Tuesday, 2 July 2013

බුද්ධාගම කෝකටත් තෛලයද? : Can Buddhism Save the Planet from Climate Change?



බුද්ධාගමයි, පරිසරය ප්‍රශ්ණයි කිව්වම, කෙනෙකුට ගල්තාරයි, රෝසමලයි වගේ වගේ හැගීමක් ආවොත් මම ඒකට පුදුම වෙන්නේ නෑ...

බැලූ බැල්මට ඒක ඒ වගේ උනාට ඒක එහෙමම නෑ......

ලංකාවේ ඉන්න අපට පරිසර ප්‍රශ්ණ කිව්වම ඔළුවට එන්නේ දේසපාලුවෝ ගස් කපන එකයි, නගර සභාවේ කුණු ට්‍රැක්ටරයයි උනාට , පරිසර ප්‍රශ්ණය කියලා මුළු ලෝකයම කථා කරන්නේ ඊට වඩා ගොඩක් පුළුල්, සංකිර්ණ ප්‍රශ්ණ ගොඩක්...

ඇත්තෙන්ම පරිසර ප්‍රශ්ණය ලෙස  අර්ථ කථනය කරන්නේ හුදෙක් ස්භාවිකව ඇතිවන නියඟ හෝ ගංවතුර වැනි තත්වයන් නොවෙයි... අන්තර්ජාතිකව පරිසර ප්‍රශ්ණය ලෙස  සලකනු ලබන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන,  විශේෂයෙන් පෝසීල ඉන්ධන දහනය හා කාබන් විමෝචනය නිසා ඇතිවන, ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම හා ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණයි. ඒ හා බැදුනු අනිත් ප්‍රශ්ණ ලෙස පොදුවේ පිලි ගැනෙන්නේ මා මීට පෙර විස්තර කරන ලද කාන්තාරකරනය,ඕසෝන් වියනේ සිදුරු ඇතිවීම, වර්ෂාවනාන්තර නැති වී යෑම, මුහුදු මට්ටම් ඉහල යෑම, නියඟ හා දුර්භික්ශ ඇතී වීම, 'ඇති අය' හා 'නැති අය' අතර පරතරය වැඩීමීම යන පරිසර හා සමාජීය ප්‍රශ්ණයි.

එම නිසා මිනිසාගේ ක්‍රියාකාරකම් පොදුවේ ලෝකයට තර්ජනයක් ඇති නොවෙන පරිදි පාලනය කිරීමට විශේශයෙන් පරිසර ප්‍රශ්ණ  කලමණාකරණය සදහා, ඒ සදහා නීතී රීතී මෙන්ම , මිනිසා තුලින් බෝක්කෙන්ම එන කැපවීමක් ද අවශ්‍යයි...

මේ බොක්කෙන්ම එන කැපවීම පිලිබද කථාවේදී , මම මීට පෙර සදහන් කල ලෝකයේ  20% ක් වූ ඉතා ධනවත් හා බලවත් අයගේ කැපවීම අත්‍යවශ්‍ය සාධකයක්...මන්ද 80% ක් වූ කාබන් විමෝචනයේ පාලනය ඇත්තේ ඔවුන් අත නිසා.....

මෙම 20 % වූ සුලුතරයේ.... 80% ක් වූ කාබන් විමෝචනය පාලනය කිරීම සාමාන්‍ය ලෝකයේ පවතින' ඉල්ලුම හා සැපයුම' න්‍යාය හෝ ලිබරල් වාදී නොවන දරදඩු 'නීතී' මගින් පාලනය ඉතා අපහසු කාරණයක්...

80 - 20 විසමතාවය

සාමානයෙන් 'ඉල්ලුම හා සැපයුම්'  න්‍යායෙන් සිද්ධ වෙන තෙල් බැරලයේ මිල ඉහල යාම, මෙම 20% පොසීල ඉන්දන භාවිතය අඩූ කිරීමට බලපාන්නේ ඉතා සුලු වශයෙන්....මන්ද මොවුන් සතුව අධික ධනයක් (හා බලයක්)  ඇති නිසා...උදාහරනයක් විදිහට කියනව නම් ලංකාවේ උනත් ඉන්න සුපිරිම පැලැන්තියට පෙට්‍රල් 200 තියා 300ට නැග්ගත් ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට එය හේතූ නොවන්නේ එය ඔවුන්ගේ ආර්ථිකයට කිසිසේත් නොදැනෙන නිසා....

අනිත් අතින් දර දඬු නීතී මගින් පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සීමා කිරීම මෙම සංවර්ධිත ලිබරල්වාදී සාමාජයන් උඩු යටි කුරු කිරීමක්....එවන් දේකට යෑම එක අතකින් එම සමාජයන් ගොඩා නංවා ඇති පුද්ගල නිදහස් පිලිබද සංකල්ප නැවත ආපසු හැරවීමක්...

මේ වෙලාවේ තමයි මම මීට පෙර සදහන් කල  'පරිසර ප්‍රශ්ණයට' ..එහෙමත් නැත්තං බොක්කෙන් එන කැපවීම කියන කාරණයට....බෞද්ධ දර්ශණය නිශ්චිත පිලිතුරක් කථාව මට කියන්න වෙන්නේ...මෙතැනදි මම කියලා තියෙන්නේ 'බෞද්ධ දර්ශනය' මිසක් 'බෞද්ධාගම' නොවන බව උගත් මහත්තුරුන්ට මතක් කරන්න කැමතියි...ඒ මොකද කියලා කියනව නම්, බෞද්ධ දර්ශනය තුල ඇදහීමක් මෙන්ම, බලාහත්කාරකමක් ද ඇතුලත් නොවන නිසා...විශේෂයෙන් එයට අවශ්‍ය වන්නේ බලහාත්කාරකම වෙනුවට සංවාදය මෙන්ම, ඇදහීමට, කන්නලව්ව වඩා අවබෝධය යන කාරණා නිසා නිදහස් මිනිසෙකුට එය  පැහැදිලි කරලා දෙන්න ලේසීයි.

නූතන කාබන් විමෝචනයෙ ප්‍රධානම ප්‍රශ්ණයක් වෙන්නේ මිනිසාගේ අධික පරිභෝජනය යි....ලංකාවේ නම්  වේලක් බඩ ගින්නේ ඉන්න, අවුරුද්දක් එකම ඇදුම අදින, මාසේ පඩිය සතියෙන් ඉවර වෙන,  බහුතරයකට මේ අධික පරිභෝජනය කියන දේ විහිලුවක් වගේ පේන්න පුලුවන් උනත්, සංවර්ධිත රටක 'බහුතරය වූ අයගේ' ජීවන ක්‍රමය ගැන යන්තං අවබෝධයක් තියෙන අයෙක් නම් මම මේ කියන පරිභෝජනවාදය මොකක්ද කියලා අදුනනවා..

මම මේ කියන පරිභෝජනවාදය සීමා කිරීමට ..කොටින්ම ඇති කරන්න ඕනා සිතන පතන විදිහේ වෙනසකුයි...

බුද්ධ දර්ශනයේ එන 'අතහැරීම' කියන සංකල්පය මේ පරිභෝජනවාදයට විසදුමක් මෙන්ම ශක්තිමත් දාර්ශනික් උත්තරයක් කියලා මට හිතෙන්නේ මේ කාරණය නිසයි.

'අතහැරීම ' ගැන කියන කොට මතක් වෙන අනිත් කාරණය තමයි 'උපාදාන' කියන සංකල්පය..
බෞද්ධ දර්ශනයේ උපාදාන කියන්නේ විවිධාකර වූ අල්ලා ගැනිම්, ඇලීම් කීපයකට...

