Monday 26 September 2011

මං ආසම.....බොරුකාරයන්ට.....

අපේ රටේ දේශපාළුවෝ කටේ දිවේ නොගැවී කෙප්ප ඇද බෑමට අති රුසියෝය. මොවුන්ගේ ගල් පැලෙන බොරු පොරොන්දු ජනතාවත් ගොන්නු රෑනක් සේ අසා සිටින්නෝය. බොරු කෙලින දේශපාළුවා තමන් කියන්නේ බොරුවක් බව දනියි. එය අසා සිටින ජනතාවද මෙය බොරුවක් බව දනියි. එහෙත් කිසිවෙකුටත් වගේ වගක් නැත. විහිලුම කාරණය වන්නේ තමන්ගේ එදිනෙදා වැඩද පාඩු කරගෙන මේ මෝඩ ජනතාව ටෙලිවිශන් එක ඉස්සහරට වී බොරුකාර දේශපාලුවාගේ කතා, බොරූ බව දැන දැන අසා සිට, නින්දට ගොස්, ඊලග දවසේද බොරු කෙලිනවා බලන්න ටෙලිවිශනය ඉස්සහරා පැලපදියම් වීමයි. බොරුවක් කිව්වයි කියා දේශපාළුවාටද ගානක් නැත. ජනතාවට ද ගානක් නැත. ජනතාව දේශපාලුවා ප්‍රශ්න කරන්නෙ නැති අතර දේශපාළුවාට ප්‍රශණයක් පැන නගිනේද නැත. ඒ වෙනුවට මේ මෝඩ ජනතාව ආකර්ශණියම බොරු කියන්නා වැඩිම ජන්දයේන් පාර්ලිමේන්තුව්වට පත් කර යවා , මේ බොරුකාරයන් රට ආශ්චර්‍යක් කරනවා බලන්න හීන මවයි. රටේ අශ්චර්ය්‍ය කෙසේ වෙතත් දේසපාළුවාගේ ආශ්චර්ය්‍ය දැක අවසානයේ හිත හදා ගනී.

ආන්ඩු හා විපක්ෂ යන දෙයාකාරම බොරුකාර ‍රැලේ අලුත්ම චරිතය වන්නේ ජවිපේ නායක සෝමවංශ අමරසිංහ මහතාය.සුමානෙකට පමන පෙර පක්ශය ඇතුලේ මහත් අර්බුදයක් ඇති වී , පක්ශය දෙදරා යාමට ආසන්න මොහොතේත් මේ බොරුකාර නායකයා තමන්ගේ පක්ශය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැති බව ඇගට පතට නොදැනී කියා සිටියේය.දැන් දැන් සියල්ල මාධ්‍ය මගින් එලි කරන ලැබුවායින් පසු , තව දුරටත් තමන්ගේ බොරුව ඉදිරියට ගෙන යාමට බැරි කොට , මෙතෙක් කල් තමන් වාදනය කල තැටිය වෙනස් කර පක්ෂය තුල ප්‍රශ්ණයක් ඇති බව හෙතෙම පිලිගන්නේය. බොරු කියූ ඔහුටත්, බොරු ඇසු අපටත් කිසිම ප්‍රශ්නයක් නැත.


කිසියම් පක්ශයක් තුල සිදුවන සියලු කරුනු කාරනා මහජනතාවට එලි කල යුතු යැයි මයියා අදහස් කරන්නේ නැත. ඒසේ කල යුතු ද නැත. එහෙත් කුමන කාරනයක් සදහා උවද ඇගටපතට නොදැනි බොරු කියන මේ දේශපාලන සම්ප්‍රදායට විරුද්ධ වීම මහජනතාවගේ යුතුකමය. එය සෝමවංශ මහතාට පමනක් නොව , රනිල් මහතාගේ සිට මහින්ද මහතා දක්වා සිදු විය යුතුය. ඒ අතින් ටිල්වින් සිල්වා මහතා යම් තරමකට හෝ ජනතාවට බොරු නොකියා තමන්ගේ පක්ශය ඇත්ලේ ඇති මත ගෑ‍ටුමක් ඇති බවද ඒය පක්ශය ඇතුලේ විසදා ගන්නා බව ද ඉතා නිවැරදිව කියා සිටියේය.

පක්ශ පාට බේදයකින් තොරව බොරුකාරයන් නිරාවරනය කිරීම ජනතාවගේ යුතුකමය. එහෙත් ප්‍රශ්ණය වන්නේ මේ රටේ බහුතර ජනතාවද බොරු කාරයන් වීමය. දරුවෙකු මෙලොව උපන් දා සිටම ඔහුව හුරු කරන්නේ ‍රැවටීමට හා බොරුවටය. මෙසේ හැදී වැඩෙන දරුවා බිහිකරන සමාජය තුල බොරුව සාමාන්‍යකරනය වීම ගැන පුදුම විය යුතු නැත.

