Sunday 21 January 2024

සමන්මලීගේ ගණිකා කථාව...

තමන්ගේ ඉදිරි ආන්ඩුවක් යටතේ ගණිකා වෘතිය නීතී ගත කරන බවක් ජාතික ජන බලවේගයේ සාමාජිකාවක් වන සමන්මලී ගුණසිංහ මාධ්‍යවලට  මෑතකදී ප්‍රකාශ කලා. ලිං මැඩි  දැක්මක් තියෙන , ජේවීපී   කාඩරයන්ට මෙවෙනි පලල් දැක්මක් හදිසීයේම   ප්‍රාතිභූර්ත වීම ගැන  යම් කිසි සතුටක් මට  ඇති උනත්,  සාමාන්‍යයෙන්   ලංකාවේ  දේශපාලන පක්ශ වල පහල සාමාජිකයන්, තමන්ට අවධානය යොමු කර ගැනීමේ උපායක් ලෙස මෙවැනි රැඩිකල් ප්‍රකාශ කරන නිසා, ඒ ලෙඩේ මාලිමාවටත් බෝ වීඇත්දැයි කියන සැකයත් මට ඇතිඋනා.


සාමාන්‍යෙන් මේ වගේ ප්‍රශ්ණෙකෙදි ජෙප්පන් කරන්නෙ ප්‍රශ්ණෙ රවුම් කරලා හතරැස් කරලා  ප්‍රශ්ණේ අහපු එකාව වැරදි කාරයා කරනවා වගේ වැඩක්. වැඩිම් උනොත් උත්තරයක් ලෙස කියන්නේ,  ගණිකාවන් නිර්මාණයක් කරන්න හේතු උන සාමාජීය, ආර්ථික ප්‍රශ්ණ,අපේ සමාජවාදී ආණ්ඩුවක් යටතේ නැති කරලා දානවා වගේ ලොවෙත් නැති යුටෝපියානු සීහිනයක්.එහෙම නැතුව මහපොලොවේ පවතින ඇත්ත ප්‍රශ්ණයට,  තාත්වික උත්තර ජෙප්පන්ගේ දාස් කැපිටලේ නෑ. 

කෙසේ නමුත් ගණිකා වෘතිය මහපොලොවේ තියෙන බව පිලිගෙන , ඒ වෘතියේ නියැලෙන්නන්ගේ ප්‍රශ්ණ විසදීම සදහා, ගණිකා වෘතිය නීතී ගත කරන බව පැවසීම මාලිමා සාමාජික  සමන්මලී ගුණසිංහ ගේ ඉදිරිගාමී ප්‍රකාශයක්.

බොරුවට සිල් රෙද්ද පොරවගත්ත සදාචාරය ඔළුවෙ තියා ගත්ත සංස්කෘතික සමාජයට බයෙන් මෙන් දැන් මේ ප්‍රකාශය සදහා සංශෝධන ඉදිරිපත් කිරීමට  මාලිමාවේම පාර්ලිමේන්තු සභික හරිණි අමරසූරීය ඉදිරිපත්වෙලා තියෙනවා. ජන්ද හිඟන්නම අටවා ගත්ත  මේ වගේ පක්ශයකින් , හැරෙන හැරෙන පැත්තට කථා කිරීම පුදුමෙකුත් නෙවේ. 


ලංකාවේ ගණිකා වෘතිය නීතීයෙන් තහනම් නෑ. නමුත් ගණිකා නිවාස පවත්වාගෙන යෑම නම් තහනම්. ඒත් කිසියම් තැනැත්තෙක්  හට පෞද්ගලිකව ගණිකාවෘතියේ නියැලීමට නීතියෙන් බාධාවක් නෑ. නමුත් ගොබ්බ ශ්‍රී ලංකා පොලීසීය පාරවල් වල ගණිකා වෘතියේ යෙදෙන් දුප්පත් කාන්තාවන් ගණිකා වෘතියේ යෙදීම මත රිමාන්ඩ් කරනවා.

අත්අඩංගුවට ගන්නා මෙවැනි කාන්තාවන්  අධිකරණයට ඉදිරිපත් කරන්නේ 1841 දී සුද්දාගේ කාලේ තිබුනු, අද කාලේට වලංගු නොවෙන යල්පැන ගිය ‘පාදඩ පණත‘ යටතේ. පාදඩ පණත හදලා තිබ්බේ සුද්දගේ කාලේ, ගෙයක් දොරක් නැතිව, ඉන්න හිටින්න තැනක් නැතිව, පාරවල් ගානේ හිඟා කාපු  මිනිස්සු,  පාරෙ යන සුද්දන්ට කරදර කිරීම නවත්වා ගන්න. අයාලේ යන මේ වගේ මිනිස්සු අල්ලලා දඩුවම් කරන්න . වැඩ වලට යොදවා ගන්න හදපු පණතක්.  වර්තමානේ  ගණිකා වෘතියේ යෙදෙන අසරණ කාන්තාවන්ව, ගොබ්බ පොලිසීය අත් අඩංගුවට ගන්නේ මේ යල් පැණ ගිය  නීතිය මත. නැතුව ගණිකා වෘතියේ යෙදීම මත  මිනිස්සුන්ව හිරේ දාන්න පොලිසීයට හැකියාවක් නෑ. 

