Friday, 31 July 2026

සූරසේන කථාව

ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට, කැබිනට් අනුමැතිය හිමිවෙලා.

හැබැයි මේ ගැන මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි — මේක ඇත්තටම පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන් ගෙන එන වෙනසක්ද, නැත්නම් එක් පුද්ගලයෙකුගේ ධුර කාලය දිගු කිරීම වෙනුවෙන් කරන සංශෝධනයක්ද කියන එක.විශේෂයෙන්ම මේක ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුතුමාගේ සේවා කාලය දිගු කර ගැනීම අරමුණු කරගෙන ගෙන ආ දෙයක් කියන මතයක් සමාජයේ තියෙනවා.




මේකට පක්ෂව කතා කරන බොහෝ දෙනාගේ තර්කය වෙන්නේ සූරසේන මහතාගේ අත්දැකීම්, ඔහු අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් කළ කාර්යභාරය සහ තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය බවයි.
ඒ අදහස ගැන විවාදයක් නැහැ. හොඳ විනිසුරුවරයෙක් නම් ඔහුගේ සේවය වටිනා දෙයක්.

හැබැයි ප්‍රීති පද්මන් සූරරේන   මහතා හොඳ විනිසුරුවරයෙක්ද, දූෂණයට එරෙහිව ක්‍රියා කළ කෙනෙක්ද කියන එක මේ විවාදයේ ප්‍රශ්නය නෙවෙයි. ප්‍රශ්නය වෙන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් නීතිය වෙනස් කරන එක හරිද? කියන එකයි.

එතුමා මෙතරම්ම අවශ්‍ය නම්, ඇයි ඉහළ අධිකරණයේ පුරප්පාඩු 8ක් මාස ගණන් පුරවලා නැත්තේ? ඇයි නව විනිසුරුවරු පත් නොකරන්නේ? ආයතනය ශක්තිමත් කරනවා වෙනුවට, එක පුද්ගලයෙකුගේ සේවා කාලය දිගු කිරීම විසඳුමක් වෙන්නේ කොහොමද?

නඩු ප්‍රමාද වෙන්නේ විනිසුරුවරු විශ්‍රාම යන නිසා විතරක් නෙවෙයි. නීතිපති උපදෙස් ප්‍රමාදය, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය, පොලිස් පරීක්ෂණ ප්‍රමාදය, පුරප්පාඩු, ඩිජිටල්කරණයේ අඩුපාඩු වගේ හේතු ගොඩක් තියෙනවා. ඒවා හදන්නේ නැතුව වයස අවුරුදු දෙකක් වැඩි කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

 අනික, මේ සංශෝධනය අභියෝගයට ලක් වුණොත් ඒ ගැන තීරණය ගන්න වෙන්නෙත් සේවා දිගුවෙන් ප්‍රතිලාභ ලබන විනිසුරුවරුන්ටමයි. එතනම conflict of interest එකක් ගැන සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක පුද්ගලයන්ට චෝදනාවක් නෙවෙයි, පද්ධතිය ගැන ප්‍රශ්නයක්.




 ඒ නිසා "සූරසේන හොඳයි, ඒ නිසා වයස දිගු කරන්න" කියන තර්කය භයානක පූර්වාදර්ශයක්. අද සූරසේන වෙනුවෙන් නීතිය වෙනස් කළොත්, හෙට වෙනත් ආණ්ඩුවක් තමන් කැමති විනිසුරුවරයෙක් වෙනුවෙන්ත් එහෙමම කරයි. නීතිය හදන්න ඕනේ පුද්ගලයන්ට ගැළපෙන්න නෙවෙයි; පුද්ගලයන් නීතියට ගැළපෙන්නයි.ස්

19 comments:

  1. හෙහ්, හෙහ් මිලියන් 1.3 පෙන්ඩින් කේසස්, දික් කරපු අවු 2 විසඳලා දෙන්න යන අරුම පුදුම විනිසුරු. 🤣 යන්නෙ කොහෙද, මල්ලෙ පොල්

    ReplyDelete
    Replies
    1. ඔව් බං, "විනිසුරුවරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කළාම ලක්ෂ 13ක පෙන්ඩින් කේස් ටික ඉවර වෙනවා" කියන එක නම් ගැලවුම් කතාවක් විතරයි.

