ඇමෙරිකානු ට්‍රම්ප් පාලනය යටතේ ලංකාවට පනවලා තියෙන 44% ක බද්දත් එක්ක ඉදිරියේදී ලංකාවට ඇමෙරිකානු වෙළදපොල වැසී යෑමේ අනතුරක් තියෙනවා. මේකෙන් කොච්චර ලොකු බලපෑමක් ලංකාවට වෙනවද කියලා තේරුම් ගන්න මේ ප්‍රස්තාරය උදව් වෙනවා. ප්‍රස්තාරයේ තියෙන්නෙ ලංකාව විවිධ රටවල් එක්ක, භාණ්ඩ හා සේවා ගණුදෙනු කිරීම නිසා ඇති උන වෙළද ශේෂය.
මේ අතරින් ධන වෙළද ශේෂයක්, ඒ කියන්නේ ආනයනයට වඩා අපනයනය, කරලා, අන්තිමේදි ඩොලර් උපයලා තියෙන්නේ රටවල් කීපයක් එක්ක විතරයි.
ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය,ඉතාලිය තමයි අපි ප්‍රධාන වශයෙන් ඩොලර් හම්බු කරපු රටවල්. මේවගෙන් ලංකාව වැඩිම ඩොලර් හම්බු කරලා තියෙන්නේ ඇමෙරිකාවෙන්. ඒක ඩොලර් බිලියන 3ක්. ඊලඟට ඉන්න එංගලන්තයෙන් අපේ රටට එන්නෙ ඩොලර් බිලියන 1ක් විතර.ඉතින් අපිට මේ ඩොලර් බිලියන 3 ක් අහිමි වෙනවා කියන්නේ කොච්චර ලොකු කම්පනයක්ද කියන එක හිතා ගන්න පුලුවන්නෙ.
මේ වගේ අලකලංචියක් අස්සේ තමයි මාලිමාවේ හදුන්නෙත්ති පුරසාරම් කියෙව්වෙ ට්‍රම්ප්ගෙ බදු ගැහිල්ල අපිට එච්චර ලොකු නෑ කියලා. පස්සෙ කවුරු හරි දැනුවත් කරලා එයා ඒක නිවැරදි කරලා නම් තිබ්බා. ඒත් ඉතින් එයාගේ දන්න තරම හිතා ගන්න පුලුවන්නේ..