නූගත් අසරණ ගැහැණුන් මේ වැරැද්දට අභියෝග කරන්නෙ යන්නෑ. ඒ වෙනුවට පාදඩ පණත යටතේ වරදකරු බවට තමන්ම පිලිඅරගෙන, ඒ වැරැද්දට පැනවෙන දඩය ගෙවා නැවතත් පාරට පැමීනීම තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. 

ගණිකා වෘතියේ තියෙන ප්‍රශ්ණත්  සමාජ පන්තිය අනුව වෙනස් වෙනවා. පොලිසීයෙන් වැඩිපුර කරදර සිද්ධ වෙන්නෙ ඉතා අසරණව පාරවල් වල ගණිකා වෘතියේ යෙදෙන දුප්පත් කාන්තාවන්ට. මධ්‍යම හා ඉහල පැලැන්තියට සේවය කරන  , මාධ්‍ය වල සුපිරි ගණිකා නිවාස කියලා හදුනවන තැන් වල සේවයේ යෙදෙන කාන්තාවන්ට ඇති ප්‍රශ්ණ අර වීදී ගණිකාවට තියෙන  ප්‍රශ්ණවලට වඩා වෙනස්.

මොනා උනත් ගණිකා වෘතිය කියන්නේ සමාජයට අවශ්‍ය සේවාවක් සපයන ලෝකයේ පැරණතිම වෘතියක්. ඒ බව පිලිඅරගෙන ඒ වෘතියේ නියැලෙන්ටත්, ඒ සේවාව ලබා ගන්නා අයටත්, තමන්ගේ ශාරීරික, මානසික ආරක්ශාව තහවුරු කරන විදිහට නීතී සම්පාදනය වීම අත්‍යවශ්‍ය දෙයක්.

ඒ නිසාම, ලිං මැඩි දේශපාලනයක් යට හිට ගත්තා උනත් සමන්මලී ගුණසිංහ සහෝදරියගේ මේ ප්‍රකාශයට අපෙනුත් පොඩි සැලියුට් එකක් ... 


27 comments:

  1. නීති ගත කරත් නැතුවත් ලංකාවෙත් සදා
    පාති රැඟුම් සුන්දරියෝ සැප තැන් වල නිදා
    ජාති බේද දෙස්පාලන බේද ඉවත යොදා
    ගේති පැරණි රස්සාවම පිලිගනිමුද හොඳා....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී ඔබේ ලස්සනම ලස්සන කවි උත්තරයට...

      //නීති ගත කරත් නැතුවත් ලංකාවෙත් සදා
      පාති රැඟුම් සුන්දරියෝ සැප තැන් වල නිදා//

      ඒක නම් එහෙම තමා..ඒත් නීතීගත කරන්න කියන එක ඇතුලේ ඊටවඩා පුලුල්ව මේ ක්ශේත්‍රය තුල නීතීමය ආරක්ශාව, සූරාකෑම, මානසික හා ශාරීරික සෞක්‍ය වැනි දේ ආමන්ත්‍රණය කරනවා...

      Delete
  2. සමන්මලී ගුණසිංහ සහෝදරියගේ මේ ප්‍රකාශයට අපෙනුත් පොඩි සැලියුට් එකක් ... //

    ReplyDelete
    Replies
    1. මොන අරමුණින් කිව්වා උනත් ...කියපු දේ ඇත්ත නිසා තමයි සැලියුට් එක...මෙසේජ් එක වැදගත්...මෙසෙන්ජ්ර්ගේ අරමුණ ගැන නම් සැක නැතිවා නොවේ..

      Delete
  3. දේශපාලන මතයකින් එහාට ගිහින් මේ මාතෘකාව ගැන කතා කරනවා නම්, ගණිකා වෘත්තිය නීති ගත කරන්න කලින් ලිංගික අධ්‍යාපනය කියන දේ අපේ දරුවන්ට ක්‍රමවත්ව ලබා දෙන්න වෙනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම තමංගේ ප්‍රයිවෙට් පාට්ස් සහ ඒවාට රෙස්පෙක්ට් කරන්නේ කොහොමද කියල අවබෝධ කරලා දෙන්න වෙනවා. සමාජ රෝග ගැන ක්‍රමවත් අධ්‍යාපනයක් දෙන්න වෙනවා. නැත්නම් පිරිමි ළමයි විභාග අතරුනම ත්‍රී වීලර් එක තෝරා ගන්නවා වගේ ගෑනු ළමයි ටික ලේසි පාර තෝරා ගනීවි. තායිලන්තේ වගේ ගණිකාවෝ හොයාගෙන ලංකාවට ටුවරිස්ට්ල ඒවි. ගණිකාවෝ හදන්න කලින් මිනිස්සුන්ගේ මොළේ හදල ඉන්න වෙනවා. මට නම් ඔය කතාවේ රැඩිකල් කමක් නෑ. ගෑණු ගණිකාවෝ වෙන්නේ ආසාවටද? ඒකට හේතු හොයල පිළියම් හොයන එකයි වැදගත්. (පොකුරු වැහි)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි පොකුරු වැහි සොහොයුරිය ඔබේ අගනා කමෙන්ටුවට...


