Monday 3 March 2014

යුක්‍රේන් වික්ටර්ට ලංකාවේ මහින්දගෙන්......

වික්ටර් යැනකෝවිච් යුක්‍රේනයේ (හිටපු) නායකයා. පොරත් ලංකාවේ දේශපාලුවො වගේ තමයි. මහින්ද මාමා චීනෙට ගොට්ට අල්ලනවා...රනිල් අයියා සුද්දට ගොට්ට අල්ලනවා...විග්නේස්වරන්ලා, සම්භන්දන්ලා ජයලලිතට ගොට්ට අල්ලනවා....මේ වගේ වික්ටර් මහත්තයා රුසියාවේ ලොක්කා පූටින් මහත්තයට ගොට්ට අල්ලනවා...වික්ටර්ගේ විරුද්ධපාක්ශිකයෝ ගොට්ට අල්ලන්නේ යුරෝපා සංගමේට, නැත්තං නේටෝ එකට...මේ කවුරු කවුරුත් අනිත් එක්කේනාගේ බෝල්ස් මිරිකන්නෙ එක එක වාසි වලට.

වික්ටර් ලොක්කගේ කථාව නම් යුක්‍රේනයේ බලශක්ති අවශ්‍යතාවය රුසියාව නැතිව  හිතන්නවත් බැරි වීමයි.....
උස වික්ටර් හා කොට පූටින්.....

වික්ටර් හා පුටීන් හාදකම නැගලා යන්නේ ගිය නොවැම්බරේ.. වික්ටර් මහත්තයා යුරෝපා සංගමයට පස්ස පැත්ත පෙන්නලා මොස්කව් පූටින් මහත්තයට හේත්තු වෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා....

මේ තීරණේට යුරෝපා සංගමයට හිතවත් යුක්‍රේන මිනිස්සු අකමැති වෙනවා. පොරවල් බහිනවා පාරට..පොලීසියත්  එක්ක කෙලගන්නවා... නොවැම්ම්බර් වලින් පටන් ගන්න උද්ගෝෂණ ඇදෙනවා මේ අවුරුද්දටත්....මේ අතරෙදි පූටින් ලොක්කත් ෆුල් සපොර්ට් එක දෙනවා වික්ටර් උන්දැට...යුක්‍රේන රජයේ බැදුම්කර ඩොල්ර් බිලියන 15 ක් වලට පූටින් මහත්තයා ආයෝජනය කරනවා...එකෙන් තෙල් ගෑස් ලාබෙට දීලා ජනතාව ශේප් කරන්නයි දෙන්නගේ කල්පනාව..මොන උප්පරවැට්ටි දැම්මත් වික්ටර් මහත්තයට ජනතාව පාලනය කර ගන්න බැරි වෙනවා...ඒකට අපේ මහින්ද මාම..ඔය ඩොල්ර් බිලියන් 15 න් අරික් කාලක් ඒ උත්තමයට දුන්න නම් ගහක් ගලක් වගේ තියෙන ටීඑන්ඒ එකත් කෑලී කොරලයි පස්ස බලන්නේ.......කරදර අඩු උනාම වික්ටර් ලොක්කට මහින්දා මහත්තයට කියලා කුප්පියක් දාන්න ඕනේ....


දෙසැම්බරේදී උද්ගෝෂණේ තදින්ම යන වෙලාවේදි  යුරෝපා සංගම් හිතවත් උද්ගෝෂණකරුවන්, යුක්‍රේනයේ කිව් අගනුවර, නගර ශාලාව අල්ල ගන්නවා....මේ උද්ගෝෂණ කියන්නේ ඔය ජෙප්පෝ ටවුන් හෝල වල කරන 10,000 හේ 15,000 හේ උද්ගෝෂණ නෙවෙයි....මේවට ඔලු ගෙඩි ලක්ශ ගනං........



උද්ගෝෂණ අතරමැදදි පොලිස් සජීවි උණ්ඩ පහරට  මැදිව උද්ගෝෂණකරුවන් මිය යනවා...වැඩේ දුර දිග යන බව තේරේනවා...පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඉල්ලා අස් වෙනවා...උද්ගෝෂණ මර්ධන නීතී පාර්ලිමේන්තුවෙන් ලිහිල් කරනවා....

ස්නයිපර් තුවක්කු පත්තු උන දවසේ .....


