Thursday, 1 August 2013
නිරාගමිකත්වයේ සීතාම්බර සළුපට.......
ඔව් මචං...උඹලා කියන එක ඇත්ත...
මේ ආගම්, දර්ශන අපට වැඩක් නෑ....
ඒවා ඔක්කෝම බොරු..
කොහොමත් මචං ඔය ඔක්කෝම අවුරුදු දාස් ගණං පරණ සුරංගනා කථා...
අපි මොකටද හොද වෙන්නේ....
මොකටද බං සදාචාරයක්...
ඒ උනාට සදාචාරයක් නැතුව මානව පරිණාමනය වෙන්න බැරිලු නේ...
ඉදිරියට පැවැත්මකුත් නෑහැලු නේ...
අවුලක් නෑ මචං...සදාචාරේ අපේ ජීන්ස් වලම තියෙනවලු...
සයන්ස් වලින් මචං ඒක ඔප්පු කොරලායි තියෙන්නේ.....
අම්මපා හොද වෙලාවට මගේ ඇගේ ඔය ජීන් එක නං නෑ වගේ...
එන විදිහකට කාලා බීලා ඇදලා මැරිලා යමු මචං...
නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා හිටපල්ලා...
අනං මනං නිර්වාණ හොයන්නේ නැතුව....
ඕන වැරදි වැඩක් කරපන් පුතේ....
නීතීයට අහුනොවෙන්න...ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ..
ඒවා බොරු.....
හැබැයි පුතෝ....නීතීයට අහු උනොත් නං උඹ පරාදයි.....
නිරාගාමිකයෝ ගාව ජයග්‍රහකයෝ මිසක් පරාජිතයෝ නෑ මගේ සත්තලං....
පිංතූරේ ගත්තේ මෙතැනින්....
http://commonsenseatheism.com/?p=14582
Subscribe to:
Post Comments (Atom)
හහ් හහ් හා....
ReplyDeleteපව් අප්පා...
ඉතින් ඔයා නිවන් දැකලද ඉන්නේ..
දැක්ක ගමං අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොරලා හුදී ජන පහන් සංවේගය උදෙසා මෙතැන දැම්මා....
Deleteඑහෙනං කමක් නෑ පුතේ.. ඕන #$#$ ක් කර ගනිං.. කාලෙකින් දැක්කේ. මං හිතන්නේ උඹ ඕක අවබෝධ වෙනකං කොතන හරි බොක දැම්මද..
ReplyDeleteඒ වැඩේ කොරන කොටත් එක එක දේවල අවබෝධ වෙන අය නැහැයි කියන්න බෑ...;)
Deleteඒක ඇත්ත බර අඩු වෙන කොට පුරවන්න දේවල් හරි මතක් වෙනවා නෙව...
Deleteලෝකෙ ආගම් සීයක් විතර තියෙනවනෙ මචං! ඒවගෙන් කොයි එකද හරි?
ReplyDeleteලෝභය, ද්වේශය, මෝහය තියෙනවට වඩා අඩු කොරන ඕනා දෙයක්......
Deletemachan owa okkoma ape survival ekath ekka apuwa
Deleteමටනම් මචං ආගමක්, ජාතියක් කියන්නේ මිනිස්සුන්ව කොටු කරන්න හදපු එක රාමුවක්........ඔය රාමුව ඇතුලේ අපි ඔහේ එහාටයි මෙහාටයි දුවනවා.....ඔය කොටු කිරිල්ලෙන් වෙන්නේ මිස්සුන්ගේ දර්ශනය අඩු වෙන එක විතරයි....මට හිතෙන විදිහට මේ ලෝකේ මෙච්චර කාලයක් ඉස්සරහට අරගෙන ආවේ ආගමකට ජාතියකට වඩා තම නිර්මාණශීලි....දැක්මට ඉඩ දුන්න මිනිස්සු නිසා කියලා.
ReplyDelete//මට හිතෙන විදිහට මේ ලෝකේ මෙච්චර කාලයක් ඉස්සරහට අරගෙන ආවේ ආගමකට ජාතියකට වඩා තම නිර්මාණශීලි....දැක්මට ඉඩ දුන්න මිනිස්සු නිසා කියලා.//
Delete100% ක් එකඟයි...ගොඩක් ආගමික ශාස්තෲවරුත් එහෙම හිතපු අය තමයි......ඒ වගේම අවුට් ඔෆ් ද් බොක්ස් යන ඔක්කොම සාර්ථක වෙන්නෙත් නෑ වගේම සැමවිටම නිවැරදි වෙන්නෙත් නෑ....
ඒත් බං රාමුවෙන් පිට ගිහින් වරදින උන්ට හිනා වෙන්නේ ගොඩක් රාමුව ඇතුලේ හිර වෙච්ච උන්......විකල්පයක් ප්‍රයෝගික වෙන්නේ ඒ වෙනස තුල ජිවත් උනොත් විතරයි......ඒ වගේ නිදහස දැක්ම සාර්ථක වෙන්නේ නිදහස ඇතුලේ ජිවත් උනොත් විතරයි.....
Deleteආ ...හිනා වෙන එක ගැන එච්චර හිතන්න දෙයක් නෙවෙයි......සුදු එවුන් ගොඩේ ඉන්න කළු එකාට සුදු එවුන් හිනා වෙනවා අරූ කළුයි කියලා....කළු එකා හිනා වෙන්වා අනිත් ඔක්කොම සුදුයි කියලා....
Deleteවැදගත් වෙන්නේ අර කියපු නිදහස මොකක්ද කියන එකයි..මගේ හිතේ....
හරියටම හරි මයියෝ බලය ඇත්නං කොරහං ඕන අලුගුත්තේරුකමක්.
ReplyDeleteඇත්තටම නලීන්..මෙතන් හොදක් නරකක් කියලා දෙයක් නෑ...අලුගේත්තේරුකමක් කියලත් නෑ....ඔනේ නං කරනවා..නැතන්ං නිකං ඉන්නවා....මොකද අපායේ යනවා කියලද...ස්වර්ගේ නිර්වානේ හම්බෙනවයි කියලද?
