Wednesday 4 December 2019

බැදුම්කරේ පදම්කෙරේ

ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තුව කල් දාලා. හැබැයි මූණූපොතේ ලොකු ගෝසාවක් යනවා ජවිපේ හදුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතීවය දරන කෝප් කමි‍ටු වාර්තාව, විශේෂයෙන් මහ බැංකු හොරකම එලියට දාන්න නොදී , අවස්ථාවක් මග හැරියා කියලා..

නමුත් ආණඩුව පැත්තෙන් කියන්නේ, මෙය සම්ප්‍රධානූකූලව අලුත් ජනාධිපතිවරයාට රාජාසන කථාව සිදුකර නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම උදෙසා කරන ලද සාම්ප්‍රධායික ක්‍රියාවක් බවයි.


 පලමුවෙන්ම කියන්න තියෙන්නේ මහ බැංකු හොරකම හා එයට ගැචිච්චි යූඑන්පී ලොක්කන්ගේ රෙදි දැනටම ගැලවිලා ඉවරයි. දැනටමත් ගමේ ගොඩේ ඉන්න ඕනෑම බයියෙක් උනත් රනිල් මහ බැංකුව සුද්ද කලැයි කියන්න දන්නවා.ඒක හින්දා මහ බැංකු හොරකම ගැන අමුතුවෙන් කාවවත් හෝදන්න දෙයක් නෑ..කරපු එවුන් ටික හත් පොලේ ගාගේන මුලු ලංකාවම ගද ගස්සලා ඉවරයි. 

රනිල් ප්‍රමුඛ නඩයේ මහ බැංකු හොරකම ඉතා සරලව ජනගත වීම සිද්ධ උනේ , ඒ දවස් වල විපක්ෂය ඒ ගැන කරපු දැනුවත් කිරීම, ජනපති සිරිසේනගේ නියෝග මත 2018 ජනවාරී මස ඉදිරිපත් කරනු ලැබු ජනපති කොමිසන් වාර්ථාව , සුනිල් හදුන්නෙත්ති සභාපතිත්වයෙන් යුත් කෝප් කමි‍ටුව 2016 ඔක්‍තෝබර් මාසයේ පාලිමේන්තුවට ඉදිරිපත් කර වාර්ථාව ආදී කරන ලද උත්සහයන් වලින්..




අනෙත් කාරණේ වනුයේ, කෝප් කමි‍ටුවේ වාර්ථා පදනම් කරගෙන උසාවියේ අපරාධ නඩු ගොණු කරන්න බෑ..කෝප් කමි‍ටු වාර්ථා වලින් කරන්න පුලුවන් වෙන්නේ ඒ පිලිබද මහජන මතයක් ගොඩ නැගීම විතරයි. ඒ වැඩේ දැනටම කෙරිලා තියෙන හින්දා, සුනිල් හදුන්නෙත්තිගේ 2019 නව වෝහාරික වාර්ථා සාකාච්චා කල පමනින්, ඊට වඩා වැඩි දෙයක් කර ගන්න බෑ.. හැබැයි ජනපති කොමිෂන් සභාවට කැදවුනු ලැබූ සාක්ශී නීතිය ඉදිරියේ වලංගුයි. මේ සදහා කෙරෙන අපරාධ පරීක්ෂණයේදී ජනපති කමිෂන් වාර්ථාව දැනටමත් යොදා ගැනෙනවා. 

නමුත් ප්‍රස්තූතයට අදාලව කථා කරනවා නම්, වඩා වැදගත් වෙන්නේ...මේ පාර්ලිමේන්තු කැදවීමේදී හදුන්නෙත්තිගේ කෝප් කමි‍ටුව මොකක්ද කරන්න හිටියේ කියන එකයි. ඇත්තටම කරන්න තිබිලා තියෙන්නේ, ජනපති කමිෂන් වාර්ථා නිර්දේශ අනුව , මහබැංකුව විසින් කරනු ලැබු , බැදුම්කර ගැන වෝහාරික වාර්ථාව ( Forensic Audit Report) , සාකාච්චාවට ගැනිම. මෙම වෝහාරික වාර්ථාව, නීතීපතිගේ උපදේස ලැබෙන තෙක් රහස්‍ය වාර්තාවක් විදිහට තිබ්බත්, කෝප් කමි‍ටුවට එය මහ බැංකුව විසින් එය ඔවුන්ගේ පරිහරණය පිනිස ලබා දීලා තියෙනවා. එතකොට සිදුවෙන්න තිබිලා තියෙන්නේ මේ වාර්ථාව පිලිබද කටයුතු කිරීම මිසක් , අවසන් නිගමනයක් ගැනීම නොවෙයි. අනෙක් අතට පාර්ලිමේන්තූ සැසිවාරය අවසන් කර පමනින්, ඉතා තාක්ශණිකව පිලියෙල කරන ලද මහබැංකු වෝහාරික වාර්ථාව අවසන් වෙන්නේ නැතුවා සේම, එය ආශ්‍රිතව සිදු කිරීමට නියමිත,  නීතීපතිගේ ක්‍රියාදාමයන්ටවත් බලපෑමක් සිදු වෙන්නේ නෑ.. ඒවගේම මේ පිලිබද කටයුතු කරන්න,  ඊලග නව කෝප් කමි‍ටුවට පුළුවන්..වාර්ථා අහෝසීවීමක් සිදු වන්නේ නෑ.. එය හදුන්නෙත්තිම කියන කථාවක්. ( refer : Parliament prorogation and forensic audit report not connected - Handunnetti )

