Saturday 17 July 2010

නිරිදු වලගම්බා........

ඔය ඉතිහාසය යන්තම් හරි අතපත ගාපු කෙනෙකුට "වලගම්බා" කියන නාමය අමතක වෙන්න විදිහක් නැ. එත් නැත්නම් ඔය ඉදලා හිටලා හරි ට්‍රිප් එකක් ගිය වෙලාවකට හරි කැලවල් වල තියෙන රජ්මහා විහාරයක ට ගිය අයෙකුටත් මේ කියන වලගම්බා නාමය මතක තියෙන්න ඕනැ. මොකද මෙතුමා තමයි මේ වගේ පන්සල් වැඩිම ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒත් අහලා නැත්නම් ඔය ස්කූල් බස් එකෙ යනකොට කියන නැහැදිච්චි කොල්ලන්ගේ සින්දු සෙට් එකෙත් මෙතුමාගේ නම කියැවෙන සින්දුවක් මයියා ගේ කණට වැටිලා තියෙනවා.

මයියා ගේ මෙදා පාර ට්‍රයි එක මේ වලගම්බා හෙවත් වට්ඨගාමීණී රජතුමා (නැතහොත් පීතුරාජ ) සම්භන්ද නියම ස්ටෝරි දෙක තුනක් ඇදබැම.

වලගම්බා රජ්තුමා කියන්නේ ආක්‍රමණ වලටයි, රට ඇතුලේ කැරලි වලටයි, නියග වලටයි මුහුණ දුන්න අයෙක්. ඒත් මේ රජතුමා සම්භන්ද සීන් වලට මහාවOශය උනත් , දුටුගැමුණු රජතුමාට දෙන තරම් එච්චර ලොකු පබ්ලිසිටියක් දෙන්නේ නැ. මේකට ත් පොඩි සීන් එකක් තියෙනවා.

සීන් එක තමයි, මහාවOශය ලියලා තියෙන්නේ මහාවිහාරයෙන් විමයි. ඔය මහා විහාරයත් එක්ක ගේමට ( ඒ කියන්නේ ඇකඩමික් ගේමට හොදේ, අතින් පයින් නෙමේ) තිබ්බේ අභයගිරියයි. මේ අභයගිරිය හදලා තියෙන්නේ මේ වලගම්බා රජ්තුමායි. ඒ කාලේත් ඉතින් දැන් වගේම තමයි, හරියට සිරසයි, අයි.ටී.එන් එකයි නිව්ස් වල ගේමට සෙට් වෙනව වගේ මේ පන්සල් දෙක අශ්‍රිත ශිෂ්‍ය පරපුරු තරගේට වගේ තමයි ඇකඩමික් වැඩවල යෙදිලා තියෙන්නේ.යුද්ධෙන් පස්සේ අයි.ටී එන් එකට රාජපක්ශලා වීරයෙක් වෙනකොට සිරසට වීරයෙක් උනේ ජනරාල්වයි. ඉතින් ඒ වගේ මහාවOශයට දුටුගැමුනු රජතුමා වීරයෙක් වනවිට, අභයගිරිය ඒ වගේ පොතක් ලිව්වා නම් අනිවාර්යයෙන්ම ඒකේ වීරයා වෙන්නේ වලගම්බා රජතුමායි. හැබැයි ඔන්න මයියා ට නම් මෙ ඔක්කොම අය රටේ ඉතිහාසය වෙනස් කරපු වැදගත් අය තමයි.