මින් පලමු උපාදානය....ඇස කණ නාසය දිව හම ආදී වූ අපේ පංචෛන්ද්‍රියන් සතු‍ටු කිරීමේ ආශාවට ඇති කැමැත්ත....  අධික පරිභෝජනය කියන්නේ මේ උපාදානයේ ප්‍රතිපලයක්...පැහැදිලිවම මෙම උපාදානයෙන් හා ඒය සීමා කිරීමට බුද්ධ දර්ශනය යෝජනා කරන ක්‍රියා මාර්ග මගින් අධික පරිබෝජනය කියන එක ගැන මිනිහෙක්ව දෙපාරක් හිතන්න පොලඹ්වනවයි කියලා මට හිතෙනවා..

දෙවන උපාදානය වෙන්නේ 'දිට්ඨි උපාදානය' මේක නම් විවිධා කාර වූ සංකල්ප, තියරි ආදීයට අපි දක්වන කැමැත්ත...උදාහරණයක් ලෙස මගේ බුද්ධ දර්ශණයට ඇති ආශාවත් උපාදානයක් කියලයි මට හිතෙන්නේ..අර  පාරුව කරේ තියා ගෙන යන්නැතුව ග‍ඟෙන් එගොඩ වීමට පමනක් පාරුව පාවිච්චි කරන්න කියලා කියන්නේ ඔය උපාදානෙත් නැති කර ගන්න තමා...කෙසේ උනත් මේ දිට්ඨි උපාදානය අත ඇරීම නම් වර්ථමාන ලෝකයේ බොහෝ ගැ‍ටුම් නිරාකරණය කරන්න උදව්වක් කියලයි මට හිතෙන්නේ...මොනා උනත් මේවා ගැන කියලා දෙන්න අයම මථවාද හින්දා සිවුරු කරට අරං කෙල ගන්න යෑමේ වැ‍රැද්ද මං නොපිලිගන්නා හැසීරීමක්...මථවාද වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තිය දිට්ඨි උපාදානයේ පහත්ම  තත්වයක්.



තුන්වෙනි උපාදානය වෙන්නේ ''සීලබ්බත උපාදානය'...මේ කියන්නේ අපේ විවිධාකාර පුරුදු වලට, ශීලයන්ට තියෙන කැමැත්ත...උදාහරනක් විදිහට  ආතල් එකටත් වඩා පුරුද්දට අපි කරන සමහර වැඩ ගැන මෙතැනදී කථා කරනවා...

හතර වෙනි උපාදානය නම් ' ආත්මය' ගැන අපි තුල තියෙන උපාදානයි...මේක නම් එච්චර සරල නැති නිසා මම මෙතැන කථා කරන්නේ නැති උනත් වර්තමානයේ වාස්තවික යතාර්තය, නිරීක්ශකයා හා  නිරීක්ශනයණය අතර සම්භ්න්ධතාවය  ආදිය ගැන බුද්දදර්ශනයේ කියැවීම මේකෙන් ඉගෙන ගන්න පුලුවන්...ඒ උනත් මටත් තේරෙන විදිහට බුදුහාමුදුරුවන්ගෙන් පස්සෙ නාගර්ජුන හාමුදුරුවන් මේ ඉගැන්වීම වෙනත් මානයකට ගෙනිහිල්ලා කියලත් මට  හිතෙනවා....

කෙසේ උනත් මං උත්සහ කරන්නේ වර්ථමාන ලොකෙයේ පරිසර ප්‍රශ්ණ මෙන්ම විවිධ දෘෂ්ඨිවාද වෙනුවෙන් කෙරෙන ලේ හැලීම් වලටත් බුද්ධ දර්ශනයේ එන උපාදාන පිලිබද අධ්‍යනයත් එවා අත හැරීම පිලිබද ක්‍රම වේදත් නිසි උත්තරයක් කියන එක පෙන්වලා දෙන්නයි... ඒ සදහා මම සාකච්චාවට සංවාදයට කැමති නමුත්, ප්‍රචන්ඩත්වය, අධික තණ්හාව ක්‍රේනද්‍රකරගත් ක්‍රියාමාර්ග වලට කැමති නැති බවත් කියන්න ඕනා...

ඉතින් කවුරු හරි කියනවනම් අවුරුදු 2500 ට කලින් ජීවත් වෙච්ච ගෞතමයන් උත්තර දීලා තියෙන්නේ ඒ කාලේ ප්‍රශ්න කීපයකට කියලා ඒකට මට එකඟ වෙන්න බැරි මේ නිසයි...

කොටින්ම බාහීර ලෝකය කොච්චර දියුණු උනත් මිනිස්සුන්ගේ තිබ්බ ආශාවන්, අධික පරිබෝජනය පිලිබද තිබ්බ කැමැත්තවල්, කෝලාහාල වලට තියෙන නැඹුරුතාවයන් අදත් ඒ විදිහටම තියෙනවා....ක්‍රමේ වෙනස් උනත්, තාලේ වෙනස් උනත් මිනිස්සුන්ගේ හිතන පතන විදි වෙනස් වෙලා තියෙන්නේ බොහොම සුලුවෙන්..ගෞතම බුදුන් ආමන්ත්‍රණය කරන්නේ මේ හිතන පතන  ක්‍රමයටයි...ඒකයි ඒතුමාගේ උත්තර අදටත් වලංගු නිවැරදි උත්තර කියලා මට හිතෙන්නේ......


ප: ලි

අධික පරිභෝජනයේ අවසාන තාර්කික පිලිතුර කුණු කන්දක්ද?

http://www.huffingtonpost.com/2014/03/27/everything-wrong-with-humanity-animation_n_5037496.html?utm_hp_ref=mostpopular

42 comments:

  1. තව දුරටත් හිතන්න වෙනවා මයියෝ ...

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එක අතකට මටත් අහන්න හිතෙනවා "බුද්ධාගම කෝකටත් තෛලයද? " කියලා ..හැම ප්‍රශ්නේ දිහාම බුද්ධාගමෙන් බැලීම සුදුසුද ...? ( ඔබේ සටහන දැක්කට පස්සේ මට හිතුණේ එහෙම දෙයක් )

    ReplyDelete
    Replies
    1. හැම ප්‍රශ්නේ දිහාම බුද්ධාගමෙන් බැලීම සුදුසුද ?

      බුද්ධාගමෙන් කෙසේ වෙතත් බුද්ධදර්ශනයෙන් බැලුවට නම් අවුලක් නෑ කියලා තමයි මට හිතෙන්නේ...විමර්ශනය වැඩි වන තරමට උත්තරත් හොදයි නෙව....

      Delete
    2. මෙන්න බලපල්ලා ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ඔයා මේක ගැන හිතන්නේ මොකද ?

      http://avajathaka.blogspot.com

      Delete
  2. පංච උපාදානස්කන්ධයම දුකකි කියල බුදු හාමුදුරුවො කිව්වෙ ඕක තමයි. :-)

    ධනවාදී ආර්ථික ක්‍රමයත් එක්ක අත්වැල් බැඳගෙන එන පරිභෝජනවාදයට සාර්ථක උත්තරේ මොකද්ද කියන එක මට නං අවුලක්.

    ReplyDelete
    Replies
    1. මං නං අත්දැකලා තියෙන විදිහට නිදහස් වෙලදපොල ආර්තිකයක් තියෙන, ලිබරල් සමාජයක් උන ඕස්ට්‍රේලීයාවේ අපට වඩා හොදට බුද්ධ දර්ශනයේ හරයන් ක්‍රියාත්මක වෙන්වා....

