Wednesday, 4 June 2025

මේසෙට ගැසීම සහ චෙස්

chess කියන්නේ මං පොඩි කාලේ ඉඳන්ම ආස ක්‍රීඩාවක්.

මේ දවස්වල ලෝක චෙස් මේසයත් හරිම උණුසුම්. ජනාධිපති සහෝදරයා මේසෙට ගහලා හාල් මිළ රු 20කකින්  වැඩි කරලා , හාල් මාෆියාවට උතුර දකුණ මාරුවෙන්න, කුඩුවෙන්න ගැහුවා වගේ ,ලෝක චෙස්පිටියත් උණුසුම් වෙලා තියෙන්නේ මේසට ගැසීමක් නිසා.

මේ දවස්වල නෝර්වේවල ලෝක චෙස් ශූරයන්ගෙ තරගාවලියක් පැවැත්වෙනවා. මේ තරගාවලියේ වර්තමානයේ ලෝක චෙස් ශූරතා  ශ්‍රේණිගත කිරීම් වල  ඉහලින්ම ඉන්න    කාල්සන් මැග්නස් සහභාගී වෙනවා.කාල්සන් කියන්නේ ශේණිගත කිරීම් වල ඉහළින්ම ඉන්නේ වගේම මෙතෙක් ලෝක ඉතිහාසයේ බිහිවෙච්ච ප්‍රභලතම ක්‍රීඩකයා ලෙසත් හැඳින්වෙනවා. chess ලෝකයේ  ගෝර්ට්  (GOAT ) කියලා තමයි කියන්නේ Greatest of All Time. 

ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම හිටියත්, ලෝක චෙස් ශූරතාවය හිමි වෙලා  තියෙන්නේ, අපේ අසල්වැසි ඉන්දියාවේ, ගුකේශ් කියන  19 හැවිරිදි තරුණ ක්‍රීඩකයෙකුට. ගුකේෂ් කියන්නේ බොහොම නිහතමානී නිහඬ චරිතයක්. කාල්සන් නම් ටිකක් ආඩම්බරකාරී අමුතු චරිතයක්.

ගුකේෂ් ලෝක චෙස් ශූරයා වුණත්, කවදාක්වත් කාල්සන්ව පරද්දල නෑ.ඇත්තටම කිව්වොත්  පසුගිය 2023 ලෝක චෙස් ශූරතා තරගාවලියට කාල්සන් සහභාගි වුනෙත් නෑ. 15 වතාවක් ලෝක චෙස් ශූරතාවය දිනලා තියෙන කාල්සන් ,  2023 තරගාවලියට සහභාගි වුණේ නැත්තේ නැත්තේ නැත්තේ,  ඒක පට්ට බෝරින් කියලා.

කොහොම හරි , නෝර්වේ වල තියෙන  තරගාවලියේදී මේ දෙන්නාම තරඟ වදිනවා. ඉතින් මීට දවස් කීපයකට කලින් ගුකේෂ් සහ කාල්සන් අතර තරඟය පැවැත්වෙනවා.

chess ්‍රේණිගත කිරීම්වලදී මැග්නස් කාල්සන් ඉන්නේ ලකුණු 2800  ට ඉහලින්.  ලෝක ශූරයා ගුකේශ් ඉන්නෙ ලකුණු 2750 ට ඉහළින්.බැලූ බැල්මට පොඩි ලකුණු වෙනසක් වගේ පෙනුනට , මේ පනහක් සීයත් අතර වෙනස  චෙස් ක්‍රීඩාවෙදි සැලකිය යුතු වෙනසක්.



ගුකේෂ් සහ කාල්සන් අතර තරඟයේදී,  එහි අවසානය වෙන තෙක්ම වගේම තරඟයේ වැඩි වාසි හිමිවෙලා තිබ්බේ කාල්සන්ට. එහෙත් තරඟය අවසානයේ ඉතිරි වෙලා තිබ්බ සුළු කාලයත් එක්ක කාල්සන්ගේ අතින් එක වැරදි  move එකක් ඇදෙනවා. ඒ වගේ  එක වැරදි move එකකට චෙස් භාෂාවෙන් නම් අපි බ්ලන්ඩර් කියල කියනවා .මේ බ්ලන්ඩර් එකත් එක්ක, එතෙක් වෙලා දිනලා හිටපු කාල්සන් එකපාරට  පරාජය පිළිගන්න සිද්ධ වෙනවා. කවදාවත් ගුකේශ්ටා පැරදිලා තිබ්බෙ නැති  කාල්සන්ට ලොකු ශොක් එකක්.

