Friday 24 January 2014

පින්සිරිගේ කොලු අන්දරය රටේ ප්‍රශ්ණයක්ද? STORY OF A GAY

රස්සාවයි පරස්තාවයි පටලවා නොගත යුතු යැයි කියමනක් සමාජයේ ප්‍රචලිතව පවතී. පුළුල්ව ගත් කල, ගෙදර දෝරේ ප්‍රශ්ණ ‍රැකියා ස්ථානයට  නොයා යුතු බවත්, ‍එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රශ්ණ ගෙදර ‍නොගෙනා යුතු බවත් එයින් ද්විකෝටිකව  ගම්‍ය වේ.

කෙසේ උවත් තුන්වේලම අනාගෙන කෑම පුරුද්ද කර ගත් ශ්‍රි ලාංකිකයා, රස්සාවයි-පරස්තාවයි අනාගෙන ජීරණය කර ගැනීමේද සමතෙකි.

මංගල පින්සිරි සමරවීර......ස්ත්‍රීලෝලියෙකු නොවන ඔහු , ස්වකීය සමාන ලිංගිකයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නෙකි.ග්‍රාම්‍ය වචනයෙන් කියතොත් කොළුකාරයෙකි.

පින්සිරි මහතාගේ සමලිංගිකත්වය, ඔහුගේ ‍රැකියාව වූ දේශපාලනය සමග අනාගත් බවක් එක එල්ලේ බැලු විට නොපෙනේ...කොටින්ම  පින්සිරිගේ නායකයා වූ රනිල් මහතා මෙන් ඔහු තම  ලිංගික සහකරුවන්, ස්වකීය දේශපාලන පක්ශයේ ආසන සංවිධායකයන් ලෙස පත් කල  බවක් අප අසා නැත.

කෙසේ උවත් වඩා විමසිලිවත්ව බැලු විට පින්සිරි මහතාගේ දේශපාලනය ඔහු ගේ ලිංගික ජීවිතය හා එකිනෙක බැදී ඇති බව අපගේ අදහසයි. ඇත්ත වශයෙන්ම දේශපාලනය යනු ඔහුගේ ලිංගිකත්වයේ, ආත්මීය ප්‍රකාශනය කියතොත් එය නිවැරදිය.

අන් බොහෝ දේශපාලුවන් සේම මංගල පින්සිරි ද දේශපාලනයේ පොරක් වෙන්නේ ජනතාව ඇන්දවීමේනි. ඔහු ඒ සදහා ‍තෝරා ගන්නේ 88 භීෂණ සමයේ මියගිය දරුවන්ගේ මව්වරුන් දෑසින් කඩා හැළුනු කදුලු ගංගාවය.. මව්වරුන්ගේ කදුළු මතින් ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ පොරක් වූ ඔහු , ඉන් වසර කීපයකට පසු රාජ්‍ය බලයට පත් වූ පසු ඒ කදුලු වලට සාධාරණයක් ඉෂ්ඨ කල බවක් නම් පෙනෙන්නට තිබුනේ නැත.

චන්දය ඩැහැ ගැනීමේදී,  ජනතාව ගොනාට ඇන්දවීමේදී, කපටි රජාගේ ඇදුම අදින,  වංකත්වයේ කිරුළු පලදින මංගල පින්සිරි , වැඩ කිරීමේදී එතරම් වංක නොවන බවද අපි පිලිගනිමු. කොටින්ම 94 දී ටෙලිකොම් පෞද්ගලිකකරණයේදී ඔහු දැක්වූ අවංකභාවය හා ඉන් පසුව එම ක්ශේත්‍රයේ ඇති වූ විප්ලවීය වෙනස සම්භන්ධයෙන් අප තුල ඇත්තේ ඔහු ගැන පහන් හැගීමකි. එමෙන්ම යුද්ධය පැවති සමයේදී, අද මෙන් මහා පරිමාණ සංවර්ධන කටයුතු නොකෙරෙන කාල සීමාවකදී, මාතර ප්‍රදේශයට ඔහු ලබා දුන් සංවර්ධනය ද පැසසුම් කටයුතුය.