      Delete
    2. මම කියන්න ගිය අදහසට සමාන්ද මන්දා මයියාගේ රිප්ලයි එක. ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත කියන කතාව කොතනටත් ගැලපෙනවා.

      Delete
    3. ස්තුතියි මාතලන්...ඔයා කලින් දවසක දාපු කමෙන්‍ටුවක්ට මගේ උත්තරය තමයි මේක....ඒ කියන්නේ අර ඔයා හොයා ගත්, මම සුභ්පැතුම් එක් කල තියරිය...

      ///ඕනෑම තියරියක් අවුරුදු 2500 ට් අපසු බිද වැටේ කියන එක// :))

      Delete
  3. /ලෝකයේ 20% ක් වූ ඉතා ධනවත් හා බලවත් අයගේ කැපවීම අත්‍යවශ්‍ය සාධකයක්...මන්ද 80% ක් වූ කාබන් විමෝචනයේ පාලනය ඇත්තේ ඔවුන් අත නිසා...../

    මේ දත්තය කොහෙන්ද ගත්තේ? කරුණාකර මූලාශ්‍රය දෙන්න.

    ReplyDelete
    Replies
    1. මූලිකම සාධකය මංතූමාගේම ලිපියකින් තමයි..

      බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....

      අළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරිය

      එවාට තොරතුරු අරං තියෙන්නේ මේකෙන් මට මතක් විදිහට...

      WB (2010). Development and Climate Change. Washinton DC, World Bank.

      කාබන් විමෝචනය ගැන ඕනතරම් තොරතුරු අන්තර්ජාලයෙනුත් හොයා ගන්න පුලුවන්...

      Delete
  4. බුද්ධාගමේ සැබෑ සේවකයකු වූ මයියාට අපගේ අචාරය

    ReplyDelete
  5. මයියෝ ඉතාමත් තාර්කික තලයට යන ලිපියක්. ඒත් දැන් මං මෙය කියෙව්වා විතරයි. හිතාමතාමද දන්නේ නෑ අකුරු නම් බොහෝ වැරදියි. ඒ වැරදි නිවරැදි කරන්නත් මේ වෙලාවේ අමාරුයි.හෙට මං ඒ වැඩේට මේ අඩවිය ගන්නනම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්..මම මේක වෙනත් බ්ලොග් එකක කොටපු කමෙන්‍ටුවක්...කලබලයට අදහස් එන විදිහට ලියා ගෙන ගියා මිසක් වචන වල හරි වැරදි බලලා නෑ...
      ඕබේ උත්සහය අගය කරනවා....

      Delete
  6. බුද්ධ දර්ශනය කොච්චර පරණ ද කියන එක මමත් හිතන්නේ අදාල නැහැ. ඒ ඇසුරින් බිහිවුණ බුද්ධාගමේ යම් යම් චාරිත්‍ර වාරිත්‍ර වල අදට ඇති වලංගුභාවය ප්‍රශ්න කලහැකි උණත්, බුද්ධ දර්ශනයේ මූලික හරයන් අදටත් වලංගුයි කියලා මාත් හිතනවා. මොකද මේ දර්ශනය බිහිවුනේ, මිනිසාගේ පැවැත්ම, ඉරණම, ආත්මීය නිදහස වගේ හැමදාම මිනිස්සුන්ට උත්තර හොයාගන්න ඕන වුන ප්‍රශ්න වලට පිළිතුරක් විදිහට. බුද්ධ දර්ශනය අදටත් වලංගු බව මම පිළිගත්තත්, ඒ මාර්ගයෙන් 'දුක' නැතිකිරීම කලහැකි යැයි සිතුවත්, අද ලෝකයේ මිනිසාට එය කොයි තරම් අත්‍යාවශ්‍ය සාධකයක්ද කියන ප්‍රශ්නය මට තියනවා.

    චතුරාර්ය සත්‍යය ගැන හිතුවොත්, බුද්ධ දර්ශනයේ මූලික අරමුණ තමයි දුක නැතිකිරීම. අපි ඉගෙන ගන්නවා ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය දුකක් කියලා. මෙන්න මේ කාරණා වල වලංගුභාවය අද අභියෝගයට ලක්වෙලා නැද්ද? වෛද්‍ය විද්‍යාවේ දියුණුව, තාක්ෂණික දියුණුව, ඒ වගේම දියුණු රටවල වියපත් අයට දෙන පහසුකම් සියල්ල අරගෙන බැලුවාම, අර කලින් සඳහන් කල දේවල් දුකක් විදිහට තව දුරටත් පොදුවේ පිළිගත හැකිද? යම් යම් කාරණා නිසා, ගැඹුරු ආධ්‍යාත්මික නිදහස සොයා යන සුළුතරයකට ඇරෙන්න, බහුතරයට මේක අදාළ වෙනවාද?

    අද ලෝකයේ නිදහස කියන එක සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ, යම්කිසි අවම පොදු රාමුවක් තුල තමන්ගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහසයි. මේ නිදහස තුල, අධික පරිභෝජනය අරමුණු කරගත් මිනිසුන් සහ අවම පරිභෝජනය අරමුණ කරගත් මිනිසුන් දැකිය හැකියි. මේ දෙකොට්ටාශය අතර මත ගැටීම් දකින්න තිබුණත්, මේ නිදහසෙහි මූලිකම හරය තමයි, අනෙකාගේ ජීවිතය පාලනය කිරීම හෝ අනිසි බලපෑම් කිරීමට තවෙකෙකුට අයිතියක් නැතිබව දෙපාර්ශවයම පිළිගැනීම. යමෙක් තම ජීවිතයේ සතුට, අල්පේච්ඡ ජීවන රටාවකින් ලබාගන්න අතර තවෙකෙක් ඒක ලබාගන්නේ අධික ලෙස පරිභෝජනයෙන්. සම්පත් සීමිතය කියන සාධකය යටතේ මේ අධික ලෙස පරිභෝජනයට නැඹුරු වන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වලට බලපෑමක් කලහැකි උණත්, බුද්ධ දර්ශනය ආශ්‍රයෙන් 'අත්හැරීම සතුටට හේතුවේය' කියන කාරණය මිනිසුන්ට දීම එතරම් ප්‍රායෝගික නැහැ නේද?

    මට හිතෙනවා ලෝකයේ ඉදිරියේදි, මේ අධික ලෙස පරිභෝජනයට විරුද්ධව ලොකු හඬක් නැගෙයි කියලා. ඒක සිද්ධ වෙන්නෙත් දියුණු රටවල මිනිස්සුන්ගෙන් තමයි. හැබැයි, ඒකට හේතුව ලෙස මම දකින්නේ මයියා සඳහන් කල සම්පත් බෙදී යාමේ විශමතාවය සහ සම්පත් වල සීමිත බව කියන භෞතික කාරණා මිසක, අත්හැරීම සතුටට හේතුවේය කියන ආධ්‍යාත්මික කාරණය නොවේය කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියිය් තිසර..

      මීට වසර දහස් ගාණකට ඉස්සෙල්ලා තිබ්බ මිනිස් සමාජයන්ට වඩා පැහැදිලිවම වර්ථමනයේ මිනිස් සමාජය ( සියල්ලම නොවුනත්) භෞතික දියුණුව අතින් ඉදිරියෙන් ඉන්නවා. ඒයට විද්‍යාව හා තාක්ශනය වී ඇති සම්මාදම අති මහත්... මා එය ප්‍රතික්ශේප කරන්නෙක් නොවෙයි..ඊටත් වඩා මා තාක්ශණයේ දියුණුව බලාපොරොත්තු වන්නේක්...