      ගණිකා වෘතිය නීතී ගත කරන්න කලින් කෙසේ වෙතත්, ලිංගික අධ්‍යාපනය ලමයින්ට දීම ඉතා වැදගත් කියලා මමත් ඔබව සීයට දෙසීයක් අනුමත කරනවා... මේ ගැන මීට කලින් අවධානය යොමු වෙලා හතේ අපේ පොත කියලා හතවසරේ ඉදන් මේ ගැන දැනුවත් කරන පොතක් ඒ ක්ශේත්‍රයේ උගතුන් පිරිසක් මීට කලින් ඉදිරිපත් කලා..මේකට විරුද්ධව මහා ගෝසාවක් ඔය සංස්කෘතිය රකිනවයි කියලා සිවුරු කරට අරං විරෝධතාවයක් ආවා..නමුත් අදටත් ඔය පන්සල් පල්ලි වලම ලමා අපයෝජනය, කාන්තා අපයොජනය සිද්ධ වෙනවා...මේ දේ වෙනවයි කියලා පිලිඅරගෙන ඒ තත්වය නවත්වගන්න වැඩපිලිවෙලක් ගේන්න තරම අවංකබාවයක්වත්, උගත්කමක් වත් මේ පිරිසට නෑ..

      කෙසේ නමුත් ගණිකා වෘතිය නීතී ගත කරන්න කලින් අධ්‍යාපනය, රටේ ආර්ථිකය හදන්න ඕනේ...ගණිකා වෘතිය ට ඒමට සිදුවෙන එකී නොකී හේතු සියල්ලම විසදලා ඉන්න ඕනේ කියන තැන නම් මම නැති විත්තිය ගෞරවයෙන් මතක් කරන්න ඕනේ..

      මේ ප්‍රශ්ණ දවසෙන් දෙකෙන් විසදන්න පුලුවන් ප්‍රශ්ණ නෙමේ..අධ්‍යාපනය, ආර්ථික අවස්ථා වැඩි දියුණු රටවලත් ගණිකා වෘතිය තියෙනවා..ඒ නිසා ඒ ක්ශෙත්‍රයේ නියැලෙන්නන්ටත්...ඒ සේවය ලබා ගන්නා අයටත් නීතීමය වශයෙන් සුරක්ශිතබාවයත් ආරක්ශා කර දීම වැදගත් කියලා මම සිතනවා

      Delete
    2. ලිංගික අධ්‍යාපනය දීම මෙන්ම කකාන්තාවන්ට , ගැහැණු ළමුන්ට වෙන හිරිහැර අපයෝජනත් නැවැත්විය යුතුයි. හරිනි ගේ කතාවට මම වඩාත් එකඟයි. නීතිමය ප්‍රශං නිරාකරණය අකරණ එක. පාදඩ පනත් අහෝසි කරන එක ඒගේ දේ කරන එක. එයාල ගැන බලන් එක. නෙදර්ලන්තයේ අම්ස්ටඩම් වල දැන් අර රතු දිස්ත්‍රික්කය නැති අක්රන්න් යනව. පිම්පියෝ හෙම වැඩිවීම නිසා.

      Delete
    3. ස්තූතියි අජිත් ඔබගේ අදහසට.

      හරිණිගේ ප්‍රතිසංසකරණ හරි, සමන්මලිගේ ඊට වඩා එහාට ගිය රැඩිකල් යෝජනා හරි මේ සම්බන්ධයෙන් යම් කිසි දුරකට හෝ ඉදිරිගාමි වැඩක්. මා ජවිපේ ආර්ථික ප්‍රතිපත්ති වලට කොතරම් අකමැති උනත් මේ කාරණයේදී මේ කාන්තාවන් සමග හිට ගන්න පුලුවන්..

      ඇමෙස්ටඩෑම වල ශෝකේස් වල ඉන්න ගෑණු කියන්නේ ඉතිහාසයේ ඉදන්ම ආපු දෙයක්. මේ පිල්බද වාර්තා වැඩසටහනක් මා කාලෙකට ඉහතදි බැලුවා.... ඇත්තටම ඇමස්ටර්ඩෑම් වල විරෝධය ඇවිල්ලා තියෙන්නෙ එහි ජීවත් වෙන නගර වැඩියන්ගෙන්...ඒ ගණිකා වෘතියය්ට විරුද්ධව නෙවේ...රෙඩ් සෝන් එක අන්තර්ජාතිකව ප්‍රසිද්ධ වී, ඒකටන එන විදේශිකයන් නිසා තමන්ගේ නිදහස් පරිසරය එහි අඩු වෙමින් යනවා කියන අස්ථානයේ ඉදන් තමයි නගර වැසියා විරෝධය දක්වන්නේ...එය ප්‍රජාතාන්ත්‍රික තත්වයක්

