Tuesday, 29 June 2010

කෑදරකමද? ආසාවද? ආදරයද?

මයියාට ආදරය ගැන එක එක දේවල් හිතෙනවා..ඒ උනාට පොඩි ප්‍රශ්ණේකට තියෙන්නේ, ආදරය කියලා කියන්නේ මොකක්ද කියලා මයියාට තාම හරියට මීටර් වෙන්නේ නැති එකය..ආ...ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනෙ..මයියා මේ කතා කරන්නේ කොල්ලො, කෙල්ලො අතර නැතිනම් ගැනු මිනිස්සු අතර ඇති වෙන ආදරය ගැනය.....

මයියට හිතෙන විදිහට ඔය ආදරය යැයි කියලා කට්ටිය කියන එක අකාර තුනක් ය. ඒවාට මයියා නම් දාලා තියෙන්නෙ කෑදරය, ආසාව, ආදරය කියලාය.

මේ ආදරය යැයි කියලා ඇති වෙන 'කෑදරය' නම් අදුනා ගන්න නම් ගේමක් නැ..මොකද මෙතැනදි තියෙන්නේ එකිනේකාගේ ලිOගික ආශාවන් සOතර්‍පනය කර ගැනීමේ අදහසක් විතරක් නිසාය..මට හිතෙන විදිහට මේ සම්භන්දයේන් ඉස්සරහෙන්ම ඉන්නෙ පිරිමි පරාණය. බැරි වෙලාවත් මේක ආදරය යැයි කියලා හිතාගේන බැන්දොත් එහෙම බඩුම තමාය..ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ දික්කසාදයෙන්ය..නැතිනම් පවුල සී සී කඩය...හැබැයි මයියා මේහෙම කිව්වයි කියලා , එකෙන් ලිOගිකත්වය ආදරයකදි වැදගත් වෙන්නේ නැතෙයි කියලා නම් මයියා අදහස් කලේ නැත.

ඊලගට මයියා මේ 'ආසාව' කියලා කියන දේය බලමු..මේක නම් ආදරය යෙන් වෙන් කරලා ගන්න හරිම අමාරුය. මෙකේ බොලදම අකාරය තමයි අපි අනේකාගෙ ප්‍රසිද්ධියට, ජනප්‍රියතාවයට , සමාජ තත්වයට, ධනයට සහ ඔය සිOදු කීම වැනි හැකියාවන්ට ආසා කිරීමය. ඒ අසා කිරීම ආදරයක් ලෙස වරදවා ගන්නවාය. සමහර විට මේක හිත ඇතුලේ හැOගිලා තියෙන දේයක් නිසා, තමන්ටම මේක තේරුම් යන්නේ නැත. මේ 'ආසාවේ' තියෙන පැටලුම්ම අකාරය තමයි අපි අනේකාගේ පෙනුමට, කථා ව්ලාශයට, අදහස් වලට, පෙනුමට , හැසීරීමට අසා කිරීමය. මෙවා ආදරය කියලා ගැනීම නිවැරදියි කියලා කියන්න බැ..හැබැයි මේ ඔක්කොම ආදරය වැඩි කරන්න බලපාන කරුණු බව මයියා පිලි ගන්නවා ය.

ඔන්න ඊලගට තමයි මයියා ආදරයට එන්නේ..ආදරය කියලා කියන්නේ ඉහත කී සියල්ලේම අඩු වැඩි වශයෙන් එකතුවක්ය..හැබැයි ඒ ඔක්කොම එකතු වු පලියට සැබැ ආදරය ක් ඇති වන්නේ නැත. තව මොකක්දෝ, මයියට කියන්න තේරෙන්නේ නැති අමුතු දෙයක ද එකතුවක්ය..හරියට අතයි, පයයි, ඇගයි තිබ්බ පලියට මිනිහෙක් වෙන්නෙ නැත..එයට ජීවයක්ද තිබිය යුතුය.එවිට තමයි මිනිහෙක් වෙන්නේ.......ඒ විදිහට ඉහත කී සියල්ල තිබුනත්..මයියිට කියන්න තේරෙන්නෙ නැති මේ 'අමුතු දේ' නැතුව ආදරය සම්පූර්න වෙන්නේ නැත...
ඉතිO මේ වගේ හරිහමO ආදරය ක් ලැබීමත්, තමන්ට ලැබුනු දෙය හරි හමO ආදරයක් කියලා තෙරුම් ගැනීමත් වාසනාවක්ය, මුදලින් මිල කරන්න බැරි, වචනයෙන් විස්තර කරන්න බැරි අමුතුම ලැබීමකි..


ඔය වගේ සෑබෑ ආදරයක් ලැබුනොත්,මයියා හිතෙන විදිහට එය ලබා ගැනිමට, එය රැක ගැනීමට මොන කැප කිරීම කලත් කමක් නැත. මොකද සැබෑ ආදරය එතරම් විරල වටිනා දෙයක් නිසාය. හැබැයි මොන කැපකිරීම කලත් අනෙකාගෙන් බලෙන් ආදරය ලැබීමේ කැප කිරීම කරන්න යන්න නම් එපාය...මොකද ආදරය කියලා කියන්නේ දෙන දෙයක් මිස ලබා ගන්න පුලුවන් දෙයක් නොවන නිසාය.....

2222