Saturday 28 October 2023

ඔරලෝසුව අතේ - මැග්නස් රජා ලොසේ

මැග්නස් කාර්ල්සන් කියන්නෙ වර්තමාන ලෝක චෙස්  ශූරයා. ඔහු පසුගිය අගෝස්තු මාසයේදී,  ඉන්දියාවේ ලාබාල චෙස් ක්‍රිඩකයෙක් උන ප්‍රග්ඥානන්දව පරාද කරමින්, තමන් සතුව පැවති චෙස් ලෝක කිරුල නැවත වතාවක්  රැක ගත්තා.

චෙස් ප්‍රේක්ශයන් අතර මැග්නස් කාර්ල්සන්ව පිලිගැනෙන්නෙ GOAT ( Great of All Time)  කෙනෙක් හැටියට. ඉතිහාසය තුල, ඔහු චෙස් ක්‍රීඩකයකු වාර්තා කල ඉහලම රේටින් එක ලබා ගෙන තියෙනවා. ඒ වගේම 2012 වසරේ සිට මේ දක්වාම පස්වතාවක් ලෝක ශූරතාවය තමන් සතු කරගෙන තිබෙනවා. චෙස් ක්‍රීඩා ඉතිහාසය තුල සුප්‍රසිද්ධ ගැරී කැස්පරොව්, ඇන්ටොලි කාර්පොව්, බොබී ෆිශර් වැනි ක්‍රීඩකයන්ටත් වඩා ඉහල තැනක කාර්ලස්න්ගේ හැකියාවන් ස්ථානගත  කරනවා.

චෙස් ලෝක ශූරයා මැග්නස් කාර්ල්සන් 

2023, අගෝස්තුවේ පැවති ලෝක චෙස් ශූරතාවලියෙන් පසු මේ මස කටාර් රාජ්‍යය සංවිධානය කල කටාර් විවෘත චෙස් තරඟාවලියට කාර්ල්සන් සහභාගී උනා. නමුත් මෙම තරඟාවලිය ජයග්‍රහණය කරන්න  ඔහුට බැරි උනා. ජයග්‍රහණය තබා ඒ අසලටවත් එන්න  නොහැකි උනා. තරඟාවලිය අවසානයේදී ඔහුට හිමි උනේ නව වන ස්ථානය.

මෙයට ප්‍රධාන හේතුව, චෙස් ලකුණු ධූරාවලියේ ඉතා පහලින් සිටි ලාබාල කසකස්ථාන ක්‍රීඩකයෙකු වෙතින් ඔහු ලබා ගත් අනපේක්ශිත පරාජය. එය සැවොම පුදුමයට පත් කල අනපේක්ෂිත පරාජයක්. මෙසේ කාර්ල්සන් පරාද උනේ අවුරුදු 23 ක් වයස චෙස් රේටින් 2520  තිබෙන ක්‍රීඩකයෙකුට. කාර්ල්සන්ගේ වර්තමාන රේටින් එක 2839 ක්.  එනම්  කාර්ල්සන් පරාද උනේ   තමන්ට වඩා රේටින් ලකුණු 300 ක් පමන පහලින් තියෙන චෙස් ග්‍රෑන්ඩ් මාසටර්වරයෙකුට. චෙස් ක්‍රීඩකයන් වර්ගීකරණයේදී ලකුණු 300 ක් කියන්නෙ අති විශාල පරතරයක්.  ඇත්තටම ඒක ඒක ලෙවෙල් දෙකක්. හැමෝටම තේරෙන ක්‍රිකට් භාෂාවෙන් කියනවනම් වර්තමාන ඉන්දීය කණ්ඩායම, ඕමානයට  පැරදුනා වගේ දෙයක්. ඒ වගේම චෙස් ක්‍රීඩකයන් අතර කසකස්ථාන ක්‍රීඩකයා රැදී සිටින්නේ 528 ස්ථානයේ.  

