Monday 29 August 2011

සමතැනද? නිසිතැනද?


source: http://www.israelnewsagency.com/unwomenhumanrightsgenderequalityisraeldemocracyunitednations48150111.html

කාන්තා අයිතිවාසිකම් කිව්වම ඉතින් මාර ලොකු වපසරියක් ඇති මාතෘකාවක් නේ.සමහර අය කියන විදිහට කාන්තාවන්ට සමතැන දෙන්න ඕනා. තවත් අය කියන විදිහට කාන්තාවට දෙන්න ඕනා සමතැන නොවෙයි නිසි තැනයි.මයියා ට තේරෙන්නේ නැත්තේ මේ සමතැන ඉල්ලන අය ඉල්ලගෙන නා ගන්න හදන්නේ ඇයි කියලා. ගෙදර ගෑනිට බය නැති පිරිමියෙක් නෑ කියලා තමයි මයියා අදුනන විශේශඥ වෛද්‍යවරයෙක් කියන්නේ. ගෙදර මිනිහව කොන්ට්‍රෝල් කරන් ඉන්න ගැනූ සමතැන ඉල්ලන්න ගිහිල්ල නිකං පල්ලෙහට වැටෙන්නේ ඇයි කියල නම් මයිය ට තේරෙන්නේ නැ.

ඒවා එහෙම උනාට මයියා ට නම් ඔයමොන ප්‍රශ්ණයක්වත් නෑ. මොකද මයියත් , මායියාවත් ( මයි ලේඩී) ඕනෑම දෙයක් කරන්නේ බෙදා හදා ගෙන වීම නිසයි. කොටින්ම ඔය ඩිශිෂ්න් මේකීන් ඒ කියන්නේ තීන්දූ තීරණ ගන්නේත් ඉතින් අපි දෙන්නා බෙදා හදා ගෙන තමයි. මේ කාරණාවේදී මායියාව ඉතාම ත්‍යාගශීලී වී තියෙනවා. ඇය ස්වකැමැත්තෙන්ම ලොකු ලොකු තීරණ ගැනීමේ අයිතිය මයියා ට පවරලා තියෙන අතර , ඔය පොඩි පොඩි තීරණ ගැනීම ඇය භාරගෙන තියෙනවා. උදාහරණයක් ලෙස ගෙදරට ගාන තීන්ත වල පාට, ලමයාව දාන ඉස්කෝලේ, අවුරුද්ද අවසානයේ යන විනෝද චාරිකාව යන්නේ කොහෙද, වීක් එන්ඩ් එකේ බලන ‍ෆිල්ම් එක මොකක්ද, අටට ටීවී එකේ නිව්ස් බලනවද නැත්නම් වෙන මෝකක් හරි බලනවද , පාටී එකකදී කාලා බොනවද නැත්නම් බීලා කනවද වගේ පොඩි පොඩි ප්‍රශ්ණ වලට අදාල තීන්දූ තීරන ගන්නේ ඉතින් මායියාව තමයි. එකත් ඉතින් මයියා ට කරන උදව්වක් ලෙස තමයි. මොකද මයියා ට විසදන්න තියෙන්නේ ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්ණ නිසා.ලොකු ලොකු ප්‍රශ්න කිව්වම ඉතින් ඔය ඇමරිකාව ඉරානයට අත තියයි ද, මානව හිමිකම් සම්ලුවෙදි ලංකාවට ගැටලුවක් ඇති වෙයිද, ඉදිරි දශකය තුල ඩොලරය කඩා වැටෙයිද ආදී ලොකු ලොකු ප්‍රශන සම්භ්න්දයෙන් ඉතින් තීන්දු තීරන ගන්නේ මයියා තමයි.

හැමදේම බදාගෙන කන්නේ නැතිව මේ වගේ බෙදා හදාගෙන කැවම කොච්චර ලොකු පහසුවක්ද? අනිත් එක කාන්තාවට සමතැන නොවෙයි නිසිතැන දෙන එකෙත් කොච්චර ලොකු ඵලප්‍රයෝජන තියෙනවද?

4 comments:

  1. ඒ කියන්නෙ මයියා බයයි ගෙදර උන්දැට .......

    ReplyDelete
  2. ඔO කිව්වා කථාවක්...බයේන් ඉන්නව නම් ලොකු ලොකු තීරණ ගන්න මයියා ට ඉඩ දෙනවද?

    ReplyDelete
  3. හික් හික්!! මයි ලේඩි...

    ReplyDelete
  4. @blog ගඩොල්

    ඔව් ඔව්.. අර ටොපී ජාතියකුත් තියෙන්නේ...ආදරේ ඒ වගේම ස්වීට් තමයි

    ReplyDelete

2222