කොටි ත්‍රස්ත්‍රවාදය ඉදන් පාන්පිටි ත්‍රස්ත්‍රවාදය දක්වා එක එක කතන්දර අහලා තියෙන අපිට පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා එකක් අහලා තියෙනවද කියලා මට එච්චර මතකයක් නෑ...ඒත් ටවුමේ සාප්පුවෙන් ලාභෙට ගෙනල්ලා පාවිච්චි කරන ලද සකන්ඩ් හෑන්ඩ් කොම්පීතරයේ, ෆෝන් එකේ ඉදන් ඇලේ දොලේ වතුර ටික සල්ලි කරන්න දගලන ලොකු ලොක්කන්ගේ උවමනාව දක්වා තියෙන්නේ පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා මට වෙලාවකට හිතෙනවා...
පරිසරය කියන්නේ බාලාංශේ ඉදන් ලංකාවේ ඉස්කෝලේ වල උගන්වන සබ්ජෙක්ට් එකක්. ඔය විශය මං පොඩිකාලේ කොහොත්ම කැමැත්තක් තිබ්බේ නැති එකක්. ටිකක් ලොකු වෙන කොට විදුසර වගේ පත්තර වලින් පරිසර ප්‍රශ්ණ ගැන ටිකක් ඉගෙන ගත්තා උනත් පහුකාලේදී ඔය සම්භන්දව මගේ උනන්දුවක් තිබ්බේ නැති තරම්. කොටින්ම කැම්පස් එකේදී සබ්ජෙක්ට් එකක් වශයෙන් පරිසර විද්‍යාව තෝරා ගන්න අවස්ථාව ලැබුනත් , අකමැත්ත හින්දම මම ඒක අත ඇරලා දැම්මා. ටෙක්නිකල් අංශයේ මොලය පුරුදු පුහුණු කරපු කෙනෙකුට පරිසර විද්‍යාව මහා බෝරින් සබ්ජෙකට් එකක්...
මේ අදහස මගෙන් ඈත් වෙලා යන්නේ ඊට සෑහෙන කාලයක් ගියාට පස්සේ..ඒ අහම්භයක් නිසා මම පරිසර ප්‍රශ්ණ පිලිබද හැදෑරීමකට යොමු උනාට පස්සේ. මේක වැඩිදුර ඉගෙන ගන්න කොට මට හිතුනු දෙයක් තමයි පරිසර ප්‍රශ්ණ අතිශය දේශපාලනිකයි කියලා. ඇත්තෙන්ම මේක ඇතුලේ තිබ්බ දේශපාලනය හින්දා මේ සම්භන්ද වැඩි දුර කරුණු හදාරන්න යොමු උනා කිව්වොත් වඩා හරි.
පරිසර දේශපාලනයේ විවිධ මානයන් තියෙනවා. මගේ අදහසේ හැටියට ඉන් ප්‍රධානතම වන්නේ ස්භාවික සම්පත් බෙදා ගෑනීම හා වැඩි කොටස ඩැහැ ගැනීමේ ප්‍රශ්ණයයි. මේක අද ඊයේ පටන්ගත්ත ප්‍රශ්ණයක් නොවුනත්, ඉස්සර අමු අමුවේ මිනිස්සු මරාගෙන යුද්ධ වලින් විසද ගත්ත මේ ප්‍රශ්ණය අද ඉතා රාජත්‍රාන්ත්‍රික විදිහට, ඒත් අර ඉස්සර තිබ්බ කෘරත්වයට වඩා බිහිසුනු ලෙස විසද ගන්නවා. ඕක ඔය මට්ටමෙන් විසදා ගන්න බැරි උනාම ,රෙජිම වෙනසක් හරි නැත්නම් අර පරණ විදිහට යුද්ධයකින් හරි විසදා ගන්න තැනකට යනවා. මේ ගැන වඩා හොදට භාගයක් ඇත්ත භාගයක් ගොතපු ජෝන් පර්කසන්ගේ 'ද කන්ෆෙශන් ඔෆ් ඇන් ඉකොනොමික් හිට්මෑන්' පොතේ විස්තර වෙන බව ගොඩක් අය දන්න දෙයක්.
