Monday 23 December 2013

සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ දේශනා කලේ කුමක්ද? The Jesus on Homosexuality



නත්තල අත ලඟ. හැමෝටම ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන ගමන්, මටත් හිතුනා මේ නත්තලේදී ජේසුස් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් ඉගෙන ගන්න.

ගිය නත්තලේදී මම ලිව්වා පෝස්ට් එකක් 'ක්‍රිස්තුස් වහන්සේ සමලිංගිකද? ' කියලා .

ගිය නත්තලේදී ඒ වගේ පෝස්ට් එකක් ලියපු හින්දා, මේ නත්තලේදී මම කල්පනා කරා සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලන්න.

හරි එහෙනම් දැන් අපි බලමු ශුද්ධ වූ  බයිබලයේ මේ ගැන මොනවද තියෙන්නේ කියලා...

පෙරලලා බලමු...





ඈ.....!@#@@...

ඇත්තටම .............ඒකේ මුකුත් නෑ.........

සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මුකුත් කියලා නෑ.......





හැමෝටම සුභ නත්තලක් වේවා...!!


ප: ලි:

1.) මේ තියෙන්නේ ගිය පාර පෝස්ට් එකේ කමෙන්‍ටුවකට මම දාපු  උත්තරයක්......

// මගේ අවංක අදහස මට LGBT සීන් එක එච්චර දිරවන්නේ නැති බවයි..ඒත් ඒක ඔවුන් සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් දැයි සම්භන්ධයෙන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. මා පෞද්ගලිකව LGBT කැමති නැති උනත් නීතීය ඉදිරියේ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් තහංචි දැමිය යුතු නෑ.//

2.)   මේ තියෙන්නේ ඒක ගැන තව පැහැදිලි කිරීමක්....

////පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...

උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම අපුලක්.......///

21 comments:

  1. ඔන්න එහෙනම් උබටත් එසේම වේවා.... නමුත් යාලුවා පොඩ්ඩක් මාතෘකාව වෙනස් කලොත් හොදයි.. මොකද යම් ආගම පීතෘ වරයෙකුට අවමන් කිරීමක්.... මට හිතෙන විදියට....

    ReplyDelete
    Replies
    1. ඈ? කොහොමද මහත්තයෝ අවමානයක් වෙන්නෙ. පොඩ්ඩක් පැහැදිලි කොරන්ඩකෝ.

      Delete
    2. ම‍යියා31 December 2013 at 07:31

      උත්තර දෙන්න පරක්කු උනාට සමාවෙන්න. අපහාසයක් වෙලා තියෙන්නෙ මොන වාක්‍යයෙද ලමයෝ

      @ ඇනෝ


      ම්ගේ ප්‍රශ්නෙත් එකමයි

      Delete

  2. අම්මට සිරි මෙන්න මයියා ජේසුස් වහන්සේටත් අපහාස කරලා..මූට අල්ලන් ගල් ගහමු ...කමෝන් බෝයිස් ...........

    ReplyDelete
    Replies
    1. හෙ හෙ පලමු ගලේ කතන්දරේ මතක් උනා

      Delete
    2. හෙ හෙ පලමු ගලේ කථාන්දරේ මතක් උනා

      Delete
  3. පොඩි ටෙක්නිකල් පොයින්ට් එකක්.

    බයිබලයේ ඇති සියළු දේම ජේසු කියපු දේ නොවේ නේද? එහි ජේසුට පෙර සිදු වූ දේ පවා සඳහන්.

    අනික ජේසු කියූ සියළු දේ ද බයිබලයේ තියේද? මා දන්නා පරිදි එහි ඇත්තේ මුලින් මෝසස් ලා, පසුව මාක් ලා, ලූක් ලා යනාදීන් ලියූ දේ ය. එයින් ද, විවිධ "සංස්කරණ" වලට පසු ඉතුරු වූ ඒ ඒ කාලවල හැටියට පොලිටිකලි කරෙක්ට් දේ පමණි.

    එනිසා- බයිබලයේ මේ ගැන මුකුන් නෑ කියා එනිසා සහ එනිසා පමණක්ම සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මුකුත් කියලා නෑ යනුවෙන් තාර්කිකව ඔප්පු කළ නොහැක.

    with greetings for a jolly good holiday and and excellent new year.

