Monday, 12 January 2015

අධීවේගය නැමැති මල්වට්ටියට ඔබේ සම්මාදම කොච්චරද?

ලංකාවේ අපේ කට්ටියට අධීවේගී මාර්ග දැන් ඇඟට ජීරණය වෙලා ඉවරයි. ඒ නිසාම ලංකාව වගේ රටකට අධීවේගී මාර්ග අවශ්‍යදැයි කියන කාරණයට බහුතර  සහ ජනප්‍රිය මතය 'ඔව්'.

අධීවේගී මාර්ග කීපයක නිතරම ගමන් ගන්න, ඒ නිසාම කීයක් හරි හොයා ගන්න මගෙත් මේ සදහා පැහැදිලි උත්තයරය 'ඔව්' කියන එක විය යුතුයි.එහෙත් එහෙම අත්දෙකම උස්සලා කෑ ගහන 'ඔව්'  කිවිල්ලකට මගේ දිව නැමෙන්නේ නෑ.



මේ ගැන යම් තරමක් දුරට හොද සංවාදයක් ඇති වුනා මගේ පසුගිය පෝස්ට් එකේ කමෙන්ට්ස් තුලින්.


මේ තියෙන්නේ රාජ් සමඟ ඇති වූ සංවාදයෙන් අහුල ගත්ත ඒවා...

මයියා : ලංකාවට අධීවේගී මාර්ග අවශ්‍යද යන කාරණය ගැන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්.පෞද්ගලිකව එවා පාවිච්චි කරන්නෙක් නිසා මට එයින් පහසුවක් සැලසී තිබෙනවා. කෙසේ නමුත් අධීවේගී මාර්ග සංවර්ධනයේදී බරපතල සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඒක වෙන්නේ ලංකාවේ පවතින අවිධිමත් බදු ක්‍රමය නිසයි.අධීවේගී මාර්ග වල යෑමට තියා එවා ඇස් දෙකටවත් දැක නැති ඩොටේ සිරියාවතිගේ භූමිතෙල් කාලේන්, සිරිපාලගේ ත්‍රී වීල් එකෙන් මේ අධීවේගී පාරවල් වලට ගෙවීම එහි ඇති අසාධාරණයයි. කොටින්ම කියතොත් අධීවේගී මාර්ගයේ ගමන් කරන්නන් සහ එහි ප්‍රතිලාභ ලබන්න්නන් ( ගමන් කරන්නන්ට අමතරව) එහි සැබෑ මුදල නොගෙවීම මෙහි ඇති ප්‍රශ්ණයයි. 

සුභසාදක ආර්ථියකය ඇති රටක සාමාන්‍යයෙන්  විය යුත්තේ මෙහි විරුද්ධ පැත්තයි.

එනම් නැති හැකි අයට ඇති අයගෙන් පොම්ප කිරීමයි. එහෙත් ඔක්කොම කණපිට ගහන ලංකාවේ වෙන්නේ නැති බැරි අයගෙන ඇති හැකි අයට කන්න දීමයි

රාජ් : මයියා මේ තර්කයේ වැදගත් කමක් මට නම් පේන්නෙ නෑ. මයියා කියන විදියේ බදු ක්‍රමයක් ඇතිකරන්න බෑ. උදාහරනයක් විදියට මම සීටීබී යන්නෙ නෑ. නමුත් සීටීබී එකේ පාඩු පියවෙන්නෙත් මගේ පොකට් එකෙන් ගත්ත කොටසක් ඇතුලත්ව. මට ඕනකමක් නෑ ආගම් අදහන්න. නමුත් ආගමික කටයුතු අමාත්යන්ශය වෙනුවෙන් මගේමුදල් යෙදවෙනව.
අනිත් කාරනාව අදිවේගී මාර්ගය සාමාන්ය මිනිස්සු පාවිච්චි කරනව.

අපි බලන්න ඕන දූශන සිදුවෙලාද කියල මිසක් අනිත් දේවල් නෙවේ.

මයියා :

ස්තූතියි රාජ් අදහසට...

