Saturday 11 November 2023

බ්ලොගයක් ගැන හැඟීමක්

මෑතක් වනතුරුම මං  සිංහල බ්ලොග් කියෙව්වේ අඹ ගහ යට සින්ඩියෙන්.  ඒත්  පසුගිය ටිකේ, ටිකක් වැඩියෙන් සිංහල බ්ලොග් අතර ගැවසෙද්දි, මං තවත් අමතර සින්ඩි කීපයකට පුරුදු උනා. දැන් මම අඹ ගහයට සින්ඩියට අමතරව  මාතලන්, සදකඩපහණ සින්ඩිත් බලනවා.  

අළුත් සින්ඩි කීපයත් සමග වෙනදා ඇස නොගැටුනු අළුත්  නමුත් කාලයක් ලියැවෙච්චි ඉතා හොද බ්ලොග් කීපයක් අදුනා ගන්න මට පුලුවන් උනා. 

'ලන්කාප්‍රිකාවී - Sri Lankan African Angel'   කියන්නෙ, ඒ වගේ මට අලුතින් හම්බ වෙච්චි අළුත් බ්ලොග් එකක්. 

මෙයාගේ ලිපි නම් ටිකක් දිගයි. ඒත් හොද මාතෘකා ටච් කරන බවක් දැනෙනවා.

දෙමව්පියන් සහ වැඩිහිටියන්  අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ධවෙන ලමා වයසේ  හැඟීම් නොසලකා හැරීම ( Immortaional Neglegence) කියන්නේ ඒ ලමයා වැඩිහිටියෙක් උනාට පස්සෙත් බලපාන  සිද්ධියක්. 





මිනිහෙක්ගෙ හෝ ගෑණියෙක්ගේ පෞරුශය කියන්නෙ  පොඩි කාලේ තමන්ගේ  ජීවීතය ගැන කැඩපතක් . පසුකාලීන අත්දෑකීම් මත මිනිහෙක්ගේ පෞරුශය වෙනස් උනත් , සමහර දේවල් මිනිහගේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙනවා. සමහර විට ඒව අපට නොපෙනුනත්, සමාජයේ අනිත් අයට පේනවා.

 වැඩිහිටියෙක් තුල සැඟවිලා තියෙන සමහර සෘණාත්මක ගතිගුණ වලට  හේතුව ඔහුගේ ලමා කාලයේ තිබ්බ  අඩුපාඩුවක් හේතු වෙන්න පුලුවන්. අඩුපාඩුව කියන්නෙ දෙමාව්පියන් අතින් සිද්ධ වෙචිචි ලමයගෙ  හැඟීම් වලට සංවේදී නොවීම.


මේ ගැන ඉතා විස්තරාත්මක ලිපියක් ලන්කාප්‍රිකාවී තමන්ගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා. මේ සබ්ජෙක්ට්  ( Immortaional Neglegence) එක මට නම් අලුත්ම විශයක්. නමුත් තවතවත් ඉගෙන ගන්න ආසා හිතෙන පැත්තක්.

ඉතින් ලන්කාප්‍රිකාවී බ්ලොගය ගැන නොදන්න කවුරු හරි ඉන්නවනම්, මේ බ්ලොගයට ගොඩ වැදිලා , මේ ගැනත්, ඊට අමතරව වෙනත් විවිධ මාතෘකා ගැනත් ලියවෙච්චි රසවත් ලිපි වල රස විදින්න කියලා ආරාධනය කරනවා.  

ප:ලි- ලන්කාප්‍රිකාවී බ්ලොගයේ තියෙන්න ගොඩක් විවාද සම්පන්න මාතෘකා. ඒවගෙ සමහර අදහස් වලට මට එකඟ වෙන්න බෑ. ඒත් ඒ අදහස් කියවන්න මේ විරුද්ධ මත බාධාවක් කර ගන්න අවශ්‍ය නෑ කියලා මට හිතෙනවා.



 



32 comments:

  1. රංග තේනුවර11 November 2023 at 17:22

    ලංකාප්‍රිකාවි බ්ලොග් අඩවිය බලලා
    අජිත් ධර්ම කීර්තිලා සතුටු වීලා
    බෝතලයක් ගසයි කඩේ ලග වාඩි විලා
    මයියා ජනේලෙන් දෙයි කවුරුත් නැහැ බලලා

    ReplyDelete
    Replies
    1. එලි සමය රැකාලා- කවිය දෙයි විහිදාලා...