    ReplyDelete
    Replies
    1. ජේසුට පෙර දේවල් සඳහන් තමා බයිබලයේ, නමුත් මෙතන සඳහන් කරල තියෙන්නේ ජේසුස් විසින් මේ ගැන මොනවද උගන්වා තියෙන්නේ කියන එක ගැන. ජේසුස් වහන්සේ ඇත්තටම සමලිංගිකත්වය ගැන කිව්වද නැද්ද කියන එක ගැන දැනගන්න විදිහක් නෑ. කොටින්ම බයිබලයේ ජේසුස් විසින් කිව්වයි කියලා තියෙන ඒවා ඇත්තටම ජේසුස් විසින් කිව්වද කියලා දැනගන්නත් විදිහක් නෑ. අපට ජේසු කියන චරිතය ගැන දැනගන්න තියෙන එකම මූලාශ්‍රය බයිබලය පමණයි. මෙතන වැදගත් වන්නේ කතෝලික සහ ක්‍රිස්තියානි අය තම සමලිංගික විරෝදත්වය පදනම් කරගන්නේ බයිබලයේ ඉගැන්වීම් මත, ඒත් පැරණි ගිවිසුමේ ඉගැන්වීම් මත. ජේසුස් විසින් මේ ගැන කී දෙයක් බයිබලයේ සඳහන් නොවීම ඉතාම වැදගත් පොයින්ට් එකක්

      Delete
    2. HAALOO, ME ARA CHOO, PADA, JEE, PUKA. JOKKU WAGE TOPICS GENA NITHARA LIYANA HADAYA NEDA? MEHE MOKADA MACHAN.

      Delete
    3. @කතන්දර
      මං හිතන්නේ නිදහස් අදහස් මං ලියන්න ඕන දේ ලියලයි කියලා
      @ නිදහස් අදහස්
      ස්තූත්ීයි. පෝස්ට් එකට ඌණපූරණයක්
      @

      Delete
  4. අපිට තියෙන්නේ සමලිංගික සියලු දෙනා ගැනම අපුලක්ද, නැත්නම් ගැහැනු හෝ පිරිමි විදිහට එක කොටසක් ගැන අපුලක්ද? මට සමලිංගික ගැහැණු ගැන කිසිමදාක අවුලක් තිබ්බෙ නෑ... හැබැයි සමලිංගික පිරිමි ගැන නම් පොඩි අවුලක් තිබ්බා... මට හිතෙන්නේ මට ඇත්තටම අවුල තිබිලා තියෙන්නෙ මගේ පුරුෂෝත්තම මානසිකත්වයට.. සමලිංගික පිරිමි නිසා, පිරිමි යැයි පොදුවේ හඳුන්වන මාද අයත් කුලකය බාල්දු වීමක් කියන සිතුවිල්ල තමයි මට අවුලක් වුනේ, හොඳට හිතලා බැලුවහම.

    අපුල කියන්නේ පුද්ගලානුබද්ධ හැඟීමක්නේ, ඒවා ඉතින් කවදත් තියෙයි... සමලිංගිකයන් එසේ වීම නිසා ඔවුන්ට සමාජ අසාධාරණයක් සිදු නොවෙන තත්වයට සමාජය පත්කිරීම තමයි අප කල යුත්තේ. අර කකා කියලා තිබ්බේ වොල්ටෙයාර්ගෙ කියමනක්...(ඔබගේ මතයට එකඟ නොවෙමි, නමුත් එය දැරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කරමි ) ආන්න ඒ වගේ..

    ReplyDelete
  5. ජෙසුස් වහන්සෙ මුකුත් නොකියපු එකෙ අපි මොකට කියනවද බන්.ඔන්න ඔහෙ කට වහන් ඉමු

    ReplyDelete
  6. එහෙනම් මොකුත් කියන්න අමතක වෙන්න ඇති...සුභ නත්තලක් වේවා !

    ReplyDelete
  7. සම ලිංගිකයා සම්මතයට වඩා වෙනස් දෙයක් හැටියට කරන්නේ ලිංගික කර්තව්‍ය විතරයිනේ.....අනිත් හැම දෙයක්ම අනිත් අය වගේනේ...තව එකෙකුගේ ලිංගික චර්යාවන් දෙස එබී බලන්නේ නැති නිසා මට මේ ගැන කිසිම ගැටුමක් නැත. මයියා අපි හැමෝම එහෙම හිතුවොත් අපිට අඩුවෙන්නටවත් නැතිවෙන්නටවත් දෙයක් නැහැනේ. ඒ නිසා වෙන්න ඇති බයිබලයේ මොකුත් ලියලා නැත්තේ.

    මිහිරි නත්තලක් සහ නව වසරක් වේවා!!!