Deleteආ කියන්න බැරි උනා ..නිතීයට අහු උනොත් අප්ශෙට් හෝදේ...මොකද සාමාජේයි,මිනිහයි හදන්න නීතියයි, විද්‍යාවයි හොදටම ඇති.......
Deleteබුහ හ හා ..................
ReplyDeleteරාජ සම්පත් ලැබෙන්න ඕන ඔන්න .
හේ හේ එසේම වේවා...එසේම වේවා
Deleteඅපායට බයේ "හොඳ" කරන්නේ අවබෝධයෙන් නෙවෙයි. ස්වර්ගයට කැමැති නිසා නරකින් වලකින්නෙත් අවබෝධයෙන් නෙවෙයි.
ReplyDeleteනිර්වාණය නිර්වචනය කිරීමම අපහසුයි නොවැ! -අසංග තිලකරත්නගේ Ineffability of Nirvana ත් නලීන් ද සිල්වාගේ අභියෝගයත් දන්නවා නේද?
තමා සම්මතයේ පිහිටා සිට හොඳ වෙන්න බැරිද ඔය ආගම් නැතුවට?
ඒක නේන්නං කියන්නේ......අපාය ස්වර්ගේ නිර්වානේ වැඩක් නෑ කියලා.....
Deleteතමා සම්මතේ හොද වෙන්නේ මොකටද?..කාට භයේද?.වැඩියෙන් හම්බු වෙන විදියට නීතියෙං බේරිලා වැඩ ටික කර ගෙන යමු...
මෙහෙමත් කරන්න පුළුවන්...අනිත් අයට පේන්න තාමා සම්මතේ හොද වෙමුයි කියමු...ඒතකොට පොඩි තත්වයක් වගේ එකකුත් එනවනේ..ඒත් ඇත්තටම හොදට කන්න හම්භ උනාම නීතියෙන් බේරිලා හොදට කමු :) කියන කොට එහෙම කරමු...කරන කොට මෙහෙම කරමු....අපට වාසි වෙන දෙයක් ඇපැයි කොරන්න....
ඔය ටික කලින්ම තේරුම් ගත්ත නිසා තමයි ලංකාවෙන් පිටව ගියෙ.
ReplyDeleteස්තූතියි කෙන්ජි...මට තේරේන විදියට ඔයයි මමයි කථා කරන්නේ කාරනා දේක්ද මන්දා...
Deleteඕනෙ වැරදි වැඩක් කරපං පුතේ උඹේ තාත්ත ඉන්නකං බය වෙන්න එපා.
ReplyDeleteකාවන්තිස්සලාගේ දුටුගැමුණු සිල්වා රුක් දේවතාවා ගැන වෙන්න ඇති මේ කියන්නේ...
Deleteමචං උඹ කියන්නේ ආගමකින් තොරව සදාචාරයක් ඇති වෙන්නෙ නෑ කියලද?
ReplyDeleteනෑ මචං මං අහන්නේ සදාචාරේ අපේ ජීන්ස් වලයි, නීතියේනුයි කෙරෙන හින්දා ඊට වඩා හොද වෙන්න අපි දඟලන්න ඔනේ ඇයි කියන ප්‍රශ්ණයයි...මොක්ද ආගම් වලින් ඇති වැඩක් නෑනේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteයම් කෙනෙක් නිදහස් මනසින් කල්පනා කරලා, තේරුම් අරගෙන යම් දෙයක් අවබෝධ කරගෙන, ඒක තමන් වටේ ඉන්න අයට කියල දෙනවා.. ඒක අවබෝධ කරගෙන ඒ අයත් තව අයට කියලා දෙනවා.. ඒවා අහපු අය තව අයට කියලා දෙනවා.. ඒක ඇත්ත කියලා පිළිගන්න අය තව අයට කියල දෙනවා... ඒ අයත් තව අයට කියලා දෙනවා... ඒ අයත් තව අයට කියලා දෙනවා.... ඒ අයත් තව අයට කියලා දෙනවා...ඒ අයත් තව අයට කියලා දෙනවා...ඒ අයත් තව අයට කියලා දෙනවා...
Deleteමාර වැඩේ... දැන් කියලා දෙන අය, කියලා දෙන්නේ, අර මුලින්ම අවබෝධ කරගත්ත කෙනා කියලා දීපු එකට හාත්පසින්ම වෙනස් දෙයක්.... දැන් ඒක විකෘති වෙලා.. එක එක දේවල් එකතු වෙලා... දැන් පවතින්නේ පටන් ගත්ත කෙනාගේ නමින් යන නාමික සංවිධානයක් විතරයි...
ආගමික සදාචාරය ගැන මට හිතෙන්නේ ඔහොමයි...
//යම් කෙනෙක් නිදහස් මනසින් කල්පනා කරලා, තේරුම් අරගෙන යම් දෙයක් අවබෝධ කරගෙන, ඒක තමන් වටේ ඉන්න අයට කියල දෙනවා.. ඒක අවබෝධ කරගෙන ඒ අයත් තව අයට කියලා දෙනවා.. ඒවා අහපු අය තව අයට කියලා දෙනවා.. ඒක ඇත්ත කියලා පිළිගන්න අය තව අයට කියල දෙනවා... ඒ අයත් තව අයට කියලා දෙනවා... ඒ අයත් තව අයට කියලා දෙනවා.... ඒ අයත් තව අයට කියලා දෙනවා...ඒ අයත් තව අයට කියලා දෙනවා...ඒ අයත් තව අයට කියලා දෙනවා...//
Deleteඔහොම එක එක්කෙනාට අවබෝධ කරගන්න ඔනෙ නැති පොතක් විතරක් තියෙන ආගමුත් තියෙනවා.....
පොතක් තිබ්බට අවබෝධ කරගත යුතු, නැතිනම් පොතක් නැතුවම අවබෝධ කරගත් යුතු ආගමුත් තියෙන්වා...
