Thursday 22 July 2010

අන්දරේ ගේ වලත්තකම

අන්දරේ ගැන අහපු නැති කෙනෙක් නම් ලOකාභූමී තලයේ නැතැයි කියලයි මයිය ට හිතෙන්නේ. වැඩි උගත් කමක් හා වැඩි රූප ලස්සනක් උනත් හරි හමකට නැති උනත් පොර ගේ වැඩ කිඩ නම් ඉහලම ගණයේ ඒවයි කියල යි මයියාට හිතෙන්නේ.

සද්ද විද්ද පලග පතිර වෙඩික්කාරගේ විකට අන්දරේ නැතහොත් කවුරුත් දන්න අන්දරේ ජීවත් වෙලා තියෙන්නේ රාජාදිරාජසිOහ රජතුමන්ගේ කාල වකවනුවේ.

දැන් කාලේ ඉන්න රජ්වාසලේ කවටයන් ට, රජුන් ට එරෙහිව මුකුත් කියා ගන්න බැරි උනාට, අන්දරේ නම් බෙල්ල යන්න හරි රජ්තුමාට ඇනෙන්න මොකක් හරි කියලා තියෙනවා. අහලා තියෙනවනේ අන්දරේ රජතුමාට කියපු ලොකුම බොරුව....

රජකම් කලත් ඉදගෙන සිහසුනක් මැද
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැනටම හිත


මයියා ට හිතෙන විදිහට අන්දරේ නියම ආතල් බුවෙකි. චීත්ත කැල්ලක් දැක්ක ම, අන්දරේ ගේ පුරුශ මදය නියමෙටම ඔලුවට ගහලා එලම කවි රිලීස් වෙලා තියෙනවා..

නනා හිටිය ගැනු පරානයක් දැක්ක අන්දරේ කියලා තියෙන කවිය මෙන්න මේහෙමලු..

හිර කර ඇතත් තනපට තද කරන් බැද
දුරටම පෙනුනි නුබේ රන් තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නා ගත්තොත් එකට හිද

දැන් ඔය ඩෙස්පරේට් වෙච්ච කොල්ලො කට කැඩිච්චි කමට කියනේ ' රස්නේ තියෙනවනම් ලයිට් කණුවක් හරි කමක් නැ කියලා".....අන්දරේ නම් ඕක කියලා තියෙන්නේ ඇග රුව හොද නම් අඩු කුලේ ගැනියෙක් උනත් මොකද කියලයි..අහීගුණ්ටික ලස්සන ගැනු පරානයක් දුටු අන්දරේ මෙහෙම කියලා තියෙනවලු...

මග ඒ කුඩා මී වනයේ එමට ඇතී
කොයි කොයි මලෙන් මුත් ඹබරුන් රොන් ගනිතී
කොතන උනත් හරිතෙද මැනික රූ ඇතී
රුව ඇත්නම් අඩු කුලයත් කමක් නැතී

තවත් දවසක 'තණ' කියන ධානය්‍ය වර්ගයක අස්වැන්න මැනගෙන එන්න කියලා රජ්තුමා අන්දරේව ලග තිබ්බ ගමකට පිටත් කලා..පොර රාජ අණ පාවිච්චි කරලා වෙන ආතල් එකක් අරගෙන..

කොට දිග මහත රවුමට උල් වෙච්ච තන
ගැටවට අළුත් හා කල්ගිය පරණ තන
මට මැනගන්න මහ රජුගේන් ලැබුනි අණ
පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන


මෙහෙම කියපු අන්දරේ ඉරටු කැලී වලින් ගැනුන්ගේ බ්‍රේස්ට් එක මැනලා...


