Wednesday, 2 October 2013

ආඩම්බරකාර තාත්තාගේ කාබන් වස්තුව....

පරිසර ප්‍රශ්ණය කියලා ලෝකයේ ගොඩක් දෙනෙක් කථා කරන 'ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම' ගැන ශ්‍රී ලාංකිකයන් වන අපි එච්චර සංවේදී නෑ කියලා මම මීට කලින් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා.

එහෙම වෙන්න  හොද සාධාරණ හේතූ කීපයකුත් අපිට තියෙනවා. එයින් මූලිකම එක තමයි ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම හා  අපේ ජීවිත වලට එයින් සිදුවන බලපෑම ගැන අපේ නොදැනුවත් කම. අනෙත් කාරණය නම් ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම ගැන හිතනවට වඩා බඩට යමක් හොයා ගෑනීම, ඉන්න හිටින්න නිවසක් සාදා  ගැනීම, ලමයට ඉස්කෝලයක් හොයා ගැනීම ආදී ඇඟට දැනෙන ප්‍රශ්න අටෝරාවක් අපේ ඔළුවට උඩින් පරිභ්‍රමණය වෙමින් තිබීම කියලා මට හිතෙනවා.

කලිනුත් කියලා තියෙනවා වගේම 'ගෝලීය උෂ්ණත්වය' ඉහල යාමට මූලීකම හේතුවක් වෙන්නේ මිනිස්සුන්ගේ විවිධ ක්‍රියාකාරකම් එහෙමත් නැතිනං පොසීල ඉන්දන දහනය නිසා වායුගෝලයට එකතු වෙන කාබන් ඩයෝක්සයිඩ් කියන වායුවයි. කාබන්ඩයෝක්සයිඩ් වායූවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම පැහදිලි කරන්නේ 'හරිතාගාර ආචරනය' කියන සංසිද්ධිය හරහායි. ඒත් මං කියන්න යන කාරණයට හරිතාගාර ආචරනය කියන්නේ මොකක්ද කියලා දැන ගන්න ඕනේ නෑ. වැදගත්ම කාරණය වෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න කාබන් ඩයෝක්සයිඩ් වායුව  ප්‍රධාන හේතුවක් කියන එක වගේම එම වායුව වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් පෙට්‍රල්, ගල් අගුරු, ඩීසල් ආදී ඉන්දන දහනය කිරීම බව තේරූම් ගැනීමයි.



යුරෝපයේ කාර්මික පුනරුද කාලයේ  (1850) ඉදන්  වසර 2000 වන තෙක් මිනිස්සු කාබන්ඩයෝක්සයිඩ් ගිගාටොන් 1020 ක් වායූගෝලයට මුදා හැරලා තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් බහුතරයක් යුරෝපය හා අමෙරිකාව ශ්‍රීඝ්‍ර කාර්මික දියූණුවක් අත්පත් කර ගැනීමේදී වායුගෝලයට පාලනයකින් තොරව නිදහස් කරන ලද්දක්.  මෙසේ නිකුත් කරන ලද අතිවිශාල කාබන් ඩයෝක්සයිඩ් වායු ප්‍රමානය, වර්තමාන පරිසර ප්‍රශ්ණයට නැතිනං ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට ප්‍රධාන හේතුවක්.
මේ තියෙන්නේ පරිසර ප්‍රශ්ණය පිලිබද ඉන්ෆොග්‍රැ‍ෆික්ස් ( Infographics) විසින් කරන ලද අති විශිෂ්ඨ ග්‍රැ‍ෆික් එකක්...මේ ඩවුන් ලෝඩ් කරන හොදට ලොකු කරලා බැලුවා නම් ඉති න් හොදා...

පසුගිය සියවසේ  ශීග්‍ර ආර්ථික දියුණුව අත්පත් කරගත්තේ අමෙරිකාව හා යුරෝපය උනත් මේ දශකයේ ඒ ස්ථානය හිමි වෙලා තියෙන්නේ ආසියාවටයි. ඒත් ආසියාවට , කලින් යුරෝපය හා ඇමෙරිකාව කලා වගේ අත දිග හැරලා සංවර්ධනය වෙන්න බෑ. නිකුත් කරන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හරහා ආසියාවේ අතපය බැදලා දාලයි තියෙන්නේ.

අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා කතාවක් තියෙන්වා. ඉතින් කාට හරි කියන්න පුළුවන් අමෙරිකාව හා යුරෝපය එගොල්ලනගේ දක්ශතාවය හින්දා ඉස්සෙල්ලම ආර්ථික සංවර්ධනය  අත් කර ගත්ත හින්දා දැන් කරන්න දෙයක් නෑ කියලා...ඒත් ඇත්තම කාරනය නම් අපි වගේ දියුණු වෙමින් පවතින රටවල් වලට අයිති කාබන් කෝටාවත්, අපි  ඒ ගැන දැනගන්නත් කලින්,  අනෙක් දියුනු රටවල් දැනටමත් පාවිච්චි  කරලා ඉවරයි කියන කාරණයයි.

මේ ආසාධාරණය හා විශමතාවය දැනුත් වර්තමානයේත් අපි වගේ දියුණු වෙමින් පවතින් රටවලට තියෙනවා. දැනට එක අවුරුද්දකට ලෝකේ ඉන්න අපි සේරම එකතු වෙලා කාබන් ඩයෝක්සයිඩ් ගිගා ටොන් 31 ක් වායුගෝලයට නිදහස් කරනවා. ඒ ගිගා ටෝන් 31 න් වැඩි හරියක්, දල වශයෙන් 80% ක් , නිදහස් කරන්නේ  දැනටමත් දියුණු සංවර්ධිත රටවල්. මේ රටවල ඉන්න ජනගහනය, ලෝක ජනගහනයත් එක්ක බැලුවම ඉතා සුලු කොටසක්. ඒත් ඒ සුලු කොටස  ලෝක සමස්ත කාබන් විමෝශනයේන් 80% ට ආසන්න ප්‍රමානයකට වග කියනව. ලෝකයේ දියුණු වෙමින් පවතින් රටවල ඉන්න සෙසු බහුතරය, මුලින් කී ගිගා ටොන්31 න් 20% ක් විතරයි පාවිච්චි කරන්නේ.

දැන් ඉතින් අපි මතෘකාවට බහිමු..මම මුලින්ම කිව්වා ගෝලීය උශ්ණත්වය ඉහලා යෑම හා කාබන් විමෝඩ්චනය ගැන අපේ රටේ මිනිස්සු එච්චර සංවේදී නෑ කියලා...අපි කොච්චර ඒ ගැන සංවේදී නැති උනත්, අපිව බලා ගන්න ඉන්න අපේ ආඩම්බරකාර තාත්තා ඒ ගැන ගෝඩක් සංවේදීයි. අපේ ආඩම්බරකාර තාත්තා මේපාර යූ එන් (UN) එකට ගිහිල්ලා මේ කාබන් විමෝචනය ගැන මෙහෙම කියලා තියෙනවා..



// Centuries of growth in advanced economies have left little carbon space for the developing world, challenging their growth. The thin lines of balancing economic development and protection of the environment will remain a great challenge, in future development policy setting. It is therefore critical that developed countries honor their commitments and compensate damage to the environment, based on common but differentiated responsibilities.//


ආඩම්බරකාර තාත්තා මේ කථා කරන්නේ සංවර්ධනය කරා යන ගමනේදී ලංකාව වගේ දියුණු වෙමින් පවතින් රටවල් වල්ට කාබන් විමෝචනය  පැත්තෙන් වෙලා තියෙන අසාධාරණය ගැනයි..

කාබන් විමෝචනයේදී අපි වගේ දියුණු වෙමින් පවතින් රටවලට ඇති සීමා මායිම් ගැන අපේ රටේ නායකයා,  එක්සත් ජාතීන්ගේ  සමුළුවේදී කථා කිරීම ගැන  මට නං ඇත්තටම සතු‍ටුයි....






PS : 1.) ගෝලීය උෂ්ණත්වය  ඉහල යෑම ගැන මම මීට කලිනුත් කීප අවස්ථාවක කථා කරලා තිබුනත්,  නැවතත් ඒ ගැන කතා කරන්න හිතුනේ ගෝලීය උෂ්ණත්වය පිලිබද සොයා බලා වර්තාකරන ප්‍රධානම ආයතනය වන IPCC ( Intergovernmental Panel on Climate Change)  ක ඒගෝලන්ගේ  5වෙනි වාර්ථාව නොබෝදා නිකුත් කරන ලද නිසයි. IPCC කියන්නේ විද්‍යාඥයන් දහස් ගනනකින් සමන්විත, පරික්ශණ අතිවිශාල ප්‍රමානයක් විමසා බලා ගෝලීය උශ්ණත්වය පිලිබද නිවැරදි චිත්‍රයක් ඇදීමට අන්තර්ජාතිකව පත් කර ගන්නා ලද ආයතනයක්....

2.) මේ තියෙන්නේ පරිසර ප්‍රශ්ණය පිලිබදව මම කලින් ලියාපු ඒවා

බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....