ඒක හින්දා ඔක්කෝම ආගම් වලට එකම් හැන්දෙන් බෙදන්න අමාරුයි...
ඒත් ගොඩක් ආගම් වලින් හොද නරක් වෙන් කරලා දීලා හොද වෙන්න පොඩි මෝටීවේශන් එකක්කුත් දෙනවා...මොනයම් විකෘතීතා තිබ්බත්......
“නිරාගමිකත්වය = සදාචාරයක් නැතිකම“ කියලා හිතනවා නම් කරන්න දෙයක් නෑ. :D
ReplyDeleteඑහෙම හිතනවා කියන්නෙ ඔයාගෙ උපකල්පනයක් තියෙනවා “ආගමක් සහිත වීම = සදාචාරයක් තිබීම“ කියලා.
මනුස්සයෙක්ට මනුස්සකම කියා දෙන්න වෙන්නෙ පොතකින් නම්, ඒක ඒ මනුස්සයගෙ අඩුවක් මිසක් අර පොතේ තියෙන විශේෂ ගුණයක් නොවේ.
“නිරාගමිකත්වය = සදාචාරයක් නැතිකම
Deleteඑහෙම හිතෙන්නේ නෑනේ......
“ආගමක් සහිත වීම = සදාචාරයක් තිබීම“
එහෙම හිතෙන්නෙත් නෑනේ.....
ඒත් ආගමක් සහිත වීම, සදාචාරයක් ඇති කර ගැනීමට මෝටිවේශන් එකක් කියලා නම් හිතෙනවා.....
//මනුස්සයෙක්ට මනුස්සකම කියා දෙන්න වෙන්නෙ පොතකින් නම්, ඒක ඒ මනුස්සයගෙ අඩුවක් //
මොකක්ද ඒ අඩුව කියලා විස්තර කොරන්න පුලුවන් නම් වටිනවා.....
විස්තර කරන්න අමාරුයි.
Deleteමාව ම උදාහරණයක් කර ගත්තොත්, මම විශ්වාස කරන්නෙ නෑ සත්ත්වයාට මරණින් මතු ජීවිතයක් තිබෙනවා කියා. අපි කරන පව් මේ ආත්මයේ හෝ පටිසන් දෙන අදෘශ්‍යමාන ස්වාභාවික බලවේගයක් තියෙනවා කියලා විශ්වාස කරන්නෙත් නෑ.
එහෙමයි කියලා, “එන විදිහකට කාලා බීලා ඇදලා මැරිලා යන්න“ හිතක් මට නෑ. ලෝකෙට මොනවාහරි කරන්න ඕනේ කියලා හිතෙනවා. “නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා ඉන්න“ හිතෙන්නෙත් නෑ.
ආපහු හැරිල බලද්දි, මං ඉගෙනගත්ත ගුණ ධර්ම කියල තියෙන ටික බොහොමයක් ඉගෙන ගත්තෙ බුද්ධාගම පීරියඩ් එකේදි වත්, දහම් පාසලේදි වත් නොවේ කියලා හිතෙනවා. මට ඒවා ලැබුණෙ ගෙදරින්.
එතකොට සදාචාරය මූලික වශයෙන් හැදෙන්නෙ ගෙදර පරිසරයෙන් ද? සදාචාරය බල්ලට ගියපු මුඩුක්කුවක හැදුණු අපමණ මනුස්සකම් තියෙන යාලුවෙක් මට ඉන්නවා. උගේ ගෙවල් පැත්තෙ අම්මයි දුවයි එක මිනිහා තියාගෙන පවුල් කනවා. තව කියන්න බැරි තරම් නොපනත්කම් වලින් ඌ හැදුණු පරිසරය පිරිලා. ඒත් ඌ රත්තරන් මිනිහෙක්.
මට හිතෙන්නේ නිරාගමිකත්වයේ සීතාම්බර සලුවට වඩා ආගම් වල සීතාම්බර සලු ගොඩක් තුනියි කියලා.
ඉතින් ඔය ගුණ දහම් කියන ඒවා රකින්නේ ඇයි.....මං කියන්නේ සමාජෙට ටිකක් හොද මූන පෙන්නගෙන ඉන්න මූනිච්චාවට ඒවා රැක්කට කමක් නෑ...මං කියන්නේ ඕක බොක්කේන්ම රකින්න ඕනා දේයක්ද.. හැමතිස්සෙම නැතත් තමන්ට වාසි වෙන වෙලාවෙදි හරි ගුණ දහම් ටිකක් කැඩුවයි කියලා අප්සෙට් එකක් නෑ නේද? අනිත් එක අපි තර්ක බුද්ධියනේ පාවිච්චි කරන්න ඕනේ...ඉතින් ගුණ දහම් රැක රැක ඉන්වට වඩා එවා කඩලා වාසියක් එන වෙල්වාට එවා කැඩුවට අවුලක් නෑනේ...එහෙම නේද?
Deleteසදාචාර සම්පන්නශීලි වන්නේ ආගමක් මත පිහිටා සිටීමෙන් නොවේ කියා මම හිතන්නේ.පේනවනේ පිරිත් නූල් මිටි ගනන් බැඳගෙන,දකින දකින රූපෙට වැඳගෙන හනික හනික සොයන මාර්ගය.මේක හැම ආගමක අන්ධ භක්තිකයන්ට පොදුයි.නීතිය බල්ලට ගිය රටක ආගමක් සදාචාරයක් මොන රෙද්දකටද ඕයි කියලාත් හිතෙනවා වෙලාවකට.
ReplyDeleteස්තූතියි අරුණ..කෙන්ජිට දුන්න උත්තරේම තමයි දෙන්න වෙන්නේ....
Deleteමුල වාක්‍යට ඇරුනම අනික් ඔක්කොමත් එක්ක ඒකඟයි.....
ඇත්තටම මිනිස්සු සදාචාර සම්පන්න වෙන්න්නේ කුමක් මත පිහිටා සිටිමෙන්ද? කට්ටියක් කියන්නේ එක ජීන්ස් වලින් එන දෙයක් කියලා....