පහුගිය කාලේ තිබ්බ අරාබි වසන්තය ඊජිප්තුවට, ලිබියාවට, සිරියාවට ඇවිල්ලා ඒකම සෞදි අරාබියට නො එන්නේ අර කිව්ව රාජත්‍රාන්ත්‍රික විදිහට අරාබි රජ්ජුරුවෝ මුල ඉදන්ම ප්‍රශ්ණය විසදගන්න වැඩ කරලා තිබ්බ හින්දයි. සමූල ඝාතක අවි තියෙනවයි කියලා ආක්‍රමණය කරපු ඉරාකේ ඇත්ත ප්‍රශ්ණය ලොකේ වැඩිම ලාභදායි තෙල් නිධි බව තේරුම් ගන්න ඒච්චර අමාරු දෙයක් නෙවෙයි. සමූල ඝාතක අවි තියා සදාම් ලොක්කව බේර ගන්නවත් ඉරාකෙට ආයුධ තිබ්බේ නැති බව දැන් ඉතිහාසෙට අයිති කථාවක් විතරයි. පලස්තීන යුදෙව් ගැටුම ගැන මං ටික කාලෙකට කලින් ලියපු මෙන්න මේ ලිපියත් ස්භාවික සම්පත් බෙදා ගැනීම සම්භන්ද විශම චක්‍රය ගැන ලියපු ලිපියක්.
ස්භාවික සම්පත් අත්කර ගැනිමේ ක්‍රමවේදයන් කාලයක් තිස්සේ හොදට අත්හදා බලා මේ වෙන කොට කවුරුත් දන්න දේ බවට පත් වී හමාරයි. එහෙත් අත්කරගත් ස්භාවික සම්පත් පාචිච්චි කරන කොට ඇතිවෙන ද්විතීක ප්‍රශ්ණ ගැන අවබෝධය ඊට වඩා අඩුයි. අවශේෂ ලෝකයා මේ ගැන ගොඩක් උනන්දු උනත් ලංකාව ඇතුලෙ නම් මේ ගැන ප්‍රමානවත් සංවාදයක් නැති තරම්.
අත්පත් කර ගත් ස්භාවික සම්පත් ඵල ප්‍රයෝජනයට ගන්න කොට ඇතිවෙන පරිසර දූශණය , පරිසර දේශපාලනයේ මම දකින දෙවන මානයයි.
මේක පැහැදිලි කරන්න ගොඩක් දෙනා දන්න 80-20 තියරිය මම යොදා ගන්නවා. දල වශයෙන් ගත්තොත් ලෝකයේ ඇති ස්භාවික සම්පත් වලින් 80% පමන පාවිච්චි කරන්නේ දියුණු රටවල ජනතාවයි. බිලියන 7.1 උන සමස්ථ ලෝක ජනතාවගෙන් දියුණු රටවල ජීවත්වෙන ජනගහනය දල වශයෙන් 20% පමන වෙනවා. ඉතිරි 80% පමණ වූ බහුතරය ජීවත් වන්නේ දිලිදු හෝ දියුණු වෙමින් පවතින රටවල. ඒ අනුව 20% පමන උන ධනවත්, දියුණු ඇත්තො 80%ක ස්භාවික සමිපත් කොටසක් පාවිච්චි කරමින් පරිසර දූශණයට , නැතිනම් ලෝක කාබන් විමෝචනයේන් 80% ට වග කියනවා. මේ රටවල පුද්ගලයන්ගේ ඒක පුද්ගල කාබන් විමෝචනය ගත්තොත් දළ වශයෙන් දියුණු වෙමින් පවතින රටවල පුද්ගලයන් 20-100 ට ගේ එකතුවට සමාන වෙනවා.
