Thursday 15 July 2010

කොර වෙලා යන ප්‍රශ්ණේ.....

මේක මයියා ගේ කණට වැටුනු කථාවක්.කථාව නම් මේකයි....

මිනිහෙක් තව කෙනෙකුගෙන් ප්‍රශ්ණයක් අහන්නේ පහත ලියලා තියෙන කරුණු කාරණා වලින් එකක් හිතේ තියා ගෙනලු.

1. ඇත්තට ම යමක් දැන ගන්න

2. තමන් දන්න බව අනෙත් එකාට පෙන්නන්න

3. ප්‍රශ්ණය අහලා අනෙක් එකා ව අමාරුවේ දාන්න

4. කථා කරන්න යමක් නැති කොට, නිකමට අහන ප්‍රශ්ණ, ඔය නිකන් අහන 'අද පායයි වගේ නේද?' වගේ ප්‍රශ්ණ

ඉතින් මයියා හිතෙන විදිහට තමන්ගෙන් කෙනෙක් ප්‍රශ්ණයක් ඇහුවම මේකා මොකාටද එන්න හදන්නේ කියලා දැනගෙන උත්තරය ක් දෙන එක ඇගට ගුණයි.

ප්‍රශ්ණ ගැන කථා කලාම ඔය " මිලින්ද ප්‍රශ්ණ" ගැන ඇහලා තියෙනවද?

මිලින්ද ප්‍රශ්ණ කියන්නේ ඉස්සර හිටිය ග්‍රීක රජෙකු උන 'මේනැන්ඩර්" හා නාගසේන කියන බෞද හාමුදුරු කෙනෙක් අතර ඇති වුන කථාබහක්.

එක දවසක් මිලින්ද රජ්තුමා නාගසේන හාමුදුරුවන් ලගට ඇවිල්ලා මෙහෙම ඇහුවලු...

" හාමුදුරුවනේ මම ප්‍රශ්ණයක් අහන්න ද? "

එතකොට හාමුදුරුවෝ කිව්වලු

" හොදයි රජ්තුමනි අහන්න"

"මම ප්‍රශ්ණය ඇහුවනේ හාමුදුරුවනේ"

" ආ මමත් ප්‍රශ්නෙට උත්තරය දුන්නා රජතුමනි"

' ඇහ්.. හාමුදුරුවෝ මොන ප්‍රශ්ණෙට ද උත්තර ය දුන්නේ?"

'ඇයි මම ඔබතුමා අහපු ප්‍රශ්නෙට තමයි උත්තර ය දුන්නේ" කියලා නාගසේන හාමුදුරුවෝ කිව්වලු...

මේ සිද්දියෙන් පස්සේ රජතුමා නාගසේන හාමුදුරුවන් ගැන බොහොම පැහැදිලා, නිකO ලපයි සිපයි ප්‍රශ්ණ නෙමයි හෙන සීරා ප්‍රශ්ණ ටිකක් ඇහුවලු...

ඔය අහපු සිරා ප්‍රශ්ණ ටික තමයි ' මිලින්ද පණහ' කියලා සාහිත්‍යයේ සදහන් වෙන් නේ......

ඒවා මොනාද කියලා ඕගොල්ලොම ටිකක් හොයලා බලන්න කෝ......

19 comments:

  1. mea inne pora...

    http://en.wikipedia.org/wiki/Menander_I

    ReplyDelete
  2. ප්‍රශ්න ටිකත් දැම්ම නම් හොඳයි නෙ මය්යො...

    ReplyDelete
  3. ස්තුති මිත්‍රයා.

    ReplyDelete
  4. මයියා15 July 2010 at 18:37

    @ වැම්පයර්,
    වැම්පයර් දාලා තියෙන ලින්ක් එකට මයියා ගොඩ උනා..ඒ කියන මේනැන්ඩර් මයියා කියන මේනැන්ඩර් නොවේ...ම්යියා කියන මේනැනඩර්..ඇලෙක්සැන්ඩර් රජතුමාගේ සෙන්පතියෙක්,,වර්තමාන ඇෆ්ගනිස්තානය තමයි ඔහුගේ පාලන ප්‍රදේශය

    @ පිස්සා

    ඒ ප්‍රශ්න ටික දාන්න ගියොත් මුලු බුද්ධ දර්ශනයම ලියන්න වෙනව.සමහර දේවල් මයියා ට තේරෙන්නේත් නැ
    එත් මයියා මේවයින් ද්න්න ටිකක් ඉදිරි පෝස්ට් වල ට දාන්න බලාපොරඔත්තු වෙනවා

    @ රවා
    ඔබගේ දිරි ගැන්වීමට මයියා ගේ ස්තුතිය..