මේ අදහසේ වැදගත් කමක් ඔබ පිලිගන්නේ නැත්තේ ලංකාවේ බදු ක්‍රමයේ තියෙන තියෙන එක්තරා කාරණාවක් හින්දා. 

කිරිපිටි වලින්, තේ කොල වලින්,ප්‍රැට්‍රල් වලින් ඩීසල් වලින් වෙන වෙනම ගහන බදු වෙනුවට, (Indirect Tax) තමන්ගේ වැ‍ටුපෙන් කෙලින්ම බදු කපා ගන්නා ක්‍රමයක් ( Direct Tax)ලංකාවට කවදා හරි ලැබුනෝත් මට ව්ඩ හොදට ඔබට මේ බදු ක්‍රමයේ අසාධාරණය පෙනෙවී යැයි උපකල්පනය කරනවා.

රටේ 2% වැනි ඉතා සුලු පිරිසකට ගමන් කිරිමට රටේ බහුතරයක් ණය කිරීමේ පොලිසි ඩිෂිෂන් එකේ වෑ‍රැද්දක් බව පේන්න නම් මේ බදු ක්‍රමයේ ඇති අසාධාරණය පිලිගන්න වෙනවා

ලංකාවේ බදු ගහන්නේ හංගලා හින්දා මිනිස්සුන්ට ආණ්ඩුව දුවන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා ඇඟට දැනෙන්නේ නෑ. බුද්ධිය කොච්චර එසේ කිව්වත්, වැඩවසම් ක්‍රමයේ නටබුන් මත ජීවත් වන බහුතර ලංකිකයට තාම දැනෙන්නේ මේවා රජතුමාගේ සල්ලි වලින් කරන බවයි..

ඒත් වක්‍ර බදු අඩු කර උපයන විට බද්ද වැඩි කල විට මිනිස්සු තමන්ගේ සල්ලි වලට වන දේ ගැන මීට වඩා හිතාවී...

දැන ගැනීමට : දල වශයෙන් ලංකාවේ ඉන්ඩිරෙක් ටැක්ස් 80% වන අතර ඩිරෙක්ට් ටැක්ස් 20% ක් වේ.. එහෙහ්ට් දියුණු රටක මේ අනුපාතය 20% :80% අනුපාතය වේ




මේ තියෙන්නේ ජාතිකවාදියෙක් උන දර්ශන කස්තුරිරත්නගේ අදහස



දර්ශණ : මට තේරෙන විදිටය අධිවේගීමාර්ගවලට එන ණයවලින් වැඩි ප්‍රමානයක් ගෙවන්නේ ඒවායේ යන අයමයි. ඒගොල්ල සල්ලි ගෙවලා යන්නේ. මේවායේ ගිවිසුම් ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මේවායේ ආදායම අදාළ බැංකුවට යන විදියට. ඒ විදියට තමා ණය පියවෙන්නේ. මට හිතෙන ප්‍රශ්නය ඉඩම් සහ පරිසරය සම්බන්ධ එකක්. ලංකාව මහා විශාල රටක් නොවේ. තියෙන්නේ සිමිත ඉඩම් ප්‍රමාණයක්. අධිවේගී මාර්ග නිසා දැවැන්ත පාරිසරික හානියක් වෙනවා. පරිසරය දෙකඩ වෙනවා. අනෙක් අතට මේවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ වාහන තියෙන අයට විතරයි. බහුතරයක් යන්නේ දුම්රිය බස් වැනි පොදු ප්‍රවාහන සේවාවල. ඒ අයට මේවායෙන් ලොකු ප්‍රතිලාබයක් නෑ. රටට යම් ප්‍රතිලාභයක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ගෙවන මිල (වියදම නොවේ) වැඩියි.

මයියා : නැහැ දර්ශණ...අධිවේගී මාර්ග වලට යන වියදම දරන්නේ එහි ගමන් කරන අයම නෙවෙයි...ඔවුන් දරන්නේ එයින් ඉතා සුලු කොටසක්....