කෙසේ උවත් මඩ  දේශපාලනය පිලිබදව පින්සිරි මහතාට ඇත්තේ අපකීර්තිමත් වාර්ථාවකි, ආචාර්‍ය උපාධියකි. ප්‍රේමදාස යුගයේ , ප්‍රේමදාසට එරෙහිව , තීරු පුවත් පත් මට්ටමින් පැවතුන මඩ හා කැලෑ පත්තර දේශපාලනය, ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන වෘතීය මට්ටමට ගෙන එන්නේ පින්සිරි මහතා ජනමාධ්‍ය ඇමති දූරය දරණ කාල සීමවේදීය. එහිදී ඔහු ක්ශේත්‍රයට අදුන්වා දෙන මහින්ද අබේසුන්දරලා අද එම ක්ශේත්‍රය දිග් විජය කරමින් තමාගේ හැකියාවන් තම ගුරුවරයා වූ පින්සිරි මහතා එල්ලයේද ප්‍රගුණ කරමින් පවතී.



ප්‍රස්තූත කාරනය වූ  මංගල පින්සිරි මහතාගේ ලිංගික චර්‍යාව හා දේශපාලනය සැලකීමේදී, ඔහු පවතින අධිපතිවාදී සංස්කෘතිමය ප්‍රවණ්තාවයට එක එල්ලේ අභියෝග කරන්නෙකි. මෙහිදී ඔහුගේ  පලමු වෙඩි මුරය පත්තු වන්නේ 'බෞද්ධ කොමිශන් සභාව'  ඉදිරිපත් කල වර්ථාව අරඹයා ය. බෞද්ධ කොමිශන් සභා වාර්තාවට අයිති වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය යැයි කියූ ඔහුගේ ප්‍රකාශය තුල ඔහු මෙරට අධිපතිවාදී සංස්කෘතියට එරෙහි ඔහුගේ අප්‍රසාදය එඩිතරව එලි දැක්වෙයි.එවක් පටන් ඔහු ඒ මතවාදය සමග නිරතුරුව ගට්ටනය වෙයි.

සංස්කෘතිමය රාමු එදිරියේ පින්සිරි මහතා එල්ල කෙරෙන දැඩි ප්‍රහාරය, නැතහොත් ඔහුගේ දේශපාලනය,  ඔහුගේ ලිංගිකත්වය හා බැදී පවතින අවංක අරමුණක් බව  අප ප්‍රකාශ කරන්නේ, සමලිංගිකත්වය ගැන මෙරට පවතින අධිපති මතවාදය සමග පින්සිරිට ඇති ආත්මීය ගට්ටනය හේතූවෙනි. කොල්ලෙකු සමග යහන්ගත වීමේ ආශාව, දේශපාලන මතවාදයේදී උඩු ගං බලා පිහීනිමක් ලෙස විකාශනය වෙන්නේ එකී කාරණය හරහාය. දේශපාලනය හරහා ඔහු ඉල්ලන්නේ සමාජයේ පොදු නිදහසටත් වඩා තමන්ගේ පෞද්ගලික නිදහස බව අප තේරුම් ගත යුතුය.

වර්තමානයේ,  රජයේ හා සිරස මාධ්‍ය හරහා එලිදරව් කෙරෙන ඔහුගේ පෞද්ගලික ලිංගික ජීවිතයට අදාල කාරණා, මෙතෙක්  ඕපා දූප ලෙස සමාජ ගත වී ඇති දේ පොලිස් පැමිණිලි , නඩු හබ හරහා ප්‍රසිද්ධ විය හැක. කෙසේ උවත් මෙම කාරණා මඩ ලෙස  සැලකිය හැක්කේ  ඒම කාරණා අසත්‍ය වීම හෝ සමලිංගත්වය 'පහත්' කටයුත්තක් ලෙස සලකන්නෙකුට පමනි. පින්සිරි මහතා සම්භන්ධයෙන් මේ කාරණා දෙකම තෘප්ත නොවන බැවින් වාර්තමාන කරුනු කාරණා හුදෙක් මඩ ලෙස බැහැර කල නොහැක්කකි.

