Sunday 24 October 2010

ඩැනිෂ් කුකීස් හා ලOකාවේ බුදුදහම


මයියා මේ ලගදී ෂොපින් ගියේය. ගියේ සුපර් මාර්කට්ටුවකටය. වැඩිදුරක් යන්නට ලැබුනේ නැත. මයියාගේ ඇස ගැටුනේ ඩෙන්මාර්කයේ නිෂ්පාදනය කොරන ඩැනිශ් කුකීස් බිස්කට් ටින් එකක් ලගය. මේ බිස්කට් ගැන මයියා ට පොඩි කාලයේ රසවත් මතකයක් ඇත. බිස්කට් ටින් එක දැක්ක ගමන් මේ බිස්කට් කුකීස් වල රස මයියා ගේ දිවගට දැනෙන්න ඇත්තේ ඒ නිසා විය යුතුය. අවුරුදු ගාණක් තිස්සේ කොතක් සේ ගසා ගන්නා බත් පිගානට රසාඥතාවය සීමා කල මයියා ට, බිස්කට් කුකියක රස වැටීමත් එක්තරා පුදුමයකි....

පොඩි කාලයේ මයියා ගේ ගෙදරට මේ වර්ගයේ බිස්කට් ටින් එකක් තැගී ලැබුනේය. ඒ දවස් වල මේ වර්ගයේ බිස්කට් ටින් එකක් යනු ලක්ෂරි අයිටම් එකකි. පුරුද්දක් වශයෙන් මෙවැනි දෙයක් ලැබුනු විට ගෙදර අය එය පාවිච්චියට ගත්තේ නැත...( ඒ කාලයේ හැම ගෙදරම එසේ දැයි කියා මයියාට අවබෝධයක් නැත... මයියා ට දැන් තියෙන අමාරුව වගේ එකක් ඒ කාලයේ තිබුනා නම් ඒ ගැනත් හරියටම කියන්න තිබුනාය..කෙසේනමුත් මයියලාගේ ගෙදර එසේ විය...)
කොහොමින් කොහොම නමුත් එදින වෙනදා මෙන් නොවීය...අපි එකතු වී බිස්කට් ටින් එක කැඩුවෙමු...පට්ටය..බිස්කට් ටික නම් මරුය...අවුරුදු විස්සකට පසුත් මයියා ට ඒ බිස්කට් රසය මතක් කරවන තරම් මරුය...


මේ බිස්කට ගැන ලියන ගමන් මයියා ට හැගීගියේ ලOකාවේ බුද්ධාගම කියන්නේත් මයියලාගේ ගෙදර බිස්කට් කැම වගේ කියලා ය..මන්ද මයියා ලා කලින් කලේ ගෙදරට ලැබෙන හොද දේවල් , ගෙදරට එන අමුත්තෙකුට දෙන්න ඉතුරු කල එකය,,, නැතිනම් ගෙදරකට යන විට තැගි ලෙස ගෙන යන්න තියා ගත්ත එකය..

ලOකාවේ බුද්ධාගම ද එසේය. මිහිදු මහා රහතන් වහන්සේගේන් අපට බුදධාගම තැගි ලැබුනේය..පරම්පරා ගනනක් තිස්සේ එය අපි තැග්ගක් ලෙස ඊලග පරපුරට තැගී කරන්නේය..කලින් පරම්පරා ගැන මයියා කතා කරන්නේ නැත ...මයියා ගෙ සමකාලින පරම්පරා නම් ලැබුනු තැග්ගේන් වැඩක් ගන්නේ නැත,, එහෙත් ඔවුන් එය ඊලග පරම්පරාවට තැගී කරන්න හිතා ගේන ඉන්නවාය. එසේ කිරීමට ද මාරම වෙහෙසක් ගන්නවාය..ඒ සදහා ඔවුන් දිවිහිමියෙන් උවත් ඉදිරියට එන්නේය...අඩුම වශයෙන් කථාවට හරි එසේ කියනවාය

