Wednesday 22 November 2023

ජූස්ලාගෙ කළු සින්දුව

බයිද රිවර්ස් ඔෆ් බෑබිලෝන්....

By the rivers of Babylon

80 දශකයේ ගෙවල් වල කැසට් රේකෝඩර්, රේඩියෝ වල නිතර ඇහුනු ජනප්‍රිය ඉංග්‍රීසී සින්දුවක්.  ඉංග්‍රීසී සිංදු අහන්නෙ නැති අයෙක් උනත්, මේ සිංදුව නම් අහලා නැති වෙන්න බෑ. ඒතරමට, නිතර දෙවේලේ ඇහුණු , පට්ට ගහපු සිංදුවක්.ඉතා මනරම් වේග රිද්මෙට ගැයෙන මේ ගීතය ගායනා කලේ බොනිඑම්  ( BoneyM)සංගීත කණ්ඩායම. 





මේ සින්දුවත් ඇන්ටන් ජෝන්ස්ගේ බයිලා වගේ තමයි. හැබැයි මේක බයිලාවක් නෙවේ. ජෝන්ස්ගේ ගීත වල කියැවෙන්නෙ ඉතා දුක්බර, මිනිස්සු දවස් ගනන් වැලපුණ සිද්ධි. සමහර විට මිනිස්සු සිය ගනන් මිය ගිය ඒවා. ඒත් ඒ සිංදු වලට මිනිස්සු නටනවා. 
සයුර බලා බඳ ලෙලවා 
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං  කුමරි නිල්වලා
එතෙර සිටිය අය කැඳවා  
මරු තුරුලට අරං ගියා 
මුළු සිරිලක දුකෙහි ගිල්වලා 

බෝට්ටුවෙ ගිහින් ජිවිත ගණනාවක්  බිලි ගත්ත  සිද්ධියක් ගැන විස්තර කරන මේ සිංදුවට අපි කොච්චර නටලා ඇත්ද? මේක වගේම ජොන්ස් ගේ අනෙක් සිංදුත් තනිකරම ශෝකාලාප.

බයි ද රිවර්ස් ඔෆ් බෑබිලෝන්  සිංදුව ,බොනියම් කණ්ඩායම ෆුල් ජොලියේ  නටමින් ගායනා කලත්,80 දශකයේ පා(ර්)ටි වල නිතරම ඇහුන සිංදුවක් උනත් , සිංදුවේ තේරුම ඇවිල්ලා දුක්මුසු කථාවක් . 




මේ සිංදුවේ වචන වල තියෙන්නෙ යුදෙව් ජාතිකයන්ගෙ ශෝකාලාපයක්. වර්තමාන ඊශ්‍රායලය බිහි වෙන්නෙ කලින්, මැදපෙරදිග, ජෙරුසෙලමෙ  හිටපු යුදෙව්වන් ,  අතීතයේ වරින් වර බලවත් උනු අධිරාජ්‍යන් තමන්ගේ වහලුන් විදිහට තමන්ගෙ රටවලට ගෙනිච්චා.

ක්‍රිස්තූ පූර්ව 580 ගනන් වල දි, එකල බලවත් අධිරාජ්‍යක් උන බැබිලෝනියාව ජෙරුසලම ආක්‍රමණය කරලා එහි හිටපු  යුදෙව්වො තමන්ගේ වහල්ලු විදිහට බැබිලෝනීයාවට අරං යනවා. මේ සිද්ධිය , යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ එහෙමත් නැතිනම් පරණ තෙස්තමේන්තුවේ විස්තර වෙනවා. බොනිඑම්ලගේ මේ සිංදුවත්, හිබෲ බයිබලයේ සදහන් වෙන මේ සිද්ධිය පාදක කරගෙන ලියැවිච්චි එකක්.

By the rivers of Babylon
There we sat down
Yeah, we wept
When we remembered Zion

සිංදුවේ මුල කොටසින්ම කියැවෙන්නෙ බැබිලෝනියානු ගංඉවුරේ හිර කරන් ඉන්න යුදෙව්වන්ට තමන්ගේ රට,ගම් බිම් මතක් වී කදුළු වැටෙන ආකාරයයි. මෙහි සියෝන් (Zion) ලෙස හදුන්වන්නේ මෙකල ඊශ්‍රායලයටම තමයි. ඇත්තෙන්ම සියොන් කියන්නේ ජෙරුසලමේ තියෙන යුදෙව්වන්ගේ පූජනීය කදු ගැටයක් ආශ්‍රිත පෙදෙසක්. මේ වචනේ මූලික කරගෙනම තමයි (අන්තවාදී) යුදෙව් මතවාදයක් උන සියොනිසම් (Zionism) බිහිවෙන්නෙත්.