පරිසර දූශණය පිලිබද ප්‍රශ්ණයට දේශපාලනය සම්භන්ධ වෙන්නේ උඩින් පැහැදිලි කරපු 80-20 සමතුලිතතාවය රැක ගැනීමට දරන උත්සහයේදී. මම මගේ මීට කලින් 'ගෝලීය උශ්ණත්වය හා පරිසර වෙනස් වීම' පිලිබද ලිපියේදී පෙන්වා දුන්න විදිහට අපට හිතුමතේ අනවශ්‍ය විදිහට ගල් අගුරු, ඩීසල් පැට්‍රල් දහනය කරමින් වායුගෝලයට කාබන් එකතු කරන්න බෑ. ඒ එහෙම උනොත් ගෝලීය උශ්ණත්වය පාලනය කර ගත නොහැකි විදිහට ඉහල යාමට ඉඩ තියෙන හින්දා. ගෝලීය උශ්ණවය ඉහල යෑම සමස්ථ මානව ශිෂ්ඨාචාරයටම තමන්ගෙ පැවැත්ම පිලිබද ප්‍රශ්ණයක්.
එතකොට දැන් ප්‍රශ්ණය වෙන්නේ කාටද පරිසරයට කාබන් එකතු කරන්න වැඩිම අයිතිය හම්බ වෙන්නේ කියන එකයි.
දියුණු රටක ඉන්න පවුලක, ගෙදරක තාත්තටයි අම්මමටයි වැඩට යන්න වෙන වෙනම කාර් තියාගෙන කරදඩු උස් මහත් වෙච්ච ලොකු පුතාට පාට් ටයිම් ජොබ් එක කර ගන්නත් ගෙදර කාර් එකක් තියා ගෙන ඉන්න පුලුවන්. ඒතකොට රස්නේ උනාම ඒසී දාගෙන හීත කාලෙදි හිට්ර් දාගෙන ඉන්න එකෙත් වරදක් නෑ.
හැබැයි ඒක එහෙම උනාට වීනෙයි ඉන්දියාවෙයි ඉන්න බිලියන් ගානක දුප්පත් පොරවල් කකුල් දෙකට වීරීය දාලා පදින සයිකල් කට්ට වෙනුවට මොටර් සයිකලයක් ගන්න එක ප්‍රශ්ණයක් වෙනවා. මොකද ඒතකොට තෙල් බැරල් එකට තරගේ වැඩි වෙනවා වගේම පුච්චපු තෙල් වලින් වායුගෝලයය්ට එකතු කරන කාබන් ප්‍රමානයත් වැඩි වෙන හින්දා... ඒ වගේම චීනෙ, ඉන්දියාවෙ, වේල් දෙකක් කාපු අය වේල් තුනක් කන්න ගත්තොත් දියුණු රටවල සුපර් මාර්කට් වල කෑම ගනන් ඉහල යන බවත් පහුගිය කාලේ අත්දැකපු දේවල්..
සීමිත සම්පත් වලින් අසීමිත පිරිසකගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බෑ වගේම අසීමිත පිරිසක් සුලුවෙන් නමුත් කරන කාබන් විමෝචනයටත් ඉඩ තියෙන්න බෑ...ඇත්තෙනම් කිවහොත් කාර්මික යුගයේදී , යුරෝපය විසින් වායුගෝලයට නිදහස් කරන්න පුලුවන් උපරිම කාබන් ප්‍රමානය නිකුත් කර අවසන්...දැන් චීනයටත් , ඉන්දියාවටත්, බ්‍රසීලයටත් ඒ ගොල්ලන්ට ඕනා විදිහට කාබන් නිකුත් කරන්න දෙන්න බෑ...
