Thursday 8 August 2013

එන්න යන්න රතුපස්වල....යන ගමන් කුණු කරවල රස බලමු




මම ගොඩක් කලකිරිලා. රටේ තියෙන ඔක්කොම ප්‍රශ්ණ ඔළුවෙ දා ගෙන ඒවා ගැන කල්පනා කරනවට වැඩිය තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න හැදුවත්, එහෙමවත් නිදහසක් රටේ ඇත්තේ නෑ.

ඉස්සර යුද්දෙ හින්දා මිනිස්සුන්ට ජීවීත බයක් තිබුනා...උදේ ගෙදරින් යන මනුස්සයා හැන්දෑවට ගෙදර එයිද කියල ශුවර් නැති තත්වයක් තිබ්බා. අද ඒ තත්වය නැති උනත් ඊට වඩා වෙනස් විදිහකට මිනිස්සුන්ගේ  කොන්දක් ඇතුව ජීවත් වෙන්න තියෙන නිදහස නැති වෙලා. ඉස්සර බෝම්බ හින්දා මිනිහෙක් එක පාර මැරෙනවා..දැන් වස විස හින්දා මිනිස්සු හෙමීහිට මැරෙනවා..එහෙම හෙමීට මැරෙන්න කැමති නැති පොරක්ඉන්නවා නම් කරන්න තියෙන්නේ, තව කීප දෙනෙක් අඬ ගහ ගෙන පාරට බහින එකයි. ඒතකොට එයාට ක්ෂණික මරණයක් ලබා දෙන්න, අපිව රකින්න ඉන්න , අපේ ආණ්ඩුව කාරුණිකයි...එක අතකට ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්... මේක ලංකාව..

රතුපස්වල කේස් එකත් එක්ක මිනිස්සු සාධාරණ ප්‍රශ්නෙකට උනත් පාරට බහින්න බයයි. එදා පාරට බැස්සේ වෙළද කලාපේ හරි, හලාවත ධීවර ජනතාව වගේ කිසියම්  ‍රැකියාවක්  මූලික කරගත් කට්ටියක් නෙවෙයි. අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, ලමයින් එදා ඔක්කොමලා පාරට බැස්සා. අපේ රජතුමා අපට මෙහෙම කරයි කියලා එගෝල්ලො කොහොමවත් හිතන්න නැතුව ඇති.....ඒ සිද්ධියෙන් පස්සේ මිනිස්සු ආණ්ඩුවට බයයි. ඒත් නිදහස කියන දේ ඇති වෙන්නේ ආණ්ඩුව මිනිස්සුන්ට බය උනෝත් විතරයි....ලංකාවේ මිනිස්සු වෙනුවට ඉන්නේ ගොන් ‍රැලක් හින්දා මිනිස්සුන්ට බය ආන්ඩුවක්  ලංකාවේ කවදා හැදෙයිද කියලා මට නං එච්චර විශ්වාසයක් නෑ....

රතුපස්වල කේස් එකයි ෆෝන්ටේරා කේස් එකයි ගැන , එහෙමත් නැත්නං එවගේ ප්‍රශ්ණ යටින් දිවෙන සැබෑ ප්‍රශ්ණය උන ආයතනගත නිතීය  හා ඒවා ‍‍රැකීමට තියෙන ආයතනවල කඩා වැටීම ලියන්න හිතුනත්, ලංකාවේ ඉන්න  පොරවල් වලට ඒවා වැඩක් නෑ. එගෝල්ලන්ට ඕනේ මර්වින්ලගෙ , දයාසිරිලගේ , විමල්ලගේ කුණු කරවල කථා රස කර හප හප ඉදගෙන හිනා වෙවි ඉන්න විතරයි. සමහර විට ප්‍රශ්ණ අමතකර කර ගන්න ඒකත් එක්තරා විදිහක්..ජීවන රටාවක්....