    ReplyDelete
  5. වැඩකට නැති ප්‍රශ්නයක් නේද ?
    අපේ සාමාන්‍ය අත් දැකීම මෙහෙම නේද ?පළමුවෙන්ම අපි කෙනෙකුගෙන් එක ප්‍රශනයක් අසා නවතින්නේ බොහොම කලාතුරකින්, (දේශකයකුගෙන් ,දේශනය අවසානයේ ප්‍රශ්නයක් ඇසීම හැරුණු විට). ඕනෑම සංවාදයක් ආරම්බයේදී බොහෝ විට ප්‍රශ්නයකින් තමයි පටන් ගන්නේ. එසේ වුවත් සංවාදයේ සැහෙන දුරක් යන විට අසන ප්‍රශ්න වලින්, පවසන අදහස් වලින් තමයි අසන්නාගේ අරමුණු ගැන තීරණයකට එලබිය හැකි වන්නේ.

    මේකා මොකටද එන්නේ ... ? පළමුවෙන් අසන ප්‍රශ්නයෙන් නම් මෙය තීරණය කරන්න අමාරුයි නේද ? පිළිතුරු දෙන්නත්, ආගන්තුකයෙක් නම්, බොහෝ විට කරන්නේ තමුන් විවුර්ත නොවී, අවස්ථානුකුලව ගැලපෙන උත්තරයක් දීමයි. මේ ගැන හොඳ නිදසුනක් දෙන්න පුළුවන් . පසුගිය දිනක වීරවංස ඇමතිතුමාගේ උපවාස භුමිය පැයක් හමාරක් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුණා. එවෙලේ පැමිණ සිටි ( ආගන්තුක )කීප දෙනෙක් සමග කතාවක් පටන් ගන්න ප්‍රශ්නයක් දැම්මා. ( මොකක් වෙයිද, ? වැඩේ දුර දිග යය්ද ? ආණ්ඩුව මොකක් කරයිද ?) . කිසිවෙකුත් තමන්ගේ ස්ථාවරය පැහැදිලි වෙන පිළිතුරක් දුන්නේ නැහැ.

    ReplyDelete
  6. මයියා17 July 2010 at 15:47

    @ අකලOක

    අකලOක ගේ පැමිණීමට හා අදහසට ස්තුතියි...එක එක වේලාවට පොරවල් අසන ප්‍රශ්න අසන්නේ එම ප්‍රශ්ණ විසදගන්න උවමනාවට ම නෙමෙයි..අහන ප්‍රශ්ණය ට අමතරව යටින් දිවෙන අරමුණක් තියෙනවා..මයියා ගේ උත්සහය උනේ මෙම තත්වය නිරාවරණය කිරීමයි..

    ReplyDelete
  7. "නච සෝ නච අඤ්ඤෝ"

    ReplyDelete
  8. ඒ උනාට ඔය මෙනැන්ඩර් ට නේද මිලින්ද කියන්නෙ?

    ReplyDelete
  9. මයියා23 July 2010 at 03:01

    @ වැම්පය‍ර්,

    මෙනැන්ඩර් ට ම්ලින්ද කියා කියන බව ඇත්ත...නමුත් වැම්පයර් ගේ ලින්ක් එකේ විස්තර වෙන මේනැන්ඩර්, මේ මිලින්ද රජු ලෙස හැදින්වෙන මේනැන්ඩර් නොවේ,

    ඒ මේනැන්ඩරත් , මේ මේනැන්ඩ‍්ර් ත් හැර වෙනත් මේනැන්ඩර් ලාද සිටිති..

    ස්තුතියි වැම්පයර් ගේ උත්සහයට

    ReplyDelete
  10. හහා.. ඒකද මේ රහස .. අපෙ අප්පේ.. ස්තුතියි දැනුවත් කිරීමට. නැත්ද විකි ලින්කයක් වගේ පොඩ්ඩක් බලාගන්න..ඩයල් එක කොහොමද කියල..