අකාබනික ශක්ති ප්‍රභවයක් හොයා ගන්න කන් , මේ ප්‍රශ්නෙට තියෙන හොදම විසදුම අර දියුණු වෙමින් පවතින රටවල මිනිස් ඔලු ගාන, ඔවුන් පාවිච්චි කරන සභාවික සම්පත් පාලනය කරන එක තමයි. මේක කරන්න තමයි දේශපාලනය ඕනේ වෙන්නේ...ගැටුම්, දරිද්‍රතාවය මේකට යොදා ගන්නා උපකරනයි.
පරිසර දේශපාලනයේ තුන් වෙනි මානය කුණුකන්දල් ටික සුද්ධ කර ගැනීමේ ප්‍රශ්ණයයි. න්‍යශීටික බලය ජනනය කිරීමේදී එකතුවෙන විකිරණශීලි අපද්‍රවය වල ඉදන් දියුණු රටව්ල ජනයා අවුරුද්දෙන් අවුරුද්දට කුණුකූඩෙට විසි කරලා දාන පරණ ෆෝන් එක දක්වා දීර්ඝ පරාසයක මේ ප්‍රශ්ණය විහිදිලා තියෙනවා.
දැනටමත් මේ ලිපිය මාගලක් වගේ ලියලා තියෙන හින්න කුණු ප්‍රශ්නය ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට ඉඩ තියා ගන්නවා.
ප :ලි :
මේ ලියලා තියෙන්නේ මේ බ්ලොගයේ 50 වෙනි ලිපියයි. මේක අරවින්දලාගේ ජයසූරියලගේ හාෆ් සෙන්චරියක් වගේ නොව හෂාන්ගේ වගේ සෑහෙන තටමලා දාපු හාෆ් සෙන්චරියක්. බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2010 දී. පෝස්ට් 50 දාන්න අවුරුදු තුනක් ගියා.ඒත් ආපු දිහා හැරිලා බලද්දි මට පොඩි ආතල් එකක් එනවා. කොච්චර වෙලාව නැති කාලවල් ආවත් නොටවුට් වෙලා ඉන්න හිතෙන්නේ මේ ලියන එකෙයි, සමහර වෙලාවට සුලුවෙන්, සමහර වෙලාවට වැඩියෙන් ලැබෙන ප්‍රතිචාර වලයි තීයෙන ආතල් එක හින්දා තමයි. ඒක හින්දා මේ හාෆ් සෙන්චරි එක දාපු වෙලාවේ බැට් එක උස්සලා මේ බ්ලොග් පඩංගුව බලන්න ආපු හැමොටමත්, කමෙන්‍ටුවක් දාලා ප්‍රතිචාර දක්වපු හැමෝටමත් මයියා ස්තූතියි කියලා කියනවා....ඒක ලොකු ස්තූතියක්...ලොකුම ලොකු එකක්...:)
බ්ලොග් වලින් සමාජ වෙනස් කරන්න පුලුවන් කියලා හිතන්නේ නෑ කියලා කීප දෙනෙක් ලියලා තියෙනවා මං කීප තැනක දැකලා තියෙනවා...සමාජෙ ගැන කියන්න යන්නේ නැති උනත් මං සම්භන්දයෙන් නම් කියන්න තියෙන්නේ බ්ලොග් හින්දා මං නම් වෙනස් වෙලා තියෙනවා කියලා තමයි...ඒක මයිලේඩි කියනවා වගේ ආපු වෙලාවේ ඉදං කෝම්පීටරේ බදා ගෙන ඉන්නවා වගේ චර්‍ය්‍යාමය වෙනසක ට වඩා ආකල්පමය වෙනසක්...ඒ හින්දා බ්ලොග් ලියන හැමෝටමත් ස්තූතියි........
තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මයියාව සින්ඩිකේටර් වලට දාලා තියෙන ඇඩ්මින්වරුන්ටත්, බ්ලොග් රෝල් වලා දාලා තියෙන සහෘද බ්ලොග්කරුවන්ටත් ගොඩාක් ස්තූතියි. ඒකත් ලොකුම ලොකු ස්තූතියක්....
Image : www.CartoonStock.com.