    ReplyDelete
  8. සමලිංගිකත්වය ගැන පමනක් නෙවෙයි අපි කාටත් ලිංගිකත්වය ගැන යම් යම් තේරීම් ඇති. යමෙක් ඹ්ඪ්SM වලට කැමති පමණින් අපත් එයට කැමතිවන්නට බලකරන්නට බැහැනේ. එසේ අකැමැත්ත කැමැත්ත පුද්ගලිකව තියාගෙන ඒ විවිදත්වයට ගරු කර ඔවුන් පිලිගෙන,ඔවුන් අසාධාරණයට ලක් නොකරනවා නම් ප්‍රශ්නයක් නැහැ නෙ.

    ReplyDelete
  9. සාරගර්භ ලිපියක් මයියා!

    ReplyDelete
  10. ජේසුතුමා පෝර්න් ගැනත් මොකුත් කියලා නෑ මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙනවා බන්, එපා කියලා තියෙන්නේ. කොටින්ම කෙල්ලෙක් දිහා "අර" විදිහට බැලුවත් ඒකි එක්ක කාම මිත්‍යාචාරය කලා හා සමානයි කියලා තමා ජේසුස් කියලා තියෙන්නේ

      Delete
  11. සමලිංගිකයන් ගැන යේසුස් වහන්සේ(අළුත් ගිවිසුමේ ) කතා කරලා නැහැ..නපුංසකයන් ගැන ශුද්ධ බයිබලයේ මතෙව් ශුභාරංචියේ 19 : 19 -20 ආදී පද වල සදහන් කරලා තියෙනවා

    නමුත් පරණ ගිවිසුමේ උත්පත්ති පොතේ 19 වෙනි පර්ච්චේදයේ සදහන් ආකාරයට ඉශ්රායෙල් දේශයේ තිබුණු සොදොම සහ ගොමොරාව කියන නගර දෙක දෙවියන් වහන්සේ අහසෙන් ගිණි සහ ගෙන්දගම් එවලා විනාශ කළා.. ඒ මනුස්සයන් පිළිකුල් දේවල් කරපු නිසා ..අධික ලෙස ගණිකාවන් සහ සමලිංගිකයන් සිටීම ඒ අතර ප්‍රධාන වුණා. .. ඒ බව උත් 19 ;05 සදහන් වෙනවා....ඒ නගරයේ පිරිමින් අතර සමලිංගිකත්වය ඉහලින්ම තිබුණ බවට.. . ඒ වගේම ඒ විනාශ වෙච්ච නගර අදටත් නිසරුයි .. එසේම 19; 26 ස්ථානයේ සදහන් වෙනවා ඒ නගරයේ ඉදලා ගැලවුන අබ්‍රහම්ගේ සහෝදරයගේ පවුලේ අය ගැන.. ආපසු හැරී විනාශවෙන නගරය දිහා බලපු අබ්‍රහම්ගේ සහෝදරයා වෙච්ච "ලොත්"ගේ බිරිද ලුණු කණුවක් වුණා.. ඒක අදටත් තියෙනවා ඊශ්‍රායලයේ..
    දෙවියන්වහන්සේ සහ යේසුස් වහන්සේ සමලිංගිකත්වය පිළිකුල් කළා..

    මගේ අදහස නම් සමලින්ගිකයොත් අපි වගේ මනුස්සයෝ.. සමාජයේ සංස්කෘතියේ බැමි වෙනුවෙන් ඔවුන් ජිවිත කාලෙම අසතුටින් ඉන්න ඕනේ නැහැ .. කුඩා දරුවන්ව සහ අනෙකුත් සාමාන්‍ය මිනිසුන්ව පොලඹවා ගන්නේ නැතුව ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට නිරාවරනය නොවී ඔව්න් ඔවුන්ගේ ජිවිත ගත කරමින් සතුටින් ජිවත් වෙනවා නම් එහි වරදක් මගේ දැක්මේ හැටියට නම් නැහැ ...

    ReplyDelete
    Replies
    1. සොදොම සහ ගොමොරාව නගර වල සිද්ධිය සමලිංගික දූෂණයක් කරන්න හදපු නිසා වුන සිද්ධියක් කියලා සමහරු තර්ක කරනවා නේද?

      Delete
    2. ඔව් බයිබලයේ සදහන් වෙන ආකරයයට ඒ හේතුව නිසාම සහ කාමමිත්‍යාචාරයේ අන්තයටම ගිය මිනිස්සු හිටපු නිසා

      Delete

2222