අත්ඩංගුවේ ඉන්න උද්ගෝෂණ කරුවන් සිය ගානක් නිදහස් කරන පොරොන්දුව පිට උද්ගෝෂණකරුවොත් අගනුවර මන්දිරය තමන්ගේ අතඩංගුවෙන් මුදා හරින්න කැමති වෙනවා...

වැඩේ සාමදාන වී ගෙන යන බවක් පේන්න එනවා....

සාමය ඇතිවෙලා පෑය 24 ක් ගතවෙන්නත් කලින් නාදුනන තුව්ක්කුකරුවෙකුගේ ස්නයිපර් පහරකින් උද්ගෝෂණයේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් මිය යනවා...ඒවා කාගේ තුවක්කුද කියලා සෑකයක් අපට නම් එනවා......වැඩේ ආයෙත් දෙල් වෙලා නැවත් උද්ගෝෂණ පටන් ගන්නවා.....


යුලියා නෝනා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා දෙන ඇග රත්වෙලා යන ටෝක් එක...
මෙන්න මේ වේලාවේ සාමයේ පරවියා...එකගතාවන්ගේ සුර දුතිකාව යුරෝපා සංවිධානය වැඩේට  බහින්නේ..යුරෝපා සංගමය මැදිහත් වෙලා දෙගොල්ලො අතර එකඟතාවයක් ඇති කරවනවා. උද්ගෝශණකරුවනුත්...වික්ටර් මහත්තයගේ සෙට් එකත් එකතු කරල හවුල් ආණ්ඩුවක් යටතේ ජන්දෙකට යන්න දෙගොල්ලෝ කැමති වෙනවා....පාර්ලිමේන්තුව වික්ටර් මහත්තයගේ බලතල සීමා කරනවා.. හිරේ හිටපු විපක්ශ නායිකාව...යූලියා ටයිමොශෙන්කෝ හිරෙන් නිදහස් වෙලා කිව් අගනුවරට එනවා....

ඒ අතින් අපේ මහින්ද ලොක්කා කොච්චර මොල කාරයෙක්ද.....බැරිවෙලා හරි ගැස්සුනෝත් පාර්ලිමේන්තුවේ  කථානායක තමුන්ගෙම අයියා.....මේ වගේ උද්ගෝශණයක් වෙලාවේ වීරයෙක් වගේ එලියට බහින්න හිටපු ජනරාල් උන්දෑ ජනාධිපති සමාව යටතේ කල එලියක් නැතුවම එලියේ...වික්ටර්ට නම් ලොක්කගෙන් ගොඩක් ඉගෙන ගන්න  තියෙනවා...

අලුත් අන්තර්පාලන රජය  දැන් අළුත් ගේමක් ගහනවා... දෙගොල්ලොම එකඟ වෙච්චි ච්න්දය පැත්තක තියලා, ඒගොල්ලො වික්ටර් මහත්තයට විරුද්ධව උසාවි වරෙන්තු නිකුත් කරන්න හදනවා....උද්ගෝෂණ වලදි සිවිල් මිනිස්සු මැරුවයි කියලයි චෝදනාව....

වික්ටර්ව අතඩංගුවට ගැනීමේ පෝස්ටර්


හිරේට යන්න වෙයි කියන බයට වික්ටර් මහත්තයා රුසියාවට පලා යනවා.....

ක්‍රිමියාව කියන්නේ යුක්‍රේනයේම කොටසක්...හැබැයි ඉතිහාසගතවම ක්‍රිමියාවට, රුසියාව එක්ක ඇයි හොදයි කම් වැඩියි......යුක්‍රේනයේ කිව් වල උද්ගෝෂණ වලට විරුද්ධව ක්‍රිමියාවේ ප්‍රති උද්ගෝෂණ පටන් ගන්නවා.....ක්‍රිමියාවේ පාර්ලිමේන්තුව මුහුණු වසා ගත් තුවක්ක්කු කරුවන් අල්ලා ගන්නවා.....ක්‍රිමියාව රුසියාවේ........



වික්ටර් මහත්තයා, රට උද්ගෝශණ කරුවන්ට පාව දීම ගැන කණගා‍ටු වෙමින් ජනතාවගෙන් සමාව ඉල්ලනවා....යුක්‍රේනයේ අනාගතය වෙනුවෙන් සටන් කරන බවට ජනතාවට සහතික වෙනවා...තමන් තාමත් යුක්‍රේනයේ නිල ජනපති බව කියා හිටිනවා.....මතකනේ සදාම් ලොක්කත් ඔය කථාවම නේ කිව්වේ....කථා දෙකක් නෑ ඒක ඇත්ත....