අන්දරේ ගේ ගැනු කේස් ගෑන මයියා මීට වඩා අහලා කියවලා තියෙනවා.. එත් පොස්ට් එක දිග වැඩි වගෙයි කියලා මයියා ට හිතෙන හින්දා ඒ කතා වෙන දවසකට දාන්න කියලා මයියා හිතා ගත්තා

මයියා, අන්දරේගේ කාඩ් කුඩු කරන්න සෙට් උනත් ඔන්න මයියා නම් නියම පතිභක්තිය තියෙන පොරක් හොදේ.........හිකිස්

21 comments:

  1. අන්දරේ තමයි දවසටවත් මිනිහා......වැඩේ කියන්නේ ඒකාලේ උන්නේ එක කවටයි නෙව....අද කවටයො මණ්ඩලයක්ම ඉන්නවානෙ.......:)

    ReplyDelete
  2. අන්තිම එක තමයි ෆන්ම. :D

    ReplyDelete
  3. කලින් දැකලා තිබුන දෙවල් උනත් මයියා අයියා. එක ලස්සනට පෙළ ගස්සලා තියනවා.

    ReplyDelete
  4. අන්දරේ ගෑණිට කිව්වලු මෙහෙම....

    හිස දෙස බැලිමි රන්කෙදි වැන්න පීරනා
    තනදෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා
    බද දෙස බැලිමි රන්කද වැන්න ආරනා
    ලද නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා

    මේක අහපු අන්දරේගෙ ගෑණි උඩ ගිහින් අන්දරේට ගැට්ට දාන්න ගත්තලු.. මල පැනපු අන්දරේ මෙහෙම කිව්වලු...

    හිස දෙස බැලිමි පොල් කෙදි වැන්න පීරනා
    තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
    බද දෙස බැලිමි කොස් කද වැන්න ආරනා
    ලද නුඹ බැලිමි වැදිරිය වැන්න දලු කනා

    කොහොම වෙන්න ඇතිද වයිපරෙට ගිය මලේ තරම

    ReplyDelete
  5. මයියා,
    මම අහල තියෙන විදිහට අන්දරේගෙ නම සද්ද විද්ද පළඟ පතිරණ හේවා තොණ්ඩිලගේ අන්දරාස්. පස්සෙ තමයි අන්දරේ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  6. මයියා23 July 2010 at 02:40

    @ හේමලයා

    ඒක නම් ඇත්ත හේමලයෝ, අද කවට මණ්ඩලයක්ම හිටියත් ඒ ගොල්ලො විහිලු සපයන්නේ රජුට නොව අපටයි, වැඩේ තියෙන්නේ ඒ විහිලු වලට අපට හිනා යන්නේ කටෙන් නොවීමයි..


    @ හෙලයා,,

    ඔව් හෙලයෝ මයියටත් එහෙම හිතූනා,,ස්තුතියි මේ පැත්තේ අවාට

    ReplyDelete
  7. මයියා23 July 2010 at 02:46

    @ රවා,

    රවා ගේ බටර් පාරට මයිය ට හරි සතුටුයි,,,මොකද මයියට හිතුනේ පෝස්ට් එක හරියට ආවේ නෑ කියලයි...

    @ අභීත

    ෂා ඔය තියෙන්නේ නියම කවි ටිකක්...මයියා දන්න ප්‍රමාණයට මේ වගේ ස්ටොරි දාන එකේ එක අරමුණක් තමයි , අභීත ලා වගේ අයගේ දන්න දේවලුත් එලියට ගන්න එක..අභීතට ගොඩක් ස්තූතියි මේ වගේ කවි ටිකක් දාල පෝස්ට් එකක එලිය කලාට

    ReplyDelete
  8. මයියා23 July 2010 at 02:54

    @වලාකුලු

    මයියා ට මේ ගැන හරියටම අවබෝධයක් නෑ. මයියා මේ නම උපුටා ගත්තේ , පෙතියාගොඩ සයිමන් පෙරේරා සම්පාදනය කල ජේ එම් ඩී පීරීස් 1964 දී ප්‍රකාශයට පත් කල ' අන්දරේගේ විහිලු ' නමැති පොතෙන්.