      කවුද මේ අජිත් ධර්මකිර්ති...පුදුම කරදරයක් තියෙන්නෙ මේ ඇනොලාගෙන් මිනිහට බැනලා දාන කමෙන්ට් වලින්....මකලාම හිරේ

      Delete
  2. ලන්කාඅප්‍රිකාවි මමත් සමග එක මතයක සිට ලියපු කමෙන් වැලක් තිබුනා අර මීගමුවේ බල්ලෙකුට බුවෙක් වෙඩි තියපු සීන් එකේදී.
    බල්ලා අයිති උනේ බ්‍රිටෝ ප්‍රනාන්දු ඒ කියන්නේ හියුගෝ මාස්ටර්ගේ පුතාට!
    කොහොමත් ලන්කාප්‍රිකාවී හොඳ බ්ලොගයක් වගේම සඳකඩපහනත් හොඳ සින්ඩියක්!

    ReplyDelete
    Replies
    1. මට දැනුනෙත් එහෙම තමයි. මහන්සි වෙලා කැපවීමෙන් ලියන බ්ලොග් එකක්...මත්මතාන්තර කෙසේ වෙතත් ඒකට සැලියුට් එකක් දාන්නම ඕනේ

      Delete
  3. ලන්කාප්‍රිකාවී ගැන මගේ තිබෙන්නේ වෙනත් අදහසක්. ඈ වැදගත් මාතෘකා කතා කලත්, ලන්කාවෙ (ලංකාවේ ?) සමහරක් දෙනා, සුළු පිරිසක්, කරන නොයෙකුත් වැරදි දේවල් මුලු ලන්කාවේම අය කරන ලෙසට පෙන්වීමත් ඇමරිකාවේ හා ඝානාවේ එවැනි දේ නොවෙන ලෙසට හුවා දැක්වීමත් මා නම් දකින්නේ ඈ ලන්කාව කෙරෙහි ඉතා අධික ඇරියස් එකක් කවර කරන කෙනෙක් ලෙසටයි. පරණ පෝස්ට් බැලුවහොත් ඇය ඇගේ අදහසට විරුද්ධ කොමෙන්ට් වලට ඉතා අධික ලෙස කිපෙන තැනැත්තියක් බවත් ඔබට පසක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ උන්න්ත් හොද කමෙන්ට් එකක්..එක අන්තයක ඉදන් අනෙක් පැත්තට යද්දී ඕනෑම පෘතගජනයෙකුට වෙන සිද්ධියක් ඒක..අලුත් තැන හිට ගත්තම කලින් හිටපු එකේ වැරදිම තමයි පේන්නෙ...ඒත් ඒක එච්චර ගනං ගත යුතු නෑ. දහසක් මත ගැටේවා..දහසක් මල් පිබිදේවා කියලා කියවන එක උත්තර බදින එක කරන්නයි තියෙන්නෙ

      Delete
  4. තවත් බ්ලොග් එකක් ගැන නොමිලේ ප්‍රසිද්ධියක් සහ කුතුහලයක් ලබා දීම මම සෑහෙන කාලෙකට පස්සෙ දැක්කෙ. ඒ වැඩේ නියමයි.

    ලංකාප්‍රිකාවි බලන්න මම ටික කාලෙකට කලින් ගියා. පස්සෙ මගෑරුණා. ආපහු යන්න ඔ්නෙ.

    ස්තූතියි මයියා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී. දැන් බ්ලොග් අතර ගැවසෙන්නෙ බොහොම ටිකයිනේ..අපි අපිම එන්කකරේජ් කරගන්න එක හොදයිනේ

      Delete
  5. මයියාගෙ බ්ලොග් එක හොයා ගත්තෙ අද. මම බ්ලොග් රෝලට දාගත්තා. ලංකාප්‍රියාවි නෙමෙයි ලංකාප්‍රිකාවි. හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, හොඳ ලිපි වගේම ප්‍රශ්ණාත්මක ලිපිත් ලියනවා. කොහොමද ඒක කියන්නෙ? අපි කියමුකො ..... සමහර වෙලාවට කැත්තෙන්-පොල්ලෙනුත් බෙදනවා කියලා. 😁