    ReplyDelete
  11. මයියා24 July 2010 at 02:08

    @ පුක්කු

    තේරුමත් දැම්මනO ..එහෙනම්

    ReplyDelete
  12. මයියා24 July 2010 at 02:17

    @ වැම්පයර්

    අනේ වැම්පයර් මයියා ට සමාවෙන්න ඕනා,, ඔයා මුලිනම දාපු ලින්ක් එක හරියටම හරි...මයියා කලින් පාර ලින්ක් එක කොපි කරන කොට ලින්ක් එක තිබ්බෙ "_1" කියන කැල්ල හලලයි පේස්ට් කරලා තියෙන්නේ.. ඒක හිනදා ව වෙන මේනැන්ඩර් කෙනෙක් ව තමයී මයියා ට පෙනිලා තියෙන්නේ..

    මයියා හොදටම වලිගේ පාග ගේන..

    වෙච්ච වැරැද්දට මයියාට නම් බොහොම ලැජ්ජයි ..පුලුවන නම් අසරණ මයියට සමා වෙයO..

    ReplyDelete
  13. හහා.. ඒකනේ බොලං.. මාත් කුජීත වෙලා ගියා... :)

    ReplyDelete
  14. ඔය විදිහට නාගසේන හාමුදුරුවන්ටයි, මිළිඳු රජතුමාටයි හැකියාවක් ආවයි කියන්නේ පසුගිය භවයක කරපු පින් වැඩක් නිසාලු. දෙන්නාම ඒ කාලේ මහණ වෙලාලු ඉදලා තියෙන්නේ. නාගසේන හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ මිළිඳු රජතුමා පොඩි හාමුදුරුවෝ.

    ලොකු හාමුදුරුවෝ බෝ මළුව අතුගාලා කුණු ටික අස් කරන්න කියලා පොඩි හාමුදුරුවන්ට කිව්වාලු. පොඩි හාමුදුරුවෝ වැඩේ කළේ නැහැලු. මේක නිසා ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට පහරක් ගහලා බැනලා තියෙනවා.

    මේක නිසා පොඩි හාමුදුරුවෝ කුණු අස් කරන ගමන් හිතුවාලු ලොකු හාමුදුරුවෝ මට ගැහුවා ඒක නිසා මේ කුණු අස් කරන පිනෙන් මට ලබන ආත්මෙක ප්‍රශ්න අහලා ලොකු හාමුදුරුවෝ පරද්දන්න හැකියාව ලැබෙන්න කියලා.

    මේක ඇහුණු ලොකු හාමුදුරුවෝ හිතුවාලු පොඩි හාමුදුරුවෝ කුණු අස් කරලා එහෙම හිතුවා නම අතු ගාපු මට ඊට වඩා පිනක් තියෙනවානේ කියලා අර විදිහට පොඩි හාමුදුරුවෝ ප්‍රශ්න හලා මාව පරද්දන්න එද්දී එයාව පරද්දන්න මට හැකියාව ලැබෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. හසිතට බොහෝම ස්තූතියි මේ විස්තරය බෙදාගත්තට...

      Delete
  15. මයියා24 July 2010 at 15:43

    @ හසිත

    මේක නම් මයියා ට අළුත් කතාවක්...බොහොම ස්තූතියි හසිතට මේ වගේ දෙයක් එකතු කලාට..

    ReplyDelete
  16. අපේ ගෙදර තියෙනවා ඔය පොත නම්..ඒත් කියවන්න ලැබිලා නැහැ.. ( හිතිලා නැහැ ) දැන් වත් කියවන්න ඕනේ... ස්තූතියි රසය අවිස්සුවට..

    එදිනෙදා ජීවිතය | Trance : Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්.....මේ පොතේ පීඩීඑෆ් වර්ශන්ස්, විවිධ කතෘන්ගේ, අන්තර්ජාලයේත් සුලභව තියෙනවා....ඔබගේ පෝස්ට් එක මම දෙපාරක්ම කියෙව්ව බවත් කියන්න ඕනා...

      Delete
  17. මොනවා pdf එක තියෙනවා ...? අපේ ගෙදර තියෙන මිලින්ද ප්‍රශ්නය පොත ඩික්ෂනරියක් තරමේ ලොකුයි.ඒක pdf කරන්න නම් අඩුම තරමේ මෙගා බයිට් 500 ක් වත් ඕනේ නේද .. නිකන් පත්තර පිටුවක් pdf කරත් 6 mb වගේ වෙනවනේ..

    එක්කෝ මම කියන්නේ වෙන පොතක් ගැන..

    ( පෝස්ටුව කියවීම ගැන ස්තූතියි..මයියා යූස් කරන සින්ඩිය මොකක්ද ...? )

    ReplyDelete

2222