      ඒත් එදා වගේම අදත් මිනිස්සු ලෙඩ වෙනවා,ඉස්සර මැලේරියාවෙන් මිනිස්සු මැරුනට අද ඒඩ්ස් වලින්, ඉලෙක්ටොර්නික අපද්‍රවය වලින් එන බර ලෝහ ආහාර පද්ධති වලට ඇතුල්ය් වීමේන් එන නූතන රෝග වලින් මිනිස්සු මැරෙනවා...

      එදා වගේම ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න් වෙනවා, අප්‍රියන් එක්ක කටයුතු කරන්න වෙන්වා, මැරෙනවා...බුදු හාමුදුරුවො දුක් කියලා අදුන ගත්ත දේවල් අදත් ඒ ආකාරයෙන්ම වෙනස් ස්වරූප වලින් සිද්ධ වෙන්වා..

      'එන්වයර්මන්ට් සස්ටේනබිලිටි' කියන සංකල්පය මට හිතෙන විදිහට තිසර දන්නවා...

      මේ 'සස්ටේනබිලිටි' එක නැතුව අපට ලෝකය ,ඉදිරි පරම්පරාවල්ට ' ‍රැගෙන යන්න අමාරුයි..ඉදිරි පරම්පරා වෙනුවෙන් අපට අද දිනයේ කැප කිරීමක් සිද්ධ කරන්න වෙනවා..සල්ලි තිබ්බ පලියට සීමීති සම්පත් අධිකව පාලනය කරන්න යෑම ඒ සස්ටේනබිලිටිය කඩා දැමීමක්..

      //හැබැයි, ඒකට හේතුව ලෙස මම දකින්නේ මයියා සඳහන් කල සම්පත් බෙදී යාමේ විශමතාවය සහ සම්පත් වල සීමිත බව කියන භෞතික කාරණා මිසක,//

      මේක නීතී වලින් හෝ ඉල්ලුම සැපයුම න්‍යායෙන් මේ කර්තව්‍ය කරන්න පුලුවන් නම් හොදයි...නමුත් ඒක ඒ දෙවල් වලින්ම කරන්න අමාරුබව මගේ හැගීමයි...ඒ සදහා මිනිස්සුන්ගේ පරිත්‍යාගයක්, ඉදිරි පරම්පාරාවල් ගැන සිතීමක් අවශ්‍යයි...ඒ සදහා අවශ්‍ය මානසික තත්වය හැදීමට බුදුදහම උපකාරි වෙන්වා...නමුත් බුදුදහමෙන් සියල්ල කල හැකි යැයි මා පවසන්නේ නෑ.. එය කොල පාට තාක්ශනය, දේශපාලනය , ආගම , ආකල්ප් ආදි විවිද පෙරමුනු වලින් කෙරෙන බහුවිධික්‍රම වලින් කෙරෙන බලපෑමක් වේවී...

      Delete
  7. ඔබේ උත්සාහය අගෙයි. සාමාන්‍යයෙන් ආගම කියන්නේ විශ්වාශය මත පදනම්වූ සංකල්පයක්.විශ්වාශය කඩන්නාට දෙන දඬුවම්ද එකෙ තියෙනවා. නමුත් බුධාගමේ ඇති විශ්වාස කඩන්නාට දඬුවම් දීමක් බුධාගමෙන් කෙරෙන්නෙ නැහැ.එබැවින් අන් ආගම් සමග බුධාගම සන්දනය කල නොහැකියි. දර්ශනය ගැනත් එහෙමයි. අනෙත් දර්ශනයන්හි තිබෙන්නේ නව සංකල්ප විතරයි. නමුත් බුදුන් වහන්සේ තම දර්ශනය අනුගමනය කිරීමේදී කලයුතු නිවැරදි පිළිවෙත් පැහැදිලිව විස්තර කර තිබෙනවා.(ආනාපානසති සුත්‍රය බලන්න) ඒක නිසා බෞද්ධ දර්ශනය සුවිශේෂ එකක්. ඒ උනත් බෞද්ධ දර්ශනයි බෞධාගමයි අතර වෙනස්කම පැහැදිලි කරන්න බැහැ.එබැවින් අන් දර්ශන සමග බුධදර්ශනය සන්දනය කල නොහැකියි. ගිරිමානන්ද සුත්‍රය හෝ කස්සපතෙර සුත්‍රය විමසා බලන්න.කස්සපතෙර සුත්‍රදී දශ සංඤා විස්තර කරන විට දර්ශනයට වැටෙන කොටස් තිබෙනවා. එම සුත්‍රය අවසානයේදී මෙම සුත්‍රය ඇසු රෝගාබාධයට ලක්ව සිටි මහා කාශ්‍යප හිමියන් එම රෝඅගයෙන් සුවපත්වූ බව කියන කොටස වැටෙන්නේ දර්ශනයට නොව බුධාගමටය.

    කොහොම උනත් ඔබ ඔබේ වැයම බෞද්ධ ආර්ථික විද්‍යාව මත පදනම්වූ සිංහල ගැමි සමාජයේ සාරධර්ම කෙරෙහි යොමු කලේ නම් වඩාත් හරවත් අදහස් ඉපදවිය හැකිව තිබුන බව මා විශ්වාස කරමි.එසවුයේ නම් අධික පාරිභෝජනයෙන් මිදීම හා අත්හැරීම ගැන කියවෙන

    "මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
    පැහිල ඉදිලා බිමට නැමිලා බරවෙලා අතු
    අයියටයි මටයි ගෙඩි දෙකක් ඇති
    වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි"

    වැනි රසවත් ගීත හමුවේවි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබගේ දීර්ඝ පිලිතුරට..

      // සාමාන්‍යයෙන් ආගම කියන්නේ විශ්වාශය මත පදනම්වූ සංකල්පයක්//

      මං දන්න විදිහට බුද්ධ දර්ශනයේ විශ්වාසය අවශ්‍ය කරන තැන් තියෙනවයි කියලා...

      උදාහරනය විදිහට පටිච්ච සමුප්පාදයේදී විස්තර වන 'උපාදානය' නිසා 'භවය' ඇති වෙනවයි කියන තැනදී කර්මය/ පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා...

      Delete
  8. මචං,මේ මට තේරෙන විදිහට අහන්නේ.දැං ඔය 80% කට්ටියගේ පරිභෝජනය සීමා කරන්න යනවා කියමුකෝ.එතකොට ඒ ගොල්ලන්ට භාණ්ඩ හදන පොඩි මිනිහට මොකද වෙන්නේ?නිකන් හිතමු ඇමරිකාවේ මිනිස්සු එකම ඇඳුම අඳින වාර ගනන වැඩි කරා කියලා.එතකොට පරිභෝජනය පැත්තෙන් සීමා වෙලා ඉල්ලුම අඩු වෙනවා.එතකොට ලංකාවේ ඇඟලුම් කම්හල්වල නිෂ්පාදනය සීමා වෙනවා.ඒවා වැහෙනවා.ඒකට මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ප්‍රශ්ණයේ 80% කියන එක 20% කියලා නිවැරදි වෙන්න ඕනා ;)

      ///?නිකන් හිතමු ඇමරිකාවේ මිනිස්සු එකම ඇඳුම අඳින වාර ගනන වැඩි කරා කියලා.එතකොට පරිභෝජනය පැත්තෙන් සීමා වෙලා ඉල්ලුම අඩු වෙනවා.එතකොට ලංකාවේ ඇඟලුම් කම්හල්වල නිෂ්පාදනය සීමා වෙනවා.ඒවා වැහෙනවා.///

      ඔයා ඉතිරි ටික කියලා නෑනේ....