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා නිවැරදි කිරීමට සහ බ්ලොගයට ගොඩ වැදීම ගැන. මුල ඉදිරිපත් කිරීමේදි නම හරියට ලියලා තිබ්බත් පසුව වැරදියල ලියලා. ඒක හරි ගැස්සුවා. ඔව් දැක්ක විදිහට පිඑශ්ඩී එකක් තියෙන විත්තියක් දැක්කා. සමහර දේවල් ගැන ටිකක් දැඩි අස්තාවත්වයක ඉන්න බවක් පේනවා. නමුත් ඇයම කියන විදිහට ලංකාවෙ ඉදිද්දි දැඩි බයියෙක් වෙලා ඇමෙරිකාවට ගියාම ලංකාවේදී තිබ්බ ලෝක දැක්ම සුණු විසුණු වෙලා ගිහිල්ලා. ඒ වගේ වෙන කොට අලුත් පැත්තේ දැඩි ස්තාවරයක් ගැනීම පෘත්ගජන ඕන කෙනෙක්ට වෙනවා. උදාහරණයක් ලෙස මං දන්න පරණ බුද්ධාගම්කාරියක් බැන්දට පස්සෙ කතොලික ආගමට ගියා. ඇය දැන් දැඩි කතෝලික වාදියෙක්...සාමාන්‍ය අයටත් වඩා - Mayya

      Delete
  6. අවධානය යොමු කලාට ස්තුතියි. මගේ අතින් කාලයක් මග හැරිලා තිබුන දෙයක් ලිවීම.තවමත් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. බ්ලොග් එක පවත්වා ගෙනයන අරමුනෙන් වියමන් කියවිම් තුලින් තෝරාගන්නවා. මේ පිලිවෙත අත හරින්න ඔනී.ස්වාධීනව ලියන්න නිදහස් වට පිටාවක් ඇති වෙයිකියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. රසික සුරියසේන - සීනුවර15 November 2023 at 19:22

      88/89 බීෂණ සමයේ අතට ගත් තුවක්කුව අතහැර දැන් හෝ පෑන අතට ගැනීම හොදයි ලියනගමගේ.

      Delete
    2. @ර්‍ මීදුම .....බොහොම ස්තූතියි...ඔබගේ බ්ලොගයේ ඉදිරිපත් කෙරෙන ලියැවිලි මා ඉතා ආසාවෙන් කියවනවා. මා සිතුවේ ඒ ඔබගේම ලියැවිලි කියලා. ඊටත් වඩා රහට ඔබට ලියන්න පුලුවන් කියා හිතනවා. ඔබගේ සිතිවිල්ල යථාර්තයක්ම වේවා.

      Delete
    3. @රසික....ඔබගේ පැමිනීමට ස්තුතියි...මේ බ්ලොගයේ කමෙන්ට් කරන කොට පොඩි ගයිඩ් ලයින් එකක් ‘ කමෙන්ට් කරන කොට කියන‘ උඩම තියෙන පිටුවේ තියනවා. ඒක පොඩ්ඩක් බලන්න කියලා ආරාධනා කරනවා

      Delete
    4. රසික සුරියසේන - සීනුවර16 November 2023 at 09:36

      ඕවා බල බලා ඉන්න වෙලා නැහැ.

      මේ පජාත බ්ලොග් එකේ කොමෙන්ට් නොකර හිටියම හරි.
      මෙච්චර කල් කොමෙන්ට් දෙක තුනක් වැටුනේ නැහැ මේකේ.

      අපි කොමෙන්ට් ටිකක් දාලා උස්සලා ගත්තම මුන්ගේ ලයින් බලපල්ලකො.

