Sunday 19 March 2023

ටැක්ස් ගැන හීනීයට....






ටැක්ස්  (බදු) ගහන්නේ රජයේ වියදම් පියවා ගන්න. මේ විදිහට විශාල ටැක්ස් වදින කොට මිනිස්සු නිරායාසයෙන්ම රජය මේ මුදල් වියදම් කරන්නෙ මොනවටද කියලා සවිඥාණිකව ඉන්නවා. ඒකම තමයි ඇමෙරිකාව , යුරෝපය වගේ රටවල මිනිස්සු අපේ රටේ අයට වඩා තමන්ගේ රටේ දේශපාලනික සහ ආර්ථික කරුණු ගැන දැනුවත්.

ලංකාව ගත්තොත් අතීතයේ ඉදලම රජයේ වියදම් කවර් කර ගත්තේ වක්‍ර බදු සහ ණය වලින්. රාජපක්ශ යුගයේදී මේකට තවත් කෑල්ලක් එකතු කලා , මහපරිමාණ මුදල් අච්චු ගැසීම. වක්‍ර බදු ගහන කොටයි, මුදල් අච්චු ගහන එකෙයි පීඩනය මිනිස්සුන්ට දැනෙන්නේ භාණ්ඩ මිල ඉහල යෑම මත. පී.බී ජයසුන්දර මේකටත් උත්තරයක් හොයා ගත්තා ඩොලර් එක පල්ලෙහා තියාගෙන ඉදලා. එයා ඩොලර් එක පල්ලෙහා තියා ගන්න නා නා විධ උපක්‍රම යොදා ගත්තා. මේ එකක්වත් තිරසාර උත්තර නෙමේ. කවදා හරි දවසක මිනිස්සුන්ට ඒවට මුහුණ දෙන්න වෙන දවසක් තිබ්බා.

ගෝඨා ඇවිල්ල මේ දවස ඉක්මන් කරලා දුන්නා. හෙමින් මරණයකට යමින් සිටි ලංකාවට ක්ෂණික මරණයක් ලබා දුන්නා.

මරණෙන් පස්සෙ දැන් තියෙන්නෙ අළුත් තත්වයක්.රට බංකොලොත් කියලා කියපු දවසේ ඉදන්, ලංකාවට විදේශීය ණය ගන්නත් බෑ, කබ්රාල් වගේ පවතින ආන්ඩුවේ හෙන්චයියෙක් නැති හින්දා, කලින් කලා වගේ මහපරිමාණයෙන් සල්ලි අච්චු ගහන්නත් බෑ.

දැන් තියෙන එකම විසදුම බදු වලින් ආදායම් එකතු කර ගන්න ගමන් රජයේ වියදම් අඩු කරන එක.

බදු ගහන කොට මිනිස්සු රජය මොකද කරන්නෙ කියන එක ගැන අවධානය වැඩි වෙනවා. ඒක හොද දෙයක්. වක්‍ර බදු වෙනුවට සෘජු බදු වැඩිවෙන තරමට මේ සවිඥාණික බව වැඩි වෙනවා. මේ අවබෝධය වැඩි වන තරමට පාර්ලිමේන්තුවට හරි මිනිස්සු පත් කර ගන්න මිනිස්සු උනන්දු වෙනවා.

මේ ප්‍රශ්ණෙ විසදගන්න දියසෙන් කුමාරවරු පහල වෙන්නෑ....අපිම තමයි විසදගන්න වෙන්නේ....ටැක්ස් කියන්නේ, අපි හැමෝටම ඒක මතක් කරලා දෙන, හදවතටයි බඩටයි දෙකටම සමීප දෙයක්..

5 comments:

  1. Jagath Pathirana20 March 2023 at 06:08

    ජනතා විමුක්ති පෙරමුණ බලයට ඇවිත් අනුර කුමාර සහෝදරයා ජනාධිපති උනාම පස්සේ මේ ටැක්ස් කපන එක නවත්තන nisaa🫤අපි මාලිමාව ට චන්දෙ දෙනවා

    ReplyDelete
  2. මේ අවබෝධය වැඩි වන තරමට පාර්ලිමේන්තුවට හරි මිනිස්සු පත් කර ගන්න මිනිස්සු උනන්දු වෙනවා.// Not in silly lanka...

    ReplyDelete
  3. හීනියට අඩියක් ගහමු

    ReplyDelete
  4. තාමත් මේක ලියන එකට සැලියුට් එකක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිස්ස....මං හෙමින් හෙමින් ඉබ්බ වගේ යනවා...
      පරණ කට්ට්ය ලියන එක අත ඇරලා නේද?

      Delete

2222