      අධිකරණ කාර්යක්ෂමතාව වැඩි කරන්න කියලා ADB එකේ ආධාරයෙන් කරපු අධිකරණ ප්‍රතිසංස්කරණ වාර්තා බලන්න. එතන කතා කරන්නේ නඩු කළමනාකරණය, ඩිජිටල් පද්ධති, පුරප්පාඩු පිරවීම, අධිකරණ යටිතල පහසුකම්, ක්‍රියාපටිපාටි ප්‍රතිසංස්කරණ ගැන. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා ඒකේ ප්‍රධාන නිර්දේශයක් නැහැ.

      ඒ නිසා මේ "කාර්යක්ෂමතාව වැඩි කරනවා" කියන කතාවට වඩා පේන්නේ, කලින් තීරණය කරගත් සංශෝධනයකට හේතුවක් පස්සේ හොයනවා වගේ.

      Delete
  2. අඟුරු සුදු වුණත්- කිරි කළු පාට වුණත්
    මෝඩයො සත්‍ය පිළිගැන්මට වෙති අසමත්!
    හිටියා මෙහෙම උඩඟුව පෙර නායකයොත්
    පෙනෙනව නේද කෙලවුණු හැටි ඒ අයටත්

    ReplyDelete
    Replies
    1. අඟුරු සුදු වුණත්, කිරි කළු වුණත් කියූ කතාව ඇත්තයි,
      සත්‍යය වසන්න බෑ වචන දහසක් තිබුණත් නිතියයි;


      උඩඟුව ගිය නායකයෝ කාලයේ පාඩම් ලැබුවා,
      ජන හඬ නොසලකා ගිය හැමෝම අවසානයේ වැටුණා.



      කිරුළ, බලය, තනතුරු හැමදේම තාවකාලිකයි,
      ජන විශ්වාසය රැකීමම නායකයකුගේ වටිනාකමයි.

      Delete
  3. මට මේ ගැන දෙපැත්තටම හිතානව. එකක් ඔයා කියල තියෙන කතාව. නඩු ගොඩගැහිල, ක්‍රියාවලියෙ තියෙන දෝස වගේ දේවල් තියාගෙන, මේ සේවා දිගුවකට රජය වෙහෙසීම.
    අනික... හොඳ රාජ්‍යය සේවකයෙකුගෙ ලබාගන්න පුලුවන් සේවාව නීතියක හරස්වීම නිසා ලබා නොගන්නවද කියන එක.

    මොක උනත් රජය අත්තනෝමතිකව ක්‍රියාකරනවනම් තමන්ට ලැබෙන ඵලවිපාක ගැනත් හිතන්න ඕන. අතීත පාඩම් සිහියට අරගෙන!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නමී ඔබගේ පිළිතුරට.

      ඇත්තටම අධිකරණවල ගොඩගැසී තිබෙන නඩු කාර්යක්ෂමව විසඳන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව අධ්‍යයනය කරපු ව්‍යාපෘතියක් තියෙනවා. ඒක ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ ක්‍රියාත්මක වූ වැඩසටහනක්. ඒ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවකුත් නිකුත් කරලා තියෙනවා.

      ඒ වාර්තාවේ කොතැනකවත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නඩු ගොඩ අඩු කිරීමේ හෝ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ විසඳුමක් ලෙස සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට නිර්දේශ කරලා තියෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අතර සම්බන්ධීකරණය වැඩි කිරීම, නඩු කළමනාකරණය සහ ඩිජිටල්කරණය වගේ ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ.

      ඒ වගේම මාලිමා ආණ්ඩුව මැතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත්, මට මතක හැටියට කිසිම දේශපාලන පක්ෂයක්වත් "විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දික් කළොත් නඩු ගොඩ විසඳෙනවා" කියලා ජනතාවගෙන් වරමක් ඉල්ලුවේ නැහැ.

      ඒ නිසා අද මේ යෝජනාවට දෙන හේතුව සහ මැතිවරණයේදී ජනතාවට කිව්ව දේ අතර පැහැදිලි පරස්පරයක් තියෙනවා.

      අපේ විරෝධය විනිසුරුවරුන්ගේ වයස ගැන නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ, එක් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන ව්‍යවස්ථාමය වෙනස්කම් කරලා, ඒකට "අධිකරණ කාර්යක්ෂමතාව" කියන හේතුව භාවිත කරන එකයි. එහෙම කළොත් මහජනතාවගේ අධිකරණයේ ස්වාධීනත්වය සහ ව්‍යවස්ථාමය ක්‍රියාවලිය ගැන තියෙන විශ්වාසය දුර්වල වෙනවා.

      ඒ නිසයි අපි මේ යෝජනාවට විරුද්ධ වෙන්නේ.

