රජය ව්‍යාපාර කලාට අවුලක් නෑ කියල තර්ක කරන කට්ටිය ගේන ජනප්‍රිය උදාහරණයක් තමයි සිංගප්පූරූව. සිංගප්පූරූවෙත් රජයට අයිති ව්‍යාපාර State Own Enterprises (SOE) තියෙනවා. ඉතින් සිංගප්පූරූවෙත් තියෙනවනම් ලංකාවේ තිබ්බම මොකද කියලා තමයි මේ අය අහන ජනප්‍රිය ප්‍රශ්ණය.
මේ වගේ කථාවක් කිව්වම, ලංකාවේ ජීවත් වෙන අපේ හිත්වල මැවෙන්නෙ , ඇමතියගෙ ඇම්බැට්යෙක් සභාපති වෙච්චි , එයාටම ගොට්ට අල්ලන අධ්‍යක්ෂක මණ්ඩලයෙක් යටතේ, සිංගප්පුරූවෙත් , රජය සතු ආයතන දුවනව ඇති කියලා. ඒවගේම රජය මේ ආයතන වලට රජයේ සල්ලි පොම්ප කරනවා කියලත් හිතන්න පුළුවන්.
ඒත් ඇත්ත කථාව තමයි, සිංගප්පූරූවේ තියෙන SOE ලංකාවේ තියෙන ඒවාට වඩා හාත්පසින්ම වෙනස් වීම. ඒවා දුවන්නේ තනිකරම පෞද්ගලික ආයතන වගේ.
සිංගප්පූරූ රජය ව්‍යාපාරවලට මැදිහත් වෙන්නෙ කොහොමද?
සිංගප්පූරුවේ සියලුම SOE අයත් වෙන්නේ රජයට අයත් Holding කොම්පැණියකට. මේ කොම්පැණිය හදුන්වන්නේ තෙමසෙක් හෝල්ඩින් කොම්පැණිය (Temasek Holdings) කියලා.
තෙමසෙක් අයිතිය කාගෙද?
තෙමසෙක් එක ඇත්තටම අයිති වෙන්නෙ සිංගප්පූරූවේ රජයේ මුදල් අමාත්‍යාංශයට. හැබැයි ලංකාවේ වෙනවා වගේ ,තෙමසෙක් එකට සිංගප්පූරූ රජයෙන් අවුරුදු පතා සල්ලි පොම්ප කරන්නේ නෑ. 1974 දී සිංගප්පූරු රජය තෙමසෙක් කොම්පැණිය පටන් ගන්න කොට සිංගප්පූරූ ඩොලර් මිලියන 374 ක් පමණ ආයෝජනය කිරීමෙන් තමයි පටන් අරන් තියෙන්නෙ.ඊට පස්සේ ඒක රජයේ බලපෑම් වලින් තොරව, ස්වායත්තව තමන්ගේ කටයුතු කරගෙන ඇවිත් තියෙනවා.ඩොලර් මිලියන 374 කින් පටන් ගත්ත තෙමසෙක් ආයතනය, මේ වනවිට සිංගප්පුරූ ඩොලර් බිලියන 400 (400,000 මිලියන කට) ආසන්න වත්කමක් තියෙනවා.
මූලීකව රජයේ සල්ලිවලින් පටන් ගත්තත්, මේ වෙනකොට තෙමසෙක් එක දුවන්නෙ තමන් කරගෙන යන බිස්නස් වලින් ලැබෙන ලාභයෙන්.ඉතින් මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ හින්දා රජය පාඩුවට හරි බිස්නස් කරන්න ඕනේ කියන අය දැනගන්න ඕනේ කාරණය තමයි, සිංගප්පූරූවේ තෙමසෙක් එක අඩු ලාභ බලාගෙන බිස්නස් වලට බැහැලා නැති විත්තිය. ඒ වෙනුවට තෙමසෙක් එක අනිත් පෞද්ගලික කොම්පැණියක් වගේම තමන්ගේ ලාභය උපරිම කරගන්න වෙහෙසනවා.
තෙමසෙක් එක තමන්ට රජයේ බලපෑමක් නැති විත්තිය පෙන්වන්න ඉතා විනිවිදව තමන්ගේ ගිණුම් කටයුතු පවත්වා ගෙන යනවා. ඒ මගින් වගවීමත්, පාරදෘශ්‍යබාවයත් ආරක්ශා කිරීමට ඒ අය කටයුතු කරනවා.
දැන් අපි තෙමසෙක් එකට අයිති බිස්නස් මොනවද කියලා බලමු...
