Tuesday 1 January 2013

වාසනාවේ කුරුල්ලා හා අවාසනාවේ පණුවා : මයියාගේ අලුත් අවුරුදු සුභ පැතීම My New Year Wish



'වාසනාව' යනු අපූරූ වචනයකි. ඇතැමෙක් 'වාසනාව' කියා කියන්නේ තමන්ට දිරවන්නේ නැති අයෙකුගේ සාර්ථකත්වය පැහැදිලි කිරීමටය.  තවත් අයෙක් වාසනාව විස්තර කරන්නේ  තමන්ගේ දැඩි කැපවීමට, උත්සහයට හිමි වූ ත්‍යාගයක් ලෙසය. Luck favors the bold කියන්නේ ඒ නිසාය.

ධෛර්‍යවන්ත වීම,  අනලස් බව වාසනාව ලැබීමට හේතූවක් වන්නේය.  කථාවට කියන්නේ "පාන්දරම අවදි වන කුරුල්ලා  පලමු පණුවා ඩැහැ ගන්නවා"  කියා ය. එය ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වන " Early Birds catches the worm"  හී මගේ සිංහල පරිවර්තනයයි. මෙහිදී පාන්දරම අවදි වී ආහාර සොයා යන කුරුල්ලා වාසනාවන්ත වී ඇත.එහෙත් පාන්දරම අවදි උනු පණුවා අවාසනාවන්ත වී ඇත. පණුවාගේ අවාසනාව පැහැදිලි කරන්නේ වැරදි වෙලාවක - වැරදි තැනක සිටීමක් ලෙසය. වාසනාවේ හැටි එහෙමය.

http://www.goenglish.com/GoEnglish_com_TheEarlyBirdCatchesTheWorm.gif


ස්ව ආත්ම ශක්තිය පිලිබද විශ්වාසයක් නැති අයෙකුට නම් 'වාසනාව'  නැතුව මොකක්වත් කොර ගැනීමට නොහැකිය. ඔවුන්  තමන්ගේ සෑම පසුබැසීමක්,අහිමිවීමක් බැර කොරන්නේ තමන්ගේ අවාසනාවේ ගිණුමටය. ලංකාවේ නම් බහුතරයක් මෙවැන්නෝය. රුපියල් විස්සේ ලොත‍රැයියේ වාසනාව පතන දුප්පතාගේ සිට බලි යාග හෝම මන්ත්‍ර ගුරුකම් පස්සේ ගොස් ලක්ශ ගණං  කෙලවා ගන්න ධනවතා දක්වා දිවෙන්නේ නිහීන ආත්ම ශක්තිය ඇති පුද්ගලයාගේ වාසනාව පිලිබද බලාපොරොත්තුවයි. එහෙත් මේ විවේචනයෙන් වාසනාව කියා දෙයක් නැත්තේ යැයි මා අදහස් කරන්නේ නැත. ඇත්තෙන්ම වාසනාව  යනු කුමක්දැයි වඩා හොදින් දන්නේ ජයග්‍රාහකයාට වඩා පරාජිතයා ය.

අවස්ථාවක් නොලද හැකියාව අවාසනාවන්තය. කැලේ මල් කැලේම පර වී  යනවා යැයි කියනනේ එවන් අවාසනාවක් ගැනය. වාසනාව පූදින්නේ අවස්ථාවක් ලද විටදීය. ධෛර්‍ය, පෙර සූදානම ඒ සදහා අත්‍යාවශ්‍යය සාධකයන්ය.