සිංදුවේ ඉතිරි කොටස් වලින් මේ කථාව තව තවත් විස්තර වෙනවා

When the wicked
Carried us away in captivity
Required from us a song
Now, how shall we sing the Lord's song
In a strange land?

දුෂ්ඨ මිනිස්සූ , යුදෙව්වන් උන අපිව හිර කරගරගෙන, ආගන්තුක රටක් ඉදන් අපේ දෙවියන් වෙනුවෙන් යාතිකා කරන්නේ කොහොමද? ඒ කොටසේ තේරූම ඒ වගේ එකක්...

පොඩි කාලේ අපේ කණට නිතර ඇසුනු මේ සිංදුව, යුදෙව්වන් වෙනුවෙන් ගැයුනු යුදෙව්වන්ගේ ශෝකාලාපයක් බව මම දැන ගන්නේ ගොඩක් පහු වෙලා.

හීබෲ බයිබලයෙන් වචන අරන් මේ සින්දුව හැදුනත්, ඇත්තටම මේක බොනියම්ලා අතට අහුවෙන්න කලින් ජැමෙයිකාවෙන් පටන් ගත්ත රස්තාෆාරි සින්දුවක්.1960 ගණන් වල රස්තාෆාරියන් කලාවත් එක්ක කල්ලන්ගේ නිදහස වෙනුවෙන් මේ ගීතය නිර්මාණය උනා. මේ ගීතයෙන් කියැවෙන පිටුවහල් කිරීම, වහල්භාවය සහ උත්තරීතර නිදහස කල්ලන්ගේ වහල්බාවයට එරෙහි නිදහස් සටන සමග හොදට පෑහුනා. 

රස්තා ලයින් එක අනුව මෙහි බැබිලෝනියාව කියන්නේ පීඩක බටහිර සුදු ජාතික රටවල්. මෙහි අවසානයේ Sing a song of freedom, brother! ( සහෝදරයනි,නිදහසේ ගීතය ගායනා කරමු....) යනුවෙන් හඬ ගා කීම තුලින් නිදහස වෙනුවෙන් එකතු වීම සංඛේතවත් කරනවා. 

ඒවගේම සින්දුවේ තුන් වෙනි වර්ස් එකත්  නිදහසේ තේමාවට භාවාත්මක හැගීමක් එකතු කරනවා. 

Let the words of our mouth
And the meditation of our heart
Be acceptable in thy sight here tonight

(අපේ වචන වලට ඉඩ දෙන්න...අපේ හදවතේ ආධ්‍යාත්මයට ඉඩ දෙන්න )

මේ ගීතය ගායනා කරන ජනප්‍රිය  බොනිඑම් (BoneyM) සංගීත කණ්ඩායම ගැනත් ගොඩක් රසකතා තියෙනවා.  කාන්තාවන් තුන් දෙනෙකුත්, එක පිරිමියෙකුගෙනුත් සමන්විත මේ කණ්ඩායමේ ඇත්තටම ගීත ගායනා කරලා තියෙන්නෙ දෙන්නයි.කණ්ඩායමේ සියල්ලන්ම කළු ජාතිකයන් උනත් , මෙය ජර්මනියෙන් බිහි උන, ජර්මන් සුද්දෙක් උන ෆ්‍රැන්ක් ෆේරියන් කියන සංගීත අධ්‍යක්ශකවරයට අයිති සංගීත කණ්ඩායමක්. 

බොනිඑම් කණ්ඩායම ගැන රස කතා ටික වෙන ලිපියකින් ලියන්නම්...

P:S-
1. සියොනිස්ට් ව්‍යාපාරය කියන්නේ යුදෙව්වන් වෙනුවෙන් වෙනම ජාතික රාජ්‍යක් ඇති කර ගන්න ඕනේ කියන මතවාදයට. මේ මතවාදය අනුව යමින් තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ මැදපෙරදිග ඊශ්‍රායලය බිහිවෙන්නෙ.
2.මේ තියෙන්නෙ යුදෙව්වන් ගැන මම මීට කලින් ලියපු පෝස්ට් එකක්...