ඒකත් එක්කම කාල්සන් අත මිටමොලවලා මේසෙට ගහනවා.ගහපු ගැහිල්ලට බෝඩ් එක උඩ විසි වෙලා ඉත්තොත් සීසීකඩ යනවා.ඉතින් බුද්ධිමත් අයගේ ක්‍රීඩාවක් වුන චෙස් ක්‍රීඩාවෙදි මේ වගේ හැසිරීමක්  සැලකෙන්නෙ , ග්‍රාම්‍ය විදිහට..

ඒ නිසාම, කාල්සන්ට එදිරිව ඉන්දියාවේ දහනම හැවිරිදි  ගුකේෂ්ගේ ජයග්‍රහණය වගේම,අනපේක්ෂිත පරාජය ඉදිරියේ කාල්සන්ගේ  ගොන් පාට් එකත් ලෝක චෙස්පිටියේ මේ දවස් වල ටිකක් උණුසුම් මාතෘකාවක් වෙලා.

මේසට ගහන ගොන් පාට් දැකලා පුරුදු ලංකාවේ අපට නම් මේවා එච්චර  නුපුරුදු දේවලුත් නෙමේ...😁😁

18 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි ලිපිය කියෙව්වට.

      Delete
  2. අපේ ක්‍රීඩාවලදි නම් වැඩියෙන් ගහන්නේ මේසෙට යටින්

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේසෙට උඩින් ගැහුවා මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ

      Delete
  3. චෙස් නං දන්නෙ නැත ඒකට මොකද ඉතිං
    ගහනව බලං උන්නා අපි නිහඬ ලෙසින්
    වෙනස් වෙන්න කියලා දවසෙන් දෙකකින්
    දැන් කියනවා- ඉවසිල්ලක් නැතිව ඉතිං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවි නං ලියන්න තේරෙන්නේ නෑ

      ඇනුම් පද කියල කියල තියන ඒව ගණන් ගන්න එපා.බලාපොරොත්තුවෙන් ඉමු

      Delete
    2. පැන්ඩෝරාගේ කතන්දරෙනුත් කියන්නේ ඒක නෙව මයියා.

      Delete
  4. //බුද්ධිමත් අයගේ ක්‍රීඩාවක් වුන චෙස් ක්‍රීඩාවෙදි // මහත්මයා අපි සාමාන්‍යයෙන් හිතන්නේ එහෙම වුනාට මේක ඇත්තද? මට හිතෙන්නේ ආධුනික හෝ පුහුණුවක් නොමැති ක්‍රීඩකයන්ගේ බුද්ධි මට්ටම යම් පමණකට ඉහළ උනත් වෘත්තිමය ක්‍රීඩකයන් බුධිමට්ටමට වඩා පුහුණුව මගින් ක්‍රීඩා කරනවා කියලා. කවුරු හරි පරීක්ෂණයක් කරලා තියනවද චෙස් ක්‍රීඩකයන්ගේ බුද්ධි මට්ටම අපිවගේ සාමාන්‍යය අයට වඩා ඉහල බවට?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ චෙස් කියන්නේ යම්කිසි බුද්ධියක් අවශ්‍ය ක්‍රීඩාවක්.පුහුණුව මගින් සෑහෙන ඉදිරියකට යන්න පුළුවන් තමයි...ඒත් පුහුණුවෙන් විතරක්ම වැඩේ ගොඩදාගන්න අමාරුයි.සාමාන්‍යයෙන් චෙස් ක්‍රීඩා කරන අය අධ්‍යාපනයෙන් උනත් ඉස්සරහට යනවා.

      Delete
    2. ඉතින් අධ්‍යාපනය කියන්නේ මොකද්ද්ද , දැනට තියෙන ? කට පාඩම් කරලා පුහුණු වෙලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් , ආර්ථික විද්යන්ඥයෙක් විතරක් නෙමේ මහාචාර්ය කෙනෙක් වෙන්නත් පුළුවන් . දැනුම සහ නුවණැති කම් හරියට තියෙන අය තම වැඩ ඉස්සරහට යන්නේ . චෙස් ක්‍රීඩාවේ යම් ප්‍රමානයක් බුද්ධියක් අවශ්‍ය බව ඇත්ත . නමුත් විශේෂ බුද්ධියක් නෙමේ

      Delete
    3. chess ආරම්භය ඉන්දියාව කියනවනේ? මට හිතෙන්නේ අවසානයත් ඉන්දියාවම වෙයි වගේ. බුද්ධිය කෙසේ වෙතත් ඉන්දියාවේ විශේෂයෙන් චෙන්නායි වල chess academies නම් වැඩිවෙමින් යනවා. අධ්‍යාපනය බුද්ධිය වගේ දේවල් පැත්තක දාලා පුහුණුව කටපාඩම ඉස්සරහට දාලා ලෝක ශුරයන් බිහිකරන Factory අරින එක වැඩිවෙලා.