භෞතිකවාදී දර්ශන වල පදනම එක්ක සදාචාරය නීතිය වගේ සංකල්පවල ගැටීමක් තියනවා. ඒකට හේතුව දැනුම පිළිබඳ සාපේක්ෂතාවාදී අදහසකට ඉඩක් ඒ තුල නැතිවීම. ඒක අවසාන වශයෙන් ගත්තාම නිරපේක්ෂ දැනුම් පද්ධතිවලම තිබෙන දුර්වලතාවක්.
ReplyDeleteපරස්පරයක් කියන සංකල්පය ගමු. භෞතික ලෝකයේ පරස්පර නැතිවන අයුරින් තිබිය යුතු යැයි හිතන්නේද මොළය ය (මනස නොවේ). ඒ මොළයම පරස්පරය කියා සංකල්පයක් "හදා" ගනියි.
බොහෝ භෞතිකවාදීන් තම වාදයේ ශක්තිමත් භාවය ගැන ගැඹුරින් සොයා බලා නැතැයි මට සිතෙයි. අවාසනාවකට ඔවුනට කළහැකි දෙයක්ද නැත. ඒ සියල්ල ඔවුන්ගේ මොළයේ ඔහේ හටගන්නා විද්‍යුත් විභවයන් නොවේද?
// ඒ සියල්ල ඔවුන්ගේ මොළයේ ඔහේ හටගන්නා විද්‍යුත් විභවයන් නොවේද?//
Deleteමිනිස්සු තව මිනිහෙක්ව මරනවා...පොඩි ලමුන් අපචාර කරනවා.....බොරු කියනවා....
මේ සියල්ල මොලයේ හටගන්නා විද්‍යුත් විභව නැත්නං කෝටි ගනනක් වූ නියුරෝන වල ඉබේ හට ගන්නා ප්‍රතික්‍රියාවන් නිසා ඉබේ කෙරෙන්නාවූ දේවල්ය...
අනිත් අතට බොරුකීම්,හොරකම් කිරීම එනි දේ හොද නරක් ලෙස අපිම නිර්වචනය කර ගත් සම්මුතීන් ය...යථාරතයේදී ඒවා නිකංම නිකං මොලයේ හට ගන්නා විද්‍යුත් ව්භව නිසා හට ගන්නා සංකල්ප්යන්ය...
එම නිසා පව් පින්. කරමය, ස්වර්ගය නිවන ආදී පාරභෞතික සංකල්ප්යන් වැඩක් නැත....
මිනිසාට අවශ්‍ය යුටෝපියන් සමාජය ව්‍යවසායකය,නීතිය හා විද්‍යාව විසින් ගොඩ නංවනු ඇත...
මයියා ඉස්මතු කරලා තියන කාරණාව ගැන දීර්ඝ වශෙයන් කතා වෙනවා මේ ලිපිය තුළ http://srilankanatheists.wordpress.com/2013/04/07/%e0%b7%83%e0%b6%af%e0%b7%8f%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8-ethics-and-religion-2/
ReplyDeleteස්තූතියි...
Deleteවචන හරඹ කීපයක් නම් දුටුවෙමි....සරල ප්‍රශ්ණෙකට සරල උත්තරයක්..නැත්නං අඩු ගනනේ තර්කික උත්තරයක්වත් දෙන්නකෝ.....මොකද ගොඩක් මිනිස්සුන්ට අනුකලනය අවකලනය තේරෙන්නේ නැති නිසා
ඇයි අපි හොද වෙන්න ඕනා?
මයියා, පහත දී ඇති ශ්‍යාමන් ජයසිංහ මහතාගේ ලිපියේ (How A None-Religious Person Can Be A Better Moral Being: colombotelegraph.com -July 28, 2013) ඔබ අසන දේට පැහැදිලි උත්තරයක් දී තියෙනවා නේද? පුදුමය නම් ඔබ ඒ මුල් ලිපියට කොමෙන්ට් එකක්ද දමා තිබීමයි. ඔබ කොමෙන්ට් කලේ ලිපිය නොකියවාද? ශ්‍යාමන් ජයසිංහ මහතා කියනවා පැහැදිලි සිංහලෙන් මෙහෙම....
Delete"""Moral conduct is all about living as good men and women. I believe that the foundation of human goodness is compassion and considerateness toward others. It is opposed to totally selfish behavior. From this core center treated as a reference point specific codes can be constructed. Underlying the requirement of compassion and considerateness lie the ability to empathize with others’ situations. """
මට තේරෙන ඉංග්‍රිසියට අනුව මේ තියෙන්නෙ ඔබ අහන ප්‍රශ්නයට උත්තරය!
මෙන්න මුල් ලිපිය අනෙක් අයගේ දැනගැනීම පිනිස.
http://www.colombotelegraph.com/index.php/how-a-none-religious-person-can-be-a-better-moral-being/
- Dimithri
"compassion and considerateness - දයානුකම්පාසහගත සහ ආචාරශීලී" කියන්නේ වචන හරඹයක්ද?
Delete[[[ඊ ලඟට ඔබ අහන්න පුලුවන් "ඇයි අපි දයානුකම්පාසහගත සහ ආචාරශීලී වෙන්න ඕනා?" කියලා!
හිතන්නකො ඒක ඇක්සියම් එකක් කියලා. ඇක්සියම් ගැන ඔබේ ප්‍රශ්නයට උත්තරේ නම් ඔබට ලැබුනා වෙන තැනකදි මට මතක විදියට!]]]
- Dimithri
ස්තුතියි...
Deleteදෙයියනේ ඒක නෙන්නං මං අහන ප්‍රශ්ණය.......