      Delete
  4. ඔබ පවසන ළිං මැඩි දර්ශණය ජෙප්පන්තුල තිබුනු බවත් නෂ්ඨාවශේෂ තවමත් පවතින බවත් ඔබ ප්‍රකාෂ කල හොත් මා ඊට නිහඬ වෙමි. මන්ද සමහර සමහර කාරණා සම්බන්ධව ගැටළු; මටද පැවති හෙයින් ය.
    ජෙප්පන් මේ දශකයේ නොව ආරම්භයේ සිට මේ දක්වා ඉතිහාසය තුල ගත් දැවැන්තම ඉදිරි පියවර ලෙස ජාතික ජන බල වේගය ලෙස පුළුල් මහජන ක්‍රියා කාරීත්වයකට අවතීර්ණ වීමය.
    ඒ තුල ඔබ පවසන් ළිං මැඩි චින්තනයට ඇත්තේ අවම වටිනාකමක් වූ අතර මෙරට පවතින විද්‍යාත්මක සහ ප්‍රායෝගිකමවූ වේදිකාව එය ලෙස මා දකිමි.
    මේ පිළිබඳව ගැටළු වේ නම් අපි ඒ ගැන කථා කරමු.

    අද අපේ රට පවතින්නේ ඡන්ද හිඟා කන සහ ඔළු නොව කකුල් ගණන් කිරීමේ බලු පොරයකට වැටී බව ඔබ මා සමග එකඟ වෙනු ඇතැයි මා විශ්වාස කරමි.
    ඒ තුල "මෙන්න තොපේ ආයුධ" කියා කැප්පෙටිපොල කලා වැනි අමන වැඩක් කිරීමට හෝ "අප හරි විවෘථයි" කියා සරම උස්සා පෙන්නීමට හෝ "අපි උඹලට ගහන්නේ මේ වායිං!" කියා පෙර දැනුම් දීම් වලින් ඡන්දය ජය ගැනීමට නොහැක!
    .මා උදා හරණයක් කියන්නම්. "සමුර්ධිය" ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද? යන ප්‍රශ්ණය පොදුවේ සියළු දේශපාලන නායකයින් ගෙන් ඇසූ විට ලැබෙන පිළිතුර ඒ අවස්ථාවේදී වටා පිටාවේ ඉන්න අයට සාපේක්ෂව වෙනස් වනු ඇත. එය පෞද්ගලික මට්ටමෙන් ඇසුවොත් ලැබෙන පිළිතුරට සීයට සීයක්ම වෙනස් පිළිතුරක් ප්‍රසිද්ධියේ ඇසුව හොත් ලැබේවි.
    ඒ ඇයි?
    කෙතරම් නිවැරදි දැක්මක් ඇති නායකයෙකු හට වුවද "සමුර්ධිය" කැපීමට අත එසවුවහොත් මෙරට වෙසෙන පිං බතාලා ලක්ෂ ගනනක ඡන්දය ඉන් අහිමී යනු ඇත.
    අපට ඇත්තේ විශ්වාසයක් පමණි.
    ඒ විශ්වාසය මත තෝරා පත් කර ගනු ;ලබන නායකයා විසින්; විද්‍යානුකූලවූත් ප්‍රායෝගිකවූත් ක්‍රමවේධයකට රට ගොඩ නංවනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
    ඒ නිසාම; මේ කොයි දේ කරණ්නටත් මේ මජර දේශපාලන මඩ ගොහොරුවෙන් එතෙර වීමට අවශ්‍ය වේ.
    එවිට ඔහුට හෝ ඇයට තෝරා ගැනීමට මං පෙත් දෙකක් විවර වේ.
    1. විවෘථව ඇත්ත ඇති සැටියෙන් කථා කොට පරාද වීම.
    2. තමාගේ දර්ශණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජන වරම වෙනුවෙන්; තමාට අවාසි නොවන සේ සටන මෙහෙය වීම.

    ජෙප්පන් මෙයින් දෙවෙනි ක්‍රියාන්විතයේ යෙදී ඇතැයි මා විශ්වාස කරමි.
    තවත් එකක් මම කියන්නම්. ජෙප්පන් බලයට පත්වී මෙරට අම්බානක සමාජවාදී රාජ්‍යයක් වේ යැයි හිතන අයට කියන්න තියෙන්නේ "අබ සරණයි!" කියාය. නමුත් මාගේ විශ්වාසය නම් ධනවාදී ප්‍රජාතාන්ත්‍රික නීතියේ ස්වාධිපත්‍ය රැකෙන දූෂනයෙන් තොර රටක් සෑදීමේ මූලික අඩිතාලම වැටෙනු ඇතැයි කියාය.
    ඒ මගේ විශ්වාසයක් පමණි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මංජුල අයියේ ඔබේ ඉතා දීර්ඝ සහ විචාරශීලි ප්‍රතිචාරයට.