      එතකොට ඒ කර්මානත කරන ව්‍යවාසයකයොට් කම්මල් වහලා දානවා..දාලා බලනවා අපේ අයෝජනය වැරදුනේ මොකද කියලා....ඒගෝල්ලො තේරුම් ගන්නවා මිනිස්සු පරිසරය ගැන හිතනවා කියලා..ඊලගට ඒ ව්‍යාපාරිකයෝ පරිසර හිතක්කාමීඉ නිශ්පාදන වලට තමන්ගේ ප්‍රාග්ධනය යොදවනවා...නව ක්‍රම හා විධි හොයා ගන්න අයෝජයන කරනවා...ඒතුලින් නව ‍රැකීයා බිහි වෙනවා....


      මේකේ ටෙක්නිකල් ටර්ම්ස් තමයි, නිදහස් වෙලදපොල ආර්ථිකය හා ඉල්ලුම හා සැපයුම න්‍යාය කියන්නේ...

      Delete
  9. මම මේ බ්ලොග් එකට අදයි ආවේ....මම කතන්දරගේ බ්ලොග් එකේ ඇනෝවෙක්...ඔයාට ඕන නම් මම ඔයාගේ බ්ලොග් එක ඇනලයිස් කරලා දෙන්නම්..

    -ඇනලයිස් ඇනෝ

    ReplyDelete
    Replies
    1. කරලා දෙන්නකෝ....ඒක ගොඩක් අමාරු වැඩක්ද/ :))

      Delete
  10. උපරිම ලිංගික තෘප්තියක් ලබා ගන්නේ කෙසේද ( 18 + )


    කතන්දර කියන්නේ නම් ටැබූ නෙවෙයි. ටැබූ වෙනත් නමකින් බ්ලොග් කරණයේ ඉන්නවා. ඔහුව ඔබට හමු වී තිබෙනවා. ටැබුගේ හැසිරීම් සහ දැනුම ගැන වැටහීමක් ඇත්තෙකුට ටැබූව හඳුනා ගතහැකියි. ( හඳුනාගත්තද එය ප්‍රසිද්ධ නොකරන්න )

    ReplyDelete
    Replies
    1. බාල උපක්‍රමයක් ප්‍රසිද්දිය සඳහා.. ..

      Delete
    2. දෙවන ඇනෝ හරි කියලා හිතෙනවා

      Delete
  11. මයියා,

    මම මේ කොමෙන්ටුව දැමුවේ www.srilankanatheists.wordpress.com හි ඔබ පල කල කොමෙන්ටුවක තිබූ දෙයක් ගැනයි. එය ඔබ නොදැක ඇතැයි සිතුනු නිසා මෙහි පලකරමි.

    - Dimithri

    --------------------------------------------------

    www.srilankanatheists.wordpress.com/2013/06/27/අන්තර්ගෝත්‍රික-ළමයි-හැදී/#comments

    Dimithri says:
    July 6, 2013 at 1:47 AM

    මයියා,

    මේ ලිපියේ මූලික තේමාවට අදාල නොවුනත් මම කැමතියි ඔබගෙන් යම් පැහැදිලි කර ගැනීමකට..

    ඔබ කියනවා //හතර වෙනි උපාදානය නම් ‘ ආත්මය’ ගැන අපි තුල තියෙන උපාදානයි//

    මා දන්නා තරමට බෞද්ධ ඉගැන්වීම ‘අනාත්මයි’. ඔබ ආත්මයක් ගැන සඳහන් කරනවා. මෙම නොගැලපීම පැහැදිලි කල හැකිද? ඔබ අදහස් කලේ ‘භවය’ යන්න බව ඔබේ පිලිතුර වීමට හොඳටම ඉඩ තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී [බෞද්ධ භික්ශූන් පවා] නම්, ‘භවය’ සහ ‘ආත්මය’ එතරම් තැකීමක් නැතිව භාවිතා කරනවා. මෙම ‘අනාත්මවාදය’ ගැන කිසිවෙක් (ඔබද ඇතුලුව!) සීරියස් නැත්තේ ඇයි? එය එතරම් පැහැදිලි නැති සංකල්පයක්ද? නැත්නම් එතරම් වැදගත් නොවන සංකල්පයක්ද? මා දන්නා තරමින් ‘භවය’ සහ ‘ආත්මය’ කිසිසේත්ම ඉන්ටර්චේන්ජ් කල නොහැකි සංකල්ප දෙකක්. බෞද්ධ දර්ශනය හින්දු දර්ශනයෙන් මූලිකව වෙන් වන තැනත් එතැනයි.

    ඇත්තටම බෞද්ධ දර්ශනයේ ‘භවය’ සහ ‘ආත්මය’ අතර ඇති වෙනස කුමක්ද?

    විශ්වාස කරන්න.. අපිට එදිනෙදා හමුවන බෞද්ධයන් වැඩිදෙනෙක් බෞද්ධ දර්ශනය තුල ආත්මය කියන සංකල්පය නැහැ කියන විට පුදුම වනවා සහ ඇතැම් විට විශ්වාස කරන්නේද නැහැ! එනිසා මට මෙම ප්‍රශ්නයට උත්තරයක් කිසිවෙකුගෙන් ලැබී නැහැ… ඔවුන් දන්නා ගැඹුරුම ධර්ම සංකල්පය ‘දිට්ඨධම්ම වේදනීය කර්මය’ පමනයි!

    ඔබ බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමානික දැනුමක් ඇත්තෙකු ලෙස හා සංවාදශීලී කෙනෙකු ලෙසත් පෙනී ගිය හෙයින් ඔබෙන් මේ ගැන පිලිතුරක් ලැබෙතැයි අපේක්ශා කරනවා. මා උපතින් බෞද්ධයෙක් බව සහ බුදු දහම ගැන යම් දැනීමක් ඇතැයි කීම ඔබ දෙන පිලිතුරේ ගැඹුර තීරනය කිරීමට ඔබට උදව් වනු ඇතැයි සිතනවා.

    මෙයට පිලිතුරු දිය යුතු ස්ථානය මම බ්ලොගය නොවේ යැයි ඔබ හෝ මෙහි පාලකයන් සිතනවා නම්, “ඔබගේ ලෝකය” අවකාශයේ ඔබගේ පැහැදිලි කිරීම කරනු ඇතැයි සිතනවා.

    ස්තුතියි..

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදිව දක්වා ඇති පරිදි 'ආනාත්මතාවය' පිලිබද ඉගැන්වීම බුද්ධ දර්ශනය ඊට පෙර පැවති දර්ශනත් සමකාලීන දර්ශනයන්ගෙනුත් වෙන්කෙරෙන ප්‍රධාන ඉගැන්වීමයි. කර්මය, පුන්ර්භවය, පංචෛන්ද්‍රීය පිනවීම, නිර්වානය ආදී දේ ගැන එකල පැවති අනෙකුත් භාරතීය දර්ශනද කථා කර ඇතිමුත් 'අනාත්මතාය' බුදුදහමට විශේශිත වු ඉගැන්වීමකි.

      බුදුදහමේ මුල සිටම මෙය පැහැදිලිව දේශනා කර ඇති අතර බුද්ධවචනයට අනුව අනාත්මතාවය පිලිබද දේශනය , සියලු දර්ශනයන් අභිබව යන, කේසර සිංහයකුගේ ශ්‍රේෂ්ඨ හා උදාරදම සීංහ නාදයක් හා සාමානය. මන්හ එය සමකාලින භාරතීය සමාජයේ සියලු දර්ශනයන්ගෙන් අනන්‍ය වූ ශක්තිමත් දේශනයක්බවට බුද්ධ වචනය ස්ථානගත කෙරෙන නිසාය.

