Friday 13 September 2013

විලියම් කුමාරයාගේ සත්ව ආදරය හෙවත් අන්තර්සංසර්ගයේ පැටවුන් ‍රැක ගැනීම. : Definition of species


විලියම් මල්ලි  කියලා මං ආදරේට කිව්වට මෙයා රාජ කුමාරයෙක්. ඉන්දියාවේ , මහත්මා ගාන්ධිලා , නේරුලා දඟලලා දඟලලා නිදහස නොගන්න , මෙයා තාමත් අපේ පුංචි අඹ ඇටේ ඔ‍ටුන්න හිමි කුමාරයා වෙන්නත් ඉඩ තිබ්බා.

අළුතෙන්ම එන ආරංචි විදියට විලියම් මල්ලි රස්සාවෙන් අයින් වෙලා...... ලස්සනම ලස්සන කෙලි පොඩිත්තෙකුට තාත්තා  කෙනෙක් උන අල්ල පනල්ලේ මේවගේ තීරණයක් ගත්තේ විලියම් මල්ලි රාජ කුමාරයෙක් හින්දම තමා. නැත්නම් අපි වගේ මාස් පඩි කාරයෙක් කීයටවත් නොකරන වැඩක් ඕක...

විලියම් මල්ලිගේ රස්සාව කවුරුත් නොදන්න එකක් නෙවෙයි. එයා එංගලන්තෙ රාජකීය ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක්.නිකං පයිලට් කෙනෙකුත් නෙවෙයි 'රෙස්කියු පයිලට්' කෙනෙක්...

විලියම් මල්ලි රස්සාවෙන් අයින් වෙලා කරන්න හදන්නේ වඳවෙලා යන 'සත්ව විශේෂ' (species) ‍රැකගන්න ගේමට බහින්නයි. මට නං හිතෙන්නේ ඒක හොද අගේ ඇති වැඩක් කියලා.

ඔය සත්ව විශේෂ ‍රැක ගන්න එක හොද වැඩක් උනාට, මම දන්න විදිහට 'සත්ව විශේෂ'  නැත්තං  species කියන එක අර්ථ දක්වන එක නම් මාර ගේමක්. කොටින්ම ඔය බයෝ කාරයෝ හැමතිස්සෙම ස්පීශිස්, ස්පීශීස් කියලා කිව්වට ,  ටක්කෙටම වෙන් කොරලා, පොදුවේ භාවිතා කරන්න පුලුවන් වචනයක් නෙවෙයි මේ 'ස්පීශීස්' කියලා කියන්නේ...

උදාහරනයක් විදිහට කට්ටියක් කියන විදිහට සත්ව විශේෂයක් කියන්නේ 'අන්තර් සංසර්ගයේ යෙදෙන,  පැටවු හදන' සත්ව කොටසකට. එහෙම බැලුවම මිනිස්සුයි, ගෑනුයි සංසර්ගයේ යෙදිලා ලමයින් හදන හින්දා, මිනිස්සු කියන්නේ එක සත්ව විශේෂයක්. බල්ලොයි බැල්ලියෝයි සංසර්ගයේ යෙදිලා බලු පැටවු හදන හින්දා බල්ලෝ කියන්නේ තව සත්ව විශේෂයක්..ඒත් මිනිස්සුයි බැල්ලියෝයි සංසර්ගයේ යෙදිලා වෙනම සත්ව කොටසක් හදන්නේ නැති නිසා මිනිස්සුයි , බල්ලොයි කියන්නේ එකිනෙකට වෙනස් සත්ව විශේෂ දෙකක්...බැලූ බැල්මට අර්ථ දැක්වීම හරි  වගේ...ඒත් කරුමෙටක වගේ අස්වයෝයි බූරුවොයිත් සංසර්ගයේ යෙදිලා හොද පැටවු හදනවා...ඔය ලංකාවෙත් මන්නාරම් , ඩෙල්ෆ්ට් වගේ දූපත් වල ඉන්න කොටළුවෝ කියන්නේ මේ වගේ අස්සයන්ගේ මිස් ෆයර් තමයි.( වැරදී නම් මා නිවැරදි කරන්න).

අපි නම් ඉතින් ඕලෙවෙල් කාලෙන් මෙහා බයෝ වචනයක්වත් අහලා නැති හින්දා මේවා ගැන එච්චර තේරූමකුත් නෑ...ඒක හින්දා අඩු ගානේ ඒලෙවල් වලටවත් බයෝ කරපු ඈයෝ ඉන්නවනම් දෙන්නකෝ මේ ගැන පොඩි අදහසක්...

හරි හමං උත්තරයක් ලැබුනෝත් හොද ඉංග්‍රීසී කාරයෙක් අල්ලලා ඒක ඉංග්‍රීසියට හරවලා විලියම් කුමාරයට ම  ලැබෙන්න සලස්සනවා ඕං...ආයේ එකේ දෙකක් නෑ...