3. මේ සින්දුවේ වචන වගේම, සින්දුවේ මූලාරම්බයත් දේශපාලනිකයි. මුල් කාලයේදී මෙය ජැමෙයිකා රජය තහනම් කරලත් තිබ්බා. ඒත් බොනියෙම්ලගේ ඩිස්කො සංගීතයත් සමග මෙය ඉතා ජනප්‍රිය උනා.  

52 comments:

  1. Replies
    1. එල ද බ්‍රා කිව්වම එලම තමයි ඉතින්

      Delete
  2. නිතර අසා පුරුදු උනත් තේරුම ගැන සිත යොමු කළේ දැන් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් මේකේ අගමුල හොයාගන්න බැරුව හිටියේ ...පස්සේ තමයි හරියට හොයා ගත්තේ

      Delete
  3. මෙච්චර විස්තර දැණගෙන හිටියෙ නෑ. එක හුස්මට කියෙව්වා. ෆ්‍රැන්ක් ෆාරියන් කියන්නෙ දක්ෂ ඒත් කපටි චරිතයක් කියලයි හිතෙන්නෙ.
    https://www.youtube.com/watch?v=QelsjTcjAbQ

    ReplyDelete
    Replies
    1. ෆ්රැන් ටිකක් කපටියෙක් තමයි. බැබිලෝනියන් සින්දුවෙත් අයිතිය මෙයා තියාගෙන හිටියේ. පස්සෙ නඩු කියල තමයි ඔරිජින්ල් ජැමෙයිකන් ජාතික රචකයන් ඒක ගත්තේ..දැන්නම් ඒ ඔක්කොටම එක අයිතිය තියෙනවා... බොනිඑම් විතරක් නෙවෙයි මේ වගේ හදපු තව බෑන්ඩ් එකක් තියෙනව මෑන්ස් ගේ

      Delete
    2. ඔබගේ විඩීයෝව බැලුවෙ දැන්...ඔබ් මිලී වැනිලි ගැන තමයි මම කිව්වෙ

      Delete
    3. ෆ්‍රැන්ක් කන්ට්‍රවර්ෂල් වුනාට, අදහන්න වටින චරිතයක්. අනිවාර්‍යයෙන්ම ඔහු දක්ෂයෙක්. ඔහු නිකම්ම ප්‍රොඩියුසර් කෙනක් නෙමෙයි. සිංදු ලියන්න, හිට් වෙන තනු යොදන්න, ඒ වගේම මිනිස්සුන්ට නැගලා යන "නලුවො" හොයා ගන්න ඔහුට තිබ්බෙ අසමාන හැකියාවක්. ඒ විතරක් නෙමෙයි, සිංදුවල සමහර ගැඹුරු කටහඞවල් පවා එයාගෙ. එක අතකට, බැලුවාම, ඔහුට සිංදුවල වැඩි අයිතිය තියෙන එකත් සාධාරණයි. ඒත් ඔහු දෙවරක්ම මේ බොරුව/කපටිකම කරපු එකත්, වක්‍රව හරි මිනිසුන්ගෙ ජීවිත නාස්ති කරපු එක අවුලක්.

      ඔබට හැකි නං මේ ගැන ලියන්න.

      Delete
    4. ඔව් මචං..මිනිහා දක්ශයෙක් ..ඒකේ දෙකක් නෑ.. මට හිතෙනවා මිනිහා ගායනා කරන්න වෙනම ගෲප් එකකුයි, වේදිකාවේ තව ගෲප් එකකුයි තියාගෙන ෆැරෑන්ක් කලේ තමන්ගේ ග්‍රිප් එක තියා ගත්ත එක කියලා. අනිත් එක එයා ඔය දෙකටම ගත්තේ කල්ලො...ඒ ගැනත් හිතලා බැලුවොත් කතාවක් තියෙනවා. මොනා උනත් ෆ්රැන්ක්ට දොසක් කියනවා නෙමෙ...මිනිහා මේක බිස්නස් එකක් හැටියට ගෙන ගියා..කොහොමත් මියුසික් කියන්නෙත් ඉන්ඩස්ට්‍රි එකක්නෙ....

      මං හිතං උන්නේ බොනිඑම් ගැන කථාව පස්සෙ ලියන්න. ඔබ් ෆ්රැන්ක් ගැන් කථාව ඊට වඩ රසවත් වේවි

      Delete
    5. මිනිහා තව සංගීත කණ්ඩායම් කිහිපයක්ම ගෙනාව නේද?