උදාහරණයක් ලෙස දක්ෂිණ අධීවේගී මාර්ගයේ සාමාන්‍ය අවුරුද්දක ආදායම ‍රැපියල් බිලියනයක් විතර. ඒත් දක්ෂිණ අධීවේගයේ වියදම රුපියක් බිලියන 80 ක් විතර. එහි නඩත්තු කටයුතු මුදල මෙයට ඇතුලත් නෑ... ඒවගේම ඒ බිලියන 80 වේ පොලිය මෙයට ඇතුලත් වීත් නෑ...2-3% අඩුම පොලිය ගත්තත් මේ ආදායම ,රුපියල් බිලියන 80 පොලිය විතරක් ගෙවෙන්න විතරක් ප්‍රමාණවත් මුදලක්. කෙසේ නමුත් අධීවේගී මාර්ගය ඉදී කිරීමනිසා සිදුවන ආර්ථික වර්ධනය, තෙල් ඉතුරුවීම මෙයට ඇතුලත් විය යුතුයි.

එහෙම බැලුවම අර රුපියල් බිලියන 80 දාල තියෙනෙන සමාන්‍ය ජනතාවගේ බඩට කියන එක ඔබට පැහැදිලි ඇතැයි සිතනවා..

7%-8% චීන ණය ( මේවයේ සැබෑ වියදම ඊට වැඩියි) වලින් කෙරෙන අයෝජන වල තත්වය මීට වඩා දරුණුයි...

මට කියන්න ඔනේ ණය ගන්න එපාකියලා නෙවෙයි..ගත්ත ණයෙන් උපරිම ප්‍රතිලාභය ගන්න කියලා සහ දූශණය අවම කරන්න කියලාවිතරයි....



ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ......

ඕනෑම අයෝජනයක කොස්ට් බෙනි‍ෆිට් (Cost - Benefit) ඇනැලිසිස් එකක් කියලා තියෙනවා.....අධීවේගී මාර්ග සංවර්ධනයේදී කොස්ට් (Cost:වියදම) එකට හරියටම ගණං හිලවු කියන්න පුලුවන් උනත් බෙනි‍ෆිට් (Benefit ;ලාභය) එකට ඉලක්කං රිංගවන එක ටිකක් අමාරු කාර්‍යක්...

උදාහරණයක්  අධීවේගී මාර්ගයක් තැනීම නිසා ඇතිවන වාසී  ( Benefits) ලෙස සලකනු ලබන්නේ...
1. වාහන ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් ඇතිවන ඉන්ධන ඉතිරුම
2.)මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයේ දී ඉතුරුවන කාලය නිසා ඇතිවන ආර්ථික වාසිය
3.) මාර්ගය ආශ්‍රිත පෙදෙස් වල සිදුවන සමාජ ආර්ථික දියුණුව ආදියයි..

මේ කාරණා බලන කොට මේවා ඉල්ලකම් වලින් කොච්චර නිවැරදිව ගණනය කර ගත හැකිදැයි යන්න ප්‍රශ්ණාර්ථයක්...කොටින්ම මෙවැනි කාරණා සම්භන්ධව සිදු කරන ගණනය කිරීම වලිදි A නැමැති පුද්ගලයා ඉදිරිපත් කරන ගනං හිලව්, B නැමැති පුද්ගලයා සිදු කරන ගණනය කිරීමට වඩා ලොකු වෙනසක් වෙන්න පුලුවන්....


ඒ නිසාම තමයි ලංකාව වගේ රටකට අධීවේගී මාර්ග අවශය්‍යදැයි කියන කාරණය සම්භන්දයෙන් මට පොඩි මිශ්‍ර හැඟීමක් එන්නේ........

ප:ලි  ;  මේ පෝස්ට් එක ලියලා තියෙන්නේ බ්ලෝග් පොස්ට් එකකට වැටිච්චි කමෙන්ට්ස් වලින්....පෝස්ට් එකක් ලියන්න වේලාව අඩු වෙචිචි වෙලාවට ගොඩ යන විදිහක්....මේ වගේ පෝස්ට් එකකට දාන්න හොද නමක් කියන්න බලන්න කට්ටිය එහෙනං.....


2222