ඔන්න ඉතින් පීලී පැන්න මයියා නැවත ට්‍රැක් එකට.
පලමු සීන් එක තමයි දකුණු ඉන්දුයාවේන් ආපු පොරවල් හතක් ලOකාව ආක්‍රමණය කරලා , වලගම්බා රජතුමා ට ඔවුන් එක්ක සටන් කරන්න බැරිව යුද්දෙන් පැරදිලා, රජමාලිගාවෙන් කඩිමුඩියේ පැනලා යන සීන් එක. මේ සීන් එක දැකපු ජෛන ආගමට අයිති පන්සලක හිටපු 'ගිරි' කියලා පොරක් මහා හයියෙන් කැ ගහලා " මෙන්න මහාකලු සිOහලයා පැනලා යනෝ' කියලා රජතුමාට හෙන නොන්ඩියක් දාලා. මේක කණට වැටිච්චි රජතුමාට හෙනම මල ලු. ඔය කිඹුලා කන එක ඉවසන්න පුලුවන් ඒත් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැ කියලා කතාවකුත් තියෙන්නේ. පැරදිලා දුවන රජතුමා හිතාගත්තලු, කවදා හරි නැවත ආපු දවසක මේ ජෛන පන්සල ට ගේමක් දෙනවමයි කියලා.

(ඒ හිතා ගැනිල්ල කොච්චර ද කියනවා නම් අවුරුදු ගානක කැලේ  ඉදලා ආයේ රජ පු‍ටුවට ආපු වලගම්බා රජ්ජුරුවෝ අර 'ගිරි' හිටපු ජෛන පන්සල බිමට සමතලා කොරලා එතැන 'අභයගිරි' හැදුවයි කියලා තමයි ඉතිහාස පොතේ තියෙන්නේ...තවත් අය කියන විදිහට නම් අභයගිරි යේ 'ගිරි' කෑල්ල දාලා තියෙන්නේත් අර ජෛන ගිරි ගැන මතක් වෙන්නයි කියලත් කියනවා...පේනවනේ ඉතින් රාජ උදහසක තරම....)

මෙහෙම ඉතින් රජතුමා තමන්ගේ බිසෝවරු දෙන්නයි, පුත්තු දෙන්නයි එකම අශ්වකරත්තේ දාගේන හෙනම කලබලේන් පැනල යනවා. මේ අස්සේ යුද්දේ දිනපු කටිටියත් රජතුමා අල්ලන්න ෆොලො එක දෙනවලු. මේගොල්ලො හෙනම ස්පීඩ් එකේ එන කොට, රජතුමා එකම කරත්තේ ඔක්කොම දාගේන පැනලා යනවා. කට්ටිය වැඩි හින්දා රජතුමාගේ කරත්තේ බර වැඩීයිලු, අද්දන්නේ නැලු.


මේ වේලාවේ තමයි ඉතිහාසයක් වෙනස් කල , රජතුමාගේ දෙවන බිසව උන සෝමාදේවියගේ උතුම් පරිත්‍යාගය සිදුවෙන්නේ. රථයේ වේගය මදි හින්දා සෝමාදේවිය ස්වකැමැත්තෙන් රථයෙන් එලියට පනිනවා. බර අඩුවුන රථය කොහොම හරි අමාරුවෙන් කැලේට (වේසගිරියට ) පැන ගන්නවා. රජතුමා බේරෙනවා. පස්සෙන් පන්නන් ආපු පොරවල් ටික සෝමාදේවියෙගේ රූපයට වශීවෙලා තමන් ආපු කාරණේත් අතපසු වෙලා තියෙනවා. ඒ ඇසිල්ලේන් රජ්තුමා කොහොම හරි බේරෙනවා.,


කොහොමද ජවනිකාව. මේ සීන් එක හොලිවුඩ් කාරයෙකුට අහුවුනා නම් අනිවාර්යයෙන් බ්‍රැඩ් පිට්වයි, ඇන්ජලා ජොයිලිවයි දාලා නියම ඇන්ටික් ෆිල්ම් එක්ක් හදනවා. මත්කනේ ඔය ට්‍රොජන්, ග්ලැඩියෙටර් වගේ එවා. කොහේද ඉතින් අපේ උන්දැලට කතා වස්තු තිබ්බට එවායෙන් ඇඩෙන්න ෆිල්ම් එක්ක වත් හදන්න සම්පත් නැ ලු නේ..... හැබැයි ඔන්න ජැක්සන් මහත්තයට නම් දොසක් කියන්න එපා..පොර අමාරුවෙන් හරි 'අබා' ගැහැවුවනේ...

අහ්..ඔන්න මයියා ආයේත් ට්‍රැක් පැනලා.......