      Delete
    6. මම දන්න විදිහට ෆ්‍රෑන්ක් හදපු ප්‍රධානම බෑන්ඩ් දෙක තමයි බොනිඑම් සහ මිලී වැනලි. ජනප්‍රිය නොඋනු වෙන බැන්ඩ් තියෙනවද දන්නෙ නෑ..

      ඇත්තටම ෆ්‍රැන්ක් කරපු වැඩේ කෙල උනේ මිලි වැනලි ට ග්‍රැමි එවෝඩ්ස් හම්බ වුනාම තමයි. මිලි වැනලි "Girl You Know It's True." එකේ එකට මේ සම්මානය හිමි උනා.;ඇත්තටම ඔබුන් කලෙ ලිප් සින්ල්9රොනයිසින් විතරයි..ගායනය කලේ ස්ටුඩියො එකේදි වෙන ගායකයන් දෙපලක්..

      Delete
  4. බොනිඑම් කියන්නෙ මගේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්.
    මේ සින්දුව අපිත් පොඩිකාලෙ ඇති වෙනකල් අහල තියෙනව උනාට තේරුම දැනගත්තෙ දැන් තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං...මමත් ඇත්තටම ඉංග්‍රීසී සින්දු කියලා ඉස්සෙලම අහන්න ගත්තේ බොනිඑම් සහ ජිම් රීවස් ලගේ සින්දු තමයි..පොඩි කාලෙදී...මං හිතන්නේ ඒවයෙ තිබ්බ මෙලඩීස් අපට ලග කමක් දැනෙනවා...දැන් නම් ඉතින් ඕනා දෙයක් අහනවා..කණ හුරු වෙලා තියෙන්නෙ..

      Delete
    2. වෙන්ගාබෝයිස් කියල සෙට් එකකුත් හිටිය.

      Delete
    3. ඔව් , වෙන්ගබොයිස්ලා ටිකක් පහුකාලෙක නේද..බොනිඑම්, ඇබා වගේ ඒවා ඊට අවුරුදු කීපයක් පරණයි නේදා

      Delete
  5. කොතරම් දේ තියෙද අලුතින් දැනගන්න
    සැඟවුණු, නොදුටු, අවධානෙට ලක් නොවුණ
    නියමයි මයියො, ලියමන රස මතු කරන
    එන්නෙමි යලිත් මේ වගෙ ලිපි කියවන්න

    ReplyDelete
    Replies
    1. කවි නම් බැරිය නිදි ඔබ තරමට මට ගළපන්න
      යලි එන දිනක සාදරයෙන් පිලිගන්නෙමි රොක් වෙන්න

      Delete
  6. අසා ඇති වුනත් ඉස්සර කිව් ගී සින්දූ
    දොසා වුනේ නොතේරුමයි මොළේට කැන්දූ
    දෙසා තිබූ මේ සටහන අදහස රැන්දූ
    නසා දුකත් සතුටුවුනා හදවත බැන්දූ..

    ස්තූතිය මයියා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ලස්සන පද පේලි ටිකක්---බොහොම ස්තුතියි

      Delete
  7. කොයි තරම් මේ ගීතය අහල තිබුනත් අද තමයි මේ ගීතය පිටිපස්සෙ තියන කතන්දරේ දැනගත්තේ. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොකුරු වැහි

      Delete
  8. මමත් ගොඩාක් ආසාවෙන් එදත් අදත් රස විඳින ගීතයක්. ස්තුතියි ඔබට යලිත් මතකයට අරගෙන ආවාට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලියෝනි. ඔව් මේකේ අලුත් කවර් වර්ශනුත් තියෙනවා මං හිතන්නෙ

      Delete
    2. කාලෙකින් මුකුත් ලියලා නෑ නේද? ඔයාව අමාරුවෙන් හොයාගත්තේ. මගේ පහසුවට ඔබගේ බ්ලොගය මගේ අඩවියේ අලවා ගත්තා. ඒ ගැන අමනාපයක් නැතැයි සිතමි.

      Delete
    3. බොහොම ස්තූතියි ලියෝනි....බ්ලොග් රෝලේ එල්ල ගත්තට ගොඩක් ස්තූතියි.... සින්ඩි වල මගේ බ්ලොග් එක තියෙනවා..එත් අලුත් ලිපියක් නැති උනාම පේන්නේ නෑ.... මොනා උනත් ලියන අපි අපිම මේ විදිහට ලින්ක් වෙන එක තමයි හොද කියලා මම හිතනවා..