      හැමදේටම හා හොදයි කියන කමෙන්ට් වෙනුවට මේ වගේ විචාරශීලී , සමහර විට ස්කෙප්ටික් ,අදහස් ඉස්සර බ්ලොග් පෝස්ට් වර්ණවත් කලා..

      කෙසේ නමුත් ලිපියේ ප්‍රස්තූත කාරණයට වඩා මා වටින් ගොඩින් කොනිත්තා තිබූ මාලිමා ජවිපේ දේශපාලනය ගැන වැඩි අවධානයක් ඔබ යොමු කර ඇති බවක් පේනවා. ඒත් ඒක අවුලක් නෙමේ..

      ඔබ මාලිමාව බිහිකිරීම ජෙවිපේ ගත් අලුත් පියවරක් ලෙස හදුනවලා දීලා තිබ්බත් මේ හා සමානවම අතීතයෙදීත් ජෙවිපේ විවිධ මධ්‍යස්ථ මතධාරීන් හා සංධානගත වෙලා තියෙනවා. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව බිහි කරපු මව්බිම සුරැකීමේ සංවිධානේදි ජෙවිපි එකතු උනේ සිරිමා, දිනේශ්, සෝභිත හාමුදුරුවො, පරන වාමාංශිකයන් සමග.

      ඊලගට චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුව... ඊට පස්සෙ මහින්ද බලයට පත් කිරීම, ඊලගට මෛත්‍රී බලයට පත් කිරීම...මේ හැම විටම සංධාන හදා ගත්තා. දැන් අරන් තියෙන්නෙ දේශපාලන බිමේ ඉන්න පිලිගත් පක්ශ වෙනුවට , මධ්‍යස්ත මථධාරින්ටත් ගොඩ වෙන්න පුලුවන් ප්ලැට් ෆෝම් එකක් බිහි කිරීම පමණයි. මේක මීට කලින් ගත් දේශපාලන උපාය මාර්ගයට වඩා වෙනස් වෙන්නේ මෙහි මාලිමාව කියා කිව්වට යටින් ඉන්නෙත් ජවිපේ යාන්ත්‍රණයම නිසා..ඒත් ඒක වරදක් ලෙස මා දකින්නේ නෑ...එය ප්‍රජාත්‍රන්තවාදී පියවරක් ... මට ඇත්තෙ එහි අරමුණ ගැන සැකයක්...හරීණිව උස්සල තියෙන හැම තැනකදීම මට මතක් වෙන්නේ පරණ කථාවක්. ගමන පටන් ගන්න කොට කුමාරිකාව හිටියේ කොටියගේ කරේ..ගමන ඉවර කරන කොට කුමාරිකාව හිටියේ කොටියගේ බඩේ..

      අර හිට්ලර් බලයට ඇවිල්ලා ඉස්සෙල්ම සමූල ඝාතනය කලේ තමන්ගෙම පක්ශයේ මධ්‍යස්ථ මතධාරින්න් වගේ බැටළු හම පොරොව ගෙන ඉන්න වෘකයාගේ ඉස්සෙලම ගොදුර වෙන්නෙත් මේ ජෙවිපි මධයම කාරක සභාව කියන හැමදේටම එහෙයි නොකියන මේ මධ්‍යස්ථ මථධාරීන්...මේ ලගකදී තමන්ගේ රජයක් යටෙතේ ප්‍රතිවිප්ලවය මර්ධනය කිරීමක් ගැන ලාල් කාන්තගේ කටින් පැන්නෙත් මේ ගැන කියලා මං හිතනවා.

      ජවිපෙත් ලංකාවේ බොහෝ මිනිස්සු මෙන්ම ලිංමැඩියන් තමා..ඒත් ඔවුන්ගේ ආර්ථික දැක්ම නම් අනිත් ලිං මැඩියන්ටත් වඩා ලිං මැඩි තත්වයක් මට පේනවා. ඒගොල්ලන්ගේ කෝකටත් තෛලය හොරු අල්ලලා හොරකම් කරපුවා ගේනවා කියන එක විතරයි

      විශේෂයෙන් මධ්‍යම ආන්ඩුවක් යටතේ වෙලදපොල හසුරුවන එක ගැන තමයි මේ ගොල්ලො වැඩි බරක් දාන්නේ...ඒක නම් ජවිපේ නායකයක් විතරක් නෙමේ මාලිමාවේ ඉන්න ආර්ථික උගත්තු පවා කථා කරන්නෙ ඒ ගැන. රටට ඕනා දේවල් රට ඇතුලෙම නිපදවන නිශ්පාදන ආර්ථිකයක් ගැන සිහිනෙක තමයි මේ කට්ටිය ඉන්නේ..සිරිමාවො කරලා ආසාර්තකයි කියලා ඔප්පු කරලා පෙන්නපු ක්‍රමයක් ගැන මේ ගොල්ලො සිහින දකිනවා. මේ ලිංමැඩි ආර්ථිකය දැක්මත් එක්ක ගියොත්, මාලිමා ආන්ඩුවක් යටතේ ගෝඨබය -2 බලා ගන්න පුලුවන් කියලා කැට තියලා කියන්න පුලුවන්.