19 comments:

  1. අපේ රටේ හිටපු සංචාරක රජතුමා කිව්වත් අවුලක් නෑ කියලයි මට හිතෙන්නෙ වලගම්බා රජතුමා ලංකාවේ බොහෝ ප්‍රදේශවල හැංගිලා ඉදල තියනවනේ.

    ReplyDelete
  2. දිගටම ලියන්න.. වැඩෙ නැගලා යනවා...

    ReplyDelete
  3. මයියා18 July 2010 at 17:49

    @ උදාන

    ඔයා කිව්වා හරි. ලOකාවේ ගහක් ගලක් අතනැර කරක් ගහපු රජෙක් කියලා තමයි පොත්වල ලියලා තියෙන්නේ..

    ස්තුතියි මේ පැත්තේ අවාට


    @ මාරයාගේ හෝරාව

    මාරයාගේ දිරි ගැනවීමට මයියා ගේ ස්තුතිය

    ReplyDelete
  4. නියම ලිපියක්.....බොහොමතම් ස්තුතියි බෙදා හදා ගත්තාට.....

    ReplyDelete
  5. "වලගම්බා නිරිඳු මහත්
    කළ විස්කම් සිහි කෙරුවොත්
    පුතේ නුඹේ ගතත් සිතත්
    වෙයි උණුසුම් ලෙයින් සුරත්

    ජාතිය ගළවමියි පතා
    දිවිදී සැඩ රිපුන් වෙතා
    සෝමා දේවිගෙ පුවතා
    ඉගෙන ගනින් මගේ පුතා

    අභයගිරී සෑ තනවා
    දඹුලු විහාරද කොටවා
    ලක් මවගේ ඒ දරුවා
    මුනිඳු සසුන් හෙළි කෙරුවා"

    - ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමිගේ ජාතික තොටිල්ල කවි පංතියෙන් (පුක්කුසාති ඕක ලිව්වෙ මතකෙන්, ඒ හින්ද සමහරවිට වචන එහෙමෙහෙ වෙලා ඇති).

    ReplyDelete
  6. මයියො,

    1. පුක්කුසාතිත් හිතන්නෙ අපි ඉතිහාසය උගන්නන්න එළඹෙන්න ඕනෙ මෙහෙම සරළ කතා ඔස්සෙ කියලයි. එහෙම පියවරක් තැබීම ගැන මයියාට පුක්කුගේ ආචාරය.

    2. ඔය සෝමාදේවි ඕකෙන් පනින්න හදපු වෙලේ එතුමියව ඒකෙන් වලකල අර වළගම්බ රජ්ජුරුවන්ගෙ වැඩිමහල් පුතාව එළියට තල්ලු කෙරුව නම් හොඳා කියලයි පුක්කුසාති නම් හිතන්නෙ. ඒ මනුස්සයනෙ අර පස්සෙ කාලෙක 'චෝරනාග' කියල රජ වෙලා පිස්සු නැ‍ටුවෙ. ඒ කාළෙ මුළු රටේම මූල්ය අයිතිය තිබුණෙ රජතුමාටනෙ. ඉතිං පුක්කු අහළ තියෙන හැටියට රජ්ජුරුවො වෙන කාගෙ හරි ධනය රාජාඥාවකින් තමුන්ට පවර ගත්තත් කවුරුවත් ඒක හොර කමක් හැටියට සැළකුවෙ නැහැලු. එහෙම වෙලත් මේ රජතුමාට මිනිස්සු 'චෝර' කියල විශේෂණයක් යොදා ගත්තෙ මෙතුම මට්ටමක හොරෙක් නිසාලු (කොටින්ම මෙතුම රජවෙන්න කළිං පංසල් වල සාංඝීක දේපළත් හොරකම් කරල තියෙනවලු). චෝරනාග රජ්ජුරුවො බිසව තමයි අනුලා දේවි - ලංකාවෙ මුල්ම රජිණ. මහින්දාගමනයෙන් පස්සෙ මුලින්ම මගපළ ලබපු අනුලා දේවිගෙම නම තිබුණට මේ අනුලා දේවිය නම් චන්ද්‍රිකාටත් වඩා කේස් චරිතයක් කියල තමයි කියවෙන්නෙ (පුක්කුට මතක හැටියට චෝරනාගට ඇතුළු තව තාවකාලික රජවරු තුන් හතර දෙනෙකුටම ගේම දුන්නෙත් අනුලා දේවිම තමයි). අන්තිමට අනුලා දේවිට ගේම හමබ උනේ කූටකන්න තිස්ස (හෙවත් කාළකන්නි තිස්ස) රජතුමාගෙන්. ඔය මහාචූල මහාතිස්ස (මහසිළු මහතිස්) රජ්ජුරුවන්ගෙ ඉඳං කූටකන්න තිස්ස රජ්ජුරුවන් දක්වා කාලය ලක් ඉතිහාසෙ සිංහළ රජවරු යටතෙ ගෙවිච්ච අඳුරුම කාලයක් හැටියට තමයි සැළකෙන්නෙ.