ඇයි අපි හොද වෙන්න ඕනා කියලා ඇහුවම කවුරුහරි කියනවා අපි දයානුකම්පා සහගත් හා අචාරශිලි වෙන්න ඔනේ කියලා....( දැන් ඉතින් මම කියන්නේ නෑ හොද වෙන්න එපයි කියලා..මං අහහ්න්නේ අපි දයානුකම්පා සහගත් හා අචාරශීලි වෙන්න ඔනේ කියලා ඇක්ශියම් එකක් හිතා ගන්න එක ඇත්තටම එහෙම වෙන්න ගැලපෙන් මෝටිවේශන් එකක් ද කියලා තමයි මම අහන්නේ)
මං ඇහුවම දයානුකම්පා සහගත් හා අචාරශිලි වෙන්න ඔනේ වෙන්න ඕනේ මොකද කියලා ඒක ඇක්සියම් (ප්‍රත්‍යක්ශයක්) කියලා කියනවා....
ඊලගට ඉතින් ලෝකේ තියනතාක දැනුම් පද්ධති ඇක්සියම් එකක් කිව්වම කටිටියක් කියනවා...නැ නෑ... ම්ගේ දැනුමේ ඇක්සියම් ඕගෝල්ලන්ගේ ඇක්සියම් එකට වඩා හොදයි ලස්සනයි කියලාඅ...
එහෙම වාද කරන අයත් එක්ක මං පැටලෙනවා අඩුයි....මොකද ඒකත් අර මගේ ආගම ඔයගේ ආගමට වඩා හොදයි කියලා කෙලගන්න හදන ගෝත්‍රික මානසිකත්වයට වඩා වෙනස් වෙන්නේ බොහොම සුලුවෙන් හින්දා....
ආගම අදහනවට තර්ක දෙන්න බැ වගේම ආගම නොහද ඉන්නවටත් තර්කය
ශ්‍යාමන් මහත්තයා මොරල් කන්ඩක්ට්..එහෙමත් නැතනම් සදාචාරය කියන්නේ මොකක්ද කියන එක නම් (පෑහැදිලි සිංහලෙන් :) ) කියලා ත්යෙනවා. ඊට පස්සේ එක මානව සමාජයට අත්‍යවශ්‍යයි කියලත් කියනවා....
Deleteඑත් කියන්නේ නැති කාරනේ තමයි පුද්ගලයෙක් වශයෙන් සදාචාරේ රකින්න ඕනේමොකද කියන කාරනේ..?
මයියා,
Deleteමම හිතන්නෙ ඔබ අහන ප්‍රශ්නෙට උත්තර දැනටම ලැබිලා තියෙන්නෙ. ශ්‍යාමන් මහතාගේ උත්තරේම ගන්නකො. "ඒක මානව සමාජයට අත්‍යවශ්‍යයි". (අත්‍යවශ්‍ය ඇයි කියලා ඔබටත් මටත් ඇතිතරම් හේතු කියන්න පුලුවන් නේ) ඔය තියෙන්නෙ උත්තරේ. මේක දැක්කෙ නෑ වගේ ඔබ ආයෙත් අහනවා "සදාචාරේ රකින්න ඕනේ මොකද" කියලා!!!!
මට හිතෙන්නෙ ඔබ අසන්නේ වෙන ප්‍රශ්නයක්වත්දෝ...????
එහෙම නැත්නම්, යම්කිසි හේතුවක් නිසා - මේ ප්‍රශ්නයේදී - ඔබ බොරුවට ඇස් කන් වහගෙන ඉන්නෙ. ඉතින් ඔබට පිලිගන්න විදියක් නැහැ ඔබ කියවන, අසන දේ! (=දෙමල ජනතාවට දෙමල වීම නිසාම ඇති ප්‍රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නෙට කොච්චර උත්තර දීල තිබුනත් නලින්ද සිල්වා තාමත් ඔය ප්‍රශ්නය අහනවා!!!)
ඔබේ වචන වලින් කියනවානම්, ඔබ අහන්නේ "කොරවෙලා යන ප්‍රශ්නයක්!!!"
- Dimithri
ඇක්සියම් ගැන....
Deleteමම ඇක්සියම් යන වචනය යෙදුවේ "දයානුකම්පාසහගත සහ ආචාරශීලීභාවය" ආරම්භක ස්ථානයක් ලෙස ගනිමු යන අදහසිනුයි. ගනිතයේ යෙදෙන ඇක්සියම් යන්න නොවෙයි කියා අමුතුවෙන් කිවයුතු නැහැනේ. ඔබ ඒ ගැන ලියා ඇති (- ම්ගේ දැනුමේ ඇක්සියම් ඕගෝල්ලන්ගේ ඇක්සියම් එකට වඩා හොදයි ලස්සනයි !!! -) කිසි දෙයක් මා කියූ දෙයට අදාල නැහැ.
- Dimithri
ඇක්සියම් ගැන ඔබ ඇසූ ප්‍රශ්නයට N නැමති මහතෙක් හොඳ පැහැදිලි (සින්හලෙන්) උත්තරයක් දී තිබෙනවා නිර් ආගමික සයිට් එකේ.
http://srilankanatheists.wordpress.com/2013/07/14/354/#comments
Mayya,
The basis of your argument is that axiomatic beliefs in science are the same as faith in a religious belief. This is not true.
An axiom must necessarily be a minimal, unavoidable assumption in order to make practical progress in our world. Note the word “minimal” and “practical”. An example would be, do things exist or is the world merely an illusion (maya)? While it would be possibility to tie yourself in a philosophical knot and say that the world is an illusion (and personally, I see no way of resolving that problem either way), the reality is that we can’t make this claim and stop eating food for example, claiming that the food is also an illusion. Nor can we jump out a window thinking that we will never hit the illusory ground. Why? Because if we don’t accept the axiom that the world exists as we see it, empirical reality will bring about a short brutish end to our philosophical fantasy. So even if you still claim that the world is illusory, the practical applicability of that belief is zero. Therefore, whatever your protestations, the truth is that you yourself accept the axiom that the world is not illusory for all practical purposes. These are unavoidable axiomatic assumptions, by their very nature.
