Friday 3 May 2024

මගේ ලෝකය නිහඬ විය..

මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙලා. මමත් කලෙක් එතුමාගේ ලිපි ඉතා උනන්දුවෙන් කියවපු එක්කෙනෙක්.

ඒ නිසාම එතුමා කථා කල දේවල් සම්භන්ධයෙන් අවබෝධයක් මට ඇතැයි සිතනවා..

ඒ නිසාම මීට අවුරුදු 12 කට පමන පෙර සමස්ථයක් ලෙස අරගෙන මම ඔහුගේ ලිපි  ගැන ලිපියක් මගේ බ්ලොග් එකේ ලිව්වා. එය මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම කියවපු ලිපි අතරත් තියෙන ලිපියක්. මම දන්න විදිහට නලින් මහතාත් මේ ලිපිය කියවා තිබෙනවා. 
එතුමා තමන්ව විවේචනය කරපු දේවල් ගැන එච්චර පස්සෙ එලෙව්වයි කියලා මම හිතන්නේ නෑ..හැබැයි  විරුද්ධ මත වලට නම් ඉතා දැඩිව පහර දුන්නා., එතුමා ජීවත් වෙලා හිටපු කාලෙදිම ඒ ලිපිය ලියන්න පුලුවන් වෙච්චි එක ගැන මට සියුම් සතුටක් තියෙනවා..

එතුමා දක්ශ ලේඛකයෙක් උනාට , මුහුණට මුහුණ කෙරෙන තර්ක වලදී හෝ සංවාදයකදී හෝ  නම් දුර්වලයෙක් බව මට කියන්න පුලුවන්. ඒ මොරටුව සරසවියේදී සිංහල සංස්කෘතික සංගමය වෙනුවන් අපි සංවිධානය කල දේශණයකට ඔහු පැමිනි පසු ඔහුව දැක බලා ගන්න පුලුවන් උනු නිසයි. මෙහිදී නලීන් මහතාට ප්‍රතිවිරුද්ධව ගෙනාවේ වික්‍රමබාහු මහතාව. අපේ සංවිධානයත් ,  මථවාදීය ලෙස නලීන් මහතාට කිට්ටුයි. ඒ නිසාම , සභාව මෙහෙයවූයේත් නලීන් මහතාට වාසි වෙන විදිහට. ඒත් ඒ වාසිය නලීන් මහතාට ගන්න බැරි උනා. ඔහුව ලේසියෙන් කේන්ති ගස්සන්න පුලුවන්. කේන්ති ගියාම ඔහුට ඔහුගේ හොදම තර්ක මග ඇරෙනවා. බාහු මේක හොදින් දැනගෙන හිටියා කියන්න පුලුවන්..පිටියේ අවාසිය තියෙද්දිම,  බාහු ,  නලින් ද සිල්වාගේ මේ දුර්වලකම පාවිච්චි කරලා එදා දවස තමන්ගේ පැත්තට හරවා ගත්තා. ඒ තමයි නලින් මහතාව මම සජීවීව දැක්ක පලවෙනි සහ අන්තිම දවස.

මේ තියෙන්නෙ මම නලීන් මහතා ගැන මීට අවුරුදු 12 කට කලින් ලියපු ලිපිය.

14 comments:

  1. මයියෝ,
    මම නලින් ද සිල්වා මහතාගේ ගෝලයෙක් නෙවෙයි. එතුමා වගේම මහරගම ගම්වැසියෙක්.

    එතුමාත්, ගෙවිඳු කුමාරණතුංග වැනි අයත් එකතුව කටයුතු කළ 'චින්තන පර්ෂදයේ' කාලය සඟරාව මුද්‍රණය කළේ, මා මුද්‍රණ කළමනාකාරිත්වය දැරූ 'අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ. ඒ කටයුතු මැද්දේ මා ලද අත්දැකීම් 'ගණිත ගැටේ' කියල ලිපි හතරකින් 'නිදිගෙ පංච තන්තරේ' අඩවියට ලිව්වා.
    https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_20.html ගණිත ගැටේ - පළමුවෙනි කොටස

    http://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_26.html ගණිත ගැටේ- 2 කොටස

    http://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post.html ගණිත ගැටේ- 3 කොටස

    https://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post_10.html ගණිත ගැටේ- 4 කොටස

    කොහොම වෙතත් එතුමා ප්‍රාඥයෙක්!

    ReplyDelete
    Replies
    1. නිදිගේ ලිපි ගොඩක් දැන් කියවන්න් එකතු වෙලා තියෙනවා.ටිකක් කාර්ය්බහුල උන නිසා බැරිඋන...අරපොත දෙන්න මම මෙසේජ් එකක් දැම්ම. හම්බුනේ නැද්ද?

      Delete
    2. තවම නම් මැසේජ් එකක් ලැබුණේ නෑ, මයියෝ.

      Delete
  2. .... ඒ වගේම හොඳ- නිවැරදි සිංහල වහරපු කෙනෙක්!!!

    ReplyDelete
  3. ඔහුගේ බොහෝ මත සමග එකඟ නොවුනත් තමන් විශ්වාස කළ දේ නිර්මාණාත්මකව දාර්ශණික පදනමක් මත ඉදිරිපත් කළ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. නප්පියට තද වෙන එක තමයි නුහු ගුණේ...

      Delete
  4. එතුමාගේ තවත් මතකාවර්ජ්ජනයක්. අපූරුයි මයියා.
    ජයවේවා !!!

    ReplyDelete
  5. මයියගෙ කලින් ලිපිය කියෙව්වා. මයෙ සන්තෝ ඒකට ටැබූ සහ රිටිගල ජයසේන පවා කමෙන්ට් කරලා. ඔහු ගැන මගේ මතයත් රිටිගල ජයසේනගෙ කමෙන්ට් එක එක්ක සමපාත වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමි

      Delete
    2. ඔව් ඒ දවස් වල බ්ලොග් වල මථ ගැටුම අපමණයි...රිට්ටත් එක්ක මං ඇර ගන්නේ , නිරාගමික් වෙබ් සයිට් එකේ...දැන්නම් මට පේන විදිහට අපි දෙන්නගෙම අදහස් මැද තැනකට ඇවිල්ලා..ඉස්සෙර වගේ ඇර ගන්න ගතියක් ලගකදි සෙට් වෙලා නෑ.

      Delete
  6. මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග -https://kolambagamaya.blogspot.com/2019/02/blog-post_25.html - කොළඹ ගමයා

    ReplyDelete
  7. පව් අහිංසකයා.
    මෑන් භෞතිකව මැරෙන්ඩ අවුරුදු තිහකටත් කලින් තමයි සිතුවිලිවලින් මැරුණේ.

    ReplyDelete
    Replies
    1. හරි හෝ වැරදි , එයා හිතන එක නම් හිතුවා...හිතිල්ල නම් මැරුනේ නෑ..

      Delete

2222