හැබැයි වඩා වැදගත් කාරණාව වෙන්න සුනිල් හදුන්නේත්ති මේ වාර්ථාව එලියට දාන්න , ජනාධිපතිවරණය ඉවර වෙනකන් හිටියේ මොකද කියන එක..ඕක ජනාධිපතිවරණයට කලින් එලියට දැම්මා නම් , ඇත්තටම මහමැතිවරණයේදී ජවිපෙට වැදුනු රතු අලි පැටි නම උනත් පොඩ්ඩක් අඩු කර ගන්න තිබ්බා.. ඒත් ඒ සදහා හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් කියැවෙන්නේ ,විවිධ තාක්ශණික හේතූ මේ සදහා හේතු උන බවයි...ඒක සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්. 

 මීට කලින් මුලින්ම මහබැංකු හොරකම පිලිබද එලියට ආවේ පහුගිය පාර්ලිමේන්තුවේ ඩීව් ගුණසේකරගේ සභාපතිත්වයේන් තිබ්බ කෝප් කමි‍ටු වාර්ථාවෙන්...ඒත් ඒක පාර්ලිමේතු සභාගත කරන්න තිබ්බේ 2015 , ජූනි මාසේ. ඒත් ඒක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න තියෙද්දි සිරිසේන ජනපතිවරයා පාර්ලිමේන්තුව විසිරෙව්වා. දැන් වගේ කල් තැබීමක් නෙවෙයි කෙලින්ම මහ මැතිවරණයකට යෑමක්. එතකොට ජවිපේ බබාලා හිටිය විදිහත් හොදට මතක් කර ගන්න ඕනේ...මේ වාර්ථාව පාර්ලිමේන්තුවට ගේනවට විරුද්ධව සූජීව සේනසිංහ මන්ත්‍රීවරයා පොලොවෙ පස් කෑවා.. පසු කාලේ, 2018 ජූනී වෙනකොට , සුජීව සේනසිංහ ඇලෝශියස්ගෙන් රුපියල් මිලියන තුනක් ගත්ත බව ප්‍රසිද්ධියේ පිලිගත්තා.

ඊට පස්සෙ 2016 දී හදුනෙත්ති සභාපති යුත් කොප් කමි‍ටු වාර්තාව එලියට දාන කොටත් මේ, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, හර්ෂ ඩි සිල්වා දත කා ගෙන කකුලෙන් ඇද්දා. රජයේ විගණකාදිපතිවරයා , මෙතැන වංචාචක් සිදු වී ඇතැයි කියන කොට මේ කල්ලිය එයට අභියෝග කරමින් රිපෝර්ට් එකේ ‘ෆුට් නෝට්’ දැම්මා.

තව දෙයක් කිව යුතුයි...හදුන්නෙත්තිගේ වාර්ථාවේ කොහේදිවත් රනිල් වික්‍රමසිංහගේ නම කියවෙන්නේ නෑ..ඒ වෙනුවට මහබැංකු අධිපතිවරයා උන අර්ජුන මහේන්ද්‍රන් පමනක් චූදිතයා කර ඔහුව බිලි බෝයි කෙනෙකු කර තිබෙනවා..වාතයක් ගියත් රාජපක්ශට චෝදනා කරන ජවිපෙට, මේ කාරණයෙදී රනිල් වික්‍රමසිංහ නොපෙනුනේ 'රතු අලි පැටියා' සංචරණය නිසාදැයි කෙනෙකුට නැගෙන තර්කය ඉතා සාධාරණයි.



කොහොම හරි සිරිසේන රනිල් පටලැවිල්ලට පින් සිද්ද වෙන මහ බැංකු හොරකම ගැන අපරාධ පරීක්ෂණයක් පැවැත්වෙනවා...මේකට වැඩියෙන්ම දායක වෙලා තියෙන්නේ මහබැංකු හොරකම පිලිබද ජනාධිපති කොමිශන් වාර්තාව. ජනාධිපති කොමිෂන් සභාවක ඉදිරිපත් කෙරෙන සාක්ෂි මත නීතීපතිවරයාට අපරාධ නඩුවක් ගොණු කරන්න නීතියෙන් පුළුවන්.