    - පුක්කුසාතී.

    ReplyDelete
  7. මයියා, "ං" ලියන්නේ මෙහෙමයි \n අකුර ටයිප් කලාම වැඩේ හරි :)

    ReplyDelete
  8. මයියා19 July 2010 at 17:08

    @ හේමලයා

    බොහොම ස්තුතිටයි මේ පැත්තේ ඇවිල්ල මයියා ට පොඩි සපොර්ට් එකක් දුන්නට

    @ පුක්කු

    එලම කවිය ක්...පලමු වතාවටයි මයියා ගේ ඇහැට වැටුනේ. පුක්කු ට බොහොම පින් කවිය දාලා පෝස්ට් එකට එලියක් දුන්නට

    අනුලා දේවි ගැන කියන කොටයි මතක් උනේ, ඔය වලගම්බා රජුගේ පලමු බිරිදත් අනුලා දේවී තමයි, සෝමාවති දේවිය කරත්තෙන් බැහැලා, දරුවෙක් එක්ක හිටිය අනුලා දේවිටයි රරතුමාටයි තමයි බේරිලා යන්න ඉඩ සලසලා දුන්නේ...

    චෝරනාග ගේ බිසවත් අනුලා තමයි..මෙයා ගැන නම් ඉතින් වෙනම ලියන්න ඕනා චරිතයක්...ඉස්සලම චෝරනගට වස දුන්නා, ඊට පස්සෙ මේයගේ උවනවට රජකමට පත් කල රජ්මැදුරේ දොරටුපාලක 'සිව;' ට වස දුන්නා

    පස්සේ අනුලා තමන්ගේ මනුස්සයා හැටියට (ඒ කියන්නේ රජකමට) පත් කල දමිල වටුක කියන ලී වඩුවට වස දුන්නා, ඊටත් පස්සේ නැවත ' තිස්ස ' කියල දර අහුලන එක්කෙනෙකුට..මේයාට වස දීල ඊලගට ඒයා ලගට ගෙන්න ගත්ත ' නිලිය' කියන පුද්ගලයට වස දුන්නා..අන්තිමට මේයා ත්නියම මාස 4 ක් රජ කලා..මේයාගේ සෙල්ලම් ඉවර උනේ, වලගම්බා රජ්තුමා ගේ ම දෙවෙනි පුතා උන කුන්ටකනාතිස්ස ඇවිල්ලා අනුලා වබිසබට ගේම දුන්නා ගෙන් පස්සේ...

    මයියා මේ ටික ලියන ගමන් කල්පනා කලේ අර ඇගේ වෛරය හදපු ලුවි වැන්ඩස්ටයින් මහත්තයට මේ කතාව කියලා දුන්නනම් , මිනිහා හදයි නියම XXX ෆිල්ම් එකක් කියලා...මයියා කල්පනා කරන්නේ මේකට ෆිට් වන නිලිය කවුද කියලා...