      ඇත්ත ඇති සැටියෙන් කියලා දේශපාලනය කරන්න බෑ කියතත් එහෙම කරලා බලයට පත්වෙච්සිචි අය ඉන්නවා. මා රනිල්වාදීයෙකු නොවුනත්, ඔහුගේ අතේ මර්ධනයේ ලේ ගෑවී තිබුනත් , රනිල් 2001 සිටම එකම ප්‍රතිපත්තියක් මත පිහිටලා බලය අරං තියෙනවා. මේ අවස්තාවම ජවිපේට ආවත් හිස්වෙච්චි භාණඩාගරයත්, නැත්තටම නැතිවෙච්සි විදේශ මුදල් සංවිතත් එක්ක ඒ අභියෝගය භාරගන්න ජවිපේට තමන් ගැන විශ්වාසයක් තිබ්බෙ නෑ..

      මාක්ස්වාදයත්, ජාතිකවාදයත් දෙකම කරේ තියන් අතීතයේ ඉදන්ම බැලන්ස් කර ගන්න බැරි දේශපාලනයක් කරපු මේ අය , මේ පාර තවත් කදක් තමන්ගේ කර උඩ තියා ගෙන.. මාක්ස්වාදයත් ජාතිකවාදයත් බැලන්ස් කර ගන්න බැරුව අතීතයේ ඉදන්ම අන්ත මාක්ස්වාදිනුත්, ජාතිකවාදීනුත් පක්ශයෙන් වරින් වර කැඩී ගියා. මාක්ස්වාදීන් සහ ජාතිකවාදී මලකුණු වලට අමතරව තමත් මලකුණක් කරේ තියන යන මාලිමාව ඉදිරිපත් වෙලා තියෙනවා...ඒ නිසාම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයෙත් කරුණු හංගලා ගහනවා මිසක් ස්ථිරව හා සෘජුව අදහස් ප්‍රකාශ කරන්න මේ ගොල්ල්ලන්ට බැරි වෙලා තියෙනවා.


      මගේ අදහස් සමග ඔබ එකග නොවෙන නමුත් ඉතා දිර්ඝ ප්‍රතිචාරයක් යොමු සහ්දා ඔබ කල ඔබේ කාලයටත් , අදහස් වලටත් ඔබට මා පුදන නොවක් ස්තුතිය පිලිගැනීමට අකමැත්තක් නැතැයි මා අදහස් කරනවා.

      Delete
    2. තට්ටයාගේ පරිණත අදහස් දැක්වීම අගෙයි. ඒ අදහසට එකඟ වන ගමන්ම මයියා ගේ අදහස් වලත් යම් අත්තක් තිබෙන බවත් පිලි ගත යුතුයි. අතීතයේ එවැනි ප්‍රශ්න තිබුන.

      Delete
    3. බොහොම ස්තූතියි අජිත් ඔබේ ප්‍රතිචාරයට..
      ජවිපේ අතීතයේ ඉදන්ම තමන්ගේ සමාජවාදී දැක්ක ඉලක්කය කර ගෙන දේශපාලන උපක්‍රම තෝරනවා.

      ජවිපෙටෙ වැඩියෙන්ම ගලවන්න පූලුවන් බයියන්ගේ ජන්ද ටික තමයි. මේකේ රහ මේගොල්ලන්ට ඉස්සෙලම ලැබුනේ චන්ද්‍රිකත් එක්ක ජ්නදේ ඉල්ලලා ආසන 42 ක් ගත්තට පස්සේ..

      ගෝඨාගේ මෝඩ වැඩපිලිවෙලත්, ආර්ථික ප්‍රශ්ණත් එක්ක ගැලවෙන බයි ජන්ද ටික තමන්ගේ ගොඩට දා ගන්න හදපු දේශපාලන උපක්‍රමයක් විදිහට තමයි මට මාලිමාව අටවා ගත්ත එක පේන්නෙ. එහෙම නැතුව එගෝල්ලන්ගේ පසුගාමි සාමාජ්වාදී අර්ථික දැක්ම වෙනස් කර ගෙන අලුත් ගමනක් යන්න අවංකව කැපවෙනවයි කියන සුන්දර බලාපොරොත්තුක මම නෑ.. ඒ ඔවුන්ගේ ඉතිහාසය දිහා බලලම තමයි.

      Delete
  5. Replies
    1. ස්තූතියි බස්සො වැටට

      Delete
  6. අපේ රටේ ඉන්නේ සිල්වත් ඇත්තොයි
    නිති පන්සිල් ගන්න; නොරකින ගුණවත්තුයි
    වරදක් කළත් ඒකත් ලෝකෙට හොරෙනුයි
    ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කයි!