ප්‍රශ්ණය තියෙන්නේ මයියා ලාට ඩැනිශ් බිස්කට් එක කඩා එහි රස බලන්න හිතුනා වගේ .....පරම්පරාවෙන් පරාම්පරාවට තැගී ලැබුනු බුද්ධාගම තුලට කිදා බසින්නට, එහි රසය විද ගන්නට මේ පරම්පරාව සිතන්නේ නැති වීමය..ඒ සදහා ඔවුනට වෙලාවක්ද නැත..ඔපිස් එක වැඩයි, ගෙදර දරුවන්ගේ වැඩයි සෙට් උනාම ඉතුරු වන්නේ මෙගා ස්ටාර් බලා නින්දට යන වෙලාව විතරය..
කොලුවන්ට නම් ක්ලාස් ගොස් බස් ස්ටැන්ඩ් එකේ වලක් බැස, ගැණු දරුවෙකුට සූවක් දමා ගෙදර ඇවිත් ෆෙස්බුක් ස්ටෙටස් අප්ඩේට් කලාම මල් කඩන වෙලාව එන්නෙය....කෙලි පොඩිත්තන්ගේද වැඩි වෙනසක් නැත..කාට කාටත් වෙලාවක් නැත...ඒක නිසා බුදුදහමේ මොනවා තිබුනත් කමක් නැත..පරම්පරාවෙන් ලැබුනු නිසා ඊලග පරම්පරාවට දුන්නම හොදටම ඇතිය...ඒකට ඉරිදට පන්සල් ගොස් ලමයි ටිකව දහම් පාසල් යවා අවුරුද්දකට පාරක් දානයක් දුන්නම වැඩියත් එක්කය...

පසුව ලියමි;

මයියා බ්ස්කට් ටින් දෙකක්ම මිල දී ගත්තේය..එක බිස්කට් ටින් එකකට නම් මයියා තනියෙන්ම වග කී අතර මයි පැටවුන් ඉතිරි එකට වග කීවේය...මයියාව නම් සිනාමුසු මූනෙන් මයි තාත්තලා හා පුතාලාගේ බඩජාරී කම බලා සිටියාය..

13 comments:

  1. අපුරුයි මයියා. මිනිස්සුන්ව බයෙන් තියලා තියන්නෙ. දන්නෙ නැහැ. දෙශපාලකයින්ට බනිනවා, රජයට බනිනවා හැමොම හොරකම කරන්නෙ. අනාගත පරපුර ගැන පොඩ්ඩක් හිතනවා. ගුණදහම ප්‍රායොගිකව නැහැ. හමුදුරුවරුත් බෙදිලා, එයාලත් බයයි තමන්ට තියන ගෞරවය නැති වෙයි කියලා. මම හිතන්නෙ බුදුහාමුදුරුවන්ගෙ සාසනය ඉවරයි කියලා. මම හිතන් ඉන්න බුදුහාමුදුරුවොයි, එතුමාගෙ සාසනයෙ තුල ජිවත් වුන අනුගාමිකයින් පිරිස අද මට මැවෙන්නෙ නැහැ මෙ සිවුරු දමාගෙන ඉන්න මිනිසුන් පිරිස දැක්ක හම.

    දැන් බුදුදහම කියන්නෙ.. A දහයෙ ඉලක්කයට එක A එක විතරයි. එක එච්චර අමාරු නැහැ. පාඩම් 28 ක් තියනවා. ලෙහෙසියෙන්ම කර ගත්ත හැකියි.

    මිනිස්සුන්ගෙ ගතිගුණ මනින දෙපාර්තුමෙන්තුවක් තමයි රටට අවශ්‍ය වෙන්නෙ.