රතුපස්වල වගේ ප්‍රශ්ණයක් ආවාම ලංකාවේ විදිහ තමයි 'ඕක තමයි අපි කිව්වේ අපි හිටිය නම් ඔහොම නෑ කියලා' ලකුණු දා ගන්න එක..ඒත් ඇත්තම කාරණය නම්  කවුරු හිටියත් 'ඒක එහෙම වෙන එක යි'. මම මෙහෙම කිව්වම, පක්ශ වලට, නායකයන්ට ආදර කරනය කටිටිය මතවාද නැමැති කඩු පොලු වලින් මට කෙලින්න එන්න පුළුවන්. ඒත් මට පෙනෙන්නේ බලය නැති උනාම ඔක්කොම සුදනෝ උනාට බලය තියෙන කොට ඔක්කොමලා බල්ලෝ ගානට වැටෙන එක විතරයි.

ලංකාව ගැන හිතෙන කොට මට තියෙන්නේ චූටිම චූටි බලාපොරොත්තුවක් විතරයි. ඒ උනාට ඒක ගැනත් මගේ එච්චර විශ්වාසයක් නෑ....

ලංකාවට පම්පෝරී ගහන්න තියා විකුණ ගෙන කන්නවත් හරි හමං ස්භාවික සම්පත් නෑ...අපට ලෝකෙත් එක්ක හැප්පෙන්න තියෙන එකම සම්පත මානව සම්පත විතරයි...මං මිනිස්සුන්ට, ගොන් ‍රැලක් කියලා, කොච්චර නිග්‍රහ කලත් අපට තියෙන එකම සම්පතත් ඒක විතරමයි..සුසන්තිකාලගේ, ජයසූරීයලගේ ඉදන් රට රටවල වැඩ කරන දොස්තරවරු, ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ, ඒ වගේම කදිරගාමර්,දයාන්, තමාරා වගේ රාජ්‍ය ත්‍රාන්තිකයන්ගෙන් පෙන්නුම් කරන්නේ ඒ අපට තියෙන මානව සම්පතේ සීමා මායිනුයි...මම දන්නේ නැති, අමතක වෙච්චි නමුත් ඕනතරම් තියෙනවා..

අද දවසේ ඉන්ටර්නෙට් එකට පින් සිද්ධ වෙන්න ෆෙස්බුක්, බ්ලෝග් හා ටිවිටර් හරහා අපේ රටේ මිනිස්සුන්ට ( සීමිත ප්‍රමානයක් කියලා කියන්න ඔනේ නෑනේ..) තමනගේ මතය නිදහසේ කියන්න ඉඩ ලැබිලා තියෙනවා.. ඒක හින්දම රටේ ප්‍රධාන ජනමාධය වලට රතුපස්වල, ඇන්කර් ටැබූ මාතෘකා වන විට, සාමන්‍ය මිනිස්සු අන්තර්ජාලය හරහා තමන් ඇත්තයි කියලා හිතෙන දේ නිදහසෙ ප්‍රකාශ කරනවා...රතුපස්සර, ඇන්කර් ගැන හොදම සිංහල ලිපි මම දැක්කේ බ්ලොග් වලයි ෆෙස්බුක් එකෙයි...පත්තර වල අය එවා දන්නේ නෑ..රතුපස්වලක් තිබිලත් නෑ...ඕවා නම් මොනාද..මේක ශ්‍රි  ලංකාවනේ නේද?

මට කියන්න ඕන උනේ අපේ රටේ තියෙන ප්‍රශ්ණ විසදගන්න මේ පක්ශ දේශපාලන විසදුමක් නෙවෙයි කියන්නයි....පක්ශෙට බැදිලා , එක්කො ඒකෙ නායකයට බැදිලා, ඒවාට ආදරේ කරන මිනිහෙකුට ප්‍රශ්ණයක් දිහා සාධාරණව බලන්න බෑ...ඒ මනුස්සයට හිතෙන්නේ මේ එක සිද්ධියක් ගැන කථා කරන්න ගිහිල්ල මගේ ලොකු පක්ශේට කෙල වයි නැතන්ං නායකයට කෙල වෙයි කියලා විතරයි..කථාවට කියනවා අපි හැමදාම කලේ බෝතලේ පරණ වතුර මාරු කරලා අළුත් වතුර දාපු එක විතරයි කියලා..එහෙම කියලා ඒගෝල්ලො කියනවා වතුර මාරු කරලා හරි යන්නේ නෑ...බෝතලේම මාරු කරන්න ඕනේ කියලා....ඒත් මට තේරේන හැටියට බෝතලේම මාරු කරත් අපි අපිම තමයි....මේක ලංකාව...