    ReplyDelete
  9. මයියා19 July 2010 at 17:12

    @ උදාන,

    බොහොම ස්තූතියි ඔයාගේ උපදෙසට.. මයියා ගේ කී බොඩ් එකෙ තියෙන ලෙඩක් හිනදා මයියා ට O ටයිප් කරන්න බැ..
    මේ ගැන මයියා කීප විටක්ම මීට කලිනුත් හැමෝගෙන්ම සමාව ඉල්ලලා තියෙනවා....

    ReplyDelete
  10. නිරිඳු වලගම්බා
    දේවියගෙ ** ඉම්බා
    දේවි ** පුම්බා
    ඇරියෙ **** රජු කළම්බා

    ReplyDelete
  11. මයියා23 July 2010 at 03:07

    @ ඇනොනිමස්

    ඔන්න ස්කූල් බස් ගිය කොල්ලේක් ඇවිල්ලා

    ReplyDelete
  12. හික් හික්.. තව පොඩ්ඩෙන් මම තමයි ඔය කවිය ලියන්නෙ. මේක නම් නියම වැඩක් කොල්ලො.. එලේ එල! ම්ම්.. ලුවියා ඕවට නවක නිලියො නේ ගන්නෙ. ඒකෙන් තමයි කට්ටිය නැගල එන්නෙ( නැගල එන්නෙ නිලියො හොඳේ, ‍ෆිල්ම් බලන උන් නෙවෙයි) .. අනුල කිවුවම මතක් උනේ, ඔය නුගේගොඩදත් කොහෙද තියනව නේ අනුල එකක්. ඒ මොන අනුලට ට්‍රිබියුට් වෙන්න ගහපු එකක්ද? මේ වේස අනුලට නම් වෙන්න බෑ නෙවද?

    ReplyDelete
  13. @ වැම්පයර්,

    නුගේගොඩ අනුල එක හදල තියෙන්නෙ ඔරිජිනල් අනුලා දේවියගෙ නමින් වෙන්න ඕනෙ. ඔරිජිනල් අනුලා දේවි කියන්නෙ මහානාග යුව රජ්ජුරුවන්ගෙ අග බිසව (මහානාග කියන්නෙ දෙවනපෑතිස් රජ්ජුරුවන්ගෙ සහෝදරයෙක්..එතුම තමයි මාගම රජ පරම්පරාව ඇති කළේ). අනුලා දේවිය තමයි මිහිඳු මහරහතන්වහන්සේගෙන් බණ අහල ලංකාවෙ මුලින්ම මගඵල ලබපු කෙනා.

    ලියන'තුරින් මෙලක් දිවේ
    පළමුව මගඵල ලැබුවේ
    අප අනුලා දේවිය වේ
    එහෙම වෙයන් නුඹත් දුවේ.

    (ඕකත් අර ඉස්සෙල්ල කියපු කවි පෙළෙන්ම තමයි).

    - පුක්කුසාති.

    ReplyDelete
  14. @ Pukkusathi

    ඔරිජිනල් අනුලාදේවි කියන්නේ දෙවන පෑතිස් රජතුමාගේ අග බිසවට කියලා තමා මම නම් අහලා තියෙන්නේ

    ReplyDelete
  15. අයියා නියමෙට කතාව ලියලා තියෙනවා.

    පොඩි එකතු කිරීම කීපයක් කරන්න කැමතියි. වළගම්බා රජතුමාගේ නම විදිහට සම්පූර්ණයෙන් දැක්වෙන්නේ වට්ටගාමිණී අභය කියලා.

    ඒ වගේම ඒ වෙලාවේ කරත්තේ හිටිය පුත්තු දෙන්නාම රජතුමාගේ දරුවෝ නෙමෙයි එක් කෙනෙක් රජතුමාගේ අයියා වුණු ඛල්ලාටනාග රජතුමාගේ පුතා. තමන්ගේ අයියාගේ පුතා තමන්ගේ දරුවෙක් වගේ හදා වඩා ගත්ත නිසා තමා වළගම්බා රජතුමාට "පිතු මහරජ, පිත මහරජ" කියලා කියන්නේ

    ReplyDelete
  16. මයියා24 July 2010 at 14:38

    @වැම්පයර්

    බලO ගියාම වැම්පයර් ත් ස්කූල් බස් කොල්ලෙක් වගේ..

