Sunday, 12 July 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද, නැත්නම් එක් තනතුරක අනාගතයද?

ලංකාවේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවක් සමාජයේ දක්නට ලැබෙනවා.

අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම එක පාඩමක් පැහැදිලියි. බලයේ සිටින හැම ආණ්ඩුවක්ම තමන්ට පහසු ආකාරයට රාජ්‍ය ආයතන හැඩගස්වන්න උත්සාහ කළ අවස්ථා තිබුණා. නමුත් එවැනි අවස්ථාවලදී වඩාත්ම ආරක්ෂා කළ යුතු ආයතනයක් තමයි අධිකරණය.

අධිකරණය දුර්වල වුණොත් එහි බලපෑම විරුද්ධ පක්ෂයට විතරක් නෙවෙයි, අවසානයේ සාමාන්‍ය ජනතාවටම දැනෙනවා. ඒ නිසා මේ වගේ කරුණු ගැන කතා කරන විට පුද්ගලයන් හෝ පක්ෂවලට වඩා ඉහළින් බලන්න ඕනේ මූලධර්ම ගැනයි.

ආණ්ඩුවක් බලයට එන හැම වෙලාවකම මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. අධිකරණය තමන්ගේ එකක් කරගන්න හදන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ලොකුම තර්ජනය.

අද ඉන්නෙ කවුද, හෙට ඉන්නෙ කවුද කියන එක වැදගත් නැහැ. අද මේ ආණ්ඩුවට බලය තියෙනවා. හෙට වෙන කෙනෙක්ට තියෙයි. ඒත් අධිකරණය හැමදාම ස්වාධීනව ඉන්න ඕන.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන එක නීතියෙන් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඇති. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒක කරන හේතුව සහ කරන වෙලාව ගැන. එක පුද්ගලයෙක්ට හෝ එක ආණ්ඩුවකට වාසි වෙන විදිහට නීති වෙනස් කරන්න පටන් ගත්තොත්, ඒක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි.

අධිකරණ සේවා සංගමය, නීතීඥ සංගම් වගේම නීති ක්ෂේත්‍රයේම පිරිසක් මේ ගැන කනස්සල්ල පළ කරනවා නම්, ඒක "අපිට 159ක් තියෙනවා" කියලා උඩින් යන්න පුළුවන් කාරණයක් නෙවෙයි. බලය තියෙනවා කියලා හැම තීරණයක්ම හරි වෙන්නේ නැහැ.

අධිකරණය කියන්නේ විනිසුරුවරුන් වෙනුවෙන් තියෙන ආයතනයක් නෙවෙයි. ඒක සාමාන්‍ය මිනිහාගේ අවසාන බලාපොරොත්තුව. දවසක ආණ්ඩුවක් ඔබට අසාධාරණයක් කළොත්, ඔබ යන්න තියෙන එකම තැන අධිකරණය. ඒ නිසා ඒ ආයතනය ගැන ජනතාවගේ විශ්වාසය බිඳෙන කිසිම වැඩක් කරන්න හොඳ නැහැ.

ආණ්ඩු එනවා, යනවා. පක්ෂ මාරු වෙනවා. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වය එක පාරක් දුර්වල වුණොත්, ඒක ආපහු ගොඩනගන්න අවුරුදු ගණන් යනවා.

අපි ආරක්ෂා කරන්න ඕන විනිසුරුවරුන්ව නෙවෙයි. නීතියේ ආධිපත්‍යය. අද ඒක නැති කළොත්, හෙට ඒකේ වන්දිය ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව.

21 comments:

  1. ඇත්තයි ඔබ කියන්නේ මයියෝ ඇත්තයි
    පාලකයන්නට මොළයේ උණ හැදිල වගෙයි
    නැත්තං ඔළුව ඉදිමිලවද කියල සැකයි
    දෙයියොම බලා ගත්තේ නැත්තං ඉවරයි!