      Delete
  5. මමත් චෙස් කාලයක් සෙල්ලම් කළා . ගෙදර චෙස් අදින වෙලාවට මම හැම තිස්සෙම දිනන නිසා මම දුවල එක්ක චෙස් අදින එක නැවැත්තුව . හේතුව එයාල බල කරනවා මම දිනන්න යනව නම් දිනන්න කියල . නමුත් එයාලා දිනන්නේ නැත්නම් එයාලට ගේම් එක එපා වෙන්න පුළුවන් නිසා . නමුත් මම එකක් තේරුම් ගත්ත . චෙස් වලට මහා ලොකුවට බුද්ධියක් ඕනේ කියන එක . ඒක බොරුව . මම චෙස් දිනු හම ගේම් එකක්ම මට මතකයි . වැඩිය ගහල වැඩි ගේම් ගානක් මතක තියා ගත්තොත් ගොඩක් ගේම්ස් දිනනන් පුළුවන් . ඕනෑම දෙයක් හැම වෙලේම කරන කොට ඒකෙ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා . එපමණයි ඔතන තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ෆෝන් එකෙන්ම චෙස් අදින්න පුළුවන් හින්දාඉස්සර වගේ අදින්න කවුරුත් නෑ කියල ්‍රශ්නයක් වෙන්නෙ නෑ.

      චෙස් ක්‍රීඩා රටා මතක තියාගෙන යන්න පුළුවන් යම්කිසි දුරක් තියෙනවා.ආරම්භයේ ඉඳන්. Moves පහළොවක් වි විතර මතකෙන් අඳින්න පුළුවන්.
      ඊට පස්සේ ක්‍රීඩාව මිඩල් ගේම් එකට ආවෙම පස්සේ එතන ඉඳන් තනියෙන් කල්පනා කරලා අඳින්න ඕන.මෙතනදි වැදගත් වෙන්නේ strategy එක.ඊට අමතරව සමාචාරා වැරදි නොකර ඉන්න දැනගන්ඩ ඕනේ

      Delete
  6. දවස් දෙක තුනක් චෙස් ඇදලා ඇතිවුණු ජොලියට මාත් අර නවන්න පුළුවන් චෙස් බෝඩ් එකක් ගත්තා. ඒත් දැන් විහිලුවටවත් චෙස් අදින්න හවුල්කාරයෙක් හොයා ගන්න නෑ. පොතකුත් ගත්තා. පොත තියපු තැනක් මතක නෑ. මගේ චෙස් ඔන්න ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. කෙස් අදින්න ආසනං චෙස් අදින්න කවුරුත් නෑ කියලා නවත්තන එක අපරාදේ.ඒ සඳහා දැන් ඕන තරම්ස් තියෙනවා.ෆෝන් එකේ ඉඳන් අඳින්න පුළුවන්

      Leechess කියන්නේ ඇඩ් සියන්නේ නැති ඕපන් සෝස් වලින් හදපු online pplatform එකක්

      ඊට අමතරව Chess.com එකක් තියෙනවා.හැබැයි ඒක තමයි ගොඩක් ප්‍රසිද්ධ

      Delete
  7. චැස්: චෙස් සෙල්ලමට කැමති ඒත් ඉගෙනගෙන නැති හන්ද බෑ. කාල්ඔසන්ගෙ වීඩියෝව බැලුව. ඔය වෙච්ච වැඩේගැන මං නං දකින්නෙ වෙනස් විදිහකට. දිගට කොටන්න කම්මැලි ☺️☺️

    ReplyDelete
    Replies
    1. Lපොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන online pat form එකට සෙට් වෙන්නෙ නිකන් ඉන්න වෙලාවට කාලෙකන්ඩ හොඳ වැඩක්.

      ඇත්තටම මම දැන් ටයිප් කරන්නේ නෑ.මම කියවනවා ෆෝන් එක ටයිප් කරනවා.හෙළ අකුරු එකේ ඒ පහසුකම තියෙනවා.try කරලාරලා බලන්
      මම මේ පෝස්ට් එක ලිව්වෙත් එහෙම.

      Delete
  8. මාත් දැක්ක ඔය වීඩියෝ එක .. හෙහ් හෙහ් .. ඔච්චර ලොකු සීන් එකක් කියල මම හිතුවේ නැහැ .

    ඉස්සර නම් චෙස් ඇද්ද .. දැන් කවුරුත් නැහැ .. ඔන්ලයින් චෙස් කම්මැලියි

    ReplyDelete

2222