      Delete
  4. කවුරුත් කියන්නේ නැහැ මිලියන් 1.1 ඉදිරි අවුඋරුදු දෙකින් විසඳනවා කියල . හැකි තරම් ප්‍රමානයක් විසඳනවා කියන එකයි කියන්නේ . වර්තමාන නීතිපති ගේ ක්‍රිකාරකම් නුත් ඒවාට බලපාල තියනව . දැනට ගොඩක් අය නොලියන දේ - ඉහල උසාවියේ විතරක් නෙමේ දීර්ඝ කිරීම කරන්නේ . හැම විනිසුරුවන්ටම , පරණ ඇමතිලගේ ගෙවල් අරගෙනේ වයේ නව මහාධිකරණ උසාවි පිහිටුවාගෙන යනව . , විභාග තියල අලුතින් විනිසුරුවරුන් 32 බඳවාගෙන . (පාස් වෙලා තියෙන්න එපමනයිලු ) ඒ ගොල්ලන්ව ට්‍රෙන් කරන්නත් කාලයක් යනව . පොලිසියේ ගොඩක් නඩු වැඩ ඩිජිටලයිස් කරගෙන යනව . හිමින් වෙන්නේ . වෙනම පොලිස් නිලධාරීන් පුරුදු කරන්න ඕනේ . හැබැයි විපක්ෂයට සහ සමහර අයට පෙන්නේ 'සූරසේන ' විතරයි . මේ දවස් වල දෙන තීන්දු නිසා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්

      ඔය කියන ප්‍රතිසංස්කරණ ගොඩක් හොඳ දේවල්. අලුත් විනිසුරුවරුන් බඳවා ගැනීම, නව අධිකරණ පිහිටුවීම, ඩිජිටල්කරණය, පොලිස් පද්ධතිය නවීකරණය කිරීම—මේවා තමයි ඇත්තටම නඩු ප්‍රමාදය අඩු කරන්න බලපාන ප්‍රධාන කරුණු.

      ඒකම තමයි ප්‍රශ්නයත්. මේ හැම ප්‍රතිසංස්කරණයක්ම කරනවා නම්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අත්‍යවශ්‍යයි කියන එකට වෙනම සාක්ෂි කොහෙද?

      අනික, මේක සූරසේන මහත්තයා ගැන විතරක් නෙවෙයි. නීතියක් හදනකොට ප්‍රශ්නය විය යුත්තේ "අද කවුද ඉන්නේ?" කියන එක නෙවෙයි. "හෙට කවුද ආවත් මේ නීතිය හරිද?" කියන එක.

      ඒ නිසා ප්‍රශ්නය සූරසේන හොඳද නරකද කියන එක නෙවෙයි. පුද්ගලයෙක් සිටින කාලයේම ඔහුට බලපාන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන එක හොඳ පූර්වාදර්ශයක්ද කියන එකයි. ඒ ප්‍රශ්නයට තාමත් පැහැදිලි පිළිතුරක් ලැබිලා නැහැ.

      Delete
    2. වැඩේ කියන්නේ සූරසේන ව අදින්නේ ඔයලානේ . ඔයාල කිව්වේ විපක්ෂය සහ ඊවන් මේ ලිපියේ මාතෘකාව . නමුත් ඊට වැඩිය දේවල් වෙනවනේ . අනික සුරසේන මේ ආණ්ඩුවට හොඳයි කියල කීවේ කවුද ? දැන් අර පුජිත සහ හෙමසිරිට ලැබුණු නඩු තීන්දුව අමෙ ආණ්ඩුවටත් රතු එළියක් තමයි .

      Delete
    3. අග්‍ර විනිශ්චය කාර ධුරය වසර හයකට සීමා කිරීමට යාම හුඟක් අයට මග හැරිලා . හැම විනිසුරු කෙනෙක් ටම වයස දීර්ඝ කිරීම යන එක . ලෝක බැංකු ආධාරයෙන් උසාවි වැඩ ඩිජිටල් කරණය කිරීම (මේක ඇත්තටම පටන් ගත්තේ රනිල් ගේ කාලයේ ) . අනික මේ වයස දීර්ඝ කිරීම අඩිය මුලින්ම ගෙනාවෙත් රවුම් හකීම් , 2015 යහපාලන ආණ්ඩුව කාලේ . අනේ කාලේ වනේ වාසේ , කාවද ඔයා බේරන්න දඟලන්නේ ඇත්තටම

      Delete
    4. අජිත්, ඔබට අවශ්‍ය තර්කයක් කටින් ගහලා දිනන්න නම් මාත් එක්ක තර්ක කරන එකේ තේරුමක් නැහැ. ඒ වගේ සංවාදවලට මම ලෑස්ති නැහැ. හැබැයි කරුණු සහ සාක්ෂි මත අවංකව සාකච්ඡා කරන්න නම් මම ඕනෑම වෙලාවක ලෑස්තියි.