    ReplyDelete
    Replies
    1. බලය ලැබුණු කලෙක
      මනස උඩඟු නොවිය යුතුය;
      ජන හඬ නොඅසන රජු
      මඟ වැරදුණු නාවකි.

      එහෙත් සියලු දෙනාටම
      එකම පාට තවරනු බැහැ;
      කළ දේ අනුවම විනිස
      දීමයි නුවණැති මඟ.

      ගුණ කළහොත් ගුණ කියමු,
      දොස් කළහොත් දොස් දකිමු;
      දෑස ඇති ජනතාව
      නිසි මඟ පෙන්වනු ඇත.

      Delete
    2. අවංකවම දැනෙනා දේ කියන එක
      කොන්දක් තියෙන අය සතු එක යුතුකමෙක
      විරලයි එවන් උදවිය හැම සමාජෙක
      අපි ඉටු කරමු ඒ යුතුකම හැම විටෙක

      Delete
  2. බලය රැකගැනීමේ සම්ප්‍රදායික ක්‍රම සම්ප්‍රදායිකව ඉවරවෙන ආකාරයටම ඉවරවෙනවා කියලා ඉතිහාසයෙන් ඉගෙන නොගැනීමේ ඛේදවාචකය

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ස්තූතියි මෙහි පැමිණීමට සහ ඔබගේ අදහසට

      ඉතිහාසයේ ලොකුම පාඩම තමයි — බලය තාවකාලිකයි, ආයතන ස්ථිරයි. ඒ නිසා ඕනෑම ආණ්ඩුවක් තමන්ට වාසි වෙන විදිහට නොව, රටේ ආයතන ශක්තිමත් වෙන විදිහට තීරණ ගත යුතුයි.

      ඒ වගේම, අද කෙනෙක් කරන දෙයක් හෙට තමන්ට විරුද්ධව භාවිතා වෙන්න පුළුවන් කියන පාඩම දේශපාලකයන්ට විතරක් නෙවෙයි, විවේචකයන්ටත් අදාළයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුද්ගලයන් පරාජය කිරීම නොව, ශක්තිමත් ආයතන ගොඩනැගීමයි.

      Delete
  3. අධිකරණය සම්බන්ධ කාරණයක් නිසා අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි.

    ReplyDelete
    Replies
    1. අධිකරණයට ගරු කිරීම සහ අධිකරණය ගැන සාධාරණ විවේචනයක් කිරීම දෙකක්. අධිකරණයේ තියෙන නඩුවකට බලපෑම් කිරීම වැරදියි. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන නීති සංශෝධන, ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ තීරණ ගැන ජනතාව කතා කරන එක ප්‍රජාතන්ත්‍රවාදයේ සාමාන්‍ය කොටසක්.

      "අධිකරණ කාරණයක් නිසා කතා නොකරමි" කියන එක ගෞරවනීය ස්ථාවරයක් වගේ පෙනුණත්, ප්‍රශ්නයක් තියෙනවා — මේක ඇත්තටම අධිකරණයට ගරු කිරීම නිසාද, නැත්නම් බලයේ සිටින ආණ්ඩුව විවේචනය කිරීම ගැන ඇතිවූ මානසික බියක් නිසාද?

      ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් වෙන්නේ ජනතාව බය නැතුව ප්‍රශ්න අහනකොටයි. ආණ්ඩුවක් විවේචනය කිරීම රටට විරුද්ධ වීමක් නෙවෙයි. ඒක රටේ ආයතන ශක්තිමත් කරගන්න තියෙන අයිතියක්.

      අදහස් දැක්වීමට බියක් ඇතිවන තත්ත්වයක් ඇතිවෙනවා නම්, ඒ ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. මොකද නිහඬ ජනතාවක් කියන්නේ හැමවිටම එකඟ ජනතාවක් නොවෙයි; සමහර වෙලාවට ඒ නිහඬතාවය බියක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්.