      අනාත්මතාවය ගැන මා සතු දැනීම පට්ච්චසමුප්පාද ධර්මය කියැවීමේන් මා ලබ ගත්තෙකි,

      පටිච්ච සමුප්පදයට අනුවා නාම-රූප ( නාම- අපෝ, තේජෝ වායෝ හා පඨවි යන දේ වලින් සෑදුනු......රූප- මනසට අරමුණු වන් දේ...) අපගේ පංච ඉන්ද්‍රීය හා මනසට ( සලායතන) වල ගැටීම ( පස්ස) නිසා වේදනාව හට ගනී. මෙය අපගේ දැනුම අනුව අප තේරුම් ගනී ( සංඥා). මෙම වේදනාව පිලිබද තේරුම් ගැනීම අපගේ දැනුම අනුව අප 'සතුටක්' හෝ 'සැපයක්' ලෙස තේරුම් ගනි. ඒසේ අපේගේ දැනුම අනුවම නිර්චචනය කර ගත් 'සතුටක්' හෝ සැපයක් වෙනුවෙන් අපි උපාදානයක් ඇති කර ගනී.. විවිදාකර වූ උපාධානයන් පිල්බදවා මා ඉහත විසතර කර ඇත....

      බුද්ධ දර්ශනය යෝජනා කරන්නේ මෙම ක්‍රියාවලිය ඔබගේ පංචෛන්ද්‍රය හ මනසට අරමුනු වන සියලු දේ සදහා මෙනෙහි කරන ලෙසායි..ඒ සදහා ඔබට විත්ත ඒකග්‍රතාවයක් ( සමාධියක්) හා බුද්ධියක් ( ප්‍රඥාවක්) හා කැපවීමක් ( ශීලයක්) ද ප්‍රගුණ කීරිම අතයවශය් වේ..

      මෙසේ පංචෛන්ද්‍රීය හා මනසට අරමුනු වන සියලු දේ සදහා පට්ච්චසමුප්පාද ක්‍රියාවලිය මෙනෙහි කිරීමෙන් අප තුල පවතින ,'අපි' කෙනෙක් ඇතයි පවතින වැරදි අවබෝධය, මමත්ව්ය නැතිනම් ආත්මය පිලිබද හැගීම නැති කර ගැනීමට හේතු වේ. මෙය ම තේරුම් ගත් ආනාත්ම අවබෝධයයි.බුදුදහමේ ඉගෙන්වෙන පරදි 'මම' යනු වියුක්ත වූවක් නොවේ..ඒය ස්ථිර නොවු ක්‍රියාවලියක් ප්‍රතිපලයක් පමනි

      බුද්ද දර්ශනයේ භවය යනු උපාදානය නිසා හට ගන්නා තත්වයයි...කාම භව,රූප භව හා අරූප භව යනුවෙන් එය තුන් වැදෑරුම වේ....

      කෙසේ නමුත් 'නාම' යනුවෙන් මුලින් විස්තර කරන ලද දේ සතුව ඇත්තටම පැවැත්මක් ඇද්ද නැතිනම් එය හුදෙක් මනසේ නිර්මානද යන ප්‍රශන පිල්බදව ( වාස්ථවික යතාර්ථය ) පිල්බදව විවිද දර්ශන තලයේ විවාදයන් පවතී, උදාහරනයක් ලෙස නාගර්ජුන හිමියන් සියලු දෙ මනසේ නිර්මානයන් බවත් සැබෑව 'ශූන්‍යක්' බවත් දේශනා කර ඇත. වර්තමානයේද වාස්ථවික යථාර්තය පිල්බද මථ පවතී,

      ප:ලි ;- මා ඉහත දක්වා ඇති පටිච්චසමුප්පාදය පිල්බද විස්තරය අසම්පූර්ණය. එය ඊට වඩා ගැඹුරින් හා නිවැදිව ඉගෙනගත් හැකි පොත පත වර්ථමානයේ සුලභය...මා දක්වා ඇත්තේ බුදුදහමේ ඉගෙනෙවෙන 'අනාත්ම්' තාවය පිල්බද දල සිතියමක් පමනි.මම පිලිතුර මා සතු කුඩා කාලයේන් හා කුඩා දැනුමෙන් ඔබගේ ප්‍රශ්ණය සදහා උත්තරයක් දීමට යෙදූ අවංක උත්සහයක් පමනක් වේ...

      Delete
    2. මයියා,

      පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි.

      බෞද්ධ දර්ශනයේ අනාත්මය ගැන කිවුවත් මරනින් මතු යම්කිසි ආකාරයක continuation එකක් ප්‍රතික්ශේප කරන්නේ නැහැ නේද? මගේ උභතෝකෝටිකය එයයි. අනාත්ම වුවද මරනින් මතු පැවැත්මක් ඇති වන්නේ කෙසේද? එයට කියන නම අනාත්මය නොවෙයි (ඊට කිසියම් වෙනසක් ඇති) භවය! එහෙමද?

      මෙහිදී වී ඇත්තේ 'ආත්මය' වෙනුවට 'භවය' ආදේශ වීමද? කිසිවෙක් පැහැදිලි නොකරන්නේ මෙයයි.

      ඔබ දන්නවාද මෙතැනින් පස්සෙ බොහෝවිට මම අර කලින් කියූ බෞද්ධයන්ගේ පිලිතුර තමයි: ඔබ වැනි අයට තේරුම් ගන්න බැහැ, අර පොත කියවන්න, මේ පොත කියවන්න යනාදිය.

      - Dimithri

      Delete
    3. ස්තූතියි...

      මට තේරේන විදිහට දිමිත්‍රි අහන්නේ , නැති ආත්මයකට (අනාත්මතාවයට) භවයක් ( නැවත ඉපදීමක් ඇති වන්නේ කේසේද කියන ප්‍රශ්ණයයි...

      භවය ඇති වන්නේ ආත්මයක් පැවතීම ( යථාර්තයක්) නිසා නොව ආත්මයක් ඇතැයි ගැනීමේ වැරදි උපාදානය (බදා ගැනීම) නිසයි. අනාත්මතාවය අබබෝද නොකර තමන් තුල 'මම' කෙනෙක් ඇතැයි ඇති වැරදි සිතුවිල්ලත්, එම සිතුවිල්ල නිසා ඒම 'මම' ට' සතුට' හෝ 'දුක;' ලබා දීමේ කැමැත්ත (අශාව) නිසා භවය ( නැවත ඉපදීම) ඇතිවේ.

      මේ පිලිබදව මිලින්ද රජුට නාගසේන හිමියන් ක්‍රෙන පහත පැහැදිලි කිරීම ඔබට උපකාරීවෙතැයි මම සිතමි.

      Delete
    4. 1.) 1.“ He who is reborn, Nàgasena, is he the
      same person or another?”
      “Neither the same nor another.”
      “Give me an illustration.”
      “In the case of a pot of milk that turns first
      to curds, then to butter, then to ghee; it would not be right
      to say that the ghee, butter and curds were the same as the
      milk but they have come from that, so neither would it be
      right to say that they are something else.”

