අද මේ සටහන ලියන්න හිතුණේ තවත් බ්ලොග් සටහනකට මම දාපු කමෙන්ට් එකක් නිසා.
“ඉකොනොමැට්ටා” බ්ලොග් එකේ ලංකාවට 2027 ඉඳන් ඉදිරියට ගෙවන්න තියෙන ස්වෛරී බැඳුම්කර ණය ගැන හොඳ විස්තරයක් දාලා තිබුණා. විශේෂයෙන්ම ඉදිරි අවුරුදුවල ගෙවීමට නියමිත මුදල් කොපමණද, ඒවා කාලයත් එක්ක බෙදී යන්නේ කොහොමද කියන දත්ත ටික එක තැනකට එකතු කරලා ඉදිරිපත් කරලා තියෙනවා.
මේ වගේ දත්ත බැලූ බැල්මට හොයාගන්නත් ලේසි නැහැ. තැන් තැන්වල තියෙන තොරතුරු හොයලා, එකතු කරලා, තේරුම් ගන්න පුළුවන් විදිහකට ඉදිරිපත් කරන්නත් සෑහෙන මහන්සියක් යනවා. ඒ මහන්සිය අරගෙන මේ තොරතුරු ටික අපට බලන්න එක තැනකට ගෙනාපු economtta. බ්ලොග්කරුට ඒ ගෞරවය මුලින්ම දෙන්න ඕනේ.
බොහෝ දෙනෙක් අතර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම, විදේශ සංචිත, නැවත ණය ගැනීම සහ IMF වැඩසටහන අතර සම්බන්ධය ගැන යම් වැරදි අවබෝධයක් තියෙනවා කියල මට හිතෙනවා.
ඒ ගැන මගේ අදහස මම එතැන කමෙන්ට් එකක් විදිහට ලිව්වා. ලියලා ඉවර වුණාම හිතුණා, කමෙන්ට් එකක් ඇතුළේ හිරකරලා තියන්නෙ නැතුව ඒ අදහස වෙනම සටහනක් විදිහට මේ බ්ලොග් එකේ පළ කිරීම වටිනවා කියලා.
ඔන්න එහෙනම් ඒ කමෙන්ට් එක. ක්‍රිකට් වලටත් පොඩ්ඩක් සම්බන්ධ කලා. .
//
අපේ ගොඩක් දෙනා අතර තියෙන වැරදි අවබෝධයක් තමයි, අපි දැන් ඩොලර් සංචිත එකතු කරගෙන ඉන්නේ ඉස්සරහට තියෙන ස්වෛරී බැඳුම්කර ණය ඔක්කොම ඒ සංචිතයෙන් අරගෙන ගෙවන්න කියන එක.
කාරණය එච්චර සරල නැහැ.
අපේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය තවමත් තියෙන්නේ විශාල ණය බරක් යටතේ. මෑත වසරවල රාජ්‍ය ආදායමෙන් අතිවිශාල කොටසක් ණයවල පොලී ගෙවීමටම වැය වෙලා තියෙනවා. ඒ අතරම කල්පිරෙන දේශීය සහ විදේශීය ණය principal එකත් manage කරන්න ඕනේ.
ඒ නිසා රටකට හැම කල්පිරෙන ණයක්ම තමන්ගේ ආදායමෙන් හෝ මහ බැංකුවේ සංචිත කඩාගෙන ගෙවමින් යන්න බැහැ. Sovereign debt management එකේ සාමාන්‍ය කොටසක් තමයි කල්පිරෙන ණයවල යම් කොටසක් නැවත refinance කිරීම.
එතැනදී සැබෑ ප්රශ්නය “අලුතෙන් ණය ගන්නවාද?” කියන එක විතරක් නෙමෙයි.
ණය ගන්නේ කීයටද?