      මම මේ යෝජනාව ගැන සැක කරන්නේ හේතුවක් ඇතුවයි. මුලින්ම ආණ්ඩුව ගෙනාවේ සූරසේන අගවිනිසුරුතුමාගේ ධුර කාලය දීර්ඝ කරන අදහස. ඒකට විරෝධය මතුවුණාට පස්සේ ඒක ඉහළ අධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමක් බවට වෙනස් වුණා.

      ඊටත් පස්සේ විවේචන වැඩි වෙද්දී, දැන් කියන්නේ මේක අධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා කියලා. නමුත් එහෙම නම් මුලින්ම ඉදිරිපත් කළ යුතු වුණේ ඒ ප්‍රතිපත්තිය සහ ඒ සඳහා වූ දත්ත. ඒක පසුව ගෙනාපු සාධාරණීකරණයක් වගේ තමයි පේන්නේ.

      ඒ නිසා මට පෙනෙන්නේ මේ යෝජනාවේ ආරම්භක අරමුණ එක් පුද්ගලයෙකු සම්බන්ධ කාරණයක්. පසුව මහජන විවේචනත් එක්ක එය පුළුල් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා වගේ.

      ඔබට මේකට විරුද්ධ කරුණු තියෙනවා නම්, ඒවාත් කරුණු සහ සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න. එතකොට සංවාදය තවත් වටිනා එකක් වෙයි.

      Delete
    5. මොන සාක්ෂිද , අර //ඒ නිසා මට පෙනෙන්නේ මේ යෝජනාවේ ආරම්භක අරමුණ එක් පුද්ගලයෙකු සම්බන්ධ කාරණයක්. පසුව මහජන විවේචනත් එක්ක එය පුළුල් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා වගේ.// ඔයාට පෙනෙන දේද සාක්ෂිය . මම මේකට මුකුත් නොලියන්න හිටියේ මේ වක්ය්ය නිසා -ඔබට අවශ්‍ය තර්කයක් කටින් ගහලා දිනන්න නම්- කෙනකුට කියන්න දෙයක් නැතිව එකම දේ වමාරන කොට අන්තිමට ඔඅට්නට නේ එන්නේ . අවුලක් නැහැ . මේ ප්‍රතිසන්ස්කරන් ඔයිට කලින් යහපාලන අන්දුව් කාලේ කත කරපුව කියල මම ඔය උඩ ලීවෙ . රවුෆ් හකීම් තමා සභාපති . මම හුගක් කැමතියි මේ ආණ්ඩුව ඒවා කරන යනවට . එපමණයි . මොකද යහ පාලනේ ආව සම - හැක් ටිකක් කලින් ආණ්ඩුව ල ඒවා නවත්තල අලුත් ඒවා පටන් ගත්ත . තමන්ගේ කොමිෂන් ටික ගන්න . ඊට පස්සේ ආපු එවුන් ඒ ටිකම් කළා . අර ජපන් විදුලි දුම්රිය එක ඇන හිටියේ ඒකයි . මේ ආණ්ඩුව යහ පාලන කාලේ ගෙනාපු අඅධ්‍යාපන ප්‍රතිසන්ස්කරනත් ගෙනාවා . හරිනි ගෙනාවේ ඒක . ඔයාලට ඕව අමතක වුනාට මට අමතක වෙලා නැහැ . සුරසේන කතාව විපක්ස්හෙයි , රනිල්ව හිරේ දාන්න ඕන කියන සමහර ජෙප්පොයි ගේන කතාවක් නේ . නෙවිල් සමරකෝන් ගෙනල්ල ජේ ආර් ට වුන වැඩේ මතකද ?

      Delete
    6. යහපාලන ආණ්ඩුව මේ ගැන කතා කළාද නැද්ද කියන එක නෙමෙයි. කතා කළා. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් කතා කළේ මොන යෝජනාවක් ගැනද කියන එකයි.
      2016 යෝජනාවට අදාළ නිල ලේඛනය බලද්දී, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සාමාන්‍ය විශ්‍රාම වයස 65 ලෙස තබාගෙන, විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ අත්දැකීම් වයස 70 දක්වා උපදේශන, පුහුණු සහ අධීක්ෂණ කටයුතු සඳහා යොදාගැනීමක් ගැනයි කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් නැවතත් විනිසුරුවරුන් ලෙස නඩු අහනවා හෝ තීන්දු දෙනවා කියන එක නෙමෙයි.