      - Mayya

      Delete
    4. ඔව් මම සින්ඩි පැත්තෙත් යනවා. ඒත් මේක මට පහසුයි කියලාහිතුනා අලුතෙන් මොනා හරි දාපු ගමන් බලන්න පුළුවන් නිසා.

      Delete
    5. ස්තූතියි ලියෝනී

      Delete
  9. ජූස් කිව්වම මට හිතුනෙම අර බොන එව්වා කියලයි. පස්සෙ තමයි තේරුනේ, යකඩෝ මේ කියන්නෙ යුදෙව්වො ගැන නේද කියල.

    ඔය යුදෙව්වොත් හරිම කන්ට්‍රවර්ෂල් ජාතියක්. රටක් නැතිව,
    ලෝකෙ පුරා ඉබාගාතේ යමින් සිටි ජාතියක්. ඒත් හරිම බුද්ධිමත් ජන කොට්ටාශයක්. මිසරේ පිරමිඩ් පවා හැදුවෙ ඔවුන් කියල කතාවක් තියනවා. ඒත් බොහෝවිට වෛරයට පාත්‍රවූ ජාතියක්. සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යයේ පවා ඔවුන්ව දැක්වෙන්නෙ සෘණාත්මක කෝණයකින්.

    ReplyDelete
    Replies
    1. ඔව බස්සා ....ඒකට පොඩි හේතුවක් තියෙනවා...යුදෙව් ආගම කියන්නේ ඇසට ඇසක්, දතට දතක් වගේ දේකට. මීට විරුද්ධව තමයි ජේසුස් වහන්සේගේ ක්‍රිස්තියානි පටන ගන්නේ...ඔබේ එක කම්මුලකක්ට ගැහුවත් අනෙක් කම්මුලත් දෙන්න කියන අදහසින්..

      පසු කාලේ යුරෝපයේ බලවත් උනේ ක්‍රිස්තියානි.. ඇත අතීතයේ ඉදන්ම යුරෝපය තුල යුදෙව් විරෝධයක් තිබ්බා. ඇන්ටි සෙමෙටික් කියන්නේ ඒ ව්‍යාපාරයට.. ඔය ග්රිසීයේ වෙලෙන්දා වගේ ශෛලොක් කියන් යුදෙව් චරිතයවැනි නිර්මාන වෙන්නෙත් ඔය කියන් යුදෙව් විරෝදය වගෙ දෙයක්..

      යුදෙව්වෙන් නීතී ගරුකයි. හැබැයි ඇසට ඇසක් කියන්නේ ඒ ගොල්ලන්ගේ ඇගට කා වැදිලා තියෙන්නෙ

      Delete
    2. ඔව් ජූස් ( Jews) කියන වචනය මම දැම්මේ හිතාමතාමයි...ප ලි - එකේ ඕක පැහැදිලි කරන්න හදලත් අත ඇරියා....දැන් බස්සා මේක කාරනය මතක් කල එක හොදයි

      Delete
    3. හැබැයි ස් එක ශබ්ද එනෙන් z වගේනේ. කණගාටුවකට වගේ මම හරිම කැමති ජාතියක්. ගොඩක් අය වෛර කලාට

      Delete
    4. ස්තූතුයි අජිත්.....මං ඕක ලියන්න කලින් කීප වරක් ප්‍රරොනෞස් කරන විදිහ ඇහුවා...ඉසෙඩ් එකක් එනවද...එච්චර ශුවර් නෑ...

      ජූස් ලට අතීතයේ ඉදන්ම ගොඩක් අය කැමති නැත්තේ....ඇසට ඇසක් දතට දතක් කියන ආකල්පය නිසා....මේක ජෙසුස් ගේ ඔබේ කම්මුලට ගැසුවොත් අනිත් කම්මුලත් ලබා දෙන්න කියන ඉගැන්වීමත් සමග පොදුවේ කොන් උනා.. -Mayya

      Delete
  10. හුම්. බොනිඑම්. ඩැඩී කූල් 😁 තමා මුලින්ම මතක් වෙන්නෙ.