      Delete
  4. කියෙව්වා. කියල තියෙන දේවල් සමඟ එකඟයි.
    //ගුණ කළහොත් ගුණ කියමු,
    දොස් කළහොත් දොස් දකිමු//

    වැඩි හරියක්, මේ වගේ "බුල් කෙලින" ඒව ගැන දොස් තමයි කියන්න ඕනෙ. ඒව කියන්නෙ, විපක්ෂය වගේ "කල දුටු කල වල ඉහගැනීමේ" අදහසෙන් නෙමෙයි. තාමත් සාපේක්ෂව මුන්ට කැමති නිසයි.

    වැඩියම ගුණ නොකිව්වට කමක් නෑ, විශේෂ යමක් හැරුනාම. නැත්නම් කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ වෙන්නත් ඉඩ තියනවා.

    ලන්ඩන් NPP සපෝටර්ගේ අධි තක්සේරුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි

      විවේචනය කරන එක කියන්නේ විපක්ෂයට හෝ කාට හරි සහය දීමක් නෙවෙයි. ඇත්තටම හොඳ පාලනයක් බලාපොරොත්තු වෙනවා නම්, තමන් කැමති ආණ්ඩුවක් වුණත් වැරදි තැනකදී පෙන්වා දෙන්න හැකියාව තියෙන්න ඕන.
      බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම මුලදී ජනතා බලාපොරොත්තු ඇති කරගෙන එනවා. ඒ බලාපොරොත්තු රැකගන්න නම් අන්ධ සහයෝගය නෙවෙයි, සාධාරණ විවේචනය සහ වගකීමෙන් ප්‍රශ්න කිරීම අවශ්‍යයි.
      අවසානයේ වැදගත් වෙන්නේ "කාගේ ආණ්ඩුවද?" කියන එකට වඩා "රටේ ආයතන සහ නීතිය ශක්තිමත් වෙනවාද?" කියන එකයි. 🙏

      Delete
  5. මේක අපි දීර්ඝව සාකච්ඡා කරපු කරුණක් . මයියා සහ මෙතන කමෙන්ට් කරපු හැමෝම පර්ශ්විකයි . නිදි මහතා සමගම . ඉතා කණගාටුදායකයි . ප්‍රධාන වැරැද්ද සංදේශය නම ගාවගෙන ලියන මගේ මිතුරු සරෝජ් ගෙන් . ඔහු සාමාන්‍යයෙන් සහයෝගය දෙන්නේ එක්තරා විපක්ෂයකට . ඒකෙ අවුලක් නැහැ . නමුත් ඔහු ලියු දෙය සම්පුර්ණයෙන්ම වැරදියි . අග විනිසුර විශ්‍රාම වයස් අවදි කරන්න කියල ඔහු වැරදි මතයක් ජනගත කරලා . මේකට ඇත්තටම උසාවි යයිද දන්නේ නැහැ . මෙන්න ලින්ක් එක . - https://www.facebook.com/share/p/1a4gWvzZMV/?mibextid=wwXIfr

    ReplyDelete
  6. දැන් ඕගොල්ලෝ ලඟදි සිට හිරේට යන්න නියමිත පරණ දේශපාලුවන්ගේ පැත්තේ නැත්නම් ( ඒ පැත්තේ නම් ලීවට වැඩක් නැහැ ) මේව කල්පනා කරලා බලන්න - දැනට මිලියන් 1.3 පෙන්ඩින් කේසස් තියනවා .ජනගහනයෙන් මිලියන් එකකට එක විනිශ්චය කාර තුමයි ඉන්නේ . ඉඩම් නඩුවක් විසඳන්න අවුරුදු 10-2 අතර කාලයක් යනව . දික්කසාද නඩුවක් මාස හයේ සිට අවුරු 6ක් විතර . අපරාධ නඩු අවුරුදු 5 ත් දහයත් අතර . රේප් කෙස් , අපයෝජන - අවුරුදු 3 ත් අටත් අතර . අනේ මයියා මහතා . ඕස්ට්‍රේලියාවේ හෙම කොහොමද බලන්න . එහෙ නේ ඔබතුමා ඉන්නේ . මානව හිමිකම් ද රැකෙන්නේ ? නිර්දෝෂී පුද්ගලයන් මැරෙනවා හිරේ ඇතුලේ , සාධාරණය බලන් ඉන්න අය නඩු අතරමග මැරෙනවා . සියදිවි නසා ගණන්ව . අධිකරණ පුරප්පාඩු වැහි වැහැල . මම මගේ ලිපියේ ආණ්ඩුව දුම්රිය රියදුරන්ට (විශ්‍රාම ගිය ) එන්න කියල . වෛද්‍යවරුන්ට එන් කියල . මෙතන යන්නෙත් එහෙම එකක් . අවන්කව් අබලන්න් ප්‍රශ්නේ දිහා