This is the only real axiom that you need for the scientific worldview. And it is an axiom that even a religious person clearly cannot avoid. Once we accept that our reality exists for all practical purposes, then the only question is what method we use to understand that reality. Clearly, the only way to test reality is to see what practical benefit we can gain from some assumption about reality (because it has already been shown that not believing in reality doesn’t give us zilch). And the way to do that is again, clearly, to test the result of acting on that assumption. If the real world responds to our assumption and provides empirical evidence of its truth, then we can consider that assumption to be “valid” for all practical purposes. If not, it is invalid. This is the simple, practical, philosophical basis of science.
Therefore, the entire knowledge system in science is tested against real world evidence. All axioms are merely working assumptions, for entirely practical purposes. It is not the determinant of validity or invalidity in science. Real world empirical evidence is.
In contrast, religious faith is about making unnecessary (not minimal) and unverified assumptions about reality. The problem with that is, there is no basis on which these unverified assumptions are made. They are simply pulled out of thin air, based on mere assertion, from the infinite space of belief (and it should be evident that the space for belief is indeed infinite). Unlike scientific axioms, without the basis of validation against the real world, the chance of any of these beliefs being valid are astronomically small. This is simple common sense. This is elementary math.
Science is therefore the only methodology we humans can use in practice, for separating facts of practical applicability from the space of infinite belief. This is why religion cannot simply assert its way out of its obligation to provide empirical evidence for its claims.
//මම හිතන්නෙ ඔබ අහන ප්‍රශ්නෙට උත්තර දැනටම ලැබිලා තියෙන්නෙ. ශ්‍යාමන් මහතාගේ උත්තරේම ගන්නකො. "ඒක මානව සමාජයට අත්‍යවශ්‍යයි".//
Deleteබොහෝම ස්තූතියි මගේ ප්‍රශ්නේ නිරාකරණය කරලා දුන්නට...දැන් මට තේරේනවා මම සදාචාරය රකින්න ඕනේ ඇයි කියලා....ඒක මානව සමාජයට අත්‍යවශ්‍යයි.....:))
වෙලාව තියෙන වෙලාවක බඩගින්නට කෑම ගන්න ඕනේ ඇයි කියලා කටට කෙල උනන් කෑමක් ගැන්ත් පුලුවන් නම් ඔයා ලියලා දාන්න..ඒතකොට අපට බඩගිනි වෙච්ච වෙලාවක් ඒක කන්නත් පුළුවන් වෙවි :)
අනිත් එක ඒක ලෝක ආහාර ප්‍රශ්ණයටත් ඒක හොද චිසදුමක්... :)
අර ඇක්සියම් ගැන් කාගෙන්ද උපුටලා තීයෙන එක මට නං තේරෙන්න ' මගේ ඇක්සියම් ඔයාගේ එකට වඩා ලස්සනයි හොදයි කියනවා වගේ' මේවා ඉතින් සබ්ජෙක්ටිව් දේවල්නේ...ලස්සන හොද කියන ඒවා...මීටර වලින් හරි කිලෝග්‍රේම් වලින් හරි මැන ගන්න පුලුවන් උනා නම් මැනලා බලලා ඔයාට දිනුම දෙන්නත් තිබ්බා....කරුමේට මේවා මනින්න බෑ නෙවෙ :))
මයියා බලාපොරොත්තු වෙන්නේ හොඳ වෙන්න ඕනෙ ඊලඟ නරක ආත්මෙකට තියෙන බය නිසා / හොඳ තැනක ඉපදෙන්න ඕන නිසා වගේ උත්තරයක් නම්, කනගාටුයි! ඒකට මට කරන්න දෙයක් නැහැ. හරියට 'මානව හිමිකම් රැකිය යුත්තේ ඇයි' වගේ. ඒකට මෝටිවේට් වෙන්න මෙලොව පරලොව ආත්ම වගේ දේවල් ඕන නැහැ.
Deleteමෙලොව පරලොව වගේ කතා ඔබ වැන්නෙක් කියයි යන්න මගේ උපකල්පනයක්. ඔබේ ප්‍රශ්නයට ඔබේ පිලිතුර කියන්නකෝ.අපි මේ වටේනෙ යන්නේ..
කෑම ගැන කියපු දේ නම් මට ඇත්තටම තේරුනේ නැහැ. මයියා හිතාගෙන ඉන්න දෙයක් ගැන කියවුනක් වෙන්න ඇති.
තමන් පිලිගන්න අකමැති උත්තරයක් ලැබුනම 'ඒවා සබ්ජෙක්ටිවු', 'ඒක සාපේක්ශයි' යනාදී ප්‍රතිචාර තමයි මයියා වගේ අයගෙන් ලැබෙන්නේ, ප්‍රශ්නයේ සන්දර්භය මොකක් උනත්.
ඇක්සියම් ගැන උපුටාගත්තේ කාගෙන්වත් නොවෙයි, ලාංකික නිර්ආගමිකයෝ වෙබ් සයිට් එකේ ඔබගේ ම ප්‍රශ්නයකට ලැබුනු පිලිතුරක් N නැමති මහතෙකුගෙන්. http://srilankanatheists.wordpress.com/2013/07/14/354/#comments (ඔබගෙන් එයට ප්‍රතිචාරයක් ලැබුනා නම් ඉතා වටිනවා /ඔබ සමහරවිට එය නොදකින්නට ඇති!); ඒ වගේ සංවාද මා ඉතා උනන්දුවෙන් කියවනවා. ඒකෙ මට තේරෙන විදියට නම් හොඳ - නරක ඇක්සියම් වගේ දේ කියලා නැහැ. ඉතාම තර්කානුකූල පිලිතුරක්. ඕනම කියවන්නකුට හොඳින් වැටහෙන්නට ලියා තිබෙන්නක්.
දිනුම දෙන්න තිබුනා වගේ සරල දෙයක් ඒ පිලිතුරෙන් ගම්‍යවන්නේ නැහැ. කියවන්නෙකුට හොඳින් වැටහෙනවා ඇති.
- Dimithri
දීර්ඝ අදහසට ස්තූතියි.