 මූ තමයි ලෝකේ කැතම සතා කියලා මිනිස්සුන්ගේ චන්දෙන් පත් වෙලා තියෙන්නේ...මුගේ නම බ්ලොබ්‍ෆිශ්.....මුහුදේ ඉන්නේ...


පිංතූරේ ගත්තේ මෙතැනින්..

http://www.huffingtonpost.com/2013/09/12/blobfish-ugliest-animal_n_3916385.html

15 comments:

  1. ඔන්න නියම කොල්ලෙක් (මම කිව්වේ උබ) මරු කතාවක් එක්ක මරු ෆොටෝ එකක්

    ReplyDelete
    Replies
    1. අර එල කොල්ලෙක් කියපු එක මයිලේඩීට පෙන්නන්න ඕනේ...තැන්ක්යු ආ....:)

      Delete
  2. මට සංසර්ග කතාව වැඩිය තේරුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ :)...සංසර්ග කථාව තේරෙන්නැ කිව්වා.......

      Delete
  3. මයියා අපේ කුමාරයට අපහාස කරනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. අම්මෝ නෑ....එහෙම දෙයක් හිතන්නවත් එපා.....

      Delete
  4. මට මතක විදිහට එකම විශේෂය විදිහට නම් කරන්නේ මේ විදිහට

    01. කිසියම් සත්තු ( මොක්කු හරි ) දෙන්නෙක් අතර ලිංගික සංසර්ගයෙන් පැටවෙක් බිහි වෙන්න ඕනේ.
    02. ඒ පැටව්න්ට අභිජනන හැකියාව තියෙන්න ඕනේ.
    03. ඒ කියන්නේ පැටව්+පැටව්= අලුත් පැටව් ලැබෙන්න ඕනේ



    __________________________________________

    පළමු උදාහරණය

    සිංහයෝ + මිනිස්සු = ?

    ? = ලංකාවේ අය
    _________________________________________



    ඔබට පැහැදිලිද මය්යෝ ..?

    ReplyDelete
    Replies
    1. සිංහයෝ + මිනිස්සු + යක්ෂ+ නාග + පරංගි+ හම්බ + දේශද්‍රෝහී +දේශප්‍රේමී +රාවන +වඩුග + මරක්කල +posh + UNP+JVP+ LTTE

      එත් හෝමෝ සේපියන් සේපියන්ල තමා නැත්තේ

      Delete


  5. මයියා .. ඒ ලෙවෙල් කරලත් දැන් සෑහෙන කාලයක් වුනා .. වචන සෙට් එක හරියට මතක නෑ... මට මතක හැටියට " අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කලහැකි " නම් විශේෂයක් හැටියට ගන්න පුළුවන්... ඒ කිව්වෙ හැදෙන පැටවුනුත් පැටව් බෝකල හැකි අය වෙන්න ඕන... කොටලුවා ට තවත් කොටලු හෝ බූරු හෝ අස්ව ගැහැනු සතෙක් සමග එක්වී පැටව් බෝ කල නොහැකියි ... ඒ නිසා අස්වයන් සහ බූරුවන් වෙන වෙනම විශේෂ මිස එක් විශේෂයක් නොවෙයි... අශ්වයන් සහ සීබ්‍රා එක්කර බිහිකල Hobra , කොටියන් සහ සිංහයින් එක්කර බිහිකල Tiglon වැනි සතුනුත් එවැනියි....,

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි සපතෙරුවෝ

      Delete
    2. අර්ථ දැක්වීම කෙලවෙන්නේ බලු විශේෂ දෙකක් අතර අභිජනනයෙන් බිහිවෙන පැටවා සරු ජනිතයෙක් වුනාමයි. (එහෙම නැති නම් බල්ලන් වර්ග අයත් වෙන්නෙ උප විශේෂ කියන කැටගරියටද මන්දා)

      Delete
  6. විලියම් කුමාරයගෙ බබාගේ ජෙන්ඩර් එක ඒ ඉක්මනට චේන්ජ් වෙලාද..

    ReplyDelete
  7. මයියෝ........බලපන් රජෙක් නොවුනත් රජ මුනුබුරෙක් වෙලා විඳින සැප. විලියම් වගේද බන් අපේ රජ පැටව්. දරුවෝ විතරයි අඩු. උඹලා විලියාට මොකුත් කිව්වට උගේ ඩැඩීට එහෙම මුකුත් කියනවා නෙමෙයි හොඳද.
    ෆොටෝ එක නම් එල. මර්වියා ඉපදිච්ච දවස්වල වගේ.

    ReplyDelete
  8. මීට දශක තුන හතරකට විතර ඉස්සර අපේ රටෙත් හිටියා අවංක දේශපාලකයෝ කියල දුර්ලභ සත්ව විශේෂයක් ඒ කාලෙ අපේ රට බොහොම උසස් විදිහට ලෝකෙ පිලිගත්තා. මං ලංකාවෙන් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් උනා. අනේ මයියෝ ඔය කුමාරයාට කියාපංකො ඒ සත්ව විශේෂෙ හොයල දෙන්න කියල..

    ReplyDelete
  9. Niyama post ekak. :-D

    ReplyDelete

2222