යමක් නොලැබී යාම අවාසනාවක් සේ සැලකීම නොකල යුතුය. ඇතැම් විට එය වාසනාවේ අදෘශ්‍යමාන හස්තය විය හැක. වරක් මා  මහත් බලාපොරොත්තු තැබු මැද පෙරදිග ‍රැකියා අවස්ථාවක් මට නොලැබී ගියේ ය. මා එය බැර කලේ අවාසනාවන්තේ ගිණුමටය. එහෙත් ඉන් හරියටම මසකට පසුව මට හදිසි ශළ්‍යකර්මයකට මුහුන දීමට සිදුවූ අතර  තවත් සුලු කාලයකින් මට සුද්දන්ගේ රටක ශිෂ්‍යත්වයක් හිමි විය. ඒ සියල්ල හොදින් සිදු වූයේ මා අවාසනාවක් සේ සැලකූ මැදපෙරදිග ‍රැකියාව නොලැබී යාම නිසාය.

වැඩි වැඩියෙන් වාසනාව ලැබෙන්නේ වැඩි වැඩියේන් අනලස්ව, ධෛර්‍යවන්ත වන විටය. ලොත‍රැයි දිනීමක්වත් හිමිවන්නේ ලොත‍රැයියක් ගැනීමට උනන්දු වූ අයෙකුටය. එහෙත්  කුරුල්ලාගේ වාසනාව හා පණුවාගේ අවාසනාව මට ගැටළුවකි.ඒ කෙසේ නමුත් මම වාසනාව පිලිබද විශ්වාස කරමි.

ඒ නිසාම මම ඔබට 'වාසනාවන්ත' 2013 වර්ෂයකට ආසිරි පතමි.

සිංහල බ්ලොග් අවකාශයේ සියලු බ්ලොග්කරුවන්ටත්, පාඨකයන්ටත්  වාසනාවන්ත  2013 වර්ෂයක් වේවායි මා ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.....



26 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් ඔබටත් :)

    ReplyDelete
  2. වාසනාව ගැන එච්චර විශ්වාසයක් නැතත් වාසනාව විශ්වාස කරන මයියාට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් මයියා..

    ReplyDelete
    Replies
    1. එල එල ජය වේවා...

      Delete
  4. එසේම වේවා මයියා....!!!

    ReplyDelete
    Replies
    1. එල එල ජය වේවා...

      Delete
  5. උත්සාහය තියෙන තැන වාසනාවත් එතනමයි නේද මයියා !

    ReplyDelete
    Replies
    1. උත්සහය නැත්නම් වාසනාව නෑ....ඒත් උත්සහ කල පලියටම වාසනාව තියෙන්නේත් නෑ කියලා හිතෙනවා..ඒකයි වාසනාව මම විශ්වාස කරනවයි කිව්වේ...ඒත් උත්සහයෙන් තොර වාසනාවක් නෑ

      Delete
  6. නලියාගේ පුතුන් දෙදෙනාම පශ්චාත් උපාධි වලට බටහිර රටවලින් අධ්‍යාපනය ලබා සුද්දන්ගේ රටවලම පදිංචිවී බ්‍රිට්නි ස්පියර්ස් වැනි ගැහැණු පරාන සමග ජීවිතය ගෙවද්දී ගෙවිඳු කුමාරණතුංග වැනි ප්‍රථම පෙල සමාර්ථ ඇති, නලියාගේ දේශණාවලට වහ වැටී තාමත් ලංකාවේ වේලෙන එවුන් දකින විට, ඒ උන්ගේ වාසනාවද ගොන්කමද යන්න සෑර් පැහැදිලි කරන්නේ නම් මැනවි.

    සෑර්ට නම් සුබ අලුත් අවුරුද්දක් වන්නෙ සුද්දාගේ රටේ ඉන්න නිසාය. අපිට නම් කනේගෙඩියා, මාලක සිල්වා, මැර්වින් වැනි අය කච්චේරිය ගිනි තියන හැටි, කටුගේ කඩන හැටි පෙන්නා අවුරුද්දම චා කර ඇත්තේය. යන්න තැනක් නැති අපිට මොන සුබ අවුරුද්දක්ද?

    ReplyDelete
    Replies
    1. බ්‍රිට්නි ස්පියර්ස් වැනි ගැහැණු පරාන සමග ජීවිතය ගෙවද්දී

      Are they married to foreigners as well?