ඒක නිසා මහබැංකු හොරකමට ආදාල හොරු ටික අල්ල ගන්න නම් , මේ මොහොතේ වඩා වැදගත් කාරණාව වන්නේ, මේ අවධියේ නීතීපතිවරයා විසින් මෙහෙයවන බැදුම්කර වංචාව පිලිබද අපරාධ පරීක්ශන නඩු විභාගය වඩා වේගවත්ව, නිසි ක්‍රමවේදයේන් කරගෙන යෑමට අවස්ථාව ලබා දීමයි. එය මේ ආන්ඩුවේත් , ලංකාවේ අධිකරණ ක්ශේත්‍රයේත් ලබැදියාවන්, කාර්‍යකශමතාවයන්, ක්‍රමවේදයන් පරීක්ශා කරන ලිට්මස් පරීක්ශාවක් බදුයි. පාර්ලිමේන්තු සැසිවාර ඉවර කිරීම සමග මෙය පටළවා අච්චාරුවක් කර නොගත යුත්තේත් ඒකයි.

4 comments:

  1. // අනෙත් කාරනේ කෝප් කමි‍ටුවේ වාර්ථා පදනම් කරගෙන උසාවියේ අපරාධ නඩු ගොණු කරන්න බෑ..කෝප් කමි‍ටු වාර්ථා වලින් කරන්න පුලුවන් වෙන්නේ ඒ පිලිබද මහජන මතයක් ගොඩ නැගීම විතරයි. ඒ වැඩේ දැනටම කෙරිලා තියෙන හින්දා, සුනිල් හදුන්නෙත්තිගේ 2019 නව වෝහාරික වාර්ථා සාකාච්චා කල පමනින් ඊට වඩා වැඩි දෙයක් කර ගන්න බෑ..//

    කෝප් එකට නඩු දාන්න බැරි හින්දා නිකන් ඉදපල්ලා වගේ කතාවක්නේ මේ කියන්නේ......මාර බුද්ධිමත් පුරවැසියෝ ඉන්නේ........නඩු දාන්න බැරිනම් නඩු දාන්න බලය දෙන්න කියලයි වෙන රටවල උන් කියන්නේ.....හදුන්නෙත්ති දැනටමත් ඒ අයිතිය ඉල්ලලයි තියෙන්නේ.........ආණ්ඩුව ඒ අයිතිය නොදී ඉන්නේ හොරකමට කියන එක තේරුම් ගන්න බැරිනම් බත් කන හරකෙක් ම වෙන්ඩ ඕනා.........මහින්දලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ හොරු ආරක්ෂා කරන්ඩ.අනික බැදුම්කර වංචාව උනේ 2006 ඉදන් ......මහින්දලා , අජිත් නෙවාඩ් ලා, හැ, පී.බී. ජයසුන්දරලා මේවාට සම්බන්ධයි ඒ කාලේ ඉදන්ම......ඒ ගැන එලි වේගන යන්නේ දැන්.....එකයි මහින්ද රනිල් හොර හවුලට හේතුව......ඔය සරල සත්‍ය පිළිගන්න බැරි වහල්ලුන්ගෙන් රටට වැඩක් නෑ.......

    ReplyDelete
  2. හැමදෙයක්ම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
    නලීන් ද සිල්වා.

    ඒ නිසා අපි මේ වගේ ආර්ථික කාරණා ගැන කරදරනොවී ඉම්මු. ඒ කාලය යොදාගෙන අපි ඇපේ ආර්ථිකේ ගැන හිතමු.

    මේ ආණ්ඩුවෙන් මම අඩුම වශයෙන් රටටම එක සිවිල් නීතියක් ලබාදීම බලාපොරොත්තු වෙනවා.
    ඉදිරි මහමැතිවරනෙදිත් මේකට කඩේ යනවා.

    ඉදිරි අවුරුදු 5 තුල ඒකවත් වුනේ නැත්නම්.
    එක රාජපක්ශයෙක්ටවත් චන්දේ දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. නලිංසිල්වා රජ මැන්ටලයකි.
      සියල්ලදත් සේ සිතාගෙන සිටින නලිංසිල්වා නොදන්නා පුකක් නැති සේ රටේ නැති බූත ලියයි.
      නලිංසිල්වාගේ පුක ලොවින ඇන්තනිලාටත් මේවා පරම සත්‍යයයි.
      නලිංසිල්වා කියූ විදියට කොරල තමයි ගෝටබය මහත්තය දිනුවේ. උඹේ චන්දෙන් තමයි රාජපක්ශල දිනුවේ.
      ඊළඟට උඹ චන්දෙ දුන්නේ නැති උනාම රාජපක්ශල පරදිනවා.

      කරුණාකරලා බෙහෙත් ටික බීපන් දැන්වත්.

      Delete
  3. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලු

    ReplyDelete

2222