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි....සිල් රෙද්දටයි...ධර්මයටයි..රට ජාතිය රැක ගන්න අරකයි මේකයි කියලා කරන තරමක් සක්කිලි වැඩ කරන එවූන්නේ වැඩි... ඒ වෙනුවට අවංකව යතාර්ථය පිලි අරගෙන සැබෑ ප්‍රශ්ණෙට උත්තර දෙන ඔළු ගාන වැඩි වෙච්චි දවසට ලංකාවේ දියුණු වෙයි...කිව්වත් වගේ ආදා මාළු ඉරටෙන් කන්න තමයි හැමදෙනාම සෙට් වෙන්නෙ...ඒකනෙ දියසෙන් කුමාරයා පහල වෙනකං ඉන්නේ තමන්ගේ කොටස නොකර..

      Delete
  7. ඔබගේ සටහන කියෙව්වා.. අනේ මන්දා මොනවා කියන්නද කියලා. මට හිතුනෙම.. අපි ඉන්න රටේ කැනබීස් නීතිගත කරලා දැන් ඒ වෙලද සැල් තියෙන්නේම පාසැල් කිට්ටුව. ඒකෙම අනිත් එක ඔහෙ වෙයිද මන්ද. නිකන් සිතිවිල්ල ක් විතරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලියෝනි ඔබේ ගැඹුරු පිලිතුරට. මවක් සහ කාන්තාවක් වශයෙන් මට ඔබගේ අදහස තේරූම් ගන්න පුලුවන්.

      කැන්බීස් වෙනම මාතෘකාවක් නිසා මා ඒගැන කථා කරන්න අදහස් කරන්නෙ නෑ..

      නමුත් ඔබේ ප්‍රතිචාරයේ යටිපෙල විදිහට මා තේරූම් ගත්තේ නීතීගත කිරීම නිසා ගණිකා සේවය සදහා ඉල්ලුම තවත් වැඩි වී ඒ කර්මාන්තය හා ඈදුනු සමාජ් සහ ආරක්ෂණ ප්‍රශ්ණ තවත් වැඩි වෙයි දෝ කියන සැකය වෙන්න ඇති කීයලා මා අනුමාන කරනවා.

      අපි ගණිකා වෘතිය නීතී ගත නොකලත්, සමාජයේ, කළු ආර්ථිකය ඇතුලේ මේ වැඩේ ජයටම යනවා. එකම දේ ඒ පිලිබද කිසි රෙකෝඩ් එකක් නැති වීම පමනයි. අවශ්‍ය වෙන්නෙ මේ කාර්‍ය අවශ්‍ය පදමට නීතීගත කර ඒ කර්මාන්තයේ යෙදෙන්නන්ගේ සහා සේවය ලබා ගන්නන්ගේ ආරක්ශාව සහ සෞඛ්‍ය තහවුරු කිරීම පමණයි.

      ගණිකා වෘතිය නීතී ගත කිරීමේදී ඒ සදහා කලාප ඇති කිරීම ඔබ ඉස්මතු කර ඇති කාරණයට විසදුමක්. උදාහරණයක් ලෙස ඒ සදහා වෙන්වුන කලාප ඇති කිරීම මගින් හන්දියක් හන්දියක් ගානේ ස්පා නමින් බිහිවෙන අර්ධ ගණිකා නිවාස ව්‍යාප්තිය අඩු කරන්න පුලුවන්.

      මා ප්‍රතිපත්තියක් ලෙස ලයිසන් ක්‍රම වලට කැමති නැති උනත් ලයිසන් ක්‍රමයක් යටතේ ගණිකා සේවය කලාප වලට සීම කිරීම මගින් ගණිකා නිවාස ව්‍යාප්තිය අඩුකර ගන්න පුලුවන්..ඒ ගම්නගර වල හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන ස්පා හා බැදුනු පවුල් , සෞක්‍ය, හා සාමාජීය ප්‍රශ්ණ ඒ තුලින් යම්කිසි දුරකට පාලනය කර ගත හැකි කියන අරමුණින්

      නැවතත් ඔබේ අඟනා ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි

      Delete
  8. මායියාතුමෝ...
    පෝස්ටුව කියවද්දි පළමු ජේදයෙන්ම මට දැනුනෙ ජේවිපී, ජෙප්පො විරෝධ ගතියක්. සමහරවිට හෝ බොහෝ
    විට එහෙම නොවෙන්න ඇහැකි ඔබ.

    මටනං මේ දවස්වල වැඩිම විවේචන සහිත කතා ඇහෙන්නෙ හා ඇඟට දැනෙන ලෙස වදින්නෙ බලයෙ ඉන්න ඈයන්ගෙ.
    සමාජ මාජ්ජ නියාමන පනත ඒ අතුරින් ප්‍රමුඛයි.

