Sunday 16 June 2024

ඒක මයින්ඩ් ගේම් එකක්..

T 20  ක්‍රිකට් ක්‍රීඩාව හින්දා  ක්‍රිකට් ක්‍රීඩාව ලොකු වෙනසක් වෙමින් යනවා.  ඒ හින්දා සමහර විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාව  නැතිවෙලාම යයි. දැනටමත්  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලං කරන විදිහ වෙනස් වෙලා.  උදාහරනයක්  ලෙස, ඉස්සර වගේ ලෑල්ල දා ගෙන පැල් බැදගෙන බැට් කරන එක අද වෙන කොට දකින්න නෑ.

ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩාවේ දකින්න තියෙන ලස්සන දෙයක් තමයි පිතිකරුවා දවා ගන්න පන්දු යවන්නා යොදා ගන්න ප්ලෑන. එක පන්දුවාරයක් තුල පිතිකරුවා තමන්ගේ ග්‍රහණයේ තබා ගෙන, බෝලෙන් බෝලේ,  පිතිකරුවාගේ මනසත් එක්ක සෙල්ලම් කරමින්,  මේ ප්ලෑනේ අග්‍ර ඵලය  නෙලා ගන්න එක බලන් ඉන්න ආස හිතෙන දෙයක්.

ෆෙස් බුක් එකේ උඩ පහල යන විට මේ වගේ පන්දුවාරයක වීඩියෝ ක්ලිප් එකක් දකින්න ලැබුනා.


පන්දුවාරයක් කිව්වට ඇත්තටම එතැන තිබ්බෙ පන්දු තුනක්.  පන්දු යවන්නෙ පකිස්ථාන හිටපු වේග පන්දු යවන්නෙකු උන මොහොමඩ් අසීෆ්. ඔහු ඉතා දක්ශ වේගපන්දු යවන්නෙක්. පන්දුව එලියට සහ ඇතුලට   යන දෙපැත්තටම පන්දුව දෝලනය කිරීමට සමත් දක්ශ පන්දු යවන්නෙක්. 

මේ පොඩි වීඩියෝ ක්ලිප් එක බැලුවොත් පේනේවී, පලවෙනි බෝලේ කඩුල්ලෙන් එලියට දෝලනය වන outswing  පන්දුවක්. ඕෆ් ස්ට්මප් එක එල්ලේ,  ගුඩ් ලෙන්ත් එකේ ටිකක් පිටුපසින් ( back of length)   පතිත වී එලියට දෝලනය වෙන පන්දුවක්. පිතිකරු ශෙවාග් ඒ පන්දුවට පරාද උනත් , ඔහුගේ තාක්ශණය නිසා ඔහු බේරේනවා. ඔහු පිත්ත ඇස් යට මායිමෙන් ( under the chin)  එලියට තල්ලු නොකර, තමාගේ ඇස යට පිත්ත තබා ගන්න නිසා, පන්දුව එහි දෝලනය සමග පිත්තේ නොවැදී ගමන් කරනවා.

පන්දුව ඉදිරියේ පිත්ත පරාද වීමත් එක්ක තමයි, මයින්ඩ් ගේම් එක පටන් ගන්නේ.

කලින් පන්දුවෙදි පිත්ත දාන්න ගිහින් පරාද උන නිසා ඊලග බෝලෙදි පිත්ත දාන් එක ගැන පොඩි චකිතියක් පිතිකරුවා තුල ඇතිවෙනවා. ඒක තත්පර මිලි ගාණක පරක්කුවක් වෙන්න පුලුවන්. හොද වේග පන්දු යවන්නෙකුට ඒ පරක්කුව කියන්නේ තමන්ගේ වැඩේ කර ගන්න ඕනාවටත් වඩා කාලයක්..

විය යුතු ආකාරයටම දෙවෙනි  පන්දුව, කඩුල්ල ඇතුලට දෝලනය වෙන විදිහට  ඉතා වේගයෙන් යොමුවෙනවා. මෙතැනදි තවත් වැදගත්ම දෙයක් තමයි, දෙවැනි පන්දුව පතිත වෙන්නෙත්, පලමු පන්දුව පතිත උන තැනමයි. නමුත් කලින් වතාවේ එලියට දෝලනය උන පන්දුව, මෙවර ඇතුලට දෝලනය වෙනවා. නමුත් පිත්ත ගෙන එමේ, තත්පර මිලි ගණනක පරක්කුව හෝ පන්දුවේ දෝලනය නිසා මෙවර එය පිතිකරුවාගේ පාදයේ වදිනවා. මට පේන විදිහට නම් ඒක ඇත්තටම කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යා යුතු අවස්ථාවක්. කෙසේ උනත්  විනිසුරු වරයා එම දැවී යාම ලබා දෙන්නෙ නෑ.. 


තුන්වෙනි බෝලෙදි, අසීෆ් සහ ශෙවාග් දෙන්නම් ප්ලේ කලේ මයින්ඩ් ගේම් එකක්....අසිෆ්ගේ පන්දු තුනම පතිත වෙන්නේ, ඕෆ් ස්ට්මප් එකේ , බැක් ඔෆ් ලෙන්ත් එකෙ. පලවෙනි එක අවුට් ස්විගර් එක...ඒකට ශෙවාග් බේරෙනවා. දෙවෙනි එක ඉන්ස්විගර් එක..එකට ශෙවාග් ඇත්තටම අවුට්..ඒත් දුන්නේ නෑ....ඊලග බෝලෙදි ශවාග් හිතන්නේ ඒක අවුට් ස්විගර් එකක් වෙයි කියලා හිතලා, කලින්ම හිතාගෙන , ( pre determined) ඩ්‍රයිව් එකකට යනවා...ඒ ශෙවාග් ගෙත් තියෙන ඇග්‍රසිව් මයින්ඩ් සෙට් එක නිසා..නමුත් අසීව් යොමු කරන්නේ කලින්ටත් වඩා ඈන්ගල් වෙච්චි ඉන්ස්විගර් එකක්....ශෙවාග් ඉන්ස්විගර් එකක් ආවට ඇජ්ස්ට් වෙන්න හිටියත්, අච්චර ලොකු ඉන්ස්විගර් එකකට ඇජස්ට් වෙන්න බෑ...ටෙස්ට් ක්‍රිකට් ඇට් බෙස්ට්. ...කොච්චර ලොකු මයින්ඩ් ගේම් එකක් ඒ බෝල තුන ඇතුලේ තියෙනවද?

7 comments:

  1. 'Cricket Tactics ' පිළිබඳව හොඳ නිරීක්ෂණයක් සහ අගේ ඇති පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  2. හොඳ ලිපියක්. ඇත්තටම ඒක එහෙමයි. 20-20 නිකන් බාස්කට් බෝල් වගේ

    ReplyDelete
  3. කොයි සෙල්ලමෙත් තත්ත්වය දැන් හරි දියුණුයි
    වැඩි කොටහක් ගහන්නේ දැන් මොළයෙන්මයි!

    ReplyDelete
  4. අසීෆ් වගේ ප්ලේයර්ස්ලාට අබ්න්තිමේ අත්වුණ ඉරණම නිසා ක්‍රීඩාවට වුන දේ අපරාදේ

    ReplyDelete
  5. නොදන්න දෙයක් නිසා මෙන්න:
    ++++++++++++++++👌🙏💐

    ReplyDelete
  6. හොඳ නාට්‍යයක් චිත්‍රපටියක් බලනවා වගේ තමා. exposition, rising action, climax, denouement ඔක්කොම තියනවා.

    ReplyDelete

2222