නෞඩෝ කියන්නේ කවුද කියලා හරියටම තේරුම් ගන්න නම්, ඔහු ගැන ලියපු දේවල් කියවනවට වඩා යූටියුබ් එකේ ඔහු ගිටාර් ගහන වීඩියෝ එකක් බලන එක තමයි හොඳම දේ.
නෞඩෝ වැඩිපුරම ප්ලේ කරන්නේ අපි හැමෝම වගේ අහලා තියෙන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දු. හැබැයි අපේ පාඨකයන් අතර ඉංග්‍රීසි සින්දු වැඩිය අහන්නේ නැති අයත් ඇතිනේ. ඒ නිසා නෞඩෝගෙ වාදනය ගැන කියන්න කලින්, කාටත් තේරෙන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දුවක් ඔහු ගිටාරයෙන් ප්ලේ කරන හැටි බලමු.
Jambalaya ගීතයේ කවර් එකක්
ඒ වගේම නෞඩෝ කියන්නේ සංගීත ලෝකයේ ශාස්ත්‍රීය පැත්තෙන් ඇවිත්, ලොකු ප්‍රසංග පවත්වමින්, සම්භාවනීය ගිටාර් වාදකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහුගේ ජනප්‍රියත්වය ආවේ youtube එකෙන්. ඒ නිසාම මමත් මුලින්ම නෞඩෝව දැක්කේ යූටියුබ් එකෙන්. ඔහු කවුද, කොහෙන් ආවද කියලා දැනගන්න කලින්ම, ඔහු වාදනය කරන හැටි දැකලා තමයි ඔහු ගැන හොයන්න පටන් ගත්තේ.
නෞඩෝ රොඩ්රිගස් බ්‍රසීල ජාතිකයෙක්. ඔහු බොහෝ දුරට ස්වයං අධ්‍යයනයෙන් ගිටාරය ප්‍රගුණ කළ සංගීතඥයෙක්.කුඩා කාලයේම ගිටාරයට අත තැබූ ඔහු සංගීත විද්‍යාලයක සාම්ප්‍රදායික පුහුණුවක් ලබනවාට වඩා, අහලා, අත්හදා බලලා, වෙනත් සංගීතඥයන් එක්ක වාදනය කරලා තමන්ගේම සංගීත භාෂාවක් හදාගත්ත කෙනෙක්.
ඔහුගේ සංගීත ගමන පටන් ගන්නේ බ්‍රසීලයෙන්. පසුව යුරෝපයට පැමිණෙන ඔහු පෘතුගාලය සහ ස්පාඤ්ඤය හරහා ගමන් කර අවසානයේ කැනරි දූපත්වල Tenerife අවන්හල තම සංගීත ජීවිතයේ වැදගත් මධ්‍යස්ථානයක් කරගන්නවා.
නෞඩෝ ගීතයක් වාදනය කරන විට අපට එකවර bass , chords, rhythm එක, melody එක, අතරමැදි fills සහ improvisation ඔක්කොම ඇහෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක සංගීතඥයන් කිහිපදෙනෙක් කරන වැඩ ඔහු තනි ගිටාරයකින් කරනවා. ඒ නිසා නෞඩෝගේ වාදනය බලන කෙනෙකුට මුලින්ම ඇතිවෙන්නේ,එක ගිටාරයකින් මේ ඔක්කොම කරන්න පුළුවන්ද කියන පුදුමේ
ඔහුගේ තවත් විශේෂත්වයක් තමයි ප්‍රසිද්ධ ගීතයක් නිකම්ම cover කිරීම නොවෙයි. ඔහු ඒ ගීතය නැවත ගොඩනඟනවා. ගීතයේ මුල් melody එක තියාගෙන bass line එක වෙනස් කරනවා, chords වලට වෙනස් වර්ණයක් දෙනවා, rhythm එකට Brazilian සහ jazz ආභාසය එකතු කරනවා, ඉන්පසු ඒ සියල්ල අතරින් improvisation කරනවා.
ඒ නිසා ඔහුගේ Hotel California, Billie Jean, Sultans of Swing, Autumn Leaves වගේ ගීත අහන විට අපට හුරුපුරුදු ගීතයක්ම ඇහෙනවා. හැබැයි ඒක අපි කලින් අහපු version එක නෙමෙයි. නෞඩෝ ඒ ගීත තමන්ගේම ගිටාර් භාෂාවකට පරිවර්තනය කරලා තියෙනවා.
ඔහුගේ සංගීතයට බ්‍රසීලියානු සංගීතයේ rhythm එක, jazz harmony එක, blues සහ rock වල හැඟීමත්, fingerstyle guitar technique එකත් එකට මිශ්‍ර වෙලා තියෙනවා.