      Delete
    2. ලොක්කා මම දැන් ලංකාවට ඇවිල්ලා මාස කීපයක් වෙනවා....කොහේ හිටියත් මේ රටේ වෙන දේවල් එක්ක තමයි ජීවත් උනේ...ඉස්සහරටත් එහෙමම වෙයි කියලා 'හිතෙන්වා'......

      Delete
  7. මයියාටත් සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ජය වේවා...වාසනා වේවා

      Delete
  8. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කකා....ලස්සන කවියක් හා පැතුමක්...කතන්දරටත් එසේම වේවා

      Delete
  9. මම කොමෙන්ටුවක් දැම්ම කලින්... හැබැයි මොකද්දෝ අවුලක් උනා කියලා දැණුනා...

    //උත්සහයෙන් තොර වාසනාවක් නෑ//

    මාලක මේජර්ට පහරදීම සහ මාලකගේ වාසනාව ගැන අපි දනන්වනේ. මයියාටත් ඕනෑ නම් මේජර් කෙනෙකුට පහර දී "උත්සාහයක්" දී "වාසනාව" උරගා බැලිය හැක... :D

    පණුවාටත් වූයේ ඕකමය... උදේම නැගිටින්න කලින් තමා පණුවෙක් බව ඌ දැනගත යුතුය....

    ඔවැනි තත්වයකදී වාසනාව සහ අවාසනාව යනු කුරුල්ලාට පණුවා ලැබීම හෝ පණුවා කුරුල්ලාට ගොදුරුවීම නොව කුරුල්ලෙකු හෝ පණුවෙකු ලෙස උපත ලැබීම බව සිතන්නට සිදුවන්නේය.

    සියලු පණුවන්ට වාසනාවන්ත නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. මං දන්නෑ මම තිසර කියලා තියෙන දේ හරියට තේරුම අර ගෙන නැද්ද කියලා..ඒත් මට හිතෙනවා තිසර කියන්නේ තමන්ට උපතින් ලැබිච්ච දේ මත ඉදිරිය තීරණය වෙනවා කියලා වගේ දෙයක්..ඒහෙම දයක් නම් ඒකට මට එකඟ වෙන්න බෑ.. උපතින් තමන්ගේ වාසනාව දියුණුව තීරනය වෙන්නේ නෑ කියන්න ලෝකේ ඕන තරම් උදාහරණ තියෙනවා...

      මාලක මේජර් ගැන සිද්ධිය නම් රටේ නීතීයක් නැති එකට හොද උදාහරණයක්...ඕකේ තවත් පැත්තකුත් තියෙනවා..අර කථාවට කියන්නේ හපන්න බැරි නම් බොරුවට දත් පෙන්නන්න එපා කියලා....

      Delete
    2. මම නිකං පණුවාගෙයි කුරුල්ලගෙයි කතාව ගැන හිතනකොට හිතිච්ච දේවල්... උපතින් ලැබුණු දේ මත හැමදේම තීරණය වෙනවා කියලා මම කියන්නේ නෑ. නමුත් වාසනාව ගැන කියනකොට, "හොඳ" තැනක උපදින එකත් වාසනාවක් තමයි. දැන් මේ පණුවා කුරුල්ලගේ ගොදුරක් වෙන්නේ, ඌ පණුවෙක් වීම නිසානේ.

      දැන් මේ මං ඉන්න කැන්ගරු රටේ නම් උපත කියන එක කෙනෙක්ගේ ඉදිරි ජීවිතේ තීර්ණය කරන වැදගත් සාධකයක් නෙමෙයි. පොදුවේ කාටත් සමාන අවස්ථා තියන රටක්. නමුත් ලංකාවේ එහෙම නෙමෙයිනේ.... උපදින තැන අනුව මිනිහෙක්ට ජීවිතේ ගොඩක් දේවල් ලැබෙනවා නැත්නම් සීමා වෙනවා. ලංකාවේ ගොඩක් මිනිස්සු ඕක දකින්නෙ වාසනාව / අවාසනාව විදිහට. කොහොමටත්, ලංකාවේ සාමාජය තුල තියන බරපතල පංති වෙනස්කම් ඇතුලේ වාසනාව කියන එකට ලැබෙන තැන වැඩියි.