Deleteඔබ ඇක්සියම් ගැන උපුටා ඇති ප්‍රකශය සම්භන්ධව මට 'ඔබගේ එකට වඩා මගේ එක ලස්සනයි' යනුවෙන් හැර වෙන ලොකු තර්කයක් මට පෙනෙන්න්නේ නෑ..ඒ නිසාම මා එවන් තර්ක් සමග පටලෙවෙන්නෙ නැති බව කලිනුත් ලියා තැබුවා...නමුත් ඔබ මා එහි මතු කරන සාපේක්ශ බව මගේ වංක කමක් ලෙසෙ ඇගවෙන්නක් ලෙස ප්‍රකාශ කල නිසා ම ඔබට ස්තූති කර සංවාදය හමාර කරනවාට වඩා යමක් ලිවිය යුතු බව දෙවනුව සිතූනා...
Deleteඇක්සියම් එකක් විශ්වාස කල යුත්තේ එහි ප්‍රායෝගික අගය මත පිහිටා නම් බුදුදහමේ එන එවන් කාරණාවල වලංගුතාවය තහවුරු කීරීම සදහා ඊට වඩා හොද පදනමක් මට සිතා ගත නොහැකියි.මන්ද බුදුදහමේ එන මූලිකම ඇක්සියම් එක වන්නේ 'හේතු ඵල' පදනමයි. කර්මය හා පුනර්භවය වැනී බුද්ධදර්ශන්ය පිලිබද විවෙචකයන්ගේ විවේචනයට පාත්‍ර වූ සංකල්පයන්ගේ මුලීක පදනම හේතු ඵල වාදය මත ගොඩ නැගිලා තිබෙනවා.. මට අනුව නම් එයඔබ උපුටා දක්වා ඇති කෙමෙන්ට් එකේ යථාර්ථය පිලිබද තත්වයට නොදැවෙනි තවත් ඇක්සියම් එකකි.
බුදුදහමේ ප්‍රයෝජ්‍ය අගය ගැන මට ටොන් ගන්න ලිවිය හැකි මුත් එයින් ලැවිය හැකි මානසික සතුට ඒ සියල්ලටම වඩා ප්‍රයෝජ්‍ය අගයක් සහිත බව මගේ හැඟීමයි...
කෙනෙක් ප්‍රයෝජ්‍ය අගය මත පිහිටා විද්‍යවේ එන ඇක්සියම් පිලිගැනීමටත්,අනෙත් අතට බුදුදහමේ එන ඇක්සියම් වන හේතු ඵල වාදය ප්‍රතික්ශේප කිරීමටත් හේතුව ලෙස මා සතු සීමිත් දැනුමෙන් දිය හැකි පැහැදිලි කිරීම මේ සියල්ලේ පවතින සාපේක්ෂ බවයි...
කෙසේ නමුත් හේතු ඵ්ල වාදය පදනම් කර ගොඩ නංවා ඇති බුදුදහමේ විසංවාදයන් ඇත්තේ නැහැ..එය එම දැනුම් පද්දධය තුල ඇති කන්සිස්ටන්සි එක ආරක්ශා කර තිබෙනවා.
විද්‍යාවේදී මෙන් යථාර්ථය පිලිබද ඇක්සියම් නිව්ටන් නියම තුල සත්‍ය වී නැවත් එය ක්වොන්ටම් විද්‍ය්‍යවෙදී ප්‍රශ්ණ කිරීමකට ලක් වන්නේ නැහැ...මගේ සීමීත දැනුම අනුව යථාර්ථය පිලිබද ඇක්සියම් වල කන්සිස්ටන්සි එක චිද්‍යාව නැමැති දැනුම් පද්ධතිය තුල ආරක්ශා වන්නේ නෑ.
මේ පැහැදිලි කිරීම ඇක්සියම් පිලිබද මා දැක්වූ සාපේක්ශ තත්වය මගේ වංක ප්‍රයත්නයක් ලෙස ඔබගේ ප්‍රකාශය පිලිබද දෙවරක් සිතීමට ප්‍රමානවත් යැයි මා සිතනවා...
ස්තුතියි මයියා...
Deleteමා ඔබේ පිලිතුර දුටුවත්, කොමෙන්ට් කල නොහැකි දින කීපයකුයි පසුවුනේ.
මට වැටහෙන විදියට මා උපුටා දැක්වූ කොටසේ අවධාරනය වන්නේ ''ඔබගේ එකට වඩා මගේ එක ලස්සනයි''නොවෙයි ''ඔබගේ එකට වඩා මගේ එක තර්කානුකූලයි'' යන්නයි.
මට තේරුම් යන ආකාරයට, මේ කියන්නේ එයයි. ''An axiom must necessarily be a minimal, unavoidable assumption in order to make practical progress in our world.''
''If the real world responds to our assumption and provides empirical evidence of its truth, then we can consider that assumption to be “valid” for all practical purposes.''
''In contrast, religious faith is about making unnecessary (not minimal) and unverified assumptions about reality.''
ඔබ කියන ආකාරයට, ඔබේ ඇක්සියම් එකම යනු වාදයයි! (හේතුපල වාදය ) හේතුපලවාදයම ඇක්සියම් එකක්! මෙය විද්‍යාවේ හෝ ගනිතයේ එන ඉතා සරල ඇක්සියම් සමග සංසන්දනය කිරීමට නම් බැහැ නේද? මගේ සීමිත දැනුමේ හැටියට හේතුපලවාදය ඇක්සියම් එකක් ලෙස ගැනීම පල රහිතයි. එය හරියට සාපේක්ශතාවාදය ඇක්සියම් එකක් කිව්වා වගේ!
- Dimithri
ප.ලි; පහත Ritigala Jayasena5 August 2013 05:17 ට Dimithri නැමැත්තෙක් කොමෙන්ට් කර ඇති අතර, ඒ මා නොවන බව කිවයුතුයි.