      Delete
    5. 2.) “What is it, Nàgasena, that is reborn?”
      “Mind and matter.”
      “Is it this very mind and matter that is reborn?”
      “No, it is not, but by this mind and matter deeds are
      done and because of those deeds another mind and matter
      is reborn; but that mind and matter is not thereby released
      from the results of its previous deeds.”
      “Give me an illustration.”
      “It is like a fire that a man might kindle and, having
      warmed himself, he might leave it burning and go away.
      Then, if that fire were to set light to another man’s field and
      the owner were to seize him and accuse him before the
      king, and he were to say, ‘Your majesty, I did not set this
      man’s field on fire. The fire that I left burning was different
      to that which burnt his field. I am not guilty’. Would he
      deserve punishment?”
      “Indeed, yes, because whatever he might say the
      latter fire resulted from the former one.”
      “Just so, O king, by this mind and matter deeds are
      done and because of those deeds another mind and matter
      is reborn; but that mind and matter is not thereby released
      from the results of its previous deeds.”

      Delete
    6. මයියා,

      බොහෝමත්ම ස්තුතියි..මම හිතන්නෙ මට පැහැදිලි උනා මේ කියන දේ.

      හොඳයි... ආත්මවාදයේදීත් අනාත්මවාදයේදීත් 'යලි ඉපදීම' [හෝ අනාත්මවාදයේදී 'ප්‍රතිසන්ධිය' කියන වචනය වඩා නිවැරදියි මම හිතන්නෙ] පොදු දෙයක් - අඩුම වශයෙන් මරනයට පෙර සහ පසු 'මයින්ඩ් ඇන්ඩ් මැටර්' සැලකීමෙන්. ඇත්තෙන්ම මගේ උනන්දුව තමයි කුමක්ද මෙයින් සත්‍යය කියන දේ. අපි අන්බයස් විදියට කල්පනා කරොත්, ආත්මවාදය අනුව නැවත් ඉපදීමටත්, අනාත්මවාදය අනුව ප්‍රතිසන්ධියටත් සත්‍ය වීමට තියෙන්නෙ සමාන ඉඩක්. හරිනේද? මොකද මෙතනදි පොදුවේ මේ සංකල්ප වලින් එකක්වත් සැකයකින් තොරව පිලිගෙන නැතිනිසා. එතකොට මේ සංකල්ප වෙනුවෙන් පෙනීසිටින ඕනෙම කෙනෙක් ගෙනෙන පොදු සහ එකම තර්කය තමයි... විද්‍යාව තවමත් ඇත්තේ නොමේරූ අවධියකය, ඒවා "එහෙම නොවෙන බව" විද්‍යාවෙන් ඔප්පු කරලා නැතිය; අනාගතයේදී සොයා ගනු ඇතිය යන්න. මේ තර්කය අනුව ගියොත්, මරනින් පස්සෙ ස්වර්ගයට හෝ නරකයට යෑම එහෙම නැත්නම් යම්කිසි දෙවි කෙනෙක් එය තීරනය කරනවාය යනාදී වශයෙන් මරනින් මතු ජීවිතය ගැන ලොවෙහි ඇති සියලුම සංකල්ප වලටත් (සමහර දේ ඉතාම විසුලුයි ) සත්‍ය වීමට මේ ඉඩම තියෙනවා! මොකද 'ඒවා "එහෙම නොවෙන බව" විද්‍යාවෙන් ඔප්පු කරලානැති බව' ඒ හැම සංකල්පයක් සඳහාම එක වගේ අදාලයි!

      දැන් මගේ ප්‍රශ්නය මෙයයි, අනාත්මවාදය සත්‍යයැයි කීමට ගෙන එන වෙනත් තර්ක හෝ පැහැදිලි කිරීම් තිබෙනවාද? බෞද්ධ දර්ශනය තර්කයෙන් හෝ විද්‍යාවෙන් තේරුම් ගන්නට බැරි යැයි කියන පිලිතුර තමයි මට මේ වන තෙක් ලැබී ඇත්තේ! මම කැමතියි මේ සාකච්චාව සෙමෙන් ගෙන යන්න.. සමහර විට ඔබේ පිලිතුරු 'මයියා වස්තුව' ලෙස ඉතිහාසයේ පවා ලියවෙන්න ඉඩ තියෙනවා! - just a joke!

      - Dimithri

      Delete
    7. හෙ හේ...

      මම නම් දන්න විදිහට වෙන පැහැදිලි කිරීම් නෑ...මේක විශ්වාසය පිලිබද ප්‍රශ්ණයක්.ඔබට පුලුවන් චිශ්වාස කරන්න හෝ නොකරන්න...

      මම අර උඩ wmk ට දුන්න පිලිතුර තමයි දෙන්න වෙන්නේ...

      ///මං දන්න විදිහට බුද්ධ දර්ශනයේ විශ්වාසය අවශ්‍ය කරන තැන් තියෙනවයි කියලා...

      උදාහරනය විදිහට පටිච්ච සමුප්පාදයේදී විස්තර වන 'උපාදානය' නිසා 'භවය' ඇති වෙනවයි කියන තැනදී කර්මය/ පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා...///

      Delete
    8. ස්තුතියි මයියා ඔබේ අවංක සහ කෙලින් පිලිතුරු වලට...

      කොහොම වුනත් මේක තමයි මේ වගේ සංවාද අන්තිමට ලඝු වන තැන - "ඔබට පුලුවන් චිශ්වාස කරන්න හෝ නොකරන්න!"

      ඒ කියන්නේ කවුරු කොහොම කිවුවත් "බුද්ධ දර්ශනය / බුද්ධ-ආගම" විශ්වාසය මත පදනම් වන්නක්!

      //මං දන්න විදිහට බුද්ධ දර්ශනයේ විශ්වාසය අවශ්‍ය කරන තැන් තියෙනවයි කියලා...උදාහරනය විදිහට පටිච්ච සමුප්පාදයේදී විස්තර වන 'උපාදානය' නිසා 'භවය' ඇති වෙනවයි කියන තැනදී කර්මය / පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා//

      මේක අපි හැමෝම දන්න ජනප්‍රිය "කාලාම සූත්‍රය"ට පටහැනි නැත්ද?

      - Dimithri

      Delete
    9. මං හිතන්නේ ඔබතුමාට 'කාලාම සුත්‍රය' ගැන හොද අවබෝධයක් තියෙන පාටයි...


      නිකං ඉන්න ගමන් මේකත් කියවලා බලන්නකෝ...:))

      කොර වෙලා යන ප්‍රශ්ණේ.....

      Delete
    10. කාලාම සූත්‍රය කියන්නෙ රොකට් සයන්ස් එකක් නෙමෙයි නේද? ඒ ගැන "හොඳ" අවබෝධයක් ගැනීමට එය කියවීමම ප්‍රමානවත්. මට නම් ඒක හරියට "ආරෝග්‍යා පරමා ලාභා.." ලෙසින් වන ගාථාව වගේ; "භවය" හෝ "අනාත්මය" වගේ අවබෝධ කරගැනීමට අමාරු නැහැ.

      //කොර වෙලා යන ප්‍රශ්ණේ.....// නම් මට අදාල නැහැ. නමුත් මේ සාකච්චාව අවඥා කිරීමකින් කෙලවර කිරීමට ඔබ උත්සාහ කර තිබීම ගැන නම් මට කනගාටුයි..! [මේක මගේ බ්ලොගය; මට මොනවද මේකෙ කියන්න බැරි!]

      ඇත්තෙන්ම මගේ ප්‍රශ්න මුල ඉඳලාම කියවපු කෙනෙකුට තේරෙනවා ඇති එම ප්‍රශ්න වල අදාලතාවයත්, උත්තර දැනගැනීමට තිබූ අවශ්‍යතාවයේ අවංක කමත්. මට ඉන් එහාට ඒ ගැන කීමට දෙයක් නැහැ.