බොරු කියන්නාට නොකල හැකි පවක් නැත. බොරුවෙන් ජීවත් වන අප සමාජයටත්, ඉදිරියට ඉපදෙන්න සිටින දුවා දරුවන්ටත් දෙයියන්ගේම පිහිටය.

5 comments:

  1. බොරු කාරය කයන්නේ පවු කරන තැනැත්තාට කියන තවත් නමක්...! ඌට කරන පවු මොනාද කියලා අදාල වෙන්නේ නෑ. මොකද ඉතිං මොනා කරත් කියන එකක්යැ...

    ReplyDelete
  2. මයියාගේ කටට මසුරන් දාන්න වටී..ඒ තරම් වටිනා පෝස්ටුවකි... මේ දේශපාලන විහිළු ජෝකර්ලගේ බොරුවෙන් ඔවුන් රවට්ටන්නෙ කාවද ?

    අර මයියා කිව්වා වගේ මේ නරුමයින් බොරු කියනා බව ඔවුන් දනී...අපද දනී... ඡන්ද රැස්වීම්වල වේදිකා හෙල්ලෙන්නට බොරු කෙබර ඇද බායි...ඔවුන් ඇද බාන්නෙ පට්ට පල් බොරුම වග ඔවුන් දනී....අපේ මිනිසුන් වේදිකාව යටට වී කට ඇරගෙන ඒවා අසා සිටී....දෙසාබාන්නෙ පට්ට පල් බොරුම බව දැන දැනත් කට ඇරගෙන අසා සිටී....

    කුඩා දරුවෙකු හැදී වැඩෙන්නෙ මේ බොරුව තුලයි...දරුවන්ට විශ්වාසයක් නැතිව යයි...ඔවුන් තුල සැබෑ අරමුණු තේරුම් ගන්නවා වෙනුවට රැවටිල්ල ඉස්මතුව නරකම අර්බුදයට ඔවුන් අසුවෙයි.....තමන් ගැනම සැකයෙන් ජීවත් වන්නෙ සිදුවෙයි....

    අනේ මේ දේශ පාලුවෝ තමන්ගේ බොරුවලින් රටට කරන විනාශයක තරම...

    ReplyDelete
  3. @ ප්‍රසන්න

    මිනිහෙක් බොරු කීම නිස කෙටි කාලින වාසි ලෑබුවත් දීර්ඝ කාමින ලස් ඔහු ලබන්නේ අවාසි ගොඩකි. මේය මයියා ගේ නිරික්ශ්නයයි

    @ දිල්

    අපට රටක් වශයෙන් ඉස්සහරට යන්න බෑරි වීමත්, බොරුව සමාජය තුල සාමාන‍යකරනය වීම්ත් අතර ඉතා ලග නෑ කමක් තියෙනවා. දිල් ගේ කොමෙන්ටුව තුල තියෙනේත් මේ කථාව තමා...

    ReplyDelete
  4. හ්ම්...ළමයෙක් ඉස්කෝලෙ දාන්න බොරු ලිපිනය හදන තැනදි ඉඳලම ළමයටත් බොරු කියන්න උගන්නනව.

    ReplyDelete
  5. @ ඔබ්සවර්

    ඒක නම් ඈත්ත..ඒත් ලමයා බොරු කියන එක සාමාන්‍ය දෙයක් කියලා ඉගෙන ගන්නේ ඊටත් කලින්...අපි වෑඩිහිටියන් වස්ශයෙන් ලමයි ව කොච්චර නම් රවට්ටනවද..නලවා ගන්නයි, අඩන එක නවත්වන්නයි කියලා කොච්චර බොරු කියනවද..ලමයි මේවා එකින් එක තේරුම් ගත්තම් ඒගොල්ලන්ට බොරු කියන එක සාමාන‍ය් දයක් වෙනවා..ලොකු වෙලා ඉස්කෝලේ ගිහිල්ල බොරු කියන්න ව්පා කිව්වට වෑඩක් නෑඅ..

    ඒකට සුද්දෝ කවදාවත් තමන්ගේ ලමයින්ට බොරු කියන්නේ නෑ,,,ලමය ඈඩුවයි කිය්ලා ඒ අඩන දේ දෙන්න යන්නේත් නෑ..ඒගොල්ලේ ඉගෙන ගන්නවා බොරු කියලයි, අඩ අඩ ඉදලයි ජීවීතේ මොකුත්ම ලබා ගන්න බරරි විත්තිය...පිටරටක ඉන්න ඔවබ්සවර් අයියට මයියා කියන මේ දේ හොදට තේරෙනවා ඈති..

    ReplyDelete

2222