      ඔන්න අද ඉදන් මේ බ්ලොග් එක කොමෙන්ට් හිට්ස් නැතුව වේලෙන විදිය බලමු ආයේ

      Delete
    5. ඔය කිව්වට ඔයා ඕක හොරෙන් බැලුවා නේද බොක්ක

      Delete
  7. අදමයි ආවේ මේ පැත්තට.හිමිහිට කියවන්නම්කො

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොදුරු සදවතීට, හෙමින් සීරුවේ ලිපි ටිකත් කියවන්න්.2010 විතර ඉදන් පටන් ගත්තත් ගොඩක් ලියලා නෑ...හ්ම්ම් හැබැයි දැන් සෙන්චරිය ගහන්න ලගයි....හාෆ් සෙන්චරි එක ගැහුවේ 2013 දී මේ තියෙන්නෙ ඒක..https://maiyyagelokaya.blogspot.com/2013/03/blog-post_25.html

      Delete
    2. ඔව් හිමිහිට කියවමින්...👍

      Delete
  8. ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ .. බ්ලොග් කියවන්නේ හරි අඩුවෙන් හින්ද එකක් දෙකක් විතරයි බලන්නේ හැමදාම .. දැන් ආයේ ටික ටික බලන්න පටන් ගන්නවා .. මයියා සෑහෙන පරණ බ්ලොග් කාරයෙක් නේ

    ReplyDelete
    Replies

    1. ස්තූතියි පැතුම්...පරණ බ්ලොග්කාරයෙක් වෙන පැතුම් ගේ ආගමනය ගැනත් ගොඩක් සතුටුයි. ඔබට ජය

      Delete
  9. මගක් කියා දුන්නු ලෙසට මේ පැත්තට ආවේ
    රසක් තියෙන බ්ලොගයක් ගැන විස්තරයක් වූවේ
    දිනක් ගිහින් බලන්නමයි හිත නිතරම කීවේ
    හොදක් ඔබේ මේ හැදිනුම තුති මල් මිට පාවේ...

    ජයවේවා මයියා.

    ReplyDelete
    Replies
    1. කියා දුන්න මග ඔස්සේ ඔබ ආවා- රසපිරි බ්ලොග් ලොවක් හමුවූවා

      ස්තුතියි දුමින්ද

      Delete
  10. මගෙ බ්ලොග් එක අඹ ගහ යට සින්ඩියට කොහොමද ඇතුළත් කරන්නේ. දැනට සදකඩ පහණ සින්ඩියේ විතරයි තියෙන්නේ. කුරුටු සින්ඩිය මාතලන් සින්ඩිය, අජිත් බ්ලොග් දර්ශකය මේ සින්ඩි වලට දැනුම්දීමක් කරත් තාමත් මගේ බ්ලොග් එක ඒ සින්ඩිවල නැහැ. ස්තූතිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද ඔබගේ පැමිණීමට...මේ ගොඩක් සින්ඩි දැන් ඉබේ බ්ලොගර් මගින් අප්ඩෙට්ට් වනවා මිසක් ඒවගේ නිර්මාතෘ අය මේ බ්ලොග් සින්ඩි යාවත්කාලීන කරන බවක් පේන්න නෑ. ඒ නිසාම අලුත් බ්ලොග් මග ඇරෙනවා. මට උනත් සමහර බ්ලොග් මග ඇරුනේ මම අඹගහ යට සින්ඩියට විතරක් සීමා වෙලා හිටිය නිසා..


      මේ ලින්ක් එක ට්‍රයි කරලා බලන්න https://www.emailmeform.com/builder/form/q1HtC1K0RW4b2rydL5bVBQsD3

      Delete
    2. එතන ටයිප් කිරීමක් කරන්න බැහැ. මම උත්සාහ කරන්නම් යළිත්. ස්තූතිය
      ජයවේවා

      Delete
  11. සමාවෙන්න. උඩ කමෙන්ට් එක ඇනොනිමස් වැටුනෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා ජේ මේ පැත්තෙ කරක් ගැහුවට...ඔබට ජය

      Delete
  12. අලුත් තැනක්. දැන් ඉතින් හැමදාම එන්නම්. බොහොම ස්තුතියි මාවත් හොයා ගත්තාට බ්ලොග් ගොඩෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලියෝනි....ඔබේ බ්ලොග් එක සින්ඩි වල පේන්න නෑ...වෙන තැනක දාපු කමෙන්ට් එකක් දිගේ ඇවිල්ලා හොයා ගත්තේ

      Delete
  13. කමෙන්ට් එකෙන් හොයාගෙන අද ආවේ මේ පැත්තෙ. ටිකක් වෙලාව අරන් නිවාඩු පාඩුවේ කියෝලා බලන්නම්කෝ.

    ReplyDelete

2222