පක්ෂ දේශපාලනයේ ඇති වැදගම්මක් නැති උනත් හැම පක්ශෙකම වගේ යමක් කරන්න පුලුවන්, සාධාරණව හිතන, කොන්ද් පණ තියාගෙන හරි දේට හරියි කියන්නත්, වෑරදි දේට වැරදි කියන්නත් පුලුවන් ඉතා සීමීත පිරිසක් තාමත් ඉන්නවා....පක්ශ දේශපාලනය හින්දා සමහර විට මේ මිනිස්සු වෙනුවට පාර්ලිමේන්තුවෙ පිරිලා ඉන්නේ හොර තක්කඩි ටිකක් විතරයි.හොර තක්කඩි ‍රැලක් අස්සේ මේ වගේ මිනිස්සු  කැපිලා පේන්නේ නෑ...

දැං කවුරු හරි මගෙන් අහන්න පුලුවන කවුද අප්පේ ඔය සාන්තුවරු කියලා...ඒකට මට කියන්න තියෙන්නේ ඒක තීරණය කරන්න ඕනේ ඕගෝල්ලොයි කියන එක තමයි.මට මොන මිනිහෙක් ගැනවත් චරිත සහතික දෙන්න බෑ...හැම පක්ශෙකම වගේ හොරු ටික , බොරු කාරයෝ තමයි සද්ද දාගෙන කැපිලා පේන්න ඉන්නේ...

පක්ශයක් බලයට පත් කරනවට වැඩිය කොන්ද පණ තියෙන සාධාරණය අසාධාරණය තේරේන, යමක් කමක් හිතලා මතලා කරන්න පුලුවන් පොරක්ව පාර්ලිමේන්තුවට , පලාත් සභාවට,  නගර සභාවට යවමු...තමන්ගේ පක්ශේ එහෙම එවුන් නැත්නං අනිත් පක්ශේ ඉන්න එහෙම එවුන්ව හරි යවමු....

මේ තියෙන විදිහට ලොකු සෙල්ලං දාන්න මේ වෙලාවේ අමාරුයි...මට පේන්න තියෙන සුලුම සුලු බලාපොරොත්තුව තාමත් පොඩ්ඩක් හරි ඉතුරු වෙලා ඉන්න හොද මිනිස්සු ටිකක් විතරයි....

අපට අවශ්‍ය ජනතාව ඉස්සර කර ගත්ත මාධ්‍ය ක්‍රමයක් මෙන්ම පාලන  ක්‍රමයක්...රතුපස්වල අපට යලි යලිත් මතක්  කරන්නේ අපි තාම ඒකට ගොඩක් දුරයි කියලා......දුර උනාට අපි ඒ දුර ගියේ නැතනං අපි වැඩක් නෑ.....!

25 comments:

  1. රතුපස්සර නෙමෙයි "රතුපස්වල"!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැ‍රැද්ද හැදුවා....

      Delete
  2. හොඳ සංවේදි නිවිච්ච ලිපියක්... "රතුපස්වල"

    ReplyDelete
  3. මයියා.....ජනතා හිතෛෂී පාලකයෝ බිහිවෙන්න ජනතාව දැනුවත් කරන මාධ්‍ය සම්ප්‍රදායක් තියෙන්න එපැයි.මයියා කියනවා වගේ ඒවා අපේ රටේ සිහින විතරයි.දැන් ඉතින් රට අපේ නෙමේනේ.රට උන්ගෙනේ.ඒ නිසා පවතින්න පුලුවන් උන් කැමති මාධ්‍ය,උන් කැමති කලාව,උන් කැමති අන් හැම දෙයක්ම.උන් කැමති මිනිස්සු ඉතිරි වෙයි.අනිත් උන් යන්න පුලුවන් දීපංකරේකට යන්න යයි.අනිත් එවුන් මැරුම් කයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන්ටමත් ඒක ගොඩක් වෙලා...රටේ ඉන්න ඔනේ මිනිස්සු ඉන්නේ පිටරටවල...

      ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඔනේ රාජ්‍ය ආයතන වල නිලධාරින් ඔක්කොම දේශපාලන හෙංචයියෝ වෙලා..ඒවායේ හිටපු කොන්ද කෙලින් තියන් හිටපු මිනිස්සු රට දාලා ගිහිල්ලා...

      ජනතා මාධ්‍ය? ඒ මොකක්ද...එහෙම දේවල් ලංකාව දන්නේ නෑ...

      හෙමින් හෙමින් මරණය කරා ඇදෙනවා වගේ දැනෙනවා...

      Delete
  4. දැන් මචන් දේශපාලනය කියන්නේ හිරිවට්ටලා මරණ එක.....එතකොට මරණෙට හේතු හොයන්න බැහැ නේ සිහි නැතිව එහෙමම මැරුණා වෙනවා.....ලංකාවේ මිනිස්සු තරම් දේශපාලනය කතා කරන වෙන රටකුත් නැතිව ඇති ඒත් අපේ රටේ උන් දන් නැත්තෙත් ඕක බන්.

    "මිනිස්සු බිය යුත්තේ පාලනයට නොව......පාලනය බිය යුත්තේ මිනිස්සුන්ටය"

    ඕක අපේ උන්ට කොහොමද බං තේරුම් කරන්නේ.......

    ReplyDelete
    Replies
    1. ඉතා කාර්‍ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

      ලියන්න කියන්න විතරක් නෙවඅප මිනිස්සු හිතන්න ගන්න දවසක් එනකං අපිට බලං ඉන්න වෙයි

      Delete
  5. ආලවක ඇහිදගෙන නිතිය අසිපතක් , දුවපියවු දුවපියවු හැංගියවු
    බැටන් පොල්ලක් සමනලයක් වහලා , පිස්සු හිනයක් , දුවපියවු දුවපියවු හැංගියවු
    ඇගිලි මාලයක් දමාගත් තාපසයෙක් , දුවපියවු දුවපියවු හැංගියවු
    මාර කෙලියයි සුදු වෑන් එකක් දුවපියවු දුවපියවු හැංගියවු

    ReplyDelete
    Replies
    1. ඉතා කාර්‍ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

      හීනයක් වගේ යථාර්ථයක් .....

      Delete
  6. පාලකයාට දරු දුක දැනෙන්නේ නාමල්, රෝහිත හෝ යෝෂිත වෙඩි වැදී මිය ගියානම් පමණය. තව කොතරම් දරුවන් එකා දෙන්නා තැනින් තැන මැරී වැටුනාට ජාතියේ ආඩම්බරකාර තාත්තාට දැනෙන්නේ නැත. ජාතියේ ආඩම්බරකාර බාප්පලාට දැනෙන්නේද නැත. කොමිස් ගැසීමේ එකම අරමුණ සහිතව රට ලොවට ණයකර පාරවල් බිල්ඩින් හදනා මේ සිමෙන්ති සංවර්ධන අශ්චය්ර්ය වෙනුවෙන් තව බොහෝ ජීවිත ගණනාවක් වන්දි ගෙවනු ඇත. ඇසිඩ් වතුර, වකුගඩු රෝග, පිළිකා,මත්කුඩු සමග තක්කඩින්ට යටවී ගෙවන නිවට ජීවිත අපගේ ඉරණම වනු ඇත. රටම රතු පස්වලක් නොව රතු ලේ වලක් වීම වැලක්වීමට නම් මේ ම්දූෂිත මිනීමරු රෙජීමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්පයක් නිර්මාණය කල යුතුව තිබේ

    ReplyDelete
    Replies
    1. ඉතා කාර්‍ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න


      දේශපාලන විකල්ප ගැන මගේ බලාපොරොත්තුවක් නැත...එවන් බලාපොරොත්තු කීපයක් බිද වැටුනු පසු ඒ ගැන විශ්වාස කිරීමට තරම් මා ඉවසිලිවන්තයකු හෝ මුග්දයකු නොවේ.