1. සිංගපූරූ ගුවන් සේවය. - සිංගපූරූ ගුවන් සේවය කියන්නේ එරට කොටස් වෙළදපොලේ කොටස් හුවමාරු වෙන පෞද්ගලික ආයතනයක්. මෙහි කොටස් වලින් 55%ක් පමන තෙමසෙක් හෝල්ඩින් වෙත හිමිවෙනවා
2. සිංගප්පූරූ මොබයිල් ෆෝන් සේවාවක් වෙන Singtel ආයතනය. මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන, තෙමසෙක් එකට 52% පමන කොටස් අයිති ආයතනයක්.
3. PSA International ආයතනය - සිංගප්පූරූවේ සියලුම වරාය සහ නාවික කටයුතු මෙහෙයවන්නේ මේ ආයතනයෙන්. මේක 100% ක් තෙමසෙක් එක සතු ආයතනයක්. ඒ වගේම මෙම ආයතනය, විවිධ පෞද්ගලික් සමාගම් සමග ගිවිසුම් ගත වෙමින් , විවිධාකාර ආයෝජන වල නිරතවෙන ජාත්‍යන්තර ආයතනයක්.
4. DBS Bank (Development Bank of Singapore)- අග්නි දිග ආසියාවේ විශාලතම බැංකුවක් වන මෙහි 30% පමණ කොටස් තෙමසෙක් එක සතු වෙනවා.
5. ST Engineering (Singapore Technologies Engineering Ltd) - මෙයත් කොටස් වෙළදපොලේ කොටස් හුවමාරූ වෙන තෙමසෙක් එකට 49% ක් පමණ කොටස් අයිති ආයතනයක්.
සිංගප්පූරූ රජය බිස්නස් කරනවා.ඒගොල්ලොත් ලංකාවේ වගේ රජයේ ඒකාධිකාර වෙලදපොළ තියං ඉන්නවද?
නෑ. සිංගප්පුරූ රජය කිසිම වෙලාවක මේ කිසිදු ක්ශේත්‍රයක රජයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නෙ නෑ. රජයට අයත් මේ ආයතන, අදාල වෙලදපොල තුල විශාල වෙළද පොල පංගුවක් හිමි කරගෙන හිටියත්, ඒවා අනෙක් පෞද්ගලික ව්‍යාපාර මෙන්ම තරඟකාරී වෙලදපොල ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙනවා.මිනිස්සුන්ට ලාබෙට දෙන්න, මිනිස්සුන්ට රස්සා දෙන්න වගේ අරමුණු වල හිරවෙල මේවා තමන්ගේ කටයුතු වල යෙදෙන්නෙ නෑ.
තෙමසෙක් එක සිංගප්පූරූ රජයට බදු ගෙවනවද?
අනෙක් සෑම පෞද්ගලික ආයතනක් වගේම, තෙමසෙක් ආයතනය, සිංගප්පූරූ රජයට බදු ගෙවනවා. ලංකාවේ වගේ රජයේ ආයතන බදු නොගෙවා බිස්නස් කිරිම වැනි දේවල් තුලින්, වෙලදපොල තරගකරුවන් අතර අසමානතා ඇති වෙන්න ඉඩ තියෙලා නෑ.
ඒ වගේම කොටස් හිමිකරුවා නිසා, තෙමසෙක් ආයතනය , රජයට ලභාංශ ලබා දීමද සිදු කරනවා
එහෙනම්....
රජය බිස්නස් කරලා, මිනිස්සුන්ට ලාභෙට කන්න දෙන්න ඕනේ කියලා හිතන, ආරක්ශණවාදී මධ්‍යගත පාලනයකට කැමති, රජය විසින් සෑම ක්ශේත්‍රයකටම අත දාන්න ඕනේ කියලා හිතන අය, සිංගප්පූරූ මොඩල් එක තමන්ගේ ඇඟට හරි යන විදිහට කපලා මහලා ඇඳ ගන්නවා.
ඒත් වැදගත්ම කාරණය තමයි සිංගප්පූරූ රජය බිස්නස් කරන්නේ ඔය කියන අරමුණු එකක්වත් හිතලා නෙමේ. ඒ වෙනුවට , ඔවුන් නිදහස් වෙළදපොලක් තුල, අන්සැමට බලපාන නීතී රීතී යටතේ, අනෙක් තරඟකරුවන් හා සමානව වෙලදපොල තරඟයක යෙදෙමින්, ලාභය අරමුණු කරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා.
මෙන්න මේ වැදගත් කාරණය මග ඇරලා, සිංගප්පූරු රජය බිස්නස් කරනවා කියන කාරණය පමනක් තමන්ගේ සටන් පාඨය කරගත් අය තර්කනයේදී වංචාකරුවන් කියලා කියන්න වෙන්නෙ ඒ නිසයි.