ලෝකප්‍රසිද්ධ ශාස්ත්‍රිය ගිටාර් වාදකයෙක් වේගයෙන් වාදනය කරන විට අපිට මුලින්ම පේන්නේ ඔහුගේ technique එක. නෞඩෝ දෙස බලන විට ඒක එහෙම නෙමෙයි. ඔහු ඉතා සංකීර්ණ දේවල් කලත් ඒක බොහෝ වෙලාවට හරිම සරල, සැහැල්ලු දෙයක් වගේ පේනවා.
ඔහු ජනප්‍රිය වුණෙත් සාම්ප්‍රදායික superstar කෙනෙක් වගේ ලොකු record company එකක් හරහා හෝ දැවැන්ත concert tour එකක් හරහා නෙමෙයි. Tenerife සාමාන්‍ය ක්ලබ් එකක , ඔහු කළ live performances, පසුව ඒවායේ වීඩියෝ සහ අන්තර්ජාලය හරහා ලෝකයේ විවිධ රටවල guitar enthusiastsලා අතර ඔහුගේ නම පැතිරුණ නිසා.
ඒක නෞඩෝගෙ කතාවේ හරිම අපූරු කොටසක්.
ඔහු ලෝකයේ සෑම කෙනෙක්ම දන්නා household-name guitarist කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් ගිටාරය ගැන ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙක් නෞඩෝව හොයාගත්තම ඔහුව අමතක කරන්න අමාරුයි.
නෞඩෝගේ වාදනයේ වඩාත්ම ඇදගන්නා දෙයක් තමයි ඔහු ඇඟිලි පාවිච්චි කරන විදිහ.
විශේෂයෙන් දකුණු අත බලද්දි, මහපට ඇඟිල්ල bass line එක අල්ලගෙන ස්වාධීනව ගමන් කරනවා, අනෙක් ඇඟිලි chords, melody සහ rhythm එක ගෙනියනවා. සමහර වෙලාවට එකම මොහොතේ bass එක වෙනම සින්දුවක් කියනවා වගේත්, උඩින් melody එක තවත් සින්දුවක් කියනවා වගේත් ඇහෙනවා.
තවත් පුදුම දේ තමයි ඔහුගේ ඇඟිලිවල වේගයට වඩා ඒවායේ ස්වාධීනත්වය. එක ඇඟිල්ලක් bass එක තියාගෙන ඉන්න අතරේ තවත් ඇඟිලි දෙක තුනක් melody එකේ notes හොයනවා. ඒ අතර rhythm එකත් අතහැරෙන්නේ නෑ. නිසා නෞඩෝ රොඩ්රිගස්ව “හොඳ fingerstyle guitarist කෙනෙක්” කියලා විතරක් හඳුන්වන එක ඔහුගේ හැකියාවට ටිකක් අඩු වචනයක්.
ඔහු ගිටාරය වාදනය කරනවාට වඩා, ගිටාරය හරහා සම්පූර්ණ සංගීතයක් නිර්මාණය කරන කෙනෙක්.
ඒක තමයි නෞඩෝගෙ ඇත්තම විශේෂත්වය.
.jpg)
නෞඩෝ වැඩ්ඩෙක්ම තමයි
ReplyDeleteරස මවමින් රසය බෙදයි;
ඒ අතරෙම රසය විඳියි
මයියත් සගයෙක් වාගෙයි
නිදි, ස්තුතියි ඔබේ ඒ රස වදනට,
Deleteනෞඩෝගේ රසිකයෙකි මමත් හදවතින්ම,
ගිටාර තත් අතරින් රස ගඟක් ගලන විට,
ඒ වාදනය අදහාගන්නත් බෑ මට..
This comment has been removed by a blog administrator.
ReplyDelete+++++++++++++++++
ReplyDeleteස්තූතියි පැමිණිමට
Deleteඇත්තටම ඔබ කීවා හරි. වචනයෙන් කියන්න බැරි ගොඩාක් දේවල් ඒ වාදනයේ ගැබ් වලා තියෙනවා කියලා මටත් දැනුනා. බොහොම ස්තුතියි මෙවැනි රසවත් දේ අප හා බෙදා ගත්තාට.
ReplyDeleteස්තුතියි ලියෝනි, ඔබගේ පැමිණීමට. ඔහුගේ වාදනයත් ඔබ රසවිඳින්න ඇති කියලා මම හිතනවා. 😊
DeleteThis comment has been removed by the author.
Deleteඇත්තෙන්ම ඔව්. මම රස වින්දා.. ඒ වගේම මම ආස තවත් සංගීත භාන්ඩයක් තමයි එස්රාජ් එක. ඉස්කෝලෙ යන කාලෙ මම ටිකක් ඉගෙන ගත්තා.. ඒත් වැඩිදුර කරන්න බැරි උනා වෙනත් අංශයක් තෝරගත් නිසා. https://youtu.be/O-HlEY6afWc?si=-cOt0oC2fceeNsLE
Deleteමේක අහලා බලන්නකෝ ඒකත් හරියට භාවනාවක් වගේ නේද? මේ ගහන කෙනා රස මවලා දෙනවා.