සම්පූර්ණ චිත්‍රය පැහැදිලිය.සමලිංගිකත්වය ගැන ලාංකික  අධිපති මතවාදය නැමැති පන්දුවෙන් පින්සිරි මහතාට බවුන්සරයක් එල්ල වී  තිබේ. ඔහු එයට නොබියව හයේ පහරක් එල්ල කරන්නේ නම්, දේශපාලනය ගැන කුමන මතිමතාන්දරයක් තිබුනත්, පින්සිරිගේ අවංකත්වය  නැමැති ජවය එම හයේ පහරේ අඩංගු ය. එම බවුන්සර් පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දීම වනාහි, චන්දය දිනා ගැනීමේදී පින්සිරි දක්වන වංකත්වය ගැන තවත් එක නිදසුනක් පමනි.


20 comments:

  1. අන්තිම පොටෝ එක නම් සෙක්සි පෝස් එකක් ඇ...

    ReplyDelete
    Replies
    1. ඒක ගත්ත තැන හොයා ගන්න බෑ....යුඑන්පි එකට වෙලා තියෙන වැඩේ වචන දාහකින් විස්තර කරන්න බැරි හෙයක් එක ෆොටෝ එකෙන් කියනවා...

      Delete
  2. කෙනෙකුගේ පෞද්ගලික ජීවීතය අපට අදාල වෙන්නේ නෑ. මංගලට මඩ ගහන උන්ගේ චරිත ඊටත් අන්තයි. අපිට තියෙන්නේ මේ විහිළු බලාන ඉන්න එක තමයි..

    ReplyDelete
    Replies
    1. ඒක මඩක් වෙන්නේ සමලිංගිකත්වය පහත් කරලා බලන අයට.....

      Delete
  3. පෞද්ගලික ජීවිතය, පෞද්ගලික නිදහසේම කොටසක්... දේශපාලනයෙදි සමලිංගිකත්වය විතරක් නෙවෙයි තවත් ගොඩක් සමාජයේ පොදුවේ “වැරදියි” කියල ලේබල් කරලා තියෙන දේවල් මඩගොඩවල් වෙනව... මෙතනදි “වැරදියි” කියන්නෙ හොරකම්, මැරකම් හෝ වංචා වගේ සමාජ විරෝධි දේවල් නෙවෙයි.. පෞද්ගලික ජීවිතයේ සිද්ධි.. මේක තමයි අවුල ඉතිං...

    කෙනෙක්ගෙ පෞද්ගලික චර්යාවක් හෝ අභිමතාර්ථයක් සමාජයට වැරැද්දක් විය යුත්තේ, ඒක පොදුවේ සමාජයටම කරදරයක් හෝ “වෛරසයක්” වෙනවා නං විතරයි... ඒත් කරුමෙට දේශපාලයෙදි වෙන්නෙ මේකෙ අනිත් පැත්ත... “වැරදි” විය යුතු දේවල් “සාමාන්‍යකරණය” වෙලා, “වැරදි” කියලා ගනං නොගත යුතු දේවල් “මහා ලොකු වැරදි” වෙලා....

    ReplyDelete
    Replies
    1. හැමදේම කණපිට ගහලා බලන්න පුරුදු වෙච්චි සමාජෙකට මේ කාරණෙදී විතරක් කෙලින් හිටං බලන්න ගත්‍තෝත් නෙමෙයිද පුදුම හීතෙන්නේ.....

      Delete
  4. කාලෙකට පස්සෙ කියවපු, හතර වටේම ගැන බලල ලියපු ලිපියක්.
    කොහොම නමුත් මංගල හොඳ මඩකාරයෙක්. පුද්ගලික ජීවිත ගැන මෑන්ගෙ මෙහෙයවීමෙන් මඩ ගහපු අය හිටිය. මං හිතන්නෙ දිට්ඨදම්මවේදනීය ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. හැමදේටම බුද්ධාගමෙන් දෙන්න ගියාම මේ නිව් එතිස්ට් පොරවල් සෙද්ද අතට ගන්න නිසා මං ඔය දිට්ඨ දාම්ම වචනේ දාන එක අත ඇරියා

      Delete
  5. ඕක මේකනේ මෙයා දේශපාලනයෙදි ඕවා පොඩිඩ මිස් උනොත් අබිලික්..