    මොන අනුලා සිහිකරගෙන නුගේගොඩ අනුලා වට නම තිබ්බත්, එක මොන අනුලට ගැලපේනවද කියලා වර්තමානය තීරණය කරන්නේ, වත්මන් අනුලා දරු දැරියොයි කියලයි මයියා ට හිතෙන්නේ..

    ReplyDelete
  17. මයියා24 July 2010 at 14:49

    @ පුක්කුසාති, හසිත

    අනුලා බිසව ගැන පුක්කුසාතිගේ මථය නිවැරති බව මයියා ගේ හැගීමයි.
    මේ තියෙන්නේ විල්හෙල්ම් ගයිගර් පඩිතුමාගේ මහාවOශයෙ ඉOග්‍රීසී පරිවර්තනයෙන් උපුටා ගත්තක්...

    And when the meal was finished, he himself sat down
    at their feet and sent for Anula, the consort of his younger 56 brother, the sub-king Mahanaga, who dwelt in the royal
    palace. When the queen Anula had come with five hundred 57
    women and had bowed down and made offerings to the theras,
    she stepped to one side. The thera preached the Petavatthu, 58

    ReplyDelete
  18. මයියා24 July 2010 at 15:24

    @ හසිත

    හසිත ගේ කොමෙන්ටුවට පස්සේ මයියා නැවත ස්ටඩි පාරක් දැම්මා..

    වලගම්බා රජ්තුමාට කලින් රජ වේලා හිටියේ ඛල්ලාටනාග රජතුමයි, ඒත් එතුමාව කම්මරත්තක කියන රජතුමාගේම සෙනෙවියෙක් ගේ අතින් මැරුම් කාලා තියෙනවා..ඒත් ඒ එක්කම වගේ ඛල්ලාට නාග රජතුමාගේ සහෝදරයා උන වලගම්බා රජ්තුමා, ඒ සෙනෙවියා ව මරලා දාලා ,රජවේලා තියෙනවා. ( වර්තමානේයේ මහින්ද, ගෝඨා, ජනරාල් සීන් එක වගේම තමයි..හිකිස්..).හසිත කියපු විදිහටම ඛල්ලාට නාග රජ්තුමාගේ අනාත වුන පුතාව දරුකමට ගත් නිසා වලගම්බා රජ්තුමා 'පීතුරාජ ' වෙලා තියෙනවා..



    වලගම්බා රජ්තුමාගේ ඇත්ත නම 'ගාමිනි අභය' බවයි කියවෙන්නේ..වට්ඨගාමිනි කියන නම හැදුනු හැටි ගැන මථ කීපයක් තියෙනවා..ඒකක් තමයි ජීවිතේ වැඩි කාලයක් කැලේ හිටපු හින්දා ' වනගාමීණි' උන බවත් පස්සේ ඒක 'වලගම්බා' උන් බවත් පාලියට ට්‍රාන්ස්ලේට් කරද්දී 'වට්ටගාමීනි' උන් බවත් ය ( හේට්ටිආරච්චි මහත්තයාගේ 'පැරනි අනුරාධපුර යුගයේ ලඔකා ඉතිහාසය පොත්ට අනුව ය )
    තව මථයක් ව්නුයේ වලගම්බා රජතුමා කොට, තදබාරු පුද්ගලේයක් උන බවත් වට්ඨගාමිනි කියන්නේ , කාලගෝල වගේ රවුම් පෙනුමති අයට බවත් ය (ජයවීර මහත්තයගේ 'අභයගිරියෙන් ජේතවනයට ' පොත අනුවය )

    කොහොම උනත් ඔය කැලේ හැOගිලා ඉන්න කාලේ වලගම්බා රජ්තුමා ව මිනිස්සු දන ගේන ඉදලා තියෙන්නේ ' පීතුරාජ' කියන නමින් බවයි මයියා ගේ කල්පනාව.

    ReplyDelete
  19. කරුණු දැනුවත් කලාට ස්තුතියි අයියා :)

    ReplyDelete

2222