    ReplyDelete
  2. මයියාගේ කතාවට සියයට සියයක් එකඟය.... හොඳ දේවල් ඇත්තේ පොලිතින් එකවත් නොකඩා කැබිනට්ටුවේ දමන්නට බව පාරම්පරිකව සිරිතක් වී ඇත්තේය... දිවි හිමියෙන් සටන් කරන වුන් ඊලඟ පරම්පරාව කඩා රස බලනවා දකින්නට අකමැතිය... ඒ උන් නොවිඳි රස පොඩි උන් විඳිනවාට ඇති ඉරිසියාව කැටිවූ කුහකකම නිසාය... මයියාගේ ආදර්ශය අපේ පරම්පරාවේ අනිකුන්ද ගන්නවානම් මා කැමතිය... පොඩි එවුන්ට පමණක් නොව මයියාවටද බිස්කට රස විඳින්ට දුන්නානම් හොඳය...
    පසුව ලියමි
    කෙසේ වුවද මයියා මා හිතූ තරමට වඩා නාකිය... :)

    ReplyDelete
  3. @ රවා

    මයියා කියන්න හදපු දේ රවා ට හොදට තේරිලා තියෙනවා.ඒකට මයියාට හරි සතුටුයි. මයියාට දිරවන්නේම නැත්තෙ මුලු සමාජයම වෙලාගෙන තියෙන ' බොරුවටයි'.ඔය බුදුහාමුදුරුවොත් දේශානා කරලා තියෙන්නේ බොරු කරන පුද්ගලයාට කරන්න බැරි පව් වැඩක් නැ කියලා...මයියා ප්‍රශ්ණ කරන්නේ මෙච්චර ලස්සන දර්ශනයක් ලග තියගේන ඉන්න සිOහල සමාජය මෙතරම් නරක් උනේ කොහොමද කියලයි...

    මයියා, මයි පැටවුන් ඇට්ටර වැඩ කරලා මට්ටු උනාම දඩුවම් කරන්නේ අර ඇට්ටර වඩේට නෙමෙයි..වැඩේ වහන්න බොරු කිව්වොත් ඒ බොරුවට යි..

    ReplyDelete
  4. @පුතා

    පුතනුවනි ඔබද මයියා සදහන් කර ඇති දේ ග්‍රහණය කර ඇති සේය. මයියා මේ ගැන ඉමහත් ප්‍රොමෝදයට පත්වන්නේය. කුහකත්වය සම්භන්දයේ සිOහල සමාජය ගැන මයියා ගේ කි‍යවීම නම්ම සිOහලයා තම්න්ට රුපියලක් ලැබුනු විට සතුටු වන්නේය.නමුත් අනෙකාට රුපියලක් අහිමිවනවා දැක ඔහු තමන්ට රුපියලක් ලැබුනාටත් වඩා සතුටු වන්නේය..මෙය අපගේ කුහකත්වයයි.මයියාටද පොදුය.වෙර වීරීයෙන් මයියා මේ හැගීම දුරු කරන්නට ට්‍රයි කරන්නේය...

    තවද මයියා ගතින් වයසට යනවාට වඩා හිතින් වයසට යැම ගැන බයය .එසේ නොවී ඉන්නට උත්සහ කරනවාය..ජේ අර් ලොක්කා ධර්මිශ්ඨ සමාජය හද්න්න පටන් ගන්න කාලය වනවිට මයියා හිටියේ මයි අම්මගේ බඩ තුලය...

    ReplyDelete
  5. @ පුතා..

    අර රුපිය්ලේ කතාවට මෙයද එක්තු කල යුතුය..

    සිOහලායා තව අයෙකුට රුපියලක් දීමෙන්ද සතුටු වන්නේය...'බහුතරයක් ' දේනා එසේ සතුටු වන්නේ තමන්ගේ පොරත්වය අනේකාට පෙන්නීම නිසා හෝ තමන් ගේ සත්ගුණවත් බභාවය එයින් අනිත් අයට පෙනෙන්නේ යැයි විශ්වාස කරන නිසාය..