      මම නම් වාසනාව කියන්නේ... තමන්ට ලබාගන්න අවශ්‍ය යම් දෙයක්, ඒ සඳහා තමන් කල යුතු කැපවීමෙන් තොරවම ලැබෙන අවස්ථාවකට වගේ විතරයි. උත්සහ කරල දෙයක් ඇබීම හෝ නොලැබීම ඒ උත්සහයට අදාල ප්‍රතිඵල දෙකක් මිස වාසනාව / අවාසනාව කියලා මම දකින්නේ නෑ. තමන්ගේ උත්සාහයට අනුව තර්කානුකූල ප්‍රතිඵල නොලැබෙන සමාජයක, ඒක වාසනාව, කර්මය, අපල, ග්‍රහයෝග වගේ දේවල් වලින් තමයි මිනිස්සු තේරුම්ගන්නේ.

      Delete
  10. එහෙනං වාසනාවන්ත හැපි නිව් ඉයරයක් වේවා.. මයියාටත්

    ReplyDelete
    Replies
    1. දේශකයාටත් එසේම වේවා....වැඩි වැඩි යෙන් දේශනා කරත්වා

      Delete
  11. මම නම් බන් අනේ මන්දා . . . කොයි උනත් වෙන්නේ හොන්දටයි කියලා හිතන එකෙක් නිසා මට වෙන හැම දේම මගේ වාසනාවට වෙන දේවල්.

    උඹ සමහර විට කියවලා ඇති මගේ පරන පෝස්ට් එකක්

    අවුරුදු 21දී හන්ඩි කොල්ලෙක් වෙලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කාලේ චා වෙන්න පිච්චුනා මාව.

    එදායින් පස්සේ මගේ ජීවිතයට සමාජයෙන් අගයක් ගන්න ඕන කමටම මහන්සියෙන් ඉගෙන ගත්තා.

    ටික කාලයයි ගිය ආර්තික සාමාජීය අතින් සෑහෙන තනකට එන්න ලබුනා.

    අදටත් ආපහු හැරිලා බලද්දී ජීවිතයට වුනු නරකම දේ කියලා හිතපු එක ම තමා මට වෙලා තියෙන හොඳම දේ . . හෙ හෙ හේ

    උඹටත් සුභ නව වසරක් මයියෝ . .

    ReplyDelete
    Replies
    1. දුකා ඒ කථාව කියන Luck favors the bold ඒකට ගැලපෙනවා නේද? පරාජය මරණය නොවෙන තාක් කල් කිසිම පරාජයක් හෝ ජයග්‍රහනයක් ස්ථිර නෑ නේද...පරාජය හෝ ජයග්‍රහනය නොව ජයග්‍රහනය සදහා නොනවතින කැපවීම උත්සහාය නොවේද වඩා වැදගත් වෙන්නේ...දුකා ගේ කථාවත් කියන්නේ නොනවතින කැපවීම හා උත්සහයයේ සාර්ථකත්වය නෙවෙද? මා කිසිම විටෙක උත්සහය ලඝු කර හිතන්නේ හෝ ඒය වාසනාවට දෙවෙනි වේ යයි සිතන්නේ නෑ.....ඒත් මගේ අත්දැකීම් 'වාසනාව' කියා දෙයක් ගැන විශ්වාස කිරීමට මා පොලඹවනවා..අනේ මන්දා.....

      උඹටත් පවුලේ සැමටත් සුභ වාසනාවන්ත 2013 ක් ම වේවා..

      Delete
  12. මේකට ආවෙත් පලවෙනි වතාවට.සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  13. Thanks Dammika....me welawe sinhala typing ne....stutiyi pamineemata

    ReplyDelete

2222