මයියාට අයියෙක් හෝ මල්ලියෙක් නැත. ඉන්නේ එකම එක අක්කා කෙනෙක් පමණකි. ඒ කෙසේ උනත් මයියා තමා සමග එක බඩවැල කඩාගෙන ආ අක්කාට වඩා වැඩියෙන් සමීප අක්කා ගේ හබී හෙවත් අක්කා ගේ ස්වාම්පුරුශයා සමගය. නෑකම්ට ඔහු මයියා ගේ මස්සිනාය..මයියා ට නම් ඔහුගේම අයියා ය.
මයියා හට පෙරදිනකදී ඔහු නියම උපදෙසක් දුන්නේ ය,
ඔහුගේම වචන වලින් එය කියනවානම්...
"මල්ලී, ගැණියෙක් ගන්නවයි කියන එකයි , කාරේකක් ගන්නවයි කියන එකයි දෙකම මනුස්ස්යෙක්ගේ ජීවීතේ වැදගත් දේවල්....මේ දෙකම හොයලා බලලා කලේ නැත්නම් පස්සේ ලෙඩ දෙන්න ගන්නවා.."
අයියා මයියාට මේ කථාව කිව්වේ ලOකාවේ ගැනු හා ලOකාවේ කාර් මාර්කට් එක ගැන හිතාගේනය,,,
කෙසේ නමුත් අයියා ගේ කටේ මසුරන් දමන්න වටිනවාය..මන්ද මයියා ගේ ඉන්ටර්නැශනල් අත්දැකීම අනුව මේ කථාව අපගේ කුඩා අඹ ගෙඩියට පමණක් නොව මුලු ලෝකයට හරි යන බව මයියාට තේරුම් යන නිසාය.
උදාහරණයක් ගමු..මැදපෙරදිග රටක් ගැන...මේ රටවල කාර් ලාබය, එක පුද්ගලයාට කාර් දෙක තුනක් හෝ ඊට වඩා ද ඇත්තේය. මේ රටවල සිටින පිරිමින්ට ඇති ගැනු ගණනද ඒ වගේය. කාර් එකකට හිත ගියොත් එය මිලදී ගෙන ගෙදර ගෙනෙනවා වගේ ගැනියෙකුට හිත ගියොත් ඒ ගැනි ව ගෙදර ගෙනත් තබා ගැනීමට මේ රටවල පුද්ගලයින් මැලි වීමක් නැත..
දැන් යුරෝපීය හෝ ඇමරිකාව දෙස බලමු. මේ රටවල මිනිසුන් හට කාරයක් ගැනීම ඉතා පහසුය. හොද කාරෙකක් දැක්කොත් ගන්නට මැලි වෙන්නේ නැත. නමුත් පසුව ටික කාලයකට පසු ඊට වඩා වෙනත් හොද කාරේකක් දක්කොත් හෝ වෙනසකට වෙනත් කාරෙකක් පදවන්නට හිතුනොත් හෝ, අර පරණ කාරය විසි කරදමා අලුත් කාරයකට යැමට මොවුන් රුසියෝය. මොවුන් ගේ ගැනු ගැනීමද මීට දෙවැනි නැත. අද ගැනියෙක් ගත්ත උනත් පහු වෙනිදාට ඇය හොදනැති උනොත් ඇයව ඩිවෝස් කර දමා නව සම්භන්දතාවක් පටන් ගැනීමට තරම් මොවුන් දියුණුය/නොදුයුණුය
ලOකාව ගැන කතා කරන්න ගියොත් ඉතින් බහුතරයක් කාර් මිලදී ගත්තාට පසු ලෙඩ දෙන ඒවාය, එසේ උනත් අලුත්වැඩියා කර හෝ ගත්ත කාර් එක සමගම හැප්පීම අපගේ සිරිතය. අපේ ගැණු ද ඒ වගේමය, ගන්න කොට කාර් බොඩිය ටින්කරින් කර පෙනුමට තියෙන් මුත් කාලය සමග ටින්කරින් ගැල වී කඩතොලු මතු වේ. එන්ජින් ට්‍රබල් අපමණය. අනේ එහෙමයි කියලා අපේ උන්දේලා කාර ය විසි කරන්නේ නැත. අපේ පවුල ගැන සOකල්පයද එසෙමය..වාහනේ කොට උඩ ගියත් ගරාජයේ හරි වාහන තබා ගැනීමට අප පුරුදු වී ඇත්තේය..
යුසර් ෆ්‍රෙන්ඩ්ලි කාර් හදන්නේ ජපානයේය..ජපානයේ ගැනු ද ඒ වගේය, ඕනැම දේකට කොන්ද පාත් කරානවාය , ඒ අතින් ඔවුන් හස්බන්ඩ් ෆ්‍රෙන්ඩ්ලිය. මයියා ගේ යහලුවන් කීප දෙනෙකුටම ජපන් කාර් ඇතිවා මෙන්න ජපන් බිරින්දැ වරුද සිටී...ඒ අතින් ජපානේත් කාර් හා ගැනු කියන්නේ එක වගේය.
මොනා උනත කාරය හා ගැණු අතර එක වෙනස් කමක් ඇත, එනමුත් මයියා ජුගුප්සාජනක දේවල් බ්ලොගයේ නොලියන බැවින් කාරෙකේ එන්ජිමෙහි පිහිටීම සම්භ්න්දයෙන් ලියන්නේ නැත..මේය සOසන්දනය කිරීම පාඨකයාගේ කැමැත්තට ඉඩ හරිනවාය...