කාර්ල්සන්ව පරාජය කරපු කසකස්ථාන ක්‍රීඩකයාගේ නම අලිශර් සුලෙයිමෙනොව්. ඔහු මෙම තරඟය ඉතා ලස්සනට ක්‍රීඩා කලා. තරඟය මැදදී ඔහු සිදුකල නයිට් බිල්ලට දීම   ( sacrifice) එක ඉතා විශිෂ්ඨයි.  ඔහුගේ ක්‍රීඩා විලාසය ආක්‍රමණශීලි එකක්.  ඔහු මේ සැක්‍රිෆයිස් එක පමනක් නොව, පසුවට තවත් ඉත්තන් කීපයක් සැක්‍රිෆයිස් කරමින් ඉතා ආක්‍රමණශිලී ක්‍රීඩාවක නියුතු උනා.   

පරාජයෙන් පසුව කාර්ල්සන් පොඩි කට කැඩෙන කථාවක් කිව්වා. එය හරියට නටන්න බැරි මනුස්සයට පොලොව ඇදයි කියනවා වගේ එකක්. 

කාර්ල්සන් කියන විදිහට එයාගේ පරාජයට හේතුව ප්‍රතිවාදී ක්‍රීඩකයා,   පැලඳ ගෙන හිටපු අත් ඔරලෝසුව. අත් ඔරලෝසුව ගැන හිතන්න ගිහිල්ලා එයාගේ මානසික ඒකග්‍රතාවය බිද වැටුනා කියන එක තමයි කාර්ල්සන්ගේ අදෝනාව.  

මේ ඉන්නේ අලිශර් සුලෙයිමෙනොව්. කාර්ල්සන් එක්ක කරපු තරඟය. අතේ බැදපු ඔරලෝසුවත් පේන්න තියෙනවා.

චෙස් තරඟාවලදී ස්මාර්ට් ෆෝන්, ඉලෙක්ට්‍රොනික් අත්ඔරලෝසු වැනි දේ පාවිච්චි කරන්න බෑ.. කොටින්ම කිව්වොත් තරඟකරුවන්ට විතරක් නෙමේ , තරඟය අසල සිට නරඹන ප්‍රේක්ශකයන්ටවත් මේ අයිතම ශාලාව ඇතුලට රැගෙන ඒමට ඉඩක්  නෑ. ඒකට හේතුව, නූතන කෘතිම බුද්ධිය භාවිතා කරලා තරඟකරුවන්ට වාසියක් ලබා ගත හැකි නිසා. 

කෙසේ උනත් කසකස්ථාන ක්‍රීඩක අලිශර් සුලෙයිමෙනොව් පැලඳ සිටියේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් අත් ඔරලෝසුවක් නෙමෙයි.  එය සාමාන්‍ය ඇනලොග් කටු ඔරලෝසුවක්. ඒ නිසා මේ  ක්‍රිඩකයා වරදක් කර නෑ.  කාර්ල්සන් තරඟය අතරමැදදී ඔරලෝසුව ගැන තරඟ තීරකවරයා දැනුවත් කර ඇතත් එය ඇනලොග් ඔරලෝසුවක් නිසාම තරඟ තීරකවරයා  එය භාවිතා කිරීමට ඉඩ දී තිබෙනවා. 

කොහොමින් කොහොම හරි  අවසානයේ චෙස් ලෝකයේ ගොලායත් යෝධයා උන මැග්නස් කාර්ල්සන්, පුංචි ඩේවිඩ් ඉස්සරා පරාද උනා. එදා  පුංචි ඩේවිඩ්, යෝධයා පරාද කලේ ගල් කැටපෝලෙන්. මෙදා , අලිශර් සුලෙයිමෙනොව්  ට තිබ්බෙ අත් ඔරලෝසුවක්. 

ඔරලෝසුව අතට අරං රජා ලොස් කලේ ඔන්න ඔහොමයි. 

2 comments:

  1. අජිත් ධර්මකීර්තී නං ඔරලෝසුවක් බදින්නේ නැහැ.
    මොකද කාලයත් අජිත් ට සාපේක්ෂයි.

    ReplyDelete
  2. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete

2222