    රස්තෆාරියන් කියද්දි මතක්ක වෙන්නෙ ඉතිහ් බොබ් මලයව 💔

    ReplyDelete
    Replies
    1. බොනි එම් ලගේ ඔක්කොම සින්දු වගේ ජනප්‍රියයි නේද...ඩැඩි කූල් කියන්නෙත් හිට් එකක් තමයි...මාලේගේ රස්තෆාරි කියන්නෙත් ඒ දවස් වල තිබා බ්ලැක් ලයිව් මැටර්ස් වගේ ව්‍යාපාරයක් තමයි..බෆලෝ සොල්ජ්ර් සින්දුවත් ඒ වගේ තේරුමක් තියෙන එකක් - Mayya

      Delete
  11. මෙ යකාගෙද මන්ද එක විඩියොවක් ගොඩ කාලෙකට කලිං බැලුව. පැයකට ලංවෙන්න නටනටා සිංදු කියනව... පුටුවකිනුත් වැඩ දදා

    ReplyDelete
    Replies
    1. ඩැඩි කූල් සින්දුවට ඒ වගේ ඉදිරිපත් කිරීමක් දැකලා තියෙනවා වගේ මතකයක් මටත් තියෙනවා, හරියටම මතක් නෑ - Mayya

      Delete
  12. සිංහල ඇරෙන්න තේරුමක් දැනගෙන සිංදු අහන්න්න මට පුරුද්දක් නෑ.
    මොනතරම් හොඳ තේරුමක් තිබුනත් එහි කවිත්වයක් ලාලිත්‍යයක් නැතිනම් මට එහි කැමැත්තක් නෑ.
    අමරසිරි පීරිස්ට මා වැඩි කැමැත්තක් නැතිවීමට ඒක එක හේතුවක්.
    "මට මගේම නොවන ආදරයක් තිබුනා" ගීතය ආදරවන්තයෙකු කියන එකක් යැයි මට හිතා ගන්නනම් බැහැ. මට දැනෙන්නේම රෑට වන සතුන්ගෙන් හේන බේරගන්න ගොවියෙකු කියන කවියක් ඊටවඩා ආදරණීයයි කියලයි.
    මේ නිසාම මම ඉංග්‍රීසි ගීත කියලා ඇහුවේ රෙගේ රජුගේ ගීත විතරයි.
    ඉඳලා හිටලා ජිම් රීව්ස්ගේ, එල්විස්ගේ ගීත වලටකැමැත්තක් තියෙනවා. බෝයි ජෝජ්,ක්ලිෆ් රිචර්ඩ්ස්, ස්ටීව් වොන්ඩර්, ලයනල් රිචී මේ හැමගේ එක ගීතය බැගින් වගේ කැමතියි. ඒ සෑම එකකටම කැමතිවෙලා ටියෙන්නේ ශබ්ද රසයට - හරියට හිංදි සිංදු අහනවා වාගේ!
    බොනි එම්, ඇබා, බොබ් මාර්ලේ ගේ සෑම ගීතයකටම වගේ කැමතියි.
    තේරුමට කැමති ගීත තියෙන්නේ මේ ශබ්ද රස කුලකය තුලමයි. ගෙට් උප් ස්ටෑන්ඩ් උප්, බවෆලෝ සොල්ජර්, රස්පුටීන් වගේඅ ගීත බොහොම සුළුතරයක් තමයි ඒත් තියෙන්නේ.
    මේ ඔබේ ලිපියෙන් පස්සේ තවත් එක් ගීතයක් අර අතලොස්සට එකතු උනා!
    බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා ......සින්දු ගැන මගේත් ටිකක් ඔය වගේ ලයින් එකක් තමයි තියෙන්නෙ. ඉස්සෙල්ම මියුසික් පැත්ත සෙට් වෙන්නෙ ඕනේ..එහෙම නැතුව වචන වලට විතරක් හිත ගිය සින්දු තියෙන්නෙ අතලොස්සක්.

      මගේ යාළුවො ඔලුව උඩ තියන් අහන සමහර සින්දු මට සෙට් වෙන්නැත්තේ මේ මෙලඩි එක සෙට් වෙන්නෙ නැති හින්දාම තමයි.

      පුරුද්දක් වශයෙන් මම සිංහල ඉංග්රීසී දෙකම අහනවා. හින්දි නම් අහන්නේ ගොඩක් පරණ සින්දු විතරයි. අලුත් හින්දි සින්දු මට සෙට් නෑ.