    ReplyDelete
    Replies
    1. අධිකරණයේ නඩු ප්‍රමාදය සහ විනිසුරු හිඟය ගැන කතා කිරීම වැදගත්. ඒ ප්‍රශ්න ඇත්ත. ඒවාට විසඳුම් හොයන්නත් ඕන. හැබැයි ඒ ප්‍රශ්නය පෙන්වා දීලා ඕනෑම ආකාරයක නීති වෙනසක් සාධාරණීකරණය කරන්න බැහැ.
      මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය විශ්‍රාම වයස වැඩි කරන එක ගැන විතරක් නෙවෙයි. මේ යෝජනාව ආවේ කොහොමද කියන එක ගැනයි. මුලින්ම මේක ඉදිරිපත් වුණේ ඉහළ අධිකරණයේ එක් සීමිත තනතුරක් සම්බන්ධයෙන් කියන අදහසක් තිබුණා. ඒ ගැන සමාජයෙන්, නීති ක්ෂේත්‍රයෙන් සහ විවිධ පාර්ශ්වවලින් ප්‍රශ්න මතුවුණාට පස්සේ, දැන් එය පුළුල් කරලා සියලු විනිසුරුවරුන්ට අදාළ කරන බව කියනවා.
      ඇත්තටම මෙය මුල සිටම නඩු ප්‍රමාදය විසඳීමේ පොදු ප්‍රතිපත්තියක් නම්, එය මුලින්ම විනිසුරු පද්ධතිය පුරාම අදාළ වන ආකාරයෙන්, විනිවිදභාවයෙන් සහ සාකච්ඡාවෙන් ගෙන එන්න තිබුණා නේද?
      ප්‍රශ්නය වන්නේ නඩු ප්‍රමාදය නැති කිරීමද, නැත්නම් ඇතිවූ විවේචන නිහඬ කිරීම සඳහා පසුව ආකාරය වෙනස් කිරීමද කියන සැකයයි.
      අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න නම් තවත් දේවල් අවශ්‍යයි:
      පුරප්පාඩු පිරවීම,
      අධිකරණ පහසුකම් වැඩි කිරීම,
      නඩු කළමනාකරණය දියුණු කිරීම,
      නීතිමය ක්‍රියාපටිපාටි වේගවත් කිරීම.
      අවුරුදු දෙකක් සේවය දිගු කිරීම එකම මැජික් විසඳුම නෙවෙයි.
      තවත් වැදගත් දෙයක් තියෙනවා. අධිකරණය ගැන ජනතාවගේ විශ්වාසය රැකීමත්, නඩු ඉක්මන් කිරීමත් දෙකම එකට යන්න ඕන. කාර්යක්ෂමතාව කියන නාමයෙන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැකයක් ඇති වුණොත්, අවසානයේ හානි වෙන්නේ සාමාන්‍ය ජනතාවටයි.
      ඒ නිසා ප්‍රශ්නය "වයස වැඩි කරනවාද නැද්ද" කියන එක නෙවෙයි. නීතිය වෙනස් කරන්නේ රටේ අවශ්‍යතාවයක් නිසාද, නැත්නම් බලයේ සිටින අයටපහසු වන අවශ්‍යතාවයක් නිසාද කියන එකයි.

