Friday 3 May 2024

මගේ ලෝකය නිහඬ විය..

මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා  අභාවප්‍රාප්ත වෙලා. මමත් කලෙක් එතුමාගේ ලිපි ඉතා උනන්දුවෙන් කියවපු එක්කෙනෙක්.

ඒ නිසාම එතුමා කථා කල දේවල් සම්භන්ධයෙන් අවබෝධයක් මට ඇතැයි සිතනවා..

ඒ නිසාම මීට අවුරුදු 12 කට පමන පෙර සමස්ථයක් ලෙස අරගෙන මම ඔහුගේ ලිපි  ගැන ලිපියක් මගේ බ්ලොග් එකේ ලිව්වා. එය මගේ බ්ලොග් එකේ වැඩියෙන්ම කියවපු ලිපි අතරත් තියෙන ලිපියක්. මම දන්න විදිහට නලින් මහතාත් මේ ලිපිය කියවා තිබෙනවා. 
එතුමා තමන්ව විවේචනය කරපු දේවල් ගැන එච්චර පස්සෙ එලෙව්වයි කියලා මම හිතන්නේ නෑ..හැබැයි  විරුද්ධ මත වලට නම් ඉතා දැඩිව පහර දුන්නා., එතුමා ජීවත් වෙලා හිටපු කාලෙදිම ඒ ලිපිය ලියන්න පුලුවන් වෙච්චි එක ගැන මට සියුම් සතුටක් තියෙනවා..

එතුමා දක්ශ ලේඛකයෙක් උනාට , මුහුණට මුහුණ කෙරෙන තර්ක වලදී හෝ සංවාදයකදී හෝ  නම් දුර්වලයෙක් බව මට කියන්න පුලුවන්. ඒ මොරටුව සරසවියේදී සිංහල සංස්කෘතික සංගමය වෙනුවන් අපි සංවිධානය කල දේශණයකට ඔහු පැමිනි පසු ඔහුව දැක බලා ගන්න පුලුවන් උනු නිසයි. මෙහිදී නලීන් මහතාට ප්‍රතිවිරුද්ධව ගෙනාවේ වික්‍රමබාහු මහතාව. අපේ සංවිධානයත් ,  මථවාදීය ලෙස නලීන් මහතාට කිට්ටුයි. ඒ නිසාම , සභාව මෙහෙයවූයේත් නලීන් මහතාට වාසි වෙන විදිහට. ඒත් ඒ වාසිය නලීන් මහතාට ගන්න බැරි උනා. ඔහුව ලේසියෙන් කේන්ති ගස්සන්න පුලුවන්. කේන්ති ගියාම ඔහුට ඔහුගේ හොදම තර්ක මග ඇරෙනවා. බාහු මේක හොදින් දැනගෙන හිටියා කියන්න පුලුවන්..පිටියේ අවාසිය තියෙද්දිම,  බාහු ,  නලින් ද සිල්වාගේ මේ දුර්වලකම පාවිච්චි කරලා එදා දවස තමන්ගේ පැත්තට හරවා ගත්තා. ඒ තමයි නලින් මහතාව මම සජීවීව දැක්ක පලවෙනි සහ අන්තිම දවස.

මේ තියෙන්නෙ මම නලීන් මහතා ගැන මීට අවුරුදු 12 කට කලින් ලියපු ලිපිය.

2222