      Delete
  5. ඒ වගේම 202-2-23 කාලයේ විතරක් අති විශාල ප්‍රමාණයක් සුදුසුකම් ඇති අය රටෙන් ගිහින් . ෆිජි වගේ සහ අප්‍රිකානු රටවල වැඩට (නීති ක්ෂේත්‍රයේ යය

    ReplyDelete
  6. More than 1.1 million cases remain pending
    The scale of the Sri Lanka judiciary crisis appears in official Ministry of Justice figures.

    As of June 30, 2025, Sri Lanka’s 293 courts reportedly carried 1,134,474 pending cases.

    Magistrate’s Courts accounted for the overwhelming majority, with 818,869 unresolved cases.

    District Courts recorded 260,007 pending matters.

    The remaining caseload included:

    High Court criminal cases: 27,376
    Civil Appellate High Court cases: 6,591
    Commercial High Court cases: 6,330
    Supreme Court cases: 5,396
    Court of Appeal cases: 5,216
    These figures show that the crisis stretches from local Magistrate’s Courts to the country’s highest courts.

    The heaviest burden falls on the lower courts, where shortages of judges and applicants leave communities waiting longer for cases to move.

    Sri Lanka reportedly has only one Magistrate’s Court for approximately every 315,000 people.

    By comparison, India has one judicial hall for around every 65,000 citizens. The United Kingdom reportedly has one for every 115,000 people.

    The comparison illustrates the scale of Sri Lanka’s shortage in physical judicial capacity.

    The recruitment problem adds to the pressure. A drive to recruit 50 Magistrates attracted just 33 applicants, leaving immediate vacancies at the lowest level of the judicial structure.

    Meanwhile, eight seats reportedly remain vacant across the Supreme Court and Court of Appeal.

    Filling those positions with competent judges could increase hearing capacity and help reduce the backlog.http://themorningtelegraph.com/48316/

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ ලිපිය කියවනකොටම පේනවා ප්‍රශ්නය තියෙන්නේ කොතැනද කියලා.

      ලක්ෂ 11කට වැඩි පෙන්ඩින් නඩුවලින් ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නය පහළ අධිකරණවල ධාරිතාවයි.

      ලිපියම කියනවා,

      - අධිකරණ ප්‍රමාණය මදි.
      - විනිසුරු පුරප්පාඩු තියෙනවා.
      - මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීමට අයදුම්කරුවන්වත් ප්‍රමාණවත් නැහැ.
      - ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේත් පුරප්පාඩු තියෙනවා.

      එහෙම නම් විසඳුම විය යුත්තේ තවත් විනිසුරුවරුන් බඳවා ගැනීම, පුරප්පාඩු පිරවීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම සහ නඩු කළමනාකරණය දියුණු කිරීමයි.

      විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම මේ දැවැන්ත ධාරිතා හිඟයට ප්‍රධාන විසඳුම කියලා මේ ලිපියවත් කියන්නේ නැහැ. ඒ නිසා "කාර්යක්ෂමතාව" කියන නමට පුද්ගලයන්ට අදාල සංශෝධනයක් සාධාරණීකරණය කරනවා නම්, ඒකට තව ශක්තිමත් දත්ත අවශ්‍යයි.

      Delete
  7. මේක දේශපාලන ගුන්ඩුවක්, ලක්ෂ 11 ගැන නොවේ, ඉදිරියට රජයට ඕන විදියට නඩු ගෙනයාමට ඕන මෑන් තියාගැනීම. ඇයි පුරප්පාඩු පුරවන්නේ නැත්තේ, අජිත්ට එකට කියන්න දෙයක් නෑනේ None are so blind than those who refuse to see

    ReplyDelete
  8. රාජපක්ෂ
    රාජපක්ෂ රෙජිමයාධිපති
    රෙජිමයාධිපති රාජපක්ෂ
    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි ජුන්ටාව
    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි හමුදා ජුන්ටාව
    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි හමුදා ජුන්ටාවට එරෙහිව
    රාජපක්ෂ රෙජීමයේ මිලිටරි හමුදා ජුන්ටාවට එරෙහිව අභීතව සටනට


    ReplyDelete

2222