      Delete
  7. අනිත් එක තමා මේගොල්ලෝ මේව අකියන්නේ - උදේ කෝල් කරලා අධිකරණ තීරණ වෙනස් කරපු රටක ඉඳල . ජනාධිපති ලා . සරත් නන්ද සිල්වා කරපු වැඩ අමතකයිද ? ශිරාණි බණ්ඩාරනායකට කරපු වැඩේ මතකද ? උසාවි ඇතුලේ විත්ති කරුගේ බිරින්දලට එන්න කියල දුන්න තීන්දු අමතකද ? මෙතන මේ බැක්ලොග් එක න් කරග්නං හදන්නේ , . අග විනිසුර නෙමේ හැම විනිසුරු තුමෙක්ගේම

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයේ කවුරු හරි වැරදි කළා කියලා අද කෙනෙකුට ඒම දේ කරන්න බලපත්‍රයක් ලැබෙන්නේ නැහැ. පරණ ආණ්ඩු අධිකරණයට බලපෑම් කළා නම් ඒවාත් වැරදියි, අද කවුරු කළත් ඒවාත් වැරදියි. ප්‍රශ්නය "කවුද කලේ?" නෙවෙයි, "මේක රටේ ආයතන ශක්තිමත් කරනවාද දුර්වල කරනවාද?" කියන එකයි.

      පරණ වැරදි පෙන්වා අද වැරදි සාධාරණීකරණය කරන්න බැහැ. හොඳ පාලනයක් කියන්නේ "අපිට කලින් අයත් කළා" කියන එක නොව, "අපි ඒ වැරදි නැවත නොකරනවා" කියන එකයි.

      .

      Delete
  8. ආණ්ඩුව අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩ් කිරීමට ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට යම් කිසි විරෝධයක් මේවන විට රට තුල ඇතිවී තිබෙනවා, ඒ විරෝධතා දක්වන පිරිස අතර දූශිත දේශපාලනඥයන් නීතීඥවරුන් විනිසුරුවන් ඇතුලු පිරිස් සිටින බවක් දැක ගන්නට පුලුවන්, ඒ අතර පැහැදිලිවම දූශිතයින් බහුතරයක් සිටින බව පැහැදිලියි, ඔවුන්ගේ මේ විරුද්ධවීමට ප්‍රධානම හේතුව වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධූර කාලය තව වසර දෙකකින් වැඩිවීමයි, ඇයි මොවුන් මෙතරම් සූරසේනට බය
    ඒ සූරසේන කියන්නෙ තමන්ගෙ අම්මා තාත්තා උනත් දෙන්න ඕනෙ තීන්දුව දෙන කෙනෙක් නිසයි, ඒකට උදාහරණ කිහිපයක් පහතින්,
    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2025 ජූලි 27 දින ශ්‍රී ලංකාවේ 49 වන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
    ඔහු එම උත්තරීතර ධුරයට පත්වීමට පෙර කටයුතු කළ අධිකරණ පිළිවෙළ සහ ඔහුව එම තනතුරුවලට පත් කළ ජනාධිපතිවරුන් පහත පරිදි වේ:
    මහාධිකරණ විනිසුරු (2007 – 2016): ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.
    අභියාචනාධිකරණ විනිසුරු (2016 – 2018): ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී.
    අභියාචනාධිකරණයේ සභාපති (2018 – 2019): ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී.
    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (2019 – 2025): ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී.
    නීති ක්ෂේත්‍රයට පිවිසීමට පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් (BSc) ලබාගත් සූරසේන මහතා, 1989 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දී නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයකු (State Counsel) ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තම අධිකරණ ජීවිතය තුළ, තමන්ව විවිධ තනතුරුවලට පත් කළ ජනාධිපතිවරුන්ගේ දේශපාලන තීරණ සහ ක්‍රියාකලාපයන්ට සෘජුවම බලපෑ ප්‍රධාන සහ ආන්දෝලනාත්මක නඩු තීන්දු කිහිපයක් ලබා දීමට දායක වී ඇත. ඔහු දේශපාලන බලපෑම්වලින් තොරව නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ලබා දුන් ප්‍රමුඛතම නඩු තීන්දු මෙසේය:
    2018 ව්‍යවස්ථා අර්බුදය සහ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි තීන්දුව
    පසුබිම: 2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර, තමන්ව මහාධිකරණ විනිසුරු ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ලෙස පත් කරන ලදී.
    තීන්දුව: එකල අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පද්මන් සූරසේන මහතා ඇතුළු විනිසුරු මඩුල්ල, මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට අගමැති සහ ඇමැති ධුරවල කටයුතු කිරීම තාවකාලිකව වළක්වමින් අතුරු තහනම් නියෝගයක් (Interim Injunction) නිකුත් කළේය.
    බලපෑම: මෙම තීන්දුව හරහා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට තම ධුරයන්හි කටයුතු කිරීමට තිබූ නීත්‍යානුකූල අවස්ථාව අහිමි විය.
    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි තීන්දුව
    පසුබිම: ව්‍යවස්ථා අර්බුදය අතරතුරදීම, තමන්ව අභියාචනාධිකරණයේ සභාපති සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරවලට නිර්දේශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තේය.
    තීන්දුව: මෙම තීරණයට එරෙහිව ගොනු වූ පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙස සූරසේන මහතා කටයුතු කළේය. එහිදී ජනාධිපතිවරයාගේ එම තීරණය සම්පූර්ණයෙන්ම අන්නීතික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට එම විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේය.
    බලපෑම: මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ක්‍රියාමාර්ගය ව්‍යවස්ථා විරෝධී බව තහවුරු වූ අතර විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සිදු විය.
    පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට වන්දි නියම කිරීම
    පසුබිම: 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවකට රාජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු විය.
    . - කවීන් කසුරංග - https://www.facebook.com/share/p/196BQH2KNm/?mibextid=wwXIfr