හිහ් හිහ්.. ඔයාගේ ප්‍රස්නේ "සදාචාරේ මක්කැටැයි?" කියන ප්‍රස්නේ නම්, "නිරාගමිකත්වයේ සීතාම්බර පට සලු" ඔයාගේ ප්‍රස්නෙත් එක්ක සම්බන්ද වෙන්නෙ කොහොමෙයි? ඒ කියන්නේ ඔයා නොකියා කියන්නේ සදාචාරය පවතින්නේ ආගම නිසා බවනේද? ඇත්තටම ප්‍රස්නේ "සදාචාරේ මක්කැටැයි?" නම්, එහෙමනම් ඒක ඩිස්කස් කරමු. හැබැයි ඉතිං අරහෙං මෙහෙන් වනාගෙන, නිරාගමිකත්වයත් ඒකටම අනාගෙන , අර සිංහලයා බත්කනවා වගේ නැතුව හරියට ටොපික් එකට කතාකරමු. මෙතන "සීතාම්බර පටසලු" ගලවන්න ගිහිල්ල සරම කඩාගන්නේ නැතුව නියම ප්‍රස්නේ අහන්න.
ReplyDeletePrasne ane Ahala ne thiyenne.....
Delete"දැමුවා කසළ බව මුත් උන්ට සම්භ වූ ණුවණ නිකසළ ය"
ReplyDeleteපෝස්ට් එකයි ඔබ නැවත නැවත ඇසූ ප්‍රස්න ගොන්නයි කියැවූ විට හැබෑවටම නාගසේන වස්තුව මතක් වුණා
ස්වරයෙහි ආවේග රහිතවීම ඊටත් ඉහලින් අගය කරමි!
ජය!
ස්තූතියි තිස්ස...ඔබගේ වචන වල ඇති බර සෑමවිටම් මට හොදින් දැනෙන්නක්...ස්තූතියි
Deleteමයියාට කුමක් වීද? එකම ගුරු කුලයකට කිසිසේත් අයත් නොවන විවිධාකාර වූ 'නිර්-ආගමික' පුද්ගලයන් එක කුලකයකට හකුලා දමා, ඒ කුලකය තිබෙන දිශාව ඔස්සේ සුලු අවි වලින් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කිරීමෙ ගතියක් ලඟක සිට පෙනේ. හිටිගමන් මයියා "නිර්-ආගමිකයන්ට නෙලීම" සිය ප්‍රමුකතා ලැයිස්තුවේ උඩ තැනකට ගෙන ඇත්තෙ ඇයි. :)
ReplyDeleteමේ බ්ලෝගයේ ප්‍රමුකතා ලයිස්තු යනුවෙන් කිසිවක් නැත....මා හට ඉඩ තිබෙන සීමීත වේලාවන් හීදී මට හිතෙන දේයක් මේ බ්ලෝගයේ ලියමි.....
Deleteමා ග්‍රාම්‍ය භාශාවෙන් ලියා ඇති මුත් නිරාගමිකත්වයේ මා මතු කල ඇති පැණය....ත්‍රිපිඨකයේ එන තිත්තායතන සුත්‍රය ඇසුරෙන් මතු කර ඇත්තකි.එය සුළු ප්‍රශ්ණයක් ලෙස මට නොහැඟේ.....
රිටිගල ජයසේනගේ අදහස් බංකොලත්වය ගැන අපට දුකක් ඇතිවේ....මයියාගෙන් මේ ලිපිය ලිව්වේ මොකදැයි අසනවාට වඩා රිටිගල ජයසේන සදාචාරය රකින්නේ මන්දැයි යන ප්‍රශ්ණයට උත්තරය ඊට වඩා වටිනාකමක් ඇති බව අපෙ අදහසයි...
Delete- Dimithri
ස්තූතියි...
DeleteRitigala Jayasena /මයියා ( Mayya)
Deleteඉහත Anonymous 6 August 2013 13:21 ලෙස කොමෙන්ට් කර ඇති Dimithri, ඉහත srilankanatheists3 August 2013 07:37 හි මයියා සමග 'ඇක්සියම්' ගැන සහ 'නිර්-ආගමිකයකුගේ සදාචාරය' ගැන අදහස හුවමාරුකරගත් මා නොවන බව කිව යුතුය.
මා මෙය දුටුවත්, කොමෙන්ට් කල නොහැකි දින කීපයකුයි පසුවුනේ.
- Dimithri
ඔය කෙහෙල්මල් පව් පින් වැඩක් නෑ තමයි හලෝ...අපි බලන්න ඕනේ වාසිය තමයි...දැන ඔය පානාතිපාතා කිය කිය සත්තු මරන්නේ නැතුව හිටියෝත් කන්නේ මොනාද?...මීයන් මරන්නේ නැතුව අළුත් අළුත් බෙහෙත් හදන්නේ කොහොමද?
ReplyDeleteසදාචාරය වැඩක් නැහැ කියන තර්කයයි.....සදාචාරයක් අවශයයි නමුත් එයට ප්‍රමාණවත් හා අත්‍යවශ්‍ය පුද්ගලානුබද්ද මෝටිවෙශන් එකක් නැති තත්වයයි යනු කාරනා එකක් නොව දෙකකි.... සදාචාරය වැඩක් නැහැයි කියන පුද්ගලයකු සමග මා හට වාද කිරීමට අත්‍යවශ්‍ය තාවයක් නැත...
Deleteහඃ හඃ හා . . .
ReplyDeleteමේක නියම පෝස්ට් එක මයියා . . .
"ඕන වැරදි වැඩක් කරපන් පුතේ....
නීතීයට අහුනොවෙන්න...ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ..
ඒවා බොරු.....
හැබැයි පුතෝ....නීතීයට අහු උනොත් නං උඹ පරාදයි.....
නිරාගාමිකයෝ ගාව ජයග්‍රහකයෝ මිසක් පරාජිතයෝ නෑ මගේ සත්තලං...."
ස්තූතියි දුකා...නිරාගමිකත්වය සම්භන්ධයෙන් අදහසක් ඉදිරිපත් කලා පමණයි....
Delete