දැන් ඉතින් ලමයිනේ චිත්‍රපටියේ උච්චතම අවස්තාවට එනව...පයිට් එක පටාආආන් ගන්නයි යන්නේ....

පූටින් ලොක්කා නාමපද පැත්තකට දාල ක්‍රියාපද වලට බහින්නයි සුදානම....රුසියාව ක්‍රිමියාවයට හමුදාව එවනවා....දැනටමත් රුසියානු සම්බැරීන් ක්‍රිමියාවේ තියෙන රුසියා  නාවික කදවුරේ සීමා මායිම් පන්නලා.....
නාදුනන තුවක්කු කරුවන්
ක්‍රිමියාවේ මිල්ටරි මූලස්ථානය වට කර ගෙන.....
ඇත්තටම ඒ රුසියානු හමුදාව

රුසියාවේ ආක්‍රමනයට බොහෝ යුක්‍රේන වැසියන් පක්ශපාතියි......හරියට නිකං ලංකාවේ උතුරේ පොරවල් වලට මුල් දවස් වල ඉන්දියන් හමුදාව ගොඩ බැස්සම දැනෙන සනීපෙ දැනෙනවා ඇති.....

ඇමෙරිකාවෙ  ඔබාමා ලොක්කයි..යුරෝපා සංවිධානයයි පූටින් මහතයගේ වැඩේට පොඩි සද්දයක් දාලා තිබුනා...ඇෆ්ගනිස්තානේ, ලංකාව වගේ හාල් කෑලි එක්ක ෆයිට් කරාට පූටින් එක්ක හැප්පිලා දත කට පූට්‍ටු කර ගන්න කවුරුත් කැමති නෑ....උද්ගෝෂණකරුචන් ලවාම වැඩේ කර ගන්නයි වගේ  බටහිර සුදානම්...අර මොක්කුද ලවා කොස් ඇට බාවනවයි කියලා කථාවකුත් තියෙන්නේ......

දැන් ඉතින් චිත්‍රපටීයේ  නැගලම යන හරිය..අද ඉදන්වත් ටීවීඑකේ ප්‍රවීණයි...අර කුමාරියි...මේ කුමාරියි බැලිල්ල පැත්තක තියලා අල් ජසීරා  සී එන්න වෙගේ එකක් ඇල්ලුවනම් ඇස් දෙකටම අන්තිම පයිට් එක බලා ගන්න පුලුවන්....

ප:ලි ;  බලලුන් ලවා කොස් ඇට බාවනවා වගේම ක්තමයි ඌරන් කැකුණ තලන කොටහබන් කුකුලන්ට....මහින්ද මහත්තයා ජීනිවා කේස් එක ගොඩ දා ගන්න විදිහක් කල්පනා කරනවා ඇති.....


පින්තූර ගත්තේ ;

http://www.theguardian.com/uk

http://www.huffingtonpost.com/


16 comments:

  1. එහෙ උද්ගෝෂණ දරුණුයි නෙවෙ මයියා..

    මෙහෙ පොලිසිය දක්ෂයි, දරුණුයි.. නියපොත්තෙන්ම කඩලා දානවා, පොරවෙන් ගහන්න නොදී :)

    ReplyDelete
    Replies
    1. එහෙ උද්ගෝෂන දරුණු කම වත් මෙහෙ පොලීසියෙ දක්ෂකමවත් නොවෙයි බන් .එහෙ ප්‍රශ්න මුළු රටටම දැනෙනෙවා.හැම දෙනාටම ඕන බටහිරත් එක්ක එක් වෙන්න.හොඳ ජීවන තත්වයක් ලබා ගන්න.දීර්ඝ කාලීන සැලසුම් මිනිස්සුන්ට වැඩක් නෑ. අනික යුක්‍රේන් වල රුසියන් කතා කරන ජනතාවගෙ සහාය වික්ටර් ටයි.අනික මේව නාගරික සමාජ.ආර්ථික ප්‍රශ්න වුනත් තදේටම දැනෙනවා.අපේ නම් කොස් දෙල් තමබල හරි ජීවත් වෙන්න පුළුවන් නෙ.