      Delete
  7. ගොඩයන්න විදිහක් පේන්නම නැහැ... හැබැ‍යි මමත් අනුමත කරනවා, අපිට මේක පටන් ගන්න පුළුවන් හොඳම තැන තමයි... ඕනෙම ඡන්දෙකදි දැනට ඉතුරුවෙලා ඉන්න සාධාරණ (ටිකක් හරි ) මිනිස්සුන්ව පත් කරලා යවන එක... ඒත් එහෙම කිව්වට බං මම උණත් හිතං හිටියේ මහින්ද කියන්නේ ටිකක් හරි මිනිස්සුන්ට ආදරේ පොරක් කියලා. පොර විපක්ෂේ ඉන්නකොට කරපු දේවල් නිසා. 18 වෙනි සංශෝධනය සිද්ද වෙද්දි ලොකු කතාබහක් ඇති උණේ නෑ... විධායක ජනාධිපතිකම දෙවරකට වඩා වැඩි ගණනක් දරන්න පුළුවන් කියන වෙනස්කිරීම, අපේ රටට බලපාන විදිහ බලාගන්න පුළුවන් ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඉතා කාර්‍ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න
      විධායක ජනපති කම දෙවරකට වඩා වැඩි ගණනක් වීමෙහි විපාක දැනුත් අත්විදිනවා යැයි කිව නොහැක්කේ මන්ද?

      Delete
  8. ඒත් මට තේරේන හැටියට බෝතලේම මාරු කරත් අපි අපිම තමයි....මේක ලංකාව...
    +++++++++++++++++++++
    ලංකාවට හරි පාරේ අළුත් ගමනක් යන්න චාන්ස් කීය හම්බ වුනාද?
    යුද්දේ ඉවර වුන වේලාව.......ත්සුනාමි අවස්ථාව....94 ආණ්ඩු පෙරළිය.......88-89 කලබල අවසන්වීම......77 විවෘත ආර්ථික වැඩපිළිවෙළ ....ඔහෝම ලියන් ගියොත් නිදහස ලැබුනදා වෙනකම් ඕනෑතරම් අවස්ථා තිබුනා පිළිවෙළක් තියෙන රටක් හදාගන්න....කොහෙද ඉතිං අපි අපිම නිසා ඉස්සරහට යාම කෙසේ වෙතත් පස්සට යාම තමයි හැමදාම වුනේ...

    ReplyDelete
    Replies
    1. ඉතා කාර්‍ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

      අපි අපිම තමයි.....අපි වෙනස් වෙමු...අපි ඒක කරන කං දෙශපාළුවා කිසි විටක එය අපි වෙනුවෙන් එය නොකරයි...:))

      Delete
  9. මුර්ග පාලනයේ මුර්ග මෙහෙයුම !

    ReplyDelete
    Replies
    1. ඉතා කාර්‍ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න



      පැහැදිලිවම මුර්ග මෙහෙයුමක්....

      Delete
  10. ඇත්තටම ඔයගොල්ලට පිස්සුද? රතුපස්වල සිද්ධිය පිටිපස්සෙ තුන්වන කට්ටියක් හිටිය බව ආන්ඩුව මෙච්චර කියද්දිත් ත්වමත් මේ මිනිස්සු කියන බොරු විස්වාස කරන්නෙ, ඔය වතුරෙ පී.එච් අගය අඩු වුනාට බිව්වට කිසිම වරදක් නෑ මොකද ඒක ගම්පහ පලාතෙ හැටි. මේ අලුත්ම සොයාගැනීමගැන දැනගන්න ඉරිදා දිවයින පත්තරයේ මනෝජ් අබේදීර කියන සියල්ල දත්ගේ ලිපිය බලන්න

    ReplyDelete
    Replies
    1. ඉතා කාර්‍ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

      අනේ කරුණාකරලා ඒ මහත්තයට රතුපස්වල වතුර ටිකක් නාන්නයි බොන්නයි ලැබෙන්න සලස්වන්න කෝ..

      Delete
  11. දවසින් දවස..රතුපස් වල පස් එන්න එන්නම සුදු වෙනවා නේද ???

    ReplyDelete
    Replies
    1. ඒකනේ .... සුදු වෙන්වා නෙවෙයි අමතකම වෙලා යයි .....අපි අපිම තමයි...ඕනා දෙයක් සුමාන දෙකයී..මටත් අමතක් වෙන්න කලින් තමයි පෝස්ට් එකක්ක්වත් දැම්මේ ...:)

      Delete

2222