    ReplyDelete
  6. දෙයියම්පා ඇත්ත.... කදිම උදාහරණය....
    මටද එහෙමය... වෙලාව ඇත උවමනාව නැත...
    මටම මාදිහා බලන් හිනාවෙන්ට සැලැස්සුවාට බොහොම පින්...

    ReplyDelete
  7. ලංකාවේ අය හරිම ලැජ්ජය. තෑග්ගක් වුවත් ලැබු විට එය ලිහා බලන්නේ තෑග්ග දුන් මනුස්ස ප්‍රාණායා ගෙයි හතර මායිමෙන් පිට ගිය පසුවය... නමුත් තෑග්ග දුන් මනුස්සයා ළඟ සිටියදීම තෑග්ග විවාත කර එය අගය කිරීම උසස්ද යන්න මට තේරුනේ මා දුන් ත්‍යාගයක් මා ඉදිරිපිටදීම විවෘත කර බැලූ මිනිසාගේ දෑස් බබලනු දුටි විටය...

    මොන කූකිස් වුනත් බෙදා ගෙන කන තරමට හොදය... අපිලට කුකීස් නැතෙයි...

    ReplyDelete
  8. @තිස්ස...
    තිස්ස ගේ පැමිනීම මයියාට සතුටක්ය...තමන් දිහා බලා තමන්ටම හිනා වෙන්න පුලුවන් පුද්ගලයෝ විරලය. තිස්සට තමන් දිහා බලන්න මයියාගේ පෝස්ට් එක කණ්ණාඩියක් වීම ගැනත් මයියා සතුටු වනවාය..තිස්ස මෙන්ම මයියා ත් තමන්ගේ අඩු පාඩු හදා ගන්න ට්‍රයි කරනවාය

    ReplyDelete
  9. @ වත් නගා

    නගා ගේ කොමෙන්ටුවට මයියා ට මොකක් කීමට දැයි සිතෙන්නේ නැත
    මයියා ගේ තැග්ගකට එක්කේනෙකුගේ ඇස් දිලිසුනේය,,,අවසානයේ ඒ දිලිසුනු ඇස් මයියාට ම උරුම උනේය..

    මයියා බදා ගෙන කැමට නොව,,බෙදාගෙන කැමට ඉතා කැමතිය..ඒත් වත් නගා මයියා ට ඉතා දුර ය..ඉතින් නගේ මක්කෙයි කොරන්නේ...

    ReplyDelete
  10. මේක ටික කාලෙකට කලින් පත්තරේකින් මට කියවන්න ලැබුණු එකක්. මේකටත් අදාල කරගන්න පුලුවන් වෙයි මම හිතන්නේ.

    "මිනිස්සු ආගම වෙනුවෙන් කතා කරති, වාද කරති, සටන් කරති. නමුත් නොකරන්නේ ආගමට අනුව ජීවත්වීම පමණි."

    ReplyDelete
  11. ස්තුතියි හසිත, අනිවා...මුලු පෝස්ට් එකේම අදහස එක වාක්‍යකට අරගන්න පුලුවන් කියලා තෙරුනේ මේක දැක්කමයි..

    ReplyDelete
  12. අඩේ ඒ කතාව ඇත්ත තමා. අපි බුද්ධාගමට කරන්නේ ඕකම තමා. අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම කියලා තමා ඕකට කියන්නේ. ඒත් අපි කවදාවත් ඒකෙන් වැඩක් ගන්නේ නෑ. නියමයි උපමාව නම්.

    ReplyDelete
  13. @ ඵ්‍රසන්න86ක්


    ස්තුතියි ගොල්ඩ් ෆිෂ් ගේ පැමිනීමට....හා මයියා ගේ උපමාව අගේ කලාට..මයියා මේ හිත හිත හිටියේ මයියා ගත්ත උපමාව ..මේ කියන දේට, මාතෘකාවට හරියට සෙට් උනේ නැද්ද කියලයි...

    ReplyDelete

2222