      Delete
    2. @ සෑම්.,,,,,


      මොනා උනත් මහද්වීපෙක් රටක්නේ....යුරෝපා සුලඟත් වදිනවා.....අපි වගේ දුපතකට කො‍ටු වෙලා නැති හින්දා උද්ගෝෂණ වලදි මානව හිමිකම් ගැන පොලීසියත් ජනතාවත් අපට වඩා දැනුවත්....මොනා උනත් උද්ගෝෂණ හින්දා මිනිස්සු 80 කට වඩා මැරිලා තියෙනවා....වාසනාවට ලංකාවෙ ඒ වගේ දෙයක් සිදු නොවිම ලොකු දෙයක්....

      රතු පස්වල කේස් එකට වෙච්චි දෙයක් නැතී වීමත් වැරදි කරුවන්ට දඩුමම් නොලැබීමත් මෙ වෙලාවෙ මම මතක් කරනවා.....

      Delete
  2. පෝස්ට් එක නම් සුපිරිම සුපිරියි මයියා.මාත් මේ කාරණා ගැන දන්නව නිතර විදෙස් පුවත් සේවා බලන නිසා.ඒත් මේ වගෙ නම් ලියන්න බෑ.ආධුනික බ්ලොග් කරුවෙක් ලෙස මට මයියගෙන් පොඩ්ඩක් නොවෙයි හුඟක් දේවල් ඉගෙන ගන්න තිබෙන බව තේරුනා.

    ඇත්තටම සෝවියට් දේශය බිදීයාමට ඉඩ දීල එදා පාලකයන් කර ගත්තෙ මහ මෝඩකමක්.සාමාන්‍යයෙන් තනි මිනිහෙක් ,කන්ඩායමක් මෝඩ වැඩ අත් වැරදීම් කරනවා වෙන්න පුළුවන්.ඒත් මේ වගෙ දැවැන්ත රටක් මෙච්චර මෝඩ වැඩක් කරපු එක මට පුදුමයි.දේශපාලනිකව ස්ථාවර කර ගන්න අතර ආර්ථික වශයෙන් විවෘත කළා නම් චීනය වගේම ආර්ථික බලවතෙක් වෙනවා.එහෙම වුනානම් පෝලන්තයෙ ජර්මනියෙ පවා රුසියානු හමුදා රදව ගන්න අතරෙ ඇමරිකාවට ණය දෙන්නත් පුළුවන්කම තිබුනා.කොහොමටත් ඇමරිකාව එක්ක සටන් කරන්න පුළුවන් එකම රට රුසියාව විතරයි.ලෝකය බැලන්ස් වෙන්න රුසියාවෙ භූමිකාව හරියට වටිනව.

    ReplyDelete
    Replies
    1. ලිවීම අගය කිරීම ගැන ගොඩක් ස්තූතියි....:)

      සොවීයට් සංගමය බිදී යෑම ගැන මගේ අදහස් යකාට වඩා ගොඩක් වෙනස්...

      කෙටියෙන්ම කියනවා නම් ' නිදහස' තරම් මිනිස්සු සටන් කරන කිසිවක් නෑ....සමාජයක් වශයෙන් වගේම පුද්ගලයෙක් වශ්යෙනුත් ' නිදහස' තරම් මිනිස්සුන්ට කිසිම දෙයක් වටින්නේ නැතුව ඇති....ඒ නිදහස කොච්ච්‍ර යට කරලා තියන්න හැදුවත් ඒක වතුරේ යට කරලා තිබ්බ රබර් බෝලයක් වගේ උඩට එනවා.....

      Delete
    2. අර උඩ ලියල තියෙන කොස් දෙල් කථාව නම් සැටිපිකෙට් ඇත්ත :)

      Delete
  3. බලාගෙන යද්දී මෙහෙට වැඩිය එහේ උද්ගෝෂන වලට එහම සහෙන නිදහසක් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. එහෙම වගේ පෙනුනට එහෙමම නැද්ද මන්දා...මිනිස්සු 80ව කට වඩා මැරුනා

      Delete
  4. පහුගිය දවස්වල මං නිව්ස් වලට දැක්කා සාමාන්‍ය ජනතාව වික්ටර් මහත්තයගෙ ගෙවල් දොරවල් බලන්න ගිහින් තියෙනවා...
    අද නිව්ස් එකක තියෙනවා ඔන්න පූටින් එයාගෙ මිලිටරි එකට අණදීලා කියලා යුක්‍රේන් බෝඩරේ පහු කරන්න... යටත් වෙනවාද, නැතිනම්... ඇමරිකාව ඒ හින්දා රුසියාවත් එක්ක කෙරුනු ඔක්කොම මිලිටරි පුහුණුවීම් නැවැත්තුවාලු... මේක හරියට දෙවෙනි ලෝක යුද්දෙ පටන් ගන්න හිට්ලර් නාසි හමුදාවට අණ දුන්නා වගේ කියලා ඒගොල්ලො කියනවා...

    http://www.news.com.au/world/ukraine-russia-says-surrender-crimea-or-face-allout-assault/story-fndir2ev-1226844230261

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ ‍රැසියාවත් එක්ක මූනට මූන හැප්පෙන් කවුරුත් එයි කියලා සෑකයක් තියෙන්වා...