කලින් 7%, 8%, 9% වගේ ඉහළ yield එකකට ගත්ත ණයක් කල්පිරෙන වෙලාවේ, රටේ risk premium එක අඩු කරගෙන ඊට වඩා අඩු පොලියකට සහ දිගු කාලයකට refinance කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්.
IMF වැඩසටහනේ වැදගත්කම එතැනදීත් තියෙනවා.
IMF එක අපේ සියලු ණය ගෙවලා දෙන්නේ නැහැ. නමුත් IMF programme එකක් ක්‍රියාත්මක වීමෙන් fiscal discipline, debt sustainability, reserves සහ monetary stability ගැන ජාත්‍යන්තර ණය දෙන්නන්ට යම් විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. ඒ විශ්වාසය රටේ sovereign risk premium එක අඩු කරගෙන නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට පිවිසීමට වැදගත් වෙනවා.
හැබැයි මෙතැන තවත් දෙයක් තේරුම් ගන්න ඕනේ.
මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය කියන්නේ එකම දෙයක් නෙමෙයි.
ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම්, මූල්‍ය ස්ථාවරත්වය හදාගැනීම ටෙස්ට් මැච් එකක් වගේ. විකට් එක රැකගෙන, අවදානම පාලනය කරගෙන, දිගු ඉනිමක් ගහන්න ඕනේ.
නමුත් රටට අවශ්‍ය වේගවත් ආර්ථික වර්ධනය ලබාගැනීම T20 එකක් වගේ. Investment ගේන්න ඕනේ. Export වැඩි කරන්න ඕනේ. කර්මාන්ත ඇති කරන්න ඕනේ. Productivity වැඩි කරන්න ඕනේ. අලුත් රැකියා හදන්න ඕනේ.
ගේම තියෙන්නේ මේ දෙක balance කරන එකේ.
T20 ගහන්න ගිහින් විකට් ටික ඔක්කොම දීලා දැම්මොත් ආයෙත් 2022 වගේ අර්බුදයකට යන්න පුළුවන්. හැබැයි විකට් එක රැකගන්නවා කියලා ලකුණු නොගහා crease එකේ හිටගෙන හිටියත් මැච් එක දිනන්න බැහැ.
ඒ නිසා දැන් ලංකාව ඉදිරියේ තියෙන සැබෑ අභියෝගය ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් නොවෙයි. ඒ ස්ථාවරත්වය බිඳ නොගෙන, ආර්ථික වර්ධනයට අවශ්‍ය වේගය ලබාගන්නේ කොහොමද කියන එකයි.
ඒක තමයි ඊළඟ ගේම.//
++++++++++++++ 👌
ReplyDeleteබොහොම ස්තූතියි බසුතුමා.
Deleteමීට ඉස්සර එහෙම කරපු අවස්ථා ගැන අපේ ඉතිහාසයේ තියනවද?
ReplyDeleteඔව්, මේ වගේ තත්ත්වයකට අපි කලිනුත් මුහුණ දීලා තියෙනවා. හොඳම උදාහරණය 2018–2019 යහපාලන කාලය. 2019දී ඩොලර් බිලියන 1.5ක පමණ ISB කල්පිරීම් තිබුණා. ඒවා සංචිත කඩාගෙන විතරක් ගෙවනවා වෙනුවට reserves, අලුත් financing සහ refinancing එකට භාවිත කරමින් manage කළා.
Deleteඇත්තටම 2018 Active Liability Management Act එක ගෙනාවෙත් ඉදිරියේ තිබුණු විශාල ණය කල්පිරීම් වඩා හොඳින් manage කරන්නයි.