    ඒකේ තියෙන විදිහට රජතුමාගේ කාමරය ගාව කෑ ගහපු මැඩියෙක්ව, සද්දේ එන දිහා හිතලා, ඊතලයම් විදලා මරලා දාපු නිසා අන්දරේට මේ නම් රජතුමා ප්‍රධානය කරලා , රජ් වාසලේ කවට කම්ත් දීලා තියෙනවා

    වලාකුලු ගේ අදහසට මයියා ස්තුතීය..මේ ගැන තව හොයලා බලන්නම්..

    ReplyDelete
  9. අඩේ.. අන්දරෙත් හෙන බූබි පොරක් නෙව. හික් හික්..

    ReplyDelete
  10. අන්දරේ කියන්නෙ ඇන්ඩෘ කියන නමේ සිංහළකරණයක් කියලත් පුක්කු නම් අහළ තියෙනව.

    මොනව උනත් එළ කවි ටික.
    බෙදා ගත්තට පිං.

    ReplyDelete
  11. අන්දරෙත් දස කොල්ලෙක් හික් හික්

    ReplyDelete
  12. හික්ස්...මට හොඳටම හිනා මයියෝ.

    ReplyDelete
  13. මයියා24 July 2010 at 01:51

    @ වැම්පයර්

    ඒක නේන්නම්...පොඩි කාලේ අපට අන්දරේ ගැන කියලා දෙන්නේ අන්දරේ නැමැති විකට රජා කියලා නේ..පොර ගේ විහිලු වලට යටින් පොර තුල හොද ස්ත්‍රී රසතාවයකුත් තිබිලා තියෙනවා..

    @ පුක්කු
    පොරගේ නම ඇන්ඩෘ උනත් නැතත් පොර නියම අමු සිOහලයෙක් ..නැත්නම් ඉතින් මේ වගේ ආතල් හිටිවන කවි ඉන්ස්ටන්ට් විදිහට දෙන්න විදිහක් නැ ....

    පුක්කු ගේ අදහසට ස්තුතියි....

    ReplyDelete
  14. මයියා24 July 2010 at 01:58

    @ පිස්සා,

    හිකිස්..පිස්ස වගේ ම තමයි...හැබැයි අන්දරේ නම් ඉස්කෝලේ යන කාලේ බඩු කෙස් තිබිලා නැ..මොකද ඒ දවස් වල ගාල්ලේ බස් ස්ටැන්ඩ් එක තිබිලා නැනේ

    @ දිල්

    අන්දරේ ගේ නම කිව්වත් ඇති නේද? හිනාවෙන්න

    වැඩ ගොඩක් අස්සේ පේ පැත්තට අවාට බොහොම ස්තුතියි...

    ReplyDelete
  15. අන්දරේත් රජ්ජුරුවන්ගේ අණ හම්බුණු ගමන් ඉබ්බ දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ පැනලා යන්න ඇති තන මැනගෙන එන්න :)

    ReplyDelete
  16. ඇයි බන් අපි ඔය ගෑනු ළමයෙක් එක්ක පොඩ්ඩක් පැටලුනාට ඉරටු වලින් " තන " මැන්නෙ නැහ... හික් හික්

    ReplyDelete
  17. මයියා24 July 2010 at 15:38

    @ හසිත

    ඒහෙනම්....

    අපට කොහොද මේ වගේ රාජ නියෝග

    @ පිස්සා

    වෙන්න ඇති..ඉරටු පාවිච්චියක් තියෙන්න නැතුව ඇති,,,

    ReplyDelete
  18. බලං ගියාම කොමඩියන්ලා කොබාලා කියන කතාවෙ වැරැද්දක් කියන්ට බෑ.. ඒ දවස්වල ඉඳලා එහෙමයි ඈ...

    ReplyDelete
  19. මයියා28 July 2010 at 16:39

    @ පුතා


    එහෙනම්..සියලු කොමඩියන්ලා කොබාලා වෙති,,නමුත් සියලු කොබාලා කොම්ඩියන්ලා නොවෙති...

    ReplyDelete
  20. මෙවන් රස කතා තව දාන්න.

    ReplyDelete
  21. නියමයි සහෝ

    ReplyDelete

2222