      ඔය හමුදාව ඇතුලු වෙච්චි කථාව මෙහෙම දෙයක්...

      ‍රැසියා හමුදා ඇවිල්ලා තියෙන්නේ ක්‍රිමියාවට...රුසියාවට පක්ශපාත පලාතක්...රුසියානු හමුදා කිව්වට මේ ගොල්ලොගේ හමුදා ඇදුම් ‍රැසියාවේ ඒව නෙවෙයි....වාහන වල ලාංචන නෑ.....

      ඒ වගේම රුසියාවෙත් යුක්‍රේනයත් අතර කලින් ඇති කර ගත්හ්ට හමුදා ගිවිසුමක් තියෙනවා....යුක්‍රේන භූමිය... ඒ කියන්නේ ක්‍රිමියාවේ රුසියානු කදවුරක් තියෙනව...

      පූටින් කියන්නේ ර්ක්‍රිමියාවෙ රුසියානු හමුදා ශක්තිය වැඩි කරලා තියෙන්නේ යුක්‍රේනයේ පෝවතින අන්නාරක්ශිත් අතත්වය හමුවේ තමන්ගේ කදවුරු වල ආරක්ශාව සදහා කියලා

      Delete
  5. හැබැයි මයියො මේක පටන් ගත්ත කියන්නෙ අපිට පහර වදින්නෙ වංගු අස්සෙන් ඇවිත්..ගැහුවේ කොහෙන්ද වැදුනෙ කොහෙටද කියල හිතාගන්නත් බැරි වෙයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් අහන්න දෙයක් නෑ....තොරු මොරු සෙල්ලං කරන කොට හාල් මැස්සො තැලෙනවා කියලා කියන්නේ....හාල්මැස්සො ඔච්චරම කෙට්‍ටු වෙලත් තියෙන්නේ තැල්ලිම කියනවනේ.....


      ඉස්සො වගේ ඕවා බලං ඉන්න කටිටියකුත් ඉන්නවා...ඒ ගොල්ලන්ගේ නම් ඇස් එලියට පැනලයි තියෙන්නේ...:))

      Delete
  6. අපිත් ටච් එකේ තමා ඉන්නේ මොකද වෙන්නේ කියලා බලාගෙන

    ReplyDelete
    Replies
    1. එල එල...ගොඩ කාලෙකට පස්සේ හසිතව දැක්කේ.....

      මාලින්ද ශෙයාර් කරලා තිව්ව හසිත්ගේ ලිපිය දැක්ක.....කමෙන්ට ඒකක් ඒ වෙලාවෙ දාන්න බැරි උනා ෆොන් එකෙන් බලපුනිසා...

      Delete
  7. රිටි වික්ටර් කොට පුටින් කිව්වම ගතියක් එනව නේද බොල මයියෝ.. හැක්..

    ReplyDelete
  8. මයියා.......ඔබේ ලිපියට අදාලව කියනවානම්.....අද වෙනකොට පුටින් තර්ජනය කරනවා ,යුක්‍රේනයට සපයන ගෑස් නවත්වනවා කියලා නොගෙවපු ගෙවීම් නිසා. මෙය කොයි පැත්තකට හැරෙයිද දන්නේ නැහැ.

    අද 08/03/14 ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්තරයේ 14 හා 15 පිටුවල How Putin's rich cheerleaders enjoy the good life in Britain කියලා ආටිකල් එකක් තියෙනවා. මයියා මම මෙහෙ පත්තර ඔන්ලයින් කියවන්නේ නැහැ. ඒ නිසා ඒ ලින්ක් එකක් දාන්න දන්නේ නැහැ. ඔබට හැකිනම් ඒ ලිපිය කියවන්න. අපේ අය්යියලාටත් එය අදාලයි.

    ReplyDelete

2222