    ReplyDelete
    Replies
    1. මිස් වෙලා තියෙන දේශපාලනේ මිස් නොවුනු එකෙක් හිටියෝත් තමයි අබ්ලික්

      Delete
  6. මචං උඹ මේකේ මහින්ද අබේසුන්දරයට නෙලලා තිබ්බේ නැත්තං ලබන ඉරිදා නලීන් අයියා මේක පත්තරේටත් දාන්න තිබ්බා....................

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ මහින්ද අබේසුන්දර දැන් දිනමිණ ලොක්කා නොවේ... ඒ වගේම මංගලට එරෙහිව එකී තරුණයා දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කළ සම්පූර්ණ ප්‍රකාශයද මා සතුයි. එය පත්තරයක මතු නොව බ්ලොගකවත් දමන්නට පවා හිරිකිත සටහනකි. එදා මඩ මැවුවෝ අද එම මඩම ආ පිට කති. අමතක නොකළ යුතු කාරණය තාම සමලිංගිකත්වය අපේ රටේ තහනම් සිද්ධියක් බවය. එය පෞද්ගලික කටයුත්තක් සේ බැහැර කළ නොහැක්කේ එබැවිනි. එසේම අපේ දේශපාලනයේ පරමාදර්ශී චරිත ද නැත. එදා මඩ ගැසූවෝ අද මඩ නාති. අද මඩ ගසන්නෝ මතු මඩ නාන්නට හැකිය.

      Delete
    2. සමලිංගිකත්වය තහනම් කියලා නීතියක් තියෙනවද....? මම නම් හිතන්නේ නෑ එහෙම එකක් තියෙනවා කියලා..

      Delete
    3. හෙ හෙ....හිටපු කතෘ කියලත් ගරු කිරීමක් ඇතිනේ,,,,

      සමලිංගිකත්වය ලංකාවේදී නීතියෙන් තහනම්.....

      the section 356A of the Sri Lankan penal code

      ඒත් ගැණියෙක්ව බැදලා වැඩේ කලාට බේරෙන්න පුලුවන්..........

      Delete
  7. සුදු වෑන් තියෙනව කොල්ලො පරිස්සමින්..හිකිස්

    ReplyDelete
    Replies
    1. ඈ ලමයෝ මම ගෝඨාට මුකුත් කියලා නෑ නේද?

      Delete
  8. අනේ මන්දා ඉතින් මෙවුවානම්.. කට්ටිය කියනවා අපි අහනවා..

    ReplyDelete
  9. මංගල තමාගෙ ලිංගිකත්වය පවුලේ අයටවත් මිතුරන්ටවත් රහසක් නෙමේය කිව්වාට අර හාදයා දීපු දිවුරුම් පෙත්සම ලොකු බලපෑමක් කරයි. දේශපාලනය අන්තිමට අප්පිරියයි. හතර වටේම ගඳ ගහනවා. ඩලස් ෆුල් ආතල් එකක් ගන්නවා ඇති. හැබැයි මංගලට ලිංගිකත්වය අරගෙන ගහන ගැහිල්ලත් ජාත්‍යන්තරේ පාරා වලල්ලක් වෙන්නත් ඉඩ තියෙනවා. මම දන්නවා යුරෝපයේ එසයිලම් ඉල්ලන ශ්‍රී ලංකිකයෝ ඉන්නවා සමරිසි විරෝධි රටක් කියලා. උන්ට වීසාවත් හම්බවුනොත් ලොකු දෙයක් මංගලට පින් සිද්ධ වෙන්න.

    ReplyDelete
  10. මමත් ලිව්වා මේ ගැන

    දැන්වීමකි
    මංගල සමරවීර සහ බීච් බෝයි

    ReplyDelete

2222