න කරුණු ටිකක් කියලා දුන්නට

    ReplyDelete
  2. මයියා27 April 2011 at 00:42

    ස්තුතියි වැප් මේ පැත්තෙ අවාට..

    ReplyDelete
  3. මයියාට තේරිලා නැද්ද මයිය පටලවන්න හදනවද කියන එක සැකයි.මහින්ද-මූන් ඒකාබද්ධ ප්‍රකාශයේ මෙහෙම කියනවා.

    2.) the 'Secretary General underlined the importance of an accountability process for addressing violation of international humanitarian and human rights law

    ජාත්‍යන්තර මානුශවාදී හා මානව හිමිකම් නීති උල්ලංඝනය වීම් පිලිබද සොයාබැලීමේ ක්‍රියාදාමයෙහි පාරදෘශ්‍යභාවය මහලේකම්වරයා අවධාරනය කලේය.එතකොට ප්‍රකාශයේ මෙහෙමත් කියනවා.

    3.)the Govrernment undertook ‘to address those grievances’.

    එම කරුනු සොයා බැලීමේ වගකීම රජය භාරගත්තේය.

    දැන් යුද්ධය ඉවර වුන ගමන් එම ප්‍රකාශයේ තියෙන "ජාත්‍යන්තර මානුශවාදී නීති හා මානව හිමිකම් කඩවීම් කියන්නෙ මොනවාද?"යුද්ධයේදී සිදුවුන ඝාතන හා අපරාධ මිස වෙන මොනවාද?අඩුම තරමින් ඒවා ඊට ඇතුලත්වන බව නම් සැකයක් නැතිව කියන්න පුලුවන්.ඒ කියන්නේ යුද කාලය තුල සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන තමන් හොයල බලනවා කියන 2009 දී මූන්ට පොරොන්දු වෙන්නෙ මහින්ද.ඒ පොරොන්දුව ඉ‍ටු වුනාද කියල බලන්න තමයි මූන් මේ කමිටුවක්ක දාල තියෙන්නෙ.ඒ කාරනයේදී සිදු වෙලා තියෙනවා කියන යුද අපරාද ගැන විමර්ශනයකුත් වෙලා තියෙනවා.මෙතන අක්ක පෙන්නලා නංගි දීමක් නැති බව ඉහත ඉංග්‍රීසි වාක්‍ය දෙක ගැලපුවාම පේනවා.මයියා මෙහෙම කරුනු විකෘති විදිහට අර්ථනිරූපනය කරන තැනට පත් උනේ කොහොමද?වැදගත් බ්ලොග්කරුවෙක් ලෙස අපගේ ගෞරවයට පත්ව සිටින මයියාත් කරුනු හරියට හොයල බලන්නෙ නැතිව රැල්ලට හුරා දාන සරල ‍ජාතිප්‍රේමියෙක්ගේ තත්වයට වැටිලද?

    - අනුරාධ

    ReplyDelete
  4. http://www.lankanewsweb.com/news/EN_2011_04_26_005.html

    මයියා මේව ගැන මොනවද කියන්නෙ?

    ReplyDelete
  5. මයියා27 April 2011 at 05:11

    @ 2වෙනි ඇනෝනිමස්

    යුද්ධය බිහිසුනුය. එයට මයියා කෑමති නැත. යුද්දයේදී ශ්‍රී ලOකා හමුදාව හෝ එල්.ටි.ටි ඊ ය අමානුශික හැසිරුනාදැයි වෙනම කරුනකි.මූන් මහතා කර ඇති දෙය වෙනම් කරුනකි.

    මූන් මහතාට තමන් ගේ පෞද්ගලික කැමැත්තට අන් රටක ට වැරදි බලපැම් ලර ඇති අකාරය මයියා මේ ලිපිය මගින් ඉස්මතු කර දක්වා ඇත.

    ReplyDelete
  6. මයියා27 April 2011 at 05:24

    පලමුව කිවයුත්තේ මහලේකම්-ජනපති හවුල් ප්‍රකාශනයේ 'මානව හිමිකම්' යනු කාරනා 6 ක් අතරින් එකක් පමනක් බව ය.
    මානව හිමිකම් කරුනේදී මයියා දක්වා ඇති අකාරයට එය කොටස් 3 කට කඩා පරීක්ශා කල හැක. මෙයින් පලමු කරුන ( ලිපියේ නොම්බර 1) ගැන විවාදයක් නැත. මන්ද බැන් කී මූන් මහතා කීවද නොකීවද අප රටක් වශයෙන් මානව හිමිකම් ‍රැකීමට බැදී ඇති බැවිනි.

    නමුත් දෙවෙනි කාරනයේදී බැන් කී මූන් මහතා අවදාරනය කර සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් උල්ලංගනය විමර්ශනය කිරීමේ කටයුත්ත කිරීමේදී එහි විනිවිදභාවය නැතහොත් පාරදෘශ්‍යභාවය ඉතා වැදගත් බවකි. වැඩිමනත් වශයෙන් අවදාරනය කල යුත්තේ මෙම මානව හිමිකම් උල්ලංගනය වීම් සෙවීමේදී ඒම උල්ලංගනය වීම සිදූ වූ කාලවාකවානුවක් පිලිබද ව කිසිම සදහනක් නැති බව ය.

    දැන් මූන් මහතා කල ඇති දේ බලමු. මූන් මහතා ශ්‍රී ලංකා රජය එම මානව හිමිකම් උල්ලංගනය වීමේ කටයුත්ත විනිවිද ව කරනවාද යන්න සොයා බලනු වෙනුවට ( එසේ සොයා බැලීමට කමි‍ටු පත් කල හැකිදයි,එයට මහලේකම්වරයාට බලතල ඇත්දැයි වෙනම සාකච්චා කල යුත්තකි) , කෙලින්ම මානව හිමිකම් උල්ලංගනය වී ඇත්දැයි සෙවීමේ වගකීම ඔහු භාරගනී. එහීදී ඔහු තවදුරටත් යුද්ධයේ අවසාන භාගයේ සිදූ වී ඇතැයි කියන මානව හිමිකම් වෙනකර දක්වා ගනී. මයියා ලිපියේන් මතුකර ඇත්තේ මේ කාරණාවයි. කොටින්ම ශ්‍රී ලංකා රජයේ 'පාඩම් උගත් හා සංහිදීයා' කමි‍ටුව තම වගකීම හරියට කනවාදැයි සොයා බලනු වෙනුවට, එම කමි‍ටුවේ වගකීම තමන් වෙත පවරා ගන්නවා.

    ඔබටත්, මටත් සාමන්‍ය ජීවීතයේදී මානව හිමිකම් අධ්‍යනය කරනවා යන්න යුද්ධයේදී සිදූ වී ඇතැයි කියන මානව හිමිකම් උල්ලංගනය ගැන කතා කරනාවා ලේස හැගී යා හැක. නමුත් රජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඒසේ අනුමානයට වැඩ කරන පුරුද්දක් නැත. අදාල කටයුත්ත නිවැරදිව එහි සීමාවන් හා කාල වකවානු සමග කතා කල යුතුය. එබැවින් මූන් මහතා කොලේ වසා ගසා ඇති බව ඉතා පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. ane manda owa gana katha karala wadak na.....dan lankawa andila iwarai dan thiyene thawath andene nathuwa inna eka

      Delete

2222