      ඉස්සර සින්හල සින්දු හයි පිච් කියනවා හරි අඩුයි. ඒ හින්දම තමයි ඉස්සර සින්දු හැමෝටම කියන්න පුලුවන් වගේම වර්තමානෙ උනත් නිතරම
      ට්රිප් එකක් ගියත් කියන්නෙ. දැන් නම් අලුත් ගායකයො මේ රාමු කඩා ගෙන යන්න හදනවා කියලා තේරේනවා. ඒ හින්දම සමහර සින්දු සාමානය් පාටි වලිදි කියන්නත් බෑ.
      මං හිතන්නෙ මේ හයි පිච් වලට කණ හුරු නැත්තං මේ සින්දු කන්දොස්කිරියාවක් වගේ තමයි ඇහෙන්නෙ....හයි පිච් වලට කණ හුරු උනාට පස්සෙ සමහර ලයාන්විත සින්දු බෝරිං ගතියක් දැන්නෙනවා...

      මියුසික් ඉතින් එක එක්කෙනාට දැන්නෙ විදිහ වෙන්නස්නේ.. - Mayya

      Delete
  13. බොනිඑම්ලගේ හැම සින්දුවකටම වගේ ආසයි පොඩි කාලෙ ඉදන්. සින්දුවල තේරුම හොයන්න මම සෑහෙන කැමතියි. එහෙම කියද්දි මතක් උනේ කාලෙකට කලින් අපේ ගමේ සංගීතෙක 'ප්‍රේමවතී මනම්පේරි' සින්දුවට මිනිස්සු නැටුවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිථිල, සාදරයෙන් පිලිගන්නවා මේ බ්ලොගයට. මමත් කැමති සින්දු වල තේරුම හොයන්න කැමතියි. ඔව් ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු කියන්නේ ඒ වගේ ඒවා තමයි.බයිලා ටියුන් එකට නැටවුනාට සිද්ධිය හැම විටම වගේ ඛේදවාචකයක් - Mayya

      Delete
  14. මේ බෑන්ඩ් එක අයිති කරු ගායකයන්ට අඩු ගණන් ගෙවා ඔහු විශාල කොටසක් තියා ගත්තා කියා අසා තිබෙනවා. බොබී ෆැරල් ගේ දියණියක් ඔහුට වෙච්ච අසාධාරණය ගැන කලකට පෙර කියා තිබුණා මතකයි. අපේ තරුණ කාලය රසවත් කල ගීත.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්...මේ කියන්නේ ෆ්‍රැන්ක් ෆාරියන් කියන මියුසික් අධ්‍යක්ශකවරයා ගැන...මොහු බොනිඑම් බෑනඩ් එක විතරක් නෙමෙ පසු කාලෙක මිලි වෙනලි කියන බෑනඩ් එකත් හැදුවා. මිලි වෙනලි ග්‍රැමි එවෝඩ්ස් වලටත් නොමිනේට් වෙනකොට තමයි ෆැන්ක් එලියට ආවේ.. - Mayya

      Delete
  15. Replies
    1. ස්තූතියි ප්‍රාජේ - Mayya

      Delete
  16. මේවා කලට වේලාවට මතක් වෙන එක අපූරු වැඩක්...
    තිස්ස (හද ගී පොත)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිස්ස,ඔයා කොහොමත් මම දාන පොස්ට් වල හරි නිලේ අල්ලනවා නේද?- Mayya

      Delete
  17. බොනිඑම් මාත් ගොඩාක්ම ආසායි.කොයි වෙලෙත් මුමුණ මුමුණා හිටියාට අද තමා මෙච්චර හරියක් දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සේපලිකා මල්...ඔයාගෙ බ්ලොග් එකක් ලියනවද?
      - Mayya-

      Delete
    2. ඔව් මගේ බ්ලොග් එක https://devlindi.blogspot.com/

      Delete
    3. ස්තූතියී....ඔබගේ බ්ලොගය මගේ බ්ලොග් රෝලේ අපඩේට් වෙනවා..සේපාලිකා මල් කියන නමින් නෙමේනේ තියෙන්නේ...ඒක හින්දා පොඩ්ඩක් ටැපලිලා

      Delete
  18. Good to read a blog post again. Brings up so many nostalgic memories. Keep it up.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි . ලියුම් අටුව බ්ලොගයේ අලුතින් පෝස්ට් වැටිලා නෑ නේද? - Mayya

      Delete

2222