    ReplyDelete
    Replies
    1. නීතිය පිළිබඳ දැනුම වර්ධනයට මේ සාකච්චාව විශේෂයෙන් අජිත් මහත්තයාගේ අදහස් දැක්වීම ඉවහල්වෙනවා. එක නිසා 2018 අර්බුදය ගැන තව පැහැදිලි කිරීමක් දන්නා කෙනෙකුට පුළුවනි නම් හොඳයි.
      2018 ව්‍යවස්ථා අර්බුදයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති පත්කිරීම නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳව අධිකරණය විසින් අවසාන තීන්දුවක් ලබා දුන්නේද?
      එසේ නොමැති නම්, අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු නියෝගය හේතුවෙන් එම මූලික ව්‍යවස්ථාමය ප්‍රශ්නය අවසාන වශයෙන් විභාගයට ලක් නොවූයේද?
      තවද, අභියාචනාධිකරණයේ එම අතුරු නියෝගය මගින් අදාළ රජය ක්‍රියාත්මක වීම නවතා දැමීම, අවසාන ව්‍යවස්ථා අර්ථකථනයක් ලැබීමට පෙරම ප්‍රායෝගික ප්‍රතිඵලයක් ඇති කළේද?
      ඒ අනුව, වර්තමානයේ අගමැතිවරිය ඉල්ලා අස්වීමට අකමැති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ඒකපාර්ශ්විකව අගමැතිව ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කළහොත්, එය නැවතත් අධිකරණ අභියෝගයකට ලක් වී රජයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවන අතුරු නියෝගයකට හේතු විය හැකිද? අනුර ජනාධිපතිතුමා සිරවී සිටින්නේ මෙතැනද ?

      Delete
    2. අජිත් මහත්තයා, කලින් අය කරපු වැරදි ටිකක් අඩු/වැඩියෙන් කරාම හරිද? ඒ අයට උනදේ මේ අයටත් ඊළඟ චන්දෙදී වෙයි

      Delete

2222