      මේ වැනි "ධර්ම සංවාද" කෙලවර වන්නේ මේ ආකාරයෙන් බව මට හොඳ හැටි අත්දැකීම් තියෙනවා. ප්‍රශ්න අසන්නා අවඥාවට ලක් කිරීම එහිදී මූලික උපායක්!පිලිතුරු දීම නොදීම ඔබේ අයිතිය බව මම පිලිගන්නවා.

      නමුත් අනාත්මය, භවය ගැන ඔබ කල පැහැදිලි කිරීම හරහා මා තුල ඔබ කෙරෙහි වන ගෞරවය බිඳකුදු අඩුවන්නේ නැහැ!

      ස්තුතියි!

      - Dimithri

      Delete
    11. ස්තූතියි..

      මගේ අනුමානය හරි..ඔබ කියා ඇති පරිදි ඔබ 'කාලාම සුත්‍රය' ගැන දන්නවා...මා දන්නා පරිදි එහි ප්‍රත්‍යක්ශ දැනුමටත් කිසියම් කිසියම් ඉඩක් තියෙනවා...ඒත් අවසානයේදී 'තම තම ණැන පමනට','තමන්ගේ අත්දැකීමට ගැලපෙන පරිදි' තමයි..

      මා ඔබව අවඥාවට ලක් කර නෑ...එහෙත් අවංකවම ඔබට එසේ සිතේ නම් එයට මට සමා වෙන්න...

      Delete
    12. මා දුටු වැදගත් ලිපියක්..

      http://www.colombotelegraph.com/index.php/shyamon-jayasinghe-july-14-2013/

      - Dimithri

      Delete
    13. ස්තූතියි...මා මේ ලිපියේ මුල් ඉංග්‍රීසී ලිපිය කියවා ඇති අතර මා ඒයට කමෙන්ට් එකක් ද දමා ඇත..

      මීට පෙර ශ්‍යාමන් මහතා විසින් ලියු පහත ලිපියේදී මා ඉතා දිග සංවාදයක් නියැලුණා..

      ඒ විද්‍යාවෙත් විශ්වාස කලයුතු දේවල් ඇති යැයි සම්භන්දයෙන්

      In Defence Of The Non-Religious

      Delete
  12. බුදුන් වහන්සේලා මතුකර පෙන්වන්නේ සර්වකාලීන ධර්මතාවයයි.... එය උන්වහන්සේලා විසින් නිර්මාණයකල දෙයක් නොව කාලයා විසින් යටපත් කර තිබූ දහම නැවත මතු කිරීමක් පමණක් බැවින් බුදු දසුනෙන් විවරණය කල නොහැකි කිසිවක් නැහැ.. ඔබ හරි මයියා.. බදාගැනීම වෙනුවට අත්හැරීම පමණයි විසඳුම වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත්...ඔබ බුද්ධ දර්ශනය පිලිබද හැදැරීමක් හා කැමැත්තක් ඇති අයෙක් බව පේනවා..

      Delete
  13. බෞද්ධ දර්ශනය කියලා වර්තමානයේ හදුන්වන්නේ ත්‍රිපිටකයේ ඇති ධර්මයෙන් නූතන බටහිර දැනුමට ගලපා ගත හැකි කොටස පමණයි. නැතිනම් නූතන බටහිර දැනුමට, දර්ශනයට පටහැනි නොවන කොටස පමණයි. ඇත්තටම එවැනි කොටසකුත් නෑ. නමුත් අපි එහෙම කොටසක් ඇති බව හිතාගෙන ඉන්නවා. බෞද්ධ දර්ශනය කියලා එකක් එහෙම බැලුවහාම ඇත්තටම නෑ. බුදු දහම තමයි නිවරදි වචනය සහ සංකල්පය. දහම කියලා කියන්නේ දරා ගෙන සිටින දෙයක්. වෙනත් විදියකින් කියනවානම් ජීවන ක්‍රමයක්. ජීවන මාර්ගයක්. පුද පූජා ආදිය ඇත්තේත් ඊට ආධාර වන පිණිසයි. එය දර්ශනය හෝ ආගම වැනි පරිබාහිර දෙයක් නොවේ. එහි අරමුණ සසරින් නිදහස් වීමයි. ඒ කරා යන බෞද්ධ ආර්ථික ක්‍රමයක් ජීවන ක්‍රමයක් ඇති කර ගත හැකි නම් ඒ සදහා වඩා පහසුවක් වෙනවා. ලෝකයටත් යහපතක් වෙයි. නමුත් බෞද්ධ ‘දර්ශනයක්‘ එක්ක ඒ වැඩේ කරන්ඩ බෑ. මොකද සසරෙන් නිදහස් වීමම තමයි මූලික අරමුණ. ඒ අරමුණ කරා යන්ඩ බෑ හුදු දර්ශනවාදයක් ලෙස මේක සැලකුවොත්. හරි අපූරු දර්ශනයක් කියලා හැඩ බලමින් ඉන්ඩ පුළුවන්. නමුත් බුදුදහමට අනුව ජීවත් වන්ඩ නම් එය දහමක් කරගෙන තමාට ගලපාගන්ඩ වෙනවා. ඒ අනුව ජීවිතය සකසා ගන්ඩ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දර්ශන...

      බුද්ධදේශනය ආගම , දර්ශනය වශයෙන් කො‍ටු කරලා ඒක කො‍ටුවක් ඇතුලට ගන්න බෑහැයි කියන කථාවට මං එකඟයි..බුද්ධවචනය, ප්‍රයෝගිකව ජීවිතයට සම්භන්ද කර ගෙන ඒ සමඟ මේය හැදැරිය යුතුයි , ප්‍රගුණ කලයුතුයි කියන කථාවටත් මම එකඟයි..

      ඒත් මම ලිපියෙදි බුද්ධාගම, බුද්ධ දර්ශනය කියලා වෙන් කරලා තියෙන්නේ වෙන අදහසකින්..එය නිවැරදිව ලිපිය තුල පැහැදිලි කරලා නැති එකට වැරදිකාරයත් මං තුමාම තමයි...

      බුදුදහම රට රටවලට පැතිරගෙන යද්දී ඒ ඒ සමාජයන් වල තිබ්බ විශ්වාස විවිධ ස්වරූප වලින් බුදු දහමට ඇතුලු වෙලා තියෙනවා,,උදාහරණයක් ලෙස ලංකාවට බුදුදහම ලංකාවට පැමිනෙද්දි මෙහි හිටියේ ගස් ගල් වදින පොරවල් කියලනේ පොත පතේ තියෙන්නේ..මිහිදු හාමුදුරුවෝ ගස් වලට වදින එක , එක එල්ලේ ප්‍රතික්ශේප කරන්නේ නැතුව ඒ වෙනුවට ඒතැනට බෝධිය ආදේශ කලා...මේවගේ විවිද ක්‍රම බුදුදහමට ලංකාවේදි විතරක නෙවෙයි චීනය , ජාපානය වැනි රටවලදුඉ වෙලත් තියෙනවා..සමහර වෙලාවට වෙනම නිකායනුත් ඇති වෙලා තියෙනවා,,,ඒත් හරයක් ලෙස ගත්තම බුදුදහමේ හරයක්, න්‍යෂ්ඨියක් තියෙනවා...අනාත්මතාවය, වැනි සංකල්ප එහි න්‍යශ්ටියයි...


      මට ඕනා උනේ පරිදියේ පවතින බුදුදාහම සම්භන්ධ විවිද ඇදහිලි ක්‍රම, විශ්වාස සමග නොව බුදුදහමේ න්‍යශ්ටිය සමග මේ කාරනය්ට පරිසර ප්‍රශ්ණයට උත්තරයක් බව කියන්න විතරයි

      Delete

2222