    ReplyDelete
    Replies

    1. ජෙවීපි ගැන කියලා වෙනම විවේචනයක් මා සතුව නෑ...පොදුවේ හැම දේශපාලකයා ගැන තියෙන විවේචනයම අඩු වැඩි වශයෙන් ජේවීපි ගැනත් මා සතුව තියෙනවා. උඩ තට්ට මහත්තයට දාලා තියෙන ප්‍රතිචාරය දිහා බැලුවොත් ඔබට පේනේවී ජවිපේ කෙරෙහි තියෙන මගේ විවේචනය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියලා.

      ඔන්ල්යින් පණත ගැන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දවස්වලම මා එහි මර්ධනකාරී ස්වාභයට ඉදිරිපත් කරමින් ලිපියක් ඉදිරිපත් කලා. එය වැඩි දෙනෙක් බලා ඇති බවක් නම් නෑ...

      https://maiyyagelokaya.blogspot.com/2023/10/blog-post.html

      මගේ මථයේ හැටියට දැන් බලයේ ඉන්න දේශපාලුවන් වගේම බලය වෙනුවෙන් කෙල හලන දේශපාලුවනුත්, ජවිපේත් ඇතුලුව මේ පණතට කැමතියි කියලා. මන්ද අන්තර්ජාලය මේ හැම දේශපාලකයන්ටම අභියෝගයක්...ඒ නිසා තමන් බලයගත් දවසක මේ පණතේ ලබා දෙන මර්ධනය දියත් කරන්න ඒ කිසිවෙකුත් පසුබට වෙන්නෙ නෑ..

      මේ පණතට විරුද්ධව ඉස්සරාට එන්න ඕනේ පුරවැසියම තමයි. දේශපාලුවා අපි වෙනුවෙන් මේ ගැන අවංකව විරෝධය දක්වයි කියන සුන්දර සිහිනයේ මා ඉන්නේ නෑ.

      මේ පණතට විරුද්ධව සාමාන්‍ය මිනිස්සු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පන්ස් ගණනක් ඉදිරිපත් කලා. එය සාධනීය තත්වයක්. උසාවිය මේ පණතේ වගන්ති පන්ස් ගණනෛකින් තිස් ගණනක්ම වෙනස් වෙන්න ඕනේ කියලා ඓතිහාසික තීරණයක් ලබා දුන්නා.

      නමුත් මර්ධනය ආත්මය කරගත් රනිල්, පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ මේ පණත් ඒ විදිහටම සම්මත කර ගැනීමේ අවධානාමක් තියෙනවා. අද දවසේ ඒ ගැන බලා ගන්න පුලුවන්..
      මේ පණතට අත උස්සන කිසිම දේශපාලුවෙක් ඊලග පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු යැයි මා ප්‍රාර්ථනා කරනවා.
      පුරවැසියාත්, ආනාගත ඉපදෙන්න ඉන්න දරුවාත් වෙනුවෙන් අද දවසේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරියේ විරෝධය දක්වන හැමටත්, මේ සම්බන්ධව පෙත්සම් ඉදිරිපත් කල , ඒවෙනුවේන් විරෝධය පලකල හැමටත් ස්තූතිය පුද කරන්න මා මේය අවස්ථාවක් කර ගන්නවා.

      නමුත් අපි වෙනුවෙන් අපි ම ඉදිරිපත් වෙන්න ඕනේ කියන කාරණය මා දැඩිව විශ්වාස කරනවා. දේශපාළුවා අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ..

      Delete
  9. Replies
    1. බොහොම ස්තූතියි වැටට උදය

      Delete
  10. එකඟයි මයියා ...
    මේවා නිකං ඡන්දයක් ළඟ එද්දී එලියට පනින කතා කියලයි මට හිතෙන්නේ.
    සංවේදී කණ්ඩායම් අවුස්සලා තමන්ට නැතිවෙලා තිබ්බ වේදිකාව ආයේ හදාගන්න ගහන ගේම්.
    නීති ගත කලත් නොකලත් ඒක ලෝකයේ පැරණිම රස්සාව.
    මගේ නම් මතය ඒ මිනිස්සුන්ට (ගැහැණු/ පිරිමි) ඒ රස්සාව කරන්න ඉඩ දියයුතුයි.
    ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට අමරීන්..

      ඔබගේ බ්ලොගයට ගොඩ වී දකුණු කොරියාවේ අත්දැකීම් ගැන ඔබ ලිය ඇති ලිපි රසවින්දා..හරිම වෙනස් කෑම කල්චර් එකක් තියෙන්නෙ...ඒක දිගටම ලියාගෙන යන්න කියලා ආදරයෙන් මතක් කර හිටිනවා..

      ඔබ් ඔබේ කතාව හරි, විශේශයෙන් සමන්මලී ගේ ප්‍රකාශය . ඒත් හරිණි කියලා තියෙනව් දේවල් නම් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඒ විදිහටම ලියලා තියෙන විත්තිය දැක්කා. ඒ මොනා තිබ්බත් සමාජ් මතයක් ඇති කරලා.. ඒ වෙනුවෙන් මහපොලොවේ වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනේ..

      Delete
  11. Replies
    1. බොහොම ස්තූතියි වැටට Pra jay

      Delete

2222