//ඒවා සංචිත කඩාගෙන විතරක් ගෙවනවා වෙනුවට reserves, අලුත් financing සහ refinancing එකට භාවිත කරමින් manage කළා.// ඉතින් ඒකම නෙවේද IMF ගිවිසුමෙන් අයින් වීමෙන් අපිට කරන්න වෙන්නේ . ණය රෝලේ යන එක. 2019 ALMA මගින් ණය ප්‍රමාණය අඩු කිරගැනීම වෙනුවට පැරණි ණය පියවීම සඳහා ඊට වඩා වැඩි පොලියකට අලුත් ISB නිකුත් කිරීම සිදුවුණා. ඒක සාර්ථක නැහැ නේද? ඔබේ මුලිඛ තර්කය අනුව 2015 සිට අපි ඍජු විදේශ ආයෝජන ලබාගැනීමට(වර්ධනය) නොහැකිවීමත්, සංචාරක ව්‍යාපාරය 2018 කඩා වැටීමත් ඉහලින්ම තියනවා. ඒ කියන්නේ සංචිත රැස්කිරීමට වඩා විදේශ ආයෝජන රැස්කිරීමත් දැනට දිනෙන් දින කඩා වැටෙන සංචාරක අදායම වැඩිකරගනිමත් , Entertainment ස්පෝර්ට්ස් එවෙන්ට්ස් වැඩි කරගැනීමත් රාජ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමත් තමයි නේද වත්මන් ආණ්ඩුවට වැදගත් ?
Deleteනිහඬපාල මහත්මයා, ඇත්තටම අපි කරන්නේ debt rollover එකක් තමයි. ඒක මහ ලොකු අසාමාන්‍ය දෙයක් නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් වලත් කරන්නේ ඒකමයි. පරණ බිල්පත කල් පිරුණාම අලුත් එකක් නිකුත් කරලා ඒ ණය refinance කරනවා. විදේශ ණයවලත් මූලිකව කරන්නේ ඒකමයි.
Deleteප්රශ්නය තියෙන්නේ rollover කරන එකේ නෙමෙයි. පරණ ණයට වඩා වැඩි පොලියකට අලුත් ණය ගන්න සිද්ධ වුණොත් තමයි.
2018–2019 කාලයේ අපි අද වගේ default එකකට ගිය රටක් නෙමෙයි. International capital markets වලින් ණය ගන්න හැකියාවත් අදට වඩා හොඳ තත්ත්වයක තිබුණා. දැන් අපි default එකකින් සහ debt restructuring එකකින් එළියට එන රටක්. අපේ credit ratings සහ market confidence තවමත් ඒ පරණ තත්ත්වයට ඇවිත් නැහැ.
ඒ නිසා තමයි මේ වෙලාවේ IMF programme එකත් එක්ක ඉන්න එක වැදගත් වෙන්නේ. IMF එකෙන් අයින් වෙලා ඉක්මනින් market එකට ගිහින් වැඩි පොලියකට ණය ගන්න සිද්ධ වුණොත්, පරණ ණය ගෙවන්න අලුත් ණය ගත්තත් අපේ ණය බර අඩු වෙන්නේ නැහැ. වැඩි පොලියත් එක්ක ඒ බර තවත් වැඩි වෙනවා.
පොල්ල නොකඩා නයත් නොමරා වැඩේ ගොඩ දා ගත්තොතින්
ReplyDeleteරටත් බේරෙයි අපිත් බේරෙයි ගොඩ ඇවිත් මේ ප්‍රපාතෙන්
එහෙම නොවුණොත් හෙම ඉතිං නං වෙන්නෙ නපුරක් සත්තකින්
බබිත් සුන් බබියගෙ මවත් සුන් තමයි සැකයක් නෑ ඉතිං
ණයත් ගෙවමින් රටත් හදමින් යා යුතුයි නිසි මාවතෙන්
Deleteපොලිය අඩු කර කල් දිගු කරමු ණය බරත් බාගෙට හෙමින්
විකට් රැකගෙන ලකුණු නොගැහුවොත් දිනනු බෑ මේ තරගයෙන්
බබත් රැකගෙන බබාගේ මවත් රකිමු දෙකම එක සිතින්
+++++++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රාජේ මහත්මයා
Delete