එස් රාජ් කියන්නෙත් හරිම භාවාත්මක සංගීතයක් මතු කරන්න පුළුවන් ලස්සන සංගීත භාණ්ඩයක්. අපේ ඉස්කෝලෙත් මම ඕක සංගීත කාමරේ තියෙනවා දැකලා තියෙනවා. හැබැයි ඒක වාදනය කරන විදිහ නම් මම දන්නෙ නෑ
Deleteඇහැව්වා. 👌
ReplyDeleteමම වාදකයෙක් නූනත්, මටත් වෙනසක් තේරෙනවා.
ස්තුතියි බස්සා, ඔබගේ පැමිණීමට. 😊 මේ ලිපිය ලියද්දි මටත් හිතුණා, සංගීතය ගැන එච්චර අවබෝධයක් නැති කෙනෙකුට මම කියන මේ වෙනස තේරෙයිද කියලා. ඒ නිසා ඔබටත් ඒ වෙනස දැනිලා තියෙන එක ගැන මට සතුටුයි.
Deleteඇත්තටම මේ විදිහට lead part එකත්, rhythm part එකත්, bass part එකත් එකම වෙලාවේ හසුරුවන්න පුළුවන් ගිටාර් වාදකයෙක් මම මීට කලින් දැකලා තිබුණේ නැහැ. ඒක තමයි ඔහුගේ වාදනය මටත්විශේෂ වෙලා පෙනුණේ.
හොඳ වාදකයෙක්. ගිටාර් වාදනයට කැමති වුනත් ඒ skill එක ගන්න හැමෝටම ලේසි නැහැ.
ReplyDeleteස්තුතියි නිහඬ පාලමහත්තයා, ඔබගේ පැමිණීමට. 😊
Deleteගිටාර් වාදනය කරන එක ස්කිල් එකක් තමයි.
හැබැයි මේ විදිහට ගිටාර් එක වාදනය කරන්න නම් ලේසි පහසු කෙනෙකුට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. විශේෂයෙන්ම ඔහුගේ ඇඟිලි වැඩ කරන විදිහ හරිම සුවිශේෂයි. එකම වෙලාවේ කොටස් කිහිපයක් වෙන වෙනම හසුරුවන විදිහ බලද්දි, ඒක සාමාන්‍ය ගිටාර් වාදනයකට වඩා එහා ගිය හැකියාවක් .
අහලා තිබුනේ නැහැ. හඳුන්වාදීමට ස්තුතියි.
ReplyDeleteස්තුතියි Litseeker , හදුන්වාදීමට හැකිවීම ගැන මටත් සතුටුයි. 😊
Deleteගිටාර් එක කාපු හාදයෙක් 🎸😂
ReplyDeleteඋසේන් බෝල්ට් කියල තිව්න මට වඩා දුවන්න පුළුවන් එවුන් අපෙ රටේ ගම්වල ඔනිතරම් ඉන්නව කියල. මේකත් ඒවගෙ නෙ. අපි දන්නෙ හැබෑම දක්ෂයන්ගෙන් කොටහයි.
සංගීතයෙන් ජීවත්වෙනව, ජීවිතයෙන් සංගීතවත් වෙනව... 🎵
ඔව්, ගිටාරය ගැන නව්ඩෝට තියෙන හැකියාව ඇත්තටම පුදුමයි. විශේෂම දේ තමයි ඔහු බොහෝ දේවල් තනියම ඉගෙනගෙන, සාම්ප්‍රදායික ක්‍රමවලටම කොටු නොවී තමන්ගේම ක්‍රමයක් හදාගෙන මේ තරම් ලස්සන සංගීතයක් නිර්මාණය කරන එක.
Deleteගිටාරය එකක් අරගෙන මේ තරම් දේවල් එකවර කරමින් වාදනය කරනවා කියලා හිතාගන්නත් අමාරුයි.
කොළඹ-වැලිමඩ(79) ගම්පොල , නුවරඑළිය හරහා බස් සේවය.
ReplyDeleteසාමාන්‍ය සේවා, සීමිත නැවතුම්.
කොළඹ නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළින් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.
කිරිබත්ගොඩට ලගා වීම මධ්‍යම රාත්‍රී 12 :10
කඩවත නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:15
තේ පැන් පානය සහ විඩා නිවීම සදහා තවලම්තැන්න නගරයේ බස් රථය මිනිත්තු පහළොවක් නතර කරනු ලැබේ.
උදැසන 5:00 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.
පළපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.
සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.
(ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්රාදේශීකය)
ලස්සනට ප්ලේ කරනවා .. මම හැමදාම ඕක ඉගෙන ගන්න හිතනවා .. කවදාවත